Wedagedara Ayurveda Medical Center

Wedagedara Ayurveda Medical Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wedagedara Ayurveda Medical Center, Medical and health, 101/A/2, Athurugiriya, Oruwala.

වෙදගෙදර - ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ඔබට සන්ධි රෝග හා වේදනා සඳහා විශේෂ ආයුර්වේද ප්‍රතිකාරත්, සියලු සර්වාංග රෝග සඳහා ප්‍රතිකාරත් ලබාගත හැක.

වෛද්‍ය හර්ෂණ නිරිඇල්ල
වෛද්‍ය උමේෂා සුරවීර

වේලාවක් වෙන්කරවා ගැනීමට
0719569316 අමතන්න

09/02/2025
මිග්‍රේන් (Migraine) හෙවත් ඉරුවාරදය සඳහා ප්‍රතිකාර.සමහර අයට මේ හිසරදය කොච්චර වේදනාවක්ද කියනව නම් කවුරු හරි ඔලුවට පොල්ලකි...
25/10/2024

මිග්‍රේන් (Migraine) හෙවත් ඉරුවාරදය සඳහා ප්‍රතිකාර.

සමහර අයට මේ හිසරදය කොච්චර වේදනාවක්ද කියනව නම් කවුරු හරි ඔලුවට පොල්ලකින් ගහලා වගේ දැනෙනවා කියලා කියයි. ඒක දන්නේ හැදුන කෙනාම තමයි ඉතින්.
මේක ටිකක් සුලබ තත්වයේ බොහෝදෙනකු පීඩා විඳින රෝගයක්. ඒ හිසරදය එන්නෙ නිකන්ම නෙවෙයි. ඔක්කාරය, වමනය සහ ආලෝකය දෙස බැලීමට අපහසු වීම යන ලක්ෂණත් එක්ක.මෙම රෝගයට ගොදුරුවන්නේ වැඩි පිරිසක් කාන්තාවන්ය. ඇතැම් අයට පරම්පරා රෝගයක් ලෙසද මෙය ඇතිවනවා.

මිග්‍රේන් සෑදුණු විට ආලෝකය බැලීම අපහසුය. බොහෝදෙනාට ශබ්දයට නිරාවරණය වීම ඉතාම අපහසුවනවා. මේ නිසා මිග්‍රේන් රෝගයෙන් පෙලෙන අය ආලෝකයට නිරාවරණය නොවී කාමරයකට වී දොර ජනෙල් වසා පැය ගණන් හෝ දිනක් හෝ දෙකක් නිදා ගන්නා අවස්ථා තිබෙනවා. මූලික ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස අධික හිසරදයත් සමඟ වමනය හෝ ඔක්කාරය ඇති වන අතර ඇතැම් අයෙකුට හිස කැක්කුම එක පැත්තකින් දැඩිව දැනිය හැකි අතර සමහර අයට හිස දෙපසින්ම වේදනාව හටගනී. මෙම රෝගයේ තවත් විශේෂත්වයක් වමනය ගිය පසු හිසරදය සුව වීමයි.

හිසරදය මේ පහළ හේතූන් නිසා දරුණු වෙන්න පුලුවන්. (මේවා Trigger Factors කියලත් හඳුන්වන්න පුළුවන්.)
1. කැෆේන් අඩංගු ආහාර
2. හෝමෝන වෙනස් වීම (කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ වෙනස් වීම් නිසා)
3. නින්ද යාමේ වෙනස් වීම
4. ආහාර වේල් අතපසු වීම
5. දුම් බීම හෝ දුම ආඝ්‍රහණය වීම

රෝග ලක්ෂණ
1. පෙනීමට බාධා ඇති වීම(මෙය මිග්‍රේන්වල පූර්ව අනතුරු හැඟවීමකි)
2. පොඩි තිත් වැනි දෙයක් ඇස මත ඇති සේ දැනීම
3. බොඳ වී පෙනීම
4. ඇස් වල වේදනාව
5. තාරකා වැනි හෝ සිග්සැග් ආකාරයේ ඉරි පෙනීම
6. කලුවර වීම
7. මෙය අඩු වේදනාවක සිට ඉතා දරුණු වේදනාවක් දක්වා වැඩි විය හැකිය.
8. සාමාන්‍යයෙන් පැය 6-48ක් අතර කාලයක් පැවතිය හැකිය.

මෙම හිසරදය සමඟ පහත ලක්ෂණ ඇති විය හැකිය.
1. සීතල
2. මූත්‍රා කිරීමේ වාර ගණන වැඩි වීම
3. අලස බව
4. ආහාර අරුචිය
5. ඔක්කාරය සමඟ වමනය
6. අකුරු කියවීමට අපහසු වීම
7. දහඩිය දැමීම
8. ආලෝකයට හෝ ශබ්දයට සංවේදී වීම

රෝගය නිසි ලෙස හඳුනා ගැනීමත් නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර හා ඖෂධ මගින් මෙන්ම ජීවන රටාවේ ඇති කරගත යුතු නිවැරදි පුරුදු මගින් මිග්‍රේන් හෙවත් ඉරුවාරදය සාර්ථකව පාලනය කරගැනීමට හැකියාව පවතී .
වෙදගෙදර අපෙන් ඔබට මේ සඳහා ප්‍රතිකාර ගැනීමේ හැකියාවක් ඇත.
වැඩි විස්තර සඳහා 0704993552 අංකය අමතන්න.

www.wedagedara.lk වෙත හෝ https://facebook.com/WedagedaraAyurveda
වෙත පිවිසීමෙන් මෙවැනි ලිපි කියවීමට හැකියි.
ආයුබෝවන්!

ආයුර්වේද ප්‍රතිකාර මගින් චර්ම රෝග සුව කළ හැකියි.මේ බොහෝ කාලයක් පුරාවට තම අත්වල පැවති චර්ම රෝගයකට සතියක කාලයක් අපගේ ප්‍රත...
20/10/2024

ආයුර්වේද ප්‍රතිකාර මගින් චර්ම රෝග සුව කළ හැකියි.
මේ බොහෝ කාලයක් පුරාවට තම අත්වල පැවති චර්ම රෝගයකට සතියක කාලයක් අපගේ ප්‍රතිකාර සහ උපදෙස් පිළිපැද ඉහළ ප්‍රතිඵලයක් අත් කරගත් අයෙක්.

වැඩි විස්තර සඳහා
070 499 3552 අමතන්න.

ඉංග්‍රීසි භාෂාවෙන් ෆැටී ලිවර් නොහොත් අක්මාවේ තෙල් තැම්පත් වීම සුව කළ හැකියි.වැඩි විස්තර සඳහා 0704993552 අමතන්න.         ...
12/10/2024

ඉංග්‍රීසි භාෂාවෙන් ෆැටී ලිවර් නොහොත් අක්මාවේ තෙල් තැම්පත් වීම සුව කළ හැකියි.
වැඩි විස්තර සඳහා
0704993552 අමතන්න.

You can also follow on Instagram to see more.
17/09/2024

You can also follow on Instagram to see more.

ඔබත්,හිසකෙස් වැටීම, කේෂ වර්ධනය අඩු වීම, හිසකෙස් රළු වීම, ඖෂධ භාවිතය නිසා හිසකෙස් වැටීම වැනි තත්ත්වයන් නිසා දැඩි පීඩාවට ප...
06/09/2024

ඔබත්,
හිසකෙස් වැටීම, කේෂ වර්ධනය අඩු වීම, හිසකෙස් රළු වීම, ඖෂධ භාවිතය නිසා හිසකෙස් වැටීම වැනි තත්ත්වයන් නිසා දැඩි පීඩාවට පත් වූ අයෙක්ද?

එසේනම් ඉක්මන් සුවයක් ලබා ගැනීම සඳහා අයුර්වේද ප්‍රතිකාර වෙත යොමුවන්න.

වේලාවක් වෙන්කර ගැනීම සඳහා
0704993552 අංකය අමතන්න.

වෙදගෙදර,
ඔරුවල

සිතට මහත් පීඩාවක් ගෙනදෙන ඉන්නන් ඉවත් කිරීම දැන් වෙදගෙදර ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේදී සිදු කෙරේ.අඟහරුවාදා සිට ඉරිදා දක්...
06/09/2024

සිතට මහත් පීඩාවක් ගෙනදෙන ඉන්නන් ඉවත් කිරීම දැන් වෙදගෙදර ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේදී සිදු කෙරේ.

අඟහරුවාදා සිට ඉරිදා දක්වා උදෑසන 9 සිට දහවල් 12ත්.
දහවල් 1 සිට රාත්‍රී 7ත් අතර විවෘතයි.
සඳුදා සහ පෝය දින වසා ඇත.

පැමිණීමට පෙර වේලාවක් වෙන්කරවාගන්න
070 499 3552 අමතන්න.

fans

04/09/2024

වෙදගෙදර වට්සැප් චැනලයට එකතු වී සෞඛ්‍ය සහ යහ පැවැත්ම පිළිබඳ නිරන්තරයෙන් පළ කරන ලිපි පිළිබඳ දැනුවත් වෙන්න.

කවුරුත් අහන, බොහෝ දෙනෙක් පීඩා විඳින මූත්‍රා ගල් ගැනයි මේ...මුත්‍රා මාර්ගයේ වකුගඩු, මුත්‍රා වාහිනිය, මුත්‍රාශයේ ඇතිවන ඛනි...
21/08/2024

කවුරුත් අහන, බොහෝ දෙනෙක් පීඩා විඳින මූත්‍රා ගල් ගැනයි මේ...

මුත්‍රා මාර්ගයේ වකුගඩු, මුත්‍රා වාහිනිය, මුත්‍රාශයේ ඇතිවන ඛනිජ ස්ඵටික පොදුවේ මුත්‍රා ගල් කියලා සාමාන්‍යයෙන් හඳුන්වනවා. මේවාගෙන් 80% කැල්සියම් ඔක්සලේට් කියන සංඝටකයෙන් තමයි හැදිලා තියෙන්නේ.

ජලය අඩුවෙන් පානය කිරීමෙන් මුත්‍රා වල සාන්ද්‍රණය වැඩි වී ඛනිජ සංඝටක අවක්ෂේපණය වීමෙන් මුත්‍රා ගල් ඇතිවීමේ අවදානමක් තියනවා.
ඒ වගේම ජානමය වශයෙනුත් මේ කියන රෝගය ඇති වෙන්න පුළුවන්. ( දෙමාපියන්ට වගේ තියෙනවනම් ළමයිනුත් පරිස්සම් වෙන තරමට හොඳයි)

ඉතින් මේ කිව්ව මූත්‍රා ගල් ඇති වුණහම එන වේදනාව ලේසි පහසු වේදනාවක් නෙමෙයි.
කොන්ද ප්‍රදේශයෙන් අධික වේදනාවක් ඇති වීම, ඉළ ප්‍රදේශයේ ඉඳන් පහළට දිවෙන වේදනාවක් ඇති වීම, ඔක්කාරය, වමනය, සහ... සමහරුන්ට මූත්‍ර සමග ලේ අධිකව හෝ සුළු වශයෙන් පිටවීම, ක්ලාන්ත ගතිය එහෙමත් එන්න පුළුවන්.

බයානකම දේ තමයි මේ ගල් නිසා මූත්‍ර මාර්ගය අභ්‍යන්තරය තුවාල වීම් සිදු වෙලා බැක්ටීරියා ආසාදන, (UTI) එහෙම ආවම වෙව්ලිම සමග උණ ගැනීම ආදී ලක්ෂණත් පහළ වෙනවා.

ආයුර්වේද වෛද්‍ය වරුන් වේවා බටහිර වෛද්‍යවරුන් වේවා මෙම තත්ත්වය X-ray, UFR, US, CT ආදී පරීක්ෂාවන් සිදු කිරීමෙන් ගල් තිබෙන්නේ වකුගඩුවලද, මූත්‍ර වාහිණියේද, මූත්‍රාශයේද ආදී වශයෙන් නිර්ණය කරගන්න පුළුවන්.

ආයුර්වේදයෙන් පිළියම්???
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මගින් මම ඉහත කිව්ව මූත්‍ර ගල් ඇති වීම වැළැක්වීම, ඇතිව තිබෙන ගල් දියකිරීම හා ශරීරයෙන් බැහැර කිරීම , මූත්‍ර මාර්ගයේ ආසාදන සුව කිරීමත් සිදු කළ හැකියි.

ඉතින් ඔබ හෝ ඔබගේ හිතවතෙකු මූත්‍රා ගල් වලින් පීඩා විඳිනවනම්, දැන්මම ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමෙන් සුවයක් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. එමෙන්ම ඔබට බියක් තිබේනම්, ඔබගේ නිරෝගීබව උදෙසා මූත්‍ර ශෝධන ප්‍රතිකාරත් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා.

අද සටහනත් අරන් ආවෙ,

වෙදගෙදර - ඔරුවල, අතුරුගිරිය
වෛද්‍ය හර්ෂණ නිරිඇල්ල
වෛද්‍ය උමේෂා සුරවීර

ප්‍රතිකාර සඳහා වේලාවක් වෙන්කරවා ගැනීමට,
0719569316 අංකයට ඇමතුමක් ලබා දෙන්න.

කාට හෝ ප්‍රයෝජනවත් විය හැකි බැවින් මිතුරන් සමග ශෙයා කරන්නත් අමතක කරන්න එපා.
www.wedagedara.lk වෙත පිවිසීමෙනුත් ඔබට අවශ්‍ය තොරතුරු දැනගැනීමට හැකියාව තිබේ.



fans

මේ ඔබේ කතාව විය හැකියි!ඔබ තරුණ අයෙක්නම් අම්මා, තාත්තා හෝ ගෙදර ඉන්න වයසක අය කියනවා ඇහිලා ඇති අම්මේ, ඉවසන්න බෑ, කොන්ද රිදෙ...
31/07/2024

මේ ඔබේ කතාව විය හැකියි!

ඔබ තරුණ අයෙක්නම් අම්මා, තාත්තා හෝ ගෙදර ඉන්න වයසක අය කියනවා ඇහිලා ඇති අම්මේ, ඉවසන්න බෑ, කොන්ද රිදෙනවා/ තුනටිය රිදෙනවා/ කකුල් රිදෙනවා/ දණහිස් රිදෙනවා කියලා.
ඉතින් ඒ වෙලාවට අම්මලනම් වාත අමාරුව කියලා ගෙදර තියන තෙල් එකක් මොකක් හරි ගාගන්නවා, වේදනා නාශක ජෙල් එකක්, ක්‍රීම් එකක් ගාගන්නවා. සමහරුනම් බෙහෙත් පෙති අහුරු ගණන් ගිලිනවා.

ඕන් ඕක දවස් කිහිපයක් බලන් ඉන්න කොට ගෙදර ළමයින්ට කොයි වෙලෙත් මෙතන අමාරුයි කිව්ව ගමන්, තෙල් ටිකක් ගාගන්න කියන මට්ටමටම යනවා වෙන්නත් පුළුවන්.

වාත අමාරුව කියලා තියන තෙලක් හෝ අහලා හෝ කාගෙන් හරි දැනගත්ත තෙලක් ගෑවම හරිද කියන ගැටළුව කවදාවත් ආවෙ නැද්ද?

ඔය උඩ මම කිව්ව කොන්දේ අමාරු, බෙල්ලේ අමාරු වේවා විවිධ හේතු නිසා එනවා. කොන්ද ගත්තොත් වයසට යෑම එක්ක අස්ථි දුර්වල වීම (ඔස්ටියෝපොරෝසිස්) නිසා, කොඳු ඇටපෙළ කශේරුකාවන්වල පිහිටීම වෙනස් වීම නිසා, ස්නායු තෙරපීම් නිසා ආදී ලෙස ගොඩ හේතූන් නිසා ඔය වේදනාව එන්න පුළුවන්.
ඒ වගේමයි දණහිස් අමාරු ආදියත්. සමහර දණහිස් අමාරු එන්නේ බන්ධනි, ඛණ්ඩරා වලට හානි වීම නිසා, සමහර ඒවා එන්නේ කැල්සියම් තැම්පත් වීම නිසා, තව ආතරයිටිස්, රුමැටොයිඩ් ආතරයිටිස් ආදී ලෙස හේතූන් ගොඩයි. ඒ එක එකකට එක එක තෙල්වර්ග හා බෙහෙත් වර්ගයි භාවිතා වෙන්නේ. ඉතින් නොදැනුවත්කම නිසාම රෝග මූලය එහෙම්මම තියෙද්දි තාවකාලික සහනය බලාපොරොත්තුවෙන් කරගන්න සමහර දේවල් නිසා රෝගය දන්නෙම නැතුව තව වැඩි වෙන එකයි වෙන්නේ.

ඉතින් ඔබට හෝ, ඔබේ දෙමාපියන්ට, ආච්චිට සීයට මෙහෙම අමාරු වලින් පීඩා විඳිනවනම් සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් මේ සඳහා ප්‍රතිකාර ලබාගන්න පුළුවන්.
එම ප්‍රතිකාර පන්තිය පෙර ලිපි වල සඳහන් කරාක් මෙන්,
අභ්‍යන්තරව හා භාහිර ලෙස ප්‍රතිකාර කරන්නම වෙනවා අම්මේ තාත්තේ. මොකද බටහිර වෛද්‍ය ක්‍රමය මෙන් නොව, ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී අපි බලාපොරොත්තු වෙන්නේ, රෝග මූලයටම බෙහෙත් කරලා මුලින්ම උපුටා දැමීමයි.
ඉතින්, නොදත් යමක් දැනගත්තානම් පල්ලෙහා තියෙන ශෙයා බොත්තම ඔබලා මිතුරන් සමග බෙදාගන්න.
සටහන,
ආයුර්වේද වෛද්‍ය,
හර්ෂණ නිරිඇල්ල
B.A.M.S (Hons.)
University of Colombo
SLAMC Reg. No: 16673

ආයුර්වේද වෛද්‍ය
උමේෂා සුරවීර
B.A.M.S (Hons.)
University of Colombo
SLAMC Reg. No: 16416

ප්‍රතිකාර සඳහා වේලාවක් වෙන්කරගන්න අමතන්න:
Call:
0719569316

රෝග හා ප්‍රතිකාර පිළිබඳව ලියූ ලිපි කියවීමටත්, වීඩියෝ නැරඹීමටත්, අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
www.wedagedara.lk

වෛද්‍ය මධ්‍යස්ථානයේ ලිපිනය:
101/A/2, ඔරුවල, අතුරුගිරිය
(ඔරුවල පන්සල හෙවත්, බෝධිරුක්ඛාරාම විහාරය අසල)

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඉගෙනගැනීමට සහ, දැනුම ලබා ගැනීමට අප විසින් ලබා දෙන සේවාව අත් විඳීමට පහත දිගුවෙන් පිවිසෙන්න.https:/...
28/07/2024

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඉගෙනගැනීමට සහ, දැනුම ලබා ගැනීමට අප විසින් ලබා දෙන සේවාව අත් විඳීමට පහත දිගුවෙන් පිවිසෙන්න.

https://nas.io/ayurveda-for-everyone

Address

101/A/2, Athurugiriya
Oruwala

Opening Hours

Tuesday 20:30 - 22:00
Wednesday 20:30 - 22:00
Thursday 20:30 - 22:00
Friday 20:30 - 22:00
Saturday 20:30 - 22:00
Sunday 20:30 - 22:00

Telephone

+94719569316

Website

https://g.co/kgs/9582jGD, https://www.wedagedara.lk/

Alerts

Be the first to know and let us send you an email when Wedagedara Ayurveda Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Wedagedara Ayurveda Medical Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram