Central Pharmacy Padukka

Central Pharmacy Padukka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Central Pharmacy Padukka, Medical and health, Padukka.

26/10/2022
02/07/2022

Pharmacy Technician
හෙවත් ඖෂධ සේවා තාක්ෂණ ශිල්පීයා යනු කවරෙක්ද ?
=================================

මේ දිනවල ශ්‍රී ලංකාවේ ඖෂධ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙන කරුණක් වන Pharmacy Technician හෙවත් "ඖෂධ සේවා තාක්ෂණ ශිල්පියා" යන තනතුර සහ එහි භූමිකාව ගැනත්, ශ්‍රී ලංකාවේ එම තනතුරේ ආගමනය සහ භාවිතය ගැනත් පැහැදිලි අර්ථකථනයක් ඉදිරිපත් කළ යුතු බවට බොහෝ දෙනා මට යෝජනා කර සිටිති. ඒ අනුව ඖෂධ හා සම්බන්ධ වෘත්තීයවේදීන් වන වෛද්‍ය , ඖෂධවේදී, හෙද, සහ අනෙකුත් සෞඛ්‍ය සෙවා මෙන්ම නීතිඥ, සහ ඖෂධ හා සම්බන්ධ ඉංජිනේරු යන වෘත්තීන් ඇතුළුව සියළුම වෘතීය ව්‍යූහයන්ගේ දත්ත සහ ඒ පිළිබඳව ලොකයේ භාවිතාව අධ්‍යනය කර මෙම ලිපිය සකස් කළෙමි.

ඖෂධ (Drugs/Medicines) සහ ඖෂධ සම්බන්ධ ක්‍රියාවලීන් (Proceedings) මෙන්ම ඖෂධවේදීයා (Pharmacist) ගැන පැහැදිලි අර්ථකථනයක් නොකොට ඖෂධ සේවා තාක්ෂණ ශිල්පියා (Pharmacy Technician) ගැන කතා කළ නොහැකිය. මන්දයත් ඖෂධ තාක්ෂණ ශිල්පයාගේ භුමිකාව 100% ක්ම එම ද්විත්වය හා යාව පවතින බැවිනි. එබැවින් පහත ආකාරයට විවිධ ක්ෂේත්‍රයන්ට අනුව සරල හැදෑරීමක් කරමු.

ලෝව සුපතළ වෛද්‍ය ක්‍රමය වන වර්තමාන ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වලද භාවිතා වන ඇලොපතික වෛද්‍ය විද්‍යාවට (Alopathic Medicine) අනුව ඖෂධ යනු මිනිසාගේ හෝ සතුන්ගේ ශාරීරික හෝ මානසික ව්‍යාකූලත්වයක්/රෝගයක් (Physical Mental Disorder/Disease) රෝගයක් හඳුනා ගැනීමට (Diagnosis), වැළැක්වීමට (Prophylaxis), සුව කිරීමට (Cure), පාලනය කිරීමට (Control), වෙනස් කිරීමට (Modify) හෝ වැළඳීම ප්‍රමාද කිරීමට (To delay the progression) යොදා ගන්නා, පරීක්ෂණ මාලාවකින් (Researchs) සහ සායනික අත්හදා බැලීම් (Clinical Trails) මගින් තහවුරු කරගත් රසායනික ද්‍රව්‍ය (Chemicals), රසායනික සංයෝග (Chemical compounds), හෝ රසායනික සංයෝජන (Colection of chemicals or chemical compounds) වේ.

ඒසේ හඳුනාගත් ඖෂධ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඒවා භාවිතාවන රටේ ඖෂධ පිළිබඳ බල අධිකාරියේ නිර්දේශවලට අනුව පරිභෝජනය සඳහා මහා පරිමාණ නිෂ්පාදනය කිරීම (Manufacturing) හෝ සුළු පරිමාණ නිමැවීම් (Preparing/Compounding) සිදු කරනු ලැබේ. ඉන් පසුව එම භාණ්ඩ/නිමැවුම් (Products/preparations) ගබඩා කිරීම සහ නැවත ගබඩා කිරීම (Storage and Restoring) සඳහා සූදානම්ව ඇසුරුම් ගත කිරීම (Packaging), ලේබල් කිරීම (Labeling), සහ ප්‍රවාහනය සහ නැවත ප්‍රවාහනය (Distribution and Redistribution) සඳහා සැලසුම් දියයත් කරනු ලැබේ. ඉන් පසුව ආනයන අපනයන (Importation and Exporting) කටයුතු සිදු කෙරේ. අවසානයේ නිසි ක්‍රමවේදවලට අනුව රට තුළ බෙදා හැරීමෙන් පසුව ඔබට පෙනෙන්නට තිබෙන ආකාරයට ඖෂධ ශාලාවක (Retail Pharmacy)
රාක්කයක් මතට හෝ වෙනත් ප්‍රජා ඖෂධ සේවා ස්ථානයක (Community Pharmacy dispensing point) ගබඩාවකට පැමිණේ. පසුව එය රෝගීන්ගේ භාවිතය සඳහා නිකුත් කෙරේ. මේ සියළුම කටයුතු සනීපාරක්ෂාවට මුල් තැන දෙමින් සදාචාරාත්මක සහ නීත්‍යානුකූල ක්‍රමවේදවලට අනුව සිදුවිය යුතු ය.

ඉහත ආකාරයට ඉතාම සරල වදනින් සඳහන් කළ ඖෂධ පිළිබඳ ඉතා සංකීර්ණ ක්‍රියාවලියේ සියළුම සිදුවීම් අධීක්ෂණය සහ නියාමනය කිරීමට සුදුසුකම් සහ බලය ලත් වෘත්තිකයා වන්නේ ඖෂධවේදියායි.
ඖෂධවේදීයා යනු නිර්දේශිත මූලික අධ්‍යාපනික සුදුසුකම් සපුරා පසුව ලොව පිළිගත් විශ්ව විද්‍යාලයකින් ඖෂධවේදය පිළිබඳ අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් ලබාගෙන අදාල රටේ ඖෂධ පිළිබඳ බල අධිකාරියේ අනුමත ස්ථානයක සීමාවාසිකව, අධ්‍යාපනික, සායනික සහ තාක්ෂණික පුහුණුව සම්පූර්ණ කර එරට වෛද්‍ය හෝ/සහ ඖෂධ සේවාවට අදාල වෘත්තිකයින් හඳුනාගෙන සමාජගත කරන වරලත් ආයතනයේ නීත්‍යානුකූලව ලියාපදිංචි කළ පුද්ගලයෙකි.

සෑම රටකම නීතියට අනුව ඖෂධ හා සම්බන්ධ සියළුම ස්ථාන සහ ක්‍රියාවලීන් ඖෂධවේදීන්ගේ අධීක්ෂණය සහ සහභාගිත්වයෙන් සුදුවීම අනිවාර්ය වන අතර ඒ සඳහා අදාල කාර්‍යභාරය අනුව විවිධ වූ වෙනත් වෘත්තීකයින් වන වෛද්‍ය , හෙද, ඉන්ජිනේරු, නීතිඥ, රසායන විද්‍යාඥ, භෞතික විද්‍යාඥ, ජීව රසායන විද්‍යඥ, භෞත රසායන විද්‍යාඥ ආදීන් මෙන්ම ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයින් හා සම්බන්ධතා ගොඩ නැගෙන්නේ සහ සම්බන්ධීකරණය වන්නේ ඖෂධවේදීන් මගින් ය.

ඖෂධ හා සම්බන්ධ ස්ථාන සහ ක්‍රියාවලීන් අනුව ක්ෂේත්‍රය විවිධාකාරයෙන් වර්ගීකරණය කොට දැක්විය හැකි ය. මා මේ ලිපියේ සඳහන් කරන දත්ත ලබා ගැනුනේ පහතින් දක්වා ඇති සරල වර්ගීකරණයට උදාහරණ ලෙස යොදාගෙන තිබෙන ආයතන හා මූලාශ්‍ර වලිනි.

1. ඖෂධ කර්මාන්ත (Pharmaceutical Industry)

උදාහරණ :
ඖෂධ නිෂ්පාදනය (Manufacturing),
ප්‍රවර්ධනය සහ අලෙවිය (Promotion/Marketing and sales),
ආනයන අපනයන කටයුතු (Importing and Exporting),
බෙදා හැරීම සහ නැවත බෙදා හැරීම (Distribution and Redistribution),
ගබඩාකරණය සහ නැවත ගබඩාකරණය (Storage and Restoring)...

2. අධ්‍යාපනික ආයතන (Academic institutions)

උදාහරණ:
විශ්ව විද්‍යාල සහ වෛද්‍ය පීඨ,
සම සෞඛ්‍ය පීඨ,
ඖෂධවේදී පීඨ/විද්‍යල,
සෞඛ්‍ය සේවා පුහුණු ආයතන.....


3. නියාමන අධිකාරීන්/ආයතන (Regulatatory authorities/Institutions),

උදාහරණ :
ශ්‍රී ලක්කාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (National Medicines Regulatatory Authority of Sri Lanka),
බ්‍රිතාන්‍යයේ ජාතික ඖෂධ හා සනීපාරක්ෂක භාණ්ඩ නියාමන අධිකාරිය (National Medicines and Heathcare product Regulatatory Authority UK)
ඇමෙරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය (United States Food & Drugs Authority),
ඕස්ට්‍රේලියානු රෝගපාලන ද්‍රව්‍ය පරිපාලන ආයතනය (Therapeutic Goods Administration Australia),
ලෝක සෞඛ්‍ය සංවිධානය (World Helth Organization)

4. පර්යේෂණ ආයතන (Research Institutions)

උදාහරණ:
ශ්‍රී ලංකාවේ වෛද්‍ය පරීක්ෂණ ආයතනය (Medical Research Institutie / MRI )
සහ ශ්‍රී ලංකාවේම Clinical Medicine Academic & Research Center,
බ්‍රිතාන්‍යයේ Oxford BioMedica ආයතනය.
ඉන්දියාවේ Central Drug Research Institutie,
සහ ඉන්දියාවේම National Institutie of Pharmaceutical Education and Research,
ඇමෙරිකාවේ Critical Path Institutie,

5. සායනික ක්‍රියාවලීන් (Clinical Environments)

උදාහරණ :
රෝහල් සායන (Hospital Clinics),
ප්‍රජා ඖෂධ සායනික වාර්තාකරණය (Community Pharmacy feed back Reporting)
භිෂක්වේදී ග්‍රන්ථ ප්‍රකාශන ආයතන (Institutes Publishing Pharmacopoeias)

6. ප්‍රජාමූල ඖෂධ නිකුත් කරන ස්ථාන (Community Pharmacy Centers/Points)

උදාහරණ :
ඖෂධ සිල්ලර වෙළඳසැල් (Retail Pharmacy)
රෝහල් බාහිර රෝහීන් සඳහා ඖෂධ නිකුත් කරන ස්ථාන (Out Patient Dispensing Counters in Hospitals)
නොමිලේ ඖෂධ නිකුත් කරන ස්වෙච්ඡා සංවිධාන (Volunteer Medicines Dispensing Organisation)
UNICEF, MSF සහ ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය සේවා, පවුල් සෞඛ්‍ය සේවා ආදී......

ඉහත සඳහන් අකාරයේ සහ වෙනත් ස්ථාන/ආයතන බොහොමයක් ඖෂධ ක්ෂේත්‍රයේ දැකිය හැකිය. ඒවායේ සේවය කරන ඖෂධවේදීන්ද ඒ අනුවම වර්ගීකරණය කළ හැකි අතර ඒ ඒ විෂය අනුව වැඩිදුර අද්‍යාපනික සුදුසුකම් සහ වෘත්තීය සුදුසුකම් ලබාගෙන විශේෂඥතාවයක් ලබා ගත හැකි ය.
(Industrial Pharmacists, Academic Pharmacists, Regulatatory Pharmacists, Clinical Pharmacists Community Pharmacists)

ඉහත ආකාරයට අධ්‍යනය කිරීමෙන් පසු අපට මේ ලිපියේ මාතෘකාව වන ඖෂධ සේවා තාක්ෂණ ශිල්පියා ගැන අර්ථකථනය කිරීම ඉතාමත් පහසු වේ.

ඉහතින් සඳහන් කළ ඕනෑම ස්ථානයක/ආයතනයක ඖෂධවේදීන්ගේ රාජකාරීන්වලදී ඔවුන්ට සහය වීම සඳහා විවිධාකාරයෙන් පුහුණුව ලත් හෝ/සහ අධ්‍යාපනික හෝ/සහ වෘත්තීය සුදුසුකම් සහ පළපුරුද්දක් ඇති අය ඖෂධ සේවා තාක්ෂණ ශිල්පීන් නම් වේ. විවිධ රටවල ඔවුන්ගේ සුදුසුකම් විවිධාකාර වේ. ඖෂධවේදියාගේ භූමිකාවේ බොහෝ අවස්ථාවල දී විශේෂයෙන්ම ඖෂධ ප්‍රවාහනයේදී සහ ගබඩා පාලනයේදී මෙන්ම අති විශේෂිත රාජකාරියක් වන ඖෂධ නිකුත් කිරීමේදී (Dispensing/Issuing) ඖෂධ සේවා තාක්ෂණ ශිල්පින්ගෙන් ලැබෙන සේවය අතිමහත්ය. ඖෂධවේදීන් ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට සහය දීමට වඩාත්ම සුදුසුකම් ඇත්තේ ඖෂධ සේවා තාක්ෂණ ශිල්පීන්ට ය. තවත් විදියකින් පැහැදිලි කරන්නේ නම්, රෝහල් ගත රෝගියෙකුට වෛද්‍ය වරයා විසින් කරන සියළුම නිර්දේශිත ප්‍රතිකාර සඳහා සහය වන්නේ හෙද සේවාව සේම ඖෂධවේදියාගේ සේවය ලබා ගැනීමට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකුගේ (රෝගියෙකු මෙන්ම වෛද්‍ය /සෞඛ්‍ය සේවාවේ නියුතු ඕනෑම අයෙක් විය හැක) අවශ්‍යතාව ඖෂධවේදීයා විසින් හඳුනාගත් පසු එය ලබා දීමට ඖෂධවේදීයාගේ අධීක්ෂණය යටතේ ඖෂධ සේවා තාක්ෂක ශිල්පියෙකු යොදවා ගත හැකිය. ලොව පුරා මෙන්ම අප රටේද එම සේවාවට විශාල ඉල්ලුමක් පවතී. සංඛ්‍යාත්මකව ගත් විට ඖෂධවේදීන්ට වඩා විශාල සංඛ්‍යාවක් ඖෂධ තාක්ෂණ ශිල්පීන් ලෙස ලොව විවිධ ස්ථාන වල සේවයේ නියුතු අහර ඇබෑර්තුද අතිවිශාල සංඛ්‍යාවක් පවතී. නමුත් කිසිම රටක ඖෂධවේදියාගේ අධීක්ෂණ මට්ටමේ වගකීම් දරන තනතුරු සඳහා ආදේශකයක් ලෙස ඖෂධ තාක්ෂණ ශිල්පීන්/තාක්ෂණවේදීන් යොදා නොගැනේ. ඒ සඳාහා නීතියෙන්ද අවසරයක් නොමැත.

ලතින් භාෂාවට අනුව සහ ඉන් පැවත එන ඉංග්‍රීසි භාෂාවේදී ඕනෑම විෂයක් හඳුන්වන වචනයක අගට ist යන ප්‍රත්‍ය යෙදූ විට ලැබෙන වචනයෙන් හැඳින් වෙන්නේ එම විෂය පිළිබඳව විශේෂිත උගත් කමක් සහ ප්‍රවීණත්වයක් ඇත්තා යන්නයි.

උදාහරණ :
Cardiologist = හෘද රෝග පිළිබඳ විශේෂඥ

Endocrinologist = අන්තරාසර්ග පද්දතිය පිළිබඳ විශේෂඥ

Opthalmologist = අක්ෂි විශේෂඥ

Chemist = රසායන විද්‍යාව/ද්‍යවය පිළිබඳ විශේෂඥ

Drugist = ඖෂධ විශේෂඥ

Pharmacologist = ඖෂධ විද්‍යාව පිළිිබඳ විශේෂඥ

Pharmacist = ඖෂධ සේවා පිළිබඳ විශේෂඥ/ඖෂධවේදී,

එලෙසින්ම යම් විෂයකට අදාළ වචනයක් ඉදිරියෙන් Technician යන වචනය යෙදූවිට එම පද ‍යුගලයෙන් හැඳින්වෙන්නේ අදාළ විෂය පිළිබඳ තාක්ෂණ/කාර්මික ශිල්පියා යන්නයි.

උදාහරණ :

Opthalmic Technician = අක්ෂි තාක්ෂණ ශිල්පී

Laboratory Technician = රසායනාගාර තාක්ෂණ/කාර්මික ශිල්පී.

Medical Laboratory Technician = වෛද්‍ය රසානාගාර තාක්ෂණ ශිල්පී,

Dental Technician = දන්ත කාර්මික ශිල්පී,

Pharmacy Technician = ඖෂධ සේවා තාක්ෂණ ශිල්පී.

එසේම Technician වෙනුවට Technologist යන වචනය යෙදූ විට අදාළ තාක්ෂය පිළිබඳ විශේෂඥ නොහොත් තාක්ෂණවේදියා යන්න අදහස් වේ. අදාල තාක්ෂණය අධ්‍යාපනිකව හෝ/සහ වෘත්තීය පුහුණුවක් තුලුන් වඩාත් ප්‍රගුන කල විට එසේ හඳුන්වනු ලැබේ.

උදාහරණ:

Opthalmic Technologist = අක්ෂි තාක්ෂණික විශේෂඥ/තාක්ෂණවේදී

Laboratory Technologist = රාසායනාගාර තාක්ෂණික විශේෂඥ/තාක්ෂණවේදී

Medical Laboratory Technologist = වෛද්‍ය රසායනාගාර තාක්ෂණික විශේෂඥ/තාක්ෂණවේදී

Dental Technologist = දන්ත කාර්මික විශේෂඥ

Pharmacy Technologist = ඖෂධ සේවා තාක්ෂණික විශේෂඥ/තාක්ෂණවේදී

බොහෝ දියුණු රටවල මේ ඖෂධ සේවා තාක්ෂණ ශිල්පීන් සහ තාක්ෂණවේදීන් සඳහා වරලත් ආයතන මට්ටමින් සුදුසුකම් නිර්දේශිත වන අතර නියාමනය සහ ලියාපදිංචියක් ද සිදු කෙරේ. ඖෂධ සේවයේ නම් කරන ලද විශේෂිත රාජකාරීන්හිදී ඖෂධවේදීන්ගේ වක්‍ර හෝ සෘජු අධීක්ෂණයක් යටතේ සේවයට යොදවා ගත හැක්කේ එසේ ලියාපදිංචිය ලැබූ ඖෂධ තාක්ෂණ ශිලිපීන්ට/තාක්ෂණවේදීන්ට පමණි. නමුත් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඊට නිර්දේශිත සුදුසුකමක් හෝ නියාමනයක් නිසි ආකාරයෙන් සිදුවන්නේ නැත. එම සේවාවන් සඳහා රජයේ ආයතනවල යම් සුදුසුකම් නිර්දේශ කර ආදේශක තනතුරු (උදාහරණයක් ලෙස කලක් තිස්සේ Dispenser නමින් පුහුණු කොට බඳවා ගත් පිරිස) යොදවා ගත්තද පෞද්ගලික අංශ මගින්/වෙත එසේ සිදු කෙරුණේ නැත. විවිධාකාරයෙන් එම සේවාව උපයෝජනය සිදුවූ අතර තවමත් සුදුසු මෙන්ම ඉතා නුසුදුසු ආකාරයේ බඳවා ගැනීම්, පුහුණු කිරීම් සහ සේවා උපයෝජනය දක්නට ලැබේ. සමහර ස්ථානවල ඉතා භයානක ආකාරයේ සිදුවීම් වාර්තාවනු දක්නට හැකි ය. උදාහරණයක් ලෙස ගත් විට උෂ්ණත්වමානය හරි හැටි නිරීක්ෂණය කීරීමට නොදත් අය විසින් ඖෂධ ගබඩා පාලනය සහ ප්‍රවාහනය සිදු කිරීම ගෙන හැර පෑමට පුළුවන. සමහර ඖෂධ ගබඩාවල සහ ප්‍රවාහනය කරන වාහනවල උෂ්ණත්වමානයක් ඇත්තේ ද නැත. එවැනි දෙයක අවශ්‍යතාවක ඒවායේ සේවය කරන්නන් හඳුනන්නේ ද නැත. ඔබ ඖෂධ හා සම්බන්ධ ස්ථානයක (ෆාමසියක හෝ ඖෂධ ගබඩාකර ඇති ස්ථානයක) සේවය කරන්නේ නම් එම ස්ථානයේ අඩුම තරමින් උෂ්ණත්වමාන දෙකක් සහිත වියළි සහ තෙත් (Dry and wet) වශයෙන් මැනීමට සකස් කර ඇති උපාංග සවිකර තිබේදැයි විමසා බලන්නට යැයි මම යෝජනා කරමි. ශීතකරණ සහ අධිශීතකරණවලද එසේ උෂ්ණත්ව මාන සවිකර තිබිය යුතු ය. එපමණක් නොව ඒවා නිසි කාල පරාසයක් ඇතිව නිරීක්ෂණය කොට සටහන් තැබිය යුතුය. එම කාර්‍යය ඖෂධවේදියෙකු හෝ ඖෂධ තාක්ෂණ ශිල්පියෙකු විසින් කල යුතු අතර ඖෂධවේදීයෙකු ඒවා අධීක්ෂණය කොට යම් වෙනස් කමක් හෝ නුසුදුසු භාවයක් නිරීක්ෂණය වන්නේ නම එහි ගබඩා කොට ඇති ඖෂධ ගැන නිසි පියවර ගත යුතුය. නිවැරදි උෂ්ණත්වය යටතේ ගබඩා නොකළ ඖෂධ වල ගුණාත්මකභාවය ගැන කිසිසේත් ම සෑහීමකට පත් විය නොහැක. උෂ්ණත්වයේ විච්‍ල්‍යයයන් (Fluctuations of Temparature) නිසා සිදුවන වෙනස්කම් වලින් එම ඖෂධ භාවිතා කරන්නන්ට දැඩි හානි හෝ මරණය අත්වූ අවස්ථා අප රටේද වාර්තා වී ඇත. මේ ලිපිය කියවන ඖෂධ තාක්ෂණ ශිල්පය ගැන කතා කරන ඔබ ඒ ගැන නොදන්නවා ද විය හැක.

තවත් උදාහරණයක් ලෙස මෑතකදී වාර්තා වූ, ඖෂධ වරදවා හඳුනාගෙන වැරදි උපදෙස් සමග නිකුත් කිරීම නිසා ඉතා අවාසනාවන්ත ලෙස සිදුවූ දෙදරු මවගේ මරණය සඳහන් කල හැක. එම ඖෂධ නිකුත්කිරීම සිදුවී තිබුනේ පළපුරුද්ද පමණක් සැලකිල්ලට ගෙන සේවයේ යොදාවාගත් නුපුහුණු සේවිකාවක් අතින් වූ අතර අදාල ඖෂධ ශාලාව වෛද්‍යවරයෙකු විසින් පවත්වාගෙන ගොස් තිබුනේ ඖෂධවේදියෙකුගේ අධීක්ෂණය නොමැතිව වීම දැඩි ලෙස කතා බහට ලක් විය.

තවත් කොතෙකුත් උදාහරණ ඇතත් ඖෂධ ශාලාවල සේවා සඳහා නිසි පුහුණුවක් ඇති සුදුසුකම් ලත් පිරිස් සේවයේ යෙදවීමේ සහ ඖෂධවේදීයෙකුගේ සෘජු අධීක්ෂණයේ අවශ්‍යතාවය ගැන වටහා ගැනීමට ඉහත උදාහරණ ප්‍රමාණවත් ඇතැයි සිතමි.

වර්ෂ 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවීමේ පනත මගින් ඖෂධ ශාලා තාක්ෂණ ශිල්පීන්ගේ සේවාවට වඩාත් සුදුසු පිළියම් හඳුන්වා දී ඇත. ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට කාල වකවානු නිර්දේශිත වුවද තවමත් ඒ සඳහා අප අපොහොසත් වී ඇත.

ලෝකයේ බොහෝ දියුණු රටවල මෙන් ඖෂධ තාක්ෂණික ශිල්පීන් ලෙස පුහුණුවට බඳවා ගැනීමට නිර්දේශිත සුදුසුකම් ලෙස උසස් පෙළ රසායන විද්‍යාව සමඟ සමත් වීම අප රටේද ස්ථාපිත කිරීමට අවශ්‍ය නිර්දේශ දැන් සකස් වෙමින් පවතී. ඒ සඳහා දැනට බලපැවැත්වෙන පණත් මගින් ප්‍රතිපාදන සකස් කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව පහසුවන පරිද්දෙනි. ආධුනික ඖෂධවේදීන් ලෙස ලියාපදිංචි වන්නන් සඳහා නිර්දේශිත නව උපදෙස් මාලාව (Guide Lines for Apprentice Pharmacist ) සහ ඖෂධ ශාලාවලට නම් කරන ලද විශේෂිත රාජකාරී සඳහා සේවයට බඳවා ගැනීමේ උපදෙස් මාලාව කියවීමෙන් ඔබට ඒ ගැන වටහා ගත හැකි වනු ඇත. ඖෂධ තාක්ෂණ ශිල්පී යන නාමය වෙනුවට මෙතෙක් කල් අප රටේ නීති මගින් සහ ව්‍යවහාරිකව භාවිත වූ සහ ක්‍රියාත්මක වූ "ආධුනික ඖෂධවේදී" යන තනතුර තවදුරටත් එලෙසින්ම පවතිනු ඇත. ආධුනික ඖෂධවේදියෙකු ලෙස ලියා පදිංචි වී වසරක කාලයක නිසි පුහුණුවක් සම්පූර්ණ කල පසු ස්ථානභාර ඖෂධවේදියා සෑහීමට පත් අයෙකු ඖෂධ සේවා තාක්ෂණ සේවයේ යොදවා ගැනීමට හැකිවන පරිදි නීති ප්‍රතිපාදන සලසා ඇත. අනෙක් රටවලට වඩා වෙනසකට ඇත්තේ අපේ රටේ එම තනතුර දරන්නාට අනාගතයේදි ඖෂධවේදීයෙකු වීමේ හැකියාව පැවතීම වේ.

නමුත් මා යෝජනා කරන්නේ වසරක නිසි පුහුණු කාලයක් සම්පූර්ණ කරන ආධුනික ඖෂධවේදීන් සඳහා වෛද්‍ය විද්‍යාල සභාව මගින් සුදුසු පරීක්ෂණයක් පවත්වා ඔවුනට SLQF Leval 1 සුදුසුකමක් පිරිනමා ඔවුන්ව ඖෂධ සේවා තාක්ෂණික සේවයේ ක්‍රමාණුකූලව ස්ථාපිත කිරීම වඩාත් සුදුසු වන බවයි. ඉන්පසුව තවත් වසර 2ක් (ඖෂධවේදියෙකු වීමේ අවම සුදුසු කම වසර 3 ක අවම අධ්‍යාපනික සහ වෘත්තීය පුහුණු කාලයකට යටත් කොට එම සුදුසුකම SLQF Leval 3 දක්වා වැඩි දියුණු කොට) ඖෂධවේදී තනතුර සඳහා පරීක්ෂණයකට පෙනී සිටීමට අවස්ථාව සලස්වා දීම සුදුසු බවයි. එමගින් ඖෂධවේදී සේවාවේ ඉහල ප්‍රමිතිකරණයක් ඇති කල හැකියි. එය මා දකිනා හොඳම සහ පහසුම දීර්ඝකාලීන සැලැස්ම වේ.

සැම දෙනාගේම අවධානයට පාත්‍ර විය යුතු පිරිසක් වන මෙතෙක් කල් සේවය කල නමුත් නිර්දේශිත අධ්‍යාපනික සුදුසුකම් නොමැති පළපුරුද්දක් ඇති අය සඳහා පිළියම් යෙදිය යුතුව ඇත. ඉතා දරුනු ලෙස ඖෂධවේදී බලපත්‍රය අපයෝජනය වන සමයක මෙතෙක් කල් නීත්‍යානුකූල නොවන ආකාරයකට රාමුවට පිටින් වුවද ජනතාවට සේවය ලබා දුන්නේ ඔවුන් බව අප කවුරුත් පිළිගතයුතුව ඇත. එමෙන්ම එවන් සේවයක ගුණාත්මක භාවිතය මෙන්ම භයානකකම යන දෙකම අප අනන්තවත් අත්දැක ඇති බවද නොරහසකි.

ඔවුන් සඳහා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (National Apprentice and Industrial Training Authority හෙවත් NAITA) හරහා අධ්‍යාපනික සහ වෘතීය පුණුවකින් පසු සුදුසු කම් ලබාදීමට ජ්‍යේෂ්ඨ ඖෂධවේදීන් පිරිසක් කටයුතු කරමින් තිබෙන අතර ඊට අත පොවන ඇතැම් ව්‍යාපාරික ප්‍රජාවන්ගේ ව්‍යාපාරික අරමුණු ඉදිරියට පැමිණීම මත එය දැඩි මත භේදයකට ලක්ව ඇති කරුණක් බවත් නොරහසකි.
ඒ සඳහා ලැබෙන පිළිගැනීම සහ ඉඩ ප්‍රස්ථාව ව්‍යාපාරික අවශ්‍යතා සහ රෝගීන්ගේ ආරක්ෂාව යන කරුණු දෙක මත දෝලනය වන්නේ අනවශ්‍ය මැදිහත් වීම්, අනවශ්‍ය උද්දීපනය, ඔවුන්ගේ අනාගතය දොරටු ගැන දුර්මත ප්‍රචාරණය නිසා ඇතිවන අනවශ්‍ය විරෝධතා යන කරුණු මුල් කර ගනිමිනි. කෙසේ නමුත් මෙතෙක් සේවයේ යෙදී සිටියවුන්ගේ අනාගතය වෙනුවෙන් සහ දැනට ක්‍රියාත්මක අවදානම් සේවා උපයෝජනයට කෙටි කාලීන විසඳුමක් ලෙස මෙම පාඨමාලාව දැනට ක්‍රියාත්මක වෙමින් පවතී. එහි ගුණාත්මකභාවය සහ අනාගත උපයෝජනය සහ අනාගත දොරටු පිළිබඳව තවමත් විධිවිධාන සකස් වෙමින් පවතී. ඔවුන් ඖෂධ ශාලා තාක්ෂණ ශිල්පීන් ලෙස නම් කෙරුනද එලෙස කිරිළු පළඳීද නැතහොත් වෙනත් නමකින් කරලියට ඒද යන්න තවමත් මට පැහැදිලි නැත. නමුත් ඖෂධ සිල්ලර අලෙවි බලපත්‍රය සඳාහා ඔවුන් ඖෂධවේදීන් ලෙස උපයෝජනය කිරීම හෝ ආධුනික ඖෂධවේදීන් ලෙස ලියාපදිංචිය ලැබීමට නියමිත බවට වන ප්‍රකාශ තවමත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අවධානයට ලක් වී නොමැති බව පැහැදිලි ය. එසේ වීමට නම් එම පාඨමාලාවට ඇතුලත් වීමේ මූලික සුදුසුකම් ඇතුලුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ නිදේශ සහ සුදුසුකම් බොහොමයක් සපුරාලිය යුතුව ඇත.
දේශපාලකයින් හෝ වෙනත් සමිති සමාගම් හෝ සංගම් වල නිර්දේශ/ඉල්ලීම මත බඳවා ගැනීම මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ එසේ ලියාපදිංචි වීමක් නොවන බව කවුරුත් තේරුම් ගත යුතුව ඇත.

අවධානයට ලක්විය යුතු ප්‍රධානම කාරනාව වන්නේ දීර්ගකාලීන සැලසුමක් ලෙස නව සේවා බඳවා ගැනීම් වලදී ආධුනික ඖෂධවේදීන් බඳවා ගැනීම තුලින් ව්‍යාපාරික ක්ෂේත්‍රයට නීත්‍යානු කූල භාවයක් මෙන්ම වඩාත් හොඳ ගුණාත්මකභාවයක් සහ ඉහළ පිළිගැනීමක් ලැබීම නොරහසක් බව සහ ඊට විරුද්ධව ක්‍රියා කොට අනවශ්‍ය කරදරවලට අත වනා ගෙන්වා ගැනීම මගින් ජනතා පිළිගැනීම හීන වීම ගැන ඇතැම් සංවිධාන, සංගම් සහ ව්‍යාපාරික ප්‍රජාව තුළ අවබෝධයක් නැති වීමයි. වායුසමීකරණය නොකොට දොර ජනෙල් ඇර දමා ඖෂධ ගබඩා කිරීමේ අයිතිය සහ විකිණීමේ අයිතිය ඉල්ලා සිටි 2000 දශකය සමයේ දී ඔවුන් ජනතාවගේ දෝෂ දර්ශනයට පාත්‍ර වීම වළකාලිය නොහැකි වූ බව සිහිපත් කළ යුතුව ඇත. එලෙසින්ම ජනතාවගේ ආරක්ෂාව සහ සුභසිද්ධිය සඳහා ගනු ලබන තීන්දු තීරණවලදී ඊට ප්‍රසිද්ධියේ විරුධ වීම නිසා ජනතා අප්‍රසාදයට ලක් වීම ගැන ඇතැම් ඖෂධ ව්‍යාපාරික මහතුන් නොසිත විටෙක නව නිර්දේශ අනුව නිවැරදිව ක්‍රියා කරනා බොහෝ ව්‍යාපාරික ස්ථාන ගැන ජනතා ප්‍රසාදය ඇතිවනු ඇත. එවැනි ස්ථාන වැඩි දියුණු වනු ඇත. එය වැළක්විය නොහැක.

අප රටක් ලෙස ඉදිරියට යන ගමනේදී රාජ්‍ය යාන්ත්‍රණයට ආපස්සට පියවර තබන ලෙස ඉල්ලා සිටීම කොහෙත්ම සිදුවිය යුතු නොවන්නේය. සිදුවිය යුත්තේ තත්වයෙන් උසස් ඖෂධ සේවාවක් සඳහා කැප වී ක්‍රියා කිරීමයි. පෞද්ගලික අරමුණු, ලාභ, සහ පහසුව ගැන පමණක් සිතමින් රෝගීන්ගේ හා ජනතාවගේ සුභසිද්ධිය පසෙක ලා කටයුතු කිරීම ඖෂධවේදීන්, ව්‍යාපාරිකයින් හෝ මෙතෙක් සේවය කළ සහ කරන පළපුරුදු සේවක මඩුල්ලේ කිසිවෙකු විසින් නොකල යුත්තක් බව අප කවුරුත් වටහා ගත යුතුව ඇත.

ප්‍රසාද් ජයසූරිය
ඖෂධවේදී
0779818262

Address

Padukka
10200

Telephone

+94112859004

Website

Alerts

Be the first to know and let us send you an email when Central Pharmacy Padukka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Central Pharmacy Padukka:

Share