𝐚𝐮𝐫𝐨𝐫𝐚 𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚

𝐚𝐮𝐫𝐨𝐫𝐚 𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚 A best ayurwedic medical centre. Treatments for all kinds of illnesses/injuries are availabl

14/10/2025

වැදගත් වේවි කියවලා බලන්න

දනහිස් වේදනාව
අද රටේ බහුතරයකට වගේ නිතර නිතර සෑදෙන දනහිස් වේදනාව තමා අහන්න ලැබෙන්නේ

මේ සදහ බලපාන හේතු සාදකනම් බෝහෝමයක් තිබෙනවා නමුත් ඒ සෑම එකක් පිලිබද වම දැනුවත් කීරීමට අපහසු හෙයින් .ඔබට තේරුමි ගැනීමට පහසු වෙන පරදි තෝරා ගත් කරුනු කීපයකුත්.සුලු දනහිස් අමාරුවක් ආ පසු එක පාරටම වෛද්‍යවරුන් ලගට දුවන්නෙ නැතිව ගෙදරදීම කරගත හැකි ප්‍රතිකාර ක්‍රම ටිකක් කියා දෙමි....

හරි අපි බලමු දැන් දනහිස් සන්දිය සෑදී ඇත්තේ කෙසේද කියා...මෙය අස්ති හතරකින් සෑදි ඇත එනම් femur.tibia .fibula.සහ pattella යන අස්ථි වලිනි රෑපයේ පරිදි උඩින් femur එකත් යටින් tibia .fibular යන දෙකත් ඉදිරියෙන් නිදහසේ දනිස් පොල් කට්ට නැමති pattella එකත් සම්බන්ද වේ ..මෙම සන්දියේ මැද meniscus නැමති කාටිලේජයක් පිහිටා ඇත.මෙය සන්දියට කම්පන දරා ගැනීමට සහ උඩ අස්තියත් පහල අස්ථි යත් දෙක ඝට්ටනය වීම වැලකීම සදහ පිහිටා ඇත.මෙම සන්දියේ එහා මෙහා යාම වැලකීම සදහ සන්දිය කන්ඩරා එනම් Ligement හතරකින් බැදී ඇත එනම් ACL..PCL...MCL...LCL..යන මේවාය...මෙම ligement වැඩියෙන්ම damage වන්නේ ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේය..මෙය 100%damege උනත් යලි ශෛල කර්මයකින් ස්තාපිත කල හැක...උඩින් එන quadriceps..පිටුපසින් Hamstring කියන mucsels group මෙයට සම්බන්ද වේ මෙමගින් කුකුල නැමීමෙ දීග හැරීමේ හැකියාව ලබා දෙයි..තවත මෙම සන්දියේ synovial fluid එක නැමති දියරමයකින් පිරී පවති මෙය දනහිසේ ලිහිසිබාවයට උදවුවේ .......

🟢අපි දැන් බලමු මේ දනහිස් අමාරුවට හේතු මොනවද කියලා....

🔹Ligament sprain .කන්ඩරා ඇබරීමක්
🔹Meniscus tear මැද කාටිලේජය ඉරීමක් කඩතොලුවීමකදි
🔹Mucsels sprain ඉහත දැක්වු මස්පිඩු ඇඹරීමකදී
🔹අස්ථි බිදීමකදී
🔹Mucsels tightness මස්පිඩු තද වීමකදී
🔥මේ සියල්ල වැරදි ඉරියවු..අදික වියායාම...අදික තරබාරු කම....නිසා විය හැක...
🔥කිසිම වියායාම යක් නොමැති කමත් දනිස් අමාරැව ඒමට තවත් එක්තරා කරුනකි...

🟣දනහිස ආශ්‍රිත සෑදෙන රෝග...

🔶Knee osteoarthritis (මැද කාටිලේජය ගෙවීමකින් හෝ කැඩියාමකින් හට ගනී)
🔶Knee rheumatic arthritis (මෙය autoimmune desease එකකි එනම් තමන්ගේ ප්‍රතිශක්ති පද්දතියේම බලපෑමකින් මැද කාටිලේජය කා දමයි)
🔶Cyst හට ගන්නා ගෙඩි නිසා
🔶Pattella tendanitis පැටෙල්ලා ටෙන්ඩන් එකේ හට ගන්නා ප්‍රදාහක තත්ව
🔶Hamstring tendaniti
🔶synovitis මධ්‍ය දියරමයයේ හට ගන්නා ප්‍රදාහක තත්ව
තව විශාල ප්‍රමානයක් ඇත.....

🔹රෝග ලක්ෂණ

🔹අදික වේදනාව
🔹ඉදිමීම (arthritis condition වලදීමෙය නිතර නිතර ඇතිවේ)
🔹දිගහැරීමට නැමීමට ඇති අපහසු තාව
🔹ඇවිදීමේ අපහසුතාව
🔹හිටගෙන සිට නැගිටීමේදි අපහසුව

🟣ඔබගේ් දනහිසට යමක් උන වෙලාවේම ඔබ කල යුත්තේ එනම් ඇඹරීමක් තැලීමක්.කෙටීමක් ..එය නොසොල්වා පැය 2 න්2ට වත් දවසක්වත් යනතුරු අයිස් තැබීමයි.ඉන්පසු එය නොසොල්වා තබා ගැනීමට බැනඩේජ් එකක් දමන්න දින තුනක් පමන මෙමගින් ඔබට සිදු උන අනතුර වැඩි නොවී පවත්වා ගත හැක..........මුකුත් ගාන්න අතගාන්න යන්න එපා ප්‍රතිකාර පටන් ගතයුත්තෙ දින තුනකට පමන පසුවය...........(පරන එකකට මෙය අදාල නොවේ)

🟣හරි අපි බලමු කරන්න පුලුවන් ප්‍රතිකාර මොනවද කියලා...
🟣 මුලින් ඔබ කල යුත්තේ හොද ලොකු සාලුවක් සොයා ගැනීමයි.ඊට පස්සෙ හොද උනු වතුර එකක් නටවා ගන්න ඉන්පසු 50c අංශක පමන නිමාගෙන අර සාලුව එම උනු වතුරේ හොදින් පොගවා රස්නය තිබියදීම සාලුව කකුල වටේ වට 2-3 පමන ඔතන්න ..ඉන් පසු නිවීගෙන එන විට යලිත් සාලුව කකුලේ තිබියදීම උනු වතුර ටික ටික එකතු කරන්න මෙය විනාඩි 20 පමන කරන්න..ඉන් පසු මම රෑපයේ දක්වා ඇති ආකාරයට වියායාම ටික එකකින් 15 සැරය බැගින් කරන්න පලමු දවසේ පහ බැගින්ද දෙවනි දවසේ දහය බැගින්ද තුන්වන දිනයේ පහලොව බැගින් පරදි කරන්න...වියායාම අවසන්වූ පසු ආයුර්වේද සංස්තාවේ ගහන වාත විදුරංග තෙල් හෝ නාරායන තෙල් කුප්පියක් අරන් දනිස්සේ ඉදිරිපසත් පිටු පසත් දෙපැත්‍ගතෙත් හරියටම විනාඩි 10 පමන හොදින් මහපට ඇගිල්ලෙන් හොදට රවුමට පිරිමදින්න ඉන්පසු තෙල් යලිත් දනිස්සෙන් උඩ මස්පිඩුවලත් පිටිපස මස්පිඩු වලත් යට බත් කෙන්දෙත් හොදට ගාලා තව විනාඩි 10 පමන උඩ අතට පිරි මදින්න ...මෙය ටික දිනක් කරන විට ඔබට යම් කිසි සුවයක් දැනේවි..හැබැයි කියල තියෙන පිලිවලටම උනන්දුවෙන් කලොත් ජය නියතයි...
🔶ඊට අමතරව මේ පහත සදහන් දේවල් ටික බොන්න පුලුවන් නම් ගොඩක් හොදයි..මොකද ගෙවී ගිය කාටිලේජ නැවත වර්දනයට සහ මස්පිඩු ශක්තිමත් බාවයට හොදයි...
🍎හැමදාම කෝමාරිකා කෑල්ලක් බෙන්ඩර් කරලා දෙහි බිංදු කීපයක් ද සීනි චුට්ටක් දමා බොන්න....
🍎බිත්තර සුදු මදයට තලතෙල් තේ හැන්දක් පමනක් දමා සෑම දාම බොන්න...
🍎හැමදාම බන්ඩක්කා කන්න තියෙනවනම් ඒකත් හොදයි..
🔶 මා ලද දෙයින් ඔබට ප්‍රයොජනයක් ගැනීම සදහ මෙය පල කලෙමු ඔබත් හැකිතාක් මෙය බෙදා දෙන්න තව අයෙකුගේ හිත සුව පිනිස...තෙරුවන්සරනයි...

මුල්හිමිකරැට ස්තුතියි

05/10/2025

🔴කොන්දේ කැක්කුමත් සමග ශරිරයේ ලේ අඩු වි ESR පරික්ෂණය වැඩි අගයක් පෙන්නු රොගින් කිහිප දේනෙකුම මල්ටිපල් මයෙලොමා නැමති රෝගය ඇති බවට හදුනා ගත්තා, ඇටමිදුළු පිළිකා වර්ගයක් වන මෙය අවයව වලට (වකුගඩු වලට)හානි කිරීමට පෙර හදුනා ගැනීමෙන් ප්‍රතිකාර මගින් රෝගය හොදින් පාලනය කල හැකියි, හදුනා ගත් රොගින් ගෙන් එක් අයෙක් ඇට මිදුලු බද්දය සදහා මෙ වන විට සුදානම් වෙමින් සිටි.
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

⭕මල්ටිපල් මයිලෝමා,

🔹මල්ටිපල් මයිලෝමා යනු ඇටමිදුළු පිළිකා වර්ගයකි.

🔹ඇට මිදුළු යනු ශරීරයේ රුධිර සෛල නිපදවන අස්ථිවල මධ්‍යයේ ඇති පටක වේ.

🔹 මෙම පිළිකාව බොහෝ විට ශරීරයේ කොඳු ඇට පෙළ, හිස් කබල, ශ්‍රෝණිය සහ ඉළ ඇට වැනි ප්‍රදේශ කිහිපයකට බලපාන බැවින් මල්ටිපල් මයිලෝමා ලෙස හැඳින්වේ.

⭕ මල්ටිපල් මයිලෝමා රෝග ලක්ෂණ

🔹මුල් අවධියේදී, මයිලෝමා රෝග ලක්ෂණ ඇති නොකරයි. සාමාන්‍ය රුධිර හෝ මුත්‍රා පරීක්‍ෂණයකින් පසුව එය බොහෝ විට සැක කිරීම හෝ හඳුනා ගැනීම කල හැක

🔹 කාලයත් සමග රෝගය වර්දනය විමෙදී මයිලෝමා විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

🕹️ අස්ථි වේදනාව, සාමාන්‍යයෙන් කොන්දේ වෙදනාව , ඉළ ඇට හෝ උකුල් වල වෙදනාව

🕹️තෙහෙට්ටුව, ඇගට පන නැති කම

🕹️ලේ අඩු විම

🕹️රුධිරයේ ඉහළ කැල්සියම් මට්ටම (හයිපර්කල්සිමියාව) -

🕹️බර අඩුවීම

🕹️නොපැහැදිලි පෙනීම, බොදවි පෙනීම

🕹️ කරකැවිල්ල හෝ හිසරදය

🕹️නිතර නිතර ආසාදන වලට ගොදුරු විම

🕹️තැලීම් සහ අසාමාන්‍ය රුධිර වහනය - නිතර නාසයෙන් ලේ ගැලීම, විදුරුමස් ලේ ගැලීම සහ අධික ඔසප් වීම වැනි

🕹️පහසුවෙන් කැඩී බිඳී යන දුර්වල අස්ථි -

🕹️වකුගඩු ගැටළු

🕹️මයිලෝමා සාමාන්යයෙන් ගැටිත්තක් හෝ ගෙඩියක් ඇති නොකරයි. ඒ වෙනුවට, එය අස්ථි වලට හානි කරන අතර නිරෝගී රුධිර සෛල නිෂ්පාදනයට බලපායි.

🔴රෝග ලක්ෂණ විස්තර සහිතව

🔘අස්ථි වේදනාව

▪️ මයිලෝමා බලපෑමට ලක් වූ අස්ථි වල වේදනාව ඇති කළ හැකිය - සාමාන්යයෙන් කොන්ද, ඉළ ඇට හෝ උකුල්.

▪️වේදනාව නිතරම පවතින වන අතර එය චලනය මගින් වැඩි වේ

🔘අස්ථි බිඳීම සහ සුෂුම්නාව තෙරපීම

▪️මයිලෝමා ඇටකටු දුර්වල කළ හැකි අතර ඒවා කැඩීමට (බිඳීමට) ඉඩ ඇත. කොඳු ඇට පෙළ සහ දිගු අස්ථි (අත් සහ කකුල්) බොහෝ විට බලපායි.

▪️කොඳු ඇට පෙළේ අස්ථි බිඳීම, කොඳු ඇට පෙළේ කොටස් කඩා වැටීමට හේතු විය හැක, වේදනාව හා, ඉඳහිට, සුෂුම්නාව සම්පීඩනය (පසුපස පහළට දිවෙන ස්නායුවල ප්රධාන තීරුව).

🔘රක්තහීනතාවය

▪️ මයිලෝමා ඇටමිදුළුවල රුධිර සෛල නිෂ්පාදනයට බලපෑම් කළ හැකි අතර එමඟින් රතු රුධිර සෛල (රක්තහීනතාවය) අඩු විමට හේතු විය හැක. මයිලෝමා ප්‍රතිකාරයේ අතුරු ප්‍රතිඵලයක් ලෙසද මෙය සිදු විය හැක.

▪️ඔබට රක්තහීනතාවය ඇත්නම්, ඔබට දැඩි වෙහෙස, දුර්වල සහ හුස්ම ගැනීමේ අපහසුතාවයක් දැනිය හැකිය.

🔘නැවත නැවතත් ආසාදන

▪️බහු මයිලෝමා ඇති පුද්ගලයින් ආසාදනයට විශේෂයෙන් ගොදුරු වන්නේ මෙම තත්වය ප්‍රතිශක්තිකරණ පද්ධතියට, ආසාදනයට හා රෝගවලට එරෙහිව ශරීරයේ ස්වාභාවික ආරක්ෂාවට බාධා කරන බැවිනි.

▪️ඔබ දිගු කලක් තිස්සේ නිතර නිතර ආසාදන ඇති බව ඔබට පෙනී යා හැක.

🔘රුධිරයේ කැල්සියම් මට්ටම ඉහළ යාම

▪️බලපෑමට ලක් වූ අස්ථි වලින් අධික ලෙස කැල්සියම් රුධිරයට මුදා හරින බැවින් මයිලෝමා ඇති පුද්ගලයින් තුළ රුධිරයේ ඉහළ කැල්සියම් මට්ටමක් (හයිපර්කල්සිමියාව) වර්ධනය විය හැකිය.

▪️හයිපර්කල්සිමියා රෝග ලක්ෂණ ඇතුළත් විය හැකිය:

දැඩි පිපාසය
වමනය
බඩේ අමාරුව
නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වේ
මලබද්ධය
ව්යාකූලත්වය සහ නිදිමත

▪️ඔබට හයිපර්කල්සිමියා රෝග ලක්ෂණ ඇත්නම්, ඉක්මන් පරීක්ෂණයක් සහ ප්‍රතිකාර අවශ්‍ය බැවින් ඔබ වහාම වෛද්‍ය උපකාර ලබා ගත යුතුය.

🔘අසාමාන්ය රුධිර වහනය

▪️ මයිලෝමා ඇති සමහර පුද්ගලයින්ට නිතර නාසයෙන් ලේ ගැලීම, විදුරුමස් ලේ ගැලීම සහ අධික ඔසප් වීම වැනි තැලීම් සහ අසාමාන්‍ය රුධිර වහනය (රුධිර වහනය) ඇති විය හැක..

▪️මෙයට හේතුව ඔබේ ඇටමිදුළුවල ඇති පිළිකා සෛල මගින් රුධිර පට්ටිකා ලෙස හඳුන්වන රුධිර කැටි ගැසීමේ සෛල සෑදීම නැවැත්විය හැකි බැවිනි.

🔘ඝන වූ රුධිරය

▪️සමහර පුද්ගලයින් තුළ මයිලෝමා රුධිරය සාමාන්‍ය මට්ටමට වඩා ඝන වීමට හේතු වේ. මෙය බොහෝ විට මයිලෝමා සෛල නිපදවන අතිරික්ත ප්රෝටීන නිසාය.

▪️මෙය හයිපර්විස්කෝසිටි ලෙස හඳුන්වන අතර පහත ගැටළු ඇති විය හැක:

🔸නොපැහැදිලි පෙනීම
🔸හිසරදය
🔸ක්ලාන්තය
🔸විදුරුමස් හෝ නාසයෙන් ලේ ගැලීම
🔸හුස්ම හිරවීම

🔘වකුගඩු ගැටළු

▪️ මයිලෝමා ඇති පුද්ගලයින් තුළ වකුගඩු හානි සිදුවිය හැක. අවසානයේදී, වකුගඩු නිසි ලෙස වැඩ කිරීම නතර කළ හැකිය.

▪️මෙය වකුගඩු හෝ වකුගඩු ආබාධ හෝ වකුගඩු අකර්මන්‍යතාවය ලෙස හැඳින්වේ.

▪️වකුගඩු අකර්මණ්‍ය වීමේ සලකුණු වලට පහත ලක්ෂණ ඇතුළත් විය හැකිය:

🔸බර අඩු වීම සහ දුර්වල ආහාර රුචිය
🔸ඉදිමුණු වළලුකර, පාද හෝ අත්
🔸තෙහෙට්ටුව සහ ශක්තිය නොමැතිකම
🔸සමේ කැසීම
🔸 ඉක්කාව

⭕ මල්ටිපල් මයිලෝමා ඇතිවීමට හේතු

▪️ මල්ටිපල් මයිලෝමා ඇතිවීමට හේතුව කුමක්දැයි හරියටම නොදනී. කෙසේ වෙතත්, බහු මයිලෝමා සහ monoclonal gammopathy (MGUS) නම් තත්ත්වය අතර සමීප සම්බන්ධයක් ඇත.

🔹MGUS යනු ඔබේ රුධිරයේ ඉමියුනොග්ලොබියුලින් නම් ප්‍රෝටීන් අණු අතිරික්තයක් ඇති ස්ථානයයි. මෙය රෝග ලක්ෂණ ඇති නොකරන අතර ප්‍රතිකාර අවශ්‍ය නොවේ.

🔹සෑම වසරකම, MGUS ඇති සෑම 100 දෙනෙකුගෙන්ම 1 දෙනෙකුට මයිලෝමා වර්ධනය වේ.

⭕මල්ටිපල් මයිලෝමා ඇතිවීමට අවධානමක් ඇත්තේ කාටද

🔹අවුරැදු 60 ට වැඩි වැඩිහිටියන් - බොහෝ අවස්ථාවන් වයස අවුරුදු 70 දී පමණ හඳුනාගෙන ඇති අතර, වයස අවුරුදු 40 ට අඩු පුද්ගලයින්ට බලපාන අවස්ථා දුර්ලභ වේ

🔹MGUS හෝ බහු මයිලෝමා පවුල් ඉතිහාසයක් ඇති පුද්ගලයින්

⭕මයිලෝමා රෝගය හදුනා ගන්නේ කෙස්ද ?

🔸ඔබේ වෛද්‍යවරයා ඔබව පරීක්ෂා කර ඔබේ රෝග ලක්ෂණ, වෛද්‍ය ඉතිහාසය සහ සමස්ත සෞඛ්‍යය ගැන විමසනු ඇත.

🔸 ප්‍රෝටීන (immunoglobulins) සඳහා පරීක්ෂා කිරීමට ඔබට මුත්‍රා සහ රුධිර පරීක්ෂණ අවශ්‍ය විය හැක.
🔸 x ray MRI සහ CT ස්කෑන්
රෝහලේදී ඔබට යම් හානියක් තිබේදැයි සොයා බැලීම සඳහා ඔබේ අත්, පාද, හිස් කබල, කොඳු ඇට පෙළ සහ ශ්‍රෝණිය යන ස්ථානවල xray හෝ CT ස්කෑන් සහ MRI ස්කෑන් පරීක්‍ෂා කිරීමට ඉඩ ඇත.

🔹ඇට මිදුළු බයොප්සි
▪️ මයිලෝමා තහවුරු කිරීම සඳහා සාමාන්‍යයෙන් ඇට මිදුළු බයොප්සි අවශ්‍ය වේ.

▪️සාමාන්‍යයෙන් ශ්‍රෝණිය ප්‍රදේශයෙන් ඇට මිදුළු (සියලු රුධිර සෛල සෑදී ඇති) කුඩා සාම්පලයක් ගැනීමට ඉඳිකටුවක් භාවිතා කරයි.

▪️මෙය සිදු කරනු ලබන්නේ එම ස්තානය හිරී වැට්ටවිමක් කිරීමෙනි

▪️ ඇට මිදුළු සහ අස්ථිවල සාම්පල පිළිකා ප්ලාස්මා සෛල සඳහා පරීක්ෂා කරනු ලැබේ.

⭕ මල්ටිපල් මයිලෝමා සඳහා ප්‍රතිකාර

🔹ප්‍රතිකාර බොහෝ විට වසර කිහිපයක් ලබා දිය යුතු අතර තත්වය පාලනය කිරීමට උපකාරී වේ,

🔻මයිලෝමා සඳහා ප්‍රතිකාර සාමාන්‍යයෙන් ඇතුළත් වන්නේ:

1️⃣ඖෂධ මය පතිකාර

🕹️මයිලෝමා සෛල විනාශ කිරීමට හෝ පිළිකා නැවත පැමිණි විට එය පාලනය කිරීමට ප්‍රති-මයිලෝමා ඖෂධ

🕹️අස්ථි වේදනාව, අස්ථි බිඳීම් සහ රක්තහීනතාවය වැනි මයිලෝමා නිසා ඇතිවන ගැටළු වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධ

2️⃣ඇට මිදුලු බද්ද කිරීම

🔰කායික රෝග පිලිබද විශේෂඥ වෛද්ය බන්දුල සත්කුමාර
ශික්ෂණ රොහල , කුලියාපිටිය
Copied.

⛔ ඔබත් දනහිස් වේදනාව නිසා පීඩාවෙන්ද? කෙතරම් ප්‍රතිකාර කළත් සුවයක් නැත්ද? 🌻දහස් ගණන් දනහිස් ආබාධ රෝගීන් සුව කළ  #අරෝරා ආය...
02/10/2025

⛔ ඔබත් දනහිස් වේදනාව නිසා පීඩාවෙන්ද?

කෙතරම් ප්‍රතිකාර කළත් සුවයක් නැත්ද?

🌻දහස් ගණන් දනහිස් ආබාධ රෝගීන් සුව කළ #අරෝරා ආයුර්වේද සතුව ඒ සඳහාම සුවිශේෂී ප්‍රතිකාර තිබෙනවා. වසර 15 කට වැඩි අත්දැකීම් සහිත, දක්ෂ වෛද්‍යවරුන් ඔබට ප්‍රතිකාර සඳහා කැපවී සිටිනවා.

✅ #ආයුර්වේද ප්‍රතිකාර/ඖෂධීය

✅ #තෙල්සාත්තුව

✅ #නිලවෙදකම

✅ #කායිකචිකිත්සාව

⛔ ඔබේ වේදනා, කැක්කුම් වලට ඉක්මන් හා නිසැක සුවය දෙන්න අපට පුලුවන්.

ඔබ තවත් වේදනා විඳිය යුතු නැහැ 😊

✅ ,අතුරු ආබාධ,ශල්‍යකර්ම නැත

✅ මූලික රෝග පරීක්ෂා ගාස්තුව නොමැත

✅ ඉන්පස, රෝග මට්ටම අනුව අවශ්‍ය
ප්‍රතිකාර සදහා ඉතා සාධාරණ ගාස්තු

✅ පැහැදිලි වෛද්‍ය උපදෙස් 💯

⛔ වැඩි විස්තර සඳහා/ ප්‍රතිකාර සඳහා
දිනයක් ලබාගැනීමට 0779 312 846
අමතන්න

🩺වෛද්‍ය D.R.M.R.රත්නායක
🔅BAMS කොළඹ විශ්වවිද්‍යාල
🔅PG Dip Orthopedic treatments
(University of colombo )
🔅Psychology and Counseling crtificate
(university of peradeniya )
🔅Diploma in Pharmacy (SLMC)

📌️අවුරෝරා ආයුර්වේදය
පලාපත්වල
මාතලේ

☎️ප්‍රතිකාර සදහා විමසන්න.
0779312846

🔰තැන් තැන් වල රස්තියාදු නොවී, ලෝකෙ කොතැන හිටියත්, ඔන්ලයින් ක්‍රමයට ප්‍රතිකාර ලබාගැනීමට සහ ඔන්ලයින් චැනලින් වලට සහභාගි විය හැකිය..
———————————————————————————————-
🩺වෛද්‍යතුමායගෙන් ආයුර්වේද ප්‍රතිකාර බලාපොරොත්තු වෙනවා නම්,
☎️ 0779312846

#ආයූර්වේද
#ස්නායුරෝග #ආතරයිටිස් #සයටීකා

*  වරකඹය*  අතීතයේ අපේ ගොවි ගෙදරක අනිවාර්යෙන්ම තිබුණු උපකරණයක්.අතීතයේ මිනිසුන් කුළු හරකුන් ඇල්ලීම සඳහා මෙන්න මේ වරකඹය භාව...
25/09/2025

* වරකඹය*

අතීතයේ අපේ ගොවි ගෙදරක අනිවාර්යෙන්ම තිබුණු උපකරණයක්.අතීතයේ මිනිසුන් කුළු හරකුන් ඇල්ලීම සඳහා මෙන්න මේ වරකඹය භාවිතා කළා. ගමේ ගෙදර හරක් පට්ටියේ ඉඳලා,හිමිකරුට සොයාගත නොහැකිව කැලෑවෙ අතරමං වූ,වසර ගණනාවක් මිනිසුන්ගේ ග්‍රහණයෙන් මිදී,ආහාර වලින් ඉතා පුෂ්ටිමත් ව හැදුනු ශරීරයකින් යුත් ඉතා ශක්තිමත් එමෙන්ම මිනිසුන්ට ඉතා කුළු ගවයින් ,කුළු හරකුන් යැයි කියනවා.

මෙන්න මේ වගේ කුළු හරකුන් අතීතයේ කැලෑවල,ඉතා විශාල රංචු වශයෙන් සිටි බව කියවෙනවා.ඉතින් මේ විශාල ශක්තියකින් යුත් හරකුන්,අල්ලා ගැනීමට අල්ලාගෙන මිනිසුන්ට හීලෑ කර ගැනීමට මෙන්න මේ වර කඹය උදව් වෙනවා.බැලූ බැල්මට කඹයක් යයි පෙනෙන මේ වර කඹය, ගෝනුන් තිහකගේ සහ මීමින්නන් සියයකගේ හම යොදාගෙන තමයි වියලා තියෙන්නේ.කුළු හරකෙකු මෙල්ල කිරීමට මෙච්චර ශක්තියක් අවශ්‍ය කුමටදැයි දැන් ඔබට වැටහෙනවා ඇති.

මෙම වර කඹයේ එක් කෙරවලක දෙබලක් ආකාරයෙන් ඇති ගෝන අඟක් සහ,අනෙක් කෙළවරේ මන්ඳක් සහිත වෙනවා.ගමේ ගෙදර හරක් පට්ටියේ සිටින,මිනිසුන්ට ඉතා හීලෑ ගව ළඳක් තමයි මේ සඳහා යොදා ගන්නේ.කුළු හරකුන් ඉන්නා ඉසව්වට මෙම හීලෑ මීදෙන සමග, වර කඹයත් රැගෙන මිනිසුන් යනවා.තනිවුනු කුළු හරකෙක් ඉන්නා ඉසව්වට මෙම එළදෙන රැගෙන යාම මෙම එළදෙනගේ භාරකරුගේ දක්ෂතාවය මත තීරණය වෙනවා.

නාඹර වයසේ මීදෙනක් එනවිට කුළු හරකා කිසිම ලෙසකින් කුලප්පු වන්නේ නැහැ.එළදෙනට මුවාවී වර කඹයත් රැගෙන යන මිනිසා හීලෑ එලදෙන සමඟ මුවාවී කුළු හරකාට ඉතා සමීපයටම මේ මීදෙන මෙහෙයවනවා.කුළු හරකාට ඉතා සමීප වූ පසු මිනිසා වරකඹයේ ඇති මද්ද කුළු හරකාගේ කකුලට ඉතා පරිස්සමෙන් දමා හිර කරනු ලබනවා(මෙම හිර කිරීමේදී මන්තරයක් සමග හිර කරන බව පැරැන්නන්ගේ මතයක් සහ පැරැන්නන්ගේ කතාවක් තිබෙනවා)කකුලට මන්ද හිර වූ ගමන් කුළු හරකා ඉතා කලබල වී ඉතා වේගයෙන් දුවන්නට පටන් ගන්නවා.

මිනිසා විසින් තමාගේ දෑතේ තිබු වර කඹය මුදාහරිනු ලබනවා.කැලෑවේ බොහෝදුර කකුලට හිර වූ මද්දත් සමග පිටුපසින් ඇදෙන දෙබලක් වැනි ගෝන අගත් සමග කුළු හරකා දිව යනවා.කුඩා ගසේ සිට විශාල ගස දක්වා තමා පිටුපසින් ඇදෙන මෙම ගෝන අග පොඩි පොඩි ගස් උදුරාගෙන කුළු හරකාගේ ශක්තිය හීනවී යන තුරු ඇදී යනවා.කකුලට හිර වූ මන්දද එන්න එන්නම හිරවෙනවා.පිටුපසින් ඇදෙන දෙබල කුළු හරකාගේ ශක්තිය හීන වූ පසු කොහේ හෝ ගසක පැටලී කුළු හරකා මෙල්ල වෙනවා.හීලෑ මීදෙනත් සමග කුළු හරකාගේ මාර්ගය පිටුපස, ඇදුනු ගෝන අගේ උදව්වෙන් මිනිසා විසින් සොයා ගන්නවා.

සමහර විට මෙයට දින දෙකක වගේ කාලයක් ගත වනවා වන්නට පුළුවන. ඉතා දුබල වී සිටින කුළු හරකා හීලෑ මීදෙන ගේ කරේ බැද මිනිසා විසින් තමාගේ ගැමි ගෙදරට අරගෙන එනවා. ඔන්න ඔය දේ තමයි මෙන්න මේ වරකඹයෙන් සිදුවන්නේ...මෙයටම *පය මන්ද* කියා ද කියනවා... වචන වල වැරදි තියෙන්න පුළුවන් එසේ වීනම් සමාවෙන්න .. මෙයින් දෙයක් ඉගෙන ගත්තා නම් එය මට සතුටක්🙏🙏මේ මගේම නිවසේ මගේ පියා විසින් ඉතා පරිස්සමෙන් සංරක්ෂණය කරන ලද වරකඹයයි...

(Copied )

💥 පිරිමින්ට වඩා කාන්තාවන් බහුල වශයෙන් ගොදුරු වන රෝගයක් ලෙස මැණික් කටුව සන්දියේ ඇතිවන වේදනාව හෙවත් Carpal tunnel syndrome...
22/09/2025

💥 පිරිමින්ට වඩා කාන්තාවන් බහුල වශයෙන් ගොදුරු වන රෝගයක් ලෙස මැණික් කටුව සන්දියේ ඇතිවන වේදනාව හෙවත් Carpal tunnel syndrome නැමති රෝග තත්වය හැදින් විය හැකියි ........මෙම රෝගයට හේතු වන්නේ අතේ මැණික් කටුව සන්දිය හරහ ඇගිලි වෙත ගමන් කරන median nerve නැමති ස්නායුවේ ඇතිවන පීඩනයකි මෙම ස්නායුව අත දිගේ පැමින මැණික් කටු සන්ධියේ ඇති ඉතා කුඩා ඉඩකින් ( carpal tunnel ) හරහ අතේ අගිලි වෙත ගමන් කරයි.මහපට ඇගිල්ල මැදගිල්ල සහ දබර ගිල්ල ක්‍රියාත්මක වන්නේ මෙම ස්නායුවෙන් ගමන් ගන්නා ආවේග වලිනි...මෙම carpal tunnel තුල ඇතිවන ඉදීමීමක් හෝ ප්‍රදාහක තත්වයක් හෝ ඒ අවට ඇති පටක කණ්ඩරා තදවීමක් නිසා හෝ මෙම ස්නායුව ( median nerve ) එක පීඩනයට පත්වෙයි එවිට එයින් ආවේග සපයන මූලික ඇගිලි තුන හිරි වැටීම සහ හස්තයේ වේදනාව හට ගනී..සමහර අයට මෙම වේදනාව වැලමිට ආශ්‍රිතවත් උරහිස ආශ්‍රිතවත් උඩ අතට දුවනවා මෙන් දැනේ ........මෙම
රෝග තත්වයට ඇතිවීමට හේතු කාරනා ලෙස

⛑️ තයිරොයිඩ් ග්‍රන්තියේ අක්‍රමිකතා..

⛑️ ආතරයිටීස්

⛑️ දියවැඩියාව

⛑️ ගැබ් ගැනීම

⛑️ නිරන්තරයෙන් කාලයක් පොල් මිරීකීම.

⛑️ නිතර රෙදි මිරිකීම සහ සේදීම

⛑️ නිතර පරිගනක ආශ්‍රිත රාජකාරි කරන්නන් හට

⛑️ පෙදරේරුවන් හට

⛑️ නිරන්තරයෙන් යතුරු පැදි ත්‍රිවීලර් පදින්නන් හ⁣ට

⛑️නිතර නිතර දෑතින් තද වැඩ කරන්නන් හට හට ගනී

💢 රෝග ලක්ෂණ 💢

📌️ පලමු දෙවන සහ තුන්වන ඇගිල්ලේ ඇතිවන හිරි වැටීම

📌️ යමක් එක දිගට ටික වේලාවක් අල්ලාගෙන සිටීමේ අපහසුව..

📌️වේදනාව අතේ උඩු පැත්තට ගමන් කරනවා මෙන් දැනීම..

📌️ ඇගිලි නැමු පසු දිග හැරිමට ඇති අපහසුතාවය...

📌️ සියුම් යමක් ඇගිලි තුඩු වලින් අල්ලා ගැනීමට ඇති අපහසු තාවය

💢⛔ ඔබත් වේදනාව නිසා පීඩාවෙන්ද?

කෙතරම් ප්‍රතිකාර කළත් සුවයක් නැත්ද?

🌻දහස් ගණන් රෝගීන් සුව කළ #අරෝරා ආයුර්වේද සතුව ඒ සඳහාම සුවිශේෂී ප්‍රතිකාර තිබෙනවා. වසර 15 කට වැඩි අත්දැකීම් සහිත, දක්ෂ වෛද්‍යවරුන් ඔබට ප්‍රතිකාර සඳහා කැපවී සිටිනවා.

✅ #ආයුර්වේද ප්‍රතිකාර/ඖෂධීය

✅ #තෙල්සාත්තුව

✅ #නිලවෙදකම

✅ #කායිකචිකිත්සාව

⛔ ඔබේ වේදනා, කැක්කුම් වලට ඉක්මන් හා නිසැක සුවය දෙන්න අපට පුලුවන්.

ඔබ තවත් වේදනා විඳිය යුතු නැහැ 😊

✅ ,අතුරු ආබාධ,ශල්‍යකර්ම නැත

✅ මූලික රෝග පරීක්ෂා ගාස්තුව නොමැත

✅ ඉන්පස, රෝග මට්ටම අනුව අවශ්‍ය ප්‍රතිකාර සදහා ඉතා සාධාරණ ගාස්තු

✅ පැහැදිලි වෛද්‍ය උපදෙස්

⛔ වැඩි විස්තර සඳහා/ ප්‍රතිකාර සඳහා දිනයක් ලබාගැනීමට 0779 312 846 අමතන්න


🩺වෛද්‍ය D.R.M.R.රත්නායක
🧑‍🎓BAMS කොළඹ විශ්වවිද්‍යාල
🧑‍🎓PG Dip Orthopedic treatments (University of colombo )
🧑‍🎓Psychology and Counseling crtificate (university of peradeniya )
🧑‍🎓Diploma in Pharmacy (SLMC)

🏥️අවුරෝරා ආයුර්වේදය
පලාපත්වල
මාතලේ

ප්‍රතිකාර සදහා විමසන්න.
☎️0779312846

🔰තැන් තැන් වල රස්තියාදු නොවී, ලෝකෙ කොතැන හිටියත්, ඔන්ලයින් ක්‍රමයට ප්‍රතිකාර ලබාගැනීමට සහ ඔන්ලයින් චැනලින් වලට සහභාගි විය හැකිය..
———————————————————————————————-
වෛද්‍යතුමායගෙන් ආයුර්වේද ප්‍රතිකාර බලාපොරොත්තු වෙනවා නම්,
☎️ 0779312846

#ආයූර්වේද
#ස්නායුරෝග #ආතරයිටිස් #සයටීකා

ඔබේ අක්මාව උදව් ඉල්ලා කෑ ගහනවද?ගොඩක් දෙනෙක්ට මේ ගැන අවබෝධයක් නෑ...ඒත්, ඔවුන්ගේ අක්මාව අධික බරකින් පීඩා විඳිමින්, නිහඬවම ...
20/09/2025

ඔබේ අක්මාව උදව් ඉල්ලා කෑ ගහනවද?

ගොඩක් දෙනෙක්ට මේ ගැන අවබෝධයක් නෑ...
ඒත්, ඔවුන්ගේ අක්මාව අධික බරකින් පීඩා විඳිමින්, නිහඬවම සහනයක් ඉල්ලනවා වෙන්න පුළුවන්.

ඔබේ අක්මාව අවදානමක ඇති බවට අනතුරු අඟවන ලක්ෂණ 6ක් සහ එයට පිළියම් මෙන්න 🧵
1. නිරන්තරව පවතින, පහව නොයන තෙහෙට්ටුව
කොච්චර විවේක ගත්තත් හැමතිස්සෙම මහන්සියක් දැනෙනවද? ඔබේ අක්මාව අධික ලෙස වෙහෙසට පත් වූ විට, ශක්තිය නිපදවීම අඩු වෙනවා. ඒ ඇයි? මොකද අක්මාව කියන්නේ අපේ පරිවෘත්තීය ක්‍රියාවලියේ එන්ජින් කාමරය වගෙයි. තෙහෙට්ටුව කියන්නේ ඔබේ ශරීරය මුලින් කොඳුරලා... පස්සේ කෑ ගහලා දෙන සංඥාවක්.
2. නිතර බඩ පුරවා දැමීම, වාතය පිරීම සහ අජීර්ණය
"සෞඛ්‍ය සම්පන්න" ආහාර ගත්තත් ආහාර දිරවීමේ අපහසුතා වලින් පෙළෙනවද? ඔබේ අක්මාව මඟින් මේදය බිඳ දැමීමට අත්‍යවශ්‍ය වන "පිත" නිපදවනවා. පිත ගමනාගමනය මන්දගාමී වූ විට, ආහාර දිරවීම දුර්වල වෙනවා. බඩ පුරවා දැමීම බොහෝ විට ඔබේ අක්මාව අපහසුතාවයට පත්ව ඇති බවට ලකුණක්.
3. ඔක්කාරය හෝ තෙල් සහිත ආහාර දරාගැනීමට නොහැකි වීම
තෙල් අධික ආහාර ගත් විට ඔක්කාරය එනවද? මේදය තැන්පත් වූ හෝ ඉදිමුණු අක්මාවකට බර ආහාර දරාගන්න බෑ. තෙල් සහිත ආහාර ගැනීමෙන් පසු ඔබට අපහසුවක් දැනෙනවා නම්, ඔබේ අක්මාව විෂ ද්‍රව්‍ය සහ ඉදිමීම නිසා අධික ලෙස පීඩාවට ලක්වී තිබිය හැකියි.
4. පැහැදිලි හේතුවක් නොමැතිව සම කැසීම
ඔබේ සම කියන්නේ ශරීරයේ විෂ ඉවත් කරන උපස්ථ අවයවයක්. අක්මාව අධික ලෙස පීඩාවට පත් වූ විට, විෂ ද්‍රව්‍ය ශරීරයේ එකතු වී සම හරහා පිටවීමට උත්සාහ කළ හැකියි. පැහැදිලි කළ නොහැකි කැසීමක් ඔබේ අක්මාව වනන රතු කොඩියක් වෙන්න පුළුවන්.
5. හිටි හැටියේ වෙනස් වන මනෝභාවයන්, නුරුස්සන ගතිය හෝ මනස මීදුමෙන් වැසුණු ස්වභාවයක් (brain fog)
අක්මාව මඟින් මොළයට බලපාන විෂ ද්‍රව්‍ය පවා ඉවත් කරනවා. එහි ක්‍රියාකාරීත්වය අඩාල වූ විට, ස්නායු සම්ප්‍රේෂකවල පරිවෘත්තීය ක්‍රියාවලියට බලපෑම් ඇති වෙනවා. එවිට මනෝභාවයේ වෙනස්වීම්, කාංසාව සහ මානසික මීදුම වැනි තත්ත්වයන් ඇති වෙනවා.
6. බර වැඩිවීම, විශේෂයෙන් උදරය වටා මේදය තැන්පත් වීම
බඩ වටා ඇති මේදය අඩු කරගන්න බැරිද? අක්‍රීය වූ අක්මාව නිසා හෝමෝන සහ ලිපිඩ පරිවෘත්තීය ක්‍රියාවලිය අසමතුලිත වී, උදරයේ මේදය තැන්පත් වීම වැඩි කරනවා. මෙය හුදෙක් ආහාර රටාව ගැන ප්‍රශ්නයක් නෙවෙයි, එය පරිවෘත්තීය ක්‍රියාවලියේ අවුලක්.

ඔබේ අක්මාවට ස්වභාවිකව සහාය වන්නේ කෙසේද? 🛠️
→ මත්පැන්, සීනි සහ අධි-සැකසූ කසළ ආහාර සීමා කරන්න.
→ අක්මාවට හිතකර ආහාර ගන්න: ආටිචොක්, කහ, ඩැන්ඩලියන්, විටමින් B බහුල ආහාර, සිලිමරින් (Artichoke, Turmeric, Dandelion, Choline, Silymarin) වැනි දෑ.
→ දිනපතා ව්‍යායාම කරන්න.
→ ඔබේ බඩවැල් සුවපත් කරගන්න. බොහෝ විට විෂ ද්‍රව්‍ය ශරීරගත වීම ආරම්භ වන්නේ බඩවැල් වලිනුයි.

සාරාංශය: ඔබේ අක්මාව ඉතා වැදගත් කාර්යයන් 500කට වඩා ඉටු කරනවා. රෝග විනිශ්චයක් ලැබෙන තෙක් බලා නොසිට එය රැකබලා ගැනීම ආරම්භ කරන්න. කුඩා දෛනික පුරුදු වලින් විශාල වෙනසක් ඇති කළ හැකියි. ඔබේ අක්මාවට සහාය දෙන්න → ඔබේ ශක්තිය, හෝමෝන, මොළයේ ක්‍රියාකාරීත්වය සහ පරිවෘත්තීය ක්‍රියාවලිය ඉහළ නංවාගන්න. ඔබේ ශරීරය ඔබට ස්තූති කරනු ඇත.

17/09/2025
27/08/2025

ඇහේ සුද එන එකට පිලියමක් තමා මේ ගහ.. 🍀
=========================================

👉මේ පැලේ ඔයාලා හැමෝම දැකලා ඇති.. ආතක් පාතක් නැතුව කුනු කානුවල පාරවල් අයිනෙ මල් පෝච්චිවල ඉබේ පැලවෙන මෙයාව දැක්කොත් ආරක්ෂා කරගන්න..

🍀මේ තමයි මොට්ටු , නැත්තම් නලල් බටු කියන ගහ.

👉මොට්ටු කියන්නෙ අපි මේ ගහේ හැදෙන පොහොට්ටු ව වගෙ එක නලලෙ ගහලා පුපුරෝන නිසා..
සෙල්ලමට එහම කරන්න මිසක් කන්න බොන්න පුළුවන් ගහක් කියලා දන්නෙ නෑ අපි .

👉මේ ගහේ කොල මැල්ලුම සතියකට දෙපාරක් තුන්පාරක් කන්න පුළුවන් නම් ඇස් වල සුද ආව එක කැපිලා යන්වාඒවගේම ඇස්වලට ගොඩක් ගුණ්දායකයි මේ ගහේ කොල.

එතකොට මේ ගෙඩිය ඉදුනම කන්න පුළුවන් .
👉
විටමින් ඇමයිනො අම්ල ගොඩාක් තියන පලතුරක්..

👉විශේෂයෙන් වියලි කලාපෙ කුඹුරු හේන් ආශ්‍රිතව මේවා යායට හැදෙනවා..
ගනන් ගන්නෙවත් නෑ...
මෙහෙ අයට ඒව හොයන්නවත් නෑ..

ගුණ දැනගත්තත් කන්න නෑ

මේ ඌන භාවිත පලාවර්ග ගැන හරියට දැනුවත් වෙනවා නම් ක්ලිනික් පෝලිම් ගානෙ කාලෙ නාස්ති කරන එක ගොඩක් අඩුවෙයි..

👉ඉතින් විටමින් ඌනතා තිබ්බත්‼️
👉 ඇස්වල දුර්වලතා තිබ්බත් ‼️
👉 ඇස්වල පෙනිමේ අඩුවක් තිබ්බත් ‼️
👉ඇස්වල සුද ඒම තිබ්බත් ‼️

මේ පලාවර්ගය කෑම පිගානට එකතුකරගන්න

දිය සීරාව තියන තැන්වල වැවෙනවා..

මමත් මුලින්ම පැලයක් උස්සන් ආවෙ කඩවත රාගම ප්‍රධාන පාර අයිනෙ තිබිලා.. 😊

පාරවල් අයිනෙ තරම් බේත් පැල වෙන කොහෙවත් දකින්න නෑ ඇත්තටම.. කොන්ක්‍රීට් කැට අස්සෙත් තියෙන්නෙ බේත් පැල.

ඉතින් ගෙනත් හදාගත්තට පාඩු නෑ

එහෙනම් උත්සහ කරලා බලන්න..

පොඩි අයට කන්නත් කඩෙන් ගන්න පලතුරුඕන නෑ..මේව තමා දෙන්නෙ ඕන පලතුරු..
Indian gooseberry කියන්නෙ මිල අධික කෑමක් අනික් රටවල..

ඔයාලා හැමෝම නීරෝගී වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

මොළයේ ලේ ගැලීමක් යනු කුමක්ද?(අවුරැදු  හතලිස්  ගනන්  වල   රෝගින්  කිහිප  දෙනෙක්ම   මොලයේ  නහර පුපුරා   රොහලට  ඇතුලත්  වු ...
26/08/2025

මොළයේ ලේ ගැලීමක් යනු කුමක්ද?
(අවුරැදු හතලිස් ගනන් වල රෝගින් කිහිප දෙනෙක්ම මොලයේ නහර පුපුරා රොහලට ඇතුලත් වු නිසා මෙය ලියමි)
🔹මොළයේ ලේ ගැලීමක් යනු ඔබේ මොළය තුළම හෝ ඔබේ මොළය සහ එහි පිටත ආවරණ අතර ඇති අවකාශයේ පාලනයකින් තොරව රුධිර වහනයක් සිදු විමයි
🔻 මොළයේ රුධිර නාලයක් කැඩී /පිපිරී ලේ ගැලීමේදී ,එය ජීවිතයට තර්ජනයක් වන රෝගී තත්වයකි.
🔹මොළයේ ලේ ගැලීමක් විශේෂයෙන් භයානක වන්නේ ඒවා ඉක්මනින්ම දරුණු අතට හැරෙන බැවිනි. ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව, මෙය බොහෝ විට ස්ථිර මොළයට හානි හෝ මරණය පවා ඇති කරයි.
🔹. ස්ථිර මොළයට හානි වීම හෝ මරණය වළක්වා ගැනීම සඳහා ක්ෂණික වෛද්‍ය ප්‍රතිකාර ඉතා වැදගත් වේ.
🔹මෙම නිසා ප්‍රමාණවත් ඔක්සිජන් නොලැබුණහොත් ඔබේ මොළයේ සෛල මිය යාමට ගත වන්නේ මිනිත්තු තුන හතරක් පමණි.
🔹 පාලනය නොකළ අධි රුධිර පීඩනය ඇති පුද්ගලයින් තුළ මෙය බහුලව දක්නට ලැබේ.
✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️
⭕මොළයේ ලේ ගැලීමක රෝග ලක්ෂණ මොනවාද?
🔸හිසරදය ( බොහෝ විට මෙය හදිසියේ සහ දරුණු ලෙස, අනපේක්ෂිත ලෙස ඔලුව පැලෙන්න තරම් වෙදනාවක් සහිත හිසරදයක්).
🔸ආලෝක සංවේදීතාව,(එලිය දෙස බැලීමට අපහසුව, දීප්තිමත් ආලෝකයන් වේදනාවක් (photophobia) ඇති කරයි.
🔸 කරකැවිල්ල. වමනය.
🔸 සිහිය නැති විම (කෝමා)
🔸Aphasia (කතා කිරීම අපහසු වීම හෝ කතාව නැතිවීම) හෝ නොපැහැදිලි හෝ පැටලෙන ලෙස කථා කිරීම (dysarthria).
🔸එක් පැත්තක් පණනැති විම, දුර්වලතාවය, හිරී වැටීම
🔸එක් වරම ඇස් බොදවීම හෝ නොපෙනී යාම
✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️
⭕ මොළයේ ලේ ගැලීමක ට හේතුව කුමක්ද?
🔴ප්‍රධානතම හේතුව අධි රුධිර පීඩනය වේ. පුද්ගලයෙකුගේ රුධිර පීඩනය ඉතා ඉහළ මට්ටමක පවතින විට, දිගු වේලාවක් ඉහළ මට්ටමක පවතින විට හෝ දෙකම මෙයට හේතු වේ
🟢මොළයේ ඇනුයුරිසම් (සාමාන්‍යයට වඩා දුර්වල ස්ථානවල රුධිර නාල බිත්තියේ අසාමාන්‍ය ලෙස ඉදිමීම).
🟢මොළයේ පිළිකා
🟢මස්තිෂ්ක ඇමිලොයිඩ් ඇන්ජියෝපති වැනි ඔබේ මොළයේ දුර්වල වූ රුධිර වාහිනී ඇතුළත් වන වෙනත් තත්වයන්.
🟢රුධිරය තුනී කිරීමේ ඖෂධ
🟢හිසට සිදුවන දරැනු තුවාල.
🟢අවදානමට දායක වන වෙනත් තත්වයන්:
▪️මත්පැන් භාවිතය ආබාධ.
▪️අධික කොලෙස්ටරෝල් (හයිපර්ලිපිඩිමියාව).
▪️විනෝදාස්වාදය සඳහා ඖෂධ භාවිතය හෝ නිර්දේශිත ඖෂධ අනිසි ලෙස භාවිතා කිරීම.
▪️.දුම්පානය
✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️
⭕ප්‍රතිකාර මොනවාද?
🟡ඖෂධ ප්‍රතිකාර
1️⃣රුධිර පීඩනය අඩු කිරීමට
2️⃣ ලේ කැටි ගැසීමට උපකාර කිරීමට.
3️⃣ රැදිරයේ සොඩියම් මට්ටම නියමිත ප්‍රමාණයෙන් පවත්වා ගැනීමට
🟡ශල්‍යයකර්ම
🔸සමහර අවස්ථාවලදී, රුධිර වහනය දරුණු හෝ යම් යම් බලපෑම් ඇති විට පුද්ගලයෙකුට ශල්යකර්මයක් අවශ්ය විය හැකිය.
🔸 වඩාත් භයානක සංකූලතාවයක් වන්නේ රුධිරය අවට ඇති මොළයේ කොටස් මත අධික පීඩනයක් ඇති කිරීමයි. මෙය සිදු වූ විට, රුධිරය ඉවත් කිරීමට සහ ඔබේ මොළයේ පීඩනය අඩු කිරීම සඳහා හදිසි ශල්යකර්මයක් සමහර විට අවශ්ය වේ.
🔴🔴 සැම මෝලයේ ලේ ගැලීමකටම ශල්‍යයකර්ම අවශ්‍යය නොමැති අතර සමහර දරැනු ලේ ගැලීම් ශල්‍යයකර්ම කල නොහැකී මට්ටමේ පවතී
✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️
⭕මොළයේ ලේ ගැලීමක් ඇතිවීමේ අවදානම අඩු කර ගැනීමට හෝ ඒවා සම්පූර්ණයෙන්ම වළක්වා ගන්නේ කෙසේද?
🔹මෙය වළක්වා ගැනීම සඳහා ඔබට කළ හැකි වැදගත්ම දෙය නම් නිරෝගී රුධිර පීඩන මට්ටමක් පවත්වා ගැනීමයි.
🔹 ඔබට අධි රුධිර පීඩනය තිබේ නම්, එම තත්ත්වය පාලනය කිරීම ඉතා වැදගත් වේ.
🔸අධි රුධිර පීඩනය මෙයට ප්‍රධාන හේතුව වේ, නමුත් දෙවන වර්ගයේ දියවැඩියාව සහ අධික කොලෙස්ටරෝල් වැනි වෙනත් තත්වයන් දායක විය හැකිය.
🔸 නිරෝගී බරක් පවත්වා ගන්න.
🔸වාර්ෂිකව පරීක්ෂාවක් කර ගන්න
🔸ඔබේ හැසිරීම් වෙනස් කරන්න. උදාහරණ ලෙස දුම්පානය සහ දුම්කොළ භාවිතය න, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය හෝ විනෝදාත්මක මත්ද්‍රව්‍ය භාවිතය, මත්පැන් අනිසි භාවිතය
කායික රොග පිලිබද විශේෂඥ වෛද්ය
බන්දුල සත්කුමර

Address

පලාපත්වල මාතලේ
Palapathwela

Opening Hours

Monday 16:15 - 20:00
Tuesday 16:15 - 20:00
Wednesday 16:15 - 20:00
Thursday 16:15 - 20:00
Friday 16:15 - 20:00
Sunday 08:15 - 18:00

Telephone

+94715697413

Alerts

Be the first to know and let us send you an email when 𝐚𝐮𝐫𝐨𝐫𝐚 𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to 𝐚𝐮𝐫𝐨𝐫𝐚 𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram