31/10/2023
රෝගයක් හදුනාගනිමු,
අර්ශස්
කායිකව හා මානසිකව වේදනාවට පත්කරන, මළ මාර්ගයෙහි ඇතිවන රෝගයකි. ආයුර්වේදයට අනුව වාතජ, කවිජ, සන්නිපාතජ, රක්තජ හා සහජ ලෙස සය ආකාර වේ.
හේතු ආයුර්වේද මතයට අනුව,
එකිනකට පටහනි ආහාර වැලදීම.
උෂ්ණ, තීක්ෂ්ණ , රලු ආහාර බහුලව ගැනීම
නිතර ආහාර ගැනීම
ගැස්සෙන පැද්දෙන වාහන වල, ඇත් අශ්වාදීන් පිට නිතර යාම.
අඨික මෛතුන සේවනය
මළ මුත්‍රාදී වේගයන් දරාගෙන සිටීම
නවින මතයට අනුව
1.උදරගත අර්බුඨ (ගෙඩි) නිසා ශිරා වලට වන පීඩනය.
අන්ත්‍රවල සිට අක්මාව දක්වා ආහාර රසය ගෙන යන ප්‍රතිහාරිනී මහා ශිරා නලය උදරගත අර්බුඨ (ගෙඩි) ආදියෙන් ඇහිරී යාම නිසා වන පීඩනය ගුද ශිරාවන්ට කරන බලපෑම.
2.දීර්ඝකාලීන මලබද්ඨය
මළබද්ඨය නිසා ගුද ශිරාවන් අඨිකව තෙරපී යාම.
3.අඨික මත් පැන් පානය
මත් පැන් අඨිකව ගැනිමෙන් ප්‍රතිහාරනී මහා ශිරාව අවරුද්ඨ වීමෙන් අර්ශස් හටගනි.
4.දවසේ වැඩි වේලාවක් ඉදගෙන සිටීම
වැඩි වේලාවක් ඉදගෙන සිටීමෙන් ගුදකලාව තෙරපී එහි ශිරා පිම්බී අර්ශස් හට ගනී.
5.ශීතල ස්තාන වල වැඩි වේලා වාඩිවී සිටීම
ශීතල ස්තාන වල වැඩි වේලා වාඩිවී සිටීමෙන් ගුදයේ පහල කොටසේ ශිරා හැකිලී යාම අර්ශසයට හේතුවකි.
ලක්ෂණ
මුලින් ඇතිවෙන ලක්ෂණ
ආහාර අරුචිය
ආහාර නොදිරවීම
ඇඹුල් රසට උගුරට ඒම
කලවා අප්‍රානික බව
බඩෙහි ඇතිවන ශබ්දය
ශරීරය කෙට්ටු වීම
ඇස් ඉදිමීම
ගුදයේ හපන්නක් බදු වේදනාව
රෝගය බලවත් වූ විට ලක්ෂණ
1.ගුධ මාර්ගයේ අර්ශස් අන්කුර ඇතිවීම
වියළි, රළු, සුදු පාට, රාතු පාට, නිල් පාට, සෙවල සහිත, ගෝලාකාර, පබලු ඇට බදු ආදී විවිඨ ආකාර හා විවිඨ වර්ණ වූ අර්ශස් අන්කුර හටගනී.
2.මළපහ කරන විට වේදනාව
3.මළපහ සමග රුඨිරය පිටවීම
4.රළු පාට මළ ටිටවීම
5.උණ, දැවිල්ල , ඵිපාසය
6.සම, ඇස නිය වල වර්ණය වෙනස් වීම ( කලු පාට, සුදු පාට)
7.ගුද මාගය කැසීම මූලාශ්‍ර ග්‍රන්ත - (සු.සන්) (මා.නි)
ප්‍රතිකාර
හිතකර ආහාර ගැනීම, අහිතකර ආහාර වලින් වැලකීම
රෝගයට අහිතකර හැසිරීම්වලින් වැලකීම
ඖෂධ ප්‍රයෝග කිරීම
අභ්යන්තර බාහිර
කෂාය තෙල්
ගුලි ලේප වර්ග
කල්ක ඖෂධ තැම්බූ වතුර
චූර්ණ
ක්වාත
අරිෂ්ට
ආයුර්වේදයෙහි අර්ශස් රෝගය සුව කිරීම සදහා උපක්‍රම 4 ක් දක්වා ඇත
1.ඖෂධ චිකිත්සාව
2.ක්ෂාර චිකිත්සාව
3.ශස්ත්‍ර (ශල්‍යකර්ම)
4.අග්නි චිකිත්සාව
මෙමගින් සාර්තක ලෙස අර්ශස් රෝගය නිත්තාවට සුව කල හැක.
Let's identify a disease,
Hemorrhoids
It is a disease that causes physical and mental pain, which occurs in the dead tract. According to Ayurveda, there are six forms namely Vataja, Kavija, Sannipataja, Raktaja, and Sahaja.
Causes According to Ayurveda,
Fasting for one day.
Consuming hot, pungent, rough food in abundance
Eating frequently
Frequent rides in swinging vehicles, elephants and horses.
Athika Maithuna Sevanaya
Endurance of urinary incontinence
According to the modern-day opinion,
1. Pressure on the veins due to abdominal cramps.
Pressure on the re**al veins due to obstruction of the retrograde vena cava, which carries food taste from the intestines to the liver, by abdominal tumors (tumors).
2. Chronic constipation
Obstruction of the re**al veins due to constipation.
3. Drinking alcohol
Hemorrhoids occur due to the blockage of the large vein of Pratiharani due to excessive consumption of alcohol.
4. Sitting for a long time during the day
Sitting for a long time compresses the a**s and swells its veins, causing hemorrhoids.
5. Sitting in cold rooms for a long time
A cause of hemorrhoids is the contraction of the veins in the lower part of the a**s by sitting for a long time in cold places.
characteristics
Initial symptoms
Anorexia
Indigestion
Sour taste in the throat
Symptoms when the disease is severe
1. Occurrence of hemorrhoids in the re**um
Dry, rough, white, red, blue, slimy, globular, pearly, etc., different shapes and colors of hemorrhoids occur.
2. Pain when defecating
3. Excretion of urine with stool
4. Coarse colored f***s
5. Fever, inflammation, thirst
6. Change in the color of the skin, eyes, and nails (black, white)
7. Re**al Itching Source Grantha - (Su.San) (Man.Ni)
Lifelessness of thighs
Stomach noises
Body thinness
Eye swelling
A**s chewing tax pain
Treatments
Eating good food, avoiding bad food
Avoiding behaviors that are harmful to the disease
Drug effects
Internal External
Distilled oil
Types of plasters
Kalka medicine boiled water
Churna
Strong
Arishta
In Ayurveda, 4 strategies are given to cure hemorrhoids
1. Drug therapy
2. Alkali therapy
3. Surgery
4. Fire therapy
This can effectively cure hemorrhoids.