
07/05/2025
මේ දින වල පූසන් අතර පැතිරෙන මාරාන්තික වෛරසය ගැන ඔබ දැනුවත් ද?
Feline Parvo (Panleukopenia)
Feline Parvo (Panleukopenia) ලෙස පොදුවේ හඳුන්වන මෙම රෝගය Feline parvo වයිරසය (FPV) නිසා ඇති වන ඉතා සීග්‍රයෙන් බෝවන සහ මාරාන්තික වෛරස් රෝගයක් ,මේ රෝගය ප්‍රධාන වශයෙන් පූස් පැටවුන්ට සහ එන්නත් නොකළ ඕනෑම වයසක පූසන්ට හැදෙන්න පුලුවන්.
රෝග සම්ප්‍රේෂණය වෙන්නෙ කොහොමද?
මෙම වෛරසය දීර්ඝ කාලයක් පරිසරයේ පැවතිය හැකි අතර එය ආසාදිත සතෙකුගේ මුත්‍රා, මළපහ, වමනය, ආහාර/ජල භාජන, ඇඳ ඇතිරිලි හෝ ආසාදිත බළලුන් හසුරුවා ඇති පුද්ගලයින්ගේ අත් සහ ඇඳුම් හරහා පවා පැතිරීම සිදුවෙන්න පුලුවන්
එ වගේම භයානකම දේ තමයි වෛරසය ආසාදනය වූ සමහර පුසන්ට රෝග ලක්ෂණ නොපෙන්වා (Subclinical infection) වෙනත් පුසේකුට රෝගය පැතිරීම සිදු කල හැකියි.
රෝග ලක්ෂණ :
අධික උණ
ආහාර අරුචිය
වමනය
පාචනය (බොහෝ විට ලේ මිශ්‍ර )
උදාසීන වීම
මේම රෝගය ආසාදනය වීමෙන් දින 2~5ත් අතර රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර පූසන්ගේ අහාර මාර්ගය ආසදනය වීම නිසා වමනය, පාචනය(ලේ මිශ්‍ර ) ඇතිවෙනව.ඇටමිදුලු සහ වසා පද්ධතියට හානි සිදුවන නිසා රුධිරයේ සුදු රුධිරාණු පහත වැටීම සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියට දැඩි හානි සිදුවෙනව. ආසදිත සතෙකු ප්‍රතිකාර නොකලොත් දින කිහිපයක් ඇතුලත මරණය සිදු වෙන්න පුලුවන්.
ප්‍රතිකාර:
FPV සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නොමැත. බොහෝ සතුන් ප්‍රතිකාර කලද මරණයට පත්වෙනව. සුව වීම රෝග ප්‍රතිකාර ආරම්භ කරන අවස්ථාව, වයස සහ රෝගයට එරෙහිව ප්‍රතිශක්තිය අතිවන ආකාරය යන සාධක මත තීරණය වෙනවා.බොහෝ විට රෝගයේ ස්භාවය මත ප්‍රතිකාර කීරිම පශු වෛද්‍ය වරයා තීරණය කරනව.දිනපතා IV ප්‍රතිකාර ලබා දීමටද සිදු වෙන්වා.රෝග ලක්ෂණ දුටු වහම ප්‍රතිකාර සදහා රැගෙන යාම ඉතා වැදගත්.
එන්නත්කිරිම (Tricat එන්නත) මගින් මෙම රෝගය ආසධනය වීම සාර්ථක ව වැලැක්වීය හැක.
පූස් පැටවුන් සති 6-8 අතර වයසේදී ඔවුන්ගේ එන්නත් මාලාව ආරම්භ කළ යුතුයි, සුදුසුකම් සහිත පශු වෛද්‍යවරයෙකු මගින් එන්නත් කරගැනීමෙන් මෙම රෝගය වලක්වාගත හැක.
එමෙන්ම රෝගී සතුන් අනෙක් සතුන්ගෙන් වෙන් කිරීම සහ එම සතුන් සිටි ස්ථාන පිරිසිදු කිරීම මගින් රෝගය පැතීරිම වලක්වා ගත හැක.විශේෂයෙන් ගැහැණු සතුන් එන්නත් කිරීම මගින් ගර්භණී කාලය තුලදී පැටවුන්ටද රොගයට එරෙහිව ප්‍රතිශක්තිකරණ ඇති වේ.
සටහන : පශු වෛද්‍ය චමිත පෙරේරා.