19/09/2025
⭕💪🙆♂️ආතරයිටිස් වලට කන්න සුදුසු කෑම මොනවාද?
========================================
⭕මේක ඉතාම බහුලවම රෝගීන් අහන ප්‍රශ්නයක්.
⭕එහෙම මේ කෑම වර්ග අනිවාර්යයෙන් කන්න එපා හෝ අනිවාර්යයෙන් සීමා කරන්න කියන එකම ආතරයිටිස් රෝගයයි තියෙන්නේ.
⭕ඒකට කියන්නේ Gout කියලා (ලෙඩේ ගැන විස්තරේ පලවෙනි කමෙන්ට් එකේ).
⭕Gout තියන අයට purine වැඩිපුර අඩංගු red meat (හරක් මස්, එලු මස්, ඌරු මස්), sea food (කකුලුවෝ, දැල්ලෝ), සමහර එලවලු (මශ්රූම්, නිවිති) වගේ ආහාර "වැඩිපුර කන" එක සුදුසු නෑ. මොකෝ එම කෑම වලින් gouty ආතරයිටිස් රෝගය වැඩි කරනවා.
⭕Gout රෝගීන් ඊට අමතරව විශේෂයෙන්ම බියර් ඇතුලු මත්පැන් පාවිච්චිය අවම කරන්න ඕනේ.
⭕අනෙක් වර්ග වල ආතරයිටිස් තියන රෝගීන්ට අර දියවැඩියාවට තියනවා වගේ වෙනමම විශේෂිත ආහාර වේලක් නැහැ.
⭕Internet එකේ තියන බොරු වලට සහ බොරු සමාජගත කරන සුදුසුකම් නොලත් ශෝශල් මීඩියාකාරයින්ට අහුවෙන්න එපා.
⭕විද්‍යාත්මකව ඔප්පු කරල තියන දේවල් මම පහත ලියාගෙන යන්නම්.
⭕සියලුම ආතරයිටිස් රෝගීන් කරන්න ඕනේ වැදගත්ම දේ තමා BMI එක හොඳම අගයේ තියා ගන්න එක. දකුණු ආසියාතික රටවල එම අගය 18.5-23 km/m2 අතර.
⭕ස්ථුලතාවය සහ ආතරයිටිස් ගැන ලියපු ලිපිය දෙවනි කමෙන්ට් එකේ තියනවා. කියවලා බලන්න.
⭕රූමටොයිඩ් සහ ඒ වගේ inflammatory ආතරයිටිස් රෝගීන්ට පපුවේ අමාරු හැදෙන අවදානම වැඩි නිසා saturated fat ප්‍රමාණය අඩු කරගෙන unsaturated fat ප්‍රමාණය වැඩිකර ගන්න එක සුදුසුයි.
⭕සාඩින්, මැකරල්, සැමන්, බල මාලු වගේ unsaturated fish oil වැඩි කෑමත් රෝගීන්ට සුදුසුයි.
⭕Calcium, Vitamin D සහ යකඩ අඩංගු ආහාර වැඩි කරගැනීම උදව් වෙන්න පුලුවන්.
⭕ඒ වගේම බහුලව ලුණු අධික ආහාර පරිභෝජනය නිසා ප්‍රතිශක්ති පද්ධතියේ එන වෙනස්කම් නිසා ආතරයිටිස් වලට බලපෑම් එන්න පුලුවන්.
⭕Supplement එකක් එහෙම නැතිනම් ආහාර අතිරේකයක් ගන්නවා නම් ගන්න ඕනේ fish oil එකක් සහ vitamin D එකක්.
⭕හැබැයි ආහාර අතිරේකය සහ තමාට දෙන DMARDs ප්‍රතිකාරය (ලෙඩේ හොඳ කරන හෝ control කරන බෙහෙත) දෙකම ගන්න මුදල් "නැතිනම්" ගන්න ඕනේ DMARDs බෙහෙත / බෙහෙත් මිසක් ආහාර අතිරේකය නෙවේ.
⭕සමහර වෙලාවට ආහාර අතිරේකය DMARDs බෙහෙතට වඩා මිල අධික නිසා රෝගීන් හිතනවා ආහාර අතිරේකය තමා ලෙඩේට බෙහෙත කියලා.
⭕සරලව කියනවානම් කෑම සහ ආතරයිටිස් වලදි, අංක එක තමා නිසි වයිද්‍යවරයෙකුගෙන් නිසි ප්‍රතිකාර ලබාගන්න එක.
⭕දෙවැන්න තමා ඇඟේ බර සුදුසු අගයක තියාගන්න එක.
⭕තුන්වැන්න තමා Calcium, Vitamin D, යකඩ ආහාර වලට අමතරව ලබාගන්න එක.
⭕හතරවැන්න තමා පුලුවන් ආකාරයට ඉහත කී සංඝටක නිස් පරිදි වෙනස් වෙන විදිහට ආහාර රටාවේ ගුණාත්මක බව වෙනස් කරගන්න එක. (Mediterranean style diet එකක්)
⭕කෑමෙන් විතරක් පාලනය කරන්න හෝ හොඳකරන්න පුලුවන් ආතරයිටිස් රෝග නැහැ.
⭕යම්කිසි කෑමකට හෝ ආහාර අතිරේකයකට ආතරයිටිස් රෝග ලක්ශණ අඩුවෙනවා කියන්නේ ලෙඩේ හොඳවෙනවා කියන එක නෙවේ. ඒකට ප්‍රතිකාර වෙනම ගන්න ඕනේ.
⭕සීතල කෑම, උෂ්ණ කෑම කථාව හරිම සරලයි. සීතල හෝ උෂ්ණ හෝ වේවා යම් කෑමකට ආතරයිටිස් එක වැඩි වෙනවා කියල තේරෙනවා නම් ඒ කෑම වර්ගය පාවිච්චිය නතර කරන්න.
⭕ඒක උඩහ ගෙදර සුමනාවතීට පල්ලෙහා ගෙදර කරුණාවතීට කියන්න ඕනෙ නෑ. මොකෝ ඔයා කියන දේ අඩු කල්පනාව තියන කෙනෙක් වැරදියට තේරුම් අරගෙන එයාට ඇඟට අවශ්‍යයම කෑම වර්ගයක් එයා නොකා ඉන්න පුලුවන්.
⭕දැන් මේක කියවලා කෑම වෙනස් කරන්න කියලා ගෙදර ඉන්න අනික් මිනිස්සු බඩගින්නෙ තියන්න එපා. කෑම හදාගන්න කලින් නිසි ලෙස ප්‍රතිකාර ගන්න යොමුවෙන්න.
⭕Dr එච් ඊ ඡී කේ දයාරත්න
සන්ධි සහ සන්ධි ආශ්‍රිත රෝග වෛද්‍ය
MBBS, MRCP (Rheumatology)