15/10/2025
#සුදු #සැරයටිය: අන්ධකාරය ජයගත් නිදහසේ සංකේතය - 56 වැනි ජාත්‍යන්තර සමරු දිනය: 56 වැනි ජාත්‍යන්තර සුදු සැරයටි සමරු දිනය, මහත් හරසරින් යුතුව සමරන, මෙවන් මොහොතක, ආයතනයේ අපි, සමස්ථ ශ්‍රී ලාංකීය දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙත, සුරක්ෂිතභාවය තහවුරු වූ, ස්වාධීනත්වයෙන් සපිරි, සුභ අනාගතයක්, ප්‍රාර්ථනා කරන්නෙමු.
නිදහස්, සාමකාමී, සමාජ වටපිටාවක් තුළ, # දෘශ්‍යාබාධිත පුද්ගලයින්ගේ යහපත්, සුභවාදී, අපේක්ෂා ඉටුවන, ප්‍රීතිමත්, සෞභාග්‍යමත්, හෙට දවසක් උදාවේවා’යි අපි එක සිතින් සුභාශිංසන ගෙන එන්නෙමු.
සුදු සැරයටිය යනු, දෘශ්‍යාබාධිත ප්‍රජාවගේ, අනන්‍යතාව, ආරක්ෂාව හා ස්වාධීනත්වය පිළිඹිබු කරන සුවිශේෂී සංකේතයයි. එය හුදෙක් මාර්ගෝපදේශකයක් නොව, ස්වයංව තීරණ ගෙන, බාධක ජයගෙන ඉදිරියට යාමට දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට දිරිය දෙන කළණ මිත්‍රයා බඳුය.
දෑසින් රිසිසේ ලෝකය දකින ඔබ තුළ, සුදු සැරයටිය සම්බන්ධයෙන්, පවතින ආකල්පය, කෙබඳු දැයි, අපට නිශ්චිතව වටහාගැනීම අපහසුය.
සෑම වසරකම, ඔක්තෝම්බර් මස 15 වන දින, ලොවපුරා, අති උත්කර්ෂවත් අන්දමින්, සුදු සැරයටි දිනය සමරනු ලබයි. සුදු සැරයටිය පිළිබඳව, නිරන්තරයෙන්ම, විමසීමට හා කථාබහට ලක්වන, මෙවන් මොහොතක, අප මේ සටහන තබන්නේ, එහි සැබෑ වටිනාකම, දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට, ඉන් අත්වන ඵල ප්‍රයෝජන සහ එහි අවශ්‍යතාව පිළිබඳ දෙනෙතින් ලොව දකින ඔබගේ කාරුණික අවධානය යොමු කරවනු පිණිසය.
“සුදු” යන විශේෂණ පදය එක්වුවද “සැරයටිය” යන වචනය ඇසූ සැණින් බොහෝ දෙනෙකුගේ සිහියට නැඟෙන්නේ අත්වාරුවක් හෙවත් හැරමිටියයි.
# හැරමිටිය යනු, ශාරීරිකව දුබල වූවන්ගේ, ගමන් පහසුව සඳහා භාවිතා කරන උපකරණයකි. එහෙත්, සුදු සැරයටිය, දෘශ්‍යාබාධිත පුද්ගලයින් විසින්, භාවිත කරනු ලබන්නේ, ඔවුන්ගේ අනන්‍යතාව හා ස්වාධීනත්වය සංකේතවත් කරනු පිණිසය. එසේම, සුදු සැරයටිය, දෘශ්‍යාබාධිත පුද්ගලයාට මඟ තොටේදී, රැකවරණය සපයන, ඉදිරියෙහි ඇති බාධක කල්තියා පෙන්වන මාර්ගෝපදේශකයෙකි. නිවැරදිව සුදු සැරයටිය භාවිත කරන පරිණත දෘශ්‍යාබාධිත පුද්ගලයින් බොහෝ දෙනෙක් #චලතාවය හා #දිශානතිය පිළිබඳ විධිමත් පුහුණුව ප්‍රගුණ කර තිබේ.
සුදු සැරයටිය පිළිබඳ ඉතිහාසය මින් වසර 97 ක් තරම් ඈතට විහිද යයි. පළමුවන ලෝක යුද්ධය (1914-1918) හේතුවෙන් දෘශ්‍යාබාධිත වූ හමුදා සෙබළුන්ගේ ස්වාධීනත්වය රැකදීම වෙනුවෙන් මුල් වරට සුදු සැරයටියක් හඳුන්වාදෙන ලද්දේ 1921 වර්ෂයේදී #ඇමෙරිකානු #ජාතික #ජේම්ස් #බ්‍රිඩීස් මහතා විසිනි. වර්ෂ 1930 දී වෛද්‍ය #රිචඩ් #හුවර් මහතා විසින් මෙය ලොව පුරා ප්‍රචලිත කිරීමට ගත් මානවවාදී උත්සාහය සකල ලෝකවාසී දෘශ්‍යාබාධිත ප්‍රජාවගේ කෘතවේදීත්වයට පත්විය යුතුය.
#ඔක්තෝම්බර් මස 15 වන දින #ජාත්‍යන්තර #සුදු #සැරයටි #සමරු #දිනය වශයෙන් නිශ්චිතව ප්‍රකාශයට පත්කිරීමේ යෝජනාව සම්මත වූයේ 1969 වර්ෂයේ ලංකාවේ දී #ග්‍රෑන්ඩ් #ඔරියන්ටල් #හෝටලයේ පැවති සමුළුවකදී ය. #ශ්‍රී #ලංකාවට ආඩම්බර විය හැකි මෙම ඓතිහාසික සිදුවීමෙන් පසු අද දක්වාම මෙම දිනය ලොව පුරා සමරනු ලබයි.
වසර 56 ක් පුරා ජාත්‍යන්තරව සුදු සැරයටි දිනය සමරනු ලැබුවද, දෘශ්‍යාබාධිත ප්‍රජාවට මෙරට සමාජය තුළ නිසි පිළිගැනීමක් හෝ වටිනාකමක් ලබාදීමට දේශපාලන බලධාරීන්ගේ අවධානය තවමත් යොමු වී නොමැති වීම කණගාටුවට කරුණකි. සුදු සැරයටියද කථාබහට පමණක් සීමා වූ තවත් එක් මාතෘකාවක් බවට පත්ව තිබේ.
වර්තමානයේදී සුදු සැරයටියේ භාවිතයට අමතරව, #ස්මාර්ට් #තාක්ෂණය ( ) සහ #ප්‍රවේශවීමේ #හැකියාව ( ) පිළිබඳව සමාජයේ අවධානය යොමු වීම අත්‍යවශ්‍ය වේ. දෘශ්‍යාබාධිත පුද්ගලයෙකුට ගමන් කිරීමට ඇති අයිතිය සහ පහසුව තහවුරු කිරීමට: මඟ තොටේ ප්‍රවේශවීමේ හැකියාව; පදික වේදිකා, ප්‍රවාහන සේවා සහ රජයේ ගොඩනැගිලි ආබාධිතයින්ට ප්‍රවේශ විය හැකි ලෙස සැලසුම් කිරීම අත්‍යවශ්‍යය.
තාක්ෂණික විසඳුම්; G.P.S. පද්ධති, #කෘත්‍රිම #බුද්ධිය ( ) හා සම්බන්ධ නවීන උපකරණ සුදු සැරයටියට අත්වැලක් ලෙස භාවිත කිරීමට පහසුකම් සැලසීම.
සංවේදී සහෘදයිනි, ඔබ ගමන් කරන බස් රථයේ, දුම්රියේ, සේවා ස්ථානයේ හෝ වෙනත් කුමන හෝ ස්ථානයකදී සුදු සැරයටියක් අතැති දෘශ්‍යාබාධිත පුද්ගලයින් ඔබට මුණ ගැසෙනු ඇත. එවන් අවස්ථාවක අනවශ්‍ය ලෙස අනුකම්පාව පමණක් පිරිනමමින් ඔවුන් තව තවත් අපහසුතාවයට පත් නොකරන ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු. අපට අවශ්‍ය වන්නේ හුදු අනුකම්පාවෙන් ඔබ්බට ගිය සහකම්පිත හැඟීම සමඟින් ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාව හඳුනාගනිමින් උපරිම ශක්ති ප්‍රමාණයෙන් ඔවුන් වෙත සහයෝගය ලබාදීමයි.
යහපත් සමාජ පුරවැසියෙකු වශයෙන්, දෘශ්‍යාබාධිත ප්‍රජාවගේ ස්වාධීනත්වයට හා ගෞරවයට හානියක් නොවන ආකාරයෙන් උපකාර කිරීම ඔභෙන් ඉටු විය යුතු පරම යුතුකමකි; උතුම් සමාජ මෙහෙවරකි. එම උතුම් සමාජ මෙහෙවර සඳහා දායකවීමට අවශ්‍ය මානව දයාව ශ්‍රී ලාංකීය පුරවැසියන් වන ඔබ සතු බව අපට ඉඳුරාම විශ්වාසය.
මෙයට, Vision Lanka Foundation (Address - 188/22, Palm Grove Mawatha, Walana, Panadura, Tele - 0716875510 / 0714534111).