vision lanka foundation

vision lanka foundation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from vision lanka foundation, Disability service, farlm grow Avenue, Panadura.
(1)

the primary intention of this is to contribute to the development of the country by empowering unemployed disabled people who are alone at home suffering from economic difficulties.

**"විෂන් ලංකා දිරිය දෑත්වල නිමැවුම් දැන් කුරුණෑගලටත්! 🌸🚚**අභියෝග ජයගනිමින් අභිමානයෙන් නැගී සිටින අපේ සාමාජිකයින්ගේ දෑතින...
04/05/2026

**"විෂන් ලංකා දිරිය දෑත්වල නිමැවුම් දැන් කුරුණෑගලටත්! 🌸🚚**
අභියෝග ජයගනිමින් අභිමානයෙන් නැගී සිටින අපේ සාමාජිකයින්ගේ දෑතින් නිපදවූ උසස් තත්ත්වයේ **විෂන් සුවඳ හඳුන්කූරු සහ විෂන් පහන් තිර** ඇතුළත් නවතම ඇණවුම, අද දින මාතර - පොළොන්නරුව බස් රථය මගින් කුරුණෑගල බලා පිටත් කළෙමු. 📦✨
අපි මෙම ඇණවුම **පානදුර මහානාම බස් නැවතුම්පොළේදී** සාර්ථකව බස් රථයට භාර දුන් අතර, අපගේ නිෂ්පාදන කෙරෙහි විශ්වාසය තබා මෙම ඇණවුම ලබා දුන් සැමට අපගේ ස්තූතිය පුද කර සිටිමු. ඔබ ලබාදෙන මේ සහයෝගය අපේ මේ දිරිය මිනිසුන්ගේ වෑයමට ලැබෙන මහඟු ශක්තියකි. ❤️🇱🇰
දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට අපගේ නිෂ්පාදන ලබා ගැනීමට අප හා සම්බන්ධ වන්න.
📞 **විමසීම්: 077 335 5117**
**විෂන් ලංකා - දිරිය දෑතක අභිමානය"**

**හල්කඳවිල අපේ ගමේ සතිපොළට එන හිතමිතුරන්ගේ අවධානයට!** 🌸🤝අභියෝග හමුවේ නොසැලී, තමන්ගේම දෑත් ශක්තියෙන් නැගී සිටින "විෂන් ලං...
01/05/2026

**හල්කඳවිල අපේ ගමේ සතිපොළට එන හිතමිතුරන්ගේ අවධානයට!** 🌸🤝
අභියෝග හමුවේ නොසැලී, තමන්ගේම දෑත් ශක්තියෙන් නැගී සිටින "විෂන් ලංකා" ආයතනයේ දිරිය සාමාජිකයින් නිපදවූ උසස් තත්ත්වයේ **සුවඳ හඳුන්කූරු, පහන් තිර සහ ඉටිපන්දම්** අද හල්කඳවිල සතිපොළේදී ඔබට මිලදී ගත හැකියි. ✨🪔
විශේෂයෙන්ම, මේ නිෂ්පාදන අද පොළට රැගෙන ආවේ මගේ තාත්තා. අපේ මේ වෑයමට ශක්තියක් වෙමින් ඔහු අද අපේ නිෂ්පාදන ඔබ වෙත රැගෙන එනවා. 👨‍👧❤️
අනුකම්පාව වෙනුවට අභිමානය පතන මේ දිරිය මිනිසුන්ගේ නිෂ්පාදනයක් මිලදී ගෙන, ඔවුන්ගේ ජීවිත ආලෝකවත් කරන්නට අපේ ගමේ ඔබ සැමගේ සහයෝගය ලබාදෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. 🙏🇱🇰
අදම අපේ තාත්තා ඉන්න තැනට ඇවිත්, මේ ගුණාත්මක නිෂ්පාදන මිලදී ගෙන අපට හයියක් වන්න! ✨🕯️
**විෂන් ලංකා - දිරිය දෑතක අභිමානය** ❤️

වැඩකරන ජනතාවගේ අභිමානයත් අධි වෙසක් පෝය අසිරියත් එකට මුසු වූ පින්බර ඇරයුමක් 🌸✨අද මැයි පළමුවැනිදා ලොව පුරා වැඩකරන ජනතාවගේ ...
01/05/2026

වැඩකරන ජනතාවගේ අභිමානයත් අධි වෙසක් පෝය අසිරියත් එකට මුසු වූ පින්බර ඇරයුමක් 🌸✨
අද මැයි පළමුවැනිදා ලොව පුරා වැඩකරන ජනතාවගේ අභිමානය සමරන දවසයි. එමෙන්ම සම්බුදු තෙමඟුල සිහිපත් කරන වෙසක් මංගල්‍යයට පෙරවදනක් බඳු වූ පින්බර අධි වෙසක් පුර පසළොස්වක පෝය දිනය අදට යෙදී තිබේ 🙏 දෑසට ලෝකය නොපෙනුනත් දෙපා වාරු නොමැති වුවත් අනුන්ගේ සහය පතනවා වෙනුවට තමන්ගේම දෑතේ ශක්තියෙන් නැගී සිටින්නට වෙර දරන අපේ දිරිය සහෝදර සහෝදරියන් ද සැබෑ වැඩකරන ජනතාවගේ අභිමානයයි 🤝❤️
අද වැනි උතුම් පෝය දවසක බෙල්ලන්විල රජමහා විහාරය සහ පානදුර රන්කොත් විහාරය වැඳපුදා ගැනීමට පැමිණෙන පින්වතුන් හට ඔවුන්ගේ එම දිරිය දෑතින් නිපදවූ උසස් තත්ත්වයේ පූජා භාණ්ඩ දැන් ලබාගත හැකියි 🪔🕯️✨
අපව හමුවිය හැකි ස්ථාන:
✅ බෙල්ලන්විල රජමහා විහාරය: රථ ගාල (Car Park) අසල අයිස්ක්‍රීම් ලොරිය අසල පිහිටි අපේ කුටිය.
✅ පානදුර රන්කොත් විහාරය: රථ ගාලේ (Car Park) දකුණු පසින් පිහිටි ජංගම වෙළඳ කුටිය.
ඔබේ දෛනික පූජාවන් සඳහා මෙන්ම නිවස සුවඳවත් කර ගැනීමට අවශ්‍ය:
📍 සුවඳ විහිදුවන හඳුන්කූරු
📍 පිරිසිදු පහන්තිර සහ ගිතෙල් පහන්
📍 දීප්තිමත් ඉටිපන්දම්
ඔබ මෙතැනින් මිලදී ගන්නා සෑම භාණ්ඩයක්ම අනුකම්පාව ඉල්ලා සිටිනවා වෙනුවට දිරියෙන් නැගී සිටින්නට උත්සාහ කරන මිනිසුන්ගේ අභිමානයට කරන මහඟු දායකත්වයකි. අධි වෙසක් පෝයදා ඔබේ වතාවත් සිදු කරන අතරතුර ඔවුන්ගේ දෑතේ ශක්තිය අගය කරන්නට ඔබත් එක්වන්න 🕯️🌹🤝
අපව සම්බන්ධ කර ගැනීමට:
දුරකථන / WhatsApp: 077 335 5117 හෝ 070 635 5117 📞📲
විෂන් ලංකා (Vision Lanka) වලාන පානදුර 📍
අප සමඟ සම්බන්ධ වන්න:
WhatsApp: https://wa.me/c/94773355117 📲
page: https://www.facebook.com/share/1DfuFtkkh2/ 🔵
YouTube: https://youtube.com/ 🔴
TikTok: https://www.tiktok.com/.lanka
"අපේ දිරිය - ඔබේ ආශිර්වාදයයි!" 🙏✨
මනුෂ්‍යත්වය පිරි මෙහෙවරට ඔබත් අදම දායක වන්න 🌸🙌

 # # # **මනුෂ්‍යත්වය සහ සහෝදරත්වය පිරි වසන්ත උදානයකට ප්‍රණාමය!** 🪔🧡සැබෑ සංස්කෘතියක් යනු හුදෙක් සිරිත් විරිත් පමණක් නොව, ...
26/04/2026

# # # **මනුෂ්‍යත්වය සහ සහෝදරත්වය පිරි වසන්ත උදානයකට ප්‍රණාමය!** 🪔🧡
සැබෑ සංස්කෘතියක් යනු හුදෙක් සිරිත් විරිත් පමණක් නොව, සමාජයේ සෑම පාර්ශවයකටම ගරුත්වය සහ සමාන අවස්ථා හිමිවන සොඳුරු මනුෂ්‍යත්වයේ එකතුවකි.
වසර 14කට පසු සී/ස පානදුර විවිධ සේවා සමුපකාර සමිතිය විසින් පවත්වනු ලබන **"වසන්ත උදානය 2026"** සූරිය මංගල්‍යයේ සමාරම්භක පහන් සිළුව දැල්වීමට මට කළ ආරාධනය, මා දකින්නේ අපගේ "විෂන් ලංකා" ප්‍රජාව වෙත ලබා දුන් ඉතාමත් ගෞරවනීය පිළිගැනීමක් ලෙසයි.
බොහෝ විට සමාජයේ මගහැරී යන අප වැනි පිරිසකගේ හැකියාවන් සහ අභිමානය හඳුනාගෙන, අපට **"සම තැන"** ලබා දෙමින් ඔබ දැක්වූ මෙම ආදර්ශමත් සහයෝගය සැබවින්ම හදවතටම දැනෙන සංවේදී පියවරකි. අපගේ ශරීරයේ යම් යම් සීමාවන් තිබුණද, අපේ දෑතින් නිපදවන සෑම නිර්මාණයක් තුළම ඇත්තේ අපගේ ජීවිත ජයග්‍රහණය කරන්නට වෙහෙසෙන අසීමිත ධෛර්යය සහ කැපවීමයි.
මෙවැනි ආරාධනයක් තුළින් ඔබ අපව සමාජයේ පෙරමුණට කැඳවාගෙන යද්දී, අපගේ නිෂ්පාදන ඇතුළු "විෂන් ලංකා" ගමන දිරිමත් කිරීමට ඔබ සැම අප සමඟ අත්වැල් බැඳගනු ඇතැයි යන දැඩි විශ්වාසය අප තුළ පවතී. හෙළයේ සැබෑ සාරධර්ම ආරක්ෂා කරමින්, මෙවැනි වටිනා අවස්ථාවක් ලබා දුන් සමිතියේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට අපගේ කෘතවේදී ප්‍රණාමය පුද කරන අතර, ඔබ සමිතියේ **ඉදිරි සියලුම සංවර්ධන සහ සේවා කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි** හදවතින්ම ප්‍රාර්ථනා කරමි!
මෙයට,
**දිලානි සඳමාලි**
(විෂන් ලංකා)

ස්තූතියි! 🌸අපගේ ඇරයුම ඉමහත් ලෙන්ගතුකමින් පිළිගෙන, "විෂන් සුවඳින් - සෙනෙහසේ ඇරයුම" සුහද හමුවට සහභාගී වූ ඔබ සැමට අපගේ හෘදය...
19/04/2026

ස්තූතියි! 🌸
අපගේ ඇරයුම ඉමහත් ලෙන්ගතුකමින් පිළිගෙන, "විෂන් සුවඳින් - සෙනෙහසේ ඇරයුම" සුහද හමුවට සහභාගී වූ ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන්නෙමු.
සිංහල අලුත් අවුරුදු සිරිය විඳිමින් අප පිළියෙල කළ අවුරුදු සංග්‍රහය භුක්ති විඳිමින් ඔබ දැක්වූ සුහදශීලී ප්‍රතිචාර අපට ඉමහත් සතුටකි. ඔබේ කාර්යබහුලත්වය මධ්‍යයේ අප වෙනුවෙන් වෙන් කළ ඒ වටිනා කාලය, අපේ ඉදිරි ගමනට ලබා දුන්නේ අතිමහත් ශක්තියක් සහ අභිමානයකි. ඔබේ පැමිණීම අපට වචනයෙන් කිව නොහැකි තරම් වටිනා අතර, එය අපේ බැඳීම තවත් ශක්තිමත් කළ බව නිසැකය.
අප කෙරෙහි ඔබ තැබූ විශ්වාසය සහ ලබා දුන් සහයෝගය සැමදා ගෞරවයෙන් සිහිපත් කරමු.
විෂන් ලංකා
✅ WhatsApp: 0773355117
fans

🌸 සෙනෙහස සහ ආලෝකය පිරි "නිදුක් නිරෝගී" සුබ අලුත් අවුරුද්දක් වේවා!​සූර්යයා අලුත් ගමනක් අරඹන මේ උතුම් මොහොතේ, සොබාදහම මෙන්...
14/04/2026

🌸 සෙනෙහස සහ ආලෝකය පිරි "නිදුක් නිරෝගී" සුබ අලුත් අවුරුද්දක් වේවා!
​සූර්යයා අලුත් ගමනක් අරඹන මේ උතුම් මොහොතේ, සොබාදහම මෙන්ම අපේ සිතිවිලි ද අලුත් විය යුතුය. මෙවර අලුත් අවුරුද්දේ "විෂන් ලංකා" අපේ ප්‍රාර්ථනාව, ඔබ සැමටත් ඔබගේ පවුලේ සැමටත් නිරෝගී සුවය පිරි අභිමානවත් වසරක් උදා වීමයි.
​🌿 ජීවිතය දිනූ "දිරිය මිනිසුන්ගේ" අත්කම් සුවඳින් නිවස සුවඳවත් කරමු...
​අපේ නිෂ්පාදන හුදෙක් වෙළඳ භාණ්ඩ නොව, දෛවයට අභියෝග කළ මිනිසුන්ගේ හදගැස්මයි. විෂන් ලංකා ආයතනයේ සුවිශේෂත්වය වන්නේ මෙහි පාලනය, නිෂ්පාදනය සහ අලෙවිය යන සියලුම අංශ රෝද පුටුවක සිටින, අත්වාරුවක වාරුව ලබන හෝ සුදු සැරයටියක මඟ පෙන්වීම ලබන දිරිය සහෝදර සහෝදරියන්ගේ දෑතින්ම සිදුවීමයි.
​ජීවිතයම අභියෝගයක් වූ මිනිසුන්ගේ ශක්තියෙන් සහ ධෛර්යයෙන් නිමවන මේ නිෂ්පාදන, මෙවර ඔබේ නිවසට රැගෙන එන්නේ පිරිසිදු මනුෂ්‍යත්වයේ ආශිර්වාදයයි.
​✨ ගුණාත්මක බවින් ඉහළ අපේ නිෂ්පාදන පෙළ:
​විෂන් හඳුන්කූරු: විස රසායනික ද්‍රව්‍ය රහිත, සෞඛ්‍යයට හිතකර විවිධ සුවඳ වර්ග රැසකින්.
​ප්‍රමිතියෙන් උසස් පහන් තිර: පිරිසිදු බව සහ නිසි ප්‍රමිතිය සුරැකිව සැකසූ විවිධ වර්ග.
​වර්ණවත් ඉටිපන්දම්: විවිධ හැඩතල සහ මනරම් වර්ණවලින් හැඩවුණු, උසස් නිමවුම්.
​පිරිසිදු ගිතෙල් පහන්: ඉහළම ප්‍රමිතියෙන් සහ පිරිසිදුව නිපදවූ පූජා භාණ්ඩ.
​🤝 මේ වසරේ සිට අපේ "අලුත් පුරුද්ද"...
​සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අතරට, මනුෂ්‍යත්වය වෙනුවෙන් කෙරෙන මේ උතුම් කාර්යයත් සිරිතක් වගේම පුරුද්දක් ලෙස එක් කරගන්න.
​ඔබේ නිවසේ, බුදු මැදුරේ හෝ දෙව් මැදුරේ...
​ඔබේ ව්‍යාපාරික ස්ථානයේ හෝ වෙළඳසැලේ...
​ඔබේ ත්‍රිරෝද රථයේ, බස් රථයේ හෝ පුද්ගලික වාහනයේ...
​"විෂන්" හඳුන්කූරක් දැල්වීම, පහන් තිරයක් පත්තු කිරීම අද සිට අලුත් සංකල්පයක් කරගනිමු. ඔබ දල්වන ඒ සෑම පහනකින්ම ආලෝකවත් වන්නේ, තමන්ගේම ශක්තියෙන් නැගී සිටින්නට වෙර දරන තවත් එක් දිරිය මිනිසෙකුගේ ජීවිතයයි.
​❤️ අපේ පැතුම...
​ඔබේ නිවස විෂන් ලංකා සුවඳින් පිරී යන විට, ඒ දිරිය මිනිසුන්ගේ මුහුණේ සිනහවක් පිපෙනු ඇත. එයම මේ නව වසරේ අප ලබන විශාලතම ආශිර්වාදයයි.
​ලක්වාසී සැමට සාමය, සතුට සපිරි නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා!
​විෂන් ලංකා නිෂ්පාදන - දිරිය මිනිසුන්ගේ අභිමානය!

**පානදුර වැසියන්ට සහ පින්වතුන්ට කෙරෙන කාරුණික ඇරයුමකි!** 🌸දෙපා වාරු නොමැති වුවත්, දෑස් පෙනීම අඩු වුවත්, තමන්ගේම දෑත් ශක්...
08/04/2026

**පානදුර වැසියන්ට සහ පින්වතුන්ට කෙරෙන කාරුණික ඇරයුමකි!** 🌸
දෙපා වාරු නොමැති වුවත්, දෑස් පෙනීම අඩු වුවත්, තමන්ගේම දෑත් ශක්තියෙන් අභිමානවත් ලෙස නැගී සිටින්නට වෙර දරන අපේම දිරිය සහෝදර සහෝදරියන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට දැන් ඔබට අවස්ථාව ඇත. 🤝❤️
එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔබේ නිවසට අවශ්‍ය පිරිසිදු ගිතෙල් පහන්, සුවඳ හඳුන්කූරු සහ ඉටිපන්දම් පහත ස්ථානයන්ගෙන් ලබාගෙන අපට සහාය විය හැක:
📍 **පානදුර සමුපකාර අවුරුදු පොළ**
📍 **Shopimo Fashion ආයතනය - පානදුර**
අපගේ නිෂ්පාදනයක් මිලදී ගැනීමෙන් ඔබ කරන්නේ හුදෙක් වෙළඳාමක් පමණක් නොව, තවත් මනුෂ්‍යයෙකුගේ ජීවිතය අභිමානයෙන් ආලෝකවත් කරන්නට කරන මහඟු ආයෝජනයකි. 🪔✨
අපට මෙම අවස්ථාව ලබා දුන් **පානදුර විවිධ සේවා සමුපකාර සමිතියටත්**, **Shopimo Fashion** ආයතනයටත් අපගේ හදපිරි ස්තූතිය පුද කර සිටිමු. 🙏🌹
ඔබේ එක සහයෝගයක් අපට මහමෙරක් වනු ඇත! කරුණාකර මෙය Share කර සහාය වන්න.
**විමසීම්:**
📞 **077 335 5117 / 070 635 5117**
📍 විෂන් ලංකා (Vision Lanka), පානදුර.

🌸 බක් පුර පසළොස්වක පෝයදා බෙල්ලන්විල රජමහා විහාරය සහ පානදුර රන්කොත් විහාරය වැඳපුදා ගැනීමට පැමිණෙන පින්වතුන් වෙත කෙරෙන කාර...
31/03/2026

🌸 බක් පුර පසළොස්වක පෝයදා බෙල්ලන්විල රජමහා විහාරය සහ පානදුර රන්කොත් විහාරය වැඳපුදා ගැනීමට පැමිණෙන පින්වතුන් වෙත කෙරෙන කාරුණික ඇරයුමකි! 🌸🙏
"අනුකම්පාවට වඩා, දිරිය දෑතක අභිමානය අගයන" මනුෂ්‍යත්වය පිරි හදවත් ඇති ඔබ සැමගෙන් කෙරෙන උදාර ඉල්ලීමකි. ❤️🇱🇰
දෑස නොපෙනුණත් හදවතින් ලෝකය දකින, දෙපා වාරු නොමැති වුවත් තමන්ගේම දෑත් ශක්තියෙන් නැගී සිටින්නට වෙර දරන අපේම දිරිය සහෝදර සහෝදරියන්ගේ නිෂ්පාදන මෙවර ඔබත් මිලදී ගන්න. 🪔🕯️✨
📍 අපව හමුවිය හැකි ස්ථාන:
✅ බෙල්ලන්විල විහාරය: රථ ගාල (Car Park) අසල, අයිස්ක්‍රීම් ලොරිය අසල.
✅ පානදුර රන්කොත් විහාරය: රථ ගාලේ (Car Park) දකුණු පසින් පිහිටි ජංගම වෙළඳ කුටිය.
විහාරස්ථානයේ සිදු කරන ඔබේ පින්බර පුද පූජා කටයුතු සඳහා මෙන්ම, එළඹෙන සිංහල අලුත් අවුරුද්දේ ඔබේ නිවස ආලෝකමත් කරන්නට සහ සුවඳවත් කරන්නට අවශ්‍ය:
🪔 පිරිසිදු ගිතෙල් පහන්
👃 සුවඳ හඳුන්කූරු
🕯️ පහන්තිර සහ ඉටිපන්දම් මෙතැනින් රැගෙන යන්න.
ඔබ මෙතැනින් මිලදී ගන්නා ඒ කුඩා පහන හෝ හඳුන්කූරු පැකට්ටුව, තවත් දිරිය මිනිසෙකුගේ ජීවිතය අභිමානයෙන් ආලෝකවත් කරන්නට ඔබ කරන මහඟු ආයෝජනයකි. 🤝🌹
ඔබේ වතාවත් සිදු කරන ගමන්ම, මේ දිරිය මිනිසුන්ගේ ජීවන ගමනටත් ශක්තියක් වන්න. 🌸❤️ ඔබ දෙන ඒ කුඩා සහයෝගය ඔවුන්ට මහමෙරක් වනු ඇත! 🙏✨
අපව සම්බන්ධ කර ගැනීමට:
📞 077 335 5117 / 070 635 5117
📍 විෂන් ලංකා (Vision Lanka), වලාන, පානදුර.

අතේ ඇති මුදලට වඩා හිතේ ඇති මනුස්සකම අගය කරන පානදුරේ ආදරණීය හදවත් වෙත කෙරෙන කාරුණික ඇරයුමකි! ❤️🇱🇰"අනුකම්පාව නොව, ශ්‍රමයට ...
30/03/2026

අතේ ඇති මුදලට වඩා හිතේ ඇති මනුස්සකම අගය කරන පානදුරේ ආදරණීය හදවත් වෙත කෙරෙන කාරුණික ඇරයුමකි! ❤️🇱🇰
"අනුකම්පාව නොව, ශ්‍රමයට ගෞරවය" පෙරදැරි කරගත් විෂන් ලංකා (Vision Lanka) අපේ දිරිය ආබාධිත සහෝදර සහෝදරියන්ගේ ජීවිත අභිමානයෙන් සිනාසෙනු දැකීම අපේ එකම පැතුමයි. ✊✨
🌸 එළඹෙන අලුත් අවුරුද්දේ අපට දිය හැකි ලොකුම සහයෝගය:
✅ වෙළඳසැල් හිමියන් වෙත: ඔබේ අලෙවිසැලේ අපේ නිෂ්පාදන වෙනුවෙන් පුංචි ඉඩක් වෙන් කළ හැකි නම්, එය මේ දිරිය මිනිසුන්ගේ ජීවිත දිනවන්නට දෙන මහා හයියකි. 🛒🤝
✅ ආයතන ප්‍රධානීන් වෙත: ඇඟලුම් කම්හල්, බැංකු හෝ පෞද්ගලික ආයතන පරිශ්‍රයන්හි අපට අලෙවි කුටියක් සඳහා අවස්ථාවක් ලබා දීමට සම්බන්ධීකරණය කර දෙන්න. 🏢 පින්බර අවුරුදු සමයේ ඔබ කරන ඒ කුඩා මැදිහත්වීම තවත් ජීවිතයක් ආලෝකවත් කරනු ඇත.
✨ අපේ පිරිසිදු නිෂ්පාදන (විස රසායනික රහිතයි):
👃 සුවඳ හඳුන්කූරු
🪔 පිරිසිදු ගිතෙල් පහන්
🕯️ පහන්තිර සහ ඉටිපන්දම්
කිසිදු භේදයකින් තොරව, මනුෂ්‍යත්වය වෙනුවෙන් මේ පණිවිඩය Share කර අපේ ගමනට ශක්තියක් වන්න. ඔබ දෙන ඒ පුංචි අවස්ථාව, තවත් ජීවිත රැසක් අභිමානයෙන් නැගී සිටීමට කරන උතුම් ආයෝජනයකි. 🙏❤️
අපව සම්බන්ධ කර ගැනීමට:
📞 077 335 5117 / 070 635 5117
📍 විෂන් ලංකා (Vision Lanka), වලාන, පානදුර.

25/03/2026

හුදෙකලාවෙන් මිදී සිනහව සොයා ගිය "කතරගම වන්දනා චාරිකාව" 🌸🙏
බොහෝ විට ආබාධිත පුද්ගලයෙකුට සාමාන්‍ය සමාජයේ එදිනෙදා විනෝදාස්වාද කටයුතුවල නිරත වීම එතරම් පහසු දෙයක් නෙවෙයි. බොහෝ දෙනෙක් තමන්ගේ නිවෙස් තුළම හුදෙකලාව, ඒකාකාරී ජීවිතයක් ගත කරන්නේ සමාජයේ ඇති බාධක නිසාමයි. තමන් වැනිම තවත් සහෝදර සහෝදරියන් මුණගැසී, හදවතින්ම සිනාසෙන්නට ඔවුන්ට අවස්ථාවක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි.
අන්න ඒ හුදෙකලාව බිඳ දමා, ඔවුන්ටත් සාමාන්‍ය පුරවැසියන් ලෙස ලෝකය දකින්නට ඉඩ හසර සලසා දීම "විෂන් ලංකා පදනමේ" අපගේ මූලිකම අරමුණයි.
ඒ අරමුණ පෙරදැරිව, 2026 පෙබරවාරි 28 සහ මාර්තු 01 යන දිනවල අප දෙවන වරටත් සංවිධානය කළ "කතරගම වන්දනා චාරිකාව" ඉතා සාර්ථකව නිම කිරීමට අපට හැකි වුණා. ඔවුන්ගේ දෑස්වල තිබූ ඒ සතුටත්, මුහුණුවල දිදුලන සිනහවත් අප ලැබූ විශාලතම ජයග්‍රහණයයි. ✨
අප සැමවිටම උත්සාහ කරන්නේ ආබාධිත පුද්ගලයින් ආර්ථිකව මෙන්ම මානසිකව ද සවිබල ගන්වා, ඔවුන් ද සමාජයේ සම අයිතිවාසිකම් භුක්ති විඳින පිරිසක් බවට පත් කිරීමටයි. 🤝❤️
මෙම සත්කාරය සාර්ථක කර ගැනීමට ශ්‍රමයෙන්, මූල්‍යමය වශයෙන් මෙන්ම ද්‍රව්‍යමය වශයෙන් ද සහයෝගය ලබා දුන් සැමට අපගේ හෘදයාංගම ස්තූතිය ගෞරවයෙන් පිරිනමන්නෙමු. ඉදිරියටත් අප සංවිධානය කරන මෙවැනි වැඩසටහන් සඳහා ඔබට හැකි අයුරින් දායක වන්නටත්, අප සමඟ අත්වැල් බැඳගන්නටත් ගෞරවයෙන් ආරාධනා කරමු!

🌸 සුවඳ දුම් පූජාවෙන් පින් පුරවා ගන්න.. ඒ සුවඳින් තවත් ජීවිතයක් ආලෝකමත් කරන්න! 🙏✨ මෙවර නවම් පුර පසළොස්වක පොහොය දින ඔබේ වත...
01/02/2026

🌸 සුවඳ දුම් පූජාවෙන් පින් පුරවා ගන්න.. ඒ සුවඳින් තවත් ජීවිතයක් ආලෝකමත් කරන්න! 🙏✨ මෙවර නවම් පුර පසළොස්වක පොහොය දින ඔබේ වත්පිළිවෙත් සඳහා සොබාදහමේ සුවඳ කැටි කළ උසස්ම තත්ත්වයේ හඳුන්කූරු පූජා කරන්න. සාමාන්‍ය හඳුන්කූරකට වඩා එහා ගිය, පානදුර වලාන "විෂන් ලංකා" ආයතනයේ අපේම දිරිය සහෝදර සහෝදරියන්ගේ දෑතින් නිමවුණු මෙම හඳුන්කූරු, ඉතා ඉහළ සුවඳකින් යුක්ත වන අතර වැඩි වේලාවක් සුවඳ රඳා පවතින පරිදි නිපදවා ඇත. ඔබ මිලදී ගන්නා එක හඳුන්කූරු පැකට්ටුවක් පවා, ශාරීරික බාධක පරදා ජීවිතය ජය ගන්න වෙර දරන ආබාධිත සහෝදරයෙකුගේ හෝ සහෝදරියකගේ හෙට දවසේ බලාපොරොත්තුවයි! 🤝💖 අද (පෙබරවාරි 01) දින පුරාවටම අපගේ විශේෂ නිෂ්පාදන පෙළ පහත ස්ථානවලදී ඔබට ලබාගත හැකියි: ✨ සුවඳැති හඳුන්කූරු සහ පහන්තිර 🕯️ ගිතෙල් පහන් ඉටිපන්දන් 🪔 පිරිසිදු ගිතෙල් පහන් 📍 ස්ථාන: 1️⃣ පානදුර රන්කොත් විහාරය 2️⃣ බෙල්ලන්විල රජමහා විහාරය (රථගාල අසල ඇති අපගේ ජංගම කුටිය) මේ උතුම් පොහොය දිනයේ ආමිස පූජාවන්හි නිරත වන අතරම, තවත් කෙනෙකුට අත්වැලක් වීමේ ප්‍රතිපත්ති පූජාවටත් දායක වන්න. ඔබ වැය කරන සෑම රුපියලක්ම ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් සිදු කරන උතුම් ආයෝජනයකි. ඔබ සැමට පින්බර නවම් පොහොය දිනයක් වේවා! තෙරුවන් සරණයි! 🙏 #සුවඳදුම්පූජාව #හඳුන්කූරු #නවම්පෝය #සමාජසත්කාරය #ආබාධිතදිරිය #බෙල්ලන්විල #පානදුර #රන්කොත්විහාරය

Address

Farlm Grow Avenue
Panadura
12500

Alerts

Be the first to know and let us send you an email when vision lanka foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share