Dr.Iresha Gunathilake - Ayurdha Ayurveda Medical Centre

Dr.Iresha Gunathilake - Ayurdha Ayurveda Medical Centre Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr.Iresha Gunathilake - Ayurdha Ayurveda Medical Centre, Medical Center, 231/1, Galle Road, Panadura.

ඩොක්ටර්.. මේ..බබාගේ ඇගේ බිබිලි වගයක් දාලානේ......🤕🤕🤕සාමාන්‍යයෙන් අවුරුදු 5ට අඩු වගේ දරුවන්ගේ (අවු.6,7 තෙක් සෑදීමට හැකියා...
09/10/2025

ඩොක්ටර්..
මේ..බබාගේ ඇගේ බිබිලි වගයක් දාලානේ......🤕🤕🤕

සාමාන්‍යයෙන් අවුරුදු 5ට අඩු වගේ දරුවන්ගේ (අවු.6,7 තෙක් සෑදීමට හැකියාව ඇත.) මේ දවස් වල නිතරම දකින්න පුලුවන් රෝග තත්වයක්....

Hand Foot Mouth Disease
අත් පා මුඛ රෝගය

මේක virus එකක් නිසා(enterovirus) හැදෙන ලෙඩක්..ගොඩක්ම හැදෙන්නේ පොඩි දරුවන්ට.
ඒ වගේම හරිම වේගෙන් බෝවෙනවා.මෙය අත් පා මුඛ රෝගය ලෙස දක්වා ඇත්තේ බහුලවම මෙම ස්ථාන වල රෝග ලක්ෂන ඇති කරන නිසා.වැඩිහිටියන්ට මේ රෝගය බෝ නොවුනත් එයාලගෙන් මෙය කුඩා දරුවන්ට සම්ප්‍රේෂනය වීමේ හැකියාව පවතිනවා.රෝගය බෝ වීම සිදුවන්නේ රෝගී දරුවෙකුගේ කැස්ස,කිවිසුම් ,මලපහ,කෙල,සෙම්,සොටු මෙන්ම හටගන්නා බිබිලි පිපිරී පිටතට එන ස්‍රාවයන් නිරෝගී දරුවෙකුගේ තැවරීමෙන්
රෝගය ඇති අයෙක් සමග දරුවා සිටියොත් එදින සිට දවස් 3-6ක් ඇතුලත රෝග ලක්ෂණ පහලවෙන්න පුළුවන්.
👇රෝග ලක්ෂණ
🔸දරුවා අලසව/අප්‍රාණිකව කාලය ගත කිරීම
🔸උගුරේ අමාරුව
🔸උණ (100-102F)
🔸කෑම අරුචිය ( උගුරේ බිබිලි දැමීම නිසා වේදනාවට කෑම අරුචිය ඇති
වේ. )
🔸කට වටේ රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි
🔶අත්වල රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි
🔸කකුල්වල රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි
🔸තට්ටම් ප්‍රදේශයේ රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි
🔸සමහරුන්ගේ බිබිලි දැමීමට පෙර රතු පැහැති කුෂ්ඨයක් ඇතිවී පසුව බිබිලි දැමිය හැක.
🔸දින කිහිපයකින් මෙම බිබිලි පිපිරී ඝන පොත්තක් සෑදෙනු ඇත.
මෙම රෝගය දින 6-7ක් පැවතිය හැක.

👉වෛද්‍යවරයෙකු බිබිලි දෙස බලා රෝග නීර්ණය සිදුකරන අතර බොහෝවිට අමතර පරීක්ෂණ අවශ්‍ය නැත.

👉මෙම රෝගයේදී ක්‍රියා කලයුතු ආකාරය
🔸මෙය වෛරස් රෝගයක් නිසා විශේෂ බෙහෙත් වර්ග අවශ්‍ය නැති අතර උණ ඇතිනම් එය පාලනය කල යුතුය...
🔸උගුරේ අමාරුව නිසා ඇතිවන කෑම අරුචිය මගහැරීමට දරුවාට මෘදු, සිසිල් අහාර ලබාදෙන්න. දෙහි, දොඩම්,අන්නාසි සහ උෂ්ණ අහාර නොදෙන්න.
🔸විජලනයෙන් රැකගැනීම සඳහා සාන්ද්‍ර බවින් අඩු සහ ආම්ලික නොවන දියර වර්ග ලබාදෙන්න
🔸සැමවිටම මද උණුසුම් ජලය පානයට ලබාදෙන්න
🔸උගුර සෝදා පිටතට දැමීමට හැකියාව පවතින දරුවෙකු නම් මද උණුසුම් ජලයට ලූණු ස්වල්පයක් එක්කර උගුර සේදීමට ලබාදෙන්න.
🔸බිබිලි පිපිරී තුවාල ඇතිවීම නිසා වෙනත් ආසාදන මතුවිය හැකිබැවින් සැමවිටම දරුවා පිරිසිදුව තබාගන්න. ඒ සඳහා මද උණුසුම් ජලයෙන් පිරිසිදු කර තෙත මාත්තු කරන්න.

👉රෝගය බෝවීමෙන් වැළකෙන්නේ කෙසේද?

🔹රෝගය සැදුනු ළමයින්ව පෙරපාසැල්/පාසැල්/දිවා සුරැකුම් මධ්‍යස්ථාන නොයවා රෝගය සුව වෙනතුරු සිටින්න.
🔹දරුවා පොදු ස්ථානවලට රැගෙන යාමෙන් වළකින්න.
🔹සැම විටම ගමන් බිමන් වලින් පසුව, දරුවාගේ මලපහ පිරිසිදු කිරීමෙන් පසුව අත් සෝදන්න.
🔹දරුවාගේ මලපහ ක්‍රමවත් ආකාරයකට බැහැර කිරීමට වගබලාගන්න
🔹නිවසේ එක රෝගී දරුවෙකුගේ සෙල්ලම් බඩු අනිත් දරුවන්ට නොදෙන්න.
🔹නිරෝගි දරුවන්ට නිතරම අත් සේදීමට පුරුදු කරන්න.
🔹දරුවාව පිරිසිදුව තබාගන්න.

Hand Foot & Mouth Disease වැළඳුණු උණ නැති දරුවන්ගේ ඇඟ සේදීමට රත්මල් කැකුළු,වදමල් කැකුළු, අමු කහ, ගංසූරිය,නිදිකුම්බා, කොහොඹ, වෙනිවැල් ගැට, දෙළුම් කොළ වැනි ඖෂධීය කොළ වර්ග භාවිතා කල හැකියි. මෙම කොළ වර්ග මුට්ටියකට දමා තම්බා පෙරා එම වතුරින් රෝගය වැළඳුණු දරුවන් සේදීමෙන් එම දරුවාගේ ශරීරයේ ඇති බුබුළු ඉක්මනින් සුව කළ හැකි සේම දරුවාට එමඟින් ලොකු සුවයක් හා සහනයක් ද ලබාගත හැකිය.

සැ.යු:👇👇
ඔබේ දරුවාටද මෙම රෝගය වැලඳී ඇත්නම් එම දරුවාට උණ නොමැතිනම් පමණක් මෙම ඖෂධීය ප්‍රතිකාරය සිදුකරන්න.
මේ අතර සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගන්න.
රෝගය සම්පූර්ණයෙන්ම සුවවන තුරු සබන් භාවිතා නොකරන්න.

🟢 නිවැරදි ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර තුළින් රෝගය මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ඇරඹීමෙන් දෙන 4-6ත් අතර කාලයකදී සම්පූර්ණයෙන් සුව කිරීමට හැකියාව ඇත.
එසේම මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර කිරීම මඟින් කැලැල් නොමැතිව රෝගය ඉතා ඉක්මනින් සුව කර ගත හැක.

🟢රෝගය ශරීර පුරා පැතිරුණු විට ආයුර්වේද ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් දින 6-10 අතර කාලයකදී සුව කරගත හැකිය.

සටහන- Dr.L.I.M.Gunathilake
BAMS(Hons) University of colombo
SLAMC Reg.No.16120
Online ප්‍රතිකාර සඳහා විමසීම්: Whtasapp 0714781780/0788888268

📌ආයුර්ධා වෛද්‍ය මධ්‍යස්ථානය,අංක 231/1,නව ගාලු පාර,එගොඩ උයන,මොරටුව.
Dr.Iresha Gunathilake - Ayurdha Ayurveda Medical Centre

🟥ඔබත් මුත්‍රා ගල් වලින් පීඩා විදිනවාද????🟥🔹මුත්‍රා අශ්මරී ආයුර්වේදයේ එන මහා රෝග අටෙන් එකක්.මෙයින් ඇතිවන්නේ මිනිසාට දරාගත...
06/10/2025

🟥ඔබත් මුත්‍රා ගල් වලින් පීඩා විදිනවාද????🟥

🔹මුත්‍රා අශ්මරී ආයුර්වේදයේ එන මහා රෝග අටෙන් එකක්.මෙයින් ඇතිවන්නේ මිනිසාට දරාගත නොහැකි වේදනාවක් බව කියවෙනවා.මෙම රෝගය කාන්තාවන්ට වඩා පුරුෂ පාර්ශ්වය අතර බහුලයි.

🔹මුත්‍රා ගල් වල බහුලවම පවතින සංඝටකය කැල්සියම් ඔක්සලේට් හැදින්විය හැකියි .
ඊට අමතරව කැල්සියම් පොස්පේට්,යුරික් ඇසිඩ් ,ක්‍රිස්ටලයින් දැක්විය හැකියි.

🔹ජලය අඩුවෙන් පානය කිරීම නිසා මෙම සංඝටක වල සාන්ද්‍රනය වැඩි වී ඒවා ඝණ වී මුත්‍රා ගල් ඇතිවෙනවා .

🔹මෙම මුත්‍රා ගල් වකුගඩු ,මුත්‍ර ප්‍රනාල,මුත්‍රාශය ආශ්‍රිතව ඇතිවෙනවා.

🔹මුත්‍රා ගල් ඇතිවීමට විවිධ හේතු බලපානවා .

එනම්;

👉උෂ්ණ අධික ආහාර ගැනීම( ඉස්සො,දැල්ලො,බලමාලු,අච්චාරු )
👉අධික ලෙස මත්පැන් පානය කිරීම
👉කැල්සියම් ආහාර වැඩිපුර ගැනීම
👉විවිධ රෝගී තත්ව-(මූත්‍ර මාර්ගය ආශ්‍රිත ප්‍රදාහ තත්ව වැනි)
👉ප්‍රෝටීන් අධික ආහාර බහුලව ගැනීම
👉කලින් ආහාරය දිරවීමට පෙර නැවත ආහාර ගැනීම
👉අජීර්ණය
👉අධික ව්‍යායාම
👉ආනූප මාංස (තෙත සහිත ප්‍රදේශ වල සිටින සතුන්ගේ මාංස)
👉කිවුල් ජලය පානය දැක්විය හැකියි.

🔹මුත්‍රා ගල් ඇති අයෙකුගේ ලක්ෂණ ආයුර්වේදයේ මෙසේ දක්වා තිබෙනවා.

👉නාභි,වකුගඩු, ගුදය,අණ්ඩ කෝශ ප්‍රදේශයේ ,මුත්‍රාශය ප්‍රදේශයේ අනින්නාක් බදු වේදනාව.ගලෙගි ප්‍රමාණය අනුවත් තිබෙන තැන අනුවත් වේදනාව වෙනස් වේ.ඇතැම් අවස්ථාවන්හිදී රෝගීයාට දරා ගැනීමට නොහැකිව බිම පෙරලීම පවා සිදුවිය හැක.මෙය ඉතා තද බල වේදනාවකි.

👉කඩින් කඩ යන මුත්‍ර ධාරවක් තිබීම(මුත්‍රා ගලෙන් ඇතිකරන බාධාව හෙතුවෙන්)

👉දැවිල්ලක් සහිතව මුත්‍රා පිටවීම.

👉මුත්‍රා ගල් නිසා මුත්‍ර මාර්ගය තුවාල වීමෙන් වේදනාවෙන් ,රුධිරය මිශ්‍ර මුත්‍රා පිටවීම.

මීට අමතරව,

👉උදරයේ වේදනාව .

👉කෑම අරුචිය.

👉 වමනය.

👉මුත්‍රා අඩුවෙන් පිටවීම හෝ මුත්‍රා පිට නොවීම වැනි රෝග ලක්ෂණ දැක්විය හැකියි.

මෙම තත්වය මුත්‍ර පරීක්ෂණ සහ scan පරීක්ෂණ මඟින් හඳුනාගත හැක.

ප්‍රතිකාර සඳහා විමසීම් 078 8888268

ආයුර්ධා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
අංක 231/1,එගොඩ උයන මොරටුව (අළුත් පාලම අසල )

📌️ Ayurdha - Ayurveda Medical Centre
078 888 8268
https://maps.app.goo.gl/7bVi59W23qmRxpY46

ඔයාගේ බඩත් ගිනි කන්දක් වගේද?ඔයාටත් උදරයේ දැවිල්ල, උගුර හා පපුවේ දැවිල්ල බඩ පුරවා දැමීම ඇඹුල් රසට උගුරට ඒම, සමහර අවස්ථාවල...
05/10/2025

ඔයාගේ බඩත් ගිනි කන්දක් වගේද?

ඔයාටත් උදරයේ දැවිල්ල, උගුර හා පපුවේ දැවිල්ල බඩ පුරවා දැමීම ඇඹුල් රසට උගුරට ඒම, සමහර අවස්ථාවල පපුවේ ඇතිවන වේදනාව, හිසරදය, වමනය තියෙනවද?
ගැස්ට්‍රයිටිස් රෝගය නොසලකා හැරීමෙන් බඩේ තුවාල සහ ඒවා පිළිකා තත්ත්ව දක්වා වර්ධනය විය හැක.
👉කෘතිම රසායනික කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත.
👉සතියක් ඇතුලත ඇතුළත ඔබටම වෙනසක් අත්විඳිය හැක.
👉අතුරු ආබාධ රහිතයි
👉වෙනත් ඖෂධ සමඟ සංකූලතා ඇති නොකරයි.

මිලදී ගත් පසු ඕනම අවස්ථාවක වෛද්‍යවරයා මගින් නොමිලේ උපදේශන සේවය ලබා ගත හැක.
වැඩිදුර ප්‍රතිකාර වෛද්‍යවරයා හමුවී ලබාගත යුතුයි.

මිල රු.980

ආයුර්වේද වෛද්‍යවරයෙකු විසින්ම නිපදවන නිසා ප්‍රතිඵල සහතිකයි.

🔺. උදේට ඇඳෙන් නැගිට්ට ගමන් කකුල බිම තියන්න බැරිතරම්  කැක්කුම ද? 🔺. යටිපතුලට උල් කටුවකින් හැමතිස්සෙම අනිනවා වගේ රිදුම් දෙ...
25/09/2025

🔺. උදේට ඇඳෙන් නැගිට්ට ගමන් කකුල බිම තියන්න බැරිතරම් කැක්කුම ද?
🔺. යටිපතුලට උල් කටුවකින් හැමතිස්සෙම අනිනවා වගේ රිදුම් දෙනවා ද?
🔺. කොච්චර බෙහෙත් බිව්වත් ගුණයක් නැද්ද?

ඔබ දන්නවාද🤔🤔🤔 ලෝකයේ මිලියන දෙකකට ආසන්න පිරිසක් මෙම රෝගයෙන් පීඩාවට පත්ව සිටින බව.

✅නමුත් එම රෝගී තත්ත්වය විධිමත් වූ වෛද්‍ය ක්‍රම මඟින් සුවකර ගත හැකි බව සතුටට කරුණකි.

◾මෙහිදී ඇතිවන අපහසුතා....

🔺. උදේට ඇදෙන් බිමට පාද තැබීමේ අපහසුව

🔺 විලුඹේ තද ගතිය සහ ඇව්දීමේ අපහසුතාවය

🔺. බොහෝ වෙලාවක් වාඩි වී සිටි තැනින් නැගිට සිටීමේ අපහසුව

🔺. පාදය ඉදිමීම

🔺. මස් කෙන්ඩ ප්‍රදේශයේ ඇතිවන වේදනාව සහ ඉදිමුම

🔺. කොන්ද කැක්කුම

🔺. පතුලේ හිරිය

🔺. දැවිල්ල

බොහෝ දෙනෙක් මේවනවිට පීඩා විදින රෝගී තත්වයන් ලෙස මෙය හදුන්වාදිය හැක.

☘️ බහුලවම මෙම තත්වය ඇතිවන්නන් ලෙස, අවදානම් කාණ්ඩ (Risk Factors)

🔹. වයස අවුරුදු 40 - 70 අතර පිරිස

🔹. අධික තරබාරුවෙන් පෙලෙන පුද්ගලයන්

🔹. බොහෝවිට අඩි උස පාවහන් පැලදින කාන්තාවන්

🔹. කාන්තාවන් සඳහා ප්‍රවණතාවය වැඩිය

🔹. අධිකව ඇවිදින සහ වැඩිවේලාවක් සිටගෙන සිටින අය
🔹. වැඩිපුර අසම බිම් මතුපිට රළු පොලොවේ අධිකව ඇවිදින අය
🔹. වකුගඩු ආසාදන තත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයන් හට ඇතිවේ.

🔹. යටිපතුල් වක්‍රතාවයහි ඇති විකෘතිතා

🔹. විලුබෙ හි ඇතිවන තියුණු අනින සුළු වේදනාව(Stabbing Pain).
🔹. උදෑසන අවදි වීමෙන් පසුව, පියවර කිහිපයක් ඇවිදීමට නොහැකි වීම.
🔹. කාර්යයක් කිරීමේදී වේදනාව ඇති නොවූවත් එය අවසන් වූ පසු වේදනාව ඇතිවීමට පටන් ගැනීම.

🚫මේ සදහා බටහිර ප්‍රතිකාරවලදී කෙරෙනුයේ වේදනානාශක එන්නත් විදීම හෝ විලුඹ ආශ්‍රිතව ඇති කණ්ඩරාව ශල්‍යකර්මයකට බදුනු කිරීම හා වේදනා නාශක පෙති ලබාදිම සිදුකරයි..මෙය තාවකාලිකව සුවපත් වූවද බොහෝවිට කල්යාමත් සමග මෙම තත්වය නැවතත් ඇති වේ.

🟠. ආයුර්වේදය තුළ මේ සදහා චිකිත්සාව ඉතා සාර්ථකව දක්වා ඇති අතර ඒ සදහා විශේෂ පත්තු වර්ග හා තැවිලි වර්ගත් ඇත. ඒවා අවස්තානුකූලව යොදා ගත හැක. එය ඉතාම සාර්ථකය.

✅ මේ සදහා රෝගයත්, රෝග ඉතිහාසයත්, රෝගියාත් පරික්ෂාකර බලා වෛද්‍යවරයා විසින් ප්‍රතිකාර නීර්නය කළ යුතුය. ඉතා සාර්ථක අභ්‍යන්තර ඖෂධ මෙන්ම බාහිර ඖෂධ ආයුර්වේද ප්‍රතිකාර තුළ ඇති බැවින් ප්‍රතිකාර සදහා යොමු වීමෙන් ඉතාමත් කෙටි කලකින් නැවත ඇතිවීමකින් තොරව සුවපත් කළහැක.

☎️ප්‍රතිකාර සදහා විමසීම් :
Dr. L.I.M.Gunathilake
BAMS (Hons) University of Colombo
SLAMC Reg 16120
Call 078 8 888268 whatsapp 071 4781780

♦මෙවන් ලිපි කියවීමට ඔබත් කැමතිනම් අපේ පේජ් එකට 👍එකක් දමා අප හා එක්වන්න..

03/09/2025

විළුඹේ කැක්කුම Plantar Fasciitis

ප්‍රතිකාර සඳහා විමසීම් 078-8888268

වෛද්‍ය ඉරේෂා ගුණතිලක
ලි.ප.අං.16120
BAMS (Hons) University of Colombo

ආයුර්ධා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය.
අං.231/1,ගාලු පාර,එගොඩ උයන,මොරටුව (අළුත් පාලම අසල)


#ආයුර්වේද

ඔස්ටියෝ ආතරයිටිස් නිසා ඇතිවන දණහිස් වේදනාව,දනහිසේ ඇතිවන ශබ්දය,ඇවිදීමේ සහ පඬිපෙල් නැගීමෙ බැසීමෙ අපහසුව ඇති රෝගීන් සදහා සි...
01/09/2025

ඔස්ටියෝ ආතරයිටිස් නිසා ඇතිවන දණහිස් වේදනාව,දනහිසේ ඇතිවන ශබ්දය,ඇවිදීමේ සහ පඬිපෙල් නැගීමෙ බැසීමෙ අපහසුව ඇති රෝගීන් සදහා සිදුකල ආයුර්වේද ප්‍රතිකාරවල අවසන් අදියර ලෙස සිදුකරනු ලැබූ ජානු වස්ති ප්‍රතිකාර...

ආතරයිටිස් සඳහා නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර.

ප්‍රතිකාර සඳහා විමසීම් 078-8888268

වෛද්‍ය ඉරේෂා ගුණතිලක
ලි.ප.අං.16120
BAMS (Hons) University of Colombo

ආයුර්ධා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය.
අං.231/1,ගාලු පාර,එගොඩ උයන,මොරටුව (අළුත් පාලම අසල)


#ආයුර්වේද

07/08/2025

වසර 7ක් පුරා පැවති සමේ රෝගී තත්වයක් සඳහා කරනු ලැබූ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර..

කුෂ්ඨ රෝග සඳහා නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර.

ප්‍රතිකාර සඳහා විමසීම් 078-8888268

වෛද්‍ය ඉරේෂා ගුණතිලක
ලි.ප.අං.16120
BAMS (Hons) University of Colombo

ආයුර්ධා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය.
අං.231/1,ගාලු පාර,එගොඩ උයන,මොරටුව (අළුත් පාලම අසල)

#ආයුර්වේද

කොඳු ඇට පෙලේ ස්නායු තෙරපුමක් නිසා ඇතිවන සයටිකා රෝගී තත්වයේ ප්‍රතිකාර පද්ධතිය අවසානයේ සිදු කරනු ලැබූ කටී වස්ති ප්‍රතිකාරය...
25/06/2025

කොඳු ඇට පෙලේ ස්නායු තෙරපුමක් නිසා ඇතිවන සයටිකා රෝගී තත්වයේ ප්‍රතිකාර පද්ධතිය අවසානයේ සිදු කරනු ලැබූ කටී වස්ති ප්‍රතිකාරය ...

වාත රෝග සඳහා නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර.

ප්‍රතිකාර සඳහා විමසීම් 078-8888268

වෛද්‍ය ඉරේෂා ගුණතිලක
ලි.ප.අං.16120
BAMS (Hons) University of Colombo

ආයුර්ධා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය.
අං.231/1,ගාලු පාර,එගොඩ උයන,මොරටුව (අළුත් පාලම අසල)

#ආයුර්වේද

වමන කර්මය මඟින් ශරීරයෙන් විෂ ද්‍රව්‍ය සහ අතිරික්ත කඵ දෝෂ ඉවත් කරයි. මෙහිදී වමනය ඇති කරනු ලබනුයේ ඖෂධ ද්‍රව්‍ය මඟිනි. මෙම ...
01/12/2024

වමන කර්මය මඟින් ශරීරයෙන් විෂ ද්‍රව්‍ය සහ අතිරික්ත කඵ දෝෂ ඉවත් කරයි. මෙහිදී වමනය ඇති කරනු ලබනුයේ ඖෂධ ද්‍රව්‍ය මඟිනි. මෙම ප්‍රතිකාරය බහුලව නියම කරනු ලබන්නේ පොතු කබර වැනි සමේ රෝග ඇති රෝගීනටයි. වමන කර්මය සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ අභ්‍යන්තර හා බාහිර චිකිත්සා පද්ධතියකින් පසුව සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ය. එය ආයුර්වේදයේ එන පංචකර්ම වලින් එකක් ලෙස සලකනු ලැබේ. එසේම සමස්ත සෞඛ්‍යය සහ යහපැවැත්ම පවත්වාගැනීම මඟින් ශරීරයේ දෝෂ සමතුලිතතාවයට පත් කරයි.

Vamana karma is a therapeutic procedure in Ayurveda aimed at expelling toxins and excess Kapha dosha from the body.
It involves controlled vomiting induced through the administration of medicated substances. This treatment is typically prescribed to individuals with psoriasis like skin conditions mostly. Vamana karma is usually performed under the supervision of a qualified Ayurvedic doctor after a preparatory phase of internal and external medicines.
It's considered one of the five purification therapies (Panchakarma) in Ayurveda and is believed to restore balance to the body's doshas, promoting overall health and well-being.

කුෂ්ඨ රෝග සඳහා නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර.

ප්‍රතිකාර සඳහා විමසීම් 078-8888268

වෛද්‍ය ඉරේෂා ගුණතිලක
ලි.ප.අං.16120
BAMS (Hons) University of Colombo

ආයුර්ධා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය.
අං.231/1,ගාලු පාර,එගොඩ උයන,මොරටුව (අළුත් පාලම අසල)

#ආයුර්වේද

Address

231/1, Galle Road
Panadura

Opening Hours

Monday 09:00 - 13:00
Tuesday 09:00 - 13:00
Wednesday 09:00 - 13:00
Thursday 09:00 - 13:00
Friday 09:00 - 13:00
Sunday 09:00 - 13:00

Telephone

+94714781780

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Iresha Gunathilake - Ayurdha Ayurveda Medical Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category