Sandasi Ayur

Sandasi Ayur Ayurveda treatment center and pharmacy.

සුබ අලුත් අවුරුද්දක් වේවා!
13/04/2025

සුබ අලුත් අවුරුද්දක් වේවා!

මේ බක්මහේ ගේ දොර වගේම ඔබේ  ගත සිතත් clean කර ගමුද?සියලුම සුවතා ප්‍රතිකාර සඳහා 10% වට්ටමක්ශීර්ෂ තෛල අභ්‍යංග ප්‍රතිකාර ( H...
23/03/2025

මේ බක්මහේ ගේ දොර වගේම ඔබේ ගත සිතත් clean කර ගමුද?

සියලුම සුවතා ප්‍රතිකාර සඳහා 10% වට්ටමක්

ශීර්ෂ තෛල අභ්‍යංග ප්‍රතිකාර ( Head massage Treatment)

ශිරෝධාරා ප්‍රතිකාර

සර්වාංග තෛල අභ්‍යංග ප්‍රතිකාර ( Full body oil massage treatment)

ස්වේදකර්ම ප්‍රතිකාර( Steam bath Treatment)

ආයුර්වේද රූපලාවණ්‍ය ප්‍රතිකාර ඇතුලු

ඔබේ ගතට සිතට සුවය ගෙනෙන ප්‍රතිකාර සඳහා ,

මාර්තු 25 සිට අප්‍රේල් 10 දක්වා 10% ක විශේෂ මිල ගණන් අඩු කිරීමක් සිදු වේ.

( මේ සමඟ ම ඔබේ සෞඛ්‍ය තත්වය ගැන වෛද්‍යවරයෙකු සමඟ කතාකිරීමට , වෛද්‍ය උපදේශන සේවාවක් ක්‍රියාත්මකයි . ඒ සඳහා ගාස්තු අය නො කෙරේ.)

දුරකථන ඇමතුමක් ලබාදි ඔබට අවශ්‍ය සුවතා ප්‍රතිකාර සඳහා වේලාවක් අදම වෙන් කරවා ගන්න.)

☎️ 0705383112

Sandasi Ayur 🌿
ඔබගේ සුව මිතුරා

16/03/2025

බෙල්ල, උරහිස ආශ්‍රිතව ඇතිවන විවිධ රෝග තත්ව නිසා ඔබත් පීඩාවට පත් වෙලාද?

🔴 අත එසවීමේ ගැටලු,
🔴බෙල්ල හැරවීමේ අපහසුකම්,
🔴බෙල්ල උරහිස, අත දිගේ යන වේදනාව,

මේ වගේ බොහෝ ගැටලුවලින් , අපගේ රෝගීන් පිඩා විඳිනවා.

අද සමාජයේ අස්ථි, සන්ධි ආශ්‍රිත රෝග තරුණ වයසේම වැඩි වීමක් දක්නට ලැබීම කණගාටුවට කරුණක්.

විවිධ හේතු මෙයට බලපෑවත් ප්‍රධානම හේතු ලෙස අපගේ වර්තමාන ජිවන රටාව සමඟ ඇතිවන කාර්‍ය බහුලතා මත ,
🟦පෝෂ්‍යදායී ආහාරවේලක් ලබා නොගැනීම,
🟦ක්ෂණික ආහාර,
🟦ජලය අවම ලෙස භාවිතය,
🟦ව්‍යායාම අවම වීම,
🟦වැරදි ඉරියව් රටා, යනාදිය සැලකිය හැකියි.

රෝග ලක්ෂණ ඉහත සඳහන් කර ඇති පරිදි උනත් මේ ලක්ෂණවලට හේතු වෙන රෝග වෙනස් වෙනවා.

බෙල්ල උරහිස ආශ්‍රිතව ප්‍රධානවම ඇතිවන රෝග තත්ව දෙකක් ලෙස,

1. අවබාහුක රෝගය / FROZEN SHOULDER

" එක පලුවෙක සඳ ගැලවුන විලසට
ගත අවබාහුක නම් ඒ වාතෙට " ( සි.යො.ර)

උරහිස් සන්ධිවල ක්‍රියාකාරිත්වයේ වෙනස්වීම් සමඟ සන්ධිස්ථාන වියළීම,
ස්නායු හා මර්මවලට හානී වීම යන කාරණා නිසා මෙම තත්වය ඇති වෙනවා.මෙහිදි ,

අත එසවීමේදි ඇති වන වේදනාව , අත සම්පූර්ණව ඉහළට එසවීමට නොහැකි වීම, අතේ හිරිය ඇතිවීම යන ලක්ෂණ ප්‍රධානවම ඇතිවෙනවා.

2.මන්‍යාස්ථම්භ / Cervical Spondylosis

මෙම රෝගයේදි අපේ ග්‍රෛවී කශේරුකා අතර පවතින අන්තර් කශේරූක බිම්බවල පරිහානියක් ඇතිවෙනවා. ඒ නිසා ඒවා අතර පිහිටීම, උස ප්‍රමාණ වෙනස් වෙනවා.මේ හේතුවෙන් ඇතිවෙන තෙරපුමෙන් , මේ ආශ්‍රිත ස්නායු පීඩා විම නිසා අපට වේදනාව ඇතිවෙනවා.

එහිදි බෙල්ල හැරවීමේ අපහසුතා, බෙල්ල දිගේ හිස පැත්තට හා අත දෙසට යන වේදනාව, හිරිය වැනි රෝග ලක්ෂණ ප්‍රධානවම ඇති වෙනවා.

ඉහත පරිදි රෝග ලක්ෂණඑකම වුවත්, රෝග මූලය වෙනස් විය හැකි මෙම රෝග සඳහා නිවැරදි රෝග විනිශ්චයකින් පසුව ප්‍රතිකාර කිරීමෙන් රෝගය සුව කර ගැනීමේ හැකියාව ඔබට පවතිනවා.
-------------------

💠 නිවැරදි රෝග විනිශ්චය ,
💠 අප විසින්ම නිෂ්පාදනය කරන ගුණාත්මක
ඖෂධ රෝගීන්ට ලබාදීම.
💠 තෙල් ගෑම, පත්තු බැඳීම, ව්‍යායාම් කරවීම
වෛද්‍යවරුන් විසින්ම සිදුකිරීම යන කාරණා
නිසා අප වෙතට පැමිණන රෝගින් කෙටි
කාලයකින් සුව වනු දැකීම අපට සතුටට
කාරණාවක්.

ඔබට නිරෝගී දවසක් වේවා..💚 🙏🙏🙏

🌿 සඳසි ආයුර් -
Sandasi Ayur
ඔබගේ සුව මිතුරා 💚

-----
විවෘතව පවතින වේලාවන්

ඉරිදා හැර සෑම දිනකම
පෙ.ව.- 9.30 - සවස 4.30

☎️ 0705383112

( ඉරිදා දින කලින් වෙන් කරවා ගත් රෝගින් සඳහා ප්‍රතිකාර කරනු ලැබේ)

“බඩ යනකොට බෙලි කනවා, බෙලි කනකොට බඩ යනවා” මේ කියමන ජනවහරේ පවතින ප්‍රකට කියමනක්. මෙය බෙලි වල ඇති මහඟු ගුණ කියාපෑමට උචිතම ය...
14/03/2025

“බඩ යනකොට බෙලි කනවා, බෙලි කනකොට බඩ යනවා” මේ කියමන ජනවහරේ පවතින ප්‍රකට කියමනක්. මෙය බෙලි වල ඇති මහඟු ගුණ කියාපෑමට උචිතම යෙදුමකි. බෙලි යනු සම්පූර්ණ ගසේ කොටස් වැඩි ප්‍රමාණක් ඖෂධ ලෙස භාවිතා කළ හැකි ශාකයක් වන අතර අතීසාරය වැනි බුරුලට මළපහ පිටවන අවස්ථාවලදී අමු බෙලි ගැට තම්බා බීම ඉතාම ගුණදායකය. මල බද්දය වැනි බඩ වේලුනු අවස්ථාවලදී හොඳින් ඉදුණු බෙලි මද ආහාරයට ගැනීම ගුණ දායක වේ. බෙලි මල් යනු වියලා පානයක් ලෙස සකසාගත හැකි ගුණදායක ඔසුවකි.

ඔබේ ගම්පළාතේ බෙලි ශාකය උපයෝගි කර ගනිමින් සිදු කරන අත් බෙහෙත් තව කෙනෙකුට දැනගන්න Comment කරන්න.

"ආතරයිටිස්වලින් විතරයිද දණහිස් කැක්කුම ඇති වන්නේ..."ඔබ මේ ගැන දැනුවත්ද..?ආතරයිටිස් නොවන වෙනත් හේතුන් නිසාත් දණහිස් හා සන...
02/03/2025

"ආතරයිටිස්වලින් විතරයිද දණහිස් කැක්කුම ඇති වන්නේ..."

ඔබ මේ ගැන දැනුවත්ද..?
ආතරයිටිස් නොවන වෙනත් හේතුන් නිසාත් දණහිස් හා සන්ධි ආශ්‍රිත රෝගාබාධ ඇති වන බව ඔබ දන්නවාද...

නිවැරදි ඖෂධ ප්‍රතිකාර හා සත්කාර මඟින් ඔබට ආතරයිටිස් හෝ ආතරයිටිස් නොවන ඕනෑම සන්ධි ආබාධයක් සුව කර ගත හැක...

ප්‍රතිකාර ලබා ගැනීමට ඔබ පැමිණිය යුතු ලිපිනය

" සඳසි ආයුර් "
නො 17,
සාගර මාවත,
පානදුර.

දුරකථන අංකය
070 5383112

Relax, rejuvenate, and heal with Ayurveda spa therapy!Detoxifies the Body – Removes toxins and enhances overall health.R...
18/02/2025

Relax, rejuvenate, and heal with Ayurveda spa therapy!

Detoxifies the Body – Removes toxins and enhances overall health.
Relieves Stress & Anxiety – Promotes deep relaxation and mental clarity.
Improves Blood Circulation – Enhances oxygen flow for better energy.
Boosts Immunity – Strengthens natural defense against illnesses.
Alleviates Muscle & Joint Pain – Relieves tension and improves flexibility.
Enhances Skin Health – Nourishes, hydrates, and gives a natural glow.
Let ancient healing techniques restore your balance and well-being. Book your session today

Receive expert Ayurvedic treatments from certified doctors, ensuring a holistic and authentic healing experience. Relax,...
18/02/2025

Receive expert Ayurvedic treatments from certified doctors, ensuring a holistic and authentic healing experience. Relax, rejuvenate, and restore your well-being.

Experience authentic Ayurvedic treatments performed by experienced doctors. Tailored for your well-being and relaxation,...
18/02/2025

Experience authentic Ayurvedic treatments performed by experienced doctors. Tailored for your well-being and relaxation, embracing the true healing power of Ayurveda.

13/02/2025

කාලයක් පවතින හිසේ කැකුම කියන්නෙ මේ කාලයේ අපිට අහන්න දකින්න ලැබෙන බොහෝ දෙනෙක් පීඩාවට පත්කරන රෝගී තත්වයක්. මේ තත්වයට බොහෝ හේතු බලපෑ හැකි අතර එම හේතු හඳුනාගනිමින් ඔබව පීඩාවට පත්කරන හිසේ කැක්කුමට සදහටම තිත තියන්න අපේ ආයුර්වේද ප්‍රතිකාරයන්ට පුළුවන්. එම නිසා ඔබත් අදම සඳසි ආයුර්වේද මධ්‍යස්ථානයට පියනගන්න.

Ayurveda treatment center and pharmacy.

සියලු ලෝ වැසියන් මුහුණ දී සිටින ශාරිරික, මානසික පීඩාවන් සමනය වෙමින් සියලු දෙනාට යහපත උදාවෙන උතුම් නවම් පුර පසළොස්වක පොහො...
12/02/2025

සියලු ලෝ වැසියන් මුහුණ දී සිටින ශාරිරික, මානසික පීඩාවන් සමනය වෙමින් සියලු දෙනාට යහපත උදාවෙන උතුම් නවම් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!

නිදහස් දිනය අභිමානයෙන් සමරන අතරේ අපි මේ යුගයේ  ළඟා කර ගත යුතු නිදහස වන්නේ  රටක් වශයෙන් දැඩිව පෙළෙන සෞඛ්‍ය පීඩාවන්ගෙන් නි...
04/02/2025

නිදහස් දිනය අභිමානයෙන් සමරන අතරේ අපි මේ යුගයේ ළඟා කර ගත යුතු නිදහස වන්නේ රටක් වශයෙන් දැඩිව පෙළෙන සෞඛ්‍ය පීඩාවන්ගෙන් නිදහස් වීමයි. ඒ වෙනුවෙන් හැමදාමත් සඳසි ආයුර් අපේ කණ්ඩායම ඔබත් සමඟයි.

77 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු!

කැඩුම් බිඳුම්, චර්ම රෝග, ළමා රෝග, කාන්තා රෝග, අර්ශස්, දරුඵල සම්බන්ධ ගැටලු, මනස සැහැල්ලු කරන ප්‍රතිකාර, සන්ධි ආබාධ හා වාත...
29/01/2025

කැඩුම් බිඳුම්, චර්ම රෝග, ළමා රෝග, කාන්තා රෝග, අර්ශස්, දරුඵල සම්බන්ධ ගැටලු, මනස සැහැල්ලු කරන ප්‍රතිකාර, සන්ධි ආබාධ හා වාතරෝග ප්‍රතිකාර, හිසකෙස් සඳහා ප්‍රතිකාර, බර අඩු කිරීමේ ප්‍රතිකාර ඇතුළු සියලුම රෝගාබාධ සඳහා ඔබේ විශ්වාසය දිනාගත් ආයුර්වේද නිවහන සඳසි ආයුර්වේද මධ්‍යස්ථානය දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. පහත අංකයට ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගත හැක.

Address

No:17, Sagera Mawatha
Panadura
12500

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sandasi Ayur posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram