23/11/2025
ලෝකයේ සෑම කාන්තාවන් 100 දෙනෙකු අතරින් 7 දෙනෙකුම PCOS රෝගී තත්වයෙන් පෙළෙන බව ඔබ දන්නවාද ?
Polycystic ovarian syndrome (PCOS) තත්වයේදී , කාන්තා ශරීරයේ ඇති හෝර්මෝන අසමතුලිත වීම සිදුවේ. වර්තමානයේ කාන්තාවගේ කාර්‍යබහුල ජීවන රටාව, ව්‍යායාම අඩුකම , මානසික ආතතිය , අහිතකර ආහාර හා විහරන රටාව මෙම තත්ත්වට හේතුවේ.
PCOS වල මූලික අවධියේ දී,
* නිසි ලෙස ඔසප් නොවීම නොහොත් ඩිම්බ මේරීම නිසි ලෙස සිදු නොවීම
* මුහුණේ හෝ සිරුරේ අධික ලෙස රෝම වර්ධනය වීම ( Hirsutism)
* කුරැලෑ අධිකව ඇතිවීම
* බෙල්ල කිහිලි - ඉකිලි වටා කළු පැහැයක් ගැනීම (Acanthosis nigricans)
* හිස කෙස් තුනීවීම හා ගැලවී යාම
* උදරය ඉදිරියට නෙරා ඒම
* අධික ලෙස බර වැඩි වීම වැනි රෝග ලක්ෂණ ඇතිවේ.
මෙම රෝගය Ultrasound scan පරීක්ෂණයක් මගින් පැහැදිලව හදුනාගත හැක.
PCOS තත්ත්වයට ප්‍රතිකාර නොකලොත්,
● දීර්ඝ කාලීන වඳ භාවය subfertility or infertility
● ගර්භනී දියවැඩියාව Gestational diabetes
● නොමේරූ උපත් premature childebirth
වැනි තත්ව වලට මුහුණ දීමට සිදුවිය හැක.
ආයුර්වේදයේ දී මෙම තත්වය නිසි ඖෂධ මෙන්ම ආහාර හා ව්‍යායාම රටාවක් මගින් සුව කරගත හැක. ඒ සඳහා පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරුන් හමුවී ප්‍රතිකාර ලබා ගත යුතුය.
Dr. හෂිනි කුලාංගි