10/10/2024
ඔක්තෝබර් 10 ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනයයි.
මෙවර එහි තේමාව,
"මේ රැකියා ස්ථානවල මානසික සෞඛ්‍යය සදහා මුල්තැන දීමට කාලයයි"
"IT IS TIME TO PRIORITIZE MENTAL HEALTH IN THE WORK PLACE"
ලෙස තෝරාගෙන ඇත.
ආයතනික සංවර්ධනය, ඵලදායීතාව, ඉලක්ක, සේවක අභිප්‍රේරණය වැනි සංකල්ප පිළිබදව නොනිමි අවධානයක් යොමුවන මෙවන් වකවානුවක සේව්‍ය සේවක මානසික සුවතාව පවත්වා ගැනීම පිළිබදව අප රටේ තවමත් අවධානය යොමුවන්නේ ඉතා අල්ප වශයෙන් බව සිහිපත් කළ යුතුය. රැකියා පරිසරය තුළ පවතින ආතතිමය තත්ත්වයන් හේතුවෙන් මානසිකව මෙන්ම කායිකවද රෝගී භාවයට පත්වන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව අපට මුණගැසෙන සේවාලාභීන් නොමද සාක්ෂි සපයයි.
තම පවුල- රැකියාව- තමා හා සමාජය නිසි ලෙස තුළනය කරගනිමින් රැකියාව පවත්වා ගැනීම හා ඉන් තෘප්තිමත් වීමේ ශක්‍යතාව හා ඒ පිළිබද වූ මනෝවිද්‍යාත්මක අධ්‍යාපනය වෘත්තිකයින් කෙරෙහි අල්ප වශයෙන් පැවතීම මීට එක් ප්‍රධාන හේතුවකි.
එසේම තම සේවා ස්ථානයේ සේවයේ නියුතු සේවකයන්ගේ මානසික තත්ත්වය යහපත්ව පවත්වා ගැනීම සේව්‍ය පක්ෂයේ ද වගකීමක් වේ. මේ සදහා විවිධ අභිප්‍රේරණ වැඩසටහන් හා ක්‍රියා මාර්ග පැවතුණද ඒවාද බොහෝවිට සිදු කරන්නේ ආයතනයේම යම් යම් ඉලක්ක සපුරා ගැනීමේ අරමුණෙනි. එබැවින් රැකියා ස්ථාන තුළ සෑම සේවකයෙකුගේම මානසික මට්ටම යහපත්ව පවත්වා ගනිමින් කායික මානසික සාමාජීය හා ආධ්‍යාත්මික සංවර්ධනයකින් යුත් තෘප්තිමත්, නිරෝගී සේවක පිරිසකගේ සහය ලබා ගැනීමත්, අවසානයේ එවැනිම විශ්‍රාමික ප්‍රජාවක් සමාජයට දායාද කිරීමත් සදහා සේව්‍ය පක්ෂයේ අවධානය යොමු විය යුතු බව මෙයින් සිහිපත් කරමි.
රුෂාන්ති ආටිගල