OSU Health

OSU Health This page aims to improve health awareness among public based on latest scientific evidence.

21/08/2024

ශ්‍රී ලංකාවෙන් ප්‍රථම මංකි පොක්ස් රෝගියා සොයාගැනීම පිළිබඳ පුවත දැනටමත් ඔබ දන්නවා ඇති. ඒ අනුව, මංකි පොක්ස් ලොව පුරා පැතිරීම ආරම්භ වූ අවදියේ පටන් ම, වරින් වර අප විසින් ඔබ සමඟ බෙදාගන්නා ලද විද්‍යාත්මක දැනුම නැවතත් සිහිපත් කරගන්නටත්, ප්‍රායෝගිකව භාවිතා කරන්නට දැන් කාලය උදා වී තිබෙනවා.

කොවිඩ් -19 මෙන් ලෝකයට අලුත්ම රෝගයක් නොවුනත් මෑතක දී සීග්‍ර ව්‍යාප්තියක් පෙන්වූ මෙම වසංගත තත්වය අද වනවිට රටවල් 109කට ව්‍යාප්ත වෙමින් ආසාදිතයින් බවට පත්කර ඇති බවට තහවුරු කල පුද්ගලින් සංඛ්‍යාව 78,000කට ආසන්නයි. දැනට වාර්තා වී ඇති මරණ සංඛයාව 36ක්.

ආසාදිත පුද්ගලයෙකු සමඟ ඉතා සමීප ආශ්‍රයක් මඟින් නිරෝගී පුද්ගලයෙකුගේ සිරුරට මෙම වෛරසය ඇතුලු වීමට ඉඩ තිබෙන අතර රෝගය නිසා ඇතිවන බිබිලි හා තුවාලවල , අනෙකුත් ශාරීරික තරලවල, අසාදිත ශ්වසන බිඳිතිවල මෙන්ම ආසාදිතයා මෑතක දී භාවිතා කල ඇඳ ඇතිරිලි වැනි දෑ වලත් වෛරසය අඩංගු විය හැකියි.

සාමාන්‍යෙයෙන්, වෛරසය ශරීරගත වී දින 5 - 21 කාලයක් රෝග ලක්ෂණ පහළවීම සිදුවන අතර, සුලබ රෝග ලක්ෂණ ලෙස උණ, වසාගැටිති ඉදිමීම, මස් පිඩු වේදනාව, ශරීරයේ දැඩි විඩාපත්බව සමග ඇතිවන බිබිලි සඳහන් කල හැකියි. සාමාන්‍යෙයෙන් උණ ඇති වී දින 1-3 ගත වනවිට බිබිලි හටගැනීම සිදුවන අතර ප්‍රධාන වශයෙන් මුහුණත් දෑත් සහ පතුල්වලත් මේවා දකින්නට ලැබෙනවා. ඊට අමතරව මුඛය, ලිංගික ප්‍රදේශ සහ ඇස් ආශ්‍රිත ශ්ලේෂ්මල වලත් වේදනාකාරී බිබිලි / තුවාල හටගන්නා අවස්ථා තිබෙනවා. කෙසේ නමුත් , මීට සමාන ලක්ෂණ හටගන්නා පැපොල, සරම්ප, හර්පීස් සොස්ටර් ( අංශ පැපොල), සමෙහි බැක්ටීරියා ආසාදන වැනි රෝග බොහොමයක් පවත්නා නිසා, ඉහත ලක්ෂණ තිබුණත් 'මංකි පොක්ස්' ආසාදිතයෙක් බවට සැක කල යුතු දැයි යන්න වෛද්‍ය උපදෙස් මත තීර්ණය කිරීම වඩාත් සුදුසු වනවා. රෝගය තහවුරු කරගැනීම සඳහා විවිධ රුධිර පරීක්ෂාවන් සහ PCR පරීක්ෂණ යොදා ගනු ලැබෙනවා.

හටගත් කුෂ්ට සියල්ල සුව වී ඒවායින් ඇතිවන කබොලු සියල්ල ද හැලී ගොස් සුව වන තෙක්ම , මංකිපොක්ස් ආසාදිතයෙකුට රෝග-වාහකයෙකු වීමේ හැකියාව තිබෙනවා. මෙය සාමාන්‍යයෙන් සති 2-4 කාලයකින් ඉබේ සුවපත්වන (Self limiting) රෝගයක් වුවත් , ප්‍රතිශක්ති ඌණතා සහිත පුද්ගලයින්ට සහ කුඩා දරුවන්ට සංකූලතා ඇති වීමේ යම් අවදානමක් පවතිනවා.

රෝගය වලක්වාගැනීම සඳහා මෙවැනි රෝග ලක්ෂණ සහිත, තහවුරු කල හෝ සැක සහිත පුද්ගලයින් සමඟ ( විශේෂයෙන්ම සමට සම ස්පර්ශ වන පරිදි ) සමීප ශාරීරික සබඳතා පැවැත්වීමෙන් වැළකීම සහ එම පුද්ගලයා භාවිතා කල උපකරණ යනාදිය ස්පර්ශයෙන් වැලකී සිටීම නිර්දේශ කෙරෙනවා. එමෙන්ම ඉහත කී සැක කටයුතු රෝග ලක්ෂණ පවතී නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගැනීමත්, සම්පූර්ණ සුවය ලබන තෙක් අන් අය සමඟ සමීප ශාරීරික සම්බන්ධතාවලින් වැළකී සිටීමත් වැදගත්.

කොවිඩ් -19 වසංගතය හමුවේ අප අත්දැකීමෙන්ම අවබෝධ කරගත් පරිදි, මෙවන් සෞඛ්‍ය ගැටලු ජයගැනීම සඳහා විද්‍යාත්මක පදනමක පිහිටා කටයුතු කිරීම ඉතා වැදගත්. වසංගතයේ ව්‍යාප්තිය අනුව නිකුත්වන මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ යාවත්කාලීන වන විද්‍යාත්මක දත්ත තොරතුරු නොපමාව ඔබ හමුවේ තබමින්, මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දීමට පුරවැසි ඔබව සවිබල ගැන්වීමටත්, ඔබේ සහ ඔබේ ආදරණීයන්ගේ සුවතාවය රැකගැනීමටත් අවශ්‍ය සියලු සයයෝගයන් ලබා දීමට අප සූදානමින් සිටිනවා. මෙවන් අර්බුධකාරී සමයක වුවත්, අප එකාවන්ව නිසි ක්‍රියාමාර්ග අනුගනය කලහොත් අපි තනි තනිවත් රැකෙමින් අපේ ආදරණීයන්වත් රැකගැනීමට හැකිවන බව නොඅනුමානයි.

මධ්‍යසාර නිසා වසරකට මිනිසුන් මිලියන 2.6 ක්‌ මියයන අතර ඉන් මිලියන 2 ක්‌ම පිරිමි අය වේ. මෙම මරණ වලින් 13% ක්‌ වයස අවුරුදු ...
07/07/2024

මධ්‍යසාර නිසා වසරකට මිනිසුන් මිලියන 2.6 ක්‌ මියයන අතර ඉන් මිලියන 2 ක්‌ම පිරිමි අය වේ. මෙම මරණ වලින් 13% ක්‌ වයස අවුරුදු 20ත් 39ත් අතර වීම ඉතාම අවාසනාවන්ත තත්වයකි.

02/07/2024
02/07/2024

පාසල් අධ්‍යාපනය: දිගුකල් ජීවත්වීම සඳහා හොඳම ආයෝජනයකි
සැකසුම :Dr W&W

පාසල් අධ්‍යාපනය ලබන සෑම වසරක්ම ඔබේ ආයු අපේක්ෂාව වැඩි කරන බව ඔබ දන්නවාද?
ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව අතරමග පාසල් හැර යන සිසුන් සංඛ්‍යාව 10,000කට අධික ප්‍රමාණයක් වාර්තා වේ

පාසල් යාම යනු උගතෙකු වීම සහ වඩා හොඳ රැකියා අවස්ථා සුරක්ෂිත කිරීම පමණක් නොවේ. අධ්‍යයනවලින් පෙනී යන්නේ වැඩි පාසල් අධ්‍යාපනය සෞඛ්‍යයට සහ දීර්ඝායුෂ කෙරෙහි බලවත් බලපෑමක් ඇති කරන බවයි. මෙම සටහනේ අරමුණ ආයු අපේක්‍ෂාව සඳහා පාසල් අධ්‍යාපනයේ බලපෑම තක්සේරු කිරීමට ඇති විද්‍යාත්මක සාක්ෂි සොයා බැලීමයි.

මූලාශ්‍රය: මෙම සටහන පදනම් වී ඇත්තේ 2024 දී Lancet Public Health හි ප්‍රකාශයට පත් කරන ලද විශ්ලේෂණයක් සහ ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කරන ලද අදාළ පර්යේෂණ ලිපි මතය.

සොයාගැනීම්: මෙම සමාලෝචනය මගින් අතර මග පාසැල හැර ගිය පුද්ගලයින්ගේ ආයු අපේක්‍ෂාව අඩු බව තහවුරු කර ඇත. නිදසුනක් වශයෙන්, පාසල් නොගිය වැඩිහිටියන්, වසර 12 ක පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කළ අයට වඩා කලින් මියයාමේ හැකියාව 25% කට ආසන්න බව පර්යේෂණවලින් සොයාගෙන ඇත (1). සිත්ගන්නා කරුණ නම්, වයස අවුරුදු 18 දක්වා පාසල් අධ්‍යාපනයේ සෑම අමතර වසරක් සඳහාම, ඉක්මනින් මිය යාමේ අවදානම 2% කින් පමණ අඩු වීමයි.
ඉගෙනීමේ මෙම ප්‍රතිලාභය ජීවිත කාලය පුරාම පවතිනු ඇත. එබැවින් නව දේවල් ඉගෙන ගන්නා පුද්ගලයින්හට දිගු කාලයක් සක්‍රිය සහ නිරෝගී ජීවිතයක් ගත කිරීමට අවස්ථාව උදාවන බව අනාවරණය වී ඇත.
කෙසේ වෙතත් පාසැල අතරමග හැර යමේ ප්‍රවනතාවය වැඩිවුවහොත් පාසල් අධ්‍යාපනයේ ඉහත ප්‍රතිලාභ රටට නොලැබී යනු ඇත (2). ඇස්තමේන්තු ගත තොරතුරු වලට අනුව ශ්‍රී ලංකාව තුල සිටින වයස අවුරුදු 5-17 වයසේ දරුවන්ගෙන් 10% ක් පමණ පාසල් නොයයි (3). වඩාත් බරපතල කරුණ වන්නේ වයස 15-17 දරුවන්ගෙන් 40% ක් පමණ පාසල් නොයන ප්‍රවනතාවයක් ඇතිවී තිබීමයි. පසුගිය වසර කිහිපය තුල රටෙහි පැවති තත්වය හමුවේ මෙම ප්‍රවනතාවය තවත් උග්‍ර වනු ඇතැයි අපේක්ෂා කළහැකි අතර මෙම පසුබිම තුල නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සිදු කෙරෙන යෝජනයෙහි පුර්ණ ප්‍රතිලාභ ශ්‍රී ලංකාවට ලඟා කරගැනීම ගැටළු සහගත විය හැකිය.
නිගමනය: පාසල් හැර යාම අධ්‍යාපනය සහ ඉදිරි වෘත්තීය ජීවිතය සම්බන්ධයෙන් පමණක් නොව දිගුකල් ජීවත්වීම සඳහා ලැබුණු අවස්ථාවක් මහැරීමක් නියෝජනය කරයි. ඇත්ත වශයෙන්ම, පාසල් අධ්‍යාපනය සෞඛ්‍ය සම්පන්නව දිගුකල් ජීවත්වීම සමඟ සෘජුවම සම්බන්ධ වූ සමාජ නිර්ණායකයකි.
එමනිසා, ඊළඟ වතාවේ යමෙකු පාසල් යන විට හෝ විභාගය සඳහා ඉගෙන ගන්නා විට, ඔවුන් තම අනාගතය සඳහා ආයෝජනය කරනවා පමණක් නොව ඔවුන් තම ජීවිතයට වසර එකතු කරන බව මතක තබා ගන්න.

References
1. Balaj M, Henson CA, Aronsson A, Aravkin A, Beck K, Degail C, et al. Effects of education on adult mortality: a global systematic review and meta-analysis. Lancet Public Health. 2024 Mar 1;9(3):e155–65.
2. Mayadunne G, Kariyasekera K. Dropping out of school at secondary level: an exploratory study. Sri Lanka J Soc Sci. 2021 Dec 29;42(2):199–212.
3. Department of Census and Statistics. Report on Child activity survey 2016 Sri Lanka. Colombo; 2017.

To care for those who once cared for us is one of the highest honors
02/07/2024

To care for those who once cared for us is one of the highest honors

02/07/2024

Address

336/7/B/10, Arawwala
Pannipitiya

Opening Hours

Monday 17:00 - 21:00
Tuesday 17:00 - 21:00
Wednesday 17:00 - 21:00
Thursday 17:00 - 21:00
Friday 17:00 - 21:00
Saturday 17:00 - 21:00
Sunday 17:00 - 21:00

Alerts

Be the first to know and let us send you an email when OSU Health posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram