Atalantia ceylanica-යකිනාරං

Atalantia ceylanica-යකිනාරං Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Atalantia ceylanica-යකිනාරං, Medical supply store, Pannipitiya, Maharagama, Pannipitiya.

 #යකිනාරං   මහන්සියක ප්‍රතිපල ❤️❤️
13/09/2021

#යකිනාරං මහන්සියක ප්‍රතිපල ❤️❤️

යකි නාරං හදන්න මහන්සි වෙන අපේ කට්ටිය... මෙම දින වල දිවා රෑ නොබලා මහන්සි වෙන අපේ වරුන අයියා අතුලු කාර්ය මණ්ඩලය.  ගම් නියං...
05/09/2021

යකි නාරං හදන්න මහන්සි වෙන අපේ කට්ටිය... මෙම දින වල දිවා රෑ නොබලා මහන්සි වෙන අපේ වරුන අයියා අතුලු කාර්ය මණ්ඩලය. ගම් නියං ගම් වල යකි නාරං සොයන අපේ අනිත් කාර්ය මණ්ඩලය මෙතන නැති උනත් ඔවුන්වත් මතක් කරන්න ඕනී.

අපේ සාමගමේ නිෂ්පාදන සදහා අනුකරන අපගේ facebook ගිණුම් වලට සමාන නම් වලින් ඇති නිසා. පහත දැක්වෙන අසුරූමේ නිෂ්පාදන පමණක් ඇණ්වුම් කරන්න.

එන අනුකරන නිෂ්පාදනය සදහා අපගේ සමාගමේ තොරතුරු දුන් සේවකයෙක් සමාගමින් කණ්ගාටුවෙන් වුවත් ඉවත් කරන ලදී. අපේ ශාඛා ඇත්තේ පන්නිපිටිය පමණයි.

. අපට යකි නාරං සපයන කර්මාන්ත ශාලාව අනුරාධපුර පිහිටි අයුර්වේද අමු ද්‍රවය නිශ්පාදනයට අවසර හිමි කර්මාන්ත ශාලාවකි.

- ස්තුතියි. -

04/09/2021
. යකි නාරංKingdom   -: Plantea Order         -: SapindalesFamily       -: RutaceaeSubfamily -: AurantioideaeGenus       ...
31/08/2021

. යකි නාරං
Kingdom -: Plantea
Order -: Sapindales
Family -: Rutaceae
Subfamily -: Aurantioideae
Genus -: Atalantia
species -: A. ceylanica
*️⃣ මෙහි විශේෂ විශාල සංඛ්‍යවක් පවතින අතර ඉන් ශ්‍රී ලංකාවට අවේනික ප්‍රභේදය Atalantia celanica නම් වේ
☘️ ප්‍රාදේශීය නාම ⤵️
යකි නාරං
යක් නාරං
යටි නාරං
වල් නාරං
☘️
*️⃣ 1 - 2m උසට වැඩෙන ශාකයකි.
*️⃣ මෙහි කදේ සහ අතු වල කටු සහිත වේ .
*️⃣ මෙය පැගිරි කුලයේ ශාකයකි.
*️⃣ මෙහි පත්‍ර දිගටි ඔවලාකාර හැඩති පත්‍ර ලපටි කාලයෙ ලා කොල පැහැති වන අතර මෙරූ පත්‍ර තද කොල පැහැති වේ
*️⃣ මෙහි සුදු පැහැති පුෂ්ප මංජරි ඇති වේ.
*️⃣ මෙහි මංසල ඵලය තුල බිජ පවති.
*️⃣මෙවා බිජ සතුන් මගින් ප්‍රචරනය වන අතර මුල් මගින් නව ශාක ඇති විම මගින් ප්‍රචරනය විම වේ.
☘️ භාවිත රොග⤵️
*️ කැස්ස
*️ සෙම්ප්‍රතිශ්‍යව
*️ ඇදුම්
*️ අතීසාරය
*️ සන්නි රොග
*️ ආහාර අරුචිය
*️ උණ
*️චර්ම රොග
*️සර්ප විෂ
*️කොලෙස්ටරොල්
*️ස්‍රොත
*️ සෙංගමාලය
☘️ භාවිත කොටස් ⤵️
ගෙඩි
කොල
මූල්
පොතු
☘️ සාදාගත හැකි ආහාර ⤵️
කැද
බීම
ආහාර රසවත් කිරිමට
☘️
⭕ සෙම්ප්‍රතිශ්‍යවෙදි ඇති වන ස්වසන අපහසු තා සදහා
*️ යකි නාරං පත්‍ර තැම්බූ වාශ්ප ඇල්ලීම
⭕ යකි නාරං කොල කැද සෙංගමාලය ට අක්මවෙ නිරෝගි පැවත්මටත් කොලෙස්ටරෝල් සදහා ද බෙහෙවින් ගුණ දෙයි.
⭕ බඹර හා දෙඹර දෂ්ඨන
*️යකි නාරං මුල් දෙහි ඇඹුලින් ගල ගා දෂ්ඨ මුඛයෙ අලේප කරයි
⭕ චර්ම රොග වලදී
*️ යකි නාරං කොල තැම්බූ වතුරෙන් සෙදිම කරයි.
*️⃣ මෙහි ඵලය ශාන්ති කර්මවලදි යොදා ගනි.
මුලශ්‍ර -: අන්තර්ජාලය

31/08/2021

යකිනාරං- (Atalantia ceylanica) - අප විසින් සෞඛ්‍ය ආරක්ෂිතව යකි නාරං සකස් කරගන්නා ආකාරය මේ වීඩියෝවේ දක්වා ඇත්තේ , යකි නාරං ඇති අයට සදාගනිමටත් මිලදී ගන්නා අයට අපගේ නිෂ්පාදිතයේ ගණාත්මක බව පෙන්වීමටය. *****මෙම වීඩියෝව අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්***.

නිතර යකි නාරං කොළ කැඳ පානය කරන්නේ නම් අක්මාව ආරක්ෂාවන අතර එහි ඇතිවන සෙංගමාලය ෆැටි ලිවර් ආදි රෝගවලින් ද වැළකිය හැකි බව සඳහන් වෙනවා.
ඉන් විසවීම් හා අසාත්මිකතා දුරුවන බව ද සඳහන්.
සෙංගමාලය සෑදුණුවිට එය පාලනය කිරීමටත් යකි නාරං කොළ කැඳ කිතුල් හකුරු සමග පානය කිරීමට ලබා දෙනවා.
යකිනාරං මීටර් 2 ක් පමණ උසට වැවෙන අතු පැතිරෙන ශාකයක් .
අලංකාර සුදුමල් පොකුරුවලින් පල ලබා දෙන අතර ඵලාවරණය පැඟිරි සහිතයි. බීජ හා මුල් මගින් ව්‍යාප්තිය සිදුවනවා.Rutaceae කුලයට අයත්.
යකි නාරං උඩුදෙහි නමින්ද හැඳින්වෙනවා.
සම්බෝල සඳහා යුෂ යොදා ගන්නා අතර. විනාකිරි සමග මිශ්‍රකර රසකාරකයක් ද ඉන් සකසා ගනු ලබනවා.එය උණ නිසා ඇතිවන කෑම අරුචිය ද දුරුකරන්නක්
යකිනාරං බලි තොවිල් ගුරුකම් සඳහා ද යොදාගනු ලබන්නක්.. යාග හෝම ආදියේදී අවශ්‍යවන පස්පැඟිරි එකතුවට දෙහි දොඩම් නාරං . නස්නාරං සිදරං සමග එක්කරගන්නවා.
ජ්‍යෝතීර්වේදීන් යකි නාරං ගසට ලබා දෙන්නේ ඉමහත් ගෞරවයක්.
නපුරු සිහින පෙනෙන්නේ නම් ඉන් මිදීමට යකි නාරං අත්තක බාරයක් ගැටගැසිය යුතු යයි ඔවුන් පවසනවා.
එසේම සරු පලදා ඇති ගස් ඇස්වහ කටවහවලින් ආරක්ෂා කිරීමටද යකිනාරං අත්තට හැකි බව කියා සිටිනවා.
ශාකයේ සියලු කොටස් ඔසු ගුණයෙන් යුතු අතර විවිධ රෝග ප්‍රතිකාර සඳහා ඖෂධ ලෙස යොදාගන්නා බව සඳහන්.
අක්මා රෝග වලදී මෙන් ම සෙම් රෝග, උණ , අරුචිය අජීර්ණ, පක්ෂඝාත , සන්ධි ඉදිමුම්, ආමාතිසාර චර්ම රෝග , සන්නි රෝග, සර්ප විෂ ආදියේදී යකි නාරං කොළ මුල් පොතු ගෙඩි යොදාගෙන ප්‍රතිකාර කෙරෙනවා.
ශාකයට ඇත්තේ සෙම් ප්‍රතිශ්‍යා ඇදුම ආදි ශ්වසන රෝගවලට එරෙහිව ක්‍රියාකිරීමේ විශේෂ හැකියාවක්.
කොළ තැම්බූ වාෂ්ප හිසට මුහුණට ඇල්ලිමෙන් ශ්වසන අපහසුතා මග හැරෙන අතර ඉන් උණ හිසරදය ආදී තත්ත්වයන්ද පාලනය කෙරෙනවා. සෙම පැසවීමට කොළ කැඳත් උපකාරීවෙනවා.
මුහුණෙන් කොටසක් අකර්මණ්‍ය වන අර්දිත තත්ත්වයේදී යකි නාරං කොළ කෙටූ ප්‍රලේපය ආලේප කරන බව සඳහන් .
සමේ කැසීම් වැනි චර්ම රෝගවල දී කොළ තැම්බූ වතුරෙන් සෝදනු ලබනවා. පනු දද ආදියට ප්‍රතිකාර සඳහා ද කොළ යොදාගන්නවා.
අනෙකුත් පැඟිරි ගෙඩිවල මෙන්ම යකි නාරං ගෙඩියේ ලෙල්ලද පිළිකා නාශක ගුණයෙන් යුතු බව සඳහන්වනවා
ඉන් ලබාගන්නා තෙල් ආලේප කිරීමෙන් සන්ධි ඉදිමුම් , පක්ෂඝාත රෝග තත්ත්වවලදී සහන ලැබෙන බවද සඳහන්.
මීමැසි බමර විෂ දුරුකිරීමට යකිනාරං මුල් දෙහි ඇඹුලෙන් ගලගා කෑ මුඛයෙහි ගල්වනවා.
අජීර්ණ අතිවූවිට ශාකය කොටා යුෂගෙන ගිනියම්කළ යකඩයක් ඔබා මීපැණි මුසුකර ලබාදීමෙන් ගුණ ලැබෙන බවද සඳහන් කෙරෙනවා.
යකිනාරං රුධිරගත මේදය පාලනයටත් උපකාරිවන්නක්. කරපිංචා හා හීන් බෝවිටියා සමග මාරුවෙන් මාරුවට යකිනාරං කැඳ පානය කිරීමෙන් කොලෙස්ටරෝල් මට්ටම යහපත් කරගත හැකි බව සඳහන්.

( මූලාශ්‍ර හා අපේ ඔසු පැළ, ඔසුපැළ හඳුනාගනිමු පූර්ව සංවාද හා අන්තර්ජාලය ඇසුරිනි)

Address

Pannipitiya, Maharagama
Pannipitiya
10230

Alerts

Be the first to know and let us send you an email when Atalantia ceylanica-යකිනාරං posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram