Mahesri Yoga

Mahesri Yoga Nurturing well-being through the art of yoga. Join us on the path to wellness. 🧘‍♀️

"අවුරුදු කෑම මේසයේ රස විඳින අතරම, ඔබේ සෞඛ්‍යය ගැනත් සිතන්න! 🍱🧘‍♀️"​සිංහල අලුත් අවුරුදු සමයේ අධික පැණිරස, තෙල් සහ පිටි සහ...
16/04/2026

"අවුරුදු කෑම මේසයේ රස විඳින අතරම, ඔබේ සෞඛ්‍යය ගැනත් සිතන්න! 🍱🧘‍♀️"

​සිංහල අලුත් අවුරුදු සමයේ අධික පැණිරස, තෙල් සහ පිටි සහිත ආහාර නිසා අප නොදැනුවත්වම දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝගී තත්ත්වයන්ටත්, අධික තරබාරුවටත් (Body Weight) ගොදුරු විය හැකියි. 🍬🥐

​මෙම අවදානමෙන් මිදී, නිරෝගී දිවියක් පවත්වා ගැනීමට ඔබට දිනපතා පුහුණු විය හැකි සරලම සහ ප්‍රබලම යෝග ඉරියව්වක් වන්නේ 'වජ්‍රාසනය' (Vajrasana) යි.

​වජ්‍රාසනයේ සුවිශේෂී වාසි:

✅ ආහාර ජීර්ණය පහසු කිරීම: ආහාර ගත් විගස පුහුණු විය හැකි එකම යෝගාසනය මෙයයි. එය ආමාශය වෙත රුධිර ගමනාගමනය වැඩි කර ආහාර දහනය වේගවත් කරයි.

✅ මානසික ඒකාග්‍රතාවය: සිත සන්සුන් කර මානසික ආතතිය දුරු කරයි.

✅ කොන්දේ වේදනාවට සහනය: කොන්ද කෙලින් තබාගෙන සිටීම නිසා ස්නායු පද්ධතිය උත්තේජනය වේ.

✅ ඉදිරි ගමනට අඩිතාලම: වජ්‍රාසනය නිවැරදිව පුහුණු වීමෙන් ඔබට තවත් උසස් මට්ටමේ යෝග ආසන රැසකට ඉතා පහසුවෙන් යොමු විය හැකියි.

​නිරෝගී බව යනු උත්තරීතරම ධනයයි. මේ අවුරුදු කාලයේ ඔබේ සිරුරේ බර පාලනය කරගනිමින්, ලෙඩ රෝගවලින් තොර සෞභාග්‍යමත් අනාගතයකට අදම අඩිතාලම දමන්න.

​යෝගා සහ සංගීතය හරහා සුවපත් ජීවිතයක් ගොඩනගා ගැනීමට අප හා එක්වන්න.
​📍 ස්ථානය: මහේශ්‍රී යෝග ශාස්ත්‍ර සහ සංගීත කලා ඇකඩමිය
📞 0713661708

"සෞභාග්‍යයේ කිරි උතුරන නැකතට, ප්‍රඥාවේ ආලෝකය ඔබේ නිවසට..." ✨🥛☀️​අලුත් අවුරුද්දේ සූර්ය තේජස සමඟ උදාවන, කිරි උතුරවන සුභ මො...
14/04/2026

"සෞභාග්‍යයේ කිරි උතුරන නැකතට, ප්‍රඥාවේ ආලෝකය ඔබේ නිවසට..." ✨🥛☀️

​අලුත් අවුරුද්දේ සූර්ය තේජස සමඟ උදාවන, කිරි උතුරවන සුභ මොහොත අප සැම බලන් සිටින්නේ මහත් බලාපොරොත්තුවකින්. 🌿🌸

​අවුරුද්ද පුරා වෙහෙස මහන්සියෙන් හරිහම්බ කරගත්තු ධනයෙන්, සශ්‍රීකත්වයේ සංකේතයක් බඳු කිරිබතක් පිසගෙන, තම දරු පවුල එක්ක සතුටු වෙන්න ලැබීම හෑම අවුරුද්දකම හරිම සුන්දර අවස්ථාවක්. ✨🍪🥛

​මෙය හුදෙක් උත්සවයක් නොව, තම පවුලේ සියලු දෙනා සමඟ අලුත් බලාපොරොත්තු සහ හදවතින්ම නැගෙන අව්‍යාජ සිතුවිලි එකිනෙකා සමඟ බෙදාගන්නා, නෙත සිත පිනා යන ලස්සන සංස්කෘතික මංගල්‍යයයක්. 🙏💜

​ඉතින්, මෙම සූර්ය මංගල්‍යයේ අනුහසින් ඔබ සියලු දෙනා ආර්ථික හා මානසික වශයෙන් දියුණුවට පත්වේවා!

​සූර්ය තේජස සමග උදාවෙන මෙම සූර්ය මංගල්‍යයේ අනුහසින් ඔබට....

ආයුෂය වේවා.......🪔
වර්ණය වේවා.......🪔
සැපය වේවා..........🪔
බලය වේවා...........🪔
ප්‍රඥාව වේවා! .......🪔

​සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌸🙏

​ "

13/04/2026

"සිත පිරිසිදු කරගෙන, ශක්තිමත් ප්‍රභා මණ්ඩලයක් සමඟ නව වසරට පිය නගමු!" ✨🧘‍♀️🎶

​අද පරණ අවුරුද්දයි. හෙට අලුත් අවුරුද්ද උදාවෙයි. පරණ අවුරුද්දේ අප කළ යුත්තේ හුදෙක් ස්නානය කර සිරුර පිරිසිදු කර ගැනීම පමණක් නොවේ; අපගේ "ශක්ති ශරීරය" (Energy Body) පිරිසිදු කර ගැනීමයි.

​අප අවට ඇති ලෝකය සහ පරිසර පද්ධතිය පණ ගැන්වෙන්නේ අපගේ සිතිවිලිවල ඇති කම්පනයන් (Vibrations) අනුවයි.
ඔබ උසස්, යහපත් සිතිවිලි ඇති කරගන්නා විට, මුළු මහත් විශ්වයේම ගමන් මග වෙනස් කිරීමට ඔබට හැකියාව පවතින බව ඔබ දන්නවාද?

​පරණ අවුරුද්දේ අප අත්හළ යුතු දේ:
❌ මමත්වය සහ අධික තණ්හාව.
❌ ක්‍රෝධය, ඊර්ෂ්‍යාව සහ අහංකාරය.
❌ ඍණාත්මක චර්යා රටාවන්.
​පැරණි, අහිතකර ශක්තීන් ඉවත් වන මේ "පිරිසිදු වීමේ කාලය" (Cleansing Period) වේදනාකාරී විය හැකියි. (ඔබේ පරණ පුරුදු අත් හැරෙන නිසා... )

නමුත් අවසානයේදී ඔබේ ජීවිතයට ප්‍රඥාවේ ආලෝකය උදා වනු නොඅනුමානයි✨️🙏

​අලුත් අවුරුද්දේ අප ප්‍රගුණ කළ යුතු දේ:

✅ වර්තමාන මොහොතේ ජීවත් වීම (Mindfulness).
✅ යහපත් සිතිවිලි සහ සිත පිළිබඳ භාවනාව මගින් සිරුර වටා ඇති ශක්ති ක්ෂේත්‍රය ප්‍රබල කර ගැනීම.
✅ සංගීතය සහ යෝගා හරහා පංච ඉන්ද්‍රියයන් සමබර කර ගැනීමට හැකියි.

​මහේශ්‍රී යෝග ශාස්ත්‍ර සහ සංගීත කලා ඇකඩමිය ලෙස අපගේ අරමුණ, ඔබව මෙම යහපත් චර්යා රටාවන් කරා යොමු කිරීමයි. මූලාධාරයෙන් ඇරඹි ඒ ගමන ස්වාධිෂ්ඨානය හරහා ප්‍රඥාව කරා ගෙන යමු.

​කුසලයෙන් පිරි මහ පොළොවක් මත ජීවත් වීම අද සිටම ආරම්භ කරමු🔱🧘🌷💫

​සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! ☀️🌙🌸🕊️💙

. සිංහල අලුත් අවුරුද්ද යනු හුදෙක් උත්සවයක් නොව, ගැඹුරු සංස්කෘතික සහ ආධ්‍යාත්මික වටිනාකම් රැසක් මත පදනම් වූ, සමාජය එකට බැ...
10/04/2026

. සිංහල අලුත් අවුරුද්ද යනු හුදෙක් උත්සවයක් නොව, ගැඹුරු සංස්කෘතික සහ ආධ්‍යාත්මික වටිනාකම් රැසක් මත පදනම් වූ, සමාජය එකට බැඳ තබන මහඟු අවස්ථාවක්.

​"සිත පිරිසිදු කරගෙන, ආදරය බෙදාගෙන, අලුත් අවුරුද්දට අධ්‍යාත්මිකව සැරසෙමු!" 🧘‍♀️✨🌸

​සිංහල අලුත් අවුරුද්ද (Sinhala Avurudu) ළඟා වන විට, අප අවට පරිසරය මෙන්ම අපගේ නිවෙස් ද අලුත් නැවුම් බවකින් පිරී යයි✨️✨️✨️

අපි වාසස්ථාන අලුත්වැඩියා කරනවා, අලුත් ඇඳුම් ගන්නවා, රසවත් කැවිලි පෙවිලි හදනවා. මේ සියල්ල අපේ සංස්කෘතික උරුමයේ අලංකාර අංගයන්ය
​නමුත්, සැබෑ 'අලුත්' වීමක් සිදුවීමට නම්, අපගේ භෞතික ලෝකය මෙන්ම අධ්‍යාත්මික ලෝකය ද අලුත් විය යුතුයි.
​යෝග කියන්නේ හැම දෙයක් සමඟම සතුටින් සිටීමයි. මෙම අලුත් අවුරුද්ද, හිත් අමනාපවීම්, ක්‍රෝධය සහ ඊර්ෂ්‍යාව වැනි ඍණාත්මක හැඟීම් අත්හැරීමට, හැමෝටම ආදරය, කරුණාව සහ සහයෝගය බෙදා දීමට ලැබෙන සුභ මොහොතක් කරගනිමු. 🙏❤️
​අපි අපේ සිත පිරිසිදු කරගෙන, ධනාත්මක සිතුවිලිවලින් පුරවාගෙන අවුරුද්දට සැරසෙමු. එවිට භෞතික ජීවිතයත් අධ්‍යාත්මික ගමනත් සාර්ථකයි.

​මහේශ්‍රී යෝග ආශ්‍රමයේ අපගේ ප්‍රාර්ථනාව, මෙම අලුත් අවුරුද්දේදී ඔබ තුළ ඇති ප්‍රඥාව, ධෛර්යය සහ සන්සුන් බව අවදි වී, ඔබේ ජීවිතය ආලෝකමත් වේවා යන්නයි. ✨🌿
​"නොනැවතී ගලායන ප්‍රඥාවේ දිව්‍යමය ස්පර්ශය අත්විඳින්න..."

මූලාධාර චක්‍රයට පසුව හමුවන දෙවන බලගතු ශක්ති කේන්ද්‍රය වන්නේ ස්වාධිෂ්ඨාන (Swadhisthana) චක්‍රයයි. මෙහි බීජ මන්ත්‍රය "වාම්...
09/04/2026

මූලාධාර චක්‍රයට පසුව හමුවන දෙවන බලගතු ශක්ති කේන්ද්‍රය වන්නේ ස්වාධිෂ්ඨාන (Swadhisthana) චක්‍රයයි.
මෙහි බීජ මන්ත්‍රය "වාම්" (VAM) වන අතර, මෙය පෙති 6 කින් යුත් තැඹිලි පැහැති නෙළුම් මලකින් නිරූපණය කෙරේ.

​"අභ්‍යන්තර නිර්මාණශීලීත්වයේ සහ හැඟීම්වල කේන්ද්‍රය: ස්වාධිෂ්ඨාන චක්‍රය" 🧘‍♀️🧡

​කුණ්ඩලීනි ශක්තියේ දෙවන පියවර වන ස්වාධිෂ්ඨාන (Swadhisthana) චක්‍රය අපගේ කොඳුනාරටියේ පහළ කොටසේ, ලිංගේන්ද්‍රියට මදක් ඉහළින් පිහිටා ඇත.

'ස්ව' යනු තමා වන අතර 'අධිෂ්ඨාන' යනු පදනමයි. එනම් මෙය තමාගේම නියම වාසස්ථානයයි.

​මෙම චක්‍රය අවදි කරමින් ශක්තිය ඉහළට ගලා යාමෙන් ඔබට ලැබෙන මහඟු ප්‍රතිලාභ:

​නිර්මාණශීලීත්වය වර්ධනය වීම: චිත්‍ර කලාව, සංගීතය හෝ ඕනෑම නිර්මාණාත්මක කාර්යයක නිරත වීමට අවශ්‍ය සහජ හැකියාව සහ උනන්දුව මෙයින් උත්තේජනය වේ.

​හැඟීම් සමබර වීම: ජීවිතයේ ඇති වන බිය, කෝපය සහ වෛරය වැනි හැඟීම් මෙන්ම ආශාව,ආත්මාර්ථකාමීත්වය,කපටි ස්වභාවය පාලනය කරගනිමින්, අන් අය සමඟ ආදරණීය සහ නම්‍යශීලී සබඳතා පවත්වා ගැනීමට ශක්තිය ලැබේ.

​ශාරීරික සුවතාවය: ප්‍රජනක පද්ධතියේ සහ මුත්‍රා පද්ධතියේ ක්‍රියාකාරිත්වය විධිමත් කරන අතර, ශරීරයේ ජල මට්ටම සමබරව පවත්වා ගැනීමට උදවු වේ.

​ජීවිතයේ ආනන්දය: තමා තුල ඇතිවෙන සැකය හදුනා ගැනීමටත්,ජීවිතයේ ලැබෙන කුඩා සතුට පවා අත්විඳීමටත්, සැමවිටම ප්‍රබෝධමත්ව සිටීමටත් ස්වාධිෂ්ඨාන චක්‍රය අවදි වීම වැදගත් වේ.

​අවදි කරන ක්‍රමය:
"වාම්" (VAM) බීජ මන්ත්‍රය මෙනෙහි කරමින් භාවනා කිරීම සහ අදාළ යෝගාසන (උදා: බද්ධ කෝණාසනය) මගින් මෙම චක්‍රය සක්‍රීය කරගත හැක.

✨️💫​අලුත් අවුරුද්දට සූදානම් වන මේ මොහොතේ, අපගේ අභ්‍යන්තර ශක්තීන් අවදි කරගනිමින් පිරිසිදු සිතින් නව වසර පිළිගනිමු.

​"නොනැවතී ගලායන ප්‍රඥාවේ දිව්‍යමය ස්පර්ශය අත්විඳින්න..." 🙏✨🔱

ගයාත්‍රී මන්ත්‍රය යනු යෝගාභ්‍යාසයකට හෝ ඕනෑම අධ්‍යාත්මික කටයුත්තකට පෙර ගායනා කළ හැකි ඉතාමත් ප්‍රබල සහ උත්තරීතර මන්ත්‍රයකි...
07/04/2026

ගයාත්‍රී මන්ත්‍රය යනු යෝගාභ්‍යාසයකට හෝ ඕනෑම අධ්‍යාත්මික කටයුත්තකට පෙර ගායනා කළ හැකි ඉතාමත් ප්‍රබල සහ උත්තරීතර මන්ත්‍රයකි🙏

එය මහේශ්‍රී යෝග ආශ්‍රමයේ පන්ති ආරම්භයේදී ගායනා කිරීම අප සිසුන්ගේ මනස ඒකාග්‍ර කිරීමටත්, විශ්වීය ශක්තිය අවදි කිරීමටත් මහඟු පිටුවහලක් වේ🧘
අධ්‍යාත්මික ගමනේ ආරම්භය ප්‍රඥා ඇස අවධි වීමයි👁️
මේ විශ්වයේ රිද්ම රටාවට එකතු වීමයි🕉💫

​"බුද්ධිය අවදි කරන විශ්වීය ආලෝකය: ගයාත්‍රී මන්ත්‍රය" ✨🧘‍♀️

​මහේශ්‍රී යෝග ආශ්‍රමයේ අපගේ සෑම යෝග පන්තියක්ම ආරම්භ වන්නේ ඉතාමත් පෞරාණික මෙන්ම ප්‍රබලතම ස්තෝත්‍රයක් වන 'ගයාත්‍රී මන්ත්‍රය' ගායනා කිරීමෙනි.
එය හුදෙක් වචන සමුදායක් නොව, අපගේ සිතුවිලි නිවැරදි මාවතට යොමු කරන ප්‍රාර්ථනාවකි✨️✨️

​මන්ත්‍රය:
​ॐ भूर्भुवः स्वः
तत्सवितुर्वरेण्यं
भर्गो देवस्य धीमहि
धियो यो नः प्रचोदयात् ॥

​(ඕම් භූර් භුවස් ස්වහ් / තත් සවිතුර් වරේණ්‍යං / භර්ගෝ දේවස්‍ය ධීමහී / ධියෝ යෝ නහ් ප්‍රචෝදයාත්)
​එහි සරල තේරුම:
​"ලෝකත්‍රයම (භූ, භුව, ස්ව) නිර්මාණය කළ, වන්දනීය වූ, දිව්‍යමය වූ ඒ සූර්යයාගේ තේජස (ප්‍රඥාව) අපි මෙනෙහි කරමු. එම උත්තරීතර ආලෝකය අපගේ බුද්ධිය නිවැරදි මාවතේ මෙහෙයවත්වා!" 🙏☀️

​ගයාත්‍රී මන්ත්‍රය යෝග පන්තියකට පෙර ගායනා
කිරීමේ වැදගත්කම:
​මනස ඒකාග්‍ර කිරීම: බාහිර ලෝකයෙන් මනස මුදවාගෙන අධ්‍යාත්මික පුහුණුවට සූදානම් කරයි🪔

​ධනාත්මක ශක්තිය: ශරීරයේ චක්‍ර අවදි කරමින් ධනාත්මක කම්පන (Vibrations) ඇති කරයි✨️

​ප්‍රඥා ඇස අවදි කිරීම: ඉගෙනීමේ හැකියාව සහ මතක ශක්තිය වර්ධනය කරයි👁️🧘

​ආධ්‍යාත්මික පාරිශුද්ධිය: සිතුවිලි පිරිසිදු කරමින් මනසට ශාන්තියක් ගෙන දෙයි🪔

​නොනැවතී ගලායන ප්‍රඥාවේ දිව්‍යමය ස්පර්ශය තුළින් ඔබේ බුද්ධිය ආලෝකමත් කරගන්න🪔💫
ඔබේ අධ්‍යාත්මික ගමන අර්ථවත් කරගන්න🔱🌸

"ඔබ සොයන සැබෑ සුවපත්භාවය ඇත්තේ ඔබේම අභ්‍යන්තරය තුළයි..." 🧘‍♀️✨​බොහෝ දෙනෙක් සිතන්නේ යෝග යනු හුදෙක් ශරීරය නැමීම ඇඹරීම හෝ ඇ...
05/04/2026

"ඔබ සොයන සැබෑ සුවපත්භාවය ඇත්තේ ඔබේම අභ්‍යන්තරය තුළයි..." 🧘‍♀️✨

​බොහෝ දෙනෙක් සිතන්නේ යෝග යනු හුදෙක් ශරීරය නැමීම ඇඹරීම හෝ ඇදීම පමණක් බවයි.

නමුත් යෝග චිකිත්සාව (Yoga Therapy) යනු එයට වඩා එහා ගිය, ජීවිතය සමබර කරන ගැඹුරු සාධනාවකි. 🌸

​අප අවට ලෝකය කාර්යබහුල වන විට, අපට නොදැනීම අප තුළ ආතතිය, බිය, තනිකම සහ නොසන්සුන් බව වැනි 'නොපෙනෙන රෝග' (Invisible ailments) හටගනී.

සුව කළ නොහැකි බොහෝ අභ්‍යන්තර පීඩාවන් සඳහා යෝග චිකිත්සාව තුළින් ස්ථිරසාර විසඳුම් ලබා ගත හැකියි.

✨️​මහේශ්‍රී යෝග ආශ්‍රමයේදී අප ඔබව මෙහෙයවන්නේ:

​පංච කෝෂ අවබෝධය: සිරුරේ සිට ආනන්දමය කෝෂ දක්වා වූ ස්ථර පහම සමබර කිරීම.

​ප්‍රාණ ශක්තිය අවදි කිරීම: නිවැරදි ස්වර විද්‍යාව සහ ප්‍රාණයාම මගින් ජීව ශක්තිය වැඩි දියුණු කිරීම.

​මුද්‍රා සහ බන්ධන: ශක්තිය රඳවා ගනිමින් ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාවලිය විධිමත් කිරීම.

​මානසික නිදහස: ආතතිය සහ විශාදය දුරු කර, සැබෑ 'සමාධිය' කරා යන මාවත පෙන්වා දීම.

​පරිපූර්ණ නිරෝගීභාවය යනු හුදෙක් රෝගයකින් තොර වීම නොවේ; එය සිරුර, සිත සහ ප්‍රාණය යන ත්‍රිත්වයම එකම රිද්මයකට ගලා යාමයි.

​"නොනැවතී ගලායන ප්‍රඥාවේ දිව්‍යමය ස්පර්ශය අත්විඳින්න..." 🙏✨

කාර්යබහුල ජීවිතයෙන් මොහොතක් මිදී, ඔබේ සිරුරට දිව්‍යමය සහනයක් ලබා දෙන්න! 🧘‍♀️✨​දවස පුරා වෙහෙසෙන ඔබට, සිරුරේ සහ මනසේ විඩාව...
04/04/2026

කාර්යබහුල ජීවිතයෙන් මොහොතක් මිදී, ඔබේ සිරුරට දිව්‍යමය සහනයක් ලබා දෙන්න! 🧘‍♀️✨

​දවස පුරා වෙහෙසෙන ඔබට, සිරුරේ සහ මනසේ විඩාව නිවාලන්නට 'විපරීත කරණී' (Legs-Up-The-Wall Pose) තරම් තවත් ප්‍රබල ඉරියව්වක් නොමැති තරම්ය.

මෙය සිරුර අභ්‍යන්තරයෙන් සුවපත් කරන "ප්‍රතිස්ථාපන" (Restorative) යෝග ක්‍රමයකි.

​විපරීත කරණී ඉරියව්වෙන් ඔබට ලැබෙන සුවිශේෂී ප්‍රතිලාභ:

​කොඳුනාරටියට දැනෙන සැහැල්ලුව: දවස පුරා වාඩි වී හෝ සිටගෙන සිටීම නිසා කොඳුනාරටියට ඇති වන තෙරපුම ඉවත් කර, කොන්දේ වේදනාව සමනය කරයි.

​පාදවල වේදනාව සහ ඉදිමුම සුවපත් වීම:
ගුරුත්වාකර්ෂණයට ප්‍රතිවිරුද්ධව දෙපා තබා ගැනීම නිසා, පාදවල රැඳී ඇති රුධිරය සහ වසා තරල (Lymphatic fluids) නැවත හෘදය දෙසට ගලා යාම විධිමත් වේ. මෙය පාදවල ඉදිමුම සහ විඩාව ක්ෂණිකව දුරු කරයි.

​මනස නිශ්චල කිරීම: ස්නායු පද්ධතිය සන්සුන් කර, අධික මානසික ආතතිය සහ කාංසාව පාලනය කිරීමට මෙය මහෝපකාරී වේ.

​ප්‍රාණ ශක්තිය අවදි කිරීම: සිරුරේ ශක්තිය නැවත උත්පාදනය කර, දවස අවසානයේ ඔබට නැවුම් බවක් ලබා දෙයි.

​සිදුකරන ආකාරය:
බිත්තියකට හේත්තු වී දෙපා ඉහළට ඔසවා, සිරුර බිම සමතලා කර මිනිත්තු 5-10ක් දෑස් පියාගෙන ගැඹුරු ආශ්වාස ප්‍රශ්වාසයේ නිරත වන්න.

​මහේශ්‍රී යෝග ආශ්‍රමයේ අපගේ අරමුණ, ✨️නොනැවතී ගලායන ප්‍රඥාවේ දිව්‍යමය ස්පර්ශය තුළින් ඔබව සුවපත් කිරීමයි✨️

මේ දිනවල​ අධික හිරු රශ්මිය සහ වෙහෙස නිසා යෝග පුහුණුව සිරුරට සුදුසු දැයි අපි සොයා බලමු.යෝග අභ්‍යාස යනු හුදෙක් ව්‍යායාමයක්...
02/04/2026

මේ දිනවල​ අධික හිරු රශ්මිය සහ වෙහෙස නිසා යෝග පුහුණුව සිරුරට සුදුසු දැයි අපි සොයා බලමු.
යෝග අභ්‍යාස යනු හුදෙක් ව්‍යායාමයක් නොව, පරිසරයට අනුකූලව සිරුර සහ මනස හැඩගස්වා ගැනීමේ විද්‍යාවකි.

1. අධික උෂ්ණත්වය පාලනය කරන ප්‍රාණයාම (Cooling Pranayama)
​සිරුර අභ්‍යන්තරයෙන් සිසිල් කිරීම සඳහා ශීතාලී වැනි ක්‍රම ඉතාම ප්‍රබලයි.

​ශීතාලී (Sheetali): දිව නළාවක් මෙන් රෝල් කර ඒ හරහා හුස්ම ඉහළට ගැනීමෙන් සිසිල් වාතය සිරුර තුළට ගලා යයි. මෙය සිරුරේ උෂ්ණත්වය ක්ෂණිකව අඩු කිරීමටත්, පිපාසය පාලනය කිරීමටත් උපකාරී වේ.
​ශීත්කාරි (Sheetkari):
දිව රෝල් කිරීමට අපහසු අයට උඩ සහ යට දත් පේළි එක මත තබා, තොල් විවෘත කර දත් අතරින් හුස්ම ගැනීමෙන් මෙය කළ හැකියි. මෙය මනස සන්සුන් කර සිරුර සිසිල් කරයි.

​චන්ද්‍ර භේදනා (Chandra Bhedana):
වම් නාස් පුඩුවෙන් පමණක් හුස්ම ගැනීම (සඳ නැමැති සිසිල් ශක්තිය අවදි කිරීම) මගින් සිරුරේ අධික උණුසුම සමනය වේ.

​2. උෂ්ණ කාලයට සුදුසු ලිහිල් යෝගාසන
​සිරුර වෙහෙසට පත් නොකරන, මාංශ පේශි ලිහිල් කරන (Relaxing) ආසන මේ දිනවලට වඩාත් සුදුසුයි.

​ශවාසනය (Shavasana): සිරුරේ උණුසුම පිට කරමින් පූර්ණ විවේකයක් ලබා දීමට ඇති හොඳම ආසනයයි.
​බද්ධ කෝණාසනය (Baddha Konasana): උඩුබැලි අතට වැතිරී මෙය සිදු කිරීමෙන් (Supta Baddha Konasana) ශ්‍රෝණි ප්‍රදේශය විවෘත වී සිරුර ලිහිල් වේ.
​විපරීත කරණී (Viparita Karani): බිත්තියකට හේත්තු වී දෙපා ඉහළට ඔසවා සිටීමෙන් රුධිර සංසරණය විධිමත් වී විඩාව නිවේ.

​3. වැරදි ආකල්ප සහ නිවැරදි වේලාව
​බොහෝ දෙනා පවසන පරිදි රශ්මිය වැඩි වෙලාවට දැඩි ව්‍යායාම කිරීම අහිතකර වුවත්, යෝගාභ්‍යාසය එයට වඩා වෙනස්ය.

පුහුණුවට ​නිවැරදි වේලාව:
උදෑසන හිරු නැගීමට පෙර (බ්‍රහ්ම මුහුර්ථය) හෝ සවස් කාලයේ හිරු බැස ගිය පසු පුහුණුවීම් කිරීම වඩාත් සුදුසුයි.

​ස්ථානය: හොඳින් වාතාශ්‍රය ලැබෙන, සෙවන සහිත ස්ථානයක් තෝරාගන්න.
ඔබ ​වැරදි ආකල්ප සමඟ හෝ වැරදි උපදෙස් මතනම්:
"උෂ්ණ කාලයට යෝගා නොකළ යුතුයි" යන්න වැරදි මතයකි. කළ යුත්තේ සිරුර වෙහෙසවන වේගවත් ක්‍රම වෙනුවට, සිරුර සිසිල් කරන ලිහිල් ක්‍රම (Restorative Yoga) තෝරා ගැනීමයි.

​4. මානසික සහ කායික සමබරතාවය
​මනස නිශ්චල කිරීම:
අධික උණුසුම නිසා ඇතිවන කෝපය සහ නොසන්සුන් බව පාලනය කිරීමට භාවනාව සහ ප්‍රාණ යාම මගින් මනස "නිශ්චල" (Still )කර ගැනීම දිව්‍යමය
ඖෂධයකි.

සැ:යු ව්‍යායාමයට පෙර සහ පසුව ප්‍රමාණවත් තරම් ජලය පානය කර සිරුර විජලනයෙන් ආරක්ෂා කරගන්න.

28/03/2026
📿 🕉️ 🔱 🖌️
21/03/2026

📿 🕉️ 🔱 🖌️

20/03/2026

විනෝද මිහිරක් ගෙනදේ අපට ජීවිතේ....😍🤣😂 ලලයි...ලිලයි...ලයි...🤽🏊🤸

Address

Pannipitiya
10230

Opening Hours

Monday 06:30 - 19:00
Tuesday 06:30 - 19:00
Wednesday 06:30 - 19:00
Thursday 06:30 - 19:00
Friday 06:30 - 19:00
Saturday 06:30 - 19:00
Sunday 06:30 - 19:00

Telephone

+94713661708

Alerts

Be the first to know and let us send you an email when Mahesri Yoga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category

අපගේ අරමුණ | Our Purpose

Yoga is a type of training that is used to improve mental and physical health. Yoga can bring a solution to many medical conditions in the body and stresses in the mind.

Yoga helps to manage many psychological conditions such as anxiety, restlessness, depression and fatigue.

Mahesri Yoga Ashrama has been bringing healing effects to many of its students while helping low income families and orphans and also donating wheel chairs to those in need.

It is worthwhile noting that the center provides advice and guidance for those who are seeking to progress in a spiritual path.