Jaya Sri Pharmacy

Jaya Sri Pharmacy 365 days from 8 am to 10 pm

⚠️සුරතලාගේ පණු බෙහෙත් දීම ගැන ඔබ දැනුවත්ද?සුරතල් සුනඛයන්ගේ පණු මර්ධනය"පණූවන් "  වචනය ඇසූනූ ගමන් අපිට ප්‍රියජනක හැගීමක් හ...
14/01/2025

⚠️
සුරතලාගේ පණු බෙහෙත් දීම ගැන ඔබ දැනුවත්ද?
සුරතල් සුනඛයන්ගේ පණු මර්ධනය

"පණූවන් " වචනය ඇසූනූ ගමන් අපිට ප්‍රියජනක හැගීමක් හිතට එන්නේ නෑ. ඒ වගේම තමයි අපේ සුරතලාගේ ඇඟ ඇතුලේ පණුවෝ/අභයන්තර පරපෝශිතයෝ මොනා කරනවා ඇතිද කියලා හිතන්නවත් ඔබ කැමති නෑ. සමහර විට ඔබ හිතනවා ඇති කොහොමද අපේ බල්ලට පණුවෝ එන්නේ කියලා. සමහරුන්ගේ මතයක් තියෙනවා සීනී දුන්නම තමා පණුවෝ හැදෙන්නේ කියලා. අපේ පරිසරයේ සතෙකුට පණුවෝ ශරීරගත වෙන්න ඕනීතරම් ඉඩකඩ තියෙනවා කිව්වොත් සමහර විට ඔබ පුදුම වෙයි.

සාමාන්‍යයෙන් පරිසරයේ පණුවෝ ඉන්නේ අපිරිසිදු තැන්වල. ගෙදරින් පිට සුරතලා ඇවිද ඇවිද ඉන්න ගමන් බිම තියන මොනාහරි දෙයක් කන්න පුලුවන්, ඒ එක්කම ජරාව තියන ගඳ ගහන තැනක පෙරලිලා පස්සේ එයා එයාගේ ඇඟ ලෙවකන්න පුලුවන්. ඒ තැන්වල තියෙන පණු බිත්තර හෝ පණුවන්ගේ වර්ධන අවධියේ ඕනිම අවස්තාවක් ශරීර ගතවෙන්න පුලුවන්. පණුවන් වාහකයෙක් වෙන බලු මැක්කෝ(fleas) එයාගේ ඇගේ වහන්න පුලුවන්, පසුව ඔවුන් ආමාශගත වෙන්න පුලුවන්. එකොට වගේම මදුරුවෝ එයාට දෂ්ට කරන්න පුලුවන්. ඉතින් ඔය හැම ක්‍රමයකින්ම සුරතල් බල්ලෙක්ට පණුවෝ ශරීරගත වෙන්න පුලුවන්. ඊට අමතරව පණු බෙහෙත් නොදීපු හෝ ක්‍රමවත්ව පණු බෙහෙත් නොදීපු අම්මගෙන් කිරි බොන පොඩි පැටවුන්ට මව් කිරි හරහා පණුවෝ ආසාධනය වෙන්න පුලුවන්.

නිරෝගී සුනඛයෙක්ගේ උනත් පණුවෝ ආහාර මාර්ගය ආශ්‍රිතව ඉතා සුලු වශයෙන් හරි ඉන්නවා. සමහර වෙලාවට පණුවෝ පිරිලා හිටියත් පිටතින් රෝග ලක්ශන නොපෙන්වන්න පුලුවන්. නිසි ප්‍රතිකාරයක් නොලැබුනොත් පණු ආසාධනය මාරාන්තිකයි. ඒත් එක්කම ඉන් සමහර පණුවන් මිනිස්සුන්ටද රෝගකාරක වෙනවා (zoonotic). ඒ කියන්නේ හරියට පණු බෙහෙත් නොදී පණුවෝ මර්ධනය නොකලොත් සුරතලුන්ගෙන් අපිටත් පණුවෝ ආසාධනය වෙන්න පුලුවන්.

වට පණුවා(round worm), කොකු පණුවා(hook worm), පටි පණුවා(tape worm) , trichuris/ whip worms සහ හෘදය ආශිත පණුවන් (heart worms) තමා ප්‍රධාන පණු වර්ග 5 තමා ගෘහාශ්‍රිත බල්ලන් අතර දක්නට ලැබෙන්නේ. එතකොට ඉහත සදහන් මුල් පණු වර්ග 4 දක්නට ලැබෙන්නේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතවයි. එතකොට heart wormsලා ලංකාවේ පොදුවේ දක්නට ලැබෙන්නේ නැති උනත් ආනයනික සතුන්ගේ වර්ථා වෙලා තියෙනවා.

මේ පණුවන් කියන්නේ අභයන්තර පරපෝශිතයෙක්, ඔවුන් ආහාර මාර්ගය තුල හිදිමින් සතුන් ගන්නා ආහාරවල පෝශක මත යැපීම හෝ ආහාර මාර්ග බිත්තිවල එල්ලී රුධිරය උරාබොමින් ජීවත් වෙනවා. පහත දැක්වෙන්නේ පණු ආසාධනයක් පෙන්වන රෝග ලක්ෂණ කිහිපයක්.

1. බඩ එලිය
2. උදර වේදනාව
3. ශරීර බර අඩු වීම
4. මලානික ගතිය
5. විජලනය
6. උදර පෙදෙස විශාල වීම (pot belly)
7. පෝශණ ඌණතා
8. රක්තහීනතාවය
9. ආහාර මාර්ගය අවහිර කිරීම/ නියෝමෝනියාව වැනි ශ්වසනාභාධ ඇති කිරීම
10. මලපහ සමඟ රුධිරය පිටවීම

එතකොට අපි මොකක්ද මේ පණු ප්‍රශ්නෙට කරන්නේ? ඔව් ඒක හරිම සරලයි.

1. නිසි ආකාරව ක්‍රමවත්ව පණු බෙහෙත් දෙන්න ඕනී. වෙලඳපොලේ විවිධ පණු බෙහෙත් වර්ග දක්නට ලැබෙනවා . ඉන් ඔබේ සුරතලාගේ වයසට බරට ගැලපෙන නිශ්පාදනයක් තෝරාගෙන නිසි මාත්‍රාවෙන් ඒක දෙන්න ඕනී. ඒ වගේම නිසි කලට වේලාවට පණු බෙහෙත් ලබාදෙන්න ඕනී. ඒකට ඔබේ පවුලේ පශු වෛද්‍යවරයාගේ සහය ලබාගැනීම හරි වටිනවා.

පණු බෙහෙත් ලබාදෙන ආකාරය;
- පැටවුන්ට වයස සති 2 ඉදන් මාස 3ක් වෙනකන් සති 2න් 2
- මාස 3 ඉදන් මාස 6 වෙනකන් මාසෙන් මාසේ
- මාස 6 ඉදන් ඉදිරියට මාස 3න් 3ට
- ගැබ් ගැනීමට පෙර හා පැටවුන් ප්‍රසූතියෙන් පසු (වැඩිහිටි ගැහැණු සතුන්ට)

2. ආහාර මාර්ගය ආශ්‍රිත පණුවන්, පණු බිත්තර හෝ පණුවන්ගේ කැබලි මළ පහ සමඟ පරිසරයට එක්වෙනවා. නිසි ආකාර මළ පහ බැහැර කිරීම හා සුරතලා අවට පරිසරය නිසි ආකාර පිරිසිදු කිරීම මගින් පසේ හා සුරතලාගේ තැවරී නැවත ආසාධනය වලක්වා ගන්න පුලුවන් වෙනවා.

3. බලු මැක්කන් හා මදුරුවන් සුරතලාට පණුවන් ගෙනෙන වාහකයෙක් විදියට කටයුතු කරනවා. භාහිර පරපෝශිතයෙක් වෙන බලු මැක්කන් පාලනයට සුදුසු වන නිශ්පාදනයක් වයස හා බර අනුව තෝරාගෙන නිවැරදි අයුරින් පාවිච්චි කලයුතු වෙනවා. ඒ සඳහා ඔබගේ පශු වෛද්‍යවරයාගේ සහය ලබා ගැනීම ඉතාමත් වටිනවා. අවට පරිසරය පිරිසිදුව තබාගැනීම මගින් මදුරු පාලනය කිරීම ඉතාම වැදගත් වෙනවා.

4. සතුන්ගේ සමග ගනුදෙනු කිරීමෙන් අනතුරුව සබන් යොදා අත් සේදීම මගින් පණු ආසාධන වලින් අපි වගේම සුරතලුනුත් ආරක්ශා වෙන්න ඉතාම වැදගත් වෙනවා. (විශේෂයෙන්ම මල පහ ඉවත් කිරීම වැනි පිරිසිදු කිරීමේ කටයුතුවලින් පසු)

පණුවා කියන්නේ පොඩි සතෙක් උනාට සුරතල් සුනඛයාට හා අපිට කරන හානිය ටිකක් විශාලයි. එම නිසා අවදානම හරියාකරව තේරුම්ගෙන, රෝග ලක්ෂණ දැන හැදින, පණුවන් සඳහා ක්‍රමවත් නිවැරදි ප්‍රතිකාරයකට යොමු වීමත්, නැවත ආසාධනය වැලැක්වීමට අවශ්‍ය කටයුතු කිරීමත් වගකීම් සහගත සත්ව හිමිකරුවෙකුගේ යුතුකමක් හා වගකීමක් වෙනවා.

~Copied~
Team Posh Pet
🐶♥️

11/01/2025

උපුටා ගැනීම වෛද්‍ය මනෝජ් කුමාර ගෙනි

තුවාල වේලෙන්න බෙහෙත් කරල්...🤔🤔🤔

මේ ඉස්පිරිතාලේ OPD එකේ නිතර ඇහෙන කතාවක්.
ගොඩක් දෙනෙක් තුවාලයකට බෙහෙත් දැම්මම අනිවාර්යයෙන් ඉල්ලන දෙයක් තමයි තුවාල වේලෙන්න බෙහෙත් කරල්...

නොදුන්නාම රවාගෙන යන, හිතෙන් බැන බැන යන මොකක්ද මෙකේ ඇත්ත???....😇😇😇

අනතුරකින් තුවාලයක් උනාම ඒකට ප්‍රතිකාර කරන්න්නේ තුවාලයේ ස්වභාවය අනුව.

1) මැහුම් දැමිය යුතුද
2) පිරිසිදු කල යුත්තේ කුමකින්ද
3) යෙදිය යුතු බෙහෙත කුමක්ද
4) බොන බෙහෙත් හෝ විදින බෙහෙත් අවශයද.

තුවාලය පිරික්සිමෙන් අනතුරුව මේ සියල්ල වෛද්‍යවරයා තීරනය කරනු ලබයි.

බෙහෙත් කරල්....🙂🙂🙂

ඇත්තටම මේ බෙහෙත් කරල් වලින් තුවාලේ වේලෙනවද???
උත්තරය නැත යන්නයි.

එහෙනම් ඇයි මේ කරල් දෙන්නේ තුවාල වලට.

මේ බෙහෙත් කරල් (බොහෝවිට cloxacillin - flucloxacillin) වෛද්‍යවරයෙකු තුවාලයක් සඳහා නිර්දේශ කරනු ලබන්නේ ඒ තුවාලය විශබීජ සහිත පැසවු තුවාලයක් නම් හෝ විශබීජ තුවාලයට ඇතුලුවීමේ හැකීයාවක් ඇති අවස්ථාවන්වලදිය.

මේ බෙහෙත් කරල් වලින් සිදුවන්නේ තුවාලයේ ඇති විශබීජ (බැක්ටීරියා) වීනාශ විමයි.
එසේ නොමැතිව තුවාලය වේලිමට වෙනත් කිසිදු දායකත්වයක් මේ මගින් සිදු නොවේ.

එමෙන්ම විශබීජ රහිත පැසවීමක් නොමැති තුවාල වලට මේ බෙහෙත් කරල් වලින් කිසිදු වාසියක් අත් නොවන අතර අනවශ්‍ය ලෙස මේ බෙහෙත් කරල් භාවිතයෙන් ශරීරයේ සාමාන්‍යයෙන් ඇති බැක්ටිරියා වර්ග මේ බෙහෙතට ඔරොත්තු දිමේ හැකියාව ලබාගන්නා බැවින් ඊළග වාරයේදි මේ බෙහෙත වැඩකට නැති බෙහෙතක් වීමේ අවදානමක් ඇතිවේ.

තුවාල සුව වීම ශරීරය මගින්ම සිදුවන අතර බෙහෙත් කරල් මගින් සිදුවන්නේ තුවාලය සුව විමක් නොවන අතර විශබීජ විනාශ වීමක් පමනි.

එබැවින් අනවශය ආකාරයට ප්‍රතිජිවක භාවිතයෙන් මෙන්ම ඉල්ලාසිටිමෙන්ද වැලකිය යුතු අතර එය වෛද්‍යවරයා තීරනය කරනු ඇත.😇😇😇

අනවශය ලෙස ප්‍රතිජිවක බෙහෙත් භාවිතයේ ප්‍රතිපල අපහට දැනටම අත්විදිමට ඇති අතර දැනට ලංකාවේ භාවිතයේ ඇති කිසිදු ප්‍රතිජිවක බෙහෙතකින් මර්ධනය කල නොහැකි බැක්ටිරියා අසාදිත රෝගීන් අප අවටින්ම හමු වී ඇත.

එබැවින් බෙහෙත් කරල් හිතුමතේ බාවිතා කිරිම හෝ ඉල්ලා සිටිම සිදු නොකර වෛද්‍යවරයාගේ තීරනය පිලිගන්නා මෙන් ඉල්ලා සිටිමි.💯💯

  පිළිබඳ ඔබ දැනගත යුතු සියල්ල 😌Omeprazole යනු අද ලෝකයේ බහුලව භාවිතා වන ඖෂධයකි 🤔ඔමෙප්‍රසෝල් ප්‍රථම වරට 1980 ගණන්වල නිපදවන...
22/12/2024

පිළිබඳ ඔබ දැනගත යුතු සියල්ල 😌

Omeprazole යනු අද ලෝකයේ බහුලව භාවිතා වන ඖෂධයකි 🤔
ඔමෙප්‍රසෝල් ප්‍රථම වරට 1980 ගණන්වල නිපදවන ලද බවත් වෙළඳපොළට පැමිණි පළමු ප්‍රෝටෝන පොම්ප නිෂේධකවලින් එකක් බවත් ඔබ දැන සිටියාද ?

ආමාශයික අම්ල ආශ්‍රිත තත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී එහි කාර්යක්ෂමතාව නිසා එය ඉක්මනින් Blockbuster ඖෂධයක් බවට පත්විය 😲

ඔබ කවදා හෝ අජීර්ණ හෝ ආමාශයික අධි ආම්ලිකතාවය වැනි තත්වයකින් පීඩා විඳ ඇත්නම්, ඔබ Omeprazole ගැන අසා තිබිය යුතුය .

💊 Omeprazole යනු කුමක්ද?

Omeprazole යනු ප්‍රෝටෝන පොම්ප නිෂේධකයක් (PPI) ලෙස හඳුන්වන ඖෂධයකි. එය ක්‍රියා කරන්නේ ඔබේ ආමාශයේ නිපදවන අම්ල ප්‍රමාණය අඩු කිරීමෙනි.

ආමාශය ස්වභාවිකවම ආහාර ජීර්ණය කිරීමට අම්ලය නිපදවයි, නමුත් සමහර විට අධික අම්ල අපහසුතාව, වේදනාව සහ වණ හෝ අම්ල ප්‍රත්‍යාවර්තනය වැනි තත්වයන් ඇති කළ හැකිය.
Omeprazole පැමිණෙන්නේ එතැනිනි - එය ඔබේ ආමාශයේ අම්ලය නිපදවන “පොම්ප” අවහිර කරයි.

💊 Omeprazole භාවිතයන්:

Omeprazole ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ අධික ආමාශයික අම්ල නිසා ඇතිවන තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ය.
එහි පොදු භාවිතයන් :

1. ආමාශ ආන්ත්‍රික ප්‍රත්‍යාවර්ත රෝගය (GERD): අම්ල ප්‍රත්‍යාවර්තනයට ප්‍රතිකාර කරයි .

2. ආමාශ වණ: ආමාශයේ හෝ අන්ත්‍රයේ වණ සුව කර වළක්වයි.

3. Helicobacter Pylori (H. පයිලෝරි) ආසාදන:
වණ ඇති කරන ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිජීවක සමඟ ඒකාබද්ධව භාවිතා කරයි.

4. Zollinger Ellison Syndrome : ආමාශය අධික ලෙස අම්ලය නිපදවන දුර්ලභ තත්වයකි.

5. Erosive Esophagitis : ආමාශ අම්ලය නිසා ඇතිවන esophagus වලට සිදුවන හානිය සුව කරයි.

💊 Omeprazole නිපදවන්නේ කෙසේද?

Omeprazole යනු රසායනාගාරවල නිර්මාණය කරන ලද කෘතිම ඖෂධයකි. එය කාබනික රසායනික ද්‍රව්‍ය එකතුවක් භාවිතයෙන් සාදා ඇත.

ක්‍රියාකාරී අමුද්‍රව්‍යය කුඩා අම්ල-ප්‍රතිරෝධී කැටිති වලට සකස් කර ඇති අතර,
ඖෂධය 👉 අන්ත්‍රයේ 👈 ක්‍රියා කරන බව සහතික කරයි .
නැතහොත් ආම්ලික ආමාශ පරිසරයේදී ඖෂධය විනාස විය හැකිය .

💊 Omeprazole මාත්‍රාව :

මාත්‍රාව ප්‍රතිකාර කරනු ලබන තත්ත්වය මත රඳා පවතී:

⚠️ : සෑම විටම ඔබේ වෛද්‍යවරයාගේ බෙහෙත් වට්ටෝරුව අනුගමනය කරන්න. කිසි විටෙකත් ඔබ විසින්ම මාත්‍රාව වැඩි කිරීම හෝ අඩු කිරීම නොකරන්න.

💊 Omeprazole ක්‍රියා කරන ආකාරය ?
ඖෂධීය විද්‍යාව යනු ඖෂධයක් ශරීරය තුළ අවශෝෂණය කර, බෙදා හරින, පරිවෘත්තීය කර බැහැර කරන ආකාරයයි.

1. අවශෝෂණය: Omeprazole👉කුඩා අන්ත්‍රය👈 තුළ අවශෝෂණය කර විනාඩි 30 සිට පැය 3 දක්වා රුධිරයේ උපරිම මට්ටම් කරා ළඟා වේ.

2. ව්‍යාප්තිය: එය රුධිරයේ ප්‍රෝටීන සමඟ බන්ධනය වී ආමාශ සෛල කරා ළඟා වේ.

3. පරිවෘත්තීය: Omeprazole අක්මාව තුළ එන්සයිම මගින් බිඳ දමනු ලැබේ.

4. බැහැර කිරීම: ඖෂධය සහ එහි පරිවෘත්තීය ද්‍රව්‍ය දිනක් ඇතුළත මුත්‍රා සහ මළපහ හරහා ඉවත් කරනු ලැබේ.

💊 Omeprazole වල අතුරු ආබාධ :

සියලුම ඖෂධ මෙන්, ඔමෙප්‍රසෝල් වලට අතුරු ආබාධ ඇති විය හැකි නමුත්, සෑම කෙනෙකුටම ඒවා අත්විඳිය නොහැක.

- පොදු අතුරු ආබාධ :
- හිසරදය
- ඔක්කාරය හෝ වමනය
- පාචනය හෝ මලබද්ධය
- බඩේ වේදනාව

- දුර්ලභ අතුරු ආබාධ :
- අඩු මැග්නීසියම් මට්ටම් (දිගු කාලීන භාවිතය)
- අස්ථි බිඳීම් (දිගු කාලීන භාවිතය සමඟ)

⚠️ හුස්ම ගැනීමේ අපහසුතාව, කැසීම හෝ ඉදිමීම වැනි දරුණු රෝග ලක්ෂණ ඔබ අත්විඳින්නේ නම්, ඖෂධ නතර කර වහාම වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.

💊 අනුගමනය කළ යුතු පූර්වාරක්ෂාවන් :

📌️ආහාර වේලකට පෙර ගන්න: ඔමෙප්‍රසෝල් කෑමට මිනිත්තු 30 කට පෙර ගත් විට වඩාත් හොඳින් ක්‍රියා කරයි.

📌️දිගු කාලීන භාවිතය වළක්වා ගන්න: දිගු කාලීන භාවිතය පෝෂණ ඌනතා වැනි අතුරු ආබාධ ඇති කළ හැකිය.

📌️ගැබ් ගැනීම/මව්කිරි දීම: ඔබේ වෛද්‍යවරයා එය ආරක්ෂිත යැයි පවසන්නේ නම් පමණක් භාවිතා කරන්න.

📌️ඖෂධ අන්තර්ක්‍රියා: ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් නොගෙන Omeprazole ඇතැම් ඖෂධ (*Clopidogrel* හෝ දිලීර නාශක ඖෂධ වැනි) සමඟ ගැනීමෙන් වළකින්න.

Omeprazole යනු ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකට ඇදහිය නොහැකි තරම් ප්‍රයෝජනවත් ඖෂධයකි.

එය අජීර්ණ රෝග ලක්ෂණ සමනය කරයි, වණ සුව කරයි, සහ අම්ල පිත්ත පාලනය යටතේ තබා ගනී. කෙසේ වෙතත්, සියලුම ඖෂධ මෙන්, දිගු කාලීන අතුරු ආබාධ වළක්වා ගැනීම සඳහා එය වෛද්‍ය අධීක්ෂණය යටතේ භාවිතා කළ යුතුය .

References :
1. Mayo Clinic – Omeprazole Uses and Side Effects
2. National Institutes of Health (NIH) – Omeprazole Pharmacokinetics
3. MedlinePlus – Omeprazole Overview

📌️ විශ්වාසදායක වෛද්‍ය තොරතුරු පිළිබඳව යාවත්කාලීනව සිටීමට අපව Follow කරන්න!

https://www.facebook.com/profile.php?id=61570428549967&mibextid=ZbWKwL

27/11/2024

අද මම ලියන්න හිතුවේ කථා කල යුතුම මාතෘකාවක් ගැන.. ඒ තමයි අපි වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඖෂධ ලබා නොගත යුත්තේ ඇයි කියලා.. මේ පිලිබදව මොන තරම් දැනුවත් කරත් ඒ දේ පිළිපදින්නේ නම් නැති තරම්.. මෙන්න මේ වැරදි ක්‍රියාව නිසා සමහර අවස්ථාවලදී ජීවිතය උනත් නැති වෙන්න පුළුවන්.නැතිනම් හිතන්නේ නැති අතුරු ආබාධ ඇතිවෙන්න පුළුවන්. මේ දේ ඒ තරම් අවදානම්..

ඖෂධ කියන්නේ රසායනික සංයෝග, හිතු මනාපයට ගන්න ගිහින් අමාරුවේ වැටෙන්න කලින් ලිපිය අවසන් වෙනකන් කියවලා ඉන්න

අපි දැන් බලමු වෛද්‍ය නිර්දේශ නොමැතිව ඖෂධ ලබා නොගන්න හේතු මොනවාද කියලා..

1. ඖෂධ ඖෂධ අතර අන්තර් ක්‍රියා (Drugs interactions) පැවැතීම..

සමහර ඖෂධ ලබා ගන්නා විට ඒ ඖෂධ සමග ලබා නොගත යුතු ඖෂධ පවතිනවා. ඒ කියන්නේ සරලව කිව්වොත් එම ඖෂධ වර්ග දෙක හෝ කිහිපය එකට ලබා ගැනීමක් කරොත් අදාළ ප්‍රථිපල නොලැබීම, ඖෂධ විෂ වීම, අසාත්මිකතාවක් හෝ සමහර විට මරණයට පත්විමට ද හැකිය..

උදාහරණ ලෙස රුධිර කැටි ඇති වීම අඩු කිරීම සදහා ලබාදෙන clopidogrel සමග Omeprazole ලබා ගත් විට clopidogrel ඖෂධයේ ක්‍රියාකාරීත්වය අඩු වීමක් සිදු වෙනවා...

හදවත් රෝග සදහා ලබාදෙන nitrates කාන්ඩයේ (GTN වැනි) ඖෂධ සමග පුරුෂ ලිංගික අප්‍රාණික තත්වයට (Erectile Dysfunction) ලබාදෙන sildenafil එකට ලබා ගත් විට හදිසියේ රුධිර පීඩනය අඩු වි මරණයට පත් විය හැකිය..

මෙවැනි උදාහරණ තවත් ඕනෑ තරම් ඉදිරිපත් කල හැකි අතර මේ ගැන කිසිදු දැනීමක් නැතිව ඖෂධ හිතු මනාපයට ලබා ගත්තොත් සමහරවිට මරණයෙන් පවා වන්දි ගෙවීමට සිදු වෙන්න පුළුවන්..

2. රෝගියාගෙ රෝගී තත්වය අනුව ලබා දිය හැකි සහ නොහැකි ඖෂධ පැවැතීම..

වෛද්‍යවරයා විසින් ඔබට යම් කිසි ඖෂධයක් නිර්දේශ කරණු ලබන්නේ රෝගියාගෙ තත්වය සහ දැනට ලබා ගන්නා ඖෂධ ගැන දැනගෙන නිගමනයකට පැමිණිමෙන් පසුවයි.. රෝගියාගෙ තත්වය අනුව ඔහුට ලබා දිය හැකි සහ නොහැකි ඖෂධ පවතිනවා.

උදාහරණයක් ලෙස ඇඳුම, හතිය සහිත රෝගීන් සදහා beta blocker කාන්ඩයේ ඖෂධ (propanalol, carvedilol, atenalol, bisapralol වැනි) ලබා දෙන්නේ නැත. එයට හේතුව නම් ඇඳුම රෝගීන්ට එවැනි ඖෂධ ලබා දුන් විට හුස්ම ගැනිමේ අපහසුතාවට පත් වී මරණයට පවා පත් විය හැකි වීමයි..

මෙවැනි තාක්ෂණික කරුණු නොදැන ඔබට එක් රෝගයකට ලබා දුන් නිසා වෙන අයකුට එම රෝගය පවතින නිසා එම ඖෂධ ලබා දීම කිසිසේත්ම නොකළ යුතුය.. මේ සදහා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වේ..

3. සමහර ඖෂධ සදහා ආසාත්මිකතා පැවැතීම...

ඔබට යම් ඖෂධයක් සදහා ආසාත්මිකතා පවති නම් එම කාන්ඩයේ සියලුම ඖෂධ සදහා ආසාත්මිකතා පැවැතිය හැකිය.. ආසාත්මිකතා මගින් ඉතා ඉක්මනින් මරණයට උවත් පත් විය හැකිය..

උදාහරණයක් ලෙස ඔබට amoxicillin වලට ආසාත්මිකතා ඇති වනවා නම් co- amoxiclave, cloxicillin, flucloxicillin, ampicilin, penicillin යන සියලුම ඖෂධ සදහා ආසාත්මිකතා ඇති වෙන්න තියෙන සම්භාවිතාව ඉතාමත්ම වැඩි..

ඉතින් ඔබ amoxicillin සදහා පමනක් ඔබට ආසාත්මිකතා ඇති බව සිතා එම කාන්ඩයේ අනිත් ඖෂධ වෛද්‍ය නිර්දේශයෙන් තොරව ලබාගෙන අමාරුවේ වැටෙන්න පුළුවන්...

ඉතින් මෙන්න මේ වගේ නිසි උපදෙස් නොමැතිව ඖෂධ ලබා ගැනීම ඉතාමත් භයානකයි.. ජීවිතය උවත් නැති වෙන්න පුළුවන්..

4. ප්‍රතිජීවක වැනි ඖෂධ සදහා ප්‍රතිජීවක ප්‍රතිරෝධය ඇති වීම..

ප්‍රතිජීවක ඖෂධ ලබා දිය යුත්තේ අදාළ රෝගයට අදාළව නියමිතව කාල පරාසයක් සහිතව නියමිත කාල සීමාවක් ලබා දිය යුතුයි.. ප්‍රතිජීවක ප්‍රතිරෝධය ඉදිරි දශක කිහිපය තුළ ලෝකය බරපතළ තත්වයකට පත් කරනු ඇත.. ප්‍රතිජීවක ප්‍රතිරෝධය වැඩි වීම නිසා අනාගතේදී bacteria ආසාදන සදහා ලබා දිය හැකි ඖෂධ නොමැති වීම නිසා මරණයට පත් වන්න තමයි සිදු වෙන්නේ..

ප්‍රතිජීවක ප්‍රතිරෝධය ට ප්‍රධාන හේතුවක් වන්නේ අක්‍රමවත් ලෙස ප්‍රතිජීවක භාවිතා කිරීම නැත්නම් අවභාවිත කිරීමයි.. (මේ සම්බන්ධ සම්පූර්ණ ලිපියක් මීට පෙර පළ කර ඇත)

මේ හේතු නිසා ප්‍රතිජීවක ඖෂධ ලබා ගත යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණි.. මේ බරපතළ කම තේරුම් යද්දී ගොඩක් පරක්කු වෙලා තිබේවි..

5. වයස අනුව සමහර සමහර ඖෂධ ලබානොදීම..

සමහර ඖෂධ වයස අනුව ලබා නොදෙන අවස්ථා පවතින අතර ඒ පිලිබදව නිසි අවබෝධයක් පවතින්නේ වෛද්‍යවරු හා ඖෂධවේදීන්ට ය.. එනම් සමහර ඖෂධ කුඩා ලමුන්ට, ලමුන්ට ලබා නොදෙන අතර වැඩිහිටි අයට ලබා දෙනු ලැබේ.. ඉතින් ඖෂධ ගැන හරි හැටි නොදෙන ලබා ගන්න ගියොත් අමාරුවේ වැටෙන්නේ ඔබම තමයි..

උදාහරණ ලෙස ciprofloxacin නම් ප්‍රතිජීවක ඖෂධය අවුරුදු 12 අඩු ලමුන්ට ලබා නොදේ.. නමුත් ගෙදර අම්මට, තාත්තට හෝ වෙනත් කෙනෙකුට ඇති වී ඇති රෝගී තත්වයක් සදහා එම ඖෂධය වෛද්‍යවරු විසින් ලබා දෙනව.. ඒ රෝග ලක්ෂණ සහිත එම නිවසේ අවුරුදු 12 ට අඩු ලමයෙක් සදහා වෛද්‍ය උපදෙස් නොමැතිව එම ඖෂධය දරුවාට ලබා දෙනව.. ඒ මගින් හානියක් මිස හොඳක් සිදු වෙන්නේ නැත..

6. සමහර ඖෂධ සදහා ඇබ්බැහිවීමක් සිදු වීම..

සමහර ඖෂධ දිගු කාලයක් ලබා ගැනීම එම ඖෂධය සදහා ඇබ්බැහි වීමක් සිද්ධ වෙන්න පුළුවන්.. ඒ කියන්නේ ඔබට ඒ ඖෂධය නැතිවම ඉන්න බැරි වෙනවා.. මෙන්න මේ නිසා එවැනි ඖෂධ වෛද්‍යවරු විසින් සිමිත කාලයකට පමනක් වෛද්‍යවරු නිර්දේශ කරනවා..

ඉතින් මෙන්න මේ වගේ දේවල් නොදැන ඔබ ඖෂධ ලබා ගන්න ගිහින් අමාරුවේ වැටෙන්න නම් එපා..

7. ඖෂධ සදහා අතුරු ආබාධ පැවැතීම..

ඕනම ඖෂධයක් සදහා සුළු හෝ බරපතළ අතුරු ආබාධ තිබෙන්න පුළුවන්.. වෛද්‍යවරයා විසින් අතුරු ආබාධ වැඩි ඖෂධ නිර්දේශ කරණු ලබන්නේ අතුරු ආබාධ වලට වඩා රෝගියාට ඇති ප්‍රතිලාභය වැඩි බව තහවූරු කර ගැනිමෙන් පසුවයි..

ඉතින් මේ කිසිදු දෙයක් නොදන්නා ඔබ ඖෂධ ලබා ගන්න ගියොත් වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑ කියලා හිතනවා.. සමහර අවස්ථාවල ඔබ සදාකාලික ආබාධිත තත්වයට පවා පත් වෙන්න පුළුවන්..

8. ගර්භණී සහ කිරි දෙන මව්වරු සදහා බොහෝ ඖෂධ ලබා නොදීම..

ගර්භණී අවස්ථාවේ සහ කිරි දෙන මව්වරුන්ට ඒ අවස්ථාවේදි ලබා දිය යුත්තේ පරික්ෂාකාරීව සහ ආරක්ෂාකාරි ඖෂධ පමණි.. එසේ නොමැති උනොත් මවට සහ දරුවාට අවදානම් විය හැකිය..

මේ නිසා නිසි දැනුමක් සහ වෛද්‍ය උපදෙස් නොමැතිව ගර්භනී සහ කිරිදෙන මව්වරුන්ට ඖෂධ කිසිසේත්ම ලබා දීම් නොකළ යුතුය..

9. රෝගියා පරික්ෂා කර ඔහුට හෝ ඇයට ඇති රෝගය පිලිබදව මනා නිගමනයකට පැමිණිමේ සුදුසුකම් සහ පලපුරුද්ද ඇත්තේ වෛද්‍යවරුන්ට වීම..

රෝග ලක්ෂණ අනුව අදාළ රෝගය පිලිබදව නිගමනයකට පැමිණිමෙ මනා හැකියාව පවතින්නේ වෛද්‍යවරුන්ටයි.. සමහර අවස්ථාවල පිටතින් පෙනෙන්නට තිබෙන ලක්ෂණ වලට වඩා බරපතළ රෝගී තත්වයක් තිබිය හැකිය.. මේ පිලිබදව රෝගී තත්වය නිගමනය කර තහවූරු කර ගත හැක්කේ වෛද්‍යවරුන්ටයි..

ඕනෑම රෝගී අවස්ථාවක මුල් අවස්ථාවේම හදුනා ගෙන ප්‍රතිකාර කිරීම රෝගය සුව කිරීම සදහා ඉතාමත්ම වැදගත් වේ.. මුල් අවස්ථාවේම සුදුසුකම් ලත්
වෛද්‍යවරයකු මගින් රෝගය හදුනා නොගෙන ඔබ හිතු මනාපයට ඖෂධ ගන්න ගියොත් රෝගය බරපතළ තත්වයට පත් විය හැකිය.. එය අවාසිදායක වන්නේද ඔබටමයි..

මෙන්න මෙවැනි බරපතළ හේතුන් නිසා වෙන අයකුට ලබා දුන් ඖෂධ ඔබට ද ඒ රෝගය පවතින නිසා වෛද්‍ය උපදෙස් නොමැතිව ගන්න යන්න එපා.. ඖෂධ සම්බන්ධව ඇති ගැටලු ඒ පිලිබදව දැනුම ඇති වෛද්‍යවරුන්ගෙන් සහ ඖෂධවේදීන්ගෙන් ලබා ගන්න.. ඒ පිලිබද කිසිදු දැනුමක් නැති අයගෙන් උපදෙස් ගැනීම නවතන්න..

ඖෂධ ආහාර ලෙස නොගෙන ඖෂධ ලෙස නිවැරැදි උපදෙස් සහිතව පරෙස්සමින් ලබා ගන්න..නැත්නම් ඔබට ආහාර ලෙස අනාගතයේදී ඖෂධ ලබා ගන්න වේවි..

මෙවැනි වැදගත් ලිපියකින් නැවත හමු වෙමු..

Page එක follow කරන්න, like කරන්න, share කරන්න, Comment කරන්න..

Rasika Gamage,
SLMC Registered Pharmacist,
B.Sc. (UOJ), Certificate of efficiency as pharmacist (CMCC)

Copied
Pharma expert page

ඔබේ සුවයට අපෙන් අත්වැලක්
07/11/2024

ඔබේ සුවයට අපෙන් අත්වැලක්

අද අපි කතා කරන්න යන්නේ ගොඩක් අය හොරෙන් හොරෙන් ගන්න,  ඒ වගේම වැඩිපුරම අවභාවිත වන ඖෂධයක් වන sildenafil ගැන.. ගොඩක් අය නම් ...
09/10/2024

අද අපි කතා කරන්න යන්නේ ගොඩක් අය හොරෙන් හොරෙන් ගන්න, ඒ වගේම වැඩිපුරම අවභාවිත වන ඖෂධයක් වන sildenafil ගැන.. ගොඩක් අය නම් sildenafil කිව්වට නම් දන්නේ නැතුව ඇති.. cupid, silagra, vi**ra වගේ නම් නම් දන්නවා ඇති.. මෙන්න මේ වෙළඳ නාම වලින් තියෙන්නෙත් sildenafil ම තමයි.. සමාජය තුල මෙන්න මේ ඖෂධය ගැන ගොඩක් වැරදි මත තිබෙනවා.. ඒ නිසා ඖෂධය ගැන හරියට දැන ගන්න මේ ලිපිය අවසන් වනතුරු කියවන්න

ඇත්තටම මොනවද මේ sildenafil කියන්නේ...?
1998 දී Pfizer කියන ඖෂධ සමාගම මෙන්න මේ ඖෂධය නිෂ්පාදනය කරන්නේ නම් pulmonary hypertension එහෙමත් නැත්නම් පෙනහළු සහ හදවත අතර තියෙන නාල වල පීඩනය වැඩි උනාම ඒක අඩු කරන්න.. ඉතින් මෙන්න මේ ඖෂධය ගත්තම අතුරු ප්‍රථිපලයක් විඳියට පුරුෂ ලිංගය ප්‍රාණවත් වීම සිදු වෙන්න ගත්තා.. දැන් නම් ඉතින් මේ ඖෂධ ය බහුලව ම භාවිතා කරන්නේ ලිංගික අප්‍රාණිකත්වයට(Erectile Dysfunction) තමයි..

මොනවද මේ sildenafil ගැන තියෙන මිත්‍යා මත..?
1. බොහෝ තරුණ අය හිතාගෙන ඉන්නේ මෙන්න මේ ඖෂධය ශුක්‍රාණු පිට කිරීමට ගතවන කාළය පරක්කු කරනවා කියලා.. එහෙම නැත්නම් ක්ෂණික මෝචනය ට විසදුමක් කියලා.. මෙන්න මේ දේ සම්පූර්ණ මිත්‍යාවක්.. sildenafil වලට ශුක්‍රාණු පිට කරන කාළය දීර්ඝ කරන්න බෑ.. මෙන්න මේ වැරදි මතය නිසා ලිංගික අප්‍රාණික තත්වය (Erectile dysfunction)නැති තරුණ අයත් මේ ඖෂධ ය ගන්න පෙළඹිලා තිබෙනවා..

2. අනිත් කාරණය නම් තරුණ පිරිස් හිතාගෙන ඉන්නවා sildenafil සමග විටමින් වර්ග සහිත පෙත්තක් ගැනීම මගින් sildenafil වල ක්‍රියාකාරීත්වය වැඩි කරන බව.. මේ දෙයත් තරුණ පිරිස් අතර තිබෙන වැරදි මතයක්..

3. මෙම ඖෂධය ලිංගික අප්‍රාණික තත්වයට තාවකාලික විසදුමක් මිස දීර්ඝ කාලීන විසදුමක් නොවේ.. දීර්ඝ කාලීන විසදුමක් ලබා ගැනීමට නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු ගෙන් ප්‍රතිකාර ලබා ගත යුතුය..

කොහොමද මෙන්න මේ ඖෂධය ලබා ගත යුත්තේ..?

1. මේ ඖෂධ ය වෛද්‍ය නිර්දේශ මත ලබා ගැනීම වඩාත් යෝග්‍ය වේ. නමුත් මේ දේ අද වන විට ප්‍රායෝගිකව සිදු නොවේ..

2. ලිංගික අප්‍රාණික තත්වයට භාවිතා කල යුතු අතර මෙමගින් ශුක්‍රාණු පිට වීමට ගතවන කාලය වැඩි වීමක් සිදු නොවේ..

3. සංසර්ගයට විනාඩි 30 ත‍් 60 ත‍් පෙර ලබා ගත යුතුය..

4. හිස් බඩට ගැනිමෙන් අවශෝෂණය වැඩි වෙයි.. ආහාර සමග ගත් විට අවශෝෂණය අඩු වි ප්‍රථිපල අඩු විය හැකිය..

5. පැය 24 ක් තුළ එක පෙත්තක ට වඩා නොගත යුතුය..

6. නිතර නිතර ලබා ගැනීම නොකල යුතුය.. මෙමගින් ඇබ්බැහිවීම ක් සිදු විය හැකිය

7. එක් දිනක් තුළ 100mg නොඉක්මවිය යුතුය..

මොනවද එන්න පුළුවන් අතුරු ආබාධ..?

මේ අතුරු ආබාධ වලින් එකක් හෝ කිහිපයක් ඇති වෙන්න පුළුවන්.

1. හිසේ කැක්කුම..
2. නහය අවහිර වීම..
3. ඇස් වල පෙනීම අඩු වීම.
4. ආලෝකය දෙස බැලීම අපහසු වීම..
5. ආහාර අජීර්ණය
6. කරකැවිල්ල

මෙම ඖෂධ ය ලබා ගැනිමේ දී පරෙස්සම් විය යුතු අවස්ථා මොනවාද..?

මෙම ඖෂධය යම් යම් අවස්ථාවල පරෙස්සමින් ලබා ගත යුතුය.. නැතිනම් ජීවිතය පවා අහිමි විය හැකිය..

1. හෘද රෝග සහිත පුද්ගලයන්..
2. රුධිර පීඩනය අඩු (hypotention) පුද්ගලයන්...
3. හදවත් රෝග සදහා nitrates වර්ගයේ ඖෂධ ලබා ගන්නා පුද්ගලයින්.. ISMN, GTN (දිව යට තබන පෙත්ත) . මෙම බෙහෙත් සමග sildenafil ලබා ගත් විට රුධිර පීඩනය අසාමාන්‍ය ලෙස අඩු වි මරණයට පත් විය හැකිය..
4. රුධිර පීඩනය අඩු කිරීමට භාවිතා කරන ඖෂධ සමග..
5. Tamsulosin වැනි ඖෂධ ලබා ගන්නේ නම් sildenafil ලබා ගැනීමට අවම පැය 6 ක‍ පැමිණ පමණ පරතරයක් තබා ගත යුතුය..

ඉතින් මීට පස්සේවත් වැරදි මත පස්සේ ගිහින් ලිංගික අප්‍රාණික බව නැති ඔබ මේ ඖෂධ ය ලබා නොගනී කියලා හිතනවා...

සැමට සුවැති දිවියක් ප්‍රාර්ථනා කරනවා..

මෙවැනි තොරතුරු දිගටම දැන ගන්න page එක follow කරලා තියා ගන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා..

Like කරන්න, share කරන්න, Comment කරන්න

Rasika Gamage,
SLMC Registered Pharmacist,
B.Sc (UOJ), Certificate of efficiency as a Pharmacist (CMCC)

29/06/2024
🔴 ප්‍රතිජීවක ඖෂධ භාවිතය පිළිබඳව ඔබ දැනුවත් ද?ප්‍රතිජීවක ඖෂධ ශරීරයට හිතකර සහ අහිතකර බලපෑම් ඇති කළ හැකිය.  හිතකර ප්‍රතිඵල ...
28/09/2023

🔴 ප්‍රතිජීවක ඖෂධ භාවිතය පිළිබඳව ඔබ දැනුවත් ද?

ප්‍රතිජීවක ඖෂධ ශරීරයට හිතකර සහ අහිතකර බලපෑම් ඇති කළ හැකිය. හිතකර ප්‍රතිඵල වන්නේ, ඒවා බැක්ටීරියා ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය වන අතර, වෙනත් ආකාරයකින් ජීවිතයට තර්ජනයක් විය හැකි රෝගවලින් ශරීරය ආරක්ෂා කර ගැනීමට උපකාරී වේ.

කෙසේ වෙතත්, වර්තමාන සමාජයේ නොසැලකිලිමත් භාවිතය සහ අනිසි ලෙස භාවිතා කිරීම අහිතකර ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකිය. ප්‍රතිජීවක මඟින් බඩවැලේ ඇති ප්‍රයෝජනවත් බැක්ටීරියා වල සමතුලිතතාවය කඩාකප්පල් කළ හැකි අතර, පාචනය වැනි ආහාර දිරවීමේ ගැටළු ඇති කිරීමට හෝ මහජන සෞඛ්‍යයට සැලකිය යුතු තර්ජනයක් වන ප්‍රතිජීවක-ප්‍රතිරෝධී බැක්ටීරියා වර්ධනයට හේතු විය හැක.

ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමේදී හොඳම ප්‍රතිඵල සහතික කිරීම සඳහා, ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් නිවැරදිව පිළිපැදීම, එකෙක් ප්‍රතිජීවක ඖෂධ ලබා ගත යුතු කාල පරාස වෙනස් වන බැවින් අදාල ප්‍රතිජීවක ඖෂධය ලබා ගත යුතු කාල පරාසය සම්පූර්ණ කිරීම, සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෛරස් රෝග සඳහා නොව, බැක්ටීරියා ආසාදන සඳහා පමණක් භාවිතා කිරීම ඉතා වැදගත් වේ.

එම නිසා, වෛද්‍ය අනුමැතියකින් තොරව ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීමෙන් වලකින්න.

- Dr. Namal Wijesinghe MBBS (SL)/CCA(Col)
Pg Dip in Sports Medicine (Col)
Medical officer in Sports Medicine, DGH Negombo.

Address

Pallandeniya , Maspotha
Pellandeniya

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00

Telephone

+94704119089

Website

Alerts

Be the first to know and let us send you an email when Jaya Sri Pharmacy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram