14/01/2025
⚠️
සුරතලාගේ පණු බෙහෙත් දීම ගැන ඔබ දැනුවත්ද?
සුරතල් සුනඛයන්ගේ පණු මර්ධනය
"පණූවන් " වචනය ඇසූනූ ගමන් අපිට ප්‍රියජනක හැගීමක් හිතට එන්නේ නෑ. ඒ වගේම තමයි අපේ සුරතලාගේ ඇඟ ඇතුලේ පණුවෝ/අභයන්තර පරපෝශිතයෝ මොනා කරනවා ඇතිද කියලා හිතන්නවත් ඔබ කැමති නෑ. සමහර විට ඔබ හිතනවා ඇති කොහොමද අපේ බල්ලට පණුවෝ එන්නේ කියලා. සමහරුන්ගේ මතයක් තියෙනවා සීනී දුන්නම තමා පණුවෝ හැදෙන්නේ කියලා. අපේ පරිසරයේ සතෙකුට පණුවෝ ශරීරගත වෙන්න ඕනීතරම් ඉඩකඩ තියෙනවා කිව්වොත් සමහර විට ඔබ පුදුම වෙයි.
සාමාන්‍යයෙන් පරිසරයේ පණුවෝ ඉන්නේ අපිරිසිදු තැන්වල. ගෙදරින් පිට සුරතලා ඇවිද ඇවිද ඉන්න ගමන් බිම තියන මොනාහරි දෙයක් කන්න පුලුවන්, ඒ එක්කම ජරාව තියන ගඳ ගහන තැනක පෙරලිලා පස්සේ එයා එයාගේ ඇඟ ලෙවකන්න පුලුවන්. ඒ තැන්වල තියෙන පණු බිත්තර හෝ පණුවන්ගේ වර්ධන අවධියේ ඕනිම අවස්තාවක් ශරීර ගතවෙන්න පුලුවන්. පණුවන් වාහකයෙක් වෙන බලු මැක්කෝ(fleas) එයාගේ ඇගේ වහන්න පුලුවන්, පසුව ඔවුන් ආමාශගත වෙන්න පුලුවන්. එකොට වගේම මදුරුවෝ එයාට දෂ්ට කරන්න පුලුවන්. ඉතින් ඔය හැම ක්‍රමයකින්ම සුරතල් බල්ලෙක්ට පණුවෝ ශරීරගත වෙන්න පුලුවන්. ඊට අමතරව පණු බෙහෙත් නොදීපු හෝ ක්‍රමවත්ව පණු බෙහෙත් නොදීපු අම්මගෙන් කිරි බොන පොඩි පැටවුන්ට මව් කිරි හරහා පණුවෝ ආසාධනය වෙන්න පුලුවන්.
නිරෝගී සුනඛයෙක්ගේ උනත් පණුවෝ ආහාර මාර්ගය ආශ්‍රිතව ඉතා සුලු වශයෙන් හරි ඉන්නවා. සමහර වෙලාවට පණුවෝ පිරිලා හිටියත් පිටතින් රෝග ලක්ශන නොපෙන්වන්න පුලුවන්. නිසි ප්‍රතිකාරයක් නොලැබුනොත් පණු ආසාධනය මාරාන්තිකයි. ඒත් එක්කම ඉන් සමහර පණුවන් මිනිස්සුන්ටද රෝගකාරක වෙනවා (zoonotic). ඒ කියන්නේ හරියට පණු බෙහෙත් නොදී පණුවෝ මර්ධනය නොකලොත් සුරතලුන්ගෙන් අපිටත් පණුවෝ ආසාධනය වෙන්න පුලුවන්.
වට පණුවා(round worm), කොකු පණුවා(hook worm), පටි පණුවා(tape worm) , trichuris/ whip worms සහ හෘදය ආශිත පණුවන් (heart worms) තමා ප්‍රධාන පණු වර්ග 5 තමා ගෘහාශ්‍රිත බල්ලන් අතර දක්නට ලැබෙන්නේ. එතකොට ඉහත සදහන් මුල් පණු වර්ග 4 දක්නට ලැබෙන්නේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතවයි. එතකොට heart wormsලා ලංකාවේ පොදුවේ දක්නට ලැබෙන්නේ නැති උනත් ආනයනික සතුන්ගේ වර්ථා වෙලා තියෙනවා.
මේ පණුවන් කියන්නේ අභයන්තර පරපෝශිතයෙක්, ඔවුන් ආහාර මාර්ගය තුල හිදිමින් සතුන් ගන්නා ආහාරවල පෝශක මත යැපීම හෝ ආහාර මාර්ග බිත්තිවල එල්ලී රුධිරය උරාබොමින් ජීවත් වෙනවා. පහත දැක්වෙන්නේ පණු ආසාධනයක් පෙන්වන රෝග ලක්ෂණ කිහිපයක්.
1. බඩ එලිය
2. උදර වේදනාව
3. ශරීර බර අඩු වීම
4. මලානික ගතිය
5. විජලනය
6. උදර පෙදෙස විශාල වීම (pot belly)
7. පෝශණ ඌණතා
8. රක්තහීනතාවය
9. ආහාර මාර්ගය අවහිර කිරීම/ නියෝමෝනියාව වැනි ශ්වසනාභාධ ඇති කිරීම
10. මලපහ සමඟ රුධිරය පිටවීම
එතකොට අපි මොකක්ද මේ පණු ප්‍රශ්නෙට කරන්නේ? ඔව් ඒක හරිම සරලයි.
1. නිසි ආකාරව ක්‍රමවත්ව පණු බෙහෙත් දෙන්න ඕනී. වෙලඳපොලේ විවිධ පණු බෙහෙත් වර්ග දක්නට ලැබෙනවා . ඉන් ඔබේ සුරතලාගේ වයසට බරට ගැලපෙන නිශ්පාදනයක් තෝරාගෙන නිසි මාත්‍රාවෙන් ඒක දෙන්න ඕනී. ඒ වගේම නිසි කලට වේලාවට පණු බෙහෙත් ලබාදෙන්න ඕනී. ඒකට ඔබේ පවුලේ පශු වෛද්‍යවරයාගේ සහය ලබාගැනීම හරි වටිනවා.
පණු බෙහෙත් ලබාදෙන ආකාරය;
- පැටවුන්ට වයස සති 2 ඉදන් මාස 3ක් වෙනකන් සති 2න් 2
- මාස 3 ඉදන් මාස 6 වෙනකන් මාසෙන් මාසේ
- මාස 6 ඉදන් ඉදිරියට මාස 3න් 3ට
- ගැබ් ගැනීමට පෙර හා පැටවුන් ප්‍රසූතියෙන් පසු (වැඩිහිටි ගැහැණු සතුන්ට)
2. ආහාර මාර්ගය ආශ්‍රිත පණුවන්, පණු බිත්තර හෝ පණුවන්ගේ කැබලි මළ පහ සමඟ පරිසරයට එක්වෙනවා. නිසි ආකාර මළ පහ බැහැර කිරීම හා සුරතලා අවට පරිසරය නිසි ආකාර පිරිසිදු කිරීම මගින් පසේ හා සුරතලාගේ තැවරී නැවත ආසාධනය වලක්වා ගන්න පුලුවන් වෙනවා.
3. බලු මැක්කන් හා මදුරුවන් සුරතලාට පණුවන් ගෙනෙන වාහකයෙක් විදියට කටයුතු කරනවා. භාහිර පරපෝශිතයෙක් වෙන බලු මැක්කන් පාලනයට සුදුසු වන නිශ්පාදනයක් වයස හා බර අනුව තෝරාගෙන නිවැරදි අයුරින් පාවිච්චි කලයුතු වෙනවා. ඒ සඳහා ඔබගේ පශු වෛද්‍යවරයාගේ සහය ලබා ගැනීම ඉතාමත් වටිනවා. අවට පරිසරය පිරිසිදුව තබාගැනීම මගින් මදුරු පාලනය කිරීම ඉතාම වැදගත් වෙනවා.
4. සතුන්ගේ සමග ගනුදෙනු කිරීමෙන් අනතුරුව සබන් යොදා අත් සේදීම මගින් පණු ආසාධන වලින් අපි වගේම සුරතලුනුත් ආරක්ශා වෙන්න ඉතාම වැදගත් වෙනවා. (විශේෂයෙන්ම මල පහ ඉවත් කිරීම වැනි පිරිසිදු කිරීමේ කටයුතුවලින් පසු)
පණුවා කියන්නේ පොඩි සතෙක් උනාට සුරතල් සුනඛයාට හා අපිට කරන හානිය ටිකක් විශාලයි. එම නිසා අවදානම හරියාකරව තේරුම්ගෙන, රෝග ලක්ෂණ දැන හැදින, පණුවන් සඳහා ක්‍රමවත් නිවැරදි ප්‍රතිකාරයකට යොමු වීමත්, නැවත ආසාධනය වැලැක්වීමට අවශ්‍ය කටයුතු කිරීමත් වගකීම් සහගත සත්ව හිමිකරුවෙකුගේ යුතුකමක් හා වගකීමක් වෙනවා.
~Copied~
Team Posh Pet
🐶♥️