09/02/2026
Lifestyle Medicine යනු කුමක්ද?
(What is Lifestyle Medicine?)
සුභ දවසක් වේවා! 🌞
බොහෝ දෙනෙක් "Lifestyle Medicine" (දිවිපෙවෙත පිළිබඳ වෛද්‍ය විද්‍යාව) ගැන අසා නැතුවා වෙන්නට පුළුවන්. මේ කියන්නෙ නිකම්ම "හොඳින් කන්න, ව්‍යායාම කරන්න" කියන උපදෙස් දීමක් විතරක්ම නොවේ.
Lifestyle Medicine කියන්නෙ නිදන්ගත රෝග වැළැක්වීමට, ප්‍රතිකාර කිරීමට සහ සමහර විට ඒ රෝග සම්පූර්ණයෙන්ම සුව කිරීමට (Reverse) සාක්ෂි මත පදනම් වූ චිකිත්සක ක්‍රම භාවිතා කරන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම වේදයකට. මෙහිදී රෝග ලක්ෂණ පාලනය කිරීමට පමණක් සීමා නොවී, රෝගයට මූලික හේතුව (Root cause) සොයා ඊට ප්‍රතිකාර කරනු ලබනවා.
මෙම වෛද්‍ය ක්‍රමයේ ප්‍රධාන කුළුණු 6ක් තියෙනවා:
1. පෝෂණය: ශාකමය ආහාර (එළවළු, පලතුරු, ධාන්‍ය) මූලික කරගත් ආහාර රටාව.
2. ව්‍යායාම: ක්‍රියාශීලී දිවිපෙවෙතක් ගත කිරීම.
3. සුවදායී නින්ද: ශරීරයට සහ මනසට අවශ්‍ය විවේකය ලබා දීම.
4. මානසික ආතතිය පාලනය: හිතට සැනසිල්ල ළඟා කරගැනීම.
5. මත්ද්‍රව්‍යවලින් වැළකීම: දුම්පානය සහ මත්පැන් වැනි අවදානම් ද්‍රව්‍යවලින් ඈත් වීම.
6. සමාජ සම්බන්ධතා: යහපත් සමාජ ඇසුර සහ බැඳීම් පවත්වා ගැනීම.
මෙම කරුණු හය සමබරව පවත්වා ගැනීමෙන් අපට ඖෂධ මත යැපීම අවම කර, සැබෑ නිරෝගීකම ලබා ගත හැකිය.
✨
මේ කරුණු 6න් ඔබ වැඩිපුරම අවධානය යොමු කළ යුතු යැයි ඔබට හිතෙන්නේ කුමන කරුණටද?
(උදා: නින්ද, පෝෂණය, හෝ ව්‍යායාම?) ඔබේ පිළිතුර පහලින් comment කරන්න! 👇
#සෞඛ්‍යසම්පන්නදිවිපෙවෙත