Manuseth Ayurveda Health Care Center

Manuseth Ayurveda Health Care Center Ayurvedic medical center

05/03/2024

මුත්‍රා වර්ණය, ඔබේ විජලන තත්ත්වය ගැන ලබාදෙන පණිවිඩය දුටුවා ද?

ශ්‍රී ලංකාව පුරා අධික උණුසුම් තත්ත්වයක් පවතින මේ දිනවල, විජලනය වීමේ අවදානම වෙන කවරදාටත් වඩා ඉහළයි. කෙසේ නමුත් ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානය කරනවා ද යන්න ඔබේ ශරීරය ඔබට පහසුවෙන් හඳුනාගත හැකි ආකාරයට සඥ්ඥාවකින් පෙන්වන බව ඔබ දන්නවාද? ඔව්, ඒ ඔබේ මුත්‍රා වල වර්ණය හරහා යි!

💧 ඔබේ ජලය පානය කිරීම ගැන ඔබේ මුත්‍රා වර්ණය පවසන දේ 💧

- පැහැදිලි සිට ලා කහ දක්වා: ඔබ හොඳින් සජලනය වී ඇත! ඔබේ ශරීරය ඔබට ස්තුති කරයි.

- තද කහ: අනතුරු ඇඟවීමේ ලකුණකි! ඔබේ ශරීරයට වැඩිපුර ජලය අවශ්‍යයි. ඔබගේ ජල පරිභෝජනය වැඩි කර ගත යුතුයි. වැඩි කල් ගත නොකර වතුර වීදුරුවක්වත් පානය කරන්න.

- දුඹුරට හුරු තද කහ: ඉතාමත්ම තද විජලන තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීම! ඔබේ ජල පරිභෝජනය වහාම වැඩි කිරීමට කාලයයි. ඉතා ඉක්මනින් වතුර වීදුරු දෙකක්වත් පානය කරන්න.

විශේෂයෙන් Heat Waves පවතින අවස්ථා වලදී ඔබේ සෞඛ්‍යය සහ යහපැවැත්ම පවත්වා ගැනීම සඳහා ශරීරය සජලනය කර තබා ගැනීම ඉතා වැදගත් වේ. ඔබට ප්‍රමාණවත් තරල ලබා ගන්නා බවට සහතික කිරීම සඳහා සරල උපදෙස් කිහිපයක් මෙන්න:

1. ඕනෑ තරම් ජලය පානය කරන්න: ඔබ ක්‍රියාශීලී නම් හෝ කාලගුණය විශේෂයෙන් උණුසුම් නම් දිනකට අවම වශයෙන් වීදුරු 8 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඉලක්ක කරන්න.

2. ඔබේ සිරුර සජලනය කිරීමට උපකාරී වන ලවණ වර්ග (ඉලෙක්ට්‍රොලයිට්) බහුල ආහාර අනුභව / පානය කරන්න: කොමඩු, පිපිඤ්ඤා වැනි පලතුරු සහ එළවළු සහ තැඹිලි සහ පොල් වතුර වැනි බීම ඔබේ දෛනික ආහාර වේලට ඇතුළත් කරන්න.

3. විජලනය ඇතිකරන බීමවලින් වළකින්න: විජලනය වීමට හේතු විය හැකි මත්පැන්, කෝපි සහ සීනි සහිත බීම සීමා කරන්න.

4. සෑම විටම ඔබ සමඟ ජලය රැගෙන යන්න: විශේෂයෙන්ම ඔබ පිටතට යන විට සහ යන විට වතුර බෝතලයක් ඔබ සතුව තබා ගන්න.

මතක තබා ගන්න, සජලනය වීම ඔබේ පිපාසය සංසිඳුවා ගැනීම පමණක් නොවේ .එය ඔබේ ශරීරය උපරිම ලෙස ක්‍රියා කරවීමට අත්‍යාවශ්‍යයි. එබැවින්, අපගේ මුත්‍රා වල වර්ණය සජලනය වීමට මග පෙන්වීමක් ලෙස භාවිතා කරමු.

මෙම උපදෙස් නියමාකාරව පිළිපැදීම මගින් ඔබට ප්‍රජාවක් ලෙස මනාව සජලනය වෙමින් සෞඛ්‍ය සම්පන්න බව රැකගැනීමට පුලුවන්.

දියවැඩියාව සදහා ආයුර්වේද ප්‍රතිකාර -------------------------------------------------------------මූලික අවස්ථාවේදී හඳුනාගත...
07/09/2023

දියවැඩියාව සදහා ආයුර්වේද ප්‍රතිකාර
-------------------------------------------------------------

මූලික අවස්ථාවේදී හඳුනාගත් දියවැඩියා රෝගියෙකුගේ ආයුර්වේද ඖෂධ පමණක් භාවිතයෙන් රුධිර ග්ලූකෝස් මට්ටම පාලනය

පළමු දිනය 261mg/dl
ප්‍රතිකාර කරන කාලය තුල රුධිර ග්ලූකෝස් මට්ටම අඩු වීම -261mg/dl ➡️ 214mg/dl ➡️ 177 mg/dl ➡ 139 mg/dl ➡️ 115 mg/dl
(මාස 6ක කාලය තුළ)

මේ වන විට ඖෂධ ප්‍රමාණ අවම කරමින් ආහාර හා ව්‍යායාම මගින් රෝගය පාලනය කරයි.

මනුසෙත් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
ගලහ පාර,
හිඳගල.

📞 0703121683

02/09/2023

මේ දිනවල බොහෝ අය අතර කතාබහට ලක්වී තිබෙන මෙනින්ගොකොකල් මෙනින්ජයිටීස්, නැතිනම් මෙනින්ගොකොකල් මෙනින්ජි පටල ප්‍රදාහය නමින් හඳුන්වන රෝගය එතරම් සුලබ නොවෙන නමුත් නිසි ප්‍රතිකාර නොලැබුනහොත් දරුණු සංකූලතා හටගැනීමේ අවදානම ඇති ආසාදන තත්වයක්. බැක්ටීරියාවක් මගින් ඇතිකරන මේ නිසා හටගත් වසංගත තත්වයක් ගැන මුලින්ම වාර්තා වෙන්නේ 1805 දී ස්විට්සර්ලන්තයේ ජිනීවා ආශ්‍රිතවයි. රෝගයට වගකිවයුතු මෙනින්ගොකොකස් (Neisseria meningitidis) බැක්ටීරියාව හඳුනාගැනෙන්නේ 1887 දී. මෙහි උප ප්‍රබේධ A, B, C සහ W135 ලෙස ප්‍රධාන කාණ්ඩ 4 කට වර්ග කර තිබෙනවා.

සාමාන්‍යයෙන් සුලබව රෝගීන් වාර්තා නොවුනත් මෙය අප අවටම පැතිර පවත්නා බැක්ටීරියාවක් වන අතර මිනිස් ජනගහනයෙන් යම් ආසාදිතයින් ප්‍රතිශතයක් මේ බැක්ටීරියාව සහිතව රෝග ලක්ෂණ නොපෙන්වා ජීවත් වෙනවා.දැනට ඇති විද්‍යාත්මක තොරතුරුවලට අනුව වෙනත් සතෙකු තුල හෝ බාහිර පරිසරයේ සජිවීව පැවතීමේ හැකියාව මෙම රෝගකාරකයට නැහැ.

රෝගය බෝවීම සිදුවන්නේ මෙනින්ගොකොකල් ආසාදිතයෙකුගේ ශ්වසන බිඳිති නිරෝගී අයෙකුගේ ශ්වසන මාර්ගයට ඇතුලු වීමෙන්. කැස්ස සහ කිවිසුම් යැවීමේ දී මෙම බිඳිති විශාල වශයෙන් පිටවීම සිදු වෙනවා. ආසාදනය වීමට නම් සමීපව සහ දිගු වෙලාවක් නිරාවරණය වීම සිදු විය යුතු අතර බැක්ටීරියාව සිරුරට ඇතුලු වූ පමණින්ම සියලුම දෙනා රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. එමෙන්ම එකිනෙකාට සමීපව ජීවත්වන පිරිස් අතර මේ රෝගය බෝවීම සාපේක්ෂව වේගවත් බව නිරීක්ෂණය කරන්නට පුලුවන්.

මෙයට අමතරව දුම් පානය කරන්නන් සහ ශ්වසන මාර්ගයේ වෙනත් ආසාදන ඇති පුද්ගලයින් අතර වැඩි වේගයකින් රෝගය පැතිර යන බව හඳුනාගෙන තිබෙනවා.

රෝගය ආසාදනය වෙන පිරිසෙන් වැඩි දෙනා රෝග ලක්ෂණ නොපෙන්වා මෙනින්ගොකොකල් ධාරකයින් බවට පත් වුනත් සුලු ප්‍රතිශතයකගේ ශ්වසන ශෙලේෂ්මල පටල හරහා මෙම බැක්ටීරියාව රුධිරයට ඇතුල් වෙනවා. ඔවුන් රෝග ලක්ෂණ පෙන්වන්නට ආසාදනය වූ දින සිට සාමාන්‍යෙන් දින හතරක් පමණ (දින 2 - 10) කාලයක් ගත වෙනවා.

සුලබ රෝග ලක්ෂණ ලෙස බෙල්ලේ තද ගතිය, දැඩි උණ, ආලෝකය දෙස බැලීමේ අපහසුතාවය, සිහි මඳගතිය, හිසරදය මෙන්ම වමනය දැකිය හැකියි. ඇතැම් අයට සමෙහි රතු පැහැ පැල්ලම් ද හටගැනෙනවා. මෙම රෝග ලක්ෂණ ඇරඹී දින 1 -2 වැනි ඉතා කෙටිකාලයකින් අසාධ්‍ය වීම සිදු වෙනවා. එනමුත් නිසි ප්‍රතිකාර කඩිනමින් ලබා දීමෙන් මාරාන්තික සංකූලතාවයන් වළක්වා ගැනීමේ හැකියාව තිබෙනවා.

මෙම බැක්ටීරියාව විනාශ කල හැකි ප්‍රතිජීවක රැසක් පවතින නිසා මුල් අවස්ථාවේ රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම මරණ සහ සංකූලතා වළක්වාගැනීමට ඉතාම වැදගත්. එමෙන්ම ආශ්‍රිතයින් හඳුනාගෙන රෝගය වැළඳීමේ අවදානම අඩු කිරීමේ ඖෂධ ලබා දීමේ හැකියාවත් පවතිනවා. හඳුනාගත් අධි අවධානම් කාණ්ඩ සඳහා රෝගය වලක්වන එන්නත් ලබාදීම සිදුවෙනවා .

මුල් අවස්ථාවේ මෙම රෝගය සුලබ වෛරස් ශ්වසන ආසාදයකින් වෙන්කර හඳුනාගැනීම අපහසු වන්නට පුලුවන්. ඉහත කී රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඔබට හෝ ඔබගේ සමීපතමයෙකුට ඇත්නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්.

මේ දැනුවත්භාවය , කලබල නොවී නිසි පියවර තුලින් ඔබටත් ඔබගේ සමීපතමයන්ටත් ආරක්ෂාව සළසා ගැනීමට උපකාරී වෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

Copied
Health Promotion Bureau

-------------------ජලය-------------------ජීවීන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයකි
01/09/2023

-------------------ජලය-------------------

ජීවීන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයකි

ජලය පානය කල යුත්තෙ ඇයි??✅✅✅

✡️පානීය ජලය ඔබේ පිපාසය සංසිඳුවීමට වඩා වැඩි යමක් කරයි. ඔබේ ශරීරය නිසි ලෙස ක්‍රියාත්මක වීමට සහ සෞඛ්‍ය සම්පන්න බවක් දැනීමට එය අත්‍යවශ්‍ය වේ

✡️ඔබගේ ශරීරයේ ප්‍රධාන පද්ධති සියල්ලම පාහේ ක්‍රියා කිරීමට සහ පැවැත්මට ජලය මත රඳා පවතී.

🔯ඔබේ ශරීරයේ ජලය ක්‍රියා කරන ආකාරය පිළිබඳ උදාහරණ කිහිපයක් මෙන්න

🔆ශරීර උෂ්ණත්වය නියාමනය කරයි
🔆ඇස්, නාසය සහ මුඛය තුළ පටක තෙත් කරයි

🔆ශරීරයේ අවයව හා පටක ආරක්ෂා කරයි

🔆සෛල වලට පෝෂ්‍ය පදාර්ථ හා ඔක්සිජන් රැගෙන යයි

🔆සන්ධි ලිහිසි කරයි

🔆අපද්‍රව්‍ය ඉවත් කිරීමෙන් වකුගඩු හා අක්මාව උදව් කරයි

🔆ඔබේ ශරීරයට ප්‍රවේශ වීමට ඛනිජ සහ පෝෂ්‍ය පදාර්ථ ද්‍රාවණය කරයි

♾♾ඔබට කොපමණ ජලය අවශ්යද?

🔯සෑම දිනකම, හුස්ම ගැනීම, දහඩිය දැමීම සහ මුත්රා සහ මලපහ කිරීම හරහා ඔබට වතුර කෝප්ප 8 සිට 12 දක්වා අහිමි වේ

🔯සාමාන්‍යයෙන් පිරිමින්ට දිනකට අවම වශයෙන් දියර කෝප්ප 12 ක් අවශ්‍ය වන අතර කාන්තාවන්ට අවම වශයෙන් කෝප්ප නවයක් අවශ්‍ය වේ.

🔯ඔබේ ජලය අවශ්‍යතා වැඩි කරන සාධක අතර ව්‍යායාම, උණුසුම් කාලගුණය, , ඉහළ තන්තු සහිත ආහාර වේලක් සහ කැෆේන් සහ මධ්‍යසාර පරිභෝජනයි, මෙහිදි ජලය වැඩි පුර පානය කල යුතුයි

☑️☑️☑️☑️☑️☑️☑️☑️

මෙ දෙවල් කරන්න

🔯ඔබ අවදි වූ වහාම වතුර වීදුරුවක් පානය කිරීමෙන් උදෑසන ආරම්භ කරන්න.

🔯ඔබ කොහේ ගියත් වතුර බෝතලයක් රැගෙන යන්න.

🔯ඔබ වතුර පානය කල යුතු බව මතකයෙ තබා ගන්න

🔯 සීනි සහිත පාන වර්ග කපා දමන්න.

උපුටා ගැනිම myo clinc.

අකලට හිසකෙස් පැසීමෙන් ඔබත් පීඩාවිඳිනවාද..❓❓🌹 නීලි කේශ වර්ධන තෛලය 🌹 භාවිතා කර වෙනස වටහා ගන්න..(වෛද්‍ය උපදෙස් මත භාවිතා කර...
01/09/2023

අකලට හිසකෙස් පැසීමෙන් ඔබත් පීඩාවිඳිනවාද..❓❓

🌹 නීලි කේශ වර්ධන තෛලය 🌹

භාවිතා කර වෙනස වටහා ගන්න..
(වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න)

📞 0703121683

මනුසෙත් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
ගලහ පාර,
හිඳගල.

---------ඔසු පැල හඳුනා ගනිමු--------🌱 පණු රෝග නසන බටකිරිල්ල🌱විද්‍යාත්මක නාමය : Erythroxylum moonii Hochrපවුල : Erythroxy...
14/08/2023

---------ඔසු පැල හඳුනා ගනිමු--------

🌱 පණු රෝග නසන බටකිරිල්ල🌱

විද්‍යාත්මක නාමය : Erythroxylum moonii Hochr
පවුල : Erythroxylaceae
සිංහල සමාන නාම : බටකිරිල්ල, බඩකිරිල්ල
දමිල නාම : චෙරුචෙම්මටි, චිරුචෙන්නටි

මෙය හොඳින් අතු බෙදුණ පඳුරක් ලෙස වර්ධනය වන ශාකයකි. පත්‍ර ඉලිප්සාකාරය. පුෂ්ප සුදු පැහැතිය. පොකුරක පුෂ්ප 1 ක් හෝ 2ක් පිහිටයි. ඵලය කොල පැහැ වන අතර ඉදුණු පසු දීප්තිමත් රතු පැහැයක් වේ. ඵලය ආහාරයට ගනී. බීජයක් ඇත. කඳුකර ප්‍රදේශ වල බහුලව දක්නට ලැබේ.

මෙය වටිනා ඖෂධ ශාකයක් වන අතර ගෙවතු අලංකරණය උදෙසාද වගා කරයි. ඊට අමතරව යන්ත්‍ර මන්ත්‍ර, යාග හෝම, තොවිල් ආදියටද භාවිතා වේ.

බටකිරිල්ල ශාකය වට පණු, කොකු පණු, කිරි පණු, පටි පණු ආදී පණු රෝග සඳහා බහුලවම යොදා ගනී. මාන්දම හා ග්‍රහනි රෝගයට ප්‍රතිකාර කිරීමටද මෙම ඖෂධය වැදගත් වේ.

දරුවන්ගේ පණු රෝග සඳහා :-
🔸 බටකිරිල්ල කොල අවුවේ වියළා කුඩු කර එම චූර්ණය මී පැණියෙන් මිශ්‍ර කර ආහාරයට දීම.
🔸 බටකිරිල්ල කොල අවුවේ වියළා කුඩු කර එම චූර්ණය සමඟ බැදි හාල් කුඩු මී පැණියෙන් අනා අග්ගලා සාදා ආහාරයට දීම.
🔸 බටකිරිල්ල දළු රතුළූණු දමා පොල් කිරෙන් උයා ආහාරයට දීම.

☘️ වටිනා ඔසු පැල හඳුනා ගනිමු.. ආරක්ෂා කරමු..

✍️ වෛද්‍ය අවන්ති චාපා
BAMS(UOK)
Dip(Ayurveda panchakarma & beauticulture)

📷 අන්තර්ජාලය ඇසුරෙනි

⭕අම්ල පිත්‍ත රෝගයබොහෝදෙනා ගැස්ට්‍රයිටිස් ලෙස හඳුන්වන මෙම රෝගී තත්වය මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව හට ගනී. ආයුර්වේ...
25/06/2023

⭕අම්ල පිත්‍ත රෝගය

බොහෝදෙනා ගැස්ට්‍රයිටිස් ලෙස හඳුන්වන මෙම රෝගී තත්වය මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව හට ගනී. ආයුර්වේදානුකූලව ගත් විට මෙය පිත්ත දෝෂයේ විකෘති තත්වයක් නිසා ඇතිවන රෝගයකි. ප්‍රකෘති පිත මඟින් ආහාර ජීර්ණය සිදු කරයි. එම පිත් දෝෂය විකෘති වීමෙන් අම්ලපිත්ත රෝගය ඇති වේ. මෙය ඌර්ධ්වගත අම්ලපිත්ත හා අධෝගත අම්ලපිත්ත ලෙස ආකාර දෙකකි. සමාජයේ බහුලව හමු වන්නේ ඌර්ධ්වගත අම්ලපිත්ත රෝගීන් වේ.

ඌර්ධ්වගත අම්ලපිත්ත ලක්ෂණ :
• බඩ, පපුව හා උගුරේ දැවිල්ල
• වමනය
• තදබල හිසේ කැක්කුම
• ඔක්කාරය සමඟ උගුරට ඇඹුල් රසක් දැනීම
• ආධ්මානය ( බඩ පුරවා දැමීම )
• නිසියාකාරව ආහාර නොදිරවීම
• කල්ගත වීමේදී ආමාශයේ තුවාල ඇති වීම

නිතර නිතර ආමාශයට ජීර්ණ යුෂ ( අම්ල ) ස්‍රාවය වීමෙන් ආමාශ බිත්තියේ ශ්ලේෂ්මල කලාව හානි වේ. ආමාශයේ බිත්ති තුවාල වේ. ගැස්ට්‍රයිටිස් රෝගයට නිසි ප්‍රතිකාර නොගෙන කල්ගත වීමෙන් මේ තත්වය ඇති වේ.

අම්ලපිත්ත රෝගය ඇති වීමට හේතු :
• නිසි වෙලාවට ආහාර නොගැනීම.
• ගත් ආහාර ජීර්ණය වීමට පෙර නැවත නැවත ආහාර ගැනීම.
• නිතර ක්ෂණික ආහාර ගැනීම.
• ඇඹුල් හා උෂ්ණාධික ආහාර, තෙල් සහිත ආහාර නිතර ගැනීම.
• ජලය පානය අවම වීම.
• අධික මත්පැන් පානය හා දුම් පානය.
• මානසික ආතතිය.
• නිසි වෛද්‍ය නිර්දේශයකින් තොරව සමහර ඖෂධ වර්ග ගැනීම.

ක්‍රමානුකූල ආයුර්වේද ප්‍රතිකාර පද්ධතියක් මගින් අම්ලපිත්තය සාර්ථකව සුවකළ හැකිය. නමුත් මේ කාලසීමාව තුළ සුදුසු ආහාර විහරණ පිලිබඳ සැලකිලිමත් වීම ඉතාමත් වැදගත් වේ.

ගැස්ට්‍රයිටිස් රෝගියෙක් ගතයුතු ආහාර :
මෙම රෝගීන්ට දියබත් ආහාරයට ගැනීම ගුණය. පතෝල වැටකොළු බණ්ඩක්කා පිපිඤ්ඤා රාබු කොහිල නෙළුම් අල කැකිරි වට්ටක්කා වැනි එලවලු, කවුපි මුං ඇට සව් බාර්ලි වැනි ධාන්‍ය වර්ග, ගොටුකොල කතුරුමුරුංගා හාතාවාරිය ආදි පලා වර්ගද, බෙලි අනෝදා වැනි පළතුරු, බෙලි මල්, ඉරමුසු ආදී පාන වර්ග ගැනීම සුදුසුය.
නොගත යුතු ආහාර :
අඹ, අන්නාසි, අච්චාරු, තක්කාලි, දෙල්, උෂ්ණ මාළු, කරවල වර්ග, අබ, විනාකිරි යෙදූ ආහාර, අධික තෙල් හා මිරිස් යෙදූ ආහාර, පාන්පිටි ආහාර, චොක්ලට්, තේ, කෝපි, මත්පැන් මෙම රෝගීන්ට අහිතකර වේ.

ගැස්ට්‍රයිටිස් රෝගය කල් ගත වීමෙන් විවිධ සංකූලතා රාශියක් ඇති වේ. එනිසා මූලික අවස්ථාවේදීම නිසි ප්‍රතිකාර ගැනීමෙන් ඔබට ඇතිවන අපහසුතා අවම කරගත හැකිය.

විධිමත් රෝග විනිශ්චයක් මගින් ගැලපෙන ප්‍රතිකාර පද්ධතියකට යොමු වන්න. ඔබේ නීරෝගී දිවිය නිසා සතුට ඇති වේ.. මානසික සුවතාවය ඇති වේ.

සටහන :- 👩‍⚕‍
වෛද්‍ය එස්. එච්. අවන්ති චාපා
BAMS (UOK )
Dip (Ayurveda beauticulture & Panchakarma )

ප්‍රතිකාර සඳහා විමසන්න
මනුසෙත් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය,
ගලහ පාර, හිඳගල

📞 0703121683

📷 ඡායාරූප - අන්තර්ජාලය ඇසුරෙනි

ප්‍රතිකාර සඳහා විමසන්න 📞0703121683
14/06/2023

ප්‍රතිකාර සඳහා විමසන්න
📞0703121683

ශල්‍යකර්මයකින් තොරව මූලික අවස්ථාවේදීම අර්ශස් රෝගය සුව කරගමු. 👩‍⚕‍ප්‍රතිකාර ලබා ගත හැකි ස්ථාන :මනුසෙත් ආයුර්වේද වෛද්‍ය මධ...
08/05/2023

ශල්‍යකර්මයකින් තොරව මූලික අවස්ථාවේදීම අර්ශස් රෝගය සුව කරගමු. 👩‍⚕‍

ප්‍රතිකාර ලබා ගත හැකි ස්ථාන :
මනුසෙත් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
ගලහ පාර, හිඳගල.
0703121683

විශ්ව ඉසි අරණ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
මාතලේ පාර, උඩුපිහිල්ල.
0773403432

වෛද්‍ය. එස්. එච්. අවන්ති චාපා
BAMS (UOK)
Dip (Ayurveda beauticulture & Panchakarma)

රෝග පිලිබඳ දැනුවත්වන්න.. රෝගී වීමෙන් වළකින්න.. ✨️✨️

https://youtu.be/TFjF66zSgws

අතේ ඇතිවන හිරි ගතියෙන් ඔබත් පීඩා විඳිනවාද..❓❓මෙය Carple Tunnel Syndrome (CTS) යන නාමයෙන් හඳුන්වයි. ලෝක ජන ගහනයෙන් 3.8% ක...
30/09/2022

අතේ ඇතිවන හිරි ගතියෙන් ඔබත් පීඩා විඳිනවාද..❓❓

මෙය Carple Tunnel Syndrome (CTS) යන නාමයෙන් හඳුන්වයි. ලෝක ජන ගහනයෙන් 3.8% ක් පමණ මේ රෝගයෙන් පීඩා විඳින අතර මෙහි කාන්තාවන් බහුලය. විශේෂයෙන්ම ආර්තවහරණයට ලක් වූ කාන්තාවන් අතර මෙම රෝගය සුලබ වේ. බොහෝ විට 40 -60 වයස් කාණ්ඩයේ රෝගීන් වාර්තා වීම දැක ගත හැකිය.

මෙහි රෝග ලක්ෂණ වන්නේ :-
🔹 අත්ලේ හා ඇඟිලි වල හිරිය (විශේෂයෙන්ම මහපටඟිල්ල, දබරඟිල්ල හා මැදඟිල්ල)
🔹 ඇඟිලි චලනය කිරීමේ අපහසුතාවය.
🔹 වැඩ කරන විට අතේ හා ඇඟිලි වල තදබල වේදනාව.
🔹 මැණික් කටුව ආශ්‍රිතව වේදනාව.
🔹 යමක් ඇල්ලීමේදී ගිලිහී යාම.
🔹 මෙම තත්වය කල් ගත වීමේදී ඇඟිලි වල ස්පර්ශය දැනීමේ අඩුවක් මෙන්ම අත්ලේ මාංශපේශි වැහැරීමක් සුළු වශයෙන් දක්නට ලැබේ.

✅ ආයුර්වේදානුකූලව සැළකීමේදී ශරීරයේ ඇති වාත රක්ත දෝෂ කෝප තත්වය අනුව එක් එක් පුද්ගලයන්ට මෙම ලක්ෂණ අඩු වැඩි වශයෙන් ඇතිවිය හැකිය.

❇️ මෙය ඇති වීමට හේතු විමසීමේදී ප්‍රධානව එක් කරුණක් වෙතට අවධානය යොමු වේ. එනම් අත්ල වෙත ස්නායු සැපයුම සිදු කරන මධ්‍ය බාහුතා ස්නායුව නොහොත් Median Nerve පීඩාවට පත් වීමයි. මේ ස්නායුව මැණික් කටුව සන්ධියෙන් අතේ පටක හා කණ්ඩරා අතරින් ගමන් කරයි. මෙහිදී ශාරීරික දෝෂ කෝප තත්වයක් නිසා මැණික් කටු සන්ධියේ ඇති පටක හා කණ්ඩරා ඝනවීමක් හෝ ඉදිමීමකින් Median Nerve ගමන් කරන අවකාශය පටු වීමෙන් එම ස්නායුව පීඩාවට පත් වේ. මේ නිසා ඉහත දැක්වූ රෝග ලක්ෂණ ඇති වෙයි.

බටහිර වෛද්‍ය විද්‍යානුකූලව මේ සඳහා නියමිත ප්‍රතිකාරය වන්නේ ශල්‍යකර්මයකි.

නමුත් ඔබ ආයුර්වේද ප්‍රතිකාර සඳහා සුදුසු වෛද්‍යවරයකු වෙත යොමු වන්නේ නම් ශල්‍යකර්මයකින් තොරව මෙම රෝගය සාර්ථකව සම්පූර්ණයෙන්ම සුවපත් කරගත හැකි වේ. ශරීරයේ ඇති දෝෂ කෝපතාවය මත ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය (බාහිර ප්‍රතිකාර හා අභ්‍යන්තර ප්‍රතිකාර) හා අවශ්‍ය ව්‍යායාම් වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලබයි.

⭕ඔබත් මෙවැනි රෝග ලක්ෂණ වලින් පීඩා විඳින්නේ නම් අදම සුදුසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න.

🍀 කායික නීරෝගිබව ඔබට මානසික සුවතාවය ඇති කරයි..🙂

👩‍⚕‍ සටහන :-
වෛද්‍ය . S. H. අවන්ති චාපා
BAMS (UOK)

🩺 ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් සඳහා විමසන්න :

මනුසෙත් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය,
ගලහ පාර,
හිඳගල, පේරාදෙණිය.
📞 0703121683

ඡායාරූප - අන්තර්ජාලය ඇසුරෙනි..

⭕අධික විළුඹේ වේදනාවට හේතු වන ආයුර්වේදයේ සඳහන් වාත කණ්ඨක රෝගය ගැන ඔබ දන්නවාද....❓❓👉"වාත කණ්ඨක යනුවෙන් අදහස් වන්නේ වාත දෝෂ...
26/05/2022

⭕අධික විළුඹේ වේදනාවට හේතු වන ආයුර්වේදයේ සඳහන් වාත කණ්ඨක රෝගය ගැන ඔබ දන්නවාද....❓❓

👉"වාත කණ්ඨක යනුවෙන් අදහස් වන්නේ වාත දෝෂය ප්‍රධාන වීමෙන් විළුඹේ කටුවක් අනින්නාක් වැනි වේදනාවක් ඇති කරන රෝග තත්වයකි."
මෙය කාන්තාවන් අතර බහුලව දැකිය හැකිය. විළුඹ ආශ්‍රිතව වේදනාව, තද බව, ශෝථ, ප්‍රදාහය ඇති වීම සිදුවිය හැකියි. ඇවිදීමේදී බොහෝ වේදනාකාරීය.

👉♦️රෝගියාගේ ප්‍රධානම පැමිණිල්ල " උදේට නැගිටින විට බිමට අඩිය තියන්න බෑ,,, යටි පතුල විළුඹ කැක්කුමයි,,, කටුවක් ඇනෙනවා වගේ,,," යන්නයි.

👉මෙම රෝගය ඇති වන ආකාරය :-
පාදයේ යටි පතුලේ කැල්සියම් තැන්පත් වීමෙන් අස්ථි කොටසක අධිවර්ධනයක් සිදුවෙයි. මේ අධිවර්ධනය නිසා බොහෝවිට පාදයේ යටි පතුලේ ඇති පටක ප්‍රදාහයට පත් වේ. ඒ නිසා කටුවක් අනිනවා වැනි වේදනාවක් මෙන්ම ඇවිදීමේදී කකුලේ ඇඟිලි වල සිට විළුඹෙන් මදක් ඉහළට වන තෙක්ම වේදනාව පැතිරෙයි.
X ray පරීක්ෂාවකින් අස්ථි අධිවර්ධනය නිරීක්ෂණය කළ හැකිය.

✳️👉 මෙම රෝගයට හේතු මොනවාද❓❓

✅ පාදයේ මාංශ පේශී, කණ්ඩරා ඇදීමකට ලක්වීම.
✅ යටි පතුලේ පටක ඇදීම.
✅ විළුඹ ආවරණය කරන සම, පටක ඉරීම.
✅ එක දිගටම ඇවිදීම හා දිවීම.
✅ තද පෘෂ්ඨ වල උඩ පැනීම.
✅ නිතර අඩි උස පාවහන් හා තද පාවහන් පැලඳීම.
✅ සිරුරේ අධික බර.
✅ ආතරයිටිස් රෝගයෙන් පෙළීම.

🔴👉 වාත කණ්ඨක රෝගයෙන් වැළකීමට උපදෙස්..

🎀 හොඳින් ජලය පානය කිරීම.
🎀 නැවුම් එළවළු පළතුරු ආහාරයට එකතු කර ගැනීම.
🎀 උෂ්ණාධික ආහාර පාන වලින් වැළකීම.
🎀 සිරුරේ බර පාලනය.
🎀 උස් හා තද පාවහන් භාවිතය අවම කිරීම.
🎀 වලගොඩැලි සහිත බිමේ ඇවිදීමෙන් වැළකීම.
🎀 අධි කැල්සියම් සහිත ආහාර පාන වලින් දුරස් වීම.
යන ආදියෙන් මේ රෝගය ඇතිවීම වළක්වා ගත හැකිය.

♨️ නමුත් ඔබ දැනටමත් මේ රෝගයෙන් පීඩා විඳින්නේ නම් වහාම සුදුසුකම් සහිත වෛද්‍යවරයකු වෙත යොමු වීම යෝග්‍යයි.

👩‍⚕‍ආයුර්වේද ප්‍රතිකාර මගින් ඔබට මෙම රෝගය මුළුමනින්ම සුව කරගත හැකිය..

සටහන :-
වෛද්‍ය. අවන්ති චාපා
BAMS (UOK)

ප්‍රතිකාර සඳහා විමසන්න :
📞📞 0703121683

ඡායාරූප : අන්තර්ජාලය ඇසුරෙනි

මේ පිළිබඳව ඔබ දැන සිටියාද.???⭕Ringwarm Infection⭕මෙය සම මත ඇති වන දිලීර ආසාදනයකි. ශරීරයේ හට ගන්නා ස්ථානය අනුව දිලීර ප්‍ර...
19/03/2022

මේ පිළිබඳව ඔබ දැන සිටියාද.???

⭕Ringwarm Infection⭕

මෙය සම මත ඇති වන දිලීර ආසාදනයකි. ශරීරයේ හට ගන්නා ස්ථානය අනුව දිලීර ප්‍රභේදය වෙනස් වන අතර පොදුවේ Tenea infection ලෙස හදුන්වයි. බොහෝ විට මෙය ශරීරය පුරා ව්‍යාප්ත වීම මෙන්ම ආසාදිතයෙකුගෙන් තම සමීපතමයන්ට බෝ වීමේ ඉඩකඩ වැඩිය.

පොදුවේ දැකිය හැකි රෝග ලක්ෂණ :-
📍 කැසීම.
📍 සමේ රතු, දුඹුරු, අළු පැහැති පැල්ලම් ඇති වීම.
📍 ඒ වටා කුඩා බිබිලි ඇති වීම.
📍 එම පැල්ලම් සමෙන් ඉහළට මතුවී තිබීම.
📍 කල් ගත වන විට බිබිලි කැඩී යාමෙන් දියර හෝ සැරව ගැලීම.
📍 කාලයත් සමග සමේ ඇති වන පැල්ලම් විශාල වීම.
📍 ශරීරයේ නැමුම් ස්ථාන වල බහුලව ඇති වීම.

රෝගය පැතිරීමට බලපාන හේතු :-
🔸 උණුසුම් පරිසරයක ජීවත් වීම.
🔸 ආසාදිතයින් සමීපව ඇසුරු කිරීම.
🔸 ආසාදිතයෙකුගේ ඇදුම් පැලදුම් හුවමාරු කර ගැනීම.
🔸 ශරීරයේ ප්‍රතිශක්තිය අඩු වීම.
🔸 රෝගයේ මුල් අවස්ථාවේදීම වෛද්‍ය උපදෙස් සදහා යොමු නොවීම.

මේ රෝගයට අභ්‍යන්තර ඖෂධ මෙන්ම බාහිර ගැල්වුම් හා සේදුම් ඖෂධ භාවිතා කළ යුතුය💊. රෝගය ඉතා ඉක්මනින් සුව කර ගැනීම සදහා නුසුදුසු ආහාර වලින් වැළකී නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම අනිවාර්ය වේ.

✨️කල් ගත වීමෙන් ඇතිවන අපහසුතා අධික බැවින් රෝගය හදුනාගත් මුල් අවස්ථාවේදීම සුදුසු වෛද්‍යවරයකු වෙත යොමු වන්න.

🩺රෝග පිළිබඳ දැනුවත් වෙමු. නිරෝගී සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරමු.🩺

ජායාරූප - අන්තර්ජාලය ඇසුරෙනි.

18/03/2022
16/03/2022
☀️The Science of Life.☀️ආයුර්වේදය යනු ඉන්දියානු උප මහද්වීපය තුළ ජනිතව ඍෂිවරුන් විසින් පවත්වාගෙන ආ ලොව පැරණිතම වෛද්‍ය කර්...
15/03/2022

☀️The Science of Life.☀️

ආයුර්වේදය යනු ඉන්දියානු උප මහද්වීපය තුළ ජනිතව ඍෂිවරුන් විසින් පවත්වාගෙන ආ ලොව පැරණිතම වෛද්‍ය කර්මයක් වේ. වර්තමානය වන විට එය සිද්ධ, යුනානි හා දේශීය වෛද්‍ය විද්‍යාව යන වෛද්‍ය කර්මයන්ගේ යම් යම් ආභාශයන් මත ගොඩනැගී ඇත.
ආයුඃ + වේද යන දෙකෙහි එකතුවෙන් ආයුර්වේදය යන වචනය ගොඩ නැගේ. එහි කෙටි අර්ථය වනුයේ ආයුෂ පිළිබඳ ඉගැන්වීම් කරනු ලබන විද්‍යාව යන්නයි. මෙය පදනම් වී ඇත්තේ සෞඛ්‍යය සහ සෞඛ්‍යය මත බලපෑම් කරනු ලබන මනස, ශරීරය සහ ආත්මය අතර පවතින සමබරතාවයක් මතයි.
එමෙන්ම ආයුර්වේදය යනු පුද්ගලයෙකුගේ රෝගයකට ප්‍රතිකාර කිරීම හා සමානවම නිරෝගී පුද්ගලයෙකුගේ නිරෝගී භාවය ආරක්ෂා කර ගැනීම පිළිබඳව ද පුළුල්ව සාකච්ඡා කෙරෙන ගැඹුරු වෛද්‍ය කර්මයකි.

13/03/2022

Address

Galaha Road, Hindagala
Peradeniya
20400

Telephone

+94703121683

Website

Alerts

Be the first to know and let us send you an email when Manuseth Ayurveda Health Care Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category