Pulasthi Weda Madura

Pulasthi Weda Madura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pulasthi Weda Madura, Medical and health, Angulmaduwa, Pansiyaga, Malsiripura, Pettah.

15/04/2020

මාස 5න් දියවැඩියාවට ස්ථීර සුවය

දියවැඩියාව අද වනවිට රටේ බහුතර ජනතාවක් පීඩාවට පත්ව ඇති රෝගයක්. අලුත උපන් බිළිඳාගේ සිට වයසක මහල්ලා දක්වා ජනතාව මෙම රෝගයෙන් පීඩා විඳිනවා. බෝ නොවන රෝග ගණයට අයත් වන මෙම රෝගය නිසා බොහෝ පිරිසක් දවස ගෙවන්නේ ඉතාමත්
කණගාටුවෙන්. බොහෝ අය දවස පුරා බෙහෙත් පෙති ගිල්ලත්
රෝගයේ කිසිම සුවයක් නොලබන අතර මෙම බෙහෙත් පෙති ගිලීම නිසා ඔවුන් වෙනත්
රෝගාබාධවලටද ගොදුරු වී අකාලයේ තම වටිනා ජීවිත විනාශ කර ගන්නා තත්ත්වයටද පත්වෙනවා.
දියවැඩියාව සුවකරන්න බැරිද? ඒ ඇයි? සුව කරන්න පුළුවන්ද? ඒ කොහොමද? මෙය රටේ ජනතාවට දැවෙන ප්‍රශ්නයක් වුවත් දියවැඩියාව වැළඳුණු දහස් ගණනක් රෝගීන් සුව කර තවත් එවැනිම රෝගින් දහස් ගණනකට දැනටත් ප්‍රතිකාර කරන අපූරු ආයුර්වේද වෛiවරයෙක් පිළිබඳ ලද ආරංචියක් නිසා අප එතුමා සොයා ගියේ ලක්ෂ ගණනක් වන මෙරට දියවැඩියා රෝගීන්ගේ හිත සුව පිණිස එතුමාගේ ඒ විශ්වකර්ම ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ රටට තොරතුරු හෙළි කිරීමේ උදාර පරමාර්ථයෙනි.
අඟුල්මඩුව පන්සියගම මැල්සිරිපුර නමැති ලිපිනයේ සිට වෙදකම් කරන මෙම වෙද මහතා නමින් පාරම්පරික හෙළ වෛi ඉන්ද්‍රජීව කුමාර එරමුදුගහගෙදරයි. අප එහි යන විටත් බොහෝ පිරිසක් එතුමාගේ වෙද ගෙදර අසුන් ගෙන සිටියේ තම වාරය පැමිණෙන තුරුය. වෙද මහතා හමුවීමට වේලාව පැමිණෙන තුරු ලද ඉඩෙන් ප්‍රයෝජන ගත් අප වෙ ගෙදරට ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටි රෝගීන් කිහිප දෙනෙක් සමග කථාබස් කළේ වෙද මහතාගේ ප්‍රතිකාර පිළිබඳ තවදුරටත් දැන ගැනීමේ අටියෙනි.
එහිදී අප හමුවේ අදහස් දැක්වූ අය පවසා වෙද මහතාගේ ප්‍රතිකාරවලින් තම රෝගී තත්ත්වයන් ක්‍රමයෙන් සුව වෙමින් පවතින බවයි. දියවැඩියාව වැළඳී මෙහි පැමිණ සිටි රෝගීන්
රැසක්ම අප හමුවේ පවසා සිටියේ තමන් මෙතෙක් වින්ඳ අපහසුතා රැසක්ම මේ වනවිට පහවෙමින් ඇති බවත් සීනි මට්ටමද සතුටුදායක මට්ටමකට පත්වෙමින් තිබෙන බවයි. ඒ වගේම තවත් බොහෝ පිරිසක් ප්‍රතිකාර පෝළිමේ නොසිට වෙනම සිටි නිසා අප ඔවුන්වද හමුවූවේ ඔවුන් පැමිණ සිටි කාරණය කුමක්දැයි දැන ගැනීමටය. අපි ආවේ වෙද මහතා හමුවී ස්තුති කරන්නයි. වසර ගණනාවක් අප දියවැඩියාව රෝගී තත්ත්වයෙන් පීඩා වින්ඳා. ඒක පුදුමාකාර දුකක්. කෑමක් කන්න බෑ. බීමක් බොන්න නෑ. ඔක්කොම පාලනයක් ඇතිවයි කරන්න වුණේ. ඉන්ද්‍රජීව වෙද මහතාට පිංසිද්ධ වෙන්න දැන් අප සතුටින් ඉන්නවා. දියවැඩියාව රෝගයෙන් අප මිදුණා. ඇත්තටම අපේ සතුට වෙද මහතාට කියන්න තමයි අප ආවේ.
තවදුරටත් ඔවුන් සමග කථා කරන්නට ආසා හිතුනත් අකමැත්තෙන් වුවත් අපට ඔවුන්ගෙන් සමුගන්නට සිදුවූවේ වෙදමහතා හමුවීමට අපට ලද ආරාධනය නිසාය. සිනා මුහුණින් අප පිළිගත් වෙදමහතා අප හා අදහස් දැක්වීම ඇරඹුවේය.
අපේ වෙද පරම්පරාව ක්‍රි.පූ. 1 වන සියවසේ වළගම්බා යුගය දක්වා අතීතයකට දිව යනවා. අප වෙද පරම්පරාව වැදි පරපුරකින් පැවත එන්නක්. මිනිසාට වැළඳෙන සියලු රෝග සුව කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ පරම්පරාවෙන් පරම්පරාවට පැවත ආ ප්‍රතිකාර අප සතුව තිබෙනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි පාරම්පරික හෙළ වෙදකම තුළ ඉතා විස්මයජනක ප්‍රතිකාර ක්‍රම තිබෙනවා රෝග සුව කිරීම සඳහා. අප ප්‍රතිකාර සඳහා යොදා ගන්නේ එම පාරම්පරික ප්‍රතිකාර විධියි.
ඕනෑම රෝගයක් වැළඳුණු රෝගියෙක්ට අප ප්‍රතිකාර කර සුව කරනවා. දියවැඩියාව සඳහාත් අප සතුව සුවිශේෂී ඖෂධ තිබෙනවා. අප රෝගියා පරීක්ෂා කර බලා ඔහුට හෝ ඇයට නියම කරන ප්‍රතිකාර නියමිත ආකාරයෙන් ලබා ගත්තොත් මාස 5ක් වැනි කෙටි කාලයකින් රෝගී තත්ත්වය සුවකර ගැනීමට හැකියාව තිබෙනවා. එලෙස මෙම රෝගීන් දහස් ගණනක් අපගෙන් ප්‍රතිකාර ගෙන තම රෝග සුවකරගෙන තිබෙනවා.
ඇතැම් අයට මෙම දියවැඩියාව රෝගය ජාන තුළින්ම ඇතිවන අවස්ථා තියෙනවා. ඒ වගේම සිරුරේ දිය ගතිය වැඩිවීම සහ ස්ථුලතාව වැඩිවීමද විශේෂයෙන් ක්ෂණික ආහාර ගැනීම සහ ආහාර දිරවීමේ අඩුපාඩුකම් නිසාද මෙම රෝගය වැළඳීමේ හැකියාව පවතිනවා.
හෙළවෙදකමට අනුව දියවැඩියාව ප්‍රභේද 20කට වෙන් කරනවා. ඒ අනුව සෙම්වලින් 10ක් පිතෙන් 6ක් සහ වාතයෙන් 4ක් වශයෙනි. සෙමෙන් හටගන්නා දියවැඩියා රෝග 10ම ඉතා ඉක්මනින් නිට්ටාවටම සුව කරන්න පුළුවන්. පිතෙන් හට ගන්නා රෝග 6 සුව කිරීම සඳහා ටික කාලයක් ප්‍රතිකාර ගැනීමට සිදුවෙනවා. වාතයෙන් හටගන්නා රෝග 4 පාලනය කිරීමක් තමයි කළ හැක්කේ. ඒත් සමහරුන් එම රෝගද සුවවූ අවස්ථා තිබෙනවා.
විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තමයි මෙම රෝගීන් අප නියම කරන ඖෂධ නියමිත ප්‍රමාණයෙන් නියමිත කාලය තුළ නොකඩවාම ගත යුතු වෙනවා. අතරමැද කැඩි කැඩී ඖෂධ ලබා ගත්තොත් රෝගය නියමිත කාලය තුළ සුවකර ගන්න බැරි වෙනවා. ක්‍රමාණුකූලව ප්‍රතිකාර ලබා ගන්නා අය මාස දෙකහමාරක් වැනි ඉතා කෙටි කාලයකින්ද සුවය ලබනවා.
තවත් බොහෝ පිරිසක් වෙද
මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා තම වාරය පැමිණෙන තුරු බලා සිටින නිසා අප වෙද මහතාට සමුදුන්නේ තවත් දිනක එතුමන් කරා පැමිණ මෙම හෙළ වෙදකමේ විස්මිත ප්‍රතිකාරවලින් සුවකළ හැකි තවත් රෝගයක් පිළිබඳ තොරතුරු විමසීමේ පොරොන්දුවෙනි.

පාරම්පරික වෛද්‍ය
ඉන්ද්‍රජීව සරත් කුමාර
පුලස්ති වෙද මැදුර
අඟුල්මඩුව,පන්සියගම,මැල්සිරිපුර.

071 186 9818/072 949 0980/071 455 0755

මාස 5න් දියවැඩියාවට ස්ථීර සුවයපාරම්පරික වෛද්‍යඉන්ද්‍රජීව සරත් කුමාරපුලස්ති වෙද මැදුර, අඟුල්මඩුව,පන්සියගම,මැල්සිරිපුර.071...
15/04/2020

මාස 5න් දියවැඩියාවට ස්ථීර සුවය

පාරම්පරික වෛද්‍ය
ඉන්ද්‍රජීව සරත් කුමාර
පුලස්ති වෙද මැදුර, අඟුල්මඩුව,පන්සියගම,මැල්සිරිපුර.
071 186 9818/072 949 0980/071 455 0755

දියවැඩියාව අද වනවිට රටේ බහුතර ජනතාවක් පීඩාවට පත්ව ඇති රෝගයක්. අලුත උපන් බිළිඳාගේ සිට වයසක මහල්ලා දක්වා ජනතාව මෙම රෝග යෙන් පීඩා විඳිනවා. බෝ නොවන රෝග ගණයට අයත් වන මෙම රෝගය නිසා බොහෝ පිරිසක් දවස ගෙවන්නේ ඉතාමත් කණගාටුවෙන්. බොහෝ අය දවස පුරා බෙහෙත් පෙති ගිල්ලත් රෝගයේ කිසිම සුවයක් නොලබන අතර මෙම බෙහෙත් පෙති ගිලීම නිසා ඔවුන් වෙනත් රෝගාබාධවලටද ගොදුරු වී අකාලයේ තම වටිනා ජීවිත විනාශ කර ගන්නා තත්ත්වයටද පත්වෙනවා.

Address

Angulmaduwa, Pansiyaga, Malsiripura
Pettah

Telephone

+94711869818

Website

Alerts

Be the first to know and let us send you an email when Pulasthi Weda Madura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram