Vigour Ayu Medi Care

Vigour Ayu Medi Care Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vigour Ayu Medi Care, Medical and health, 127/C, Makuluduwa, Piliyandala.

Frozen shoulder / අවබාහුක*. මොකක්ද මේ Frozen shoulder/අවබාහුක කියන්නේ ?උරහිස් සන්ධියේ තද බව හා කට්ටකින් අනින්නාක් වැනි අ...
13/03/2022

Frozen shoulder / අවබාහුක

*. මොකක්ද මේ Frozen shoulder/අවබාහුක කියන්නේ ?

උරහිස් සන්ධියේ තද බව හා කට්ටකින් අනින්නාක් වැනි අධික වේදනාව නිසා අත එසවීම, කරකැවීම ආදි ක්‍රියාවන් සිදුකරගැනීමට නොහැකි වීම වේ.

*. රෝගය ඇති වෙන්න හේතු මොනවාද ?

- කලකට පෙර උරහිස් සන්ධියට සිදු වූ අනතුරක් නිසා
- අධිකව සන්ධිය වෙහෙස වීම නිසා (බර ඔසවන්නන්, රියදුරන්,..)
- දියවැඩියාව (Diabetes), ආඝාත (Stroke) වැනි රෝග තත්ත්ව නිසා
- දීර්ඝකාලීන සන්ධිගත රෝග තත්ත්ව නිසා (Rheumatoid Arthritis)
- ඉතා තද සීතලට නිරාවරණය වීම
- වැරදි ඉරියව් වලින් නිදා ගැනීම

ඉහත හේතු නිසාවෙන් උරහිස් සන්ධිය ආශ්‍රිත පටක තද බවට පත් වී උරහිසේ චලන පරාසය සීමා කරයි.

*. රෝගයේ ප්‍රධාන අවස්ථා මොනවාද ?

1. Freezing Stage - උරහිස සන්ධිය චලනය කරන විට දැඩි වේදනාවක් ඇති වේ. චලන පරාසය අඩු වේ.
2. Frozen Stage - වේදනාව අඩු වේ. නමුත් තද ගතිය වැඩි වේ.
3. Thawing Stage - චලන පරාසය වැඩි වීමට පටන් ගනී.

*. මේ රෝගය ඇතිවීමේ වැඩි අවදානමක් ඇත්තේ කාටද ?

- වයස අවුරුදු 40 ට වැඩි වීම (විශේෂයෙන් කාන්තාවන්)
- උරහිස් සන්ධියට අනතුරක් සිදු වීම, අතේ අස්ථි බිඳීයාම වැනි හේතු නිසා කාලයක් අතේ ක්‍රියාවන් අඩු වූ අය
- ආඝාත (Stroke), දියවැඩියාව (Diabetes), තයිරොයිඩ් රෝග (Hyper or Hypothyroidism), හදවත් රෝග (Heart Disorders), ක්ෂය රෝගය (TB) ආදි රෝග සහිත පුද්ගලයින්

*. මේ රෝගය සඳහා කල හැකි ප්‍රතිකාර මොනවාද ?

මෙය රෝගියාට ජීවිත තර්ජනයක් ඇති කරන බරපතල රෝගයක් නොවේ. නමුත් මෙය රෝගියා එදිනෙදා වැඩ කටයුතු මෙන්ම රැකියාව පවා කරගැනීමට නොහැකි දුක්ඛිඃත තත්ත්වයකට පත් කරයි. එමනිසා ඉක්මනින් ප්‍රතිකාර වෙත යොමු වීම ඉතා වැදගත් වේ.
Frozen shoulder/ අවබාහුක රෝගය සඳහා ආයුර්වේද චිකිත්සා පද්ධතියට අනුව ස්නේහ කර්ම (Oleation), ස්වේද කර්ම (Fomentation), නස්‍ය (Oleaginous errhines), වස්ති (Re**al E***a) ආදී බාහිර ප්‍රතිකාර ද, ශෝධන (Detoxification), ශමන (Pacification) ආදී අභ්‍යන්තර චිකිත්සාවන්ද සිදු කල හැක.
එමගින් ස්නායු අග්‍ර උත්තේජනය, රුධිර ගමනාගමනය ක්‍රමවත් කිරීම, වේදනා නාශනය, හානි වු සන්ධි පිළිසකර කිරීම මගින් තද බව ඉවත් කර කෙටි කලකදී ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා දේ.

Dr. Chathu Bandara
BAMS (Hons.) University of Colombo

Vigour Ayu Medi Care
127/C, Makuluduwa, Piliyandala
0714853954 / 0777646006
vigourayumedicare@gmail.com

Calcaneal Spurs / Heal Spurs- වාත කණ්ඨක -*. මොකක්ද මේ Calcaneal spurs / Heel spurs නැත්නම් වාත කණ්ඨක කියන්නේ ?විළුඹ නිර්...
17/02/2022

Calcaneal Spurs / Heal Spurs
- වාත කණ්ඨක -

*. මොකක්ද මේ Calcaneal spurs / Heel spurs නැත්නම් වාත කණ්ඨක කියන්නේ ?
විළුඹ නිර්මාණය වී ඇති විළුඹ ඇටය (Calcaneal bone) මත දිගින් දිගටම ඇති වන පීඩනය, තෙරපීම නිසා ඒ මත ඒකාකාරී නොවූ අමතර කැල්සියම් තට්ටුවක් තැම්පත් වී යටි පතුල හා ඒ ආශ්‍රිතව නෙරුමක් / ගැටිත්තක් ආකාරයට වර්ධනය වීම වාත කණ්ඨක නම් වේ.

*. රෝග ලක්ෂණ මොනවාද ?
- සිටගෙන සිටින විට හෝ ඇවිදින විට පතුල හා ඒ අවට ඇති වන කට්ටක් අනින්නාක් වැනි වේදනාව මෙහි ප්‍රධානතම ලක්ෂණයයි.
- උදෑසන අවදි වූ විගස පාද බිම තබා ඇවිදීම ඉතා වේදනාකාරී වේ.
- නමුත් වේදනාව සහිතවම මද දුරක් ඇවිද ගිය විට එම වේදනාව මදක් සමනය වේ.
- පතුල් හා ඒ ආශ්‍රිතව දවස පුරා මද වේදනාවක් පවතී.
- දීර්ඝ වේලාවක් සිටගෙන සිටීම, ඇවිදීම, සමතල නොවූ මතුපිට වල ඇවිදීම වැනි ක්‍රියා වේදනාව තීව්‍ර කරයි.

*. රෝගය ඇති වෙන්න හේතු මොනවාද ?
- සමතල නොවූ, ගොඩැලි සහිත මතුපිට වල නිතර ඇවිදීම.
- පාදයේ ව්‍යුහාත්මක විකෘතිතා නිසා විළුඹට ඇති වන අමතර පීඩනය.
- බර වාහන පැදවීම.
- ව්‍යායාම, බර එසවීම ආදිය මඟින් අධික ලෙස පාද වෙහෙසවීම.
- දීර්ඝ වේලාවක් සිටගෙන සිටීම හෝ ඇවිදීම.
- ඉතා දැඩි, තද, අපහසු පාවහන් පැළදීම.

*. රෝගය වළක්වා ගැනීමට ඔබට කළ හැකි දේවල් මොනවාද ?
- ඇවිදීම, දිවීම, බර එසවීම ආදියෙන් දෙපා අධික වෙහෙසට පත් නොකිරීම.
- පාද වලට ප්‍රමාණවත් විවේකයක් ලබා දීම.
- ඉතා දැඩි, හිර පාවහන් වෙනුවට දෙපයට පහසු පාවහන් පැළඳීම.
- මද උණුසුම් වතුරේ දෙපා ගිල්වා තැබීම හෝ සේදීම.

*. මේ රෝගයට සාර්ථක ප්‍රතිකාර තිබේද ?
ඔව්. ආයුර්වේද චිකිත්සා පද්ධතියට අනුව ස්නේහ කර්ම (Oleation), ස්වේද කර්ම (Foementation), අග්නි කර්ම (Cauterization), රක්ත මෝක්ෂණය (Blood Letting) ආදී බාහිර ප්‍රතිකාර මඟින්ද, ශෝධන (Detoxification), ශමන (Pacification) ආදී අභ්‍යන්තර චිකිත්සාවෙන්ද කෙටි කලකදී ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

Dr. Chathu Bandara
BAMS (Hons.) University of Colombo

Vigour Ayu Medi Care
127/C, Makuluduwa, Piliyandala
0714853954 / 0777646006
vigourayumedicare@gmail.com

16/02/2022
16/02/2022

කැඩුම් බිඳුම් ප්‍රතිකාර (Orthopaedics)
ශීර්ෂ රෝග (Chronic Headaches)
පීනස හා සෙම් රෝග (Catarrh)
උගුර කණ නාසය ආශ්‍රිත රෝග (ENT)
කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග (Vertebral Column Disorders)
සන්ධි රෝග (Arthritis)
ස්නායු රෝග (Neurological Disorders)
අංශභාග (Paralysis)
නහර ගැට ගැසීම (Varicose Veins)
අම්ලපිත්ත (Gastritis)
වකුගඩු හා මුත්‍රා මාර්ග ආශ්‍රිත රෝග (Urologic Diseases)
දියවැඩියාව (Diabetes Mellitus)
අර්ශස් භගන්දර පරිකර්තිකා ගුද රෝග (A**l Diseases)
අධික තරබාරුව (Obesity)
චර්ම රෝග (Skin Diseases)
අළුත් හා කල් ගත වූ තුවාල (Acute & Chronic Ulcers)
ස්ත්‍රී රෝග (Gynecological Diseases)
ස්ත්‍රී / පුරුෂ මදසරු භාවය (Infertility)

විශේෂ ප්‍රතිකාර
පංචකර්ම ප්‍රතිකාර (Detoxification)
ආයුර්වේද රූපලාවණ්‍ය ප්‍රතිකාර (Ayurveda Beauty Culture)
මනෝ උපදේශන සේවා (Counselling)
කටු චිකිත්සක ප්‍රතිකාර (Acupuncture)

උදෑසන 10.00 සිට රාත්‍රී 9.00 තෙක් ප්‍රතිකාර කෙරේ
සඳුදා සහ පෝය දින වසා ඇත
පැමිණීමට පෙර වේලාවක් වෙන් කරවා ගන්න...

Address

127/C, Makuluduwa
Piliyandala
10300

Opening Hours

Tuesday 10:00 - 21:00
Wednesday 10:00 - 21:00
Thursday 10:00 - 21:00
Friday 10:00 - 21:00
Saturday 10:00 - 21:00
Sunday 10:00 - 21:00

Telephone

+94714853954

Website

Alerts

Be the first to know and let us send you an email when Vigour Ayu Medi Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Vigour Ayu Medi Care:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram