Medicare - Piliyandala

Medicare - Piliyandala Medicare - Piliyandala is the official page of Medicare Medical Center, Piliyandala.

23/09/2023

Glucometers are available at Medicare

14/02/2022
16/09/2021

Order the Digital Thermometer now and get it delivered to your doorstep within ⏱ 24 hours (within Colombo and Suburbs). 💙
📞Call or WhatsApp us to place the order Shanuka 0761 596 536 | Chethiya 0768 955 096
The total price will be Rs.750 plus delivery charges.
Other parts of the country delivery may take 2 to 4 working days.
The actual product may differ from picture depicted.
for a

05/09/2021
31/08/2021

කෝවිඩ් ආසාදිත පුද්ගලයන් සඳහා ලැබිය යුතු ප්‍රතිකාර හා උපදෙස් ලබාදීමට ඔවුන් ලියා පදිංචි කිරීමේ ක්‍රමවේදය වඩාත් යුහුසුලුව සිදු කිරීම සඳහා 1904 SMS සේවාව හඳුන්වා දී තිබෙනවා.

මෙම සේවාව ලබා ගැනීමට ඔබ කළ යුත්තේ පහත දැක්වෙන ආකාරයට ඔබගේ විස්තර සඳහන් කර 1904 අංකයට කෙටි පණිවිඩයක් (SMS) යොමු කිරීමයි.

එම කෙටි පණිවිඩයෙහි සඳහන් විය යුතු කරුණු පහත ලෙස වේ.

රෝග ලක්ෂණ කේතය වයසජාතික හැඳුනුම්පත් අංකයලිපිනය

මෙහිදී ඔබට ඇති රෝග ලක්ෂණ අනුව A,B හෝ C ලෙස වෙන්වන්නේ මේ ආකාරයෙන්.

A - හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත.

B - උණ/කැස්ස/උගුරේ වේදනාව/හිසරදය වැනි රෝග ලක්ෂණ ඇත. හුස්ම ගැනීමේ අපහසුතාවයක් නැත.

C - කිසිදු රෝග ලක්ෂණයක් නැත.

මීට අමතරව, PCR හෝ රැපිඩ් ඇන්ටිජන් (RAT) පරීක්ෂණයක් මගින් ඔබට COVID-19 ආසාදිත බවට තහවුරු වී නැතත්,

උණ, උගුරේ අපහසුව, කැස්ස, තද හිසරදය වැනි අනෙකුත් රෝග ලක්ෂණ සමග හුස්ම ගැනීමේ අපහසුවක් ඇත්නම් මෙම SMS පිවිසුම හරහා ලියාපදිංචි විය හැක. මෙහිදී හුස්ම ගැනීමේ අපහසුවක් ඇති නිසා අදාල වන රෝග කේතය A වේ.

උදාහරණයක් ලෙස,

B56651231234v141,Nawala Road,Nugegoda

B 56 651231234V 141,Nawala Road,Nugegoda

ලෙස සටහන් කොට 1904 අංකයට කෙටි පණිවිඩයක් (SMS) යැවිය යුතුයි.

මෙම උදාහරණයේ සඳහන් රෝගියාට හුස්මගැනීමේ අපහසුවක් නැතත් අනෙකුත් රෝග ලක්ෂණ පවතින නිසා B කාණ්ඩය යටතේ ලියාපදිංචි වී තිබෙනවා. ඔහු, හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත්නම්, ලියාපදිංචිය යුත්තේ A කාණ්ඩයට යටතේ වන අතර , කිසිම රෝග ලක්ෂණයක් නැති නම් C කාණ්ඩයට ඇතුලත් විය යුතුයි.

ඔබ මේ SMS පිවිසුම හරහා නිවැරදි ව ලියා පදිංචි වූ විට වෛද්‍යවරයෙකු විසින් දුරකථනය හරහා ඔබව සම්බන්ධ කරගන්නවා ඇති.

මෙහිදී ඔබ A කාණ්ඩයට අයත් වන රෝගියකු බවට තහවුරු වුවහොත් වහාම රෝහලක් වෙත ඔබව යොමු කිරීමට කටයුතු සම්පාදනය කර දෙනු ඇති.

ඔබ B හෝ C කාණ්ඩවලට අයත් බවට තහවුරු වුවහොත්

⦾ රෝග ලක්ෂණ,
⦾ වයස,
⦾ විවිධ නිදන්ගත රෝග තත්ව,
⦾ රෝග තත්ත්වය උත්සන්න වුවහොත් අදාල උපකාර ලබා ගැනීමේ හැකියාව,
⦾ නිවසේ දී අන් අයගෙන් වෙන්න සිටීමට ඇති පහසුකම්,
⦾ ගැබිනි මවක් නම් ඒ පිළිබඳව තොරතුරු,

යනාදිය විමසා බලමින් නිවසේ සිටිමින් ම ප්‍රතිකාර ප්‍රතිකාර ලැබීමට ඇති හැකියාව සලකා බැලෙනු ඇති.

ඒ අනුව තෝරාගත් ආසාදිතයින්, නිවෙස් ගත ප්‍රතිකාර පද්ධතියට ලියා පදිංචි කරනු ලැබෙන අතර, නිවසේ රැඳී සිට ප්‍රතිකාර ලැබීම නොහැකි යැයි තීරණය කළහොත් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කෙරෙනු ඇති.

නිවෙස්ගත ප්‍රතිකාර පද්ධතියේ ලියාපදිංචි වූ රෝගියෙකු , වෛද්‍ය කණ්ඩායමක් විසින් දිනකට වරක් වත් ( අවශ්‍යතාවය අනුව ඊටත් වැඩි වාර ගණනක්) දුරකථනය හරහා සම්බන්ධ කරගනු ලැබෙන අතර ,මෙහිදී යම් අවස්ථාවක ඔබගේ රෝග ලක්ෂණ තීව්‍ර වන බවට හැඟුන හොත් අදාළ වෛද්‍ය විශේෂඥයන් සමඟ සාකච්ඡා කොට ඔබව වහාම රෝහලකට ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු සකසා දෙනු ඇත.

මෙය, ඕනෑම දුරකථන ජාලයකින් ඇමතිය හැකි, 247 කොවිඩ් උපකාර සේවය සහ 1990 ගිලන් රථ සේවාව සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මකවන වැඩපිළිවෙළකි.

18/07/2021
05/07/2021

දුමි වැටි මාරයා

Don't follow the media people's guidelines
14/06/2021

Don't follow the media people's guidelines

Mask එකක් වෙනුවට Face shield එකක් පැළඳීම ප්‍රමාණවත්ද?

කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ!

අපි මුව ආවරණයක් පැලඳීමෙන් බලාපොරොත්තු වෙන්නේ කොවිඩ් රෝගය ආසාදිත කෙනෙකුගෙන් තවත් කෙනෙකුට අවකාශය හරහා වෛරසය ගමන් කිරීම හැකිතාක් අවම කිරීමයි. යම් මුව ආවරණයක් (Mask) මගින් පෙරහන් කිරීම කෙතරම් සාර්ථක ද යන කාරණය මත මෙන්ම, එය කෙතරම් හොඳින් මුහුණට සවි වේ ද යන කාරණය මත මෙය රඳා පවතිනවා.

එනමුත් Face shield එකක් මගින් ලැබෙන ආරක්ෂාව වන්නේ තමාට ආසන්නයේ සිටින කෙනෙකුගේ මුවින් විසිවන විෂබීජ සහිත කෙල බිදිති කෙලින්ම මුහුණ මතට පතිත වීම වැළැක්වීමයි.

තමාට පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමට අපහසූ අවස්ථාවක බිඳිති කෙලින්ම තමාගේ මුහුණ මත පතිත වීම වැළැක්වීම සඳහා මුව ආවරණයකට අමතරව face shield එකක් පැළඳීම අවශ්‍ය නම් කල හැකියි. මීට අමතරව, පැළඳ සිටින මුව ආවරණය මතට බිඳිති පතිත වීම මගින් එය අපිරිසිදු වීම වැළැක්වීම සඳහාත් face shield එකක් භාවිතා කිරීම අනුමත කළ හැකියි. මෙය විශේෂයෙන්ම කැස්ස වැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් සමඟ නිතර ගැවසෙන රෝහල් කාර්ය මණ්ඩලයට මුව ආවරණය ආරක්ෂා කර ගැනීම සඳහා උදව් වනවා.

එහෙත් කිසිම විටෙක Face shield එකක් මුව ආවරණයක් වෙනුවට ආදේශකයක් ලෙස භාවිතා කිරීම යෝග්‍ය වන්නේ නෑ. මුව ආවරණයක් නොමැතිව Face shield එක පමණක් පැළදීම මගින් අපේක්ෂිත ආරක්ෂාව කිසිලෙසකත් ලැබෙන්නේ නැහැ.

මේ ගැන සාකච්ඡා කිරීමේදී අවධාරණය කල යුතු තව කරුණක් තියෙනවා. මුව ආවරණයක් පැළඳීම කියන්නේ අප මේ වසංගතයෙන් ආරක්ෂා වීමට යොදා ගන්නා එක් උපක්‍රමයක් පමණයි. මුව ආවරණයක් පැළැඳි පමණින් වුවත් සියට සියයක ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ.

මේ වසංගතය පැතිරීම අවම කර ගැනීමට නම්, මෙවැනි ආරක්ෂණ උපක්‍රම යොදා ගැනීම වගේම, සෙනග ගැවසෙන ස්ථාන හැකිතාක් මගහැරීම හා දෑත් නිතර පිරිසුදුව තබා ගැනීම වැනි දේ එක ලෙසම වැදගත් වනවා.

21/05/2021

ගංජ බිව්වාම පිස්සු හැදෙනවා..

14/05/2021

💚💚

Address

Piliyandala

Opening Hours

Monday 08:30 - 12:00
16:30 - 20:30
Tuesday 08:30 - 12:00
16:30 - 20:30
Wednesday 08:30 - 12:00
16:30 - 20:30
Thursday 08:30 - 12:00
16:30 - 20:30
Friday 08:30 - 12:00
16:30 - 20:30
Saturday 08:30 - 12:00
16:30 - 20:30
Sunday 08:30 - 12:00

Telephone

+94112617979

Website

Alerts

Be the first to know and let us send you an email when Medicare - Piliyandala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category