Denagama Weda Gedara

Denagama Weda Gedara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Denagama Weda Gedara, Medical Research Center, Denagama Weda Gedara, Horana Colombo Road, Kahathuduwa East, Polgasowita.

⚡හන්දි වල ඇති වන වේදනා නිසා ඔබ පීඩාවෙන් ද?⭕ මෙන්න ඔබට ප්‍රථිඵල තහවුරු කරන ලද ආයුර්වේදීය විසඳුම! දෙනගම වෙද පරපුරේ ආයුර්වේ...
08/11/2024

⚡හන්දි වල ඇති වන වේදනා නිසා ඔබ පීඩාවෙන් ද?
⭕ මෙන්න ඔබට ප්‍රථිඵල තහවුරු කරන ලද ආයුර්වේදීය විසඳුම!

දෙනගම වෙද පරපුරේ ආයුර්වේදීය වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය වන සන්ධිජීව ඖෂධීය තෛලය දුර්ලභ ගනයේ ඖෂධ රැසක එකතුවෙන් නිපදවයි.
මෙම සන්ධිජීව ඖෂධීය තෛලය සියලු වේදනා සහ අපහසුතා සමනය කරමින් ඉතාම කෙටි කාලයකදී ප්‍රතිඵල ලබා දෙයි.

මෙම නිෂ්පාදනය මිලදී ගන්නා ඔබට වෛද්‍යතුමිය හා සම්බන්ධ වීමට දිනයක් හා වේලාවක් නොමිලයේ වෙන් කරවා ගත හැකිය...

⚡කාටිලේජ ගෙවීයාම
⚡දණහිස් වේදනාව
⚡දණහිස් ඉදිමීම
⚡වැලමිටේ වේදනාව
⚡කොන්දේ වේදනාව
⚡මස්පිඩු වේදනා
⚡කෙන්ඩ පෙරලීම
⚡සන්ධි වල ශබ්ද ඇතිවීම,

ඇතුළු සියලුම සන්ධි රෝග සඳහා නිට්ටාවට සුවය..!

ස්වාභාවික ආයුර්වේද නිෂ්පාදනයකි..

මෙම නිෂ්පාදනය ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට ඔබේ ,
⭕නම
⭕ලිපිනය
⭕දුරකතන අංක දෙකක්
📞 070 551 1782 ට whatsapp හෝ inbox කරන්න.
💵 මිල 1850/=
🚚 ප්‍රවාහනය නොමිලේ
🤝 ඇණවුම ලැබුණු පසු මුදල් ලබා දෙන්න

වැඩි විස්තර සදහා
📞 070 551 1782 ඔස්සේ අපව සම්බන්ධ කර ගන්න
#වේදනා

මහත අඩු කරන ආයුර්වේද රහස් වට්ටෝරු-------------------------------------------------------------------------------අධික තරබ...
06/11/2024

මහත අඩු කරන ආයුර්වේද රහස් වට්ටෝරු
-------------------------------------------------------------------------------

අධික තරබාරු බව අප රටේ කාන්තාවන් අතර සුලබ, සෞඛ්‍ය ගැටලුවකි. මේ නිසා ශරීරයේ සුන්දරත්වයට හානියක් වෙනවා වගේම එදිනෙදා වැඩකටයුතුවලටත් බාධාවක් වෙනවා. ඒ වගේම බරපතළ රෝග ගණනාවක්ම ඇති කරන අවදානම් සාධකයක් වශයෙනුත් තරබාරු බව සැලකෙනවා. අවශ්‍ය පමණට වඩා තරබාරු බව ආයුර්වේදයේ හඳුන්වන්නේ “ස්ථොල්‍යය” වශයෙන්ය. එහි තේරුම අධික ස්ථුලතාවයයි. එමෙන්ම මෙම තත්ත්වය “මේදෝ රෝග” වශයෙන්ද හැඳින් වෙනවා. අධිකව තෙල් සහිත මෙන්ම පැණි රස (මධුර) ආහාර වර්ග පරිභෝජනය නිසාත්, ව්‍යායාමවලින් තොර දිවි පෙවෙතක් ගත කිරීම නිසාත් එමෙන්ම “ආරය” නිසාත් ස්ථුලතාව ඇතිවන බව ආයුර්වේදයේ සඳහන් වෙනවා.

ශරීරයේ විවිධ කොටස්වල එල්ලා වැටෙන ස්වභාවයක් ඇති වීමත්, එම නිසාම ඇතිවන එදිනෙදා කටයුතු කිරීමේ කාර්යක්‍ෂමතාව අඩුවීමත් මේ නිසා ඇති වෙනවා. මීට අමතරව අධික වෙහෙස, වැඩ කිරීමේදී හානිය, මහන්සිය ඇති වීම සහ අවසානයේදී විවිධ ලෙඩ රෝගවලට භාජනය වී ආයුෂ පවා අඩුවන බව සඳහන් වෙනවා.
අධික තරබාරු බව ඇති වෙන්නේ ශරීරයේ විවිධ ස්ථානවල අධිකව මේද තැන්පත් වීමෙන්.

අප ගන්නා ආහාරයේ අඩංගු කාබෝහයිඩේ්‍රට්, ප්‍රෝටීන හා මේද අධිකව ඇත්නම් ඒවා මේද බවට පත්වී මෙසේ තැන්පත් වෙනවා. වෙනත් විදියකින් ප්‍රකාශ කරන්නේ නම් දෛනික අවශ්‍යතාවට වඩා වැඩිපුර කැලරි ප්‍රමාණයක් ශරීරයට ලැබීම මඟින් කෙනකු අධිකව තරබාරු වීමට පුළුවන්. මෙම මේද ශරීරයේ විවිධ ස්ථානවල විශේෂයෙන්ම උදර බිත්තියේ, පියයුරුවල, ඉඟ ප්‍රදේශයේ, කලවාවල ආදී ප්‍රදේශවල තැන්පත් වීමෙන් එම ස්ථාන අනවශ්‍ය පරිදි විශාල වෙනවා.
තවත් එක් වැදගත් හේතුවක් වන්නේ මෙසේ ආහාරයෙන් ලැබෙන අතිරික්ත කැලරි වැය නොවීමයි. එවිට ඒවා මේද වශයෙන් තැන්පත් වේ. ඒ අනුව අක්‍රිය දිවි පෙවෙතක් ගත කරන අය මෙසේ ස්ථුල බවට පත් වේ.

ඒ අනුව ශරීරය වෙහෙසා වැඩ නොකිරීම, ව්‍යායාම නොකිරීම, වැඩිපුර නිදා ගැනීම වැනි කරුණු ස්ථුලතාවට හේතු වෙනවා.
මේද පරිවෘත්තියට බාධා පැමිණීම මඟින්ද මේදය ශරීරයේ තැන්පත් වෙනවා. විශේෂයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවන අවස්ථාවලදීත්, Adrenalin නම් (ඇඩ්රිනල්) නම් හෝමෝනය නිෂ්පාදනය අඩුවන අවස්ථාවලදීද ශරීරය තරබාරු වෙනවා.
වයසට යෑමේදීත් ශරීරය තුළදී මේදය ප්‍රයෝජනයට ගැනීම අඩුවීමෙන් ශරීරය තරබාරු වෙනවා.
මේ ආකාරයට ආහාරමය කරුණු, ව්‍යායාම නොකිරීම වැනි ජීවන රටාව හා බැඳුණු කරුණු මෙන්ම විවිධ ලෙඩ රෝගද තරබාරු බවට හේතු වෙනවා.
තරබාරුවට හඳුනාගන්නේ කොහොමද?
තරබාරු බව වසංගතයක් මෙන් පැතිරී යන රෝග තත්ත්වයක් ලෙස දැක්වේ. බෝ නොවන රෝග කාණ්ඩයේ සාමාජික රෝගයක්. ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය වර්ධනය වීමට විවිධ හේතු බලපානවා. විශේෂයෙන්ම කාන්තාවන් අතර මෙම රෝග තත්ත්වය ඉත සුලබයි. නාගරීකරණයට ලක්වීම, අධ්‍යාපන මට්ටම ඉහළ යෑම, ආදායම් මට්ටම ඉහළ යෑම මෙන්ම “මැදි වයස” තරබාරු බව ඇති වීමට හේතු කාරණා වෙනවා.

ජීවිතයට තර්ජනයක්
තරබාරු බව නිසා එදිනෙදා කටයුතු කාර්යක්‍ෂමව කර ගැනීමට නොහැකි වෙනවා. වැඩ කිරීමේදී ඉක්මනින් වෙහෙසට පත් වෙනවා. ශරීරයේ විවිධ අවයව එල්ලා වැටීමෙන් ශරීරය අවලස්සන වෙනවා. ශරීරයේ බර අධික වීමෙන් සන්ධි රෝග ඇති වීමටත් හේතු වෙනවා.
ඒ විතරක් නෙවෙයි වෙනත් දීර්ඝකාලීන බරපතළ රෝග ගණනාවක් ඇති වීමට හේතුවක් වශයෙනුත් තරබාරු බව හේතු වෙනවා. ඒ අතුරින් අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග ආදිය ප්‍රධාන තැනක් ගන්නවා.

තරබාරුකමෙන් මිදීම
ආහාර – ප්‍රධාන වශයෙන්ම අධි පෝෂණයෙන් වළකින්න අවශ්‍යයි. දෛනික අවශ්‍යතාවට වඩා වැඩිපුර කැලරි ශරීරයට ලැබෙන ආහාරවලින් අෑත් වෙන්න. විශේෂයෙන්ම අධික තෙල් සහිත ආහාර, පැණි රස බහුල ආහාරවලින් වළකින්න. විවිධ රසකාරක අඩංගු කෙටි කෑම වර්ග ආහාරයට ගැනීමෙන් වළකින්න. කුසගින්න නොදැනේ නම් ආහාර ගැනීමෙන් වළකින්න. ආහාර ගන්නා අතර වාරයේ වෙනස් විවිධ කටයුතුවලින් වළකින්න. උදාහරණ වශයෙන් රූපවාහිනිය නරඹමින් ආහාර ගැනීම වැනි කටයුතුවලින් වළකින්න.

ව්‍යායාම
ශරීරයේ ඇති අතිරික්ත කැලරි දහනය කරවීම සඳහා දිනපතා ක්‍රමානුකූල ව්‍යායාමවල යෙදෙන්න. ඇවිදීම, ක්‍රීඩාවක නිතර වීම පිහිනීම වැනි කටයුතු සඳහා කාලය වෙන් කර ගැනීම ඉතා අවශ්‍යය. මේ මඟින් අතිරික්ත කැලරි දහනයට මඟ පෑදෙයි.

ප්‍රතිකාර
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ අතිස්ථුලතාවට සැලැසුම් සහගත ප්‍රතිකාර ක්‍රමයක් දක්වා ඇත. ඒ තුළ ආහාර පාලනය, ව්‍යායාම මෙන්ම ඔෟෂධද සඳහන් කර ඇත. එනම් ශරීරයේ සැහැල්ලු කරන විවිධ ක්‍රමවේද දක්වා ඇත.
තවත් සමහර අවස්ථාවලදී ක්‍රමානුකූලව ආහාර නොගෙන සිටීමත් ආයුර්වේදය දක්වයි. පුද්ගලයාගේ ශරීර තත්ත්වයට අනුව ආහාර වේල් එකක්, දෙකක් හෝ කිහිපයක් නොගෙන සිටීමද තරබාරු බව අඩු කිරීමට සුදුසු ක්‍රමයකි.
මීට අමතරව ආයුර්වේදයේ “ලේඛනීය” ද්‍රව්‍ය ලෙස සැලකෙන ඔෟෂධවලින් ශරීරයේ අතිරික්ත මේදය දහනය කිරීමට ඉඩ සලසයි.
මෙසේ ආහාර පාලනය හා ව්‍යායාම යන මූලික කරුණු අනුගමනය කරන අතර තුර සරල පහසු ඔෟෂධ මඟින් ශරීර බර අඩුකර ගැනීමට අවස්ථාව උදාකර ගත හැකිය. ඒවා බොහොමයක් නිවෙසේදීම පිළියෙල කරගත හැකිය.

සරල ඔෟෂධ
• උදෑසන අවදි වූ විගස පළමුව තරමක් රස්සනය ඇති වතුර වීදුරුවක් පානය කිරීම මඟින් ආහාර ජීර්ණය හොඳින් සිදුවන අතර මල බද්ධයද වළක්වයි. මෙය මාසයක් පමණ අඛණ්ඩව සිදු කිරීමෙන් ශරීර බර අඩුවේ. මෙහිදී පානය කිරීමට තරම් හොඳ රස්නයේ වතුර තිබිය යුතුය. නිවුණු වතුර සුදුසු නොවේ.
ම¼ද රස්නය ඇති (උණු වතුර නොවිය යුතුය)
• වතුර වීදුරුවකට මී පැණි තේ හැඳි 1ක් මිශ්‍රකර උදේ හිස් බඩ පානය කරන්න. මෙය මාස කීපයක් අඛණ්ඩව කිරීමෙන් ශරීරයේ බර අඩුවේ.
• උදේ ආහාර වශයෙන් දිනපතා කැඳ වතුර පමණක් ආහාරයට ගන්න. විශේෂයෙන් වියළි ඉඟුරු කැබැල්ලක් දමා කැඳ පිළියෙල කරගන්න. මාසයක් පමණ කාලයක් මෙසේ කිරීමෙන් බර අඩුවේ.

• රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ගන්න. නින්දට යෑමට පෙර මඳ රස්නය ඇති වතුර වීදුරුවකට දෙහි ඇඹුල් තේ හැඳි 1/2ක් හා මී පැණි තේ හැඳි 1ක් මිශ්‍රකර පානය කරන්න. මෙය දිනපතා කිරීමෙන් ශරීර බර අඩුවෙයි.
• දිනපතා ආහාරයෙන් පසු සුදු ලූනු හා ගොරකා තම්බාගත් වතුර අඩු කෝප්ප 1ක් පානය කරන්න. මේ මඟින් ආහාර දිරවීම වර්ධනය කරයි. මේද අවශෝෂණය අඩු කරයි. ශරීර බර අඩු කරයි.

• ගෝවාවල Tartroic acid තිබේ. ඒ මඟින් සීනි හා කාබෝහයිඩේ්‍රට් වර්ග මේදය බවට පත් කිරීම වළක්වයි. මේ නිසා ගෝවා මඟින් ශරීර බරද අඩු කරයි. දිනපතා ගෝවා ග්‍රෑම් 50ක් පමණ දෙහි යුෂ සමඟ සලාදයක් වශයෙන් ආහාරයට ගැනීම සුදුසුය.
• කරපිංචා කොළ කොටා සාදාගත් ඉස්ම කෝප්ප 1/2ක් දෙහි ගෙඩි 1/2ක ඉස්ම සමඟ මිශ්‍රකර උදේට පානය කරන්න. මෙයට ගම්මිරිස් ස්වල්පයක්ද එකතු කළ හැකිය.
මේ අනුව ශරීර බර අඩු කිරීම සඳහා ආහාර පාලනය සහ ක්‍රියාශීලී දිවිපෙවතකින් මනා පිටුවහලක් ලැබෙනවා මෙන්ම ගෙදරදී පිළියෙල කරගත හැකි සරල ආහාර හා අත් බෙහෙත්ද ඇති බව ඔබ දැන් දන්නවා.

දුර බැහැර සිටින ඔබගේ පහසුව උදෙසා නිවසේ සිටම වෛද්‍යතුමිය හමුවී ඖෂධ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම ද සහිතව අප තවත් පියවරක් ඉද...
14/09/2024

දුර බැහැර සිටින ඔබගේ පහසුව උදෙසා නිවසේ සිටම වෛද්‍යතුමිය හමුවී ඖෂධ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම ද සහිතව අප තවත් පියවරක් ඉදිරියට තබන්නෙමු..
ආරෝග්‍යා පරමා ලාභා!

ඇස් පේනවා අඩුද? ඇසේ සුද ඇවිත්ද? සම්පූර්ණ ලිපිය කියවන්න.....අපගේ දෑස්හි පෙනීම දුර්වල කරන සහ එහි පෙනීම හොඳින් සිදුවීමට බාධ...
26/10/2023

ඇස් පේනවා අඩුද? ඇසේ සුද ඇවිත්ද?
සම්පූර්ණ ලිපිය කියවන්න.....
අපගේ දෑස්හි පෙනීම දුර්වල කරන සහ එහි පෙනීම හොඳින් සිදුවීමට බාධා ඇති කරන හේතු අතර ඇසේ සුද ඇතිවීම (Cataract) ප්‍රධාන තැනක් ගනී.

අක්‍ෂි කාචයෙහි හටගන්නා බොඳවීමකට මෙලෙස ඇසේ සුද ඇතිවීම ලෙස පවසයි.

● ඇසේ සුද ඇතිවීමට බලපාන හේතු

අපගේ ඇස්වලින් පෙනීම ඇතිවන්නේ ආලෝක කිරණ අක්‍ෂිකාචය හරහා ගමන් කර එය දෘෂ්ඨි විතානය මත නිසිලෙස පතිත වීමෙනි. ඊට බාධා ඇතිවන විට ඇසේ පෙනීම දුර්වල වේ.

අක්‍ෂිකාචය සෑදී ඇත්තේ ප්‍රෝටීන ස්ථරයකිනි. හිරු එළියට ඇස දිගු කාලයක් නිරාවරණය වීම නිසා මෙම ප්‍රෝටීන ස්ථරයෙහි වෙනස්කම් හටගනී. එවිට එහි බොඳවීමක් ඇතිවේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපාන්නේ හිරු එළියෙහි ඇති පාරජම්බුල කිරණය. (Ultraviolet Light)

මෙලෙස අක්‍ෂි කාචය බොඳවීමකට ලක්වූ විට එහි සුදු පැහැයක් හට ගනී. ඇසේ සුද මතුවී ඇතැයි කියා පවසන්නේ මෙවැනි අවස්ථාවකදීය.

බොහෝ විට මෙම තත්ත්වය ඇතිවන්නේ මැදිවියට පත්වන විටදීය. වර්තමානයේ බොහෝදෙනාට ඇසේ සුදු වීමට බලපාන ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙම පාරජම්බුල කිරණ බලපෑමය.

ඊට අමතරව ඇසට තදින් පහරක් වැදීම නිසා, උපත් පාලනය සඳහා ගනු ලබන ඖෂධ, ආතරයිටීස් රෝගය පාලනය, සමේ රෝග පාලනය, මානසික රෝග පාලනය ආදිය සඳහා භාවිතා කරන ඖෂධ දිගු කාලයක් ගැනීම නිසාද එහි අතුරු ආබාධයක් ලෙස ඇසේ සුද මතුවීම සිදුවේ.

ඇතැම් දරුවන්ට උපතින්ම ඇසේ සුද මතුව තිබේ. ඒ සඳහා බලපා ඇත්තේ මව ගැබිනි සමයේදී රුබෙල්ලා රෝගයට ගොදුරුවීමය. එනිසා ඇසේ සුද මතුවීම යනු ඇසට විෂබීජයක් යාම නිසා හටගන්නා ආසාදන තත්ත්වයක් නොවන බව වටහාගත යුතුය.

ඇසේ සුද මතුව ඇති ආකාරය අනුව පෙනීමේ දුර්වලතා හටගනී. මෙහිදී මතුවන අපහසුතාවයක් වන්නේ දීප්තිමත් ආලෝක කිරණ හමුවේ ඇසේ පෙනීම ඇති නොවීමය. එනිසා ඇසේ සුද මතුව ඇති බොහෝදෙනා පවසන්නේ මද ආලෝකයක් සහිත පරිසරයකදී හොඳින් පෙනී පවතින බවත් වැඩි ආලෝකයක් සහිත පරිසරයකදී ඇසේ පෙනීම බොඳවී යන බවකි.

එසේම ඇසේ සුද දිගු කාලයක් පැවතීම නිසා අක්‍ෂි කාචය ඉදිමුමට ලක්වේ. එසේම අක්‍ෂි කාචයේ පලුදුවීම් සිදුවීම් එහි ඇති ප්‍රෝටීන් ඇස තුළට ශ්‍රාවය විය හැකිය. මෙවැනි තත්ත්වයන් නිසා ඇසේ ග්ලෝකෝමා (ඇසේ පීඩනය) ඇතිවීම හෝ ඇස තුළ ආසාදන හටගැනීම සිදුවිය හැකිය.

● ඇසේ සුද සඳහා ප්‍රතිකාර

ඇසේ සුද මතුවූ විට ඒ සඳහා ප්‍රතිකාර ලෙස සැත්කමක් මගින් එය ඉවත් කර අක්‍ෂි කාචයක් අලුතින් බද්ධ කිරීමක් සිදුකරනු ලබයි.

එය සිදුකරනු ලබන්නේ එම පුද්ගලයාට පවතින පෙනීමේ දුර්වලතාවය අනුවය. ඇතැම් පුද්ගලයන්ට ඇසේ සුද මතුව තිබෙන ප්‍රමාණය අනුව තමාගේ එදිනෙදා වැඩකටයුතු සිදුකර ගැනීමට බාධාවක් නැත්නම් සුද ඉවත් කිරීම අවශ්‍ය නොවේ. නමුත් තමාගේ එදිනෙදා වැඩකටයුතු සිදුකර ගැනීමට බාධා ඇතිවන පරිදි පෙනීම දුර්වලව පවතී නම් සුද ඉවත් කර ගැනීමේ සැත්කමකට යොමුවිය යුතුය.

වර්තමානයේ සුද ඉවත් කිරීමේ සැත්කමේදී ඇසට අලුතින් කාචයක් බද්ධ කිරීම සිදුකරනු ලබයි. මීට පෙර බොහෝ විට සිදුකරනු ලැබුවේ සැත්කමින් පසු විශාල කාච සහිත ඇස් කණ්ණාඩි ලබාදීමය. නමුත් මෙවැනි කාච සහිත කණ්ණාඩි පැළඳීම නිසා සෑම දෙයක්ම විශාලව පෙනීමෙන් හටගන්නා අපහසුතා නිසා ඇසට කාච බද්ධ කිරීම සිදුකරනු ලබයි.

● ඇසට කාච බද්ද කිරීම

ඇසේ සුද ඉවත් කළ පසු බද්ධ කරන අක්‍ෂිකාච පුද්ගලයාගේ ජීවන රටාවට ගැලපෙන පරිදි සකස් කර ඇත. එසේම ඇතැම් කාච බද්ධ කළ විට ඇසට මැහුම් දැමීම කළ යුතුය. මැහුම් දැමීමකින් තොරව බද්ධ කරන කාච වර්ගද ඇත. එනිසා එම කාච වර්ගය අනුව එම කාචවල මිල ගණන් වෙනස් වේ.

● ඇසේ සුද ඇතිවීම පාලනය

උපතින්ම ඇතිවන ඇසේ සුද සඳහා බලපාන රුබෙල්ලා රෝගය වළක්වා ගැනීමට ගැබිනි සමයේදී මව්වරුන් රුබෙල්ලා එන්නත ලබාගැනීම කළ යුතුය. හිරු එළියට නිරාවරණය වීම වැඩි කාලයක් සිදුවන අවස්ථවාන්හිදී අව් කණ්ණාඩි පැළඳීම කුඩයක් භාවිතය, හිස් වැසුමක් භාවිතය මගින් ඇසට හිරු එළිය සෘජුව ලැබෙන ප්‍රමාණය පාලනය කළ හැකිය.

අධික ආලෝකයක් සහිත ස්ථානවල වැඩකරන විට හෝ වෙල්ඩින් කර්මාන්තය වැනි වෘත්තීන් වල නිරතවන විට ඒ සඳහා ආරක්‍ෂිත කණ්ණාඩි පැළඳීම අත්‍යවශ්‍යය.

වියළි සම නිසා ඔබත් පීඩා විඳින අයෙක්ද? වියළි සමක් තිබීම තමයි අද කාලේ තරුණ තරුණියන්ට තිබෙන ප්‍රධානම රූපලාවණ්‍ය ගැටලුව.. බො...
30/07/2023

වියළි සම නිසා ඔබත් පීඩා විඳින අයෙක්ද?

වියළි සමක් තිබීම තමයි අද කාලේ තරුණ තරුණියන්ට තිබෙන ප්‍රධානම රූපලාවණ්‍ය ගැටලුව.. බොහෝ විට මෙය මානසික පීඩාවක්. ඇත්තටම වියළි සමක් තිබීමට නොයෙක් හේතු බලපාන්න පුළුවන්. වියලි හෝ ශීත කාලගුණය, නිතර ස්නානය, වායුසමීකරණය කරන ලද් පරිසරයෙහි නිතර සිටීම වැනි හේතු නිසා සමේ තෙතමනය අඩු වී වියළී යාම සිදු වෙනවා.

මෙම තත්වය මග හරවා ගැනීමට කාන්තා අප නිතරම විවිධ ආලේපන වර්ග භාවිතා කරනවා. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නත් පෙළඹෙනවා. හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

රූපලාවණ්‍ය ආලේපන මිලට ගැනීමට වඩා ස්වභාවික ප්‍රතිකාර කළ යුත්තේ ඇයි..

රූපලාවණ්‍යය ආලේපන නිෂ්පාදනයේ දී විවිධ වූ රසායන ද්‍රව්‍ය භාවිතා කරනවා.. ඒවා මඟින් යම් යම් අහිතකර බලපෑම් සමට එල්ල වෙන්න පුළුවන්.. ඇතැම් ආලේපන ඔබගේ සමට ආසාත්මිකත්මික වන්න පුළුවන්.. එම නිසා සෑමවිටම ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතය වැදගත් බවයි ප්‍රවීණයන්ගේ මතය.

වියලි ඉරිතැලුන සමට ස්වභාවික පිළියම් උපකාරී වන්නේ කෙසේද..

සාමාන්‍යයෙන් අපගේ සම ස්වභාවිකවම සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය තෙල් නිපදවා ගනු ලබනවා. නමුත් අපි භාවිතා කරනු ලබන ක්‍රීම් වර්ග, සේදුම්කාරක සහ වියළී සහ ශීත කාලගුණය ආදී හේතූන් නිසා ස්වභාවිකව සම මත නිපදවන තෙල් ඉවත් වීම සිදුවෙනවා.. එවිට අපගේ සම වියලීමට ලක් වෙනවා.. සමට අවශ්‍ය තෙතමනය ලබාදීමට හොඳම තෙල් වර්ග ලෙසට එඬරු තෙල් (castor oil), ලැවැන්ඩර් තෙල් (lavender oil) සහ අලිගැටපේර තෙල් (avocado oil) හඳුන්වා දෙන්න පුළුවන්.. ඒ වාගේම ස්වභාවික පොල් තෙල් (Coconut oil) ඔබගේ මුළුතැන්ගෙය ඇති ප්‍රධානම රූපලාවණ්‍ය අමුද්‍රව්‍යයක්.. කුරුලෑ ඇතිවීමේ අවදානම නැති අයට භාවිතා කිරීමට හැකි ස්වභාවික සත්කාරයක්. එමෙන්ම ඖෂධිය ගුණයෙන් හෙබි වටිනා ශාකයක් තමයි කෝමරිකා.. කෝමාරිකා ජෙල්වල අඩංගු mucopolysaccharides, මගින් සමේ තෙතමනය ආරක්ෂා කරනවා.

වියලි සමට ඔබට නිවසේදීම කරන්න පුළුවන් පිළියම් 10ක්..

1. පිරිසිදු ඔලිව් තෙල් මුහුණේ ආලේපය
ස්වාභාවික පිරිසිදුකාරකයක් සහ මොයිස්චරයිසරයක් ලෙස ක්‍රියා කරන ඔලිව් තෙල් ඉතා හොඳ ස්වාභාවික සත්කාරයක් ලබාදෙනවා.. එමගින් සම පිරිසිදු කරන අතර සමෙහි ඇති ස්වාභාවික තෙල් ගතිය ආරක්ෂා කරනවා.. සම මත ඔලිව් තෙල් ආලේප කර මද වේලාවක් තබා උණුසුම් රෙදිකඩකින් පිහිදා හරින්න.

2. අලිගැට පේර මාස්ක් එකක් දැමීම
අලිගැටපේර හොඳින් පොඩි කර ක්‍රීම් එකක් සේ සකසා මුහුණෙහි තට්ටුවක් ලෙස ආලේප කිරීම මගින් සමෙහි වියළි, ඉරිතැලුණු ගතිය මගහැර ගන්න ඔබට පුළුවන්. අලිගැට පේර ගෙඩියක බාගයක් පිරිසිදු කර හොඳින් සූරා එයට මී පැණි තේ හැන්දක් එක්කර මුහුණෙහි හොඳින් ආලේප කර විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න.. ඔබට පැහැදිලි වෙනසක් ඔබේ මුහුණ දැකගන්න පුළුවන්.

3. ඕට්ස් මිශ්‍ර ජලයෙන් ස්නානය කිරීම
උණුසුම් ජලයෙන් ස්නානය කරන විට වතුර භාජනයටට ඕට්ස් කෝප්පයක් එක්ක මද වේලාවක් පෙඟෙන්න තබා ස්නානය කරන්න.. ස්නානය කිරීමෙන් පසු සමෙහි වියළීම වැළැක්වීමට මෙය උපකාරී වනවා.

4. ඕට්ස්/ මී පැණි මිශ්‍ර ආවරණයක් මුහුණට දැමීම
ඕට්ස් තේ හැඳි 2 ක් මී පැණි තේ හැඳි 1 ක් සහ වතුර ස්වල්පයක් සමඟ මිශ්‍ර කර මදක් උණුසුම් කර මුහුනේ තට්ටුවක් ලෙස (මාස්ක්) ආලේප කර විනාඩි 15 ක් හෝ 20 ක් තබා උණුසුම් ජලයෙන් සෝදා හරින්න..

5.රාත්‍රී නින්දට පෙර පොල් තෙල් ආලේප කිරීම
සාමාන්‍යයෙන් ස්වභාවික පිරිසිදු පොල්තෙල් කාමර උෂ්ණත්වයේදී යම්තාක් දුරට ඝණ වනවා.. මෙය ක්‍රීම් එකක් ලෙස ඔබට මුහුණේ හෝ වියළි සමේ ආලේප කරන්න පුළුවන්. ඔබට මෙය රාත්‍රී නින්දට පෙර හෝ ඔබ කැමති ඕනෑම වෙලාවක සමෙහි ආලේප කිරීම්ටත් පුළුවන්.

6 .ඔබ ස්නානය කරන වතුරට තෙල් එක් කිරීම
ස්වභාවික තෙල් මගින් සමට අවශ්‍ය තෙතමනය එහෙම නැත්නම් මොයිස්චරයිසින් ගතිය ලබා දෙනවා. නිතර නිතර මුහුණ හා අත් සේදීමට භාවිතා කරන සේදුම්කාරක සබන් වැනි ද්‍රව්‍ය නිසා සම ඉතාමත් ඉක්මනින් වියළීමට ලක් වෙනවා.. මෙයට පිළියමක් ලෙස ඔබ ස්නානය කරනු ලබන වතුරට ජෝජෝබා (jojoba oil), ආගන් (argan oil) සහ අලිගැට පේර තෙල් (avocado oil) වර්ගයකින් මේස හැඳි කිහිපයක් කරගන්න පුළුවන්. මෙමඟින් සමේ මෘදු බව සහ තෙතමනය ආරක්ෂා වෙනවා.

7. සම සිසිල් කිරීමට කිරි භාවිතය
කිරිවල ස්වාභාවිකවම සම සිසිල් කිරීමේ ගුණ අඩංගු වෙනවා.. පිරිසිදු කිරිවලින් පොඟවනු ලැබූ රෙදි කැබැල්ලක් හෝ තුවායක් මගින් සම මත ආලේප කර විනාඩි 5ක් 10ක් තබා සෝදා දමන්න..

8. ඔලිව් තෙල් සහ සීනි මිශ්‍ර ස්ක්‍රබ් එකක්
සීනි කෝප්පයක් ඔලිව් තෙල් තේ හැඳි 2 ක් සමඟ මිශ්‍ර කර මුහුනේ හෝ සමේ අනිකුත් ප්‍රදේශ වල ආලේප කර මෘදු ලෙස අතුල්ලන්න. පසුව සෝදා හැර මෘදු මොයිස්චරයිසර් ක්‍රීම් ස්වල්පයක් ආලේප කරන්න.. ඔබට අවශ්‍ය නම් සීනි සහ ඔලිව් තෙල් මිශ්‍රණයට ලැවෙන්ඩර් තෙල් ස්වල්පයක්ද එක් කිරීමට පුලුවන්..

9. සම පිරිසිදු කිරීමට පළතුරු/එළවලු එන්සයිම භාවිතය
සම මත ඇති මියගිය සෛල ඉවත් කිරීමටත්, සමේ අවපැහැ ස්වාභාවය ඉවත් කිරීමටත් ඇති ස්වාභාවික සත්කාරයක් ලෙසට පලතුරු යුශ සම මත ආලේපය සැලකෙනවා.. සතියකට දෙවතාවක් පළතුරු එන්සයිම මගින් සම පිරිසිදු කිරීම හෝ මාස්ක් එකක් ලෙස දැමීම මගින් ඔබටත් සමේ කැපී පෙනෙන වෙනසක් අත්විදීමට පුලුවන්.. විශේෂයෙන් ගස්ලබු, අලිගැටපේර, අන්නාසි, වට්ටක්කා, කැරට් වැනි දෑ යොදාගැනීමට හැකිය..

10. වියළි ඉරිතැලුණ සමමත කෝමාමාරිකා ආලේප කිරීම
අව්ව මගින් සම මත ඇති කරන වියළි ලප, සහ අධික ලෙස ඉරිතැලුණු සමට ප්‍රතිකාරයලක් ලෙස කෝමාරිකා ආලේප කරන්න පුළුවන්.. කෝමාරිකා සමෙහි තෙතමනය ආරක්ෂා කරනවා. සමේ වියළි ස්වභාවය සහ රැලි වැටුණු ස්වභාවය ඉවත්කර තරුණ බවක් ගෙන දෙනවා.. අධික සංවේදීතාවයෙන් යුතු සමවල් සඳහා ඇතැම්විට විට කෝමාරිකා ආසාත්මික වන්න පුළුවන් නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න..

ඔබේ සම ආරක්ෂා කර වියළීම වළක්වා ගැනීමට ගත හැකි පියවර

1. දිනපතා ස්නානයෙන් සහ සේදීමෙන් පසු හොඳ මොයිස්චරයිසින් ක්‍රීම් වර්ගයක් මුහුනේ සහ ඇඟේ ආලේප කිරීමෙන් සම වියළීම මගහරවා ගන්න ඔබට පුලුවන්.. විශේෂයෙන් මුහුණ අත් පා සහ මුළු සිරුරම ආලේප කරන්න.

2. උණුසුම් ජලය ස්නානය කිරීමෙන් හැකි තරම් වැළකීම සහ ඔබගේ ස්නානය කරන වේලාව විනාඩි දහයකට සීමා කර ගැනීම.. සබන් භාවිතයෙන් ඔබේ සම ඉතාමත් ඉක්මනින් වියළීමට ලක් වන අතර සබන් වෙනුවට මෘදු පවිත්‍රකාරකයක් හෝ දියර බොඩි වොෂ් එකක් තෝරා ගන්න.

3. අධික ලෙස රූපලාවන්‍ය ආලේපන භාවිතා කිරීමෙන් වැළලකී සිටීම. රූපලාවණ්‍ය ආලේපන වල ඇල්කොහොල් සහ ඇපල් සයිඩර් විනාකිරි වැනි රසායනයන් අඩංගු වනවා. දිගින් දිගටම මෙවැනි ආලේපන වර්ග ආලේප කිරීමෙන් සමමත වියළි, පිළිස්සුම් ස්වභාවයක් ඇති වන්න පුළුවන්.

4. පිරිසිදු ජලය හැකිතරම් පානය කරන්න. ජලය මගින් ශරීරය වියළීම වළකා සම තෙතමනය ආරක්ෂා කරනු ලබනවා.

5. පවතින කාල කාලගුණයට සුදුසු ආකාරයට ඔබගේ ඇඳුම් පැළඳුම් තෝරාගැනීම මඟින් සම ආරක්ෂා කර ගන්න ඔබටත් පුළුවන්. උදාහරණයක් ලෙස අධික වියළි කාලගුණයක් පවතින අවස්ථාවන් වලදී කපු ඇඳුම් වැනි සැහැල්ලු ඇඳුම් තෝරා ගැනීම/ ඉර එළියට යාමේදී සම හොඳින් ආවරණය කරගෙන යාම වැනි ක්‍රම මගින් සම වියළීම වළක්වා ගන්න පුළුවන්.

Address

Denagama Weda Gedara, Horana Colombo Road, Kahathuduwa East
Polgasowita
10320

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94718908929

Website

Alerts

Be the first to know and let us send you an email when Denagama Weda Gedara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Denagama Weda Gedara:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram