Dr Prabahashi Weerasinghe

Dr Prabahashi Weerasinghe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr Prabahashi Weerasinghe, Doctor, No 33, Horana Road, Polgasowita.

BAMS(University of Colombo), MA | SLAMC Reg. 15204 | Doctor with academic excellence & clinical expertise in Ayurveda | Passionate about women’s health & Well being | Blending wisdom & modern healing.

Herbal bath ආයුර්වේද ප්‍රතිකාරයක් ද ? එයින් මොනවද ලැබෙන්නේ ? 🍃 Herbal bath කියන්නේ මොකක්ද ? එය ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය...
19/08/2025

Herbal bath ආයුර්වේද ප්‍රතිකාරයක් ද ? එයින් මොනවද ලැබෙන්නේ ?

🍃 Herbal bath කියන්නේ මොකක්ද ? එය ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයක් ද ? මේ ගැන කෙටි විස්තරයක් අද ලිපියෙන් දැන ගනිමු.

🍃 ආයුර්වේද ප්‍රතිකාර වල තිබෙනවා 'අවගාහ' කියලා ප්‍රතිකාර ක්‍රමයක්. අවගාහ එහෙමත් නැත්නම් අවගාහන කියන්නේ ශරීරය , එහෙමත් නැත්නම් අත්,පාද වගේ කොටස් බෙහෙත් ඖෂධ වතුරේ ගිල්වා තැබීම යි.

🍃 ආයුර්වේදයේ එන ස්වේද ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් එන මෙහි දී මඳ උණුසුම් බෙහෙත් කෂාය, තෙල් ආදිය භාවිතා කරනවා .

🔸 මෙයින් බලාපොත්තු වන්නේ ශරීරයේ විෂ කොටස් ඉවත් කිරීමක්. ඒ වගේම භාවිතා කරන ඖෂධ වල ගුණයත් හමට සහ සිරුරට ලැබෙනවා.

🔸 මේ ස්වේද ප්‍රතිකාර විධි මගින් ශරීරයේ ඇති විවිධ වේදනාවන්, මස්පිඩු තද විම්, ඉදිමීම් වැනි තත්ත්ව සමනය කරගන්න පුලුවන්.

ඒ වගේම විශේෂයෙන්ම,

🔸ශ්‍රෝණිය හා කොන්ද ආශ්‍රිතව ඇතිවන වේදනා සහ ආසදන තත්ත්ව වලට මෙය ඉතා ගුණදායක වනවා.

🔸 සම්පූරණ ශරීරයේම අවගාහ කිරීම, රැධිර සංසරණය හා ආහාර ජිර්ණය වර්ධනය කර ගැනිමට උපකාරී වෙනවා.

🔸 ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත රෝග, Urinary tract infections ආදී මුත්‍රා පද්ධතිය ආශ්‍රිත රෝග, පශ්චාත් ප්‍රසව අවස්ථාවේදී සිදු කරණු ලබන සාත්තුවක් වශයෙන් ද මෙය යොදාගන්න පුලුවන් .
උදාහරණ වශෙයෙන් යෝනි මාර්ගයේ ඇතිවන vaginal infections නිසා කැසීම් තත්ව, දාහ තත්ව වලට, ඉකිලි, පාද මේවායේ ඇතිවන බිබිලි වැනි තත්ත්ව වලට මෙය ඉතාම ගුණදායක යි. ඒ සඳහා scotting position හිඳ sit bath එකක් විදියට මෙය සිදු කරන්න පුලුවන්.
ඒ වගේම අර්ශස්, භගන්දර වැනි තත්ත්ව සදහාද ගුණදායක වනවා.

🔸 සන්ධි ආශ්‍රිතව ඇති තද වීම වැනි තත්ත්ව ශමනය ශරීරය මෘදු බවට පත් කිරීම සඳහා ද ගුණදායක වනවා.

🔸 ඒ වගේම සමේ වර්ණය , පිරිසිදු බව ,කාන්තිමත් බව ලබාදීම ද herbal bath එකක ප්‍රයෝජනයක්.

🍃 මේ අනුව, Herbal bath එකකින් relaxation එකට අමතරව රෝග සුව කිරීම සහ නීරෝගීභාවය වැඩි කරවා ගැනීමට හොඳ පිටිවහලක් ලැබෙන බව කියන්න පුලුවන්.

සටහන:
වෛද්‍ය.පියුමි තිලක්ෂණා ( B.A.M.S University of Colombo )
වෛද්‍ය. ප්‍රභාෂි වීරසිංහ (B.A.M.S. University of Colombo, M.A. )
0777005612

🍃 🍃🍃  Steam therapy සහ ආයුර්වේදය ?  කාන්තා රෝග සඳහා  ස්වේද ප්‍රතිකාර වල වැදගත්කම ගැන දන්නවාද ? 🔴 ගොඩක් දෙනෙක් අපෙන් අහන ...
09/08/2025

🍃 🍃🍃 Steam therapy සහ ආයුර්වේදය ? කාන්තා රෝග සඳහා ස්වේද ප්‍රතිකාර වල වැදගත්කම ගැන දන්නවාද ?

🔴 ගොඩක් දෙනෙක් අපෙන් අහන ප්‍රශ්නයක් තමයි මොකක්ද මේ Steam bath එක. අපි දකිනවා salons සහ සම්බාහන ආයතන වල පවා steam bath කරන බව පවසන අවස්ථාවන් . Steam bath කියන්නේ ආයුර්වේද ප්‍රතිකාරයක් ද එහෙමත් නැත්නම් සත්කාරයක් ද. ආයුර්වේද ප්‍රතිකාර වලදී අපි කියන steam therapy එක කුමක්ද. එයින් ලැබෙන ප්‍රයෝජන මොනවාද. මේ ප්‍රශ්න නිතරම අපෙන් ප්‍රතිකාර ලබා ගන්න එන හැමෝම වගේ අහනවා. අද ඒ නිසා අපි ඒ ගැන ආයුර්වේදයේ කියා තිබෙන දේ සරලව තේරුම් ගමු. එවිට ආයුර්වේද වෛද්‍යවරුන් විදියට අපි ලබාදෙන සත්කාර,ප්‍රතිකාර වල අරමුණ කුමක්ද යන්න ඔබට තේරුම් ගැනීමට පහසු වේවි.

🔸 ආයුර්වේදයට අනුව 'ස්වේද කර්මය' ( Steam therapy) යනු වාත දෝෂය ප්‍රමුඛ බොහෝ රෝග සඳහා භාවිත කරන ප්‍රතිකාර ක්‍රමයක්. ස්වේද ප්‍රතිකාරය මාංශ පේශී ලිහිල් කිරීමට ( Muscle Relaxation), ශරීරයේ විෂ ඉවත් කිරීමට (Detoxification), ශරීරයේ දොස් වල සමතුලිතතාවය පවත්වා ගැනීමට වැදගත් වෙනවා.

🔸'ස්වේද' කියන සංස්කෘත වචනයේ තේරුම දහඩිය දැමීම/ දහඩිය පිටකිරීම යන්නයි.

🔸 ස්වේද කර්මයේ ප්‍රධාන අරමුණ වන්නේ ශරීරයේ එකතු වී ඇති දූෂිත දෝෂ ( වා ,පිත් ,සෙම් ) සහ ආමය ( විෂ කොටස්) දිය කිරීමයි. එමගින් එම දෝෂ තත්ත්ව සහ ආම කොටස් ශරීරයෙන් ඉවත් කිරීම පහසු වෙනවා . සාමාන්‍යෙන් මෙමම් ක්‍රියාවලිය සෑම විටම තෙල් සාත්තුවකට (Oil Massage) පසුව සිදු කිරීම නිර්දේශ කරනවා. තෙල් සාත්තුව මගින් ශරීරයේ ඇලී පවතින විෂ කොටස් ලිහිල් කරන අතර ස්වේදනයෙන් එම විෂ කොටස් ද්‍රව තත්වයට පත් කිරීම පහසු කරනවා .

🔸 ස්වේද කර්මය ශරීරය තුළ ආකාර කිහිපයකින් ක්‍රියා කරනවා.

• ශරීරය තුළ ඇති ස්‍රෝතස් එනම් කුඩා නාලිකා විවෘත කිරීම/ පුළුල් කරයි. මෙය වඩා හොඳ රුධිර සංසරණයකට ඉඩ සලසයි. මෙය පටක වලට පෝෂක ලබා දීම වැඩිදියුණු කරයි.

• ශරීරයේ පටකවල ඇලී පවතින විෂ කොටස් සහ දූෂිත දෝෂ ද්‍රව බවට පත් කරයි. එමගින් ඒවායේ චලනය වැඩිකර දහඩිය සහ අනෙකුත් බැහැර කිරීමේ මාර්ග හරහා ශරීරයෙන් ඉවත් කිරීමට පහසු වේ.

• ස්වේදනය මගින් ශරීරයේ මාංශ පේශී, සන්ධි සහ ස්නායු ආශ්‍රිතව ඇති තද ගතිය, වේදනාව සහ ආතතිය සමනය කරනවා.

🔴 ඉතින් steam therapy එකෙන් වෙන්නේ වේදනාවට තෙල් ගාලා steam කරන එකෙන් ලැබෙන සනීපදායක බව ලැබීම විතරක් නෙමෙයි. ආයුවේදයට අනුව එහි වෛද්‍ය විද්‍යාත්මක පැතිකඩක් තිබෙනවා.

ස්වේද කර්ම සිදුකරන විවිධ ආකාර පවතිනවා. එයින් බහුලවම අපි සිදු කරන ක්‍රම කීපයක් තමයි මේ.

• වාෂ්ප ස්වේද ( Steam bath)
මෙහිදී මුළු ශරීරයම වාෂ්පයට නිරාවරණය වීම සිදුවේ. වාෂ්ප සහිත විශේෂ කුටීරයක් ( Steam box) මේ සඳහා භාවිතා කරයි.

• නාඩි ස්වේද ( Localized steam therapy )
නළයක් සහිත විශේෂිත උපකරණයක් (නාඩි ස්වේද යන්ත්‍රය) මගින් ශරීරයේ නිශ්චිත ප්‍රදේශයකට වාෂ්ප යොමු කිරීම මෙහිදී සිදුවේ. මෙය ස්ථානගත වේදනාව, තද ගතිය සමනය කිරීමට උපකාරී වේ.

• අවගාහ ස්වේද ( Immersive bath)
උණුසුම් ඖෂධීය ජලය පිරවූ බේසමක වාඩි වී/ වැතිරී සිටීමෙන් දහඩිය පිට කිරීම මෙහිදී සිදුවේ.

• පිණ්ඩ ස්වේද ( පොට්ටනි තැවීම / Bolus fomentation)
ඖෂධීය කොළ වර්ග, කිරිබත් හෝ වැලි යොදා සකස් කළ පොට්ටනි රත් කර තැවීම මගින් දහඩිය පිට කිරීම මෙමගින් සිදුවේ.
මෙහිදී ඖෂධීය කොළ වර්ග තෝරා ගැනීම, කිරිබත් ආදිය සකස් කිරීම පුද්ගලයාගේ දෝෂ ස්වභාවය සලකා බලා සිදුකරනවා.

🔴 Steam bath කියන්නේ එක් ස්වේද ප්‍රතිකාරයක් පමණ යි. ඉහත කියා ඇති ක්‍රම වලට අමතරව තවත් තිබෙනවා. Steam room ගැන පවා ආයුර්වේදයේ කියා තිබෙනවා. ආයුර්වේදයේ ඉතාම මූලික ආරම්භක ප්‍රතිකාරයක් මෙය. මේ මඟින් ඔබට පැහැදිලි වෙනවා ඇති ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යන්න කොතරම් පුළුල් ප්‍රතිකාර ,සත්කාර සහිත වෛද්‍ය විද්‍යාවක් බව.

අවසාන වශයෙන් අපි බලමු කාන්තා රෝග කෙරෙහි මේ ස්වේද කර්ම ප්‍රතිඵලදායක් වන්නේ කොහොමද යන වග.

🔸 ආයුර්වේදයේදී ස්වේද කර්ම ( steam Therapy ) ස්ත්‍රී රෝග ( Gyanacognical disorders) සඳහා ප්‍රතිකාර කිරීමේදී ඉතා වැදගත් වනවා . දෝෂ සමතුලිත කිරීම, ශරීරයේ විෂ ඉවත් කිරීම, ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම මෙහිදී ඉලක්ක කරනවා.

🔸 ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය පිහිටා තිබෙන ශ්‍රෝණි ප්‍රදේශය ආයුර්වේදයට අනුව පක්වාශ ප්‍රදේශය , ප්‍රධාන වාත ස්ථානය යි. ඒ ආශ්‍රිතව සිදුවන මලපහ පිට කිරීම, මූත්‍ර පිටකිරීම, ඔසප් රුධිරය පිට කිරීම, දරුවකු බිහි කිරීම යන ක්‍රියාවන් වාත දෝෂයේ ක්‍රියාකාරීත්වයෙන් සිදුවන බව දක්වා තිබෙනවා . වාත රෝග සමනය කිරීම සඳහා ස්වේද කර්මය ( Steam Therapy) ඉතාමත් වැදගත් වන බවයි ආයුර්වේදයේ කියා තිබෙන්නේ. එම නිසා ස්වේද කර්ම ස්ත්‍රී රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී අත්‍යාවශ්‍යයෙන්ම උපකාරී වෙනවා.

🔸 සමාජයේ බහුලව පවතින කාන්තා රෝග ලෙස වේදනාකාරී ඔසප් චක්‍ර, අක්‍රමවත් ඔසප් චක්‍ර, යෝනි මාර්ගයේ වියළි බව ආදිය සැලකිය හැකියි. මේවා වාත දෝෂයේ විකෘති වීම නිසා ඇතිවන අතර මේ ආශ්‍රිත ව විෂ කොටස් එකතුවීම සිදුවේ. එම ඇති වූ විෂ ද්‍රව බවට පත්කර ශරීරයෙන් බැහැර කිරීම සහ වාත දෝෂයේ ඇති වූ විකෘතිතාවය සමනය කිරීමට ස්වේද කර්මය ( Steam Therapy ) බෙහෙවින් උපකාරී වේ.

🔸 එසේම ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත රුධිර සංසරණය වැඩිදියුණු කර පෝෂක ලබා දීම සහ පරිවෘත්තීය අපද්‍රව්‍ය ඉවත් කිරීම පහසුකරයි.
ස්වේද කර්ම මගින් ගර්භාෂ මාංශ පේශී ලිහිල් කිරීමෙන් වේදනාව අඩුකරයි. එසේම නිසි අයුරින් වාත දෝෂයේ ක්‍රියාකාරිත්වය ප්‍රවර්ධනය කිරීමෙන් ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමට උපකාරී වේ.

🔸 පෝෂණය සහ තෙතමනය ලබා දෙන ඖෂධ වර්ග යොදා ස්වේද කර්ම කිරීමෙන් යෝනි මාර්ගය ආශ්‍රිතව ඇති වියළි බව දුරු කරයි.

🔸 ක්ෂුද්‍ර ජීවී නාශක, දිලීර නාශක ගුණ ඇති ඖෂධ යොදා සිදුකරන ස්වේද කර්ම මගින් යෝනි මාර්ගය ආශ්‍රිතව ඇතිවන ආසාදන සුව කරයි.

🔸 එසේම දරු ප්‍රසූතියෙන් පසු නැවත ගර්භාෂය යථා තත්ත්වයට පත් කිරීමට, යෝනි මාර්ගයේ පටක ශක්තිමත් කිරීමට, ගර්භාෂය සහ ඩිම්බකෝෂ වල රුධිර සංසරණය වැඩිදියුණු කිරීමෙන් ප්‍රජනක පද්ධතියට අවශ්‍ය පෝෂක නිසි ලෙස ලබා දී එහි ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කර වඳ භාවය දුරු කිරීම සඳහාත් ස්වේද කර්ම ප්‍රයෝජනවත් වේ.

🔸 මෙසේ ශරීරයේ විෂ ඉවත් කිරීමෙන්, වාත සමනය කර දෝෂ සමතුලිතතාවය ඇති කිරීමෙන් ප්‍රජනක පද්ධතියේ යහපැවැත්ම පවත්වා ගැනීමට ස්වේද කර්ම උපකාරී වේ.

සටහන :
වෛද්‍ය. අශානි ඒකනායක ( B.A.M.S University of Colombo )
වෛද්‍ය. ප්‍රභාෂි වීරසිංහ ( B.A.M.S. University of Colombo, MA )
0777005612

🔴 🍃 ආයුර්වේදීය තෛල අභ්‍යංග ( Oil massage) කාන්තාවකට වැදගත් වන්නේ ඇයි ?🍃 ආයුර්වේදය යනු ලොව පවතින පැරණිතම ප්‍රතිකාර පද්ධතී...
24/07/2025

🔴 🍃 ආයුර්වේදීය තෛල අභ්‍යංග ( Oil massage) කාන්තාවකට වැදගත් වන්නේ ඇයි ?

🍃 ආයුර්වේදය යනු ලොව පවතින පැරණිතම ප්‍රතිකාර පද්ධතීන් අතර සුවිශේෂ තැනක් හිමිකර ගන්නා වෛද්‍ය විද්‍යාවක් . එහි ප්‍රතිකාර ක්‍රම අතරින් අභ්‍යංග ( massage therapy ) සඳහා හිමිවන්නේද ඊට නොදෙවෙනි තැනකි. ඉතින් අප අද මේ ලිපියෙන් කතා කරන්නේ ආයුර්වේද අභ්‍යංග ප්‍රතිකාර / තෙල් සාත්තු සහ කාන්තා සෞඛ්‍යය අතර පවතින්නා වූ සබඳතාවය පිළිබඳව යි.

🍃 ආයුර්වේදයෙහි සදහන් වන පරිදි අභ්‍යංග ය දිනචර්‍යාවෙහි (daily routine) වැදගත් ම අංගයක්. මෙහි සරල අදහස නම් ඖෂධීය තෙල් වර්ග හෝ චූර්ණ (powders) ගල්වා සිරුර සම්බාහනය කිරීමයි. එමගින් මාංශ පේශීන්හී ශක්තිය වැඩි කරන අතර ම ශරීරයෙහි සියුම් නාල විවර කරමින් ඒවායෙහි ඇති විෂ සහිත ආම කොටස් සම හරහා බැහැර කිරීමක් සිදු කරනු ලබනවා. එලෙසම නාල අවහිර කරමින් පවතින සෙම් ආදී අනවශ්‍ය කොටස් දිය කරමින් සිරුර ශෝධනය කරන අතර ම සම නිරෝගීව පවත්වා ගැනීමට ද ඉවහල් වේ. එමෙන් ම ශරීරය තුළ ලේ ගමනාගමනය ක්‍රමානුකූල වන අතර සමෙහි වර්ණය , තානය ( tone) , පැහැපත් බව පවත්වා ගැනීමට ද උපකාරී වේ. තව ද සිරුරෙහි පවත්නා වා පිත් සෙම් දොස් සමනය කරමින් ශාරීරික සහ මානසික සහනය ද ලබා දෙයි.

🚶‍♀️ කාන්තාව යනු පවුලක කොඳු නාරටියයි. පවුල හා බැඳි මුළු මහත් කටයුතු සියල්ල සිදුවන්නේ ඇයගේ මැදිහත් වීමෙන්. පවුලක නිරෝගීභාවය රැඳෙන්නේ ඇයගේ නිරෝගී භාවය මතයි. බාල, තරුණ ,මධ්‍යම, වැඩිහිටි ආදී ප්‍රධාන වයස් කාණ්ඩ ගත කරන කාන්තාව පිරිමින් ට සාපේක්ෂව අනන්‍ය වූ විශේෂ අවධි ගත කරනවාක් මෙන් ම ඒ ඒ කාල වලට විශේෂිත වූ අපහසුතා මෙන් ම රෝගාබාධ වලින් ද පීඩා විඳියි.ඇය ව මනා ව අවබෝධ කරගනිමින් ඒ ඒ අවස්ථානුකූලව සෞඛ්‍යය සංරක්ෂණ උපක්‍රමයක් ලෙස මෙන්ම ප්‍රතිකාර ලෙස ද අභ්‍යංගය යොදා ගත හැකි ආකාරය පිළිබඳව ආයුර්වේදයෙහි දක්වා තිබෙනවා.

👩‍🦳 ඉහත කී ඕනෑම වයස් කාණ්ඩයක් තුළ ඇතිවන හිස හා ආශ්‍රිත ඕනෑම ගැටලුවක් සඳහා යෙදිය හැකි එක් ප්‍රතිකාර ක්‍රමයක් නම් ශීර්ෂ අභ්‍යංග ය හෙවත් හිසට කරන තෙල් සාත්තුව යිම්. ගසක ට මූල පද්ධතිය වැදගත් වන්නාක් මෙන් සිරුරෙහි මූල පද්ධතිය වන හිස ආයුර්වේදයෙහි උත්තමාංගය ලෙස දක්වා තිබෙනවා. කාන්තාවන්ගේ හිසකෙස් ආශ්‍රිතව වන අකලට හිසකෙස් වැටීම , කෙස් පැසීම , වියළි බව ,හිස්සොරි ඇතිවීම, රාත්‍රියෙහි නින්ද නොයෑම, මානසික ආතතිය ආදී ගැටලු වලට මෙන් ම නීරෝගී කෙස් කළඹක් පවත්වා ගෙන යාමටද දිනපතා ස්නානයට පෙර තෙල් ගල්වා හිස සම්බාහනය කිරීම ඉතා වැදගත් වනවා. ඒ සඳහා සුදුසු තෙල් වර්ගයක් නිර්දේශ කර ගැනීම මෙහිදී අත්‍යවශ්‍ය වන බව මතක තබා ගත යුතු වනවා.

🚶‍♀️ කාන්තාවන්ගේ මාසික ඔසප් චක්‍රය ආශ්‍රිතව වන ගැටලු හා හෝමෝනමය බලපෑම් නිසා ඇතිවන ගැටලු කාරී තත්ව මග හරවා ගැනීම සඳහා මෙන් ම ස්ත්‍රී යෝනි මාර්ගය ආශ්‍රිත වන විවිධ වූ රෝගාබාධ තත්ව සමනය සඳහා ඳ මෙම අභ්‍යංග ප්‍රතිකාර මනා සේ ඉවහල් වේ. මදසරු කාන්තාවන්ගේ සරුභාවය ඇතිකිරීමට මෙන් ම ගර්භනී අවස්ථාවේ ඇති වන සංකූලතා නැති කිරීමට ද පහසු දරු ප්‍රසූතියක් සඳහා ඇය ව සූදානම් කිරීමට ද අභ්‍යංග තුළින් ඉඩහසර වෙන් ලැබෙනවා. එලෙසම පසු ප්‍රසව අවස්තාවේදී මවගේ වේදනාව ශමනයට ද , හීන වී ගිය ශක්තිය නැවත ඇතිකිරීමට ද, මව්කිරි උද්දීපනයට ද ඇයගේ මානසික සුවතාව නැවත ඇතිකිරීමට ද ශරීරයේ විඩාව දුරු කිරීමට ද මෙම ප්‍රතිකාරය යෝග්‍යයි. මෙහිදී නිසි කාලය , සුදුසු අභ්‍යංග විධ් හා යොදා ගන්නා ඖෂධ පිළිබඳව සැලකිලිමත් විය යුතු අතර සුදුසු කම් සහිත ආයුර්වේද වෛද්‍යවරුන්ගේ මග පෙන්වීම ඔබට අනිවාර්යයෙන් ම වැදගත් වේවි.

🚶‍♀️ වයස් ගත වීමේදී ස්වභාවිකවම ඔසප් චක්‍රය නැවතීමෙන් පසු ව සිදුවන හෝමනමය වෙනස්කම් නිසා සන්ධි ආශ්‍රිත වේදනා ඇති වීම , නින්ද නොයෑම, දාහය, ඉක්මනින් තරහ යෑම ආදී වූ සංකූලතා ඇති වීම අද වන විට බහුල ව දැකිය හැකි තත්වයන් . ඒ සඳහා දිය හැකි සාර්ථක ම ප්‍රතිකාර ක්‍රමයක් තමයි ආයුර්වේද තෙල අභ්‍යංගය.

🚶‍♀️ අධික බර සහිත මහත ශරීරයකට හිමිකම් කියන ඔබට , මහත අඩු කර සිරුර සිහින් කර ගැනීමට ඖෂධීය තෙල් වලට අමතර ව ඒ සඳහා විශේෂිත වූ ඖෂධීය චූර්ණ වර්ග ද අභ්‍යංගය සඳහා යොදා ගත හැකිය. මීට අමතර ව කාන්තා ඔබේ විඩාව , ආතතිය දුරු කර සැහැල්ලු නිරෝගී සිරුරකට හිමිකම් කියන්නටද අභ්‍යංග ප්‍රතිකාර ක්‍රම මගින් හැකි වේවි.

🍃 අභ්‍යංගය සඳහා සුදුසු තෙල් වර්ග,ඖෂධ එකිනෙකාට වෙනස් වන අතර ඇයගේ ප්‍රකෘතිය දෝෂ තත්වය, සෘතු චක්‍රයේ අවධිය සහ පාරිසරික සෘතුව ආදිය පිළිබඳව ද මනා අවබෝධයක් ඇතිව වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදු කිරීම ඉතාමත් වැදගත් බව මතක තබා ගත යුතුයි.

සටහන - වෛද්‍ය. නිරාශා දයානන්ද ( B.A.M.S. University of Colombo )
සංස්කරණය - වෛද්‍ය. ප්‍රභාෂි වීරසිංහ ( B.A.M.S University of Colombo, M.A.)

🚶‍♀️ කාන්තාවක් ඇයගේ ජිවිත කාලය තුළදි විවිධ අවධීන් පසු කරනවා.  වැඩිවියට පත්වීම , ගැබ් ගැනීම සහ ආර්තවාභාවය හෙවත් ඔසප් වීම ...
05/07/2025

🚶‍♀️ කාන්තාවක් ඇයගේ ජිවිත කාලය තුළදි විවිධ අවධීන් පසු කරනවා. වැඩිවියට පත්වීම , ගැබ් ගැනීම සහ ආර්තවාභාවය හෙවත් ඔසප් වීම නතර වීම මේවායෙන් විශේෂතම අවස්ථා කීපයක්. මෙයින් වැඩිවියට පත්වීම සහ ගර්භනීභාවය යන අවස්ථා අප සමාජයේ වැඩි අවධානයට පත් වනවා. ඒ නිසා එම තත්තවයන් ආශ්‍රිත අපහසුකම් ගැන තේරුම් ගැනීම බොහෝ දුරට සිදු වෙනවා.

🍂 නමුත් ඔසප් වීම නතර වීම හෙවත් ආර්තවාභවය ගැන එතරම් අවධානයක් දක්වනවා අඩුයි. ඇත්තටම එය දිගු කාලයක් තිස්සේ සිරුරට, මනසට බලපෑම් ඇති කරන නිසාවෙන් එම කාන්තාව වගේම පවුලේ සාමාජිකයන්, ඇය වටා සිටින අයත් අවබෝධ කරගත යුතු කාරණාවක්.

🍂 ආර්තවාභාවය යනු ඔසප් විම නතර වන කාලය වන අතර Perimenopause යනු ආර්තවාභාවය විමට ආසන්න කාලය වේ. මේ කාල සීමාවේ දී කාන්තාවන්ගේ ශරීරයේ ඇති ඊස්ට්‍රජන් මට්ටම පහත වැටෙන අතර එසේම විවිධ හෝමෝන වෙනස්කම් රාශියක් සිදුවෙන්න පටන් ගන්නවා. සාමාන්‍යෙන් කාන්තාවක් වයස අවු. 45-55 වු පසු මෙම අත්දැකීමට මුහුණ දීමට සිදු වන්න පුලුවන්. මේ Perimenopause කාලය කාන්තාවගේන් කාන්තාවට වෙනස් වන අතර එය අවුරුද්දක්, දෙකක්, පහක් ලෙස පැවතිය හැකියි.

🍃 ආයුර්වේදයට අනුව මෙම කාලය කාන්තාවගේ ශරීරය පිත අවධියේ සිට වාත අවධියට පත්වන කාලයක් ලෙස දක්වන්න පුලුවන්. සාමාන්‍යෙන් තරුණ කාලයේදී ශරීරයේ පිත් දෝෂය ප්‍රමුඛ වන අතර වයස්ගත කාලයේදී වාත දෝෂය ප්‍රමුඛ යි. මේවා අනුව එක් එක් කාලයේදී අපේ ස්වාභාවය, හැසිරීම,අපිට වැළඳෙන ලෙඩ රෝග වෙනස් වන්වා.

මේ අනුව perimenopause කාලය තුළදි ඇති වන විශේෂ ලක්ෂණ වශයෙන්,

🔻 ඔසප් චක්‍රයේ අක්‍රමිකතා ඇති වීම.
🔻නිතර නිතර තරහා යෑම වැනි මානසික තත්ත්වයේ ඇතිවන වෙනස්කම්.
🔻.අධික ලෙස දහදිය දැමිම.
🔻යෝනි මාර්ගයේ පවතින වියළි බව.මේ නිසා ලිංගික එක්වීම් වලදී වේදනාව ඇතිවීම, එම ආශාවන් අඩුවීම ආදියත් ඇතිවිය හැකියි.
🔻 නින්ද නොයාම.
🔻 ක්ලාන්‍තය හා අරැචිය.
🔻 ස්තන, යෝනි හා අනෙකුත් ප්‍රජනන අවයවන් ක්‍රමයෙන් වැහිරීම.
🔻 ඇඟපත වේදනාව, සන්ධි ආශ්‍රිත වේදනා ඇති වීම.

🍃 මෙම තත්ත්වයන් මඟහරවා ගැනීමට ආයුර්වේද ප්‍රතිකාර ප්‍රතිකර්ම බොහෝමයක් පවතිනවා . උදාහරණ වශයෙන්, තෛල අභ්‍යංග හෙවත් තෙල් සාත්තු හා වාෂ්ප ස්වේද වැනි දහ ගැන්වීමේ ක්‍රම මඟින් මේ ශාරීරික වේදනාවන් ශමනය කරගන්න පුලුවන්. මෙම ප්‍රතිකර්ම සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ වෛද්‍ය උපදේශනයකින් පසුව කරනවා නම් වඩාත් සුදුසුයි.

💃 ඇත්තටම කාන්තා ඔබ වයස අවු.40 වැනි කාලයක සිටම ඔබ මෙම තත්ත්වය සදහා සුදානම් වීම වැදගත්. එවිට එම ලක්ෂණ අවබෝධ කරගැනීම, සුදුසු පිළියම් යෙදීම සහ ඒවා රෝග බවට පත් වීමට ප්‍රථම මඟ හරවා ගැනීම පහසු වනවා.

🍃ආයුර්වේදයට අනුව දිනපතා එකම වේලාවකට නිදා ගැනිම, අවදි විම ඒ වගේම නියමිත වේලාවට ආහාර ගැනිම මගින් හෝමෝන සමතුලිතතාවය පවත්වා ගැනිමට උදව් වනවා.

🍃ඒ වගේම රාත්‍රි නින්ද නොයාම වැනි අපහසුතා වලින් වැලකි සිටිමට ගැඹුරුව හුස්ම ගැනිම හා පිට කිරීම වැනි breathing exercises කිරීම වඩා සුදුසුය.

🧎‍♀️අධිකව තරහා යෑම වැනි මානසික තත්ත්වයන් පාලනය සදහා යෝගා අභ්‍යාස පුහුණු කිරීම ආදිය සුදුසු යි. මේ
සදහා ශවාසන, මකරාසන වැනි ආසන යෝග්‍ය වේ. ශක්තිමත් අස්ථි පද්ධතියක් ලබා ගැනිම සදහා උත්කටාසන, තලාසන, හස්තපාදාන්ගුෂ්ඨආසන යෝග්‍ය වේ. එසේම ශ්‍රෝණියේ ඇති පේශි ශක්තිමත් කිරීම සදහා සුප්ත භද්‍රාසන, මත්ස්‍යාසන වැදගත් වේ.

🌿මෙම කාලයේ වාත දෝෂය ප්‍රමුඛ බැවින් දිරවීමට අපහසු රළු ආහාර ආහාරයට එකතු කර ගැනිමෙන් වළකින්න. එසේම මෙම කාලය තුළදි කැල්සියම් වැනි ක්ෂුද්‍ර පෝෂක ඌණතා පැමිණිය හැකි බැවින් තල වැනි ඇට වර්ග ආහාරයට එකතු කර ගැනිම මගින් මෙම තත්ත්වය වළක්වා ගත හැකියි. එසේම ආහාර ගැනිමට පෙර සෑම දිනකම ගිතෙල් තේ හැදි 1ක් හෝ 2ක් ගැනිම මගින් අග්නිය ක්‍රියාකාරීත්වය නිසියාකාරව පවත්වා ගත හැක. මීට අමතරව පනීර්, ටෝෆු, කෙසෙල් සහ මී කිරි වැනි කෑම ආහාරයට එකතු කර ගැනිම මගින් හෝමෝන සමතුලිතතාව පවත්වා ගැනිමට උපකාර කරගන්නට පුලුවන්.

🌿රාත්‍රි 10ත් පාන්දර 2ක් අතර කාලය තුළදි අපේ ශරීරයේ ඇති අක්මාව, අග්න්‍යාශය වැනි අවයව මගින් ශරීරයේ වීෂහරණය සිදු කරන බැවින් රාත්‍රි 10 ට පෙර නින්දට යෑම ඉතාම සුදුසුයි. රාත්‍රී නිදි වැරීම සහ. දහවල් කාලයේ නිදා ගැනිම මගින් එය ආහාර ජිර්ණ ක්‍රියාවලියට එමෙන්ම හෝර්මෝන සමතුලිතතාවයට අහිතකර බලපෑම් ඇති කරනවා.

🍂ඉතින් අපි තේරුම් ගත යුතු වන්නේ ආර්තවාභාවය හෙවත් ඔසප් වීම නතර වීම යනු ස්වාභාවික සංසිද්ධියක් නමුත් ඒ කාල සීමාව අවධානයට ලක් කිරීමෙන් , ඒ සඳහා නිසි පිළියම් සහිතව එයට මුහුණ දිය හැකි බවයි. ඒ සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් ඉතාම සාර්ථක ප්‍රවේශයක් ලබාගත හැකි යි.

සටහන - වෛද්‍ය. පියුමි තිලක්ෂණා
B.A.M.S. ( University of Colombo)

සංස්කරණය - වෛද්‍ය. ප්‍රභාෂි වීරසිංහ, අධ්‍යක්ෂිකා, පංචතරු ආයුර්වේද
B.A.M.S. ( University of Colombo)
M.A.
SLAMC 15204
Panchatharu Wellness Center, Mount Lavinia
0777005616

🌿✨ GRAND OPENING: Panchatharu Wellness Center – Just for Ladies! ✨🌿We’re thrilled to announce the grand opening of Panch...
07/06/2025

🌿✨ GRAND OPENING: Panchatharu Wellness Center – Just for Ladies! ✨🌿

We’re thrilled to announce the grand opening of Panchatharu Wellness Center, the newest branch of Panchatharu (pvt) Ltd, dedicated to bringing you the finest in Ayurveda wellness, spa therapy, and holistic healing – exclusively for women. 💆‍♀️🧘‍♀️

📍 Located in a peaceful and private setting, our Center offers:
✅ Authentic Ayurvedic therapies
✅ Experienced female therapists and doctors
✅ Soothing spa and wellness packages
✅ Special care for pregnant mothers and elderly women

👩‍⚕️ Come meet our friendly and professional team, explore our tranquil space, and enjoy exclusive opening day offers.

📅 Open Hours: 9AM to 7PM (Closed on Monday)
📌 Location: No 87/1, Galle Road, Mount Lavinia
📞 Call to Book: 0777005616

💚 Wellness is not a luxury – it’s a lifestyle. Let us help you rediscover balance and inner peace with nature’s wisdom.

සුවපත් කාන්තාව මුලු ලොවම සුවපත් කරන්නීය..Happy and Healthy Women’s Day to all the dedicated, strong, and resilient women...
08/03/2025

සුවපත් කාන්තාව මුලු ලොවම සුවපත් කරන්නීය..Happy and Healthy Women’s Day to all the dedicated, strong, and resilient women who continue to strive, overcome challenges, and inspire the world ! 💐🍃

31/12/2024
29/12/2024

හෙට ( 2024.12.30 ) උදේ 8.30 ට මොනරා TV බලන්න. දෑත්වල වේදනාව ඇතිවන්නේ ඇයිදැයි දැන ගනිමු.

31/10/2024

අද ( 2024.10.31) උදේ 9.00ට මොණරා TV බලන්න.

Address

No 33, Horana Road
Polgasowita

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94777005612

Alerts

Be the first to know and let us send you an email when Dr Prabahashi Weerasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr Prabahashi Weerasinghe:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category