05/07/2025
🚶♀️ කාන්තාවක් ඇයගේ ජිවිත කාලය තුළදි විවිධ අවධීන් පසු කරනවා. වැඩිවියට පත්වීම , ගැබ් ගැනීම සහ ආර්තවාභාවය හෙවත් ඔසප් වීම නතර වීම මේවායෙන් විශේෂතම අවස්ථා කීපයක්. මෙයින් වැඩිවියට පත්වීම සහ ගර්භනීභාවය යන අවස්ථා අප සමාජයේ වැඩි අවධානයට පත් වනවා. ඒ නිසා එම තත්තවයන් ආශ්‍රිත අපහසුකම් ගැන තේරුම් ගැනීම බොහෝ දුරට සිදු වෙනවා.
🍂 නමුත් ඔසප් වීම නතර වීම හෙවත් ආර්තවාභවය ගැන එතරම් අවධානයක් දක්වනවා අඩුයි. ඇත්තටම එය දිගු කාලයක් තිස්සේ සිරුරට, මනසට බලපෑම් ඇති කරන නිසාවෙන් එම කාන්තාව වගේම පවුලේ සාමාජිකයන්, ඇය වටා සිටින අයත් අවබෝධ කරගත යුතු කාරණාවක්.
🍂 ආර්තවාභාවය යනු ඔසප් විම නතර වන කාලය වන අතර Perimenopause යනු ආර්තවාභාවය විමට ආසන්න කාලය වේ. මේ කාල සීමාවේ දී කාන්තාවන්ගේ ශරීරයේ ඇති ඊස්ට්‍රජන් මට්ටම පහත වැටෙන අතර එසේම විවිධ හෝමෝන වෙනස්කම් රාශියක් සිදුවෙන්න පටන් ගන්නවා. සාමාන්‍යෙන් කාන්තාවක් වයස අවු. 45-55 වු පසු මෙම අත්දැකීමට මුහුණ දීමට සිදු වන්න පුලුවන්. මේ Perimenopause කාලය කාන්තාවගේන් කාන්තාවට වෙනස් වන අතර එය අවුරුද්දක්, දෙකක්, පහක් ලෙස පැවතිය හැකියි.
🍃 ආයුර්වේදයට අනුව මෙම කාලය කාන්තාවගේ ශරීරය පිත අවධියේ සිට වාත අවධියට පත්වන කාලයක් ලෙස දක්වන්න පුලුවන්. සාමාන්‍යෙන් තරුණ කාලයේදී ශරීරයේ පිත් දෝෂය ප්‍රමුඛ වන අතර වයස්ගත කාලයේදී වාත දෝෂය ප්‍රමුඛ යි. මේවා අනුව එක් එක් කාලයේදී අපේ ස්වාභාවය, හැසිරීම,අපිට වැළඳෙන ලෙඩ රෝග වෙනස් වන්වා.
මේ අනුව perimenopause කාලය තුළදි ඇති වන විශේෂ ලක්ෂණ වශයෙන්,
🔻 ඔසප් චක්‍රයේ අක්‍රමිකතා ඇති වීම.
🔻නිතර නිතර තරහා යෑම වැනි මානසික තත්ත්වයේ ඇතිවන වෙනස්කම්.
🔻.අධික ලෙස දහදිය දැමිම.
🔻යෝනි මාර්ගයේ පවතින වියළි බව.මේ නිසා ලිංගික එක්වීම් වලදී වේදනාව ඇතිවීම, එම ආශාවන් අඩුවීම ආදියත් ඇතිවිය හැකියි.
🔻 නින්ද නොයාම.
🔻 ක්ලාන්‍තය හා අරැචිය.
🔻 ස්තන, යෝනි හා අනෙකුත් ප්‍රජනන අවයවන් ක්‍රමයෙන් වැහිරීම.
🔻 ඇඟපත වේදනාව, සන්ධි ආශ්‍රිත වේදනා ඇති වීම.
🍃 මෙම තත්ත්වයන් මඟහරවා ගැනීමට ආයුර්වේද ප්‍රතිකාර ප්‍රතිකර්ම බොහෝමයක් පවතිනවා . උදාහරණ වශයෙන්, තෛල අභ්‍යංග හෙවත් තෙල් සාත්තු හා වාෂ්ප ස්වේද වැනි දහ ගැන්වීමේ ක්‍රම මඟින් මේ ශාරීරික වේදනාවන් ශමනය කරගන්න පුලුවන්. මෙම ප්‍රතිකර්ම සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ වෛද්‍ය උපදේශනයකින් පසුව කරනවා නම් වඩාත් සුදුසුයි.
💃 ඇත්තටම කාන්තා ඔබ වයස අවු.40 වැනි කාලයක සිටම ඔබ මෙම තත්ත්වය සදහා සුදානම් වීම වැදගත්. එවිට එම ලක්ෂණ අවබෝධ කරගැනීම, සුදුසු පිළියම් යෙදීම සහ ඒවා රෝග බවට පත් වීමට ප්‍රථම මඟ හරවා ගැනීම පහසු වනවා.
🍃ආයුර්වේදයට අනුව දිනපතා එකම වේලාවකට නිදා ගැනිම, අවදි විම ඒ වගේම නියමිත වේලාවට ආහාර ගැනිම මගින් හෝමෝන සමතුලිතතාවය පවත්වා ගැනිමට උදව් වනවා.
🍃ඒ වගේම රාත්‍රි නින්ද නොයාම වැනි අපහසුතා වලින් වැලකි සිටිමට ගැඹුරුව හුස්ම ගැනිම හා පිට කිරීම වැනි breathing exercises කිරීම වඩා සුදුසුය.
🧎♀️අධිකව තරහා යෑම වැනි මානසික තත්ත්වයන් පාලනය සදහා යෝගා අභ්‍යාස පුහුණු කිරීම ආදිය සුදුසු යි. මේ
සදහා ශවාසන, මකරාසන වැනි ආසන යෝග්‍ය වේ. ශක්තිමත් අස්ථි පද්ධතියක් ලබා ගැනිම සදහා උත්කටාසන, තලාසන, හස්තපාදාන්ගුෂ්ඨආසන යෝග්‍ය වේ. එසේම ශ්‍රෝණියේ ඇති පේශි ශක්තිමත් කිරීම සදහා සුප්ත භද්‍රාසන, මත්ස්‍යාසන වැදගත් වේ.
🌿මෙම කාලයේ වාත දෝෂය ප්‍රමුඛ බැවින් දිරවීමට අපහසු රළු ආහාර ආහාරයට එකතු කර ගැනිමෙන් වළකින්න. එසේම මෙම කාලය තුළදි කැල්සියම් වැනි ක්ෂුද්‍ර පෝෂක ඌණතා පැමිණිය හැකි බැවින් තල වැනි ඇට වර්ග ආහාරයට එකතු කර ගැනිම මගින් මෙම තත්ත්වය වළක්වා ගත හැකියි. එසේම ආහාර ගැනිමට පෙර සෑම දිනකම ගිතෙල් තේ හැදි 1ක් හෝ 2ක් ගැනිම මගින් අග්නිය ක්‍රියාකාරීත්වය නිසියාකාරව පවත්වා ගත හැක. මීට අමතරව පනීර්, ටෝෆු, කෙසෙල් සහ මී කිරි වැනි කෑම ආහාරයට එකතු කර ගැනිම මගින් හෝමෝන සමතුලිතතාව පවත්වා ගැනිමට උපකාර කරගන්නට පුලුවන්.
🌿රාත්‍රි 10ත් පාන්දර 2ක් අතර කාලය තුළදි අපේ ශරීරයේ ඇති අක්මාව, අග්න්‍යාශය වැනි අවයව මගින් ශරීරයේ වීෂහරණය සිදු කරන බැවින් රාත්‍රි 10 ට පෙර නින්දට යෑම ඉතාම සුදුසුයි. රාත්‍රී නිදි වැරීම සහ. දහවල් කාලයේ නිදා ගැනිම මගින් එය ආහාර ජිර්ණ ක්‍රියාවලියට එමෙන්ම හෝර්මෝන සමතුලිතතාවයට අහිතකර බලපෑම් ඇති කරනවා.
🍂ඉතින් අපි තේරුම් ගත යුතු වන්නේ ආර්තවාභාවය හෙවත් ඔසප් වීම නතර වීම යනු ස්වාභාවික සංසිද්ධියක් නමුත් ඒ කාල සීමාව අවධානයට ලක් කිරීමෙන් , ඒ සඳහා නිසි පිළියම් සහිතව එයට මුහුණ දිය හැකි බවයි. ඒ සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් ඉතාම සාර්ථක ප්‍රවේශයක් ලබාගත හැකි යි.
සටහන - වෛද්‍ය. පියුමි තිලක්ෂණා
B.A.M.S. ( University of Colombo)
සංස්කරණය - වෛද්‍ය. ප්‍රභාෂි වීරසිංහ, අධ්‍යක්ෂිකා, පංචතරු ආයුර්වේද
B.A.M.S. ( University of Colombo)
M.A.
SLAMC 15204
Panchatharu Wellness Center, Mount Lavinia
0777005616