National Nephrology Specialized Hospital - Polonnaruwa

National Nephrology Specialized Hospital - Polonnaruwa National Nephrology Specialized Hospital - Polonnaruwa

25/12/2022
16/12/2022

චීන රජයේ පරිත්‍යාගයක් ලෙස රුපියල් මිලියන 600 ක වටිනාකමින් යුත් වකුගඩු රෝගීන් පෙර හදුනාගැනීමේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියකින් යුත් අංගසම්පූර්ණ අතිනවීන ජංගම රසායනාගාර බස්රථ 8ක් ශ්‍රී ලංකා රජය වෙත පසුගියදා පරිත්‍යාග කරන ලදි. පොළොන්නරුව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල, අනුරාධපුර, වව්නියාව, අම්පාර, කුරුණෑගල, ත්‍රිකුණාමලය, මාතලේ සහ බදුල්ල යන රෝහල් සඳහා මෙම ජාත්‍යන්තර මට්ටමේ අංග සම්පූර්ණ ‍රසායනාගාර පහසුකම් සහිත බස්රථ ලබා දී ඇත. මෙම ජංගම රථයන්හි පහසුකම් මෙරට මූලික රෝහලක ඇති රසායනාගාර පහසුකම් වලට සමාන වන අතර එය විදුලි බලයෙන් ක්‍රියාත්මක කෙරේ.එහෙත් විදුලි බලය නොමැති අවස්ථාවක මෙන්ම විදුලි බලය නොමැති ප්‍රදේශයන්හි ද පරීක්ෂණ කළ හැකි අයුරින් විදුලි ජනන යන්ත්‍ර (Generator) පහසුකම් ඒ තුළ තිබේ.
දෛනිකව 500 ක පමණ පිරිසකට මෙමගින් පරීක්ෂණ කළ හැකි අතර එමගින් දිස්ත්‍රික් මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින් වකුගඩු රෝගීන් හඳුනා ගැනීම කළ හැකිය. එමෙන්ම කොවිඩ් වැනි හදිසි ව්‍යසන තත්ත්වයන්හි රසායනාගාර කටයුතු සඳහාද මෙම ජංගම රසායනාගාර භාවිත කළ හැකි බව වකුගඩු රෝග නිවාරණ හා පරීක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අසංග වි.රණසිංහ මහතා පවසයි.

මෙම ජංගම රසායනාගාර සඳහා පුහුණුව ලත් රියදුරෙකු සහ වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පීන් දෙදෙනෙකු යෙදවිය හැක. මේ වන විට මෙරට හේතුව නොදත් වකුගඩු රෝගීන් 65,000 ක් පමණ පිරිසක් දිවයින පුරා දිස්ත්‍රික්ක 10කින් වාර්තා වී තිබේ.

නුදුරු දිනකම ඉහත සඳහන් දිස්ත්‍රික්කවල ගම්නියන්ගම් පීරා ගොස් අසරණ දුප්පත් රෝගීන් හට නොමිලේම රෝග පරික්ෂාවන් සිදුකර ගැනීමට මෙම බස්රථ සහ සෞඛ්‍ය කාර්යමණ්ඩල සුදානම්ව සිටි.

කාලීන අවශ්‍යතාවයක් වන මෙම බස්රථ ලබාගැනීම සදහා මැදිහත්වී කටයුතු කරන ලද්දේ හයවැනි විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසිනි.

චීන රජයෙන් රුපියල් මිලියන 600ක් වටිනා වකුගඩු රෝගීන් පෙර හඳුනාගැනීමේ අංග සම්පූර්ණ ජංගම රසායනාගාර බස් රථ 08 ක් මෙරටට…රුපිය...
28/09/2022

චීන රජයෙන් රුපියල් මිලියන 600ක් වටිනා වකුගඩු රෝගීන් පෙර හඳුනාගැනීමේ අංග සම්පූර්ණ ජංගම රසායනාගාර බස් රථ 08 ක් මෙරටට…

රුපියල් මිලියන 600 ක වටිනාකමින් යුත් වකුගඩු රෝගීන් පෙර හදුනාගැනීමේ අංග සම්පූර්ණ ජංගම රසායනාගාර බස් රථ 08 ක් පසුගිය සඳුදා (26) චීන රජය විසින් මෙරටට පරිත්‍යාග කෙරිණි. ශ්‍රී ලංකාවේ චීන තානාපති කියු ෂැන්හොං ( QI Zhenhong) මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම ජංගම රසායනාගාර බස්රථ තොගය කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී නිල වශයෙන් භාර දෙනු ලැබීය.
ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියකින් යුත් අංග සම්පූර්ණ මෙම ජංගම රසායනාගාර අනුරාධපුර, පොළොන්නරුව,වව්නියාව, අම්පාර, කුරුණෑගල, ත්‍රිකුණාමලය, මාතලේ හා බදුල්ල යන දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල වෙත ලබා දේ.
මෙම ජංගම රථයන්හි පහසුකම් මෙරට මූලික රෝහලක ඇති රසායනාගාර පහසුකම් වලට සමාන වන අතර එය විදුලි බලයෙන් ක්‍රියාත්මක කෙරේ.එහෙත් විදුලි බලය නොමැති අවස්ථාවක මෙන්ම විදුලි බලය නොමැති ප්‍රදේශයන්හි ද පරීක්ෂණ කළ හැකි අයුරින් විදුලි ජනන යන්ත්‍ර (Generator) පහසුකම් ඒ තුළ තිබේ.
දෛනිකව 500 ක පමණ පිරිසකට මෙමගින් පරීක්ෂණ කළ හැකි අතර එමගින් දිස්ත්‍රික් මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින් වකුගඩු රෝගීන් හඳුනා ගැනීම කළ හැකිය. එමෙන්ම කොවිඩ් වැනි හදිසි ව්‍යසන තත්ත්වයන්හි රසායනාගාර කටයුතු සඳහාද මෙම ජංගම රසායනාගාර භාවිත කළ හැකි බව වකුගඩු රෝග නිවාරණ හා පරීක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අසංග වි.රණසිංහ මහතා පවසයි.
මෙම ජංගම රසායනාගාර සඳහා පුහුණුව ලත් රියදුරෙකු සහ වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පීන් දෙදෙනෙකු යෙදවිය හැක. මේ වන විට මෙරට හේතුව නොදත් වකුගඩු රෝගීන් 65,000 ක් පමණ පිරිසක් දිවයින පුරා දිස්ත්‍රික්ක 10කින් වාර්තා වී තිබේ.
මේ අතර පසුගිය දා චීන රජය මඟින් මෙරටට එවනු ලැබූ රුපියල් මිලියන 650 ක ඖෂධ තොගය ද අද මෙරට චීන තානාපති කියු ෂැන්හොං ( QI Zhenhong) මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබීය. එය රුපියල් බිලියන 5 ක් වූ චීන සහනාධාර වැඩසටහන් දෙවන අදියරේ 1 වන තොගය ලෙස මෙරටට ලැබිණි. ජලභීතිකා රෝගයෙන් වැළකීම සඳහා වන එන්නත් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 17 ක් මෙම පරිත්‍යාග තොගයට ඇතුළත්ව ඇත.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා,
සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා මෙවැනි ඉහළ කාලීන පරිත්‍යාගයන් කිරීම පිළිබඳ චීන රජයට හා එහි ජනතාවට ස්තූතිවන්ත වන බවත් ඉතිහාසයේ පෙර නොවූ විරූ අති දුෂ්කර අවස්ථාවකට ශ්‍රී ලංකාව පැමිණ ඇති මොහොතේ එම පරිත්‍යාග අතිශය වැදගත් වන බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.
මෙවැනි අවස්ථාවකදී අවශ්‍යතාවයන් දැන කටයුතු කරන මිත්‍රශීලී රටවල් රැසක් ශ්‍රී ලංකාව සමග සිටින බවත් චීනය ඒ තුළ වඩාත් සමීප බවත් හෙතෙම කීය.
මෙය අතිවිශාල පරිත්‍යාගයක් වුවද එහි මුදලට වඩා මිල කළ නොහැකි සේවාවන් රැසක් සපයන ඉහළ වටිනාකමක් පවතින බවද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.
අර්බුදයකට මුහුණ දී සිටින අපට ලොව පුරා මිත්‍රශීලී රටවලින් ලැබෙන සහයෝගය වඩාත් වැදගත් මෙන්ම කාලෝචිත යැයි ද වසර 65කට 70 ට අධික ඉපැරණි මිත්‍රශීලීත්වයන් පවතින චීනය අඛණ්ඩව ශ්‍රී ලංකා සමඟ සිටි බවද අමාත්‍යවරයා කීය.
මෙහිදී අදහස් දැක්වූ චීන තානාපති කියු ෂැන්හොං ( QI Zhenhong) මහතා.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පසුගිය වසර කිහිපය තුළ ඉතා සතුටුදායී ලෙස දියුණු වී ඇති බවත් ගෝලීය වසංගත හා අනිකුත් අර්බුදකාරී තත්ත්වයන් තුළ වුවද අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සාර්ථකත්වයට පත් වී ඇති බවත් ඒ මහතා කීය.
ශ්‍රී ලංකා පුරවැසියන්ගේ කැපවීම ,දරා ගැනීම හා උත්සාහය මේ සියලු අභියෝග ජය ගැනීමට ප්‍රමුඛ වන බවත් ආර්ථික අර්බුදය, ජීවන අරගලය තුල එම අභියෝගාත්මක කාල සීමාව තරණය කිරීමට හැකි වන බවත් හෙතෙම කීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම් (සංවර්ධන) චන්ද්‍රරත්න පල්ලේගම, වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අසංග වී.රණසිංහ, අධ්‍යක්ෂ (තාක්ෂණික කමිටු ,කොවිඩ් 19 වසංගත රෝග කළමණාකරණ හා වෛද්‍යාධාර සම්බන්ධීකරණ) වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්ම මහත්මීන්ද සහභාගී වී සිටියහ.

ඉන්දික පොල්කොටුව
ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්
සෞඛ්‍ය අමාත්‍යාංශය

26/09/2022

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පොලොන්නරුව මහ රෝහලට අමතරව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල පිහිටල තියනවා. චීන අධාර මත පසුගිය ආණ්ඩු සමයේ ඉදිවුනු මේ රෝහලේ සම්පූර්ණ ධාරිතාවයෙන්ම තාම වැඩ නොවුනත්, ගිය වසරේ මා පොලොන්නරුවට පැමිනෙනෙ විට තිබූ තත්වයේ සිට අප සෑහෙන්න දුර ගමනක් සාර්ථකව පැමින තිබෙනවා.

ඒ අතරින් පසුගිය සතිය විශේෂයි. පසුගිය සතියේ පොලොන්නරුව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ මොළය මියගිය, වකුගඩු දායකයින්ගෙන් ලබා ගන්නා වකුගඩු බද්ධ කිරීම් (Deceased Donor Kidney Transplant / DDKT) දෙකක්ම සිදු වෙනවා. ඒ වකුගඩු දායකයින් දෙදෙනාම තරුණ උදවිය. කෙනෙක් අවුරුදු 45 ක කාන්තාවක්, මවක්, අනෙත් කෙනා අවුරුදු 31 ක විවාහක තරුණයෙක්. දෙදෙනාම නිරෝගීව ජීවත්වුනු අය. කර්මය හෝ දෛවය හෝ දෙවියන්ගේ කැමැත්ත හෝ නොසැලකිලිමත් කම නිසා හෝ මේ දෙදෙනාම හදිසි අනතුරු හේතු කොටගෙන අකල් මරණයන්ට ගොදුරු වෙනවා.
දුම්රිය අනතුරක් හේතුවෙන් රෝහලට ඇතුලත් කරන 45ස් හැවිරිදි කාන්තාව අඟහරුවාදා දිනයේදී මොළය මියගිය තත්වයට පත් වෙනවා. බ්‍රහස්පතින්දා සිදු වුන රිය අනතුරක් හේතු කරගෙන 31 හැවිරිදි තරුණයාත් මොළය මියගිය තත්වයට පත් වෙනවා. නොසිතූ මොහොතක තමන්ගේ ප්‍රියයන් වෙන්වීමේ දුක දරාගෙන, තවත් ජීවිත කිහිපයකටම ජීවය සලසන්න මිය ගිය අයවළුන්ගේ ඥාතීන් ඉදිරිපත් වෙනවා.

අඟහරුවාදා වුනු මරණයේදී, එක් වකුගඩුවක් පොලොන්නරුවේ රෝගියකුටත්, අනෙක් වකුගඩුව යාපනයේ සිටි රෝගියෙකුටත් බද්ධ කරනු ලැබුවා. බ්‍රහස්පතින්දා වුනු මරණයේදී එක් වකුගඩුවක් පොලොන්නරුවේ රෝගියකුටත්, ඔහුගේ අක්මාව සහ අනෙක් වකුගඩුව කොළඹ සිටි රෝගීන් දෙදෙනෙකුටත් බද්ධ කරනු ලැබුවා.
මේ උතුම් කර්තව්‍ය කල හැකි වුනේ මූලිකවම මියගිය අයවළුන්ගේ ඥාතීන්ගේ දාන පාරමිතා සිත් නිසායි. ඒ අය කැමැත්ත දුන්නේ නැත්නම්, ඒ තරුණ දේහයන් දෙකම නිකන්ම වැලලී යන්න තිබුනා. නමුත් දැන් මේ අකල් මරණ දෙකෙන් තවත් රෝගීන් පස් දෙනෙකුටම ජීවිතය පිළිබඳ නව බලාපොරොත්තු ලැබුනා.

මෙහෙම අවයව බද්ධයක් සිදු කරන විට රෝහල් කිහිපයකම මුළු කාර්ය මණ්ඩලයම අවදියෙන්. විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්, විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන්, වෘක්කවේද විශේෂඥ වෛද්‍යවරුන් සහ රුධිර පාරවිලනය සම්බන්ද විශේෂඥ වෛද්‍යවරුන් එයාලාගේ ජේශ්ඨ කනිෂ්ඨ කාර්‍යමණ්ඩලය සමගම මේ සඳහා දායක වෙනවා. රසායනාගාර බාරව සිටින වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන් මේ අවයව බද්ධය ගැලපීම බලන්න මහඟු කාර්‍යක් සිදු කරනවා.
රෝහල් රියදුරු මහතුන් මෙහිදී විශාල වගකීමක් දරනවා සාම්පල HLA Cross match පරීක්ෂණ සඳහා නුවර/ කොළඹ ලේ බැංකු වෙත රැගෙනෙයාමටත්, ශල්‍ය කර්මයෙන් වෙන් කරගන්නා ලද අවයව පුළුවන් ඉක්මනින් අදාල රෝහල වෙත රැගෙන යාමටත්.

වකුගඩු රෝගය පොලොන්නරුව ඇතුලු ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක්ම වෙලාගෙන පැතිරුනු ඛේදවාචකයක් කියලා ලංකාවේ සැමට දැන් නොරහසක්. විශාල රෝගීන් සංඛ්‍යාවක් වකුගඩු රෝගයේ විවිධ අවස්ථා පසු කරමින් ජීවිතය ගෙන යනවා. ඇතැමුන් බෙහෙත් ගන්නවා, ඩයලසිස් කරමින් ඉන්නවා තවත් සමහරක් වකුගඩු බද්ධයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ලංකාවේ වකුගඩු බද්ධ වර්ග දෙකක් සිදු කරනු ලබනවා. ජීවත්ව සිටින නිරෝගී වකුගඩු දායකයකුගෙන් ලබා ගන්නා වකුගඩු බද්ධ කිරීම (Live Donor Kidney Transplant / LDKT) සහ මොලය මියගිය, බොහෝවිට තරුණ දායකයින්ගෙන් ලබා ගන්නා වකුගඩු බද්ධ කිරීම් (Deceased Donor Kidney Transplant / DDKT).

ගෝලීය වශයෙන් සලකා බැලුවාම ලෝකයේ වැඩිපුරම සිදු කරනු ලබන්නේ මොලය මියගිය, දායකයින්ගෙන් ලබා ගන්නා වකුගඩු බද්ධ කිරීම් (Deceased Donor Kidney Transplant / DDKT). පසුගිය කාලය තුල ලංකාවේ වැඩිපුරම සිදු කරනු ලැබුවේ ජීවත්ව සිටින නිරෝගී වකුගඩු දායකයකුගෙන් ලබා ගන්නා වකුගඩු බද්ධ කිරීම (Live Donor Kidney Transplant / LDKT). නමුත් දැන් දැන් මොලය මියගිය, දායකයින්ගෙන් ලබා ගන්නා වකුගඩු බද්ධ කිරීම් (Deceased Donor Kidney Transplant / DDKT) ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා.

ජනතාව මේ පිළිබඳ වඩා දනුවත් වීමත්, හෙමින් හෙමින් හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන දියුනුවත් මීට හේතු වෙනවා.
ඉහත සඳහන් කල අවස්ථා දෙකේදීම මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්ගේ කැමැත්ත මත තමා මේ අවයව බද්ධයන් සිදු කෙරුනේ. නමුත් ඔබ නොදන්නවා වෙන්න පුළුවන්, ඔබට ජීවත්ව සිටියදීම මේ සඳහා ලියාපදිංචි වන්න පුළුවන් බව.
ලංකාවේ මේ අවයව බද්ධ වැඩපිලිවෙල තාම විධිමත්කරනය වෙමින් පවතිනවා. අපි හෙමින් හෙමින් ලොකු ගමනක් යනවා. ඒ සඳහා විශාල පිරිසක් නන් අයුරින් දායක වෙලා සිටියත්, ජනතාව මේ ගැන දනුවත් වීම මතයි මෙහි සාර්ථකත්වය රඳා පවතින්නේ. පහත සඳහන් වෙබ් අඩවි වෙත පිවිසීමෙන් මේ ගැන ඔබට වැඩිදුර තොරතුරු දැන ගන්නත්, මියගිය පසු අවයව දන් දීමට ලියාපදිංචිවන්නත් පුළුවන්. ලියාපදිංචි වීමෙන් පසු ලැබෙන කාඩ්පත ඔබ සමග ඔබේ පසුම්බියේ තබා ගන්න.

“නාමේ නොදිරනා ... කුණු කය දිරණා..අරුමෙකි සෝභා සංසාරේ...”
කියලා කිව්වට... අපි හැමෝටම නොදිරන නාමයන් නෑ.. අපි මියගිය පසුව ටික කලකින් අපේ ඥාතීන්ටත් අපිව අමතක වෙලා යනවා. නමුත් ඔබ අවයව බද්ධයකට ලියාපදිංචි වී සිටියෝතින්, ඔබ මියගිය පසු, ඒ දිරණ කුණු කය, තවත් රෝගීන් තුන් හතර දෙනෙකුට හෝ ඇතැම් විට ඊටත් වැඩි ප්‍රමාණයකට ජීවිතය පිළිබඳව අලුත් බලාපොරොත්තුවක් ලබා දේවි.

ලවණ්‍යා විජේසේකර
රුධිර පාරවිලනය සම්බන්ද විශේෂඥ වෛද්‍ය
ජාතික රුධිර පාරවිලන සේවය.

ඡායාරූප වෛද්‍ය Dulaj Chathuranga Kulathunga ගේ පිටුවෙන් - පොලොන්නරුව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල් ශල්‍යාගාරයෙන්

http://sjgh.health.gov.lk/donor-registration.php

http://www.health.gov.lk/moh_final/english/public/elfinder/files/publications/publishpolicy/2022/National%20Strategic%20Plan%20on%20Organ%20Tissue%20and%20Cell%20Transplantation%202022-2026.pdf

http://www.anatsocietysl.lk/organ-donation/index.html #

සෞඛ්‍ය සේවයේ ඔබ නොදකින නොඅසන කතාවක්.. ඔබ නොදකින චරිතයක් ගැන ඉදිරිපත් කිරීමක්. ඊයේ දින පලකල කතාවට දායක වූ වීර චරිතයක් ගැන...
24/09/2022

සෞඛ්‍ය සේවයේ ඔබ නොදකින නොඅසන කතාවක්.. ඔබ නොදකින චරිතයක් ගැන ඉදිරිපත් කිරීමක්. ඊයේ දින පලකල කතාවට දායක වූ වීර චරිතයක් ගැන හැදින්වීමක්. එකදු අකුරක්වත් වෙනස් නොකර වෛද්‍යවරයෙකුගේ වචනයෙන්ම අසා දැනගන්න....

========================================

ඔබ ඊයේ කියවූ කතාවේ අතුරු කතාවක් මචං...

ඊයේ කීවේ අධික වේගය රැගෙන ගිය අවුරුදු 31ක තරුණ ජීවිතයක් ගැන,
අද කියන්නේ ජීවිත තුනකට ජීවය දුන්න වේගයක් ගැන.

මේ අපේ පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ ගිලන් රථ රියදුරු මහතෙක් ගැන.

අපේ ICU එකේ හිටපු මොලය මිය ගිය රෝගියාගේ ලේ සාම්පල දෙකක් සහ වකුගඩු ලබා ගැනීමට පොරොත්තු ලේඛණයේ හිටපු රෝගීන්ගේ ලේ සාම්පල සහිත ගිලන් රථ රියදුරාට ලැබුණු රාජකාරිය තමා මහනුවර ජාතික රෝහලට එක සාම්පල කට්ටලයක් දීලා අනිත් ටික කොලඹ ලේ බැංකුවට දෙන එක හැබැයි අභියෝගය තමයි ලේ ගත්ත වෙලාව සහ කොලඹට බාර දෙන වෙලාව අතර පරතරය පැය 6 ඉක්මවන්න බැහැ කියන එක.
ගමන් මාර්ගය පොලොන්නරුවෙන් මහනුවර ජාතික රෝහලට ගිහින් එතනින් කොලඹට ගිහින් නැවත පොලොන්නරුව රෝහලට පැමිණීම. දුර කිලෝමීටර් 500කට වැඩී පොලොන්නරුවේ ඉදන් නුවරට ගිහින් කොලඹ යන්නත් කිලෝමීටර් 350කට ආසන්න දුරක්. හොදමදේ යන්නේ කදු පාරවල් වල ටැංකියේ උපරිම තෙල් ධාරිතාව ලීටර් 70යි. ලීටරයට කිලෝමීටර් 7-8යි වැඩ. (ගිනි වේගෙටෙ පෑගුවොත් ගෙදර එන්න තෙල් නෑ) පාන්දර 12.30ට හම්බෙන ලේ සාම්පල ලියකියවිලි වැඩවලින් පස්සේ 1ට පමණ පොලොන්නරුවෙන් පිටත් වෙනවා. යන්නේ ලේ සාම්පල අරන් විතරක් උනාට මේ රියදුරු අතේ ජීවිත 3ක් එදා රෑට තීරණය වෙනවා. සයිරනුත් නැතිව ගිහින් පාන්දර 6ටත් කලින් මට කෝල් කරා
"ඩොක්ට නාරාහේන්පිට ඉන්නේ සාම්පල් දුන්නා" කියලා.

සතුටට වෙන මොනා කියන්නද මචං,
"පරිස්සමෙන් වරෙන්"
කියලා තිබ්බා.

පාරේ යන ගිලන් රථයකට ඉඩ දෙන්න සයිරන් ගහනකල් ඉන්න එපා. ටිකක් අයිනට ගමු.

🙏🙏🙏

වෛද්‍ය දුලාජ් චතුරංග කුලතුංග
අවයව බද්ධ කිරීමේ සම්බන්ධීකාරක
ජාතික වෘක්කවේද විශේෂිත රෝහල
පොලොන්නරුව

පොළොන්නරුව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේදි අද දින තවත් සාර්ථක වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මක් සිදුකෙරෙමින් පවතී. හදිසි අනත...
23/09/2022

පොළොන්නරුව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේදි අද දින තවත් සාර්ථක වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මක් සිදුකෙරෙමින් පවතී.
හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වයස අවු: 31 ක තරුණයෙකුගේ අවයව මෙසේ බද්ධ කිරීමට පරිත්‍යාග කෙරිණි.
මෙම අවයව අතරින් එක් වකුගඩුවක් පොලොන්නරුව තුල මේවනවිට සැත්කම සිදුවෙමින් පවතින අතර එක් වකුගඩුවක් කොලඹ ජාතික රෝහලේදී ද, අක්මාව මහ නුවර ජාතික රෝහලේදී ද බද්ධ කෙරෙණු ඇත.
මෙම පුණ්‍යකර්මය සදහා දායකත්වය ලබාදුන් එම පවුලේ සැමට සහ අධ්‍යක්ෂතුමාට සහ අනෙකුත් කාර්ය මණ්ඩල සැමට පිං අනුමෝදන් කරන්නෙමු.

📷 ජායාරූප උපුටාගැනීම -
වෛද්‍ය දුලාජ් චතුරංග කුලතුංග
අවයව බද්ධ කිරීමේ සම්බන්ධීකාරක
ජාතික වෘක්කවේද විශේෂිත රෝහල පොලොන්නරුව

වකුගඩු රෝගීන්ට කන්න හොඳ මොනවද ? හොඳ නැත්තේ මොනවද ?වකුගඩු රෝගයේ අමිහිරිබව අත්විඳින ඇත්තන් බොහොමයි. එයට බාල, තරුණ, මහලු කි...
20/08/2022

වකුගඩු රෝගීන්ට කන්න හොඳ මොනවද ? හොඳ නැත්තේ මොනවද ?
වකුගඩු රෝගයේ අමිහිරිබව අත්විඳින ඇත්තන් බොහොමයි. එයට බාල, තරුණ, මහලු කියලා වෙනසක් නැහැ. රෝගයේ ඇති වේදනාවන් දන්නේ ඒ රෝගීන්ම පමණයි. ඒ හින්දා වකුගඩු රෝගීන් ආහාර පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුමයි.
වකුගඩු කියන්නේ මිනිස් සිරුරට අත්‍යවශ්‍ය දෙයක්. එමඟින් සිදුකෙරෙන්නේ රුධිරයේ ඇති අපද්‍රව්‍ය සහ අතිරේක තරල ඉවත් කිරීමයි. වකුගඩු ආබාධයක් තියෙනවා නම් එම කාර්යය නිසි පරිදි සිදු වෙන්නේ නැහැ. එවැනි අවස්ථාවල මෙම අපද්‍රව්‍ය සහ අතිරේක තරල රුධිරයේ එක්රැස් වීමක් සිදු වෙනවා.
එය ඔබේ රෝගීබව වැඩි කරන්නට හේතුවක්. ඒ වගේම ජීවිතය අවදානමට හෙළන්නක්.
මෙම අපද්‍රව්‍ය හා තරල රුධිරයට එකතු වන්නේ අපි ආහාරයට ගන්න කෑම බීම මඟින්. ඒ නිසයි වකුගඩු ආබාධයක දී වෛද්‍යවරුන් නිර්දේශ කරන කෑම, බීම ආදිය නිර්දේශිත පිළිවෙළටම ගත යුත්තේ. එමඟින් රුධිරයේ අපද්‍රව්‍ය හා තරල එක්රැස්වීම පාලනය වීමක් සේම වකුගඩුවලට පැවරෙන කාර්යය සැහැල්ලු කර එම ඉන්ද්‍රියයන්වලට විවේකයක් ලබා දෙනවා. ඒ නිසා තමයි වකුගඩු ආබාධ සහිත රෝගීන් ආහාර පාලනය කිරීම වැදගත් වන්නේ.
එහෙත් එක් එක් පුද්ගලයා හට ඇති වී තිබෙන වකුගඩු ආබාධයේ තත්ත්වය අනුව ආහාර පාලනය කළ යුතු ආකාරය වෙනස් වෙනවා. එසේ වුවත් පොදුවේ ‍වකුගඩු රෝගීන් පහත කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්.
පොටෑසියම් අඩංගු ආහාර
පොටෑසියම් කියන්නේ සිරුරට අත්‍යවශ්‍ය දෙයක් වුවත් වකුගඩු රෝගීන්ට නම් එය හිතකර පෝෂකයක් වෙන්නේ නැහැ. හෘදය, ස්නායු හා මාංස පේශිවල මනා ක්‍රියාකාරිත්වයට ‘පොටෑසියම්’ කියන මේ ඛනිජ පෝෂකය අත්‍යවශ්‍යයි. වකුගඩුවල එක් වැදගත් කාර්යභාරයක් වන්නේ ශරීරයේ නියමිත පොටෑසියම් ප්‍රමාණය පවත්වාගෙන යාමයි.
නමුත් ශරීරයේ අධික ලෙස පොටෑසියම් තිබීමෙන් හෘද ස්පන්දනය නැවතී යාමට පවා ඉඩකඩ තිබේ. ඒ අනුව ශරීරයේ ඇති පොටෑසියම් ප්‍රමාණය අධික ලෙස ඉහළ යාම අනතුරුදායක තත්ත්වයක් වන අතර වකුගඩු රෝගීන් පොටෑසියම් වැඩි ආහාරවලින් වැළකීම නුවණට හුරුයි. පොටෑසියම් වැඩි ආහාර ලෙස පහත දැක්වෙන ආහාර වර්ග හඳුන්වන්න පුළුවන්.
අහිතකරම ආහාර
කෙසෙල්, අලිගැටපේර, අර්තාපල්, වියළි පලතුරු, තක්කාලි, චොකලට්, බිම්මල්, මාංස භෝග, දෙහි, දොඩම්, නාරං ආදී පැඟිරි කුලයේ පලතුරු, ආදිය පොටෑසියම් අධික ආහාර අතර විශේෂයි. ඒ නිසා මෙම අහාර ගැනීම අහිතකරයි.
ප්‍රෝටීන්අධික ආහාර
මස්, මාළු, බිත්තර, කිරි, චීස් සහ අනෙකුත් කිරි නිෂ්පාදන ද කඩල, කව්පි, පරිප්පු, සෝයා වැනි වියළි ඇට වර්ග ද ප්‍රෝටීන් වැඩි ආහාර කාණ්ඩයට අයත්. දිනපතා ශරිරයේ වර්ධනයට සහ ශරීරයේ ගෙවී ගිය කොටස් අලුත්වැඩියා කිරීමට ප්‍රෝටීන් අවශ්‍ය වෙනවා. ඒවා අප ලබාගන්නේ අප දිනපතා ගන්නා ආහාර මර්ගයෙන්. එසේ ලබාගන්නා ප්‍රෝටීන් ප්‍රයෝජනයට ගැනීමෙන් පසුව යූරියා නමැති අපද්‍රව්‍ය බවට පත්වනවා. යම් පුද්ගලයකුගේ වකුගඩු නිසියාකාරව ක්‍රියා නො කරන විටෙක මෙම අපද්‍රව්‍ය‍ ශරීරයෙන් ඉවත් කිරීමේ අපහසුවක් ඇතිවේ. එවිට යූරියා පිටකළ නො හැකිව ශරීරය තුළ එක්රැස් වේ. එම නිසා වකුගඩු රෝගීන් හට ප්‍රෝටීන් අධික ආහාර ගැනීමේ පාලනයක් තිබිය යුතුයි.
විවිධාකාරයේ වකුගඩු රෝග පවතින නිසා, ඒවායේ දී ලබාගත යුතු ප්‍රෝටීන් ප්‍රමාණය ද විවිධාකාරය.
ඔබ කාලයක සිට වකුගඩු ආබාධයකින් පෙළෙන්නකු නම්, ආහාර මඟින් ලබාගන්නා ප්‍රෝටීන් ප්‍රමාණය අඩු කළ යුතුයි.
කාලීන ‍වකුගඩු රෝගයකින් පෙළෙන රාත්තල් 190 ක් බරැති පිරිමි අයෙක් පිසින ලද ප්‍රෝටීන් අවුන්ස 6ක් දිනකට තම ආහාර මඟින් ලබා ගැනීම ප්‍රමාණවත් වේ.
කාලීන වකුගඩු රෝගයකින් පෙළෙන බර රාත්තල් 140 ක් පමණ වන කාන්තාවක් දිනකට තම ආහාර මඟින් ප්‍රෝටීන් අවුන්ස 4 ක ප්‍රමාණයක් ලබාගැනීම ප්‍රමාණවත් වේ. (දිනකට බිත්තරයක්, කුකුළු මස් කුඩා කැබැල්ලක් මේ හා සමාන වේ.)
සෝඩියම් අඩංගු ආහාර (ලුණු අධික ආහාර)
වකුගඩු රෝගීන් එදිනෙදා ආහාර වේලෙන් ලබා ගන්නා සෝඩියම් ප්‍රමාණය අඩු කිරීම ගුණදායකයි. එනම් වකුගඩු රෝගීන් තම ආහාර වේල සඳහා ලුණු අඩුවෙන් එකතු කරගත යුතුයි. අධික ලුණු භාවිතය අධි රුධිර පීඩනය ඇතිකරන්න ද හේතුවයි.
සාමාන්‍යයෙන්, චීස්, කෙටි කෑම, සුප්, චට්නි හා සෝස් වර්ග, සොසේජස්, හැම්, බේකන්, සමහර ටින් කළ ආහාර ලුණු වැඩිපුර එකතු කරන ලද ආහාර වේ. වකුගඩු රෝගීන් මෙවැනි ආහාරවලින් වැළකී සිටීම ඔවුන්ගේ සෞඛ්‍යයට ගුණදායකයි.
ලුණු වැඩිපුර එකතු කරන ලද ආහාර ගැනීමෙන් ශරීරයේ තරල (වතුර) ප්‍රමාණය ද වැඩි වේ. මෙලෙස ශරීරයේ අමතර තරල එක්රැස් වීම ශරීර සෞඛ්‍යයට ගුණදායක වන්නේ නැත. එසේ ශරීරයේ අමතර තරල එක්රැස් වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතා, ඉදිමීම වැනි තත්ත්වයන් හා ශරීරයේ බර වැඩි වීමට ඉඩ ඇති බැවින් වකුගඩු රෝගීන් ලුණු තම ආහාර වේලට එක්කර ගැනීමේදී සැලකිලිමත් විය යුතුයි.
පොස්පරස් අඩංගු ආහාර
කිරි සහ කිරි නිෂ්පාදන වන චීස්, පුඩිං, යෝගට්, අයිස්ක්‍රීම් ද වියළි ඇට වර්ග/ මාංස භෝග, මස් වර්ග, බිම වර්ග, එනම් කෝලා වර්ග, බියර් ආදිය පොස්පරස් වැඩි ආහාර වශයෙන් හඳුනා ගන්න පුළුවන්. පොස්පරස් යනු ශරීරයේ අස්ථි ශක්තිමත්ව හා නිරෝගීව තබාගැනීමට උපකාරී වන පෝෂකයක්. නමුත් වකුගඩු රෝගී තත්ත්වයක දී රුධිරයේ ඇති පොස්පරස් හා කැල්සියම් සමතුලිතතාව බිඳ වැටේ. එමෙන්ම වකුගඩු රෝගී තත්ත්වයක දී ශරීරයේ වැඩිපුර ඇති පොස්පරස් ප්‍රමාණය ඉවත් කිරිමට වකුගඩුවලට නොහැකි වේ. මේ නිසා රුධිරයේ පවතින පොස්පරස් මට්ටම ඉහළ යන අතර කැල්සියම් ප්‍රමාණය පහළ වැටීමක් සිදුවේ. ඒ අනුව රුධිරයේ ඇති පොස්පරස් මට්ටම පාලනය කිරිමට නම් වකුගඩු රෝගීන් ඉහතින් සඳහන් කළ පොස්පරස් අධික ආහාර පාලනය කළ යුතුයි.
දියරමය ආහාර
වකුගඩු රෝගීන් ගත යුතු දියර ප්‍රමාණය සීමා කළ යුතු වුවත් එක් එක් රෝගියාගේ රෝගී තත්ත්වය අනුව සීමා කළ යුතු දියර ප්‍රමාණය වෙනස් වේ.
රුධිර කාන්දුකරණය කරන රෝගීන් (ඩයලසිස්) වෛද්‍ය උපදෙස් මත ගත යුතු දියර ප්‍රමාණය තීරණය වේ.
ඩයලසිස් කරන ඇතැම් රෝගීන් ඔවුන්ගේ ශරීරයේ තිබෙන දියර සමතුලිතතාව සහ යහපත් රුධිර පීඩනයක් පවත්වා ගැනීමට ප්‍රමාණවත් තරමේ දියර ප්‍රමාණයක් ගත යුතුයි.
අදාළ රෝගියාගේ මුත්‍රා පිටවන ප්‍රමාණය මැන එම ප්‍රමාණයට වඩා වැඩිපුර වතුර කෝප්ප 2 ක් හෝ 3 ක් වශයෙන් ගත යුතු ලෙස දියර ප්‍රමාණය තීරණය වේ.
කැලරි ලබාගත යුතු ආකාරය
සාමාන්‍යයෙන් වකුගඩු රෝගියකු වැඩි කැලරි ප්‍රමාණයක් ලබාගත යුතුයි. ශක්තිය ලැබෙන්නේ කැලරි මඟින්.
නමුත් මෙම රෝගීන් ලබාගන්නා ප්‍රෝටීන් ප්‍රමාණය සීමිත නිසා ශරිරයට ලැබෙන කැලරි ප්‍රමාණය ඉතා අඩුයි. ශරිරයට අවශ්‍ය කැලරි ලබාගත යුත්තේ පිටි සහ තෙල් ආහාර මඟින්.
එහෙත් වකුගඩු රෝගියා දියවැඩියා රෝගියකු ද වන්නේ නම් ඒ සඳහා විශේෂ වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.
කෑමට සුදුසු ආහාර
පහත සඳහන් ආහාර වර්ග වකුගඩු රෝගීන්ට හිතකර වේ. එහෙත් ඒවා ද අධිකව නොගත යුතු අතර වෛද්‍ය නිර්දේශය මත ලබාගත යුතු ප්‍රමාණය තීරණය වේ.
රතු බෙල්පෙපර්, ගෝවා සුදු හා රතු දෙකම, මල් ගෝවා, සුදුලූනු, රතුලූනු, ඇපල්, ස්ට්‍රෝබෙරි, රතු මිදි, බිත්තර සුදු මද, මාළු, ඔලිව් තෙල්, කරවිල,
පුහුල්, කොමඩු, වට්‌ටක්‌කා, පිපිඤ්ඤා, කැකිරි, තියඹරා, දේවදාලි (වැල්රඹුටන්), ගොකටු, නීරමුල්ලිය, කෝමාරිකා, අක්‌කපාන, මුරුංගා, ගොකටු, පොල්පලා, නෙල්ලි

වකුගඩු ගල් ඇති වීම පාලනය කරන කරවිලතිත්ත රසයෙන් යුතු වුවත් ඖෂධීය ගුණයෙන් අනූන කරවිල යනු මිනිස් සිරුරේ නොයෙක් රෝග සමනය කිර...
05/08/2022

වකුගඩු ගල් ඇති වීම පාලනය කරන කරවිල

තිත්ත රසයෙන් යුතු වුවත් ඖෂධීය ගුණයෙන් අනූන කරවිල යනු මිනිස් සිරුරේ නොයෙක් රෝග සමනය කිරීම සඳහා ආහාරයට එකතු කර ගත යුතුම එළවළු වලින් එකකි. එනම් Memordia charantia උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කරවිලවල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. ඒ අතර විටමින් ඒ, ඊ, තන්තු , ප්‍රෝටීන්, පෝලේට්, සින්ක්,කොපර්,මේදය මැග්නීසියම්, කැල්සියම් ආදී පෝෂ්‍ය පදාර්ථ රැසක් කරවිල වල අඩංගුවේ.

මේ ආදී වූ බොහෝ ගුණයන් කරවිල වල අඩංගු වන නිසාම අදවන විට බොහෝ රටවල් කරවිල භාවිතා කොට ඖෂධ නිෂ්පාදනය කිරීමද සිදුකරනු ලැබේ. බොහෝ ගෘහණියන් කරවිල තිත්ත රසයෙන් යුතු වුවද විවිධාකාරව සකස් කර ආහාරයට එක්කර ගනී. එනම් කරවිල ව්‍යංජනයක් ලෙස සලාදයක් ලෙස මැල්ලුමක් ලෙස හා වර්තමානය වන විට ඖෂධීය පානයක් ලෙස ද භාවිතා කරනු ලබයි.මේ ආදී වශයෙන් ගුණ දෙන කරවිල වල ප්‍රභේද කිහිපයක් හඳුනාගත හැකිය.

තුඹ කරවිල
බටු කරවිල
මැලේසියන් කරවිල
හෙළ කරවිල ආදී වශයෙන් වර්ග කිහිපයක් හඳුනාගත හැකිය.
කරවිල වල ඖෂධීය භාවිතය

පිළිකා ඇතිවීම වළක්වයි.මාරාන්තික රෝගයක් වන පිළිකා රෝගය අද වන විට වයස් භේදයකින් තොරව බාල මහළු සෑම සියලු දෙනාටම වැළඳී තිබේ. පිළිකා රෝගය ඇතිවීම වැළැක්වීමට මෙන්ම ඇතිවූ පිළිකා මර්දනය කිරීමට සුදුසු වන ආහාරයක් ලෙස කරවිල හැඳින්විය හැකිය. එනම් පිළිකා රෝගීන් වැඩි වශයෙන් කරවිල ආහාරයට එකතු කර ගැනීමෙන් පිළිකා සෛල ඇතිවීම පාලනය කරගත හැකිය. එනම් කරවිල පමණක් නොව කරවිල ඇට ආහාරයට ගැනීමද ගුණදායකය. එනම් විශේෂයෙන් පියයුරු පිළිකා ඇතිවීම වළක්වාගත හැකි බව කරන ලද පරීක්ෂණ වලින්ද තහවුරු වී තිබේ.

ශරීරයේ විෂ නසයි.මධ්‍යසාර වර්ග, විවිධ ඖෂධ වර්ග, කෘතිම රසකාරක මිශ්‍ර ආහාර භාවිතා කිරීම හෝ සර්ප විෂ වැනි විෂ වර්ග ශරීරය තුළ තැන්පත් වී ඇත්නම් එවැනි අවස්ථාවක එම විෂ ඉවත් කිරීමට කරවිල ආහාරයට එක් කර ගැනීම වඩාත් සුදුසුවේ. එනම් කරවිල ආහාරයට ගැනීමෙන් හෝ කරවිල යුෂ පානය කිරීමෙන් ශරීරයේ එසේ එක් රැස් වු විෂ නාශනය කිරීම සිදුකරනු ලැබේ. මේ නිසා එවැනි රෝග තත්ත්වයන් සමනය කිරීමටද භාවිතා කළ හැකි කරවිල ගුණදායක එළවළුවකි.

චර්ම රෝග සමනය කරයි.කරවිල ආහාරයට එකතු කර ගැනීමෙන් දද කුෂ්ට තුවාල … ආදී චර්ම රෝග ඉක්මනින් සුව කරගත හැකිය. ඊට අමතරව දියවැඩියාව නිසා ඇති වූ තුවාලයද කරවිල ආහාරයට ගැනීමෙන් සුව කරගත හැකිය.

රුධිරය පිරිසිදු කරයි.රුධිරය අපිරිසිදු වීමෙන් ශරීරයේ නොයෙක් රෝග තත්ත්වයන් ඇතිවේ. එසේ රුධිරය අපිරිසිදු වූ විටෙක එම රුධිරය පිරිසුදු කරගැනීමට කරවිල මදක් තම්බා හෝ කරවිල යුෂ පානය කිරීම සුදුසුය. එනම් එමගින් කරවිල වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ මගින් රුධිරයේ පවතින අපද්‍රව්‍ය ඉවත් කර රුධිරය පිරිසිදු කිරීම සිදු කරනු ලැබේ. මේ නිසා එවැනි රෝගීන්ට කරවිල ආහාරයට ගැනීම ගුණදායකය.

දියවැඩියාව ඇතිවීම පාලනය කරයි.බෝ නොවන රෝග අතර බෝවන රෝග වලටත් වඩා සීග්‍රයෙන් ව්‍යාප්තව යන දියවැඩියා රෝගය පාලනය කර ගැනීම සඳහා ආහාරයට ගත යුතුම එළවළුවක් ලෙස කරවිල හැඳින්විය හැකිය. එනම් කරවිල ව්‍යාංජනයක්, සලාදයක් , ලෙස හෝ කරවිල යුෂ පානය කිරීමෙන් රුධිරගත සීනි මට්ටම පාලනය කරගත හැකිය නමුත් වැඩි වශයෙන් කරවිල භාවිතා කරන විට කෘතිම බෙහෙත් භාවිතා කිරීම නොකළ යුතුය. එනම් එමගින් සීනි මට්ටම අසාමාන්‍ය ලෙස පහත බැසිය හැකිය. මේ නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් පසුව කරවිල ආහාරයට ගැනීම එම රෝගියාගේ සෞඛ්‍යයට වඩාත් හිතකරය

මලබද්ධය ඇතිවීම පාලනය කරයි.බොහෝ දෙනෙකුට පවතින බඩ වේලීමේ තත්ත්වය හෙවත් මළපහ පිට කිරීමට අපහසු වීමේ රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා ආහාරයට එක්කර ගැනීමට සුදුසු එළවළුවක් ලෙස කරවිල හැඳින්විය හැකිය. එනම් කරවිල ආහාරයට ගැනීමෙන් එහි අඩංගු තන්තු මගින් ආහාර හොඳින් ජීර්ණය කර මලබද්දය ඇතිවීම පාලනය කරයි.

ශරීර වේදනාවන් සමනය කරයි.කරවිල ව්‍යංජනයක් ලෙස සලාදයක් ලෙස හෝ කරවිල යුෂ පානය කිරීම මගින් ශරීරයේ ඇතිවන නොයෙකුත් වේදනාවන් සමනය කරගත හැකිය.

ආහාර අරුචිය දුරු කර ආහාර රුචිය වැඩි කරයි.කරවිල ආහාරයට ගැනීමෙන් එහි අඩංගු තන්තු ආහාර හොඳින් ජීර්ණය කිරීම සිදුකරනු ලබයි. එමෙන්ම කරවිල වල අඩංගු රසායනික සංයෝග ආහාර අරුචිය දුරුකර ආහාර රුචිය වැඩි දියුණු කරයි මෙලෙස ආහාර අරුචිය ඇති අවස්ථාවක ව්‍යංජනයක් හෝ කරවිල යුෂ ස්වල්පයක් පානය කිරීම ගුණදායකය.

අර්ශස් රෝගය සමනය කිරීමට
අහිතකර කොලෙස්ට්‍රොල් පාලනය කිරීමට
සම පැහැපත් කිරීමට
වකුගඩු වල ගල් ඇති වීම පාලනය කිරීමට
සෙම් රෝග සමනයට
පැපොල,සරම්ප, වසූරිය, රෝග සමනය කිරීමට
කරවිල යනු ඖෂධීය ගුණයෙන් යුතු එළවළුවකි.
කෙසේ නමුදු කරවිල ශරීරයට නුසුදුසු අවස්ථාද තිබේ.
දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයින් ඖෂධ වර්ග භාවිතා කරන අතර තුර කරවිල ආහාරයට ගැනීම නුසුදුසුය. එනම් එමගින් සීනි මට්ටම අසාමාන්‍ය ලෙස පහත බැසිය හැකිය.ගර්භණී මව්වරුන්ට ,කිරි දෙන මව්වරුන්ට නුසුදුසුය. එනම් කරවිල වල අඩංගු රසායනික සංයෝග රුධිර ගමනාගමනය වැඩි කිරීම සිදුකරයි. මේ නිසා එවැනි අවස්ථාවක කරවිල ආහාරයට නොගත යුතුය.මේ ආදී වශයෙන් කරවිල සුදුසු අවස්ථාවන්වල ආහාරයට ගැනීමෙන් නොයෙක් රෝග තත්ත්වයන් සුව කරගත හැකිය.

'මන්කි පොක්ස්' වසංගත අවදානමට - දැනුම් සූදානම!!මෑතක් වන තෙක්ම මධ්‍යම සහ බටහිර අප්‍රිකානු කලාපයේ පමණක් දක්නට ලැබුණු, බෝවන ...
05/08/2022

'මන්කි පොක්ස්'

වසංගත අවදානමට - දැනුම් සූදානම!!

මෑතක් වන තෙක්ම මධ්‍යම සහ බටහිර අප්‍රිකානු කලාපයේ පමණක් දක්නට ලැබුණු, බෝවන රෝගයක් වන 'මන්කි පොක්ස්' තත්වය ලොව විවිධ රටවල් ආක්‍රමණය කරමින් පැතිර යන්නට පටන්ගත් අවස්ථාවේ දී ම, ඒ පිළිබඳව මූලික කරුණු ඔබ වෙතගෙන එන්නට අප කටයුතු කලා.

රටවල් 75 කට පමණ ඉතා ඉක්මනින් මෙම රෝගයේ පැතිරීමත්, තහවුරු කල මරණ පහක් සමගින් 16,000කටත් වඩා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟම ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය 'ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක්' (Public Health Emergency of International Concern) ලෙස ප්‍රකාශයට පත් කරන්නට කටයුතු කලා. අප රටෙන් තවම රෝගීන් වාර්තා වී නැතත් , ලංකාව අවට රටවල් කිහිපයකටම 'මන්කිපොක්ස්' ඇතුලු වී ඇති අවස්ථාවක නැවත වතාවක් ඔබේ දැනුම මෙලෙස යාවත්කාලීන කිරීම වැදගත් වනු ඇතැයි අප විශ්වාස කරනවා.

'මන්කි පොක්ස්' ආසාදිත පුද්ගලයෙකු සමඟ ඉතා සමීප ආශ්‍රය හරහා නිරෝගී අයෙකුගේ සිරුරට වෛරසය ඇතුලු විය හැකියි. රෝගය නිසා ඇතිවන බිබිලි හා තුවාලවල , අනෙකුත් ශාරීරික තරලවල, අසාදිත ශ්වසන බිඳිතිවල මෙන්ම ආසාදිතයා මෑතක දී භාවිතා කල ඇඳ ඇතිරිලි වැනි දෑ වලත් වෛරසය අඩංගු විය හැකි බව සඳහන්. එනමුත් මෙය ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් නොවේ.

උණ, වසාගැටිති ඉදිමීම, මස් පිඩු වේදනාව, ශරීරයේ දැඩි විඩාපත්බව සමග , ඇතිවන බිබිලි මෙහි දී රෝග ලක්ෂණ ලෙස දක්නට ලැබෙනවා. ආසාදිතයෙකුට නිරාවරණය වී දින 5 - 21 කාලයක් රෝග ලක්ෂණ පහළ වීමට ගතවිය හැකියි.

සාමාන්‍යෙයෙන් උණ ඇති වී දින 1-3 ගත වනවිට බිබිලි හටගැනීම සිදුවන අතර ප්‍රධාන වශයෙන් මුහුණත් දෑත් සහ පතුල්වලත් මේවා දකින්නට ලැබෙනවා. එමෙන්ම මුඛය, ලිංගික ප්‍රදේශ සහ ඇස් ආශ්‍රිත ශ්ලේෂ්මල වලත් වේදනාකාරී බිබිලි / තුවාල හටගන්නා අවස්ථා තිබෙනවා. මුලින්ම පැල්ලම් ලෙස මතුවී, බිබිලි , ගැටිති සහ දිය පට්ටා හෝ සැරව බිබිලි බවට පත්වෙන මෙම කුෂ්ඨ සුව වන විට සම මතුපිට කබොල්ලක් සෑදෙන අතර ඒවා ද සම්පූර්ණයෙන් හැලී යෑමෙන් පසුව ආසාදනය සුව වී ඇති බව නිගමනය කල හැකි වනවා. මෙම රෝග ලක්ෂණ, පැපොල / අත් - පා - මුඛ රෝගය වැනි සුලබ වෛරස ආසාදන වලදීත් දැකිය හැකි නිසා නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගැනීම මෙන්ම , රෝග ලක්ෂණ ඇති වූ වහාම අන් අයගෙන් වෙන් වී සිටීමත් ඉතා වැදගත්.

'මන්කි පොක්ස්' සාමාන්‍යයෙන් සති 2-4 කාලයකින් ඉබේ සුවපත්වන (Self limiting) රෝගයක් වුවත් , ප්‍රතිශක්ති ඌණතා සහිත පුද්ගලයින්ට සහ කුඩා දරුවන්ට සංකූලතා ඇති වීමේ අවදානමක් පවතිනවා. මේ වනවිට මෙම වසංගතයේ මරණ අනුපාතය ගණනය කර ඇත්තේ 3 -6 % ලෙසයි. එමෙන්ම මෙම රෝගය බෝවීමේ වේගය, පැපොල / සරම්ප වැනි වෛරස් රෝග බෝවීමේ වේගය හා සැසඳූ කල ඉතා අඩු අගයක් බව දැක්වෙනවා.

පවත්නා අර්බුදකාරී වාතාවරණය හමුවේ මේ වසංගත අභියෝගයත් කෙලෙස හෝ ජයගැනීමට අපට සිදු වෙනවා. ඒ සඳහා අප විසින් ලබා දෙන මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් උපරිම සහයෝගය ලබා දීමට පුරවැසි ඔබ කටයුතු කරනු අතැයි අප බලාපොරොත්තු වෙනවා.

මූලාශ්‍රය - Health Promotion Bureau

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 06 වන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හට චීන රජයේ පරිත්‍යාගය...
11/06/2022

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 06 වන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හට චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු පොළොන්නරුවේ ඉදිකරන ලද චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල ශ්‍රී ලාංකේය සෞඛ්‍ය පද්ධතිය හා එක්කරමින් ජනතා අයිතියට පත්කොට වසරක් පිරීම නිමිත්තෙන් පළමු වර්ෂ පූර්ණ සැමරුම හා ප්‍රගති සමාලෝචන රැස්වීම 06 වන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින (11) පොළොන්නරුව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙයට සමගාමීව ශ්‍රී ලංකා - චීන මිත්‍රත්වය පිළිඹිබු කරන ඡායාරූප ප්‍රදර්ශනයක් ද රෝහල් පරිශ්‍රයේදී සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා චීන තානාපති කී සොන්හොංග් මැතිතුමා ප්‍රමුඛ දූත පිරිස, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, පොළොන්නරුව මහ රෝහලේ සහ ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ අධ්‍යක්ෂ, වයඹ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා ප්‍රමුඛ රෝහල් කාර්යමණ්ඩලය සහභාගි විය.

සුවසේවයේ අභිමානවත් වර්ෂපූර්ණය2021.06.11 - 2022.06.11National Nephrology Specialized Hospital - Polonnaruwa
10/06/2022

සුවසේවයේ අභිමානවත් වර්ෂපූර්ණය
2021.06.11 - 2022.06.11
National Nephrology Specialized Hospital - Polonnaruwa

බැතිබර ආරාධනා
14/05/2022

බැතිබර ආරාධනා

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල වන පොළොන්නරුව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල සිය ගමන් මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සිදුකරන ...
15/03/2022

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල වන පොළොන්නරුව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල සිය ගමන් මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සිදුකරන ලද ප්‍රථම වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය ඊයේ ( 14 ) දිනයේදී සාර්ථකව සිදුකරන ලදී. වකුගඩු අකර්මණ්‍යව සිටි කුරුණෑගල ප්‍රදේශයේ 28 හැවිරිදි තරුණියකට 49 හැවිරිදි සිය මව විසින් තම වකුගඩු පරිත්‍යාගය සිදුකර තිබීම මෙහි විශේෂත්වයකි.

ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ රැධිරවාහීනී හා අවයව බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය බුද්ධිමා ජයවික්‍රම මහත්මියගේ මූලිකත්වයෙන් එහි ශල්‍යාගාර කාර්‍ය මණ්ඩලය, පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය නිලධාරී ධම්මික චන්ද්‍රසිරි මහතා සහ ශල්‍යාගාර කාර්‍ය මණ්ඩලය සහ දැඩිසත්කාර ඒකක භාර හෙද සොයුරිය ඇතුළු කාර්‍ය මණ්ඩල සහ කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය නිලධාරයෙකු ඇතුලු කාර්‍ය මණ්ඩලයකද සහයෝගයෙන් මෙම කර්තව්‍යය සාර්ථකව සිදු කරමින් සෞඛ්‍ය සේවාවේ නව සන්ධිස්ථානයක් අද දින සනිටුහන් කරන ලද්දේය.

2015 වසරේ ඔක්තෝබර් මස පලමුවෙනි දින පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රථම අධ්‍යක්ෂවරයා ලෙස සිය රාජකාරී ආරම්භයෙන් අනතුරුව තම නායකත්වය ලබාදෙමින් මෙම ජාතික වෘක්කවේද රෝහල මහපොළවේ යථාර්ථයක් බවට පත් කරන්නට කටයුතු කල විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා එතැනින්ද නොනැවතී දහසක් බාධක මැද කාර්‍ය මණ්ඩල අනුයුක්ත කර නොමැතිවුවද පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහල යටතේ මෙම රෝහල පාලනය කරමින් මහ ජනතාවට මෙම රෝහල හරහා බලාපොරොත්තු වූ සේවාවන් ලබාදීම ආරම්භ කරන ලදි. එහි උච්චතම ප්‍රථිඵලය අද අත්විදින අතරදී, එතුමන් සිහිපත් නොකරම බැරිය. තම නායකයා විශ්වාස කරමින් පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහල් කාර්‍ය මණ්ඩලය මේ සදහා උපරිම සහය දක්වන ලද නිසා මෙම අභියෝගය මෙලෙස සාර්ථක විය.

එමෙන්ම මේ මොහොතේදී මේ සදහා හදවතින්ම ආශීර්වාදය කල, නායකත්වය ලබාදුන් තවත් එක් පුද්ගලයෙක් සිහියට නැඟිය යුතුය. ඒ හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්‍ ය. එතුමාගේ ඉල්ලීමක්ට අනුව ඉදිවූ ජාතික වෘක්කවේද විශේෂිත රෝහලෙහි සිදුකරන ලද මෙම ශල්‍යකර්මය පිළිබඳ සටහනක් තැබීමේදී එතුමාව සිහිපත් කරන්නේ කෘතඥතාව පලකරමිනි.

අහිංසක වකුගඩු රෝගීන්ගේ ජීවිතයන්ට බලාපොරොත්තුවේ සිහින දල්වමින් ජාතික වෘක්කවේද විශේෂිත රෝහල් ව්‍යාපෘතිය සාර්ථකව නිම කරන්නට උරදුන් සියලු දෙනා හටත්, ඒ සදහා ආධාරකල මහජන චීන රජයටත් මෙන්ම අද දින මෙම වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදු කිරීමට වෙහෙස මහන්සි වූ සියලු දෙනා වෙත අපගේ කෘතවේදීත්වය පල කර සිටින්නෙමු.

ලෝක වකුගඩු දිනය 2022 - සැමට වකුගඩු සෞඛ්‍යයවඩා හොඳ වකුගඩු සත්කාරයක් සඳහා දැනුම පරතරය අඩු කරන්නනිදන්ගත වකුගඩු රෝගය (CKD) ස...
10/03/2022

ලෝක වකුගඩු දිනය 2022 - සැමට වකුගඩු සෞඛ්‍යය

වඩා හොඳ වකුගඩු සත්කාරයක් සඳහා දැනුම පරතරය අඩු කරන්න

නිදන්ගත වකුගඩු රෝගය (CKD) සුලභ හා හානිකර වේ. ලොව පුරා වැඩිහිටි පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 1 දෙනෙකුට එය ඇති අතර, ප්‍රතිකාර නොකළහොත් එය මාරාන්තික විය හැකිය. කල්තියා හඳුනා ගැනීම රෝගාබාධ හා මරණ වළක්වා ගැනීමට සහ පිරිවැය ඵලදායීතාවය සහ තිරසාර බව වැඩිදියුණු කිරීමට රෝග සත්කාර සහ කළමනාකරණයට ඉඩ සලසන අතර, වකුගඩු රෝග ආශ්‍රිත මරණ වාර්ෂිකව වැඩි වන අතර 2040 වන විට මරණ සඳහා 5 වන ප්‍රධාන හේතුව ලෙස පුරෝකථනය කර ඇත. අඛණ්ඩ සහ අඛණ්ඩ CKD සෞඛ්‍ය සේවයේ සෑම තරාතිරමකම විදහා දැක්විය හැකි දැනුම පරතරය පවතී.

ප්‍රජාව - වඩා හොඳ වකුගඩු සෞඛ්‍ය අවබෝධය සඳහා ඇති බාධාවන් අතර වකුගඩු රෝග තොරතුරු වල සංකීර්ණ ස්වභාවය, අඩු මූලික දැනුවත්භාවය, සීමිත සෞඛ්‍ය සාක්ෂරතාව, CKD තොරතුරු සීමිත වීම සහ ඉගෙනීමට ඇති සූදානම නොමැතිකම ඇතුළත් වේ. (WKD 2020).
සෞඛ්‍ය සේවකයා - වැඩි දැනුවත්භාවය සහතික කිරීම සඳහා ජයගත යුතු තවත් බාධකයක් වන්නේ රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය භාරව සිටින බැවින් වෛද්‍යවරුන්ගේ වඩාත් අවධානය යොමු කළ අධ්‍යාපනයයි. (WKD 2009)/ (WKD 2021)
මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින් - අවසාන වශයෙන්, CKD යනු ගෝලීය, මහජන සෞඛ්‍ය තර්ජනයක් වන නමුත් සාමාන්‍යයෙන් රජයේ සෞඛ්‍ය න්‍යාය පත්‍ර (WKD 2008) මත අඩුය, ප්‍රධාන වශයෙන් ප්‍රධාන රෝග හතරක් - හෘද වාහිනී රෝග, පිළිකා, දියවැඩියාව කෙරෙහි අවධානය යොමු කරන බෝ නොවන රෝග වැඩසටහන් පිළිබඳ දේශපාලන කැපවීම් සමඟ. සහ නිදන්ගත ශ්වසන රෝග.
මෙම දැනුම් පරතරය වකුගඩු රෝගයට එරෙහි සටන මැඩපවත්වන අතර ආවේනික ආශ්‍රිත මරණ සංඛ්‍යාව වැඩි කරයි.

WKD ඒකාබද්ධ මෙහෙයුම් කමිටුව ලොව පුරා සිටින සෑම දෙනාටම රෝගය පිළිබඳව දැනුවත්ව සිටීම පමණක් නොව, තමන්ගේම වකුගඩු සෞඛ්‍ය ක්‍රියාමාර්ග මොනවාදැයි ක්‍රියාකාරීව දැන ගන්නා ලෙස ඉල්ලා සිටී. උදාහරණයක් ලෙස, ඔවුන්ගේ රුධිර පීඩනය කුමක්ද සහ ප්‍රතිකාර අරමුණු මොනවාද (WKD 2010). වෛද්‍යවරුන්, විද්‍යාඥයන්, හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවා සපයන්නන්, රෝගීන්, පරිපාලකයින්, සෞඛ්‍ය ප්‍රතිපත්ති විශේෂඥයන්, රාජ්‍ය නිලධාරීන්, නෙෆ්‍රොලොජි සංවිධාන සහ පදනම් - ලොව පුරා වකුගඩු ප්‍රජාවේ අප සියලු දෙනා සම්බන්ධ වන හේතුවකි. රජයේ ප්‍රතිපත්ති සැකසීමේදී වකුගඩුව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම රෝගීන්ට සහ සෞඛ්‍ය ආරක්ෂණ අයවැයට (WKD 2007) ප්‍රධාන ප්‍රතිලාභ ගෙන දිය හැකි ක්‍රම පිළිබඳව සියලු දෙනා දැනුවත් විය යුතුය.

හොඳ වකුගඩු සෞඛ්‍යයක් පවත්වා ගැනීමට, CKD ඇති අයගේ වකුගඩු ක්‍රියාකාරිත්වය වැඩි කාලයක් පවත්වා ගැනීමට සහ සමස්ත පොදු දැනුවත්භාවය වැඩි කිරීමට සෞඛ්‍ය සම්පන්න ආහාර සහ ජීවන රටාවන් (පිරිසිදු ජලය සඳහා ප්‍රවේශය, ව්‍යායාම, සෞඛ්‍ය සම්පන්න ආහාර, දුම්කොළ පාලනය සහ දේශගුණික විපර්යාස වැළැක්වීම) අනුගමනය කිරීමට සාමාන්‍ය ජනතාව දිරිමත් කරන්න. වකුගඩු වල වැදගත්කම
වකුගඩු අකර්මණ්‍ය වීම ඇතුළු CKD ඇති අයට අර්ථවත් සහ වැදගත් වන සෞඛ්‍ය ප්‍රතිඵල සහ ජීවන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා රෝගීන්, ඔවුන්ගේ රැකවරණ සහකරුවන් සහ ඔවුන්ගේ ආධාරක පද්ධති සවිබල ගැන්වීම සඳහා වකුගඩු රෝගීන්ගේ අධ්‍යාපනය (ආහාර සහ ජීවන රටාව පිළිබඳ ප්‍රායෝගික උපදෙස් ඇතුළුව) පුළුල් කරන්න.

CKD හා සම්බන්ධ සෞඛ්‍ය තොරතුරු තක්සේරු කිරීමට, තේරුම් ගැනීමට සහ භාවිතා කිරීමට රෝගීන්ට සහ රැකබලා ගන්නන්ට ඇති අයිතිය හඳුනා ගන්න.
සෞඛ්‍ය සාක්ෂරතාවයේ විවිධ මට්ටම් අනුව CKD සම්බන්ධ තොරතුරු ලබා දීමට වකුගඩු සෞඛ්‍ය සේවා සපයන්නන් සහ රෝගී සංවිධාන අවශ්‍ය වේ.
CKD වැළැක්වීමේ සහ කලින් හඳුනාගැනීමේ සිට එහි ද්විතියික සහ තෘතියික නිවාරණය සහ වකුගඩු අකර්මණ්‍ය සත්කාර දක්වා CKD රෝගීන් හඳුනා ගැනීම සහ කළමනාකරණය කිරීම වැඩිදියුණු කිරීමට ප්‍රාථමික සත්කාර වෛද්‍යවරුන් දිරිමත් කිරීම සහ සහාය වීම.
රට මට්ටමින් වකුගඩු සත්කාරය කල්තියා හඳුනා ගැනීම සහ ලුහුබැඳීම වැඩිදියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය වන පුළුල් හා ඒකාබද්ධ සේවාවන් සඳහා ජාතික බෝ නොවන රෝග වැඩසටහන්වලට CKD සහ වකුගඩු අකර්මණ්‍ය වීම වැළැක්වීම ඒකාබද්ධ කිරීම.
වකුගඩු රෝගය සහ වකුගඩු අකර්මණ්‍ය වීම හේතුවෙන් තම සංඝටකයන්ගේ සෞඛ්‍යයට ඇති වන බලපෑම සහ සෞඛ්‍ය සේවා අයවැය/පද්ධති මත ඒ ආශ්‍රිත බර පිළිබඳව දේශපාලඥයින් දැනුවත් කිරීම සඳහා ගෝලීය වකුගඩු රෝගයට මුහුණ දෙන ප්‍රතිපත්ති සහ සම්පත් වෙන් කිරීම දිරිමත් කිරීම සහ වකුගඩු රෝගයෙන් හොඳින් ජීවත් වීම සහතික කිරීම.

Address

Maradankadawala-Habarana-Thirukkondaiadimadu Highway
Polonnaruwa
51000

Alerts

Be the first to know and let us send you an email when National Nephrology Specialized Hospital - Polonnaruwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to National Nephrology Specialized Hospital - Polonnaruwa:

Share

Category