07/01/2023
✅මොකද්ද මේ භෞත චිකිත්සාව ?
භෞතචිකිත්සාව යනු බටහිර වෛද්‍ය විද්‍යාවේ එන තවත් එක් සාර්ථක ප්‍රතිකාර ක්‍රමයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් භෞතචිකිත්සාව නිර්වචනය කරනුයේ, තාපය, විද්‍යුතය, ශබ්දය, චුම්භකත්වය, ගුරුත්වාකර්ෂණය වැනි ශක්ති ප‍්‍රභේදත් ශාරීරික ශක්තිය හෙවත් ව්‍යායාමත් භාවිත කරමින් රෝගියාගේ ශාරීරික, මානසික සහ සමාජීය සුව පැවැත්ම, ප‍්‍රවර්ධනය පවත්වාගෙන යාම සහ ප‍්‍රතිසාධනය සිදුකරනු ලබන වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලෙසිනි .අපේ රටේ නම් බොහෝ අයට මේ පිළිබඳව එතරම් අවබෝධය, දැනුමක් නොතිබුණත් බටහිර රටවලත්, වෙනත් දියුණු රටවලත් එය ජනප‍්‍රිය ප‍්‍රතිකාර ක‍්‍රමයක් බවට පත්වී හමාරය. කොළඹ ,නුවර හා ගාල්ල අවට ප‍්‍රදේශවල සුළුතර පිරිසකට භෞතචිකිත්සක ප‍්‍රතිකාර පිළිබඳව දැනුමක් තිබුනත් පිටිසර පළාත්වල ජනතාවට මේ පිළිබඳව නිසි අවබෝධයක් තවම ඇති වී නොමැත. එමෙන්ම භෞතචිකිත්සක ප‍්‍රතිකාරවලට යොමුවීමට බොහෝ දෙනා තුළ මැලිකමක් හා බියක්ද පවතී.
✅ භෞත චිකිත්සක ප‍්‍රතිකාර ලබා දෙන්නේ කුමන ආකාරයේ රෝගාබාධ සඳහාද ?
භෞත චිකිත්සාව යම් රෝගාබාධයකට හෝ එක් අංශයකට අයත් වූ රෝගාබාධවලට පමණක් සීමාවූ ප‍්‍රතිකාර ක‍්‍රමයක් නොවේ. එය බටහිර වෛද්‍ය විද්‍යාවත් සමඟ ඒකාබද්ධ වූ විවිධ අංශ රාශියකට ව්‍යාප්ත වූ ප‍්‍රතිකාර ක‍්‍රමයකි.
✅ විකලාංග හා රක්තවාතවේය:
🔹 අස්ථි බිදීමෙන් පසු ඇතිවන සංකූලතා(Fractures )
🔹 සන්ධි ආශි‍්‍රත රෝග(joint problems )
🔹 කොන්ද හා ගෙල ආශ‍්‍රිත වේදනා හා සංකූලතා (back pain & neck pain)
🔹 කොදු ඇට පෙල ඇදවීම (Scoliosis )
🔹 උරහිස් ආබාධ (Shoulder condition )
🔹 ආතරයිටිස් (Athritis)
🔹 යටි පතුල් වේදනා (planta fasciitis)
🔹 මස්පිඬු ආශ‍්‍රිත වේදනා හා සංකූලතා
(Muscle pain & Muscle cramps)
✅ ස්නායු රෝග:
🔹 අංශභාගය (Stroke)
🔹 සුසුම්නාව ආශි‍්‍රත ආබාධ (Spinal cord injury )
🔹 පාකිංසන් රෝගය( parkinson )
🔹 සයටිකා (Sciatica )
✅ ළමා රෝගාබාධ:
🔹 මස්තිෂ්ක ආඝාතය( Cerebral palsy)
🔹 ඩවුන්ස් සහලක්ෂණය (Down syndrome )
🔹 වර්ධනය ප්‍රමාද වීම( Development delay )
✅ රුධිර සංසරණ පද්ධතිය ආශ‍්‍රිත රෝග:
🔹 ධමනි හා ශිරා ආශි‍්‍රත සංකූලතා, වසා පද්ධතිය ආශ‍්‍රිත සංකූලතා (circulatory complications )
🔹 කාන්තාවන්ට විශේෂිතවූ රෝග.
✅ ශ්වසන පද්ධතිය ආශි‍්‍රත රෝගාබාධ:
🔹 ඇදුම රෝගය (Asthma)
🔹 නියුමෝනියාව(pneumonia)
✅ කී‍්‍රඩා ආබාධ ( sports injuries )
එසේම දියවැඩියාව වැනි රෝග සඳහාත් පිළිස්සුම් හා කාන්තාවන්ගේ දරු ප‍්‍රසූතියෙන් පසු ඇති වන සංකූලතා සඳහාත් ස්ථූලතාවය සඳහාත් භෞත චිකිත්සාවේ විවිධ ප්රතිකාර ක‍්‍රම භාවිත කරනවා.
✅ භෞතචිකිත්සාවේ භාවිතා කරන ප‍්‍රතිකාර ක‍්‍රම මොනවාද ?
භෞතචිකිත්සක ප්රතිකාර සඳහා ඖෂධ භාවිතයක් සිදුකරන්නේ නැහැ. සියලූ ප‍්‍රතිකාර භෞතික ශක්තීන් හා ක‍්‍රමෝපාය යොදාගෙන සිදුකරනවා. එසේම මෙම යොදා ගන්නා ප‍්‍රතිකාර ක‍්‍රම එක් එක් රෝගාබාධ අනුවත් රෝගීයාගේ ශාරීරික යෝග්‍යතාව අනුවත් වෙනස්වෙනවා.
🔹 ප‍්‍රතිකාරමය ව්‍යායාම (Therapeutic exercise)
🔹 විද්‍යුත් චිකිත්සාව (Electrotherapy )
🔹 ජල චිකිත්සාව (Hydrotherapy )
🔹 ප‍්‍රතිකාරමය සම්භාහන ක‍්‍රම (Massagetherapy)
🔹 උරස් චිකිත්සාව (Chest physiotherapy)
🔹 ඉරියව් ගත කිරීම් (posture correction )
🔹ආධාරක ආශි‍්‍රත ප‍්‍රතිකාර (Assistive Device )
වැනි ප‍්‍රතිකාර ක්රම මඟින් භෞත චිකිත්සාවේදී බොහෝ රෝගාබාධ සඳහා ප‍්‍රතිකාර ලබාදෙනවා.
✅භෞතචිකිත්සකවරයාගේ කාර්යභාර්ය කුමක්ද ?
භෞතචිකිත්සක ප්රතිකාර සඳහා යොමුවන රෝගියාගේ රෝග ලක්ෂණ පරීක්‍ෂා කර රෝගය නිශ්චය කර ගැනීමෙන් පසු භෞත චිකිත්සකවරයා විසින් ප‍්‍රතිකාර සැලසුම් කෙරේ. පසුව රෝගියාට ප‍්‍රතිකාර නියම කිරීමත්, ප‍්‍රතිකාර කරවීමත්, මඟපෙන්වීමත් හා පසුවිපරමක් සිදුකරනු ලබයි. ප‍්‍රතිකාරවලදී රෝගියාගේ සිරුරේ චලනය, ශක්තිය, දරාගැනීමේ හැකියාව, සාමාන්‍ය කි‍්‍රයාකාරීත්වය හා ශාරීරික යෝග්‍යතාව පිළිබඳව භෞත චිකිත්සකවරයා විශේෂ සැලකිල්ලක් යොමුකරයි.
බොහෝ දෙනා භෞත චිකිත්සක ප‍්‍රතිකාරවලට යොමුවීමට බියක් දක්වන්නේ මෙහිදී භාවිත වන විවිධ කිරණ වර්ග, විද්‍යුත් තරංග ආදිය සිරුරට අහිතකර යැයි සිතන නිසාය. ඇත්තෙන්ම භෞත චිකිත්සාවේ භාවිත වන ප‍්‍රතිකාරවලින් අතුරු ආබාධ ඇති නොවේ. එමෙන්ම භෞත චිකිත්සක ප‍්‍රතිකාර මඟින් බොහෝවිට රෝගියා සැත්කමකටයාමට ඇති අවකාශය මඟහරවා ගැනීම සඳහා භෞත චිකිත්සකවරයා විශේෂයෙන් සැලකිලිමත්වේ.
ඔබට අවශ්‍ය සියලුම භෞතචිකිත්සක ප්‍රතිකාර හා උපදෙස් සදහා අමතන්න
☎️ 071 184 9222
Prabath Dissanayaka
B.Sc in physiotherapy (Hon's)
University of peradeniya