10/08/2023
P.OL.I.C.E මූලධර්මය
පොලිස් මූලධර්මය යනු මාංශ පේශි ඇදීම් හෝ උලුක්කු වැනි අවස්ථාවන් වලට ප්‍රතිකාර කිරීමේ නවීකරණය කරන ලද ප්‍රථමාධාර ක්‍රමයකි. සම්ප්‍රදායිකව, එවැන්නකට ප්‍රතිකාර කිරීමේ ප්‍රථමාධාර ක්‍රමය වූයේ R.I.C.E, (Rest, Ice, Compress, Elevate.) සහ P.R.I.C.E ( Protect, Rest, Ice, Compression and Elevate) ය.
POLICE යනු Protect(ආරක්ෂාව), Optimal Loading (ප්‍රශස්ත බරක් යෙදීම), Ice (අයිස් සම්පීඩනය) සහ Elevate(ඉහලට ඔසවා තැබීම) යන්නට කෙටි යෙදුමකි. එය මාංශ පේශී පටක අනතුරු කළමනාකරණයේදී ඉතා වැදගත් වේ.
Protect
තුවාල වීමෙන් පසු, කෙටි විවේකයක් හෝ යම්කිසි කාලයක් ආබාධයට ලක් වූ ස්ථානය නිශ්චල ව තැබීම සුව වීමට උපකාර වේ. මෙම කාලය තුළ splint, braces භාවිතා කළ හැකිය. විවේක කාලය තුවාලයේ බරපතලකම මත රඳා පවතී. බොහෝ තුවාල සඳහා දින 2 සිට 3 දක්වා විවේකයක් ප්රමාණවත්ය. දරුණු අස්ථි උළුක්කු සඳහා දින 10 ක් දක්වා විවේකයක් අවශ්‍ය විය හැකිය.
Optimal Loading
අනතුර වූ ශරීර කොටස ආරක්ෂා කරන අතරම, හැකි ඉක්මනින් චලනය ද ආරම්භ කළ යුතුය. නිදසුනක් ලෙස, වළලුකර උළුක්කු වලදී සෙමින් ඇවිදීම ඉක්මනින් ආරම්භ කිරීම මගින් ඉදිමීම අඩු කිරීමට සහ රැකියාවට සහ ක්‍රීඩා වලට ඉක්මනින් නැවත පැමිණීම වැඩි දියුණු කරන බව පෙන්වා දී ඇත. ප්‍රශස්ත බරක් යෙදීම මගින් තුවාලය සුව කිරීම ප්‍රවර්ධනය කිරීම සහ සන්ධි තද බව සහ මාංශ පේශි දුර්වලතාවය අඩු කිරීම සිදු වේ. එක් එක් අනතුර සඳහා යොදන බර ශරීර බරෙන් කොපමණ කොටසක් ද යන්න අනතුර මත රඳා පවතී.
Ice
අයිස් වලින් තැවීම ,ඉදිමීම අඩු කිරීමට සහ ආබාධ වූ මාංශ පේශි හෝ සන්ධිය වටා වේදනාව අඩු කිරීමට උපකාරී වේ. මාංශ පේශි ඇදීමක් වැනි අනතුරක් වූ පසු පළමු දින 2-3 සඳහා සෑම පැය 2 කට වරක් විනාඩි 15-20 ක් අතර Ice වලින් තැවිය යුතුය. අයිස් වලින් වන පිළිස්සීම වැළැක්වීම සඳහා සෑම විටම අයිස් පැකට්ටුව සහ සම අතර තෙත තුවායක් භාවිතා කළ යුතුය.
Compression
වෙළුම් පටියක් / බැන්ඩේජ් කිරීම යනු ඉදිමීම පාලනය කිරීමට උපකාර වන ලාභ නමුත් ඵලදායී ක්‍රමයකි. බැන්ඩේජ් කිරීම ආබාධිත කොටසෙන් පහලින් ආරම්භ කළ යුතු අතර තුවාල වූ ස්ථානයට ඉහළින් අවසාන වේ. එය එතීමේදී යොදන සෑම ස්ථරයක්ම 50% කින් පමණ overalap/ එකක් මත එකක් යොදා පීඩනය මධ්‍යස්ථ කර භාවිතා කරන්න.
Elevation
මෙය ඉදිමීම සහ වේදනාව අඩු කිරීම සඳහා ප්රයෝජනවත් වේ. ආබාධය ට ලක් වූ වළලුකර හෝ දණහිස කොට්ට මත තබා hip level/ ඉණ මට්ටමට වඩා ඉහළින් තිබීම වැදගත්ය. වැලමිටක් හෝ මැණික් කටුව ඉහළට ඔසවා තැබීම සඳහා sling භාවිතා කළ හැකිය.
භෞතචිකිත්සක ප්‍රතිකාර හා ව්‍යායාම මගින් ඔබව ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම ට හැකියාව ඇති අතර ඒ සදහා අවශ්‍ය උපදෙස් සදහා සුදුසුකම් ලත් භෞත චිකිත්සක නිලධාරියෙකු හමුවන්න.
අඛ්ලා රත්නායක
භෞත චිකිත්සාව පිලිබද පශ්චාත් උපාධිධාරී - musculoskeletal and sports
භෞත චිකිත්සක නිලධාරි
මූලික රෝහල, මහඔය