Base Hospital Medirigiriya

Base Hospital Medirigiriya We provide completely free healthcare services to the people of Sri Lanka.

We deeply value our employees for their dedicated service, and our highest priority is to deliver world-class healthcare to our patients.

28/09/2025

😔 මගේනම් එකම ප්‍රාර්තනය "පිළිකාවක් නම් හතුරෙකුටවත් හැදෙන්න නම් එපා කියල" 🙏🌺



14/09/2025

❤️❤️

Hope this is true…
08/09/2025

Hope this is true…

07/09/2025
04/09/2025
මැදිරිගිරිය ☘️💚
01/09/2025

මැදිරිගිරිය ☘️💚

25/08/2025

Sunrise

19/08/2025

“මම පොඩි කඩයක් කරන්නේ. ඒක කරන ගමන් තමයි සත්තුන්ටයි, මනුස්සයන්ටයි ආරක්ෂාව සලසන විධියට මේ උදවුව කරන්නේ..' අලි ඇතුන් දහසක් රැක්ක කුමාර ගැන ඇසෙන කතාව...https://tinyurl.com/4c9nyn7r

16/08/2025
ඔබටත් ඉරුවාරදය තියනවාද ?
13/08/2025

ඔබටත් ඉරුවාරදය තියනවාද ?

ඉරුවාරදය (Migraine)
(හැමදාම වදදෙන හිසරදය)

ඉරුවාරදය (Migraine) කියන්නේ , ඉරුවාරදය කියන රෝගී තත්ත්වයට මුහුන දුන්න රෝගියෙකුට අහන්නට තරම් ප්‍රිය වචනයක් නොවේ. බොහෝ විට මිග්‍රේන් කියන්නේ එතරම් වේදනාකාරී සහ අප්‍රිය සහගත අත්දැකීමක්.

ඔබ ඕනැම කෙනෙක් ඉදහිට විවිධ හිසේ අමාරු වලට මුහුණ දී තිබුනත් Migraine කියන්නේ ඊට එහා ගිය ඉතාම ඉහල වේදනාවක් ඇති කරන , ඒ වගේම රෝගියාගේ දෛනික ජීවිතය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරන්නට සමත් හිසේ කැක්කුමක් කීවොත් මම නිවැරදියි. මෙයට හේතුව තමයි අපි එදිනෙදා මුහුනදෙන හිසේ කැක්කුමකට එහා ගිහින් දින ගනනක් , සති ගනනක් එක දිගට පවතින හිසේ කැක්කුමක් විදියට පවා මෙම රෝගී තත්ත්වය වර්ධනය වෙන්න පුලුවන්.

මිග්‍රේන් (Migraine) රෝගය ගත්තාම ඉතාව ඉහල රෝගින් ප්‍රතිශතයක් වාර්තා වෙනවා. උදාහරණයක් වශයෙන් ඇමරිකාවේ 12%කට පමණ ඉරුවාරදය රෝගය පවතින බව හඳුනාගෙන තියෙනවා. ඒ එක්කම ශ්‍රි ලංකාව ගත්තාම දැනට මේ පිලිබඳ සමීක්ෂණ වර්තා නොපවතින අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් සිදුකල සමීක්ෂණයකට අනුව විශ්වවිද්‍යාල සිසුන්ගෙන් 50%කට පමණ මිග්‍රේන් සහ එවැනි රෝග ලක්ෂණ පවතින බව හඳුනාගෙන තියෙනවා. ඒ එක්කම මානසික ආතතිය විශාදය වැනි මානසික රෝග, ජීවන රටාවේ වෙනස්කම්, දීර්ඝ ගමන් වැනි කරුණු වලිනුත් මෙම රෝගය වර්ධනය වෙන්නට පුලුවන්.
ඒ එක්කම මෙය නව යොවුන් වියේ සිටින දරුවන් අතර ඉතා සුලභ රෝගී තත්ත්වයක් කියලා කියන්න පුලුවන්.

ඉරුවාරදය යනු කුමක්ද..? (Migraine?)

ඉරුවාරදය යනු පැය කිහිපයක් එකදිගට පවතින හිසරදයකට (headache) සමාන තත්ත්වයකි. එය බොහෝ විට හිසේ එක් පැත්ත්කට සීමා වේ. තවද වමනය ආලොකයට හා ශබ්ද වලට ඇති අකමැත්ත වැනි ලක්ෂණද මේ සමග ඇති වෙනවා.
migraine in Sinhala
ඉරුවාරදය ඇතිවීමට හේතු මොනවාද..?
මෙය තවමත් නිශ්චිතව පැහැදිලි කර නැති නමුත් මේ සදහා බලපෑම් කලහැකි හේතු කිහිපයක් හදුනාගෙන ඇත.
ජානමය කරුණු
අධික මානසික ආතතිය
සමහර ආහාරමය හේතු
සමහර ඖෂධ
අප්‍රසන්න ශබ්ද වලට අනාවරනය වීම
අධික ආලොකයට ආනාවරනය වීම
මොළය ආශ්රිතව ඇතිවන ප්‍රශ්න
ඉරුවාරදය කාන්තාවන් අතර වැඩිපුර දක්නට ලැබෙන්නේ ඇයි..?
ශ්‍රී ලංකාව වගේම ලෝකයේ විවිධ ප්‍රදේශ සහ පලාත් වල සිදුකල පර්යේෂණ වලට අනුව ඉරුවාරදය රෝගය සඳහා පිරිමින්ට වඩා කාන්තාවන් ගොදුරුවීම වැඩි බව හඳුනාගෙන තියෙනවා. මෙයට හේතු බොහොමයක් තියෙන්න පුලුවන්. උදාහරණයක් විදියට සමහර කාන්තාවන් උපත් පාලන පෙති භාවිතා කරනවා. මෙම පෙති නිසා මිග්‍රේන් එන්න පුලුවන්. ඒ එක්කම සමහර වාර්ථා අනුව ඊස්ට්‍රජන් කියන හොමෝනය සහ මිග්‍රේන් රෝගය අතර සම්බන්ධයක් තියෙන්න පුලුවන් බවත් හඳුනාගෙන තියෙනවා.
ඉරුවාරදය පාලනය හා ප්‍රතිකාර ගැනීම සිදු කරන්නේ කෙසේද..?
මෙම රෝගය පාලනය කිරීමේදි විශේෂයෙන්ම වැදගත්වනුයේ හේතුකාරක හදුනාගැනීම හා ඒවයෙන් වැලකීසිටීමයි. උදාහරණයක් ලෙස ඔබ බඩගින්නේ සිටින විට මෙම තත්වය ඉහල යයි නම් නියමිත වෙලාවට ආහාර ගැනීම ඉතා වැදගත් වේ. තවද ඔබ උපත් පාලන පෙති පාවිච්චිකරන කාන්තාවක්නම් වෛද්‍යය උපදෙස් මත තමාට ගැලපෙන උපත්පාලන ක්‍රමයකට යොමුවීම ඉතා වැදගත් වෙනවා.
migraine treatments in Sinhala
ඒ එක්කම හදිසි අවස්තවකදි ඔබේ පහසුවට පැරසිටමොල් නම් ඖෂධය ලඟ තබාගැනීම ඉතාම වැදගත් කරුණක්. ඒ එක්කම ඔබගේ වෛදයයවරයා නිර්දේශ කරන යම් වේදනා නාශකයක් ලග තබා ගැනීම වැදගත් වෙන්නට පුලුවන්.
ඒ එක්කම ඉහත සඳහන් කල තාවකාලික ප්‍රතිකාර වලට අමතරව දීර්ඝ කාලීන ප්‍රතිකාර අවශ්‍යය වෙන්න පුලුවන්. ඒවා අවම වශයෙන් මාස 3 – 6ක් දක්වා කාලයක් එක දිගට ලබා ගැනීම වැදගත් වෙනවා.
මිග්‍රේන් ලෙස හඳුනාගත හැකි වෙනත් තත්ත්ව
සාමන්‍යයෙන් හිසේරදයක් කියන්නේ අපි එතරම් සෑලකිල්ලට ගන්න දෙයක් නෙවේ. ඒ එක්කම තමයි ගොඩක් වෙලාවට රෝගීන්ගෙන් අහන්න ලැබෙන දේ තමයි හිසරදය ආවේ සෙමට වෙන්න ඇති කියනන් කාරණය. ඉතින් ඉරුවාදය ඇරෙන්න මේ සඳහා බලපන්න පුලුවන් වෙනත් වැදගත් රෝග තත්ත්ව කිහිපයක් තියෙනවා.

1. සයනෝසයිටිස් තත්ත්වය (Sinusitis)
2. මානසික ආතතිය (Mental stress)
3. හිසේ ඇතිවන පිලිකා හෝ පිලිකා නොවන ගෙඩි (Space occupying lesions in brain)
4. අංශභාග තත්ත්වයන් (Hemorrhagic Stroke)
5. හිසේ නහරවල ගැටලු (Venous malformations and aneurisms)
ඉතින් ඔබ දිගින් දිගටම මිග්‍රේන් තත්ත්වයට ප්‍රතිකාර ලබා ගනිත්දීත් ඒ සම්බන්ධ ඉතා හොද වෙනසක් ඇති නොවේනම් ඉහත තියෙන රෝග ගැනත් ඔබේ වෛද්‍යයවරයා සමග සකච්ඡා කරන එක නුවණට හුරුයි.

Reference:
Prevalence of Headaches Among Undergraduates
in Sri Lanka
Prevalence of headache among school children in Polonnaruwa educational
zone
Prevalence of migraine with anxiety

_______Copied______

Address

Polonnaruwa
51500

Alerts

Be the first to know and let us send you an email when Base Hospital Medirigiriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category