MOH Office - Polpithigama

  • Home
  • MOH Office - Polpithigama

MOH Office - Polpithigama "Primary health care is the engine of universal health coverage"
-Chris Elias

ජලභීතිකා එන්නත් ලබා දීමේ වැඩසටහන
08/08/2025

ජලභීතිකා එන්නත් ලබා දීමේ වැඩසටහන

දියවැඩියාව බොහෝ අය සිතනවාට වඩා බරපතලයි.එය ඔබේ සීනි වලට පමණක් බලපාන්නේ නැත - එය ඔබේ ඇස්, වකුගඩු, හදවත, ස්නායු සහ තවත් බොහ...
22/07/2025

දියවැඩියාව බොහෝ අය සිතනවාට වඩා බරපතලයි.

එය ඔබේ සීනි වලට පමණක් බලපාන්නේ නැත - එය ඔබේ ඇස්, වකුගඩු, හදවත, ස්නායු සහ තවත් බොහෝ දේට හානි කළ හැකිය.

කරුණාකර, රෝග ලක්ෂණ නොසලකා හරින්න එපා. ඔබේ රුධිරයේ සීනි නිතිපතා පරීක්ෂා කර ඔබ ගැන සැලකිලිමත් වන්න.

දියවැඩියාව නිසා සිදුකල කකුල කපා ඉවත්කිරීමක්🦵

Diabetes is more serious than many people think.

It doesn’t just affect your sugar—it can damage your eyes, kidneys, heart, nerves, and more.

Please, don’t ignore the signs. Check your blood sugar regularly and take care of yourself.

Diabetic leg cut🦵

බොහෝ දෙනෙකු හිතාගෙන ඉන්න වැරදි අදහසක් තමයි, ලේබලයේ කහ (ඇම්බර් කලර්) පාටින් කලර් කෝඩ් එක තියෙන තෑම බීමවල ප්රශ්නයක් නෑ කිය...
30/06/2025

බොහෝ දෙනෙකු හිතාගෙන ඉන්න වැරදි අදහසක් තමයි, ලේබලයේ කහ (ඇම්බර් කලර්) පාටින් කලර් කෝඩ් එක තියෙන තෑම බීමවල ප්රශ්නයක් නෑ කියන එක. ඒක මුළුමනින්ම වැරදියි. මේ බිස්කට් වර්ගයේ සීනි ප්රමාණය දක්වල තියෙන විදියට බිස්කට් ග්රෑම් 100ක සීනි ග්රෑම් 21ක් තියෙනවා. කුඩාම මාරි බිස්කට් පැකට් එකක බර ග්රෑම් 80යි. එතකොට ග්රෑම් අසූවක සීනි ග්රෑම් 16.7ක් තියෙනවා. සාමාන්‍යයෙන් හුඟක් වෙලාවට පොඩි ළමයි ඔය ජාතියේ කුඩා බිස්කට් පැකට් එකක් විතර කනවා. වැඩිහිටියෙකුටත් දවසක දී කන්න පුළුවන් නිර්දේශිත සීනි ප්රමාණය ග්රෑම් 26ක්. තේ / කිරි කෝප්පයකට සීනි හැඳි දෙකක්වත් දානවා. ඒ කියන්නේ සීනි ග්රෑම් 10ක් විතර. දරුවෙක් දවසක දි මේ බිස්කට් පැකට් එකක් කාලා සීනි දාපු තේ/ කිරි එකක් බිවුවත් සීනි ග්රෑම් 26ක් විතර ඇඟට යනවා.
කන බොන දේ ගැන සිහියෙන් ජීවත් වෙන්න. ලංකාවේ හඳුනාගත් දියවැඩියා රෝගීන් ලක්ස 16ක් විතර ඉන්නවා. සෑම දහ දෙනෙකුටම එක්කෙනෙත් දියවැඩියා රෝගියෙක්. තවම හඳුනා නොගත්, දියවැඩියා රෝගය හැදෙන්න ඔන්න මෙන්න මට්ටමේ අය (පූර්ව දියවැඩියාව) ඊට වැඩියි කියලයි කියන්නේ. 🧡

උපුටාගැනීම මහජන සෞඛ්‍ය පරීක්ෂක ගැමුණු සාලිය මහතාගෙ පිටුවෙනි

දැනුමට යමක්
17/06/2025

දැනුමට යමක්

04/06/2025
31/05/2025
🔴 2025 වෙසක් මංගල්‍යය වෙනුවෙන් ඔබ විසින් සංවිධානය කරනු ලබන දන්සැල් ඔබ ප්‍රදේශයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අනි...
29/04/2025

🔴 2025 වෙසක් මංගල්‍යය වෙනුවෙන් ඔබ විසින් සංවිධානය කරනු ලබන දන්සැල් ඔබ ප්‍රදේශයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි කිරීමට කටයුතු කරන්න.

දන්සැල් පැවැත්වීමට අදාල සෞඛ්‍යමය උපදෙස් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන් විසින් ලබා දෙන අතර සියලු දන්සැල් සෞඛ්‍යාරක්ශිත ද යන්න පරීක්ෂා කරනු ලැබේ.

බැති සිතින් ලබා දෙන දන්සල කිසිවකුටවත් හානියක් නොවී පැවැත්වීමට නිවැරදි උපදෙස් ලබාගන්න.

සෞඛ්‍යට නුසුදුසු තත්වයෙන් පවත්වන දන්සල් පවත්වාගෙන යාමට ඉඩ ලබා නොදෙන බව කරුණාවෙන් දන්වා සිටිමු.

වැඩි දුර විස්තර සදහා ඔබ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා අමතන්න.

🔴 දැනුවත් වීම සදහා කරුණු කිහිපයක්....

💠 දන්සැල සදහා පිරිසිදු පානීය ජලය භාවිතා කළ යුතුය. සෞඛ්‍ය ආරක්ෂිතව ජලය ගබඩා කර ගැනීම කළ යුතුය. දූෂණය වීම අවම කර ගත යුතුය

💠 අපජලය ක්‍රමානුකූලව බැහැරලීම කළ යුතුය. අපජලය එකතු වන ස්ථාන දන්සැල පවත්වා ගෙන යන කාලය තුල නිරන්තරයෙන් සෝදා පිරිසිදු කිරීම කළ යුතුය. අපවිත්‍ර ජලය මාර්ගය ඔස්සේ ගලා යාමට සැලැස්වී නොකළ යුතුය

💠 දන්සැලින් එකතුවන කසළ වර්ග කිරීමත්,එකතු කිරීමට ප්‍රමාණවත් පියන සහිත කසළ බදුන් හෝ බෑග් භාවිතා කළ යුතුය.

💠 දන්සැල පැවැත්වීමෙන් පසු පෙර තිබූ පරිදි ස්ථානය පිරිසිදු කිරීම කළ යුතුය.

💠 දන්සැල සදහා දායක වන සෑම තැනැත්තෙකුම පුද්ගලික ස්වස්ථාවය ආහාර ස්වස්ථාව සනීපාරක්ෂාව පිළිබද ඉහළ මට්ටමින් ක්‍රියා කළ යුතු අතර ආහාර විෂවීම් ඇති නොවීමට වග බලා ගත යුතුය.

💠 දන්සැල් පරිශ්‍රය තුල බුලත් විට සැපීම, දුම්පානය කිරීම බීමත්ව හැසිරීම සම්පුර්ණයෙන්ම තහනම් වේ.

💠 කිසියම් බෝවන රෝගයකින් පෙළෙන්නෙකු, චර්ම රෝගයකින් පෙළෙන්නෙකු දන්සැල් කාර්ය මණ්ඩලය සදහා සභාභාගි කරවා නොගත යුතු අතර දන්සැල් පරිශ්‍රය තුල රැදි සිටීමද නොකළ යුතුය.

🔴 බත් / කඩල දන්සැල සඳහා කොන්දේසි

1. ආහාර පිසින ස්ථානයේ ප්‍රමාණවත් තරම් ඉඩ පහසුකම් තිබිය යුතුය.

2. වැසිකිළි අසළ හා කාණු උඩ හෝ අසල ආහාර පිසීම නොකළ යුතුය.

3. ආහාර පිළියෙල කිරීමට ගන්නා සියලුම භාණ්ඩ හා උපකරණ සබන් දා හොදින් සෝදා පිරිසිදු කර භාවිතා කළ යුතුය.

4. ආහාර පරිහරණය කරන්නා හොදින් සබන්දා අත් සේදීම කළ යුතු අතර ප්‍රමාණවත් සබන් සපයා තිබිය යුතුය.

5. පිරිසිදු ඇදුම් පැලද සිටිය යුතුය. නිළ ඇදුමක් ලබාදීම වඩාත් උචිතය.

6. සෑම අවස්ථාවකදීම මැස්සන්ගෙන් ආහාර ආරක්ෂා කර ගැනීමට වසා තැබිය යුතුය.

7. කුණු කසළ විවෘතව නොතබා පියන සහිත බදුන් වල බහාලිය යුතුය. අප ජලය ක්‍රමාණුකූලව බැහැරලිය යුතුය.

8. දන්සැල්හි ආහාර පිළිගන්වන්නන් අත්වැසුම්, හිස් වැසුම්, මුඛ ආවරණ පැළද සිටිය යුතුය.

🔴 අයිස් ක්‍රීම් / කෝයි / සිසිල් බීම දන්සැල සදහා කොන්දේසි

1. අයිස් ක්‍රීම් නියමිත උෂ්ණත්වයේ ශිතකරණ වල ගබඩා කර තැබිය යුතුය.

2. ආහාර පිළිගන්වන්නන් අත්වැසුම්, හිස් වැසුම්, මුඛ ආවරණ පැළද සිටිය යුතුය.

3. කෝපි හා සිසිල් බීම සඳහා භාවිතා කරන කෝප්ප හොදින් සෝදා පිරිසිදු කළ යුතුය.

4. ප්‍රමාණවත් කසළ බදුන් තිබිය යුතුය.

Copied

#දන්සැල්

🌍නොවැම්බර් 4 සිට 9 දක්වා පැවැත්වෙන විශේෂ සරම්ප පිළිබද දැනුවත් කිරීමේ හා ප්‍රතිශක්තිකරණය කිරීමේ සතියට එක්වන්න! 🌍 2024 වයස...
06/11/2024

🌍නොවැම්බර් 4 සිට 9 දක්වා පැවැත්වෙන විශේෂ සරම්ප පිළිබද දැනුවත් කිරීමේ හා ප්‍රතිශක්තිකරණය කිරීමේ සතියට එක්වන්න! 🌍

2024 වයස 20-30 (1994-2004 උපන්) ඔබට කරනා විශේෂ ආරාධනාව🤵👰

ඔබේ වයස අවුරුදු 20-30 අතරද? සරම්ප එන්නතක් අතපසු වුණාද? එසේනම් මේ ඔබේ වාරයයි👍 මේ සතියේ, අපි සරම්ප සහ රුබෙල්ලා වැනි බෝවන රෝගවලින් සෑම කෙනෙකුම ආරක්ෂා කර ගැනීම සහතික කිරීම සඳහා අවදානම් ප්‍රදේශ වල නොමිලේ එන්නත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත 🦠✨

👀ඔබ එක්විය යුත්තේ ඇයි?
ප්‍රජා සෞඛ්‍යයට තරුණ ඔබ අත්‍යවශ්‍ය වේ - ඔබව ආරක්ෂා කිරීම යනු සියලු දෙනා ආරක්ෂා කිරීමයි! අපගේ ඉලක්කය වන්නේ ප්‍රතිශක්තිකරණ හිඩැස් වසා මෙම බෝවන රෝග පැතිරීම අවම කිරීමයි. සංජානනීය රුබෙල්ලා දරුණු උපත් ආබාධ ඇති කරන අතර සරම්ප යනු අප විසින් වළක්වා ගත යුතු ඉතා භයානක බෝවන රෝගයකි.🗣

📌 එන්නත් වැඩසටහන සිදුවන ආකාරය!!!!!
🔹 නොවැ 4-8 දක්වා - ගෙයින් ගෙට දැනුවත් කිරීම හා එනනත් ලබානොගත් හෝ නියමිත මාත්‍රා සම්පූර්ණ නොකළ අය හඳුනා ගැනීම. එන්නත් කිරීමේ ප්‍රතිලාභ ගැන ඔබගේ ගෙයි දොරකඩ සිටම දැන ගන්න!
🔹 නොවැම්බර් 9 වන දින MOH සායන වෙත පැමිණෙන්න - සරම්ප සහ රුබෙල්ලා එන්නත් සඳහා විශේෂයෙන් සායන විවෘත වේ. එදිනට අතපසු වුවහොත් මෙම මස ඇතුළත තෝරාගත් සෙනසුරාදා ඇතුළු දින වලදී ලබා ගත හැක.
🔹 ප්‍රජා ප්‍රතිශක්තිකරණ දින හා ස්ථාන පිළිබඳව ඔබේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් විමසා දැනගන්න.
🔹 විශ්ව විද්‍යාල, සේවා ස්ථාන සහ තවත් ආයතන ආවරණය වන පරිදි ස්ථානීය එන්නත් කිරීම.

අවදානම් වැඩි දිස්ත්‍රික්ක පුරා. එම දිස්ත්‍රික්කවලට ඇතුළත් වන්නේ: කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, කුරුණෑගල, මඩකලපුව, පුත්තලම, කල්මුණේ ,මහනුවර, යාපනය හා අම්පාර

මෙම ප්‍රතිශක්තිකරණ සතිය සාර්ථක කර ගනිමු!
පළමුව ඔබව ආරක්ෂා කරගන්න, එවිට ඔබේ ආදරණීයයන් ආරක්ෂා වනු නියතය. සැමට නිරෝගී අනාගතයක් ගොඩනැගීමට අප හා එක්වන්න!

💉 එන්නත් ලබා ගන්න. ආරක්ෂිතව සිටින්න. අන් අයටත් මෙම පණිවුඩය ලබා දෙන්න! 💉

වැඩි විස්තර සඳහා 1999 සුවසැරිය සෞඛ්‍ය තොරතුරු ක්ෂණික ඇමතුම් අංකය අමතන්න.

Copied

📢ඔබත් එළඹෙන මහ කන්නය සමග කුඹුරු වැඩට එළඹීමට පෙර මී උණ වලක්වා ගැනීමේ පෙති ලබා ගන්න.පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍...
01/10/2024

📢ඔබත් එළඹෙන මහ කන්නය සමග කුඹුරු වැඩට එළඹීමට පෙර මී උණ වලක්වා ගැනීමේ පෙති ලබා ගන්න.

පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයෙන් හෝ ඔබගේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාගෙන් ලබාගන්න✔️

🔴 2024 වෙසක් මංගල්‍යය වෙනුවෙන් ඔබ විසින් සංවිධානය කරනු ලබන දන්සැල් ඔබ ප්‍රදේශයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අනි...
14/05/2024

🔴 2024 වෙසක් මංගල්‍යය වෙනුවෙන් ඔබ විසින් සංවිධානය කරනු ලබන දන්සැල් ඔබ ප්‍රදේශයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි කිරීමට කටයුතු කරන්න.

දන්සැල් පැවැත්වීමට අදාල සෞඛ්‍යමය උපදෙස් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන් විසින් ලබා දෙන අතර සියලු දන්සැල් සෞඛ්‍යාරක්ශිත ද යන්න පරීක්ෂා කරනු ලැබේ.

බැති සිතින් ලබා දෙන දන්සල කිසිවකුටවත් හානියක් නොවී පැවැත්වීමට නිවැරදි උපදෙස් ලබාගන්න.

සෞඛ්‍යට නුසුදුසු තත්වයෙන් පවත්වන දන්සල් පවත්වාගෙන යාමට ඉඩ ලබා නොදෙන බව කරුණාවෙන් දන්වා සිටිමු.

වැඩි දුර විස්තර සදහා ඔබ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා අමතන්න.

🔴 දැනුවත් වීම සදහා කරුණු කිහිපයක්....

💠 දන්සැල සදහා පිරිසිදු පානීය ජලය භාවිතා කළ යුතුය. සෞඛ්‍ය ආරක්ෂිතව ජලය ගබඩා කර ගැනීම කළ යුතුය. දූෂණය වීම අවම කර ගත යුතුය

💠 අපජලය ක්‍රමානුකූලව බැහැරලීම කළ යුතුය. අපජලය එකතු වන ස්ථාන දන්සැල පවත්වා ගෙන යන කාලය තුල නිරන්තරයෙන් සෝදා පිරිසිදු කිරීම කළ යුතුය. අපවිත්‍ර ජලය මාර්ගය ඔස්සේ ගලා යාමට සැලැස්වී නොකළ යුතුය

💠 දන්සැලින් එකතුවන කසළ වර්ග කිරීමත්,එකතු කිරීමට ප්‍රමාණවත් පියන සහිත කසළ බදුන් හෝ බෑග් භාවිතා කළ යුතුය.

💠 දන්සැල පැවැත්වීමෙන් පසු පෙර තිබූ පරිදි ස්ථානය පිරිසිදු කිරීම කළ යුතුය.

💠 දන්සැල සදහා දායක වන සෑම තැනැත්තෙකුම පුද්ගලික ස්වස්ථාවය ආහාර ස්වස්ථාව සනීපාරක්ෂාව පිළිබද ඉහළ මට්ටමින් ක්‍රියා කළ යුතු අතර ආහාර විෂවීම් ඇති නොවීමට වග බලා ගත යුතුය.

💠 දන්සැල් පරිශ්‍රය තුල බුලත් විට සැපීම, දුම්පානය කිරීම බීමත්ව හැසිරීම සම්පුර්ණයෙන්ම තහනම් වේ.

💠 කිසියම් බෝවන රෝගයකින් පෙළෙන්නෙකු, චර්ම රෝගයකින් පෙළෙන්නෙකු දන්සැල් කාර්ය මණ්ඩලය සදහා සභාභාගි කරවා නොගත යුතු අතර දන්සැල් පරිශ්‍රය තුල රැදි සිටීමද නොකළ යුතුය.

🔴 බත් / කඩල දන්සැල සඳහා කොන්දේසි

1. ආහාර පිසින ස්ථානයේ ප්‍රමාණවත් තරම් ඉඩ පහසුකම් තිබිය යුතුය.

2. වැසිකිළි අසළ හා කාණු උඩ හෝ අසල ආහාර පිසීම නොකළ යුතුය.

3. ආහාර පිළියෙල කිරීමට ගන්නා සියලුම භාණ්ඩ හා උපකරණ සබන් දා හොදින් සෝදා පිරිසිදු කර භාවිතා කළ යුතුය.

4. ආහාර පරිහරණය කරන්නා හොදින් සබන්දා අත් සේදීම කළ යුතු අතර ප්‍රමාණවත් සබන් සපයා තිබිය යුතුය.

5. පිරිසිදු ඇදුම් පැලද සිටිය යුතුය. නිළ ඇදුමක් ලබාදීම වඩාත් උචිතය.

6. සෑම අවස්ථාවකදීම මැස්සන්ගෙන් ආහාර ආරක්ෂා කර ගැනීමට වසා තැබිය යුතුය.

7. කුණු කසළ විවෘතව නොතබා පියන සහිත බදුන් වල බහාලිය යුතුය. අප ජලය ක්‍රමාණුකූලව බැහැරලිය යුතුය.

8. දන්සැල්හි ආහාර පිළිගන්වන්නන් අත්වැසුම්, හිස් වැසුම්, මුඛ ආවරණ පැළද සිටිය යුතුය.

🔴 අයිස් ක්‍රීම් / කෝයි / සිසිල් බීම දන්සැල සදහා කොන්දේසි

1. අයිස් ක්‍රීම් නියමිත උෂ්ණත්වයේ ශිතකරණ වල ගබඩා කර තැබිය යුතුය.

2. ආහාර පිළිගන්වන්නන් අත්වැසුම්, හිස් වැසුම්, මුඛ ආවරණ පැළද සිටිය යුතුය.

3. කෝපි හා සිසිල් බීම සඳහා භාවිතා කරන කෝප්ප හොදින් සෝදා පිරිසිදු කළ යුතුය.

4. ප්‍රමාණවත් කසළ බදුන් තිබිය යුතුය.

(මෙහි ඇතැම් කරුණු කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පිටුවෙන් උපුටා ගන්නා ලදී.)

Copied

#දන්සැල්

ETHEPHON.එතපෝන් .??පළතුරු ඉදවිම සදහා බහුලවම යොදාගන්නා රසායනික ද්‍රව්‍ය. මේ රසායනකික ද්‍රව්‍ය සැම පළතුරු වෙළදසැල් තුලම පා...
18/04/2024

ETHEPHON.එතපෝන් .??
පළතුරු ඉදවිම සදහා බහුලවම යොදාගන්නා රසායනික ද්‍රව්‍ය. මේ රසායනකික ද්‍රව්‍ය සැම පළතුරු වෙළදසැල් තුලම පාහේ භාවිතා කරනවා. මෙම රසායනික ද්‍රව්‍ය භාවිතා කිරිම ලංකාව තුල තහානම් ..? නෑ.
එහෙනම් මොකක්ද ගැටලුව ..?
භාවිතා කරන ක්‍රමය මොකක්ද ?
Ethephon මිලි ලීටර් 1ක් සමග ජලය 1ලීටරයක් සහා
කැල්සියම් හයිඩ්‍රෝක්සයිඩ්/ සෝඩියම් හයිඩෝක්සයිඩ් (Calcium hydroxide/ sodium hydroxide) සමග මිශ්‍ර කර.එම දියරය විවෘත භාජනයක් තුලට දමා ඒ කාමරය තුලට අදාල පළතුරු දාලා එම කාමරය වැසිය යුතුයි. එම ව්වෘත භාජනය තුලින් එතිලින් නැමති හෝමානය නිකුත් විමේන් අනතුරුව එම පළතුරු ඉදිම සාමන්‍ය පරිදි සිදූවේ.
නමුත් ලංකාව තුල මේ Ethephone නැමති රසායනික ද්‍රව්‍ය පළතුරු වලට direct Spray කිරිම සිදු කරන බැවින්
මෙම Ethephon භාවිතා කරන ලද ආහාරයක් පැය 72 ක් වත් යනකල් අල්ලන්න වත් හොද නෑ.
Ethephone ?? කෘමිනාශකයක්,වර්ධක හෝමෝනයක්,මල් හට ගැන්විම උත්තේජනය කරන හෝමෝනයක්
මේ රසායනික ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන් ලාභ ප්‍රයෝජනය නිසා මෙම රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා නමුත් මේ මිනිස්සු ආරක්ෂිත උපකාර භාවිතා නොකරමින් අනාරක්ෂිත ලෙස තමයි මේ රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්නෙ.
මේ නිස පළතුරු මිලදි ගැනිමේදී අමු පළතුරු ලබාගැනිමට සැලකිලිමත් වන්න.ලංකාවේ මිනිස්සු කොච්චර බුද්ධිමත් උනත් තමන් භාවිතයට ගන්න ආහාරය තෝරාගැනීමේදි ..😥 ඔබට කලින් දරුවන් මිය යනවා දකින්න ආසා නං දෙන්න පලතුරු ගෙනත්. වෙළදසැල් තුල තියෙන ආහාර ගැනීම අවම කරන්න.

Sandun rathnayake
Public health inspector (මහජන සෞඛ්‍ය පරීක්ෂක )

Copied

Address

Primery School Road

60620

Opening Hours

Monday 07:30 - 16:30
Tuesday 07:30 - 16:30
Wednesday 07:30 - 16:30
Thursday 07:30 - 16:30
Friday 07:30 - 16:30
Saturday 07:30 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Office - Polpithigama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram