03/06/2025
ස්වභාව දහම දුන් පණිවිඩ ය.
පසුගිය සමයෙ තරමක් කර්‍ය බහුල වූ බැවින් ඔබ වෙත රසකතා වක් ගෙන ඒමට නොහැකි වීම ගැන කණගාටුව ප්‍රකාශ කරමින් අද රසකතාවට මුල පුරමි.
පසු ගිය නොවැම්බර් මස මාගෙ බිරිද නිවාඩුට ලංකාවට ආ පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යාමට තීරණය වූයෙ ඇගෙ පශ්චාත් උපාධි සහතිකයක් ලබා ගෙන ඒම සඳහාය. ඇය විදේශ ගතව සිටි බැවින් උපාධි ප්‍රදානෝත්සවය සදහා සහභාගි වීමට අවස්ථාව නොලැබුනි.
දරුවන් තිදෙනාත්, මමත්, බිරිදත් ගමන සදහා සහභාගි විය. පෙරවරු දහය පමණ වන විට සෙනෙට් මන්දිරයෙ වැඩ කටයුතු අවසන් කර ගෙන උපාධි සහතිකයද රැගෙන ජයග්‍රාහි ලීලාවෙන් වාහනයට ගොඩවුන ඈ පැවසූයෙ,
"අපි යන ගමන් garden එකටයි මාලිගවටයි ගිහින් යමු. බබාලත් ආස ඇති නෙ".
ඇගෙ බසට එකග වූ මා රථය ගලහා හන්දිය දක්වා සෙමින් ධාවනය කලෙමි.
අහෝ දුකකි!
යටි බඩ හරියෙන් වේදනාවක් සමග ස්වභාව දහම මොකක්දො පණිවිඩයක් දෙන බව මට දැනුනි. එයට අවනත වනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැති බව දැනුන මා රථය medical faculty එක දෙසට හැරවීමි.
"අනෙ ඇයි ඔහෙට හරවන්නෙ?" ඒ බිරිද ය.
"මගෙ බඩ රිදෙනවා" යැයි පැවසූ මම හනිකට රථය ගාල් කොට එයින් බසිත් ම,
"අනෙ මොකද බඩ රිදෙන්නෙ ඔයාගෙ?"
"ආයෙ බඩ රිදෙන්නෙ අහවල් එකට මිසක් ඔයාලට වගෙ මාස් පතා අපට රිදෙන්නෙ නෑ නෙ." කියමින් මා හනිකට ELTU ගොඩනැගිල්ලෙ වැසිකිළියට ගොඩ වැදුනෙ රිසි සේ ස්වභාව දහමට අවනත වීමටය. එහි වූයෙ squating pan එකක් බැවින් කලිසමද අභ්‍යන්තර කලිසමද ගලවා partition කර තිබු board එක මත දමා මෙලොව අමාසැප ලබා ගතිමි. කාර්‍ය අවසන පශ්චාත් භාගය මැනවින් සෝදා ගෙන නැවත ඇදුම් ඇගලා ගැනීමට තැනු මා හට උද්ගත වූයෙ උභොතොකෝටික ගැටලුවකි. එක වගෙ ජොකුන් දෙදෙනෙකි. කලින් වැසිකිලිය භාවිතා කල විද්වතා එය අමතක කොට ගොසින්ය.
දෙකම එක සමාන බැවින් මාගෙ ඇදුම තෝරා ගත නොහැකිව අසරණ වීමී. ගඳ සුවදින් ගැටලුව නිරාකරණය කර ගත හැකි බව මාගෙ මහෞෂධ මොළයට වැටහුනද එවන් අවධානමක් ගැනීමට නොහැකි බව මාගෙ පිරිසිදු හදවත පැවසීය. හදවතට අවනත වූ මා ජොකා නොමැතිව ඩෙනිම පමණක් ඇගලා ගෙන පේරාදෙණිය මල් වත්ත දරුවන්ට පෙන්වා, ඉන් පසුව ශ්‍රී දළදා මාලිගාවද වැද පුදාගෙන සැදැහි සිතින් සිවිල් පිටම පොතුහැර නිවස බලා පිටත් වීමි.
සැ.යු යට ඇදුම අහිමි වීම ගැන මෙම ලිපිය ලියන විටත් ප්‍රිය බිරිද නොදනී.