Help to Little Hearts

Help to Little Hearts The purpose of this is to help the little children as much as I can

20/12/2025

අද දවසේ කරන්න පුලුවන් උතුම්ම පුන්‍යකර්මය තමයි මේ 🙏

මා සිදුකර ඇති පින් බලයෙන් මේ පැටියගෙ සැත්කමට අවශ්‍ය මුදල ඉතා ඉක්මනින් එකතු වේවා...

දරුණු පිළිකාවක් එක්ක සටන් කරන ඒ පුතාට ආයෙත් ඉක්මනින් සැත්කමක් කරන්නලු දෙවියනේ තව දවස් 04 යි තියෙන්නෙ.
වත්තල හේමාස් හොස්පිටල් එකේ ඔපරේශන් එක

තව ලක්ෂ 05 ක මුදලක් අවශ්‍යි.....

මේ ඉන්නේ දනුදු පුතා. පිළිකාවක් හැදිලා සැත්කමකින් පසු ටික ටික සුව වෙමින් හිටියේ ඒත් දෛවයේ සරදමකට ආයේත් අසනිප වුණා ..ආයෙත් සැත්කමක් කරන්න වෙලා ....

ඒ දෙමාපියන් ආයෙත් අසරණ වෙලා .තිබුණ සන්තකයම දරුවා වෙනුවෙන් වැය කරපු ඒ දෙමාපියෙන්ට කොහින්ද ආයේ සැත්කමක් කරන්න මුදල්

අපි පුලුවන් විදියට උදවුවක් කරමු ...
ජිවිතේ හැටි එහෙමයි ..
හැමෝම ආසයි ජිවත් වෙන්න ..

අපිට පුලුවන් විදියට රුපියලකින් හෝ දායක වෙමු අප්‍රමාණ පිං

🙏 ගිනුම් අංකය...

92842986
R Raja
BOC ( ලංකා බැංකුව )

0718039776

85/ 12 අග්ගොන්න පාර
නිව්ඩාව
පනදුර

හැකිතාක් ශෙයර් කරමු....... #ජීවිතේ

19/12/2025
19/12/2025
17/12/2025
05/12/2025

අපේක්ෂාවේ ප්‍රතිකාර ලබන අවුරුදු 08ක මේ පුංචි දියණියට ඉතාමත් ඉක්මණින් කලයුතු වෛද්‍ය පරික්ෂණයක් සදහා රුපියල් 55,000ක මුදලක් අවශ්‍යය බැවින් එම පරික්ෂණය කරදෙනමෙන් ඉන්දි පදනමෙන් ඉල්ලිමක් කර ඇති අතර, මේ සදහා උදව් උපකාර කල හැකිනම් කතා කරන්න. (වෛද්‍යය වාර්තා ලබාදී ඇත.)

0718874862 | 0712138268

Thank you  Vimanga sir
03/12/2025

Thank you Vimanga sir

03/12/2025
02/12/2025
30/11/2025

❤️ ආදරණීය ඔබටයි... වතුර වැඩිවෙන දෙස බලාගෙන බියෙන් ඉන්න ඔබටයි.

මේ වෙලාවේ එළියේ මහ වැස්ස එක්ක වතුර මට්ටම එන්න එන්නම වැඩි වෙනකොට ඔයාට දැනෙන බිය, අසරණකම අපි කාටත් තේරෙනවා. ගෙදර දාලා යන්න තියෙන ලෝබකම, බඩු මුට්ටු ගැන තියෙන දුක සාධාරණයි.

ඒත් මේ වෙලාවේ කල්පනාවෙන් වැඩ කරොත්, ඔයාට පුළුවන් ලොකු විනාශයක් වළක්වාගන්න. කරුණාකරලා විනාඩියක් අරගෙන මේ ටික කියවන්න. 🙏

🔴 "තව ටිකක් බලමු" කියන්න එපා
ගොඩක් අය අමාරුවේ වැටෙන්නේ "තව ටිකක් බලලා වතුර වැඩි උනොත් යමු" කියලා හිතන නිසයි. රෑට කරන්ට් එක ගියොත්, වැස්ස වැඩි උනොත් බෝට්ටුවකටවත් එන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා වතුර මිදුලට එනකොටම ආරක්ෂිත තැනකට යන්න තීරණය කරන්න. පණ තිබුනොත් දේපල ඕන දෙයක් ආපහු හදාගන්න පුළුවන්.

🔴 අත්‍යවශ්‍ය මල්ලක් ලෑස්ති කරගන්න
හදිසියේ යන්න වුනොත් අරන් යන්න පොඩි බෑග් එකක් දැන්ම ලෑස්ති කරගන්න.

🟢ඔප්පු, උප්පැන්න, හැඳුනුම්පත් (පොලිතින් කවරයක දාන්න).

🟢ගෙදර කවුරුහරි දිනපතා බොන බෙහෙත් (Pressure/Sugar පෙති).

🟢ෆෝන් චාජර් සහ පවර් බෑන්ක්.

🟢රත්තරන් බඩු සහ මුදල්.

මේ බෑග් එක ඔයාගේ ඇඳ ලඟින්ම තියාගන්න.

🔴 විදුලිය විසන්ධි කරන්න
වතුර ගෙදරට එනවා වගේ නම්, බිත්ති තෙමෙන්න පටන් ගත්ත නම්, වහාම Main Switch එක Off කරන්න. ට්‍රිප් ස්විච් එක විතරක් නෙවෙයි, මේන් ස්විච් එකම ඕෆ් කරන්න. වතුරේ කරන්ට් එක වැදුනොත් කාටවත් බේරන්න එන්න බැරි වෙනවා.

🔴 වතුරේ ඇවිදිනකොට පරිස්සම් වෙන්න
ඔබට වතුරේ ඇවිදින්නම වෙනවා නම්,

🟢අනිවාර්යයෙන්ම අතට ලොකු පොල්ලක් හෝ ලීයක් ගන්න.

🟢ඉස්සරහින් ලීයෙන් ඇනලා බලලා අඩිය තියන්න (කාණු වල පියන් ගැලවිලා තියෙන්න පුළුවන්).

🟢දණහිසට වඩා වතුර නම් තනියම යන්න එපා. වතුර පාරට ඔබව ගහගෙන යන්න පුළුවන්. ලණුවක් හෝ අත්වැලක් පාවිච්චි කරන්න.

🔴 සත්තු ගැන විමසිලිමත් වෙන්න
ගංවතුරට සර්පයෝ, පත්තෑයෝ පවා බය වෙලා ගොඩබිමට එනවා. උන් ගස් උඩ, ගෙවල් වල වහලවල් අස්සේ එල්ලී සිටින්න පුළුවන්. වතුරේ යනකොට වගේම ගස් යටින් යනකොට ඒ ගැන හොඳට බලන්න.

🔴 ෆෝන් එකේ බැටරි ඉතුරු කරගන්න
ලයිට් ගියාම ෆෝන් එක චාජ් කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා Data Off කරලා, ෆෝන් එක "Battery Saver Mode" දාගන්න. හදිසිම දේකට (EMERGENCY CONTACTS කතා කරන්න) බැටරි ටික ඉතුරු කරගන්න. ෆේස්බුක් එකේ වීඩියෝ බල බල බැටරි බස්සගන්න එපා.

මෙන්න හදිසි අවස්තාවක කතා කරන්න Numbers ටිකක්,

🟢 117 - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (බෝට්ටු අවශ්‍ය නම් මෙය අමතන්න)

🟢 1990 - සුව සැරිය ගිලන් රථ සේවය (රෝගියෙක් සිටී නම්)

🟢 119 - පොලිස් හදිසි ඇමතුම්

🟢 110 - ගිනි නිවන ඒකකය

ෆෝන් එක වැඩ නැත්නම්,බේරාගැනීමේ බෝට්ටු හෝ හෙලිකොප්ටර් එනකොට "අපි මෙතන ඉන්නවා" කියලා සිග්නල් දෙන ක්‍රම 3ක් තියෙනවා.

🟢රාත්‍රී කාලයේදී: ටෝච් එකක් හෝ ලයිට් එකක් භාවිතා කරන්න. 3 පාරක් වේගයෙන්, 3 පාරක් හෙමින් ලයිට් එක නිවා දල්වන්න (SOS සංඥාව).

🟢දවල් කාලයේදී: වහලය මතට හෝ උස් ස්ථානයකට වී සුදු හෝ රතු පැහැති රෙද්දක් වනන්න.

🟢ශබ්ද කරන්න: කෑ ගහනවට වඩා, යකඩ භාජනයකට යකඩයකින් ගසන්න. එම ශබ්දය කටහඬට වඩා ගොඩක් දුරට ඇසෙයි.

🔴 බොන වතුර ටිකක් එකතු කරගන්න
වතුර වැඩි උනාම පිරිසිදු වතුර හොයාගන්න අමාරු වෙනවා. ඒ නිසා දැන්ම පිරිසිදු වතුර බෝතල් කිහිපයක් පුරවලා උස් තැනකින් තියන්න.

🔴 දරුවන් සහ වැඩිහිටියන්
ඔයාට පිහිනන්න පුළුවන් වුනාට ගෙදර ඉන්න අනිත් අයට බැරි වෙන්න පුළුවන්. ඒ නිසා වතුර වැඩි වෙන්න කලින් ගැබිණි මව්වරුන්, පොඩි දරුවන් සහ වයසක අයව ආරක්ෂිත තැනකට යවන්න කටයුතු කරන්න.

මේ වෙලාව හරිම අමාරුයි තමයි. ඒත් හිත හයිය කරගන්න. අපි ප්‍රාර්ථනා කරනවා මේ මහා වැස්ස ඉක්මනින් පා වෙලා ගිහින් හැමෝටම සුව සහනය ලැබෙන්න කියලා! ❤️🌧

Address

Puwakpitiya

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94766552581

Website

Alerts

Be the first to know and let us send you an email when Help to Little Hearts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Help to Little Hearts:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram