Colombo North Teaching Hospital - Ragama

Colombo North Teaching Hospital - Ragama Colombo North Teaching Hospital (CNTH) which is situated at Ragama in the Gampaha District is 18 km

25/11/2022
25/11/2022
05/10/2022

අවුරුදු පහට අඩු දරුවන් සිටින ඔබට දැනුම් දීමක්!

ශ්‍රී ලංකාවේ දැනට ඇති වී පවතින ආර්ථික වශයෙන් ගැටලුකාරී තත්ත්වය හමුවේ, දරුවන්ගේ පෝෂණය ගැන වැඩි වැඩියෙන් අවධානය යොමු වී තිබෙනවා. විශේෂයෙන්ම වේගයෙන් වැඩෙන කුඩා දරුවන්ට, වයසට සරිලන නිසි පෝෂණයක් නොලැබුනහොත් ඔවුන් උරුම කරගත් උපරිම වර්ධන සීමාවන්ට ලඟා වෙන්නට නොහැකි වන්නට ඉඩ තිබෙනවා වාගේම පෝෂණ ඌණතා නිසා හටගන්නා රෝගාබාධවලට ලක්වීමේ අවදානමකුත් පවතිනවා. මේ කරුණු සැළකිල්ලට ගනිමින් 2022 ඔක්තෝබර් - "පෝෂණ මාසය" තුල විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ සැළසුම් කර තිබෙනවා.

දරුවෙකුගේ පෝෂණ මට්ටම ප්‍රශස්ත තත්ත්වය පවත්නා බවට තහවුරු කර ගැනීමට යොදා ගන්නා මූලිකම මිනුම් වශයෙන් උස සහ බර සඳහන් කළ හැකියි. මෙම ඔක්තෝබර් මාසය තුල දී වයස අවුරුදු පහට අඩු සියලුම ශ්‍රී ලාංකික දරුවන්ගේ බර සහ උස/දිග මැන සටහන් කිරීමටත්, වයසට අදාළව වර්ධන තත්වය ප්‍රමාණවත් දැයි තක්සේරු කිරීමටත් මේ වනවිට සැළසුම් කර අවසන්. කඩිනමින් සක්‍රීය කිරීමට කිරීමට නියමිත හදිසි පෝෂණ වැඩසටහ සඳහා මෙම දත්ත ඉතා වැදගත් වනු ඇති. මෙම සමීක්ෂණය ක්‍රියාවලිය වෙනත් වසරවල පෝෂණ මාසවල මෙන්ම මෙවරත් වයස අවුරුදු පහට අඩු මිලියන 1.5 ක් වූ සමස්ත දරු පිරිසම සම්බන්ධ කරගැනීම මගිනි. එමන්ම, මෙම සමීක්ෂණය සිදුවන්නේ වසර පුරාවටම ක්ෂේත්‍රයේ දී සිදුකෙරෙන උස/ බර මැනීමේ ක්‍රියාවලියට අමතරවයි.

ඔබ සාමාන්‍යෙන් දරුවාගේ වර්ධනය (උස /බර) මැන බලන්නේ පුද්ගලික සෞඛ්‍ය ආයතනයකින් වුවත් හැකි නම් මේ මාසයේ ඒ සඳහා ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිළධාරිනිය වෙත යොමුවන ලෙසත්, දැනටමත් එසේ උස හා බර මැනගෙන අවසන් නම් එම තොරතුරු ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය වෙත ලබා දෙන ලෙසත් අප කාරුණිකව ඉල්ලා සිටිනවා.

දරුවාට වයස අවුරුදු පහට අඩු නම් , මේ මාසය ඇතුලත දී ඔබ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය විසින් පවත්වන පෝෂණ මට්ටම ඇගැයීමේ වැඩසටහනට යොමු වීම, පුද්ගලිකව ඔබට මෙන්ම පොදුවේ රටටත් විශාල වැදගත්කමක් ඇති කටයුත්තක්. ඔබේ දරුවාගේ පෝෂණ මට්ටම සතුටුදායකනම් ඒ බව තහවුරු කිරීම හෝ එසේ නොවේනම්, ගැටලුවේ තීව්‍රතාවය අනුව අදාළ උපකාර ලබාදීම සහ විශේෂ සායන වෙත යොමුකිරීම් සිදු කිරීම මෙහිදී සිදුකිරීමට නියමිතයි. වර්ධනය අඩු බවට හඳුනාගන්නා දරුවන් යළි සාමාන්‍ය තත්වයට පත් කරගන්නා ක්‍රියාවලිය අතරතුරු දිගින් දිගටම ඔවුන්ගේ පෝෂණ මට්ටම පරීක්ෂා කරමින් අවශ්‍ය සේවාවන් ලබා දීමට ද අපේක්ෂිතයි.

වයස අවුරුදු පහට අඩු දරුවාට නිසි පෝෂණයක් ලැබේදැයි තක්සේරු කරගැනීමට මේ මශඟු අවස්ථාව උපයෝගී කරගන්නා අතරේම, වඩාත් යාවත්කාලීන වූ නිවැරදිම දත්ත එක් රැස් කර ගැනීමට සහය දීම තුලින් දැයේ දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ගවලටත් අත්වැලක් වන්නට ඔබ කටයුතු කරනු ඇතැයි අප අපේක්ෂා කරනවා.

06/09/2022

ඉර එළිය නොඅඩුව ලැබෙන රටේ ජනගහනයෙන් සෑම තුන්දෙනෙකුගෙන් අයෙක්ට විටමින්-D ඌණතාවය?

සූර්යාලෝකයට නිරාවරණය වන විට සමෙහි විටමින් D නිපදවෙන බව අප කුඩා කාලයේ පටන් ඉගෙනගෙන තිබෙන විද්‍යාත්මක කරුණක්. එහෙත්, වසර පුරාම හොඳින් හිරු එළිය ලැබෙන සමකාසන්න රටක් වන ශ්‍රී ලංකාවේ සිදු කර ඇති සමීක්ෂණ මගින් හෙළිවන තොරතුරු ඇතැම්විට ඔබ විමතියට පත් කරන්නට ඉඩ තිබෙනවා.

එක් සමීක්ෂණයකට අනුව ලංකාවේ නාගරික ජනගහණයෙන් සෑම තුන් දෙනෙකුගෙන්ම එක් අයෙකු (31%) විටමින් D ඌණතාවයෙන් (Vitamin D Deficiency) පෙළෙන අතර අඩකට වඩා (59%) පිරිසකගේ ශරීරයේ විටමින් D මට්ටම ප්‍රමාණවත් නැහැ (Vitamin D Insuficiency). දකුණු පලාතේ කාන්තාවන් අතර සිදුකල සමීක්ෂණයකිනුත් මෙයට සමාන ප්‍රතිඵල ලැබී ඇති අතර අඩකට වඩා වැඩි පිරිසකගේ (56%) විටමින් D මට්ටම ප්‍රමාණවත් නැති බව බව තහවුරු වී තිබෙනවා. වයස 10 -18 අතර පාසැල් සිසුන් අතරත් ආසන්න වශයෙන් අඩකගේ පමණ (46%) විටමින් D මට්ටම ප්‍රමාණවත් නැහැ.

අපව ආසාදන වලින් ආරක්ෂා කරන ප්‍රතිශක්තිය උපරිම මට්ටමෙන් පවත්වාගැනීමට උපකාරී වන, ශ්වසන රෝග වළක්වාලන, ශක්තිමත් අස්ථි සඳහා අත්‍යාවශ්‍ය, මාංශ පේශි වල මෙන්ම මොළයේ ක්‍රියකාරීත්වයට වැදගත්වන, කෙටියෙන් කිවහොත් සෞඛ්‍ය සම්පන්න ක්‍රියාශීලී ජිවිතයකට ඉතා වැදගත්වන පෝෂකයක් මෙලෙස ඌණ වීම අපට සුලු කොට තැකිය හැකි තත්වයක් වන්නෙ නැහැ. හිරු එළියෙන් නැහැවෙන එළිමහනේ සක්‍රීය ජීවිතයකට හුරු වී සිටි අපේ මුතුන්මිත්තන් ගතකල ජීවන රටාව වෙනස් වෙමින් වැඩි වැඩියෙන් නිවාස /ගොඩනැගිලි අභ්‍යන්තරයේ රැඳී සිටින්නට අප හුරු වී සිටීම මෙයට එක් හේතුවක් වන්නට ඉඩ තිබෙනවා.

සාලයා, සූඩයා, හුරුල්ලන්, බෝල්ලු වැනි තෙල් සහිත මත්ස්‍යයන්, බිත්තර කහමදය, රතු මස්, සත්ව අක්මාව (පීකුදු ) වල මෙන්ම සහ පිටතින් විටමින් එක් කරන ලද ආහාර වර්ග වල විටමින් D අඩංගු වෙන නමුත් දෛනික අවශ්‍යතාවයට සරිලන තරම් ප්‍රමාණයක් අප අතරින් බොහෝ දෙනකුට එදිනෙදා ආහාර රටාව තුලින් ලැබෙන්නේ නැහැ. එම නිසා ඉහත කී ආහාර හැකි තාක් කෑම වේලට එකතු කරගන්නා අතරේම අප මුලින් සඳහන් කල පරිදි හිරු එළිය ට නිරාවරණය වීමෙන් දිනපතා අවශ්‍ය විටමින් D ප්‍රමාණය සිරුර තුලම නිපදවා ගැනීම කල හැකි ආකාරය ගැන දැනුවත් වීම සහ ඒ අනුව ක්‍රියාත්මක වීම වැදගත්. පවත්නා ආර්ථික වශයෙන් ගැටලුකාරී වාතාවරණය තුල මෙය කාලීන වැදගත්කමකින් යුතු විකල්පයක් ද වනු ඇති බව නොඅනුමානයි.

ඒ සඳහා ඔබ, එදිනෙදා භාවිතා කරන සාමාන්‍ය ඇඳුමෙන් සැරසී, උදෑසන 10 ත් සවස 3 අතර විනාඩි 15 - 30 අතර කාලයක් හිරු එළියට නිරාවරණය වීම කළයුතු වෙනවා. ශරීරයට අවශ්‍ය සම්පූර්ණ විටමින් D ප්‍රමාණය නිපදවා ගැනීමට නම් මේ ක්‍රියාවලිය දිනපතා සිදු කළ යුතු යි.

මේ හිරු එළියට නිරාවරණයවන කාලය අතරතුර ව්‍යායාම, ගෙවතු වගාව හෝ වෙනත් ඕනෑම ඔබ කැමති කටයුත්තක යෙදෙන්නත් හැකියාව තිබෙනවා.

යම් සමේ රෝග තත්වයක් නිසා ඔබට හිරු එළියට නිරාවරණය නො වන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති නම් මේ ක්‍රමය ඔබට සුදුසු වන්නේ නෑ​​. ඔබ යම් රෝගයක් සඳහා දිගු කාලීනව ඖෂධ ලබාගන්නා කෙනෙක් නම්, හිරු එළියට නිරාවරණය වීමේ ගැටලුවක් තිබේ දැයි ඔබේ වෛද්‍යවරයාගෙන් කල් ඇතිව විමසා දැනගැනීමත් වැදගත් වනවා. යම් හෙයකින්, හිරු එළියට නිරාවරණය වීමේ දී සමෙහි අපහසුතාවයන් ඇති වේ නම් එය වහාම නවතා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් වැදගත්.

අභියෝග හමුවේ තවත් සවිමත් වෙමින් නිරෝගීමත් සහ ශක්තිමත් පුරවැසියන් බවට පත්වන්නට මේ නොමිලේ ලැබෙන මහඟු දායාදය අපතේ නොහැර භාවිතා කරන්නට ඔබ කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

12/07/2022

විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලියේදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා සම්බන්ධවන රාජ්‍ය ආයතනයන්හි විෂය නිලධාරීන් සඳහා සූදානම් කළ මාර්ගගත (Online) පුහුණු වැඩසටහන

විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අයදුම්පත් ඉදිරිපත් කරන විශ්‍රාම වැටුප් කළමනාකරණ පද්ධතිය හා සම්බන්ධ වෙමින් කටයුතු කරන විෂය නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය හා පවතින ගැටළු සාකච්ඡාකිරීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් නොමිලේ මෙම සිව්දින පුහුණු වැඩසටහන මාර්ගගතව පවත්වනු ලැබේ.

පාඨමාලාවේ අන්තර්ගතය

2022.07.19 - විමධ්‍යගත විශ‍්‍රාම වැටුප් ගෙවීමේ ක‍්‍රමය

2022.07.26 - මධ්‍යගත විශ‍්‍රාම වැටුප් ගෙවීමේ ක‍්‍රමය

2022.08.02 - වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයේ ලියාපදිංචි කිරීම හා මරණ පාරිතෝෂික ගෙවීම

2022.08.09 - වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ‍්‍රාම වැටුප් ගෙවීම් ක‍්‍රියාවලිය

වේලාව - පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා

භාෂා මාධ්‍යය - සිංහල

මාර්ගගත මෘදුකාංගය Microsoft Teams

2022.07.14 දිනට පෙර පහත සබැඳිය භාවිතයෙන් ලියාපදිංචි විය යුතුය.

https://forms.gle/A1Gura7SrVggYrU88

20/06/2022

අග්‍රහාර රක්ෂණ හිමි සියලුදෙනා වෙත..,මෙහි නොමැති සියලුදෙනා දැනුම්වත් කරන්න.අවසන් දිනය 2022.05.31සියළුම නිළධාරීන් වෙත මෙම...
24/05/2022

අග්‍රහාර රක්ෂණ හිමි සියලුදෙනා වෙත..,මෙහි නොමැති සියලුදෙනා දැනුම්වත් කරන්න.

අවසන් දිනය 2022.05.31

සියළුම නිළධාරීන් වෙත
මෙම වීඩියෝවේ පරිදි සියළුම නිළධාරීන් පහත සබැඳිය වෙත ගොස් අග්‍රහාර රක්ෂණයට අදාළ ඔබගේ තොරතුරු නිවැරදිව 2022.05.27 දිනට පෙර ඇතුලත් කරන්න. ඉදිරියේදී අග්‍රහාර රක්ෂණයට අදාළ සියළුම කටයුතු මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ සිදුවන බැවින් තොරතුරු ඇතුලත් නොකරන අයගේ ගිණුම් සදහා සිදුවන ගැටලු පිළිබඳ වගකීම ඔබ සතුවේ.

අග්‍රහාර සබැඳිය : https://www.nitf.lk/en/member_login/signin.php

වීඩියෝවේ සබැඳිය : https://youtu.be/-XTQJL0yTC4

අග්‍රහාර රක්ෂණාවරණයේ තොරතුරු යාවත්කාලීන කරන්නේ කෙසේද? ජූලි 31 දිනට පෙර(රටේ වත්මන් තත්ත්වය හේතුවෙන් දිනය දීර්ඝ කර ....

02/04/2022

🚌 2022/04/03 දින ක්‍රියාත්මක වන බස් රථ සේවාව .

🚌🚌🚌🚌🚌🚌🚌ශ්‍රී ලංගම බස්රථ 🚌🚌🚌🚌🚌🚌🚌🚌🚌
✅ කිරිදිවැල සිට රාගම රෝහල දක්වා ධාවනය වන බස් රථය සාමාන්‍ය පරිදි ධාවනය වේ.
☎ 077 105 65 70

✅ මීගමුව , සිදුව , ජාඇල , මහබාගේ හරහා රාගම රෝහල
☎ 077 10566 21

✅ ගම්පහ, කිරිදිවිට ,ගනේමුල්ල ,පොකුණ හන්දිය,රාගම රෝහල
☎ 077 10565 30

🚌🚌🚌🚌🚌🚌🚌🚌හෙද විදුහලේ බස්රථ 🚌🚌🚌🚌🚌🚌🚌
✅ගිරිඋල්ල , Mirigama ,Pasyala ,නුවර පාර ,කඩවත හරහා රාගම රෝහල
☎ අලහකෝන් මයා -070 255 9339

✅ Pasyala , ,නුවර පාර හරහා රාගම රෝහල
☎ ප්‍රසාද් මයා - 070 270 3505

✅ දිවුලපිටිය ,මිනුවන්ගොඩ ,අඹ ගස් වත්ත , උඩුගම්පල,ගනේමුල්ල
හරහා රාගම රෝහල
☎ ඉන්දික මයා - 071 243 6952

⭐ ගමනාන්තයෙන් පිටත්වීම. - පෙ.ව. 06.00 / ප.ව.12.00 / ප.ව.17.00

⭐ රාගම රෝහලෙන් පිටත්වීම - පෙ.ව 08.00 / ප.ව.13.30 / ප.ව.18.45

03/03/2022
25/01/2022

"ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් හොඳ ආරක්ෂාවකට බූස්ටර් මාත්‍රාව අත්‍යවශ්‍යයි"

අප රට තුළ දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන් ගණන යළිත් වතාවක් ඉහළ යමින් පවත්නා බවත්, පැතිරෙමින් පවතින ප්‍රධාන ප්‍රබේධය බවට ඩෙල්ටා ඉක්මවමින් ඔමික්‍රෝන් පත්වෙමින් ඇති බව දැනටමත් ඔබ දන්නවා ඇති. පෙර පැවති ප්‍රබේධ ආසාදනයෙන් ආරක්ෂා වීමට සහ රෝගය වැළඳුනත් අසාධ්‍යවීම වැළැක්වීමට අපේ රටේ බොහෝ දෙනා මාත්‍රා දෙකක පූර්ණ එන්නත්කරණය කෙරෙහි විශ්වාසය තැබූ බවත් අප දන්නවා. එනමුත්, ඔමික්‍රෝන් ආගමනයත් සමඟ අප ප්‍රතිශක්තිකරණයේ තවත් ඉදිරි පියවරකට යා යුතු බව අලුත්ම විද්‍යාත්මක පර්යේෂණයක් මඟිනුත් තහවුරු වී තිබෙනවා.

Harvard, MIT, Ragon Institute සහ MGH ආයතන මගින් Cell නැමැති ලොව ඉහළ පෙළේ විද්‍යා සඟරාවක පළ කරන ලද පර්යේෂණයක දත්ත වාර්ථා වලට අනුව ලොව පුරා ඉතා ඉක්මනින් පැතිරීගෙන යන ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් ඇතිවන කොරෝනා ආසාදන වැලැක්වීම සඳහා සාමාන්‍යයෙන් ලබාදෙන එන්නත් මාත්‍රා දෙකෙන් පමණක් සැලකිය යුතු ආරක්ෂාවක් නොලැබෙන බවත් තුන්වෙනි "බූස්ටර්" මාත්‍රාවක් ලබා ගැනීමත් සමග මෙම ආරක්ෂාව ඉතා ඉහළ අගයකට යන බවත් සොයාගෙන තිබෙනවා..

මේ සඳහා හේතුව ලෙස අනුමාන කරනුයේ මෙම නව ඔමික්‍රෝන් ප්‍රභේදයේ ‘ස්පයික් ප්‍රෝටීන’ කොටසේ සිදුවී ඇති විකෘතිතා ගණන මීට ප්‍රථමව හඳුනාගත් ප්‍රභේද වලට වඩා ඉතා වැඩි බැවින් එන්නත් මාත්‍රා දෙකකින් පමණක් ජනනය වන ප්‍රතිදේහ වලට මෙම ප්‍රෝටීන කොටස හා සම්බන්ධ වී වෛරසය නිෂේධනය කිරීමේ කාර්යක්ෂමතාවය අඩු වීම යි. නමුත් තුන්වන මාත්‍රාවකින් පසුව ජනනය වන ප්‍රතිදේහ ප්‍රමාණය ඉතාමත් වැඩි නිසාත් එහි කාර්යක්ෂමතාවය ද වැඩි බැවින් එමගින් ඉතා හොඳ ආරක්ෂාවක් ලැබෙන බවට තවදුරටත් ​​තහවුරු වී තිබෙනවා.

ලොව බොහෝ රටවල් තම තමාගේ ජනගහනය හැකි ඉක්මනින් එන්නත් කිරීමට උත්සුක වන මේ අවස්ථාවේදී ලංකාව තුල බූස්ටර් මාත්‍රාව සියලු දෙනාටම ලබාදීම සඳහා ඇති පමණ එන්න තිබීම අප සියලු දෙනාම සතුටට පත්විය යුතු කාරණාවක්.

ලංකාව තුළ ද ඉතා ඉක්මනින් පැතිරීගෙන යන ඔමික්‍රෝන් ප්‍රභේදය ඉදිරි සති කීපය ඇතුළත දී ලංකාව තුළ විශාල පිරිසක් ආසාදනය කිරීමට හැකි බව විශේෂඥයින් විසින් අනතුරු අඟවා ඇති තිබෙන මේ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් අප ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ඔබට හැකි ඉක්මනින් ඔබට ලබා දෙන බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා යොමුවන ලෙසටයි. ඉතා පටු අරමුණුවලින් පතුරුවාහැරෙන මිත්‍යාමතවලට නොරැවටී , ඇතැම් අයට පමණක් ඇතිවන සහ එසේ වුවත් දින කිහිපයකින් අවසන්වන සුලු අතුරු ආබාධ පිළිබඳව නිවැරදි දැනුම සහිත ඔබ තව දුරටත් තුන්වන මාත්‍රාව ප්‍රමාද නොකරනු ඇතැයි අප විශ්වාස කරනවා.

මෙය ඔබගේ ආරක්ෂාවට පමණක් නොව බාධාවකින් තොරව අපගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑමටත්, රටේ ආර්ථිකය නගා සිටුවීම සඳහා අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව කරගෙන යෑමටත් මේ මොහොතේ අපට ලබාදිය හැකියි හොඳම සහයෝගය වනවා නොඅනුමානයි.

03/12/2021

මීට ප්‍රථමයෙන් අප ඔබ දැනුවත් කළ පරිදි පසුගිය නොවැම්බර් මස 26 වෙනි දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්, "දැඩි අවධානය යොමු කළ යුතු කොවිඩ් වෛරස ප්‍රභේද" අඩංගු කාණ්ඩයට ඔමික්‍රොන් නම් විකෘති ප්‍රභේදය ඇතුළත් කරනු ලැබුවා. එම නිවේදනයත් සමඟ, ඒ වන විට මෙම ප්‍රභේදය බහුලව පැතිරෙමින් තිබූ දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසතෝ, නැමීබියාව, සිම්බාබ්වේ සහ ස්වාසිලන්තය යන රටවලින් පුද්ගලයින් ශ්‍රී ලංකාව තුළට ඇතුලු වීම වහාම ක්‍රියාත්මක වන පරිදී අත්හිටුවනු ලැබුවා. එයට සමගාමීව, පසුගිය මාසය පුරාවට එම අවදානම් රටවලින් පැමිණි පුද්ගලයින් අමතර PCR/ RAT පරීක්ෂණ වලට භාජනය කිරීමටත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විමසා බැලීමටත් කටයුතු කෙරුණා. එමෙන්ම විදේශයන් හි සිට පැමිණ, කෝවිඩ් -19 රෝගීන් ලෙස PCR පරීක්ෂා මගින් හඳුනාගෙන ඒ වනවිටත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර සිටි පිරිසගේ සාම්පල ජානමය පරීක්ෂා ( ප්‍රභේදය හඳුනාගැනීමට) වලට විද්‍යාගාර වෙත යොමු කෙරුණ අතර ඒ අතරින් එක් සාම්පලයක ඔමික්‍රෝන් විකෘති ප්‍රබේධය අඩංගු බව දැන් තහවුරු වී තිබෙනවා. අදාළ පුද්ගලයාගේ ආශිතයින් හඳුනාගැනීම හා නිරෝධායනයට යොමු කිරීම ඒ හා සමගාමීව සිදුවී තිබෙනවා.

කොවිඩ් -19 වෛරසයේ ඔමික්‍රොන් ප්‍රභේදය පිළිබඳව දැනට අප දන්නා කරුණු බොහොමයක යම්කිසි අවිනිශ්චිතභාවයක් තිබෙනවා. එය ලොව පුරා දැනට පැතිරී පවතින ඩෙල්ටා ප්‍රභේදයට ද වඩා වේගයෙන් පැතිර යාමේ හැකියාවක් ඇති බවට දැනට සොයාගෙන ඇති ඇතැම් කරුණු වලින් සැක ඇති කෙරෙනවා. මෙය සත්‍ය වශයෙන්ම කෙතරම් දුරකට වැඩිවීමක් ද යන්න පිළිබඳව බොහෝ විට ඉදිරි සතිය තුළදී තොරතුරු ඉදිරිපත් වේවි.
ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් සුළු අසනීප තත්ත්වයේ සිට බරපතළ තත්ත්වයන් වලටද ලක්විය හැකි බවට දැනට සිදුකරන ලද නිරීක්ෂණ වලින් දැක්වෙනවා. එහෙත් ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව මෙයින් ඇති කරන රෝග තත්ත්ව වල තීව්‍රතාව (virulence) පිළිබඳව දැනට අනාවරණය වී ඇති සාක්ෂි වලින් නිශ්චිතව කරුණු දැක්වීමට අපහසුයි.

යුහුසුලුව සිදුවෙමින් පවතින පර්යේෂණ කටයුතුවල ප්‍රතිඵලයක් ලෙසින් ඔමික්‍රෝන් සම්බන්ධ වැඩිදුර තොරතුරු ඉදිරි සතිය හෝ දෙක තුළ බොහෝ වශයෙන් හෙළි වීමට නියමිතයි. කරුණු එසේ වුවත් මෙම නව විකෘති ප්‍රභේදයෙන් ආරක්ෂාවීමට අප කළ යුත්තේ ඩෙල්ටා ප්‍රභේද යන ආරක්ෂා වීමට ගත් සියලු ආරක්ෂණ පියවරයන්ම තව දුරටත් තීව්‍ර කිරීම බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විද්වතුන් පෙන්වා දෙනවා.

මේ වන විට විවිධාකාර වූ කොවිඩ් -19 ප්‍රභේදයන් ආසාදනයෙන් ඇතිවන රෝග ලක්ෂණවල තීව්‍රතාවය අවම කිරීමට සමත් වූ, දැනට භාවිතාවන එන්නත් නියමිත පරිදි නිර්දේශිත මාත්‍රා ගණන ලබා ගැනීම ඉදිරි වසංගත තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ද ඉතාමත් වැදගත් වනවා.

පෙර ප්‍රබේධ මෙන්ම , විවිධ උත්සව හා ප්‍රිය සම්භාෂණ වලදී සංවුර්ත පරිසරයක් තුළ බොහෝ දෙනා එකට කාලය ගත කිරීම වෛරසයේ නව ප්‍රභේද වේගයෙන් පැතිර යාමට හේතු වනු ඇති. එමෙන්ම වැඩි පිරිසක් සමග ගැවසීම, වාතාශ්‍රය අවම වීම, එකට හිඳ ආහාර ගැනීම වැනි විවිධ සාධක නිසා විවාහ මංගල උත්සව ආදි විවිධ ප්‍රිය සම්භාෂණ වෛරසය පැතිරීමට ඉතාමත්ම සුදුසු පරිසරයක් නිර්මාණය කරනු ඇති.

එළඹෙන කාලය තුළ මෙවැනි අවස්ථා හැකිතාක් දුරට මඟ හැරීම සහ අප දන්නා අනෙකුත් කොවිඩ් නිවාරණ සෞඛ්‍ය පුරුදු අඛණ්ඩව පිළිපැදීමෙන් අපත් අපේ ආදරණීයන් සියලු දෙනා නව කොවිඩ් ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට මෙන්ම රටෙහි ආර්ථික කටයුතු අඩපණ වන ආකාරයෙන් වසංගත තත්ත්වය පැතිර යෑම වළක්වාලීමටත් බොහෝ දුරට උපකාර වනු ඇති.

ශ්‍රී ලංකාවේ මේ වන විට කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින් සංඛ්‍යාව වයස 16න් ඉහළ ජනගහනයෙන් ප්‍රතිශතයක් විදිහට 85% ක් වැනි ඉහළ මට්ටමක්. අවදානම් කාණ්ඩ හඳුනාගනිමින් , ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමත් මේ වනවිට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාල මට්ටමෙන් ආරම්භ වී තිබෙනවා. වයස අවුරුදු හැට සහ ඉන් ඉහළ පුද්ගලයින්ට මෙන්ම සියලුම සෞඛ්‍ය සේවකයින්ට දෙවන මාත්‍රාවෙන් මාස 3කට පසුවත් , ප්‍රතිශක්ති ඌණතා සහිත පුද්ගලයින්හට
දෙවන මාත්‍රාවෙන් මසකට පසුවත් මෙය ලබාගැනීමට හැකියාව තිබෙනවා. කුමන එන්නත් වර්ගයකින් පළමු සහ දෙවන මාත්‍රා ලබාගෙන තිබුණත් , ප්‍රතිශක්තිය තවත් ඉහළ දමන තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාගැනීමට එය බාධාවක් වෙන්නෙ නෑ.

දැනට ලැබී තිබෙන විද්‍යාත්මක තොරතුරුවලට අනුව මෙම නව ප්‍රභේදය සඳහාද එන්නත් කරනය සාර්ථකව ක්‍රියාත්මක වන බවට දත්ත ලැබෙමින් පවතී. ශ්‍රී ලංකාව තුළ සියයට 85ක් පමණ වැඩිහිටි පුද්ගලයින් සාර්ථකව එන්නත් කරනයට ලක් වී ඇති බැවින් මෙය ලංකාව තුල රෝග ව්‍යාප්තිය පාලනය සඳහා පිටුවහලක් වනු බව නොඅනුමානයි. මෙම ආරක්ෂාව තවදුරටත් තහවරු කරගැනීම සඳහා මෙතෙක් එන්නත් කරනයට ලක් නොවුණු සියලු දෙනාටම හැකි ඉක්මනින් තමාට ලැබෙන පළවෙන අවස්ථාවේදීම අදාල එන්නත් කරණයට යොමු වන ලෙස අප ඔබ සියලු දෙනාගෙන්ම යළිත් වරක් ඉල්ලා සිටිනවා.

මීට පළමුව පැමිණි ප්‍රභේද මෙන්ම අප විසින් අනුගමනය කරන ලද රෝග ව්‍යාප්තිය වළක්වන සියලුම ආරක්ෂක විධිවිධාන මෙම ප්‍රභේදය සඳහා ද සාර්ථකව භාවිතා කළ හැකි බැවින් ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ වෙනදාටත් වඩා ප්‍රවේශමෙන් මෙම සෞඛ්‍ය නිර්දේෂ වලට අනුකූලව ඔබත් ඔබ අවට සිටින අය නුත් ආරක්ෂා වන පරිදි වගකීමෙන් හැසිරෙන ලෙසටයි.

.. 🎶  මියැසි  සුව යාත්‍රා ... Colombo North Teaching Hospital - Ragama 2021-10-30  සවස 03.00 සිට ... සජීවී විකාශනය Ganga...
14/10/2021

.. 🎶 මියැසි සුව යාත්‍රා ... Colombo North Teaching Hospital - Ragama
2021-10-30 සවස 03.00 සිට ... සජීවී විකාශනය Ganga Video Team

14/10/2021

.. 🎶 මියැසි සුව යාත්‍රා ... Colombo North Teaching Hospital - Ragama
2021-10-30 සවස 03.00 සිට ... සජීවී විකාශනය Ganga Video Team

05/09/2021

⛔රෝහල් කාර්ය මණ්ඩලය සදහා නිවේදනය ⛔

🏠️ නිවෙස්ගතව නිරෝධායනය වන සහ කොවිඩ් ආසාදිතව නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝහල් කාර්‍යමණ්ඩලයේ සාමාජිකයන්ට අවශ්‍ය තොරතුරු ලබා දීම සහ සම්බන්ධීකරණ කටයුතු සදහා රෝහල් සෞඛ්‍ය අධ්‍යාපන ඒකකයෙන් පවත්වාගෙන යනු ලබන විශේෂ දුරකථන අංක පහත දැක්වේ.

⏳ මෙම දුරකථන සේවාව පැය 24 පුරාම ක්‍රියාත්මක සේවාවක් වේ.

👍 මෙම ඇමතුම් සේවාව අමතන ඔබගේ අවශ්‍යතාවයන් පැය 24 තුල ඉටුකර දීම අපගේ අරමුණ වේ.

👉 මෙම සේවාව පිලිබදව ඔබ ඒකකයේ හෝ වාට්ටු සංකීර්ණයේ සියලුම කාර්‍යමණ්ඩල සාමාජිකයන් දැනුවත් කරන්න.

👇 ඔබ ඇමතිය යුතු දුරකථන අංක පහත දැක්වේ.

☎️ 070 - 461 41 67
☎️ 070 - 461 41 64
☎️ 070 - 461 41 49

රෝහල් සෞඛ්‍ය අධ්‍යාපන ඒකකයෙන් ඔබට යොමු කරන පණිවිඩයකි.

ප්‍රසම්පාදන දැන්වීම - ගොඩනැගිලි අළුත්වැඩියාවන් ඉටු කිරීම (උතුරු කොළඹ ශික්ෂණ රෝහල - රාගම / පුනුරුත්ථාපන රෝහල - රාගම)www.c...
27/08/2021

ප්‍රසම්පාදන දැන්වීම - ගොඩනැගිලි අළුත්වැඩියාවන් ඉටු කිරීම
(උතුරු කොළඹ ශික්ෂණ රෝහල - රාගම / පුනුරුත්ථාපන රෝහල - රාගම)
www.cnth.health.gov.lk

🚌 🚌🚌🚌සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීම.🚌🚌🚌🚌✅ ( 2021.08.21 සිට දැනට ධාවනය වන බස් රථවලට අමතරව💰 ගාස්තු අයකිර...
20/08/2021

🚌 🚌🚌🚌සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීම.🚌🚌🚌🚌
✅ ( 2021.08.21 සිට දැනට ධාවනය වන බස් රථවලට අමතරව💰 ගාස්තු අයකිරීමේ පදනම මත ක්‍රියාත්මක වේ )

බස්නාහිර පළාතේ සියලුම පදිංචිකරුවන් සඳහා එන්නත් ලබාගැනීමට වේලාවක් වෙන් කර ගැනීම, පහත වෙබ් අඩවිය ඔස්සේ දැන් බස්නාහිර පළාතේ...
12/07/2021

බස්නාහිර පළාතේ සියලුම පදිංචිකරුවන් සඳහා එන්නත් ලබාගැනීමට වේලාවක් වෙන් කර ගැනීම,

පහත වෙබ් අඩවිය ඔස්සේ දැන් බස්නාහිර පළාතේ ඔබට එන්නත්කරණයට වේලාව වෙන් කළ හැකියි.
vaccine.covid19.gov.lk

Address

Colombo North Teaching Hospital
Ragama
11010

Alerts

Be the first to know and let us send you an email when Colombo North Teaching Hospital - Ragama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Colombo North Teaching Hospital - Ragama:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category

About Us

Colombo North Teaching Hospital (CNTH) which is situated at Ragama in the Gampaha District is 18 km away from the capital of Sri Lanka.

C.N.T.H. comes under the line Ministry and functioning under the administration of a Director. Three institutions including District Hospital Kandana, Rehabilitation Hospital Ragama and Nurses Training School Kandana are also functioning under the Directorate of C.N.T.H. As the largest tertiary care institution in the district this Hospital Serves for the public by 2381 staff with 1442 inward patient capacity through 32 number of wards and 51 Units expanded across 27 acres of land

www.cnth.health.gov.lk