කතා සාප්පුව - The Speech Store

කතා සාප්පුව - The Speech Store Knowledge. Guidance. Service. for Speech-Language and Swallowing difficulties. Speech-Language Pathology. Speech Therapy.

23/03/2025
23/03/2025

It is okay to be a little bit Extra 💙💛

World Down Syndrome Awareness Day (21st March 2025)

Our little Champs at Ayati Centre

07/10/2023

✨️

27/07/2022

            Salute for the extra chromosome
21/03/2022


Salute for the extra chromosome

විවිද බාහිර කරුණු (උදා: ඉගෙනීමේ ආබාධ පිළිබඳ පවුල් ඉතිහාසයක් දරුවෙකුගේ ආබාධයක් වර්ධනය වීමේ අවදානම වැඩි කරයි, දරු ප්රසූතිය...
10/01/2022

විවිද බාහිර කරුණු (උදා: ඉගෙනීමේ ආබාධ පිළිබඳ පවුල් ඉතිහාසයක් දරුවෙකුගේ ආබාධයක් වර්ධනය වීමේ අවදානම වැඩි කරයි, දරු ප්රසූතියට පෙර සහ උපත සිදුවෙන අවස්ථාවේ සිදුවන ගැටළු, මානසික කම්පනය (Psychological Trauma), ශාරීරික කම්පනය( Physical Trauma), පාරිසරික කරුණු (environmental Factors)) නිසා ළමයින්ට ඉගැනීමේ අපහසුත ඇතිවෙන්න පුළුවන්.
ඉගෙනීමේ ආබාධ සහිත දරුවෙකුට ප්‍රධාන වශයෙන් කියවීම, ලිවීම, කථා කිරීම, සවන්දීම, ගණිතමය සංකල්ප තේරුම් ගැනීම සහ සාමාන්‍ය අවබෝධය සමඟ දුෂ්කරතා ඇති විය හැක. මේවා Dyslexia, Dysgraphia සහ Dyscalculia ලෙස ලක්ෂණ අනුව රෝග නිර්ණයන් 3කි. මේවා මගහරවාගන්න අපිටත් උදව් වෙන්න පුළුවන්.
වෙනස් විය යුත්තේ ඔවුන් නෙවෙයි අපි උගන්වන ක්‍රමයයි.

මිනිස්සු වයසට යනකොට කටහඩ වෙනස් වෙනවා වගේම, ස්ත්‍රී පුරුෂ භාවය, සංස්කෘතික පසුබිම හෝ භූගෝලීය පිහිටීම වගේ විවිද කරුණු මත කට...
02/01/2022

මිනිස්සු වයසට යනකොට කටහඩ වෙනස් වෙනවා වගේම, ස්ත්‍රී පුරුෂ භාවය, සංස්කෘතික පසුබිම හෝ භූගෝලීය පිහිටීම වගේ විවිද කරුණු මත කටහඬේ ගුණාත්මකභාවය, තාරතාවය සහ ඝෝෂාව (Quality, Frequency and Loudness) වෙනස්වීමක් සිදුවෙන්න පුළුවන්. ඒ වගේම පුද්ගලයෙකු අසාමාන්‍ය කටහඬ අනුකරණ කිරිම් (voice imitations), විශේෂයෙන් ගුරුවරුන්ගේ හඬ අනිසි භාවිතය (vocal missuses) නිසා (පුරුද්දක් ලෙස අධික ශබ්දයෙන් කතා කිරීම, කැස්ස, රහස් කීම, කෑගැසීම), වර්තමානයේ ඇති COVID 19 නිසා ඇතිවන කැස්ස, මනෝවිද්‍යාත්මක ආතතීන් (psychological) ආදිය නිසාද කටහඩේ වෙනස්කම් සිදුවෙන්න පුළුවන්. තවද දුම්පානය, අධික කැෆෙන් භාවිතය වැනි බාහිර කරුණුද කටහඩේ ආභාධ (Voice disorders) සදහා බලපාන්න පුලුවන්.
ඔබේ කටහඩේ වෙනස්වීම සුළුවෙන් තකන්න එපා. එය කොයි මොහෙතේ හෝ දිර්ගකාලින කටහඩේ අබාදයක් වෙන්න පුළුවන්. වහාම ඔබගේ කථන චිකිත්සකවරයා හමුවන්න.

"Leadership and Participation with Disability 2021"
03/12/2021

"Leadership and Participation with Disability 2021"

ගොඩාක් දෙනෙක් අහපු ගමන් බය වෙන වචනයක් තමා ඔටිසම් නැත්නම් Autism Spectrum Disorder (ASD). ඒත් ඔයාලා දැනගෙන හිටියද මේ පින්...
17/10/2021

ගොඩාක් දෙනෙක් අහපු ගමන් බය වෙන වචනයක් තමා ඔටිසම් නැත්නම් Autism Spectrum Disorder (ASD). ඒත් ඔයාලා දැනගෙන හිටියද මේ පින්තූරෙ ඉන්න අයටත් ඔටිසම් කියල 🤔😳

එයාලට විතරක් නෙවෙයි, අපි ඕනම කෙනෙක්ට පොඩි හරි ඔටිසම් ලක්ශන තියනවා. 🤨😪 spectrum එකක් කියන්නෙ රේඛාවක්. ඒ ඉරේ ඕනෙම තැනක කෙනෙක්ගෙ හැසිරීම් තියෙන්න පුලුවන්. 🙄🙄🙄🙄🙄

උදා: දැන් ඔයා වෙන අවදානයක් නැතුව කකුලක් වන වන මේක කියවනවා කියන්නෙත් එහෙම ලක්ශනයක් තමා 😅😅

මේ කියන ඔටිසම් කියන්නෙ ඒ ඉරේ නියමිත සීමාව පහුකරපු අය.💡💡💡

***

❓එහෙනම් මේ හැමෝම බයවෙන ඔටිසම් (autism) කියන්නෙ මොකක්ද ?

✴️ ඔටිසම් කියන්නෙ මොළයේ ආවේග ගමන් කරන ආකාරය අනුව ඇතිවන තත්ත්වයක් (condition). අනෙක් පුද්ගලයන් සමඟ සන්නිවේදනය කිරීමේ අපහසුතා, හැසිරීමේ වෙනස්කම් ප්‍රධාන වශයෙන් මෙම ඔටිසම් තත්ත්වයේ දී ඇතිවන්නට පුළුවන්.

❓ මොකක්ද ඔටිසම් ඇතිවෙන්න හේතුව? 🙄

✴️ මේ සඳහා නිශ්චිත හේතුවක් තවමත් සොයාගෙන නැහැ. ඒත් ජානවලින්, පාරිසරික සාධක බලපෑම් හේතුවෙන් ඔටිසම් සම්බන්ධ ලක්ශණ ඇතිවෙන්න පුළුවන්.

❓ මඳ (mild/slightly) වශයෙන් ඔටිසම් තත්ත්වය පවතින්න පුළුවන් ද? ⚖️⚖️

✴️ඔව්. අපිටත් තියනවා කියලා මන් කිවුවෙ මුලදිම 🙈 normal range එක පහු කරපු අයගෙ Level 1(mild), level 2(moderate) සහ level 3 (severe) ලෙස ඔටිසම් තත්ත්වය පවතින්න පුළුවන්. ජීවිතයේ එදිනෙදා සිදුකරන කටයුතුවලට සහ සාමන්‍ය පැවැත්මට ඔටිසම් ලක්ශණ බලපාන ආකාරය අනුව පිළිගත් පරීක්ශණයක් සිදුකිරීමෙන් එය හඳුනාගත හැකියි.

❓ ඔටිසම්වල මූලික ලක්ශණ මොනවද?

මුලදි කිවුවා වගේ ප්‍රධාන වශයෙන් ලක්ශන දෙකයි,
1. සමාජගතවීමේ නොහැකියාව
2. සීමාසහිත සහ නැවත නැවත සිදුකරන චර්‍යාවන්

මේ දෙක හා සම්බන්ධව,
✴️ ඔබ කුඩා දරුවෙක්ට කතාකරන විට ඔහු/ඇය ඔබගේ ඇස් දෙස බලා ප්‍රතිචාර දක්වන්නේ සැළකිය යුතු තරම් සීමිත ලෙස වීම.

✴️ දරුවෙකු, බොහෝ වේලාවක් තනියම ගතකිරීමට ප්‍රිය කිරීම, අනෙක් පුද්ගලයන් සමඟ කතාකිරීම සහ සෙල්ලම් කිරීමට වඩා තනිව සෙල්ලම් කිරීමට ප්‍රිය කිරීම.

✴️ ඉතා අඩුවෙන් කතා කිරීම හෝ කතාකිරීමට ප්‍රියතාවයක් නොදැක්වීම.

✴️ සෙල්ලම් කිරීමේ දී සෙල්ලම් බඩු නිසියාකාරව භාවිත නොකරමින් ඒවා එක් පේළියකට තැබීම, විසිකිරීම, කැරකැවීම.

✴️ එකම වර්ගයේ දේවල් හෝ ක්‍රියාකාරකම්වකට ඇති අධික ප්‍රියතාවය.

ආදී එකී-මෙකී-නොකී බොහෝ ලක්ශණ දැකගැනීමට හැකියි.

❓ ඔටිසම් හොඳකරන්න පුළුවන් ද? 💉💉

✴️ ඔටිසම් යන්න රෝගයක් නොව තත්ත්වයක් වන බැවින් එය සුවපත් වීම යනුවෙන් දෙයක් සිදු නොවේ. නමුත් ඔටිසම් සමඟ ඇතිවන අපහසුතා සඳහා නිසි මගපෙන්වීමක් ලබාගනිමින් එම අපහසුතා අවම කරගනිමින් සාමාන්‍ය ලෙස එදිනෙදා කටයුතු කරගැනීමට ඔටිසම් සහිත දරුවාට උදව් කිරීමට හැකියි.

❓ ඔටිසම් ලක්ශණ දක්නට ලැබෙන දරුවෙකු රැගෙන යා යුත්තේ කවුරුන් වෙත ද? 🕵️👩‍⚕‍👩‍⚕‍👩‍🏫

✴️ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත

✴️ ළමා මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත

✴️ සන්නිවේදන අපහසුතා සදහා කථන හා භාශා චිකිත්සකවරයෙකු / සංවේදී ගැටලු සදහා වෘත්තිය චිකිත්සකවරයෙකු / අතපය හැසිරවීමේ අපහසුතා ඇත්නම් භෞත චිකිත්සකවරයෙකු ගේ ද සහාය ලබාගතහැකියි.

දරුවෙකුගේ භාෂා ප්‍රමාදයන් මුල්  අවදියේදීම හදුනා ගැනීම සහ ඒ සදහා අවශ්‍ය සහය නිසි කලට ලබාදීම හරිම වැදගත්. ආබාධයන් හදුනා ගැ...
28/09/2021

දරුවෙකුගේ භාෂා ප්‍රමාදයන් මුල් අවදියේදීම හදුනා ගැනීම සහ ඒ සදහා අවශ්‍ය සහය නිසි කලට ලබාදීම හරිම වැදගත්.

ආබාධයන් හදුනා ගැනීමට ප්‍රමාද වෙන තරමටම ඒ සදහා සහය අවශ්‍ය ලබාදීමෙන් එම තත්වයන් මගහැරවාගැනීමට තිබෙන ඉඩ ඇහිරෙනවා. ඒ තුලින් ප්‍රමාදය දිර්ඝකාලීන ආබාධයක් දක්වා වර්ධනය වෙන්නත් වුනත් පුළුවන්.

මිත්‍යදෘශ්‍යයන් පිටුපස යන්නේ නැතුව හැකි ඉක්මනින් අදාල චිකිත්සක සහය ලබාදීම තුලින් දරුවන්ගේ කථන, භාෂා සහ වර්ධනයේ ඇති ප්‍රමාදයන් මගහරවාගන්න පුළුවන්.

ඔබේ ප්‍රමාදය තුලින් පසුතැවිලි වෙන්න එපා.

Address

Ragama

Website

Alerts

Be the first to know and let us send you an email when කතා සාප්පුව - The Speech Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to කතා සාප්පුව - The Speech Store:

Share