තරුණ මවක් සුවැති දිවියක්

තරුණ මවක් සුවැති දිවියක් Promoting wellbeing in young mothers in Sri Lanka

20/02/2025
20/02/2025
20/01/2022

ඔබේ ගෙවත්තෙන් දරුවාට කන්න දෙන්න පුලුවන් විවිධ විදි ගැන දන්නවද?
==============

මේ වෙද්දි අපිට වැඩි වැඩියෙන් දරුවන්ට කන්න දෙන්න ඕනේ විදිහ ගැන කතා කරන්න වෙලා තියෙන්නේ ඇයි? දැනට ගෙවත්තක් ඇති නැති කාටත් මේ කාරණය ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි ? කියන ප්‍රශ්න මේක කියවන අයට මුලින්ම ඇති වෙයි..ඒ අතීත සමාජ රටාවට වඩා, වර්තමානය වෙද්දි සමාජ රටාව වෙනස් 'කරලා' තියෙන නිසා..ඒ කවුරුන් වෙනුවෙන්ද? කුමක් සදහාද? කියන ප්‍රශ්නෙට උත්තරෙත් අපි කල්පනා කරන්න ඕනේ.

'කන්න දෙනවා' කියන වචනේ ඇහුණු ගමන් බොහෝ දෙනෙක්ගේ ඔලුවට යන්නේ දරුවගේ 'ඇගට' කන්න දෙන එක ගැන වුණත් 'මොළයට' කන්න දෙන එක ගැනත් වැඩිහිටියෝ විදිහට හිතිය යුතු දෙයක්.අපි හිමීට බලමු කොහොමද මේ වැඩේ හරි විදිහට කරන්නේ කියලා.

ඇගට කන්න දෙන එක ගැන කතා කලොත්, වර්තමානය වෙද්දි ලමා පරපුරේ පෝෂණ රටාව ක්‍රමයෙන් සෞඛ්‍යමත් නොවෙන පැත්තට බර වෙනවා කියන එකට උදහරණ එදිනෙදා ජීවිතයේ අපිට දකින්න අහන්න ලැබෙනවා වගේම සංඛ්‍යාලේඛන හරහාත් සාක්ෂි ලැබෙනවා.එක අතකින් අඩු පෝෂණයක් එක්ක දරුවෝ කෘෂ වෙද්දි තව අතකින් වැරදි ආහාර රටා එක්ක දරුවෝ අධිබර බවට පත් වෙනවා.

මේ විදිහට වෙන්න හේතු කාරණා සලකා බැලුවොත් විවිධ කාරණා ඔබේ ඔලුවට එයි.මුදල් වෙනුවෙන් වෙළඳ දැන්වීම් ඔස්සේ පවා සිදු කරන්නේ සෞඛ්‍ය වාසි තියෙනවා කියලා පෙන්නලා දරුවන්ව ඉලක්ක කරන එක.දෙමව්පියන්ව මුලා කරන එක.ලංකාවෙ සිදු කරපු සමීක්ෂණයකට අනුව කෑම සහ බීම වලට අදාල වෙළඳ දැන්වීම් වලින් 78%ක් පමණම දරුවන් ඉල්ලකරගත කරලා නිර්මාණය කරන ඒවා.*

ඔබට ගෙවත්තක් තියෙනවා නම් වස විසෙන් තොර පෝෂණ ගුණයෙන් වැඩි එලවලු,පළතුරු,පළා වර්ග වගා කරගන්න පුලුවන්.ඒ නිධානේ ගොඩ දාගන්න විදිහත් අපි ඉස්සරහට කතා කරමු.ඒ වගේම දැනට ගෙවත්තක් ඇතත් නැතත් කන දේවල් ගැන අවබෝධයෙන් නිරෝගී කුස්සියක් පවත්වා ගෙන යන්න පුලුවන් නම් දරුවන්ගේ පෝෂණ ගැටලු වගේම පවුලේ හැමෝගෙම බෝ නොවෙන රෝග සෑදීමේ හැකියාව අඩු කරගන්න පුලුවන්.කෙටියෙන් කීවොත් ඔබේ දරුවාගේ මරණය කල් දාගන්න පුලුවන්.

'මොළයට' කන්න දෙන එක බැලුවොත් ඒකෙදි දරුවගේ ඇසට,කනට,නාසයට,දිවට,සමට විවිධ උත්තේජන ලබා දීලා බුද්ධි මට්ටම වර්ධනය කරන එක ගැන තමයි කතා කරන්නේ.මේක මව්කුසේ ඉදන්ම කල හැකි දෙයක්.

ඔබ උනන්දු නම් ගෙවත්තේ ගහකොළ,ලොකු කුඩා සත්තු-කුරුල්ලෝ,ස්වභාවික සංසිද්ධි එක්ක 'මොළයට ' හොඳින්ම කන්න දෙන්න පුලුවන්.ගෙවත්තේ වැඩ වලට එකතු කරගන්න එකෙන් දරුවගේ විවිධ කුසලතා දියුණු කරගන්නත්,ගවේෂණයට හුරු කරන්නත්,පරිසරයට ආදරේ කරන සතුටින් පිරුණු දරුවෙක් ගොඩ නගා ගන්නත් උදව් වෙනවා.

ඒ සදහා අවශ්‍ය තාක්ෂණය දැනුම YouPAH අපෙන් වගේම තව නිවැරදි මූලාශ්‍ර වලින් ගන්න ගමන් වෙනස් වෙන්න උත්සහ කරන එක තියෙන්නේ ඔබේ අතේ.එක පාර ලොකු වෙනසක් බලාපොරොත්තු වෙනවාට වඩා මෙය ක්‍රියාවලියක්.මුලින් ඉගෙන ගත්ත දේවල් අත්හදා බලන ගමන් ඒවගේ ප්‍රගතිය/ ප්‍රතිඵල බලමින් ඔබටම වෙනස් වෙනස් වෙන්න පුලුවන්.

මේවා ගැන ඉදිරි ලිපි වලින් විස්තරාත්මකව කතා කරමු !
ඒ වගේම ජනවාරි 22 (සෙනසුරාදා) රෑ 7ට තියෙන 'ගුණ ණැන බෙලෙන් යුත් පුතුන් සහ දූවරුන් තැනීමට මුල් දින 1000 යොදා ගන්නා ආකාරය'' zoom සාකච්ඡාවට වගේම ජනවාරි 24 ( සදුදා ) රෑ 7ට තියෙන ' ගෙවත්ත නිධානයක් කරගමුද? ' zoom සාකච්ඡා වලට සම්බන්ධ වෙලා මේ ගැන ඔබේ අවබෝධය වැඩි කරගන්නත් ආරාධනා කරනවා !!

*https://journals.sagepub.com/doi/10.1177/1010539515620481

සටහන : වෛද්‍ය ආසිරි කරුණානායක
Asiri Karunanayaka

This is baby Adeesha, 8 months old boy who is currently in ward 23 Colombo North Teaching Hospital - Ragama. He needs a ...
26/12/2021

This is baby Adeesha, 8 months old boy who is currently in ward 23 Colombo North Teaching Hospital - Ragama. He needs a urgent liver transplant due to a condition called Paediatric Giant Cell Cirrhosis. Surgery is planned to be done in India.

අතීතයේ දවසක අම්පාර නගරයේ පැවැති සංගීත වැඩසටහනක් නිම කර කුඩා වේලාවක් විවේක ගැනීමෙන් පසු සංගීතවේදී සනත් නන්දසිරි, ගුවන් වි...
03/10/2021

අතීතයේ දවසක අම්පාර නගරයේ පැවැති සංගීත වැඩසටහනක් නිම කර කුඩා වේලාවක් විවේක ගැනීමෙන් පසු සංගීතවේදී සනත් නන්දසිරි, ගුවන් විදුලි නිවේදක ප්‍රියානන්ද විජේසුන්දර ඇතුලු පිරිස කොලඹ බලා වෑන් රථයකින් පැමිණෙමින් සිටියෝය. වඩිනාගල පසුකරමින් සියඹලාණ්ඩුව ප්‍රදේශයට එන විට මධ්‍යම රාත්‍රියත් පසුවී තිබිණ.

ඒ දිනවල එම ප්‍රදේශය ඉතා පාළු කැලෑබද ප්‍රදේශයක් වූ අතර ලාහුගල වනෝද්‍යානයේ සිටින අලි ඇතුන් ගල් ඔය වනෝද්‍යානයට මාරුවන "අලි මංකඩ" ඒ හරහා විය.

බොහෝ දෙනා අඩ නින්දේ පසු වුනත් ප්‍රියානන්ද සහ සනත් දෙදෙනා ඇහැ ඇරගෙන විටින් විට කෙටි කතා බහේ යෙදුනෝය. පාර අබලන් වූ නිසා ඔවුන් පැමිණි රථය ගමන් ගත්තේද ඉතාම හෙමිනි.

පාරේ ඈතින් කුඩා සෙලවෙන ආලෝකයක් දුටු අතර ලංවීමේදී දක්නට ලැබුනේ වයස අවුරුදු දහයක පමණ කුඩා සාමණේර හිමි නමක් රෙදි බෑග් මල්ලක් කරේ එල්ලා ගෙන පන්දමක් අතින් දරාගෙන සීතල රාත්‍රියේ දාඩිය දමාගෙන වේගයෙන් පාර දිගේ ඇවිදින අයුරුය.

හිමි නම ලංවනවාත් සමගම වාහනය මදකට නතර කර වූ ප්‍රියානන්ද "පොඩි හාමුදුරුවො කොහෙද මේ මහ රෑ දෙගොඩ හරියේ තනියම කැලේ මැද්දෙ පන්දමකුත් අරගෙන වඩින්නෙ..? පන්සලෙන් පැනල යනවද..?"

ඔහු දෙස මදක් වෙලා බලා සිටි හිමියන්ගේ ඇස් දෙක කඳුලින් බරවී අඬන්නට විය.

"අපේ අම්මට අමාරුයි කියල පණිවිඩයක් ආවා මහත්තයෝ. මාත් එක්ක යන්න කවුරුවෙත් නැති නිසා මම තනියම යනව ඉක්මනට"

"අම්මට මොකක් වෙලාද....?"

"නංගිල දෙන්න බඩගින්නෙ අඬනකොට එයාලට කන්න අල වගයක් හාරන්න බැද්දට ගිය වෙලාවේ වතුර හොයා ගෙන යන හැපින්නක් පෑගිලා. ඌ අම්මට ගහල මහත්තයෝ. අම්මට අන්තිම ලු මහත්තයෝ."

"එතකොට පොඩි හාමුදුරුවන්ගෙ තාත්ත...?"

''අවුරුදු දෙක තුනකට කලිං ගහකින් වැටිල මැරුන මහත්තයෝ"

"පවුලේ තව කවුද ඉන්නේ?"

"නංගිලා දෙන්නා විතරයි"

"ඉතිං අම්ම මොකද කරන්නෙ.....?"

"අම්ම පුලුවන් දවසට ගඩොල් කපන්න යනවා. ඒත් නංගිල පොඩි නිසා හැමදාම යන්නෙ නැහැ."

ප්‍රියානන්දට එතනින් එහාට කතා කර ගත නොහැකි විය. රථයේ සිටි සියල්ලෝම තෘෂ්නිම්භූතව බලා සිටින්නට විය.

"පොඩි හාමුදුරුවො නගින්න මේකට. අපි ගෙදරට ඇරලන්නම්"

"අපේ ගෙදරට යන පාරේ මේව යන්න බැහැ මහත්තයෝ. ගොඩාක් පාරෙන් ඇතුලෙ. දොලකින් එගොඩ වෙලා යන්නත් තියෙනව"

"කමක් නැහැ පොඩි හාමුදුරුවො නගින්න. අපි ගෙදරට යන පාර ලගදි බස්සවන්නම්"

"ඒත් මම මේ පන්දම නිව්වොත් මට ආපහු පත්තු කර ගන්න වෙන්නේ නැහැ..මගේ ගාව ගිනි පෙට්ටියක් නැහැ මහත්තයෝ"

රියදුරා ලඟ වාසනාවට ලයිටරයක් තිබිණ. ටික දුරක් එම රථයේ ගිය එහිමියන් "මහත්තයලට ගොඩාක් පිං. මම තනියම ආවේ බයෙන්. ඒත් මම අම්මට ගොඩාක් ආදරෙයි. අම්ම මාව මහණ කලේ තාත්ත මැරුනු නිසා. එදා අම්ම ගොඩාක් ඇඬුව මහත්තයෝ. තෙරුවන් සරණයි.."

රථයේ සිටි සියලු දෙනා වහාම තම අත තිබූ මුදල් හැකි පමණින් එකතු කර ඒ හිමියන්ට දී "පරිස්සමින් යන්න. අම්මට ඉක්මනට හොද වෙයි" කියමින් සාමනේර හිමියන්ට සමුදෙන්නට විය.

මේ සිද්ධිය සියලු දෙනාටම මහා කම්පනයක් ඇති කළ අතර එක දිනක් මේ ගැන සිතමින් සිටි ප්‍රියානන්ද මෙසේ ලියන්නට විය.

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ..
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ..
ඉන් පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුවඳේ වෙලිලා..
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරින් එතෙර වෙලා..

බෝ මලුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ..
සුපුරුදු උණුසුමකට හිත ඈඳී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ..
දං බෝවිටියා කැලේ මැදින්
එන්න සිතයි නුඹ ලඟට සැනින්..

එතෙර කරන්නම් හතර වරියගම
සංසාරේ යන මේ ගමනින්..
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යහලුවන් හා සැණිනේ..
එහෙම ගියොත් ඒ අය පොඩි සාධු
කියා කියනවිට වැඳ වැටිලා..
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා..

"මහණෙනි, මේ අනවරාග්රවූ සංසාර ගමනේදී ඒ ඒ භවයන්හිදී තම මව් මළ දුකට අප විසින් හෙලන ලද කඳුලු ප්‍රමාණය සතර මහා සාගරයේ ජල කඳටත් වඩා වැඩිවන්නේය. අවිජ්ජා නීවරණයන්ගෙන් වැසී, තණ්හා සංයෝජනයගෙන් බැඳී ඔබත් මමත් අනාදිමත් කාලයක් තිස්සේ ඒ මේ අත සැරිසරන ලදී.."
(සංයුත්ත නිකාය, අනමතග්ග සංයුත්තය, අස්සු සූත්‍රය)

මේ බබාගේ අම්මා තමන් ගැබිණියක් කියලා දැනගෙන මුල් මාස තුන ඇතුලත   එන්නත ලබා ගත්තා. එන්නත වැදෑමහ හරහා ගමන් නොකළත්, එන්නත ම...
24/08/2021

මේ බබාගේ අම්මා තමන් ගැබිණියක් කියලා දැනගෙන මුල් මාස තුන ඇතුලත එන්නත ලබා ගත්තා. එන්නත වැදෑමහ හරහා ගමන් නොකළත්, එන්නත මඟින් අම්මගේ ඇ‍ඟේ හැදුනු IgG ප්‍රතිදේහ වැදෑමහ හරහා බබාට ලැබිලා තියෙන ආකාරයයි මේ antibody test එකෙන් පෙන්නුම් කරන්නේ. කෙ‍ාරෝනා වසංගත කාලේ අම්මා කෙනෙකුට දරුවෙකුට දෙන්න පුලුවන් හොඳම තෑග්ග මේ අම්මා ඒ බබාට දුන්නා.

දැනට ලංකාවේ ලබා දෙන,
🇨🇳 Sinopharm
🇬🇧 Oxford AstraZeneca
🇺🇸 Pfizer
🇺🇸 Moderna එන්නත් වලින් ඕනෑම එකක්, ගර්භණී කාලය තුළ ඕනෑම අවස්ථාවකදී ලබා දීමට ආරක්ෂිතය. ඔබගේ ගර්භණී සායනය හරහා අදම ඔබට හිමි එන්නත ලබා ගන්න. කොරෝනා වලින් අපේ මව්වරුන් සහ දරුවන් ආරක්ෂා කරගමු.

Source : Effingham Obstetrics & Gynecology Associates, LLC

Credits - Sanjaya Ekanayake

කෝවිඩ් ආශ්‍රිතව වාර්තාවන, ළමා බහු අවයව-පද්ධති ප්‍රදාහ සින්ඩ්‍රෝමය හෙවත් MIS-C (Multisystem Inflammatory Syndrome in Chil...
16/08/2021

කෝවිඩ් ආශ්‍රිතව වාර්තාවන, ළමා බහු අවයව-පද්ධති ප්‍රදාහ සින්ඩ්‍රෝමය හෙවත් MIS-C (Multisystem Inflammatory Syndrome in Children) තත්ත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගන්නේ කෙසේද?

රෝගයෙන් ආරක්ෂා වන ආකාරය කතාබහ කිරීමට පෙර මෙම රෝගය මොකක්ද කියන එකත් මෙහි රෝග ලක්ෂණ මොනවාද කියන එක එම රෝග ලක්ෂණ පහල වුවහොත් කුමක් කළ යුතුද කියන එක ගැන අපි මුලින්ම සාකච්ඡා කරලා බලමු.

MIS-C රෝගී තත්ත්වය ඉතා කලාතුරකින් කොරෝනා ආසාදන තත්ත්වය හා සම්බන්ධව ඇතිවිය හැකි සංකූලතාවක් බවට වෛද්‍ය විද්‍යාත්මක කරුණු අනාවරණය වෙමින් පවතිනවා. මේ සම්බන්ධව පුළුල් දැනුම් පරාසයක් ලොව පුරා තවමත් නොමැති අතර මෙම ලිපිය මගින් අප දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ මෙම රෝගී තත්ත්වය ගැන දැනට යම්තාක් මට්ටමකට තහවුරු වූ කරුණු කිහිපයකි.

බොහෝ දරුවන්ට මෙය ඉතා සුළු ආසාදිත තත්ත්වයක් ලෙස ඇතිවිය හැකි නමුත් ඉතා කලාතුරකින් මෙය ඉතා දරුණු රෝගී තත්ත්වයකට උත්සන්න විය හැක. මෙය කුඩා දරුවන්ගේ හෘදය වස්තුව, පෙනහළු, වකුගඩු මොළය, සම සහ සමහර අවස්ථාවලදී ආහාර මාර්ග පද්ධතිය යන අවයව ආශ්‍රිතව සිදුවන ඉදිමුම් තත්ත්වයක් මුල් කරගෙන හටගන්නා රෝගයක් ලෙස අර්ථකථනය වේ.

ලෝකයේ COVID -19 ආසාදන තත්ත්වය ඉතා දරුණුවට පැතිර ගිය රටවල් වල 2020 වසරේ අප්‍රේල් මාසය පමණ සිට වාර්තා වූ මෙම රෝගී තත්ත්වය ලංකාව තුල ද ඉතාමත් මෑත කාලීනව නිරීක්ෂණය කර ඇත. මෙහිදී වැදගත් කාරණය වනුයේ මෙම රෝගයේ රෝග ලක්ෂණ කල් තබා හඳුනා ගැනීමයි. සමහර දරුවන්ට කොරෝනා ආසාදන තත්ත්වයක රෝග ලක්ෂණ පහළ නොවී මෙම රෝග තත්ත්වයේ රෝග ලක්ෂණ සමග පමණක් ඉදිරිපත් විය හැකි බැවින් පහත රෝග ලක්ෂණ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස ළමා රෝග විශේෂඥයින් ඉල්ලා සිටිනවා.

• උණ
• උදරයේ වේදනාව
• වමනය
• පාචන තත්ත්වය
• බෙල්ලේ කැක්කුම
• සමෙහි පලු දැමීම
• ඇස් රතුවීම
• වෙනදාට වඩා අධික ලෙස විඩාවට පත්වීම

මෙම රෝග ලක්ෂණ සියල්ල එකම ආකාරයට සියලුම දරුවන්ට ඇති වන්නේ නැති බැවින් මේ සම්බන්ධව අවධානයෙන් සිටීම වඩාත් වැදගත් වේ.

දරුණු රෝගී තත්ත්වයක ලක්ෂණ ලෙස

• හුස්ම ගැනීමේ අපහසුතාවයක්
• පපුව සිර කරන ආකාරයෙන් ඇතිවන පපුවේ වේදනාවක්
• අවදි වීමට නොහැකි බව හෝ පියවි සිහියෙන් සිටීමට නොහැකි වීම
• දරුවා සුදුමැලි ගැන්වූ බවක් නිරීක්ෂණය වීම
• ඉතා දරුණු උදරයේ වේදනා තත්ත්වයක් ඇතිවීම

මෙවැනි රෝග ලක්ෂණ මතු වුවහොත් ඉතා ඉක්මනින් රෝහලකට රැගෙන ගොස් දරුවාට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවන ලෙස ළමා රෝග විශේෂඥයින් ඉල්ලා සිටිනවා.

එමෙන් ම පවතින තත්වය යටතේ දරුවන් COVID-19 ආසාදනයෙන් ආරක්ෂා කර ගැනීමට දැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා.

නිවසෙහි එක් අයෙකු හෝ කොවිඩ් ආසාදනය වුවහොත් නිවස තුළ කොවිඩ් වෛරසය පැතිරයාම සිදුවීමට ඉතාමත්ම වැඩි අවදානමක් ඇති නිසා නිවැසියන් සියලු දෙනාම මේ දිනවල නිවසෙන් පිටතට යාම අනිවාර්යයෙන්ම අවම කරගත යුතු වෙනවා. නිවසේ සිටින සම්පූර්ණයෙන් එන්නත් කරණය කරන ලද වැඩිහිටියන් පවා, එන්නත නිසා දැඩි රෝග තත්ත්වයෙන් බොහෝ දුරට ආරක්ෂාවක් ලැබුව ද, වෛරසය ශරීරගත වී, තව කෙනෙකුට සම්ප්‍රේෂණය කිරීමේ අවදානමක් තියනවා.

දෑත් නිවැරදිව පිරිසිදු කරගන්නා ආකාරය, මුව ආවරණයක් නිවැරදිව පළඳින ආකාරය, පුද්ගල දුරස්ථභාවය පවත්වාගන්නා ආකාරය සහ කැස්ස / කිවිසුම් ආවරණය කරගන්නා ආකාරය ගැන ඔබ දැනටමත් දන්නා දේ දරුවාටත් පුරුදු කරන්න. ඔවුන් ඒවා නිවැරදිව පිළිපදින බවට වග බලා ගන්න.

එසේ ම සෙනග බහුලව ගැවසෙන එකිනෙකා ආසන්නයේ සිටින ස්ථාන වලට කුඩා දරුවන් රැගෙන යෑමෙන් වැලකිය යුතුයි. කුඩා දරුවන් නිතර මුව ආවරණය මෙන්ම නාසය හා මුඛය ස්පර්ශ කරන නිසා මෙවන් ස්ථානවල දී වෛරස ශරීරගත වීමේ හැකියාව ඉතා වැඩියි. විශේෂයෙන් ම මුහුණු ආවරණ හෝ ෆේස් ෂීල්ඩ් භාවිතය සුදුසු නොවන වයස අවුරුදු දෙකට අඩු දරුවන් මෙවැනි අවදානම් ස්ථාන වලින් ඈත්කර තබාගැනීම වැදගත්.

නිවසට ආගන්තුකයන් පැමිණීම ද මේ කාලයේ හැකි සෑම විටම අවම කරගත යුතු වනවා. නිවැසියෙක් නොවන කෙනෙක් දරුවා වඩා ගැනීම සුරතල් කිරීම ආදී සමීප ආශ්‍රයක යෙදෙන සෑම අවස්ථාවකම දරුවකු හට COVID - 19 වෛරසය ශරීරගත වීමේ සම්භාවිතාවය වැඩි වෙනවා.

COVID - 19 වසංගත කාලයේ වෙනදාමෙන් සමාජශිලී වීමට ඉඩ නොලැබීම නිසා දරුවන් අසතුටට පත් වනවා වෙන්නට පුළුවන්. නිවසේ දී හැකිතාක් ඔවුන්ව ක්‍රියාකාරීව සතුටින් තැබීමට කටයුතු කරන්න. දරුවන් සමග සතුටින් නියැලිය හැකි, දරුවාගේ බුද්ධි වර්ධනයට ද රුකුල් දෙන, නිවසේදී සිදු කළ හැකි ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් වෙන්න. දුරකථන හා අන්තර්ජාල මාධ්‍යයන් ඔස්සේ නෑදෑ හිතමිතුරන් හා සම්බන්ධ වීමට හැකිතාක් ඉඩ ප්‍රස්තාව ලබා දෙන්න.

මේ ගතවන වසංගත කාලයේ මනා සිහි බුද්ධියකින් කටයුතු කිරීම අප මෙන්ම අපේ දරුවන්ගේ ආරක්ෂාවට ද මහත් රුකුලක් වනවා.

මාරාන්තික Happy Hypoxia (හැපි හයිපෝසියා) ගැන දැනුවත්වෙන්න..මොකක්ද මේ හයිපෝසියා (Hypoxia) කියන්නෙ..?ඇත්තටම අපි Hypoxia ලෙ...
16/08/2021

මාරාන්තික Happy Hypoxia (හැපි හයිපෝසියා) ගැන දැනුවත්වෙන්න..

මොකක්ද මේ හයිපෝසියා (Hypoxia) කියන්නෙ..?

ඇත්තටම අපි Hypoxia ලෙස භාවිතා කළත්, මේකෙ නිවැරැදිම වචනය Hypoxemia විය යුතුයි.. මොකද අපි කතාකරන්න යන්නේ, රුධිරයේ ඔක්සිජන් මට්ටම පහළ වැටීම කියන කාරණය ගැන නිසා.. (Hypoxia යනු පටක වල ඔක්සිජන් මට්ටම අඩුවීම වන අතර Hypoxemia යනු රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවීමයි) හයිපෝසියා තත්ත්වයකදි වෙන්නෙ, රුධිරයේ ඔක්සිජන් මට්ටම පහළ වැටීම නිසා ශරීරයෙ, හදවත, මොළය, වකුගඩු, පෙනහලු ආදී අභ්‍යන්තර ඉන්ද්‍රියන් අක්‍රීය වී අවසානයේ මරණයට පත්වීමයි.. හැබැයි සාමාන්‍ය හයිපෝසියා තත්ත්වයකදි, අපිට රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවීම, විවිධාකාර රෝග ලක්ෂණ මගින් පෙන්නුම් කිරීමක් කරනවා.. කැස්ස, හිසරදය, හුස්ම ගැනීමට ඇති අපහසුතාවය, ව්‍යාකූල බව, වේගවත් හෘද ස්පන්ධනය, සම, තොල්, නිය ආදිය නිල් පැහැයට හැරීම වැනි දෑ හයිපෝසියා තත්ත්වයකදී ඇතිවන සාමාන්‍ය රෝග ලක්ෂණයන්..

Happy Hypoxia කියන කාරණයෙදිත් වෙන්නෙ රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවීමම වුනත්, මෙතන බරපතල විශේෂත්වයක් ඇති බව අප දැඩිව අවධාරණය කරගත යුතුය.. එනම් මා පෙර සඳහන් කළ කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකර, එනම්, ඔබේ රුධිරයේ ඔක්සිජන් මට්ටම පහල බසින බව ඔබවත් නොදැන ඔබ Happy Hypoxia නොඑසේනම් Silent Hypoxia තත්ත්වයකින් මිය යා හැකි බවයි. සරලවම කිව්වොත්, කොවීඩ් වැළඳී රෝග ලක්ෂණ නොමැති වුනත්, ඔබ Happy Hypoxia තත්ත්වයකින් මිය යාමට හැකියාවක් ඇත.

කොහොමද අපි Happy Hypoxia මරණයකින් වැළකී සිටින්නේ..? රෝග ලක්ෂණ නැත්තං කොහොමද අපි Happy Hypoxia තත්ත්වය හඳුනාගන්නේ..?

සරලවම කිව්වොත්, පල්ස් ඔක්සිමීටර් (Pulse Oximeter) එකක් මාර්ගයෙන් විතරයි ඔබට මරණීය Happy Hypoxia තත්ත්වය නිවසේ සිටම හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර වලට යොමු විය හැක්කේ....

✅ පැය හතරකට වරක්වත් ඔබ, පල්ස් ඔක්සිමීටර් එක මගින්, SpO2 හෙවත් රුධිරයේ ඔක්සිජන් මට්ටම මැන බැලීමට කටයුතු කරන්න.. (අඩි 40 පමණ ඇවිද, මැන බැලීම වඩාත් වටී)

✅ එය 95ට වැඩි අගයක් ගන්නවානම් ගැටළුවක් නැත.. (වඩාත් නිරෝගී අයෙකුගේ එම අගය 98ක් 99ක් විය හැකිය)

✅ 94ට අඩුනම් අවධානයෙන් සිටින්න.. (රෝහල් ගත වූවත් වරදක් නැත)

✅ 92 හෝ 92ට අඩුනම් ඔබට අනිවාර්යයෙන්ම බාහිරින් ඔක්සිජන් ලබාදීමට සිදු වේ..

මේ, තවකෙක් අප වෙනුවෙන් යමක් කරනකං බලාසිටිය යුතු කාලයක් නොවේ.. අපේම අයගේ රැකවරණය අප විසින්ම සලසා ගත යුතුව ඇත.. ඉතිං.. අපි රැකෙමු.. අපේම අය රකිමු.. රට වැහුවත් නැතත් හැකිතාක් නිවසටම වී සිටිමු.. (මොකද රුධිරයේ ඔක්සිජන් මට්ටම පහළ වැටුණහොත්, 'වහාම බාහිරින් ඔක්සිජන් ලබාගැනීමට ඇති හැකියාව', ඉදිරියේදී තීරණාත්මකම සාධකයක් වීමට ඉඩ ඇති බැවිනි..)

ප්‍රදීප් ප්‍රේමලාල් ✍️

19/06/2021

වැඩි විස්තර දැනගැනීම සඳහා විමසන්න 0777865027

"ගර්භණී මව්වරුන්ට කොවිඩ් එන්නතින් ආරක්ෂාවක්"
15/06/2021

"ගර්භණී මව්වරුන්ට කොවිඩ් එන්නතින් ආරක්ෂාවක්"

Address

Ragama

Website

Alerts

Be the first to know and let us send you an email when තරුණ මවක් සුවැති දිවියක් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to තරුණ මවක් සුවැති දිවියක්:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram