Sri Saubhagya Mangala Sewaya

Sri Saubhagya Mangala  Sewaya කිසිදා වෙන් නොවන ආදරණීය සහකරුවෙක්

With a legacy dating back to 1970, Sri Saubhagya Matrimony has a long-standing reputation as a trusted and reliable matrimonial service. We have successfully facilitated numerous marriages and have the experience and expertise to help you find your ideal life partner.

07/12/2025

*සිකුරු හත්වෙනි කොටුවේ නම්*

අන්‍යයින් වශීකරන බැල්මක් ඇත. කතාව ද මිහිරි ය. සිය ගෙදර දොර ඉතාමත් අලංකාර ලෙස තබා ගැනීමට නිතර වෙහෙසෙයි. විවාහයෙන් පසු සෑහෙන දියුණුවක් ලබයි.

සිය බිරිඳට හෝ සැමියාට දැඩි ආදරයක් කරුණාවක් දක්වයි. සිය පවුලේ අය ‌වෙනුවෙන් ඔවුන්ගේ දියුණුව වෙනුවෙන් ගන්නා උත්සාහය නිසා දියුණු වෙයි.

07/12/2025

සිකුරු හය වෙනි කොටුවේ නම්

04/12/2025

සිකුරු හයවෙනි කොටුවේ නම්

උත්සහවන්ත ගති ලක්ෂණ ඇත. දැඩි ලෙසම දියුණුවීමට අපේක්ෂාවක් නැත. එදිනෙදා ජිවිතයට ප්‍රමාණවත් යමක් හරි හම්බ කර ගෙන තම පාඩුවේ කාලය ගෙවීමට උත්සහ දරයි. කෙනෙකුගේ උදව් උපකාර එතරම් දුරට බලාපොරොත්තු නැත.

යමෙක් උපකාරයක් කළහොත් එයද අගේ කොට සලකයි. කළගුණ සලකයි. නිතරම තමාගේ රහස් සැඟවීමට කැමතිය. කතාවේ දක්ෂය. සමහර වේලාවට මොහුට අන් බොහෝ අය රැවටෙයි.

18/11/2025

සිකුරු 05 වෙනි කොටුවේ නම්

18/11/2025

සිකුරු පස්වෙනි රාශියේ නම්

සැපට කැමතිය. ආහාර පාන ආදියට අධික ලෙස මිල මුදල් වැය කරන බැව් පෙනී යයි. අන්‍යයින්ට සංග්‍රහ කිරීමට දක්ෂයි. සංග්‍රහ කිරීමේදී දැඩි සෙනෙහසකින් යුතුව කරුණාවෙන් ආදරයෙන් එය කරයි. ඉගෙනීමේ දක්ෂ අය වෙති. කාව්‍යකරණය නිසදැස් ශාස්ත්‍රය හැදෑරීමට ඉතාමත් සමත්ය. ඉවසන සුලුය. ඕනෑම කටුක දුකක් වුවත් කිසිම වේදනාවක් දුකක් නැති අන්දමින් විනෝදයෙන් ගත කරන්නට හැකියාවක් ඇත.

12/11/2025

සිකුරු කේන්ද්‍රයේ 04 වන කොටුවේ ද

12/11/2025

සිකුරු කේන්ද්‍රයේ 04 වන කොටුවේ නම්

අහංකාරය, ගෞරවය, ආත්ම වර්ණනාව අගය කරයි. හදිසි තීරණ ගන්නා අයෙකි. එවැනි තීරණ ගැනීම නිසා සමහර වෙලාවට අලාභ ඇතිවෙයි. විනෝදය අගය කරයි අභ්‍යන්තරික දියුණුවට වඩා බාහිර අලංකාරය ප්‍රිය කරයි.

11/11/2025

සිකුරු තුන්වැනි කොටුවේ පිහිටයිද?

11/11/2025

*සිකුරු කේන්දරයේ තුන්වෙනි කොටුවේනම්*

අවංකයි. දැඩි ආත්ම ශක්තියක් උපතින්ම ලබා ඇත. අන්‍යයින් සමඟ දැඩි මිත්‍රකම් පවත්වන බවක් නොපෙනෙයි. නමුත් කෙනෙකුගේ යම් කිසි වරදක් කිවහොත් එයට පිහිට වෙන අයෙකි. තමන්ගේ පවුලේ දූ දරුවන්ගේ යහපත උදෙසා සෑහෙන පරිශ්‍රමයක් දරයි. සහෝදර සහෝදරියන්ට කරුණාව දක්වයි. ඔවුන්ගේ දියුණුව සෑම විටම අපේක්ෂා කරයි.

22/10/2025

දෙවෙනි රාශියේ සිකුරු පිහිටයි නම්

පාලනය කිරීමට සංවිධාන කටයුතුවලට දක්ෂ පොදු දෙය ගැන දැඩි ආශාවක් දක්වන මොහු කෙරේ අන්‍යයන් තද විශ්වාසයක් ඇතිකර ගනී. වැඩ කිරීමට එතරම් දක්ෂයකු නොවේ. මහන්සියෙන් කරන වැඩව දක්ෂයි. ගුප්ත රහසේ නොයෙක් අත්දැකීම් ලබා ඇති අතර ගුප්ත ශාස්ත්‍රයන් ගැන විශ්වාසයක් දරයි.

09/10/2025

සිකුරු ජ්‍යෝතිෂයේදී විවාහකාරක
වශයෙන්ද,

දවල් උපන් අයට මාතෘකාරක වශයෙන් ද දක්වා ඇත. සිකුරු ග්‍රහ තරුව පෘථිවියට ආසන්නව පිහිටා ඇත. සිකුරු සූර්යාගෙන් අංශක 48 කට වඩා ඈත් නොවේ.

ජ්‍යෝතිෂ විද්‍යාවේ දී වටකුරු සියුමැලි හැඩ වැඩ ඇති කාන්තිමත් නෙත් යුවළක් හා ප්‍රියජනක හිනාවක් හා මිහිරි කටහඬක් හා රැළි සහිත කෙස් කළඹක් හිමි ළාබාල යුවතියකගේ ස්වරූපය පිළිබිඹු කරයි.

නළු නිළියන්, ගායක ගායිකාවන්, සුඛෝපභෝගී ආහාරපාන, විසිතුරු වෙළඳ සැල්, වෛවර්ණ රෙදිපිළි. ස්වර්ණාභරණ, කවියන්, මල්වතු, මල් ශාලා හිමියන් සිකුරුට හිමිය.

ශාරීරික වශයෙන් වකුගඩු, ප්‍රජනන ඉන්ද්‍රිය පද්ධතිය. නිකට, කම්මුල, දෙතොල්, පැහැපත් හම, නිල්වන් ඇස්, රහස් අවයවයන්, ශුක්‍ර ධාතුව, මුත්‍රා, පපු ඇට සිකුරුට හිමිය. සිකුරුට හිමි රෝග වශයෙන් නේත්‍රා රෝග, අණ්ඩ කෝෂ සහිත රෝග, සමේ රෝග, බෙල්ල මහත් වීම, වායු ගෙඩි, මුත්‍රාබාධ වකුගඩු රෝග, ඇඟ උණුකරවා යෑම, ධාතු ශක්තිය හීන වීම නිසා ඇතිවන රෝග, රක්තවාතය, සමාජ රෝග වැනි රෝග සාදයි.

නවග්‍රහයින් අතුරෙන් අහිංසක, සෞම්‍ය ග්‍රහයා සිකුරුය. සිකුරුට දී තිබෙන ස්වරූපය ඊට නිදසුනකි. තලෙළු ලස්සන තරුණ කාන්තාවකගේ රූපයෙන් පෙනී සිටියි. වටිනා වස්ත්‍රාභරණ පැළඳ සිටියි. සිකුරුගේ බලපැවැත්වීමත් තරුණ වයසටය.

Address

Jana Jaya City Mall Rajagiriya ( JJC MALL )
Rajagiriya
10100

Alerts

Be the first to know and let us send you an email when Sri Saubhagya Mangala Sewaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram