MaHee - මහී

MaHee - මහී Extracted From Nature's Womb

මිනිස් වර්ගයා මහත් පීඩාවකට පත්කල කොවිඩ් - 19 ගෝලීය වසංගත අත්දැකීමෙන් පසු ජාත්‍යන්තර ප්‍රජාව මෙන්ම ලාංකික අපත් බෝ වෙන රෝග...
25/09/2023

මිනිස් වර්ගයා මහත් පීඩාවකට පත්කල කොවිඩ් - 19 ගෝලීය වසංගත අත්දැකීමෙන් පසු ජාත්‍යන්තර ප්‍රජාව මෙන්ම ලාංකික අපත් බෝ වෙන රෝග සම්බන්ධයෙන් පසුවන්නේ දැඩි විමසිල්ලකින්.

ඉන්දියාවේ කේළර ප්‍රාන්තයේ පැතිරෙන බවට වාර්තාවෙන නිපා (Nipah) වෛරසය පිළිබඳ විවිධාකාරයේ අදහස් පැතිරෙමින් පවත්නා මොහොතක, මේ තත්වය පිළිබඳව මේ වනවිට තහවුරුව පවත්නා විද්‍යාත්මක දැනුම ඔබ සමග බෙදාගැනීමටයි අපගේ මේ සූදානම.

මූලිකවම සතුන්ගෙන් මිනිසාට බෝවෙන (Zoonotic) බවට සොයාගෙන ඇති මෙම නිපා (Nipah) වෛරසය,1999 වසරේ දී මුල්වරට හඳුනාගැනෙන්නේ මැලේසියාවේ ඌරු ගොවිපළවල කටයුතු කල පිරිසක් අතර පැතිරගිය අවස්ථාවේ දී. වෛරසය ආසාදිත ඌරන් අනාරක්ෂිතව ස්පර්ශ කිරීමෙන් ඔවුන්ගේ පටක, ශරීර තරළ සහ මළ මූත්‍රාමගින් එවර මිනිසුන්ට රෝගය බෝවී තිබෙනවා.

ඉන් අනතුරුව මැලේසියාවෙන් නැවත රෝගීන් වාර්තා නොවුවත් 2001 දී බංග්ලාදේශයෙනුත් නැගෙනහිර ඉන්දියාවේ කලින් කලටත් මෙම රෝගය පැතිර යෑම් සිදුවී තිබෙනවා. මෙවර අවධානයට ලක්ව තිබෙන කේරළය පසුගිය වසර පහ තුළ මෙම වසංගතයට මුහුණ දෙන්නේ හතරවෙනි වතාවටයි.

ඉන්දියාව සහ බංග්ලාදේශය ආශ්‍රිතව මෙම ආසාදන පැතිරීමේ හේතුව ලෙස සැළකෙන්නේ, ස්වභාවිකවම නිපා (Nipah) වෛරසය දරා සිටීමේ හැකියාව ඇති වවුල් විශේෂයක ආසාදිත සතුන්ගේ මූත්‍රා සහ කෙළ තැවරුණ පළතුරු වර්ග / යුෂ මිනිසුන් විසින් ආහාරයට ගැනීමයි.

දැනට පවත්නා විද්‍යාත්මක දත්ත අනුව දැක්වෙන්නේ මෙම රෝගය මිනිසෙකුගෙන් මිනිසෙකුට එතරම් පහසුවෙන් පැතිර නොයන බවයි. රෝගී අයෙකුගේ ශරීර තරල සහ මළ මූත්‍රා මගින් එය බෝවීමට ඉඩ තිබෙන අතර බොහෝවිට එලෙස ආසාදනය වී තිබෙන්නේ රෝගියාට ඉතාම සමීපව කටයුතු කල අය වීම විශේෂයෙන්ම සඳහන් කල යුතුයි.

යම් හෙයකින් වෛරසය මිනිසෙකුහට ශරීරගත වුවහොත් රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වීම, සාමාන්‍ය ශ්වසන ආසාදනයක ලක්ෂණ පෙන්වීම මෙන්ම මාරාන්තික මස්තිෂ්ක ප්‍රදාහ (encephalitis) තත්වයක් දක්වා පුලුල් පරාසයක තත්වයන් ඇතිවීමට ඉඩ කඩ තිබෙනවා. වෛරසය සිරුරට ඇතුලු වී දින 4 - 14 ත් අතර කාලයක දී උණ, හිසරදය, මස් පිඬු වේදනාව, වමනය, උගුරේ වේදනාව වැනි මූලික රෝග ලක්ෂණ ඇති වෙනවා. හඳුනාගත් රෝගීන්ට රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කිරීම සාමාන්‍ය ක්‍රමවේදයි.

මිනිසුන් අතර සිදුවන ආසාදන වළක්වාගැනීමට රෝගීන් සමඟ කටයුතු කිරීමේ දී ආරක්ෂිත ක්‍රමවේද මගින් ඔවුන්ගේ ශරීර තරලවලට නිරාවරණය වීම වළක්වා ගැනෙනවා. මෙය වළක්වන එන්නතක් දැනට භාවිතයේ නැහැ.

යම් ප්‍රදේශයක නිපා (Nipah) රෝගය පැතිර යන අවස්ථාවල දී ඊට අදාළව මහජන සෞඛ්‍ය උපදෙස් නිකුත් කෙරෙන අතර ලාංකික අප නිසි දැනුමෙන් සවිමත්ව සහ අවධානයෙන් යුතුව පසුවීම මේ අවස්ථාවේ දී ප්‍රමාණවත්.

ඉදිරියේදී පවත්නා තත්වයේ වෙනසක් ඇතිවුවහොත් හෝ මේ පිළිබඳව විද්‍යාත්මක දැනුම යාවත්කාලීන වීමක් සිදුවුවහොත් කඩිනමින් ඔබව දැනුවත් කිරීමට අප සූදානමෙන් සිටිනවා.

භයානක “නීපා” වෛරසය රටවල් රැසක ව්‍යාප්ත වෙයි.!ඉතාම වේගයෙන් මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන “නීපා” වෛරසය මේ වනවිට ඉන්දියාව, බං...
21/09/2023

භයානක “නීපා” වෛරසය රටවල් රැසක ව්‍යාප්ත වෙයි.!

ඉතාම වේගයෙන් මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන “නීපා” වෛරසය මේ වනවිට ඉන්දියාව, බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භයානක වෛරසය වවුලන්ගෙන් සහ ඌරන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී ඉන්පසු මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන වෛරසයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවමින් සදහන් කරයි.

මෙම වෛරසයේ රෝග ලක්ෂණ ලෙස තද උණ, වමනය, ස්වසන ආසාදන යන රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් මොළයේ ඉදිමීමක් තෙක් එය වර්ධනය විය හැකි බවද වෛද්‍යවරු අනතුරු අගවයි.

“නීපා” වෛරසයේ ආසාදිතයින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වු අතර මෙම වෛරසය පළමුවෙන් හඳුනා ගැණුනේ 1999 වසරේ මැලේසියාවේ ඌරු ගොවිපොලකිනි.

ජලය,විවේකය,ව්‍යායාම,ආහාර පාලනය, ආත්ම ගරුත්වය,සැබෑ මිතුරන් ජීවිතයට ලං කරගත යුතු වේ.
05/09/2023

ජලය,විවේකය,ව්‍යායාම,ආහාර පාලනය, ආත්ම ගරුත්වය,සැබෑ මිතුරන් ජීවිතයට ලං කරගත යුතු වේ.

04/09/2023

ආයුර්වේදයට අනුව ඔබගේ දේහ ප්‍රකෘතිය ඔබම හඳුනා ගන්න...

පුද්ගලයාගේ දේහ ප්‍රකෘතියට ආයුර්වේදය තුල හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයකි. ආයුර්වේද ප්‍රතිකාරයේ පදනම් කර ගන්නේද මෙයයි. පුද්ගලයාගේ දේහ ප්‍රකෘතිය දැන සිටීම තුලින් යමෙකු තුල රෝගයක් ඇතිවු විට එම රෝගයට අදාල දෝෂ තත්ත්වයන් ගලපා නිවැරදිව රෝගය හඳුනා ගත හැකි වන්නේය. එපමණක් නොව ප්‍රතිකාර නිර්දේෂ කිරිමේදී වඩාත් සුදුසුම ඖෂධ යොදා ගැනීමට පුද්ගල ප්‍රකෘතිය දැන සිටීම වැදගත් වන්නේය.

රෝගයක්, ඖෂධයක් පමණක් නොව ආහාර පවා සිරුර තුල ක්‍රියාත්මක වන ආකාරය පුද්ගලයාගේ දේහ ප්‍රකෘතිය අනූව වෙනස් වන්නේය. එනිසා පුද්ගලයාගේ දේහ ප්‍රකෘතිය ගැන වෛද්‍යවරයා පමණක් නොව එම පුද්ගලයාද දැන සිටීම වැදගත් වන්නේය. පුද්ගල ප්‍රකෘතිය ප්‍රධාන වශයෙන් ශාරිරක ප්‍රකෘතිය සහ මානසික ප්‍රකෘතිය යනුවෙන් අංශ දෙකක් යටතේ තීරණය කෙරේ.

වාත, පිත්ත සහ කඵ යන ත්‍රිදෝෂයන්ගේ ප්‍රමුඛතාවය පිහිටන ආකාරය අනූව පුද්ගල ශරීර ප්‍රකෘතිය ප්‍රධාන ප්‍රභේද 07 ක් යටතේ ආයුර්වේදය තුල දක්වා ඇත.

🔶1. ඒකල වාත ප්‍රකෘතික
🔶2. ඒකල පිත්ත ප්‍රකෘතික
🔶3. ඒකල කඵ ප්‍රකෘතික
🔶4. වාත පිත්ත මිශ්‍ර ප්‍රකෘතික
🔶5. වාත කඵ මිශ්‍ර ප්‍රකෘතික
🔶6. පිත්ත කඵ මිශ්‍ර ප්‍රකෘතික
🔶7. වාත පිත්ත කඵ මිශ්‍ර ප්‍රකෘතික

සත්ත්ව, රජස් සහ තමස් යන ගුණ ත්‍රිත්වය අනුවද මානසික ප්‍රකෘතිය පෙර ලෙසින්ම ආකාර තුනක් යටතේ වර්ග කෙරේ. මෙම වර්ග කිරීමට යොදා ගන්නා නිර්ණායකය වන්නේ දෝෂත්‍රිත්වය සහ ගුණත්‍රිත්වය පුද්ගලයා තුල ප්‍රමුඛව පවතින මට්ටමයි. යම් දෝෂයක් ශරීර‍ය තුල වැඩියෙන් පවතින බව පෙනේ නම් ඔහුගේ දේහ ප්‍රකෘතිය පවසන්නේ එම දෝෂය පදනම් ‍කරගෙනය. උදාහරණයක් ලෙස වාත දෝෂයට අදාල ගුණ සහ ලක්ෂණ පුද්ගලයා තුල වැඩිපුර විධ්‍යමාන වන්නේ නම් ඔහුගේ දේහ ප්‍රකෘතිය පවසන්නේ වාත ප්‍රකෘතිකයෙකු ලෙසයි.

🔴 ප්‍රකෘතිය හඳුනා ගන්නේ කෙසේද?

පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන විවිද ශාරිරික ලක්ෂණ, ගුණාංග සහ මානසික තත්ත්වයන් ඇත. පුද්ගලයන් දෙදෙනෙකුට එකම ආකාරයේ ලක්ෂණ සහ ගුණ පවතින්නේ නැත. පුද්ගල ස්වභාවයන් භෞතික ස්වරුපයන් සහ චර්යාවන් සහ සිතුම්පැතුම් යන සියල්ල මැනිය හැකි එකම යන්ත්‍රයකින් ලොව පුරා වෙසෙන සියල්ලන්ම පරික්ෂා කලහොත් සියල්ලෝම මොනයම් අංශයකින් හෝ එකිනෙකට වෙනස් බව හඳුනා ගත හැකිය. එහෙත් එවැනි යන්ත්‍රයක් තවම ‍මිහිපිට නිර්මාණය කර නොමැති නිසා එය ඉදිරිපත් කල හැක්කේ මෙවැනි මතයක් ලෙස පමණි. නමුත් ඉතා සුළු කරුණකින් හෝ සැම අයෙක්ම තව කෙනෙකුගෙන් වෙනස් බව අප ප්‍රායෝගිකව අත් දැක ඇත්තෙමු. අයුර්වේදය මෙය පැහැදිළි කරන්නේ දෝෂ ත්‍රිත්වයේත් ගුණත්‍රිත්වයේත් වෙනස්කම් මතය. මේ වෙනස් විම සිදුවන බව පෙන්වීමෙනි.

එක් එක් දෝෂය නිසා පුද්ගල ශරීරය තුල දක්නට ලැබෙන ලක්ෂණ සහ ගුණාංග ආයුර්වේද මුලග්‍රන්ථ තුල ලියැවී ඇත. ‍දේහ ප්‍රකෘතින් තීරණය කිරීමට උපයෝගි කර ගන්නේ එම දත්තය. අප මෙම ලිපියෙන් ඉදිරියේදි වෙන වෙනම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේත් එම ලක්ෂණයි. එම ගුණ සහ ලක්ෂණ තමන් තුල කොයි ආකාරයෙන් පවතින්නේද යන්න තමන්ටම විමසා ගත හැක. එයින් තමන්ගේ දේහ ප්‍රකෘතිය තමන්ටම තීරණය කරගත හැකි වන්නේය.

සමහර ලක්ෂණ සහ ගුණ කෙතරම් ප්‍රමුඛද නැතිනම් මධ්‍යස්ථව හෝ හීනව තියෙන්නේද යන්න සන්සන්දනය කර ගැනීම මගින් දෝෂයන්ගේ ප්‍රමුඛතාව සොයා ගත හැක.

උදාහරණ වශයෙන්, කෙනෙකු ඉතාම කලබලකාරි අයෙක් නම් ඔහු එම ගුණයට අදාල වාත දෝෂය ඉහලින් ඇති අයෙකි. නමුත් තව අයෙක් තරමක් කලබලකාරි වුවත් අරමුණකින් කටයුතු කරන්නේ නම් ඔහුගේ වාත දෝෂය ඇත්තේ මධ්‍යස්ථ හෝ හීන මට්ටමේය, ප්‍රමුඛව ඇත්තේ පිත්ත දෝෂයයි. මේ ආකාරයට සෑම ලක්ෂණයක්ම තමන් තුල ඇති ප්‍රමාණය මත අඩු සහ වැඩි මට්ටම තමන්ටම නිශ්චය කර ගත හැක.

නමුත් මෙහිදි අප අපටම අවංක නොවේ නම් නිවැරදි දේහ ප්‍රකෘති නිර්ණයකට යා නොහැකි‍වේ. එනිසා මෙම පරික්ෂණය තමන් විසින් කර ගැනීමේදි නිවැරදි උත්තර අවංකව දීමට සුදානම් විය යුතුය. නැතිනම් අවසානයේදී පැහැදිලිවම නිවැරදි දේහප්‍රකෘතිය ප්‍රකාශ නොවනු ඇත. එසේම පුද්ගලයාගේ නාඩි පරික්ෂා කිරීම තුලින්ද මෙම දෝෂ ප්‍රකෘතිය තීරණය කිරිමට යම් රුකුලක් ලබා ගත හැක. මක් නිසාද නිවැරදිව නාඩි පරික්ෂාවෙන් ශරීරයේ දෝෂ ක්‍රියාත්මක වන ආකාරය පැවසීමට හැකි බැවිනි.

නාඩින්ගේ රිද්මය, සංඛ්‍යාතය, තාරතාවය සහ තරංග ආයාමය දෝෂ ත්‍රිත්වයට අනුව ආයුර්වේදයේ වර්ගීකරණය කර ඇති අතර එබැවින් නාඩි පරික්ෂාවෙන්ද දෝෂ තත්ත්වය කිව හැක. එය කියවීමෙන් ලැබෙන්නේ එම මොහොතේ ශරිරයේ දෝෂ තත්තවය පවතින ආකාරය වන බැවින් එය පමණකින් පුද්ගල ප්‍රකෘතිය තීරණය කල නොහැකි බව තේරුම් ගත යුතුය. ඒ ඒ මොහොත අනුව සිරුරේ දෝෂයන්ගේ තාවකාලික විචලනයන් සිදුවිය හැකි බැවිනි. එබැවින් ‍එවැනි මොහොතක නාඩි පරික්ෂාවෙන් පමණක් දෝෂ තත්ත්වය පරික්ෂා කර දේහ ප්‍රකෘතිය පැවසීම නිවැරදි නොවන්නේය.

නාඩි පරික්ෂාව දේහ ප්‍රකෘතිය සොයා ගැනීමට උපකාර වන්නේ අප ප්‍රශ්ණ පරික්ෂාවෙන් සහ දර්ෂණ පරික්ෂාවෙන් පැමිණි නිගමන තහවුරු කර ගැනිමට පමණි. මෙම නාඩි පරික්ෂාවෙන් ලැබෙනා ප්‍රයෝජනය වන්නේ පුද්ගලයාගේ ශාරිරික ගුණ සහ ලක්ෂණ තුලින් පැමිණෙන්නාවු නිගමනය තහවුරු කර ගැනීමයි. පුද්ගලයා මානසික සහ ශාරිරිකව නිරෝගිව සිටිනා විට පෙන්වනු ලබන දෝෂ තත්ත්වයත් යම් කිසි රෝගි තත්ත්වයකින් සිටිනා විට පෙන්වනු ලබනා දෝෂ තත්ත්වයත් සමාන නොවේ.

රෝග විම යනු ශරීරයේ දෝෂයන්ගේ සිදුවන විෂමතාවයයි. නිරෝගිව සිටිනා විට දේහයේ ඇති දෝෂයන්ගේ ස්වභාවය අනූව දේහප්‍රකෘතිය කියනා අතර රෝගිව සිටින විට දේහයේ ඇති දෝෂයන්ගේ ස්වභාවය දේහවිකෘතිය ලෙස හැඳින්වේ. අප ප්‍රතිකාරයෙන් බලාපොරොත්තු වන්නේ විකෘති වු දෝෂ තත්ත්වය ප්‍රකෘති මට්ටමට ගෙන ඒමයි. චිකිත්සාව කරනුයේ එයටයි. අපට නිවැරදි කර ගත යුතු වන්නේ විකෘති වූ දෝෂ ප්‍රකෘති තත්ත්වයට ‍පත්කිරීමයි. දෝෂ අනූව සිරුරේ ඇති භෞතික ගති ස්වභාවයන්, සිතුම් පැතුම් සහ චර්යාවන් මෙතැන් සිට වෙන වෙනම දක්වා සිටින්නෙමු.

ඒවා තම තමන් තුල ඇතිද නැතිනම් නැතිද ඇත්නම් කොතරම් ප්‍රමුඛවද මධ්‍යමවද හීනවද යන්න වෙන වෙනම වර්ග කර ගෙන තම දේහ ප්‍රකෘතිය ඔබටම තිරණය කර ගත හැක. මෙම ලක්ෂණ විමසා බලා ඔබට නිශ්චිතව පැහැදිලි නිගමනයකට පැමිණිමට නොහැකි නම් අදාල ලක්ෂණ තම තමන් තුල පවතින ස්වභාවයන් අප වෙත දන්වා එවීමෙන් අපට ඔබගේ දේහප්‍රකෘතිය නිවැරදිව පවසා සිටිය හැක.

🔴 වාත දෝෂය ( Vata Dosha )

• වාතය යනු සුළඟය. වාතය ප්‍රමුඛ නම් සිරුර බොහෝවිට කෙට්ටු සහ උස වේ.
• අතපයද දිගුවේ.
• ඇඟිලිද දිගුය, නියපොතුද දිගුය.
• සැහැල්ලු ශරීරයක් ඇත. මාංශපේෂි ක්ෂයය.
• අස්ථිද සැහැල්ලුය. එසේම ප්‍රමුඛය.
• මානසිකවත් ශාරිරකවත් ඉතාම කාර්යබහුලයි.
• නිතරම කුමක් හෝ කරමින් සිටි. නිශ්චලව සිටීමට අපහසුය.
• නිර්මාණාත්මක ක්‍රියාවන්හි යෙදිමට නැතිනම් සිදුකිරිමට කැමතියි.
• සමාජශිලීය. අළුත් අළුත් සම්බන්ධතා ඇතිකර ගැනිමට පහසුවෙන් හැකිය. නමුත් යහළුවන් ඇත්තේ ස්වල්ප දෙනෙකි.
• සංචාරය කිරිමට දැඩි කැමැත්තක් දක්වයි. යහපත් සිහියෙන් සිටිනා විට නිර්මාණශීලි අදහස් වලින් පොහොසත්ය. නමුත් හදිසි අවස්ථා වලදි කිසිවක් කර ගැනිමට අපොහොසත් වේ.
• මොවුන් සිහින දැකීමට සහ එම සිහින වල ජිවත් විමට කැමතිය.
• නිර්මාණශිලි චින්තන හැකියාව වැඩියෙන් ඇත.
• මුදල් පරිහරණයේදි සීමාවක් නැත. සිතනුයේ මුදල් ඇත්තේ ප්‍රයෝජනයට ගැනීමට බවයි.
• අවධානය අඩුය. නමුත් කෙටි කාලීන මතකය ඉතා ඉහලය. එ ආකාරයෙන්ම ඉක්මනින් අමතකද වේ.
• කටයුතු රාශියක් එකවිට කිරිමට දක්ෂය. එනිසා විවේකයක් නැත.
• ඇවිදිමට වැඩ කිරිමට කැමතිය.
• මතයන් පහසුවෙන් වෙනස් කරයි.
• තීරණ ගැනීමට අපහසුය.
• නිසි පිළිවෙළකට රටාවකට වැඩ කිරීමට කැමති නැත.
• ඕනෑම දෙයකින් තෘප්තිමත් විමට හැකිය.
• ස්ත්‍රීන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වේ. තීව්‍ර වේදනාවක් සමග මස් පෙරළීම, සෙමින් රුධීරය පිටවීම සිදුවේ.
• ලිංගික ජිවිතයට ඇති කැමැත්ත ‍විචලනය වේ.
• වාතය ප්‍රමුඛ නම් වියළි සමක් දැක ගත හැක.
• එසේම සම පහසුවෙන් කැඩී යා හැකිය.
• සම අඳුරු වර්ණයක් ගත හැක.
• උණුසුම් ස්පර්ෂයට වඩාත් රුචිවේ. ඉක්මණින් සීතල දැනේ. ඒනිසා සීතලෙන් දැඩිව පිඩා විඳී. වියළි බවටද කැමති නැත.
• තොල් පැලේ, විදුරුමහ තදයි.
• කොණ්ඩය වියළි අතර ගැලවෙයි. නැතිනම් අග්ගිස්ස කැඩි යයි. අඳුරු, රළු, දඟර ගැසුණු පැටළුණු කෙස්ය.
• පහසුවෙන්ම අස්ථිභග්න සිදුවිය හැක.
• කුඩා නළල් තලයකි. බෙල්ලද කුඩාය. එසේම තද නැත.
• නිකටද පටුය.
• කුඩා අඳුරු ක්‍රියාශීලි ඇස් ඇත. එසේම ඇස් කැසීම ඇත. සුදු අළු හෝ නිලට හුරු පැහැ ඇස් බොලයක් ඇත.
• ආහාර ගැනීමට ඇති කැමැත්ත, ශරීරශක්තිය සහ පුද්ගලස්වභාවය විටින් විට වෙනස් වේ. ස්ථිර නැත.
• ආහාර නොගෙන නොනිදා රැය පහන් කිරිමට ආයාසයකින් තොරව හැකිවේ. අවශ්‍ය වු විට බර ආහාර හෝ කෝපි වැනි මනස සහ ශරිරය ප්‍රාණවත් කරනා දේ වැඩිපුර ගැනීමට කැමතිය.
• දිව වියළිය. දිගටිය. අළුපැහැ තට්ටුවක් ඇත.
• මළ බද්ධය ඇත. වැසිකිළි යාම අක්‍රමවත් විය හැකිය.

🔴 පිත්ත දෝෂය ( Pitta Dosha )

• බුද්ධියෙන් බලය පැතිර වීමට දක්ෂකම් දක්වයි. එසේම ධෛර්යමත්ය. කඩිසරව කටයුතු කරයි.
• ජීවිතය ප්‍රාණවත්ව ගෙවයි.
• අරමුණක් සහිතව කටයුතු කරමින් තමන්ගේ ඉලක්ක සපුරා ගැනිමට උනන්දුව ඇත.
• දැඩි බලාපොරොත්තු සහිතයි, දැඩි තීරණ ගැනීමට කැමතියි. තරඟකාරිත්වය පැවතීමට කැමතිය. එයින් වින්දනයක් ලබයි.
• නායකත්වය ගැනීමට සහ අන්අයව මෙහෙයවිමේ දක්ෂතාවයන් ඇත.
• යමක් පහසුවෙන් අවබෝධකර ගැනිමට පමණක් නොව නව කටයුතු සදහා ආරම්භයක් ගැනීමට විශේෂයෙන් දක්ෂයි.
• ඉවසීම ඉක්මණින් නැතිවේ. එනිසා තමන් කරන්න සුදානම් වන දේ කර ගන්න බැරිවේ.
• සිතේ තද බව සහ තමන්ගේ ශක්තිය ප්‍රයෝජනවත් අවස්ථාවන්ට යෙදීමට සහ තමන්ට බාධා කරන ශක්තින් හඳුනාගැනිමට ඉගෙන ගනී.
• වියදම් කරන්නේ ක්‍රමයකටය. අවශ්‍යතාවයන් තෘප්ත කර ගැනීමට මුදල් වියදම් කරයි.
• හොඳ කෙටි සහ දිගුකාළීන මතකයක් ඇත.
• තාර්කිකව සිතයි. තෝරාගෙන ආශ්‍රය කරයි. උණුසුම් මිතුරුකමක් ඇතිකර ගත හැකියි. පහසුවෙන් හතුරන්ද ඇතිකර ගනි.
• නිරන්තරයෙන් සංවිධානය කරයි. රටාවකට වැඩ කිරිමට කැමතියි.
• සංවිධානාත්මක චින්තනයට කැමතිය.
• තරඟකාරි සටන්කාමි ආකාරයෙන් වැඩ කිරිමට කැමතිය.
• නිතරම තිරණ ගනී.
• හැම දෙයක්ම පැහැදිළිව දකියි.
• සැලසුම් කිරීමෙන් සහ සංවිධානය කි‍රිමෙන් සතුටු වෙයි.
• ආහාර රුචිය සහ ආහාර ජීර්ණය හොඳින් සිදුවේ. නිරන්තර කුසගින්න දැනේ. ආහාර වලට සේම අභියෝග සඳහාද දැඩි කැමැත්තක් ඇත. උණුසුම්, මිරිස්රස ලුණු දැමු ආහාර වලට කැමතියි. කෝපි සහ ප්‍රෝටින් ආහාර වලටද ප්‍රියයි.
• ජිවිතය සමබරයි.
• සැහැල්ලු මළ පිටකරයි. දවසට දෙවරකට වඩා වැසිකිලි යාමේ අවශ්‍යතාවය ඇතිවිය හැක.
• මාංශපෙෂී හොඳින් වර්ධනය වූ මධ්‍යම ප්‍රමාණයේ සිරුරු ඇත.
• මධ්‍යම ප්‍රමාණයේ අස්ථි පද්ධතියකි. මධ්‍යම ප්‍රමානයේ ඇඟිලි සහ නිය ඇත.
• පැහැපත් සමකි. මධ්‍යම ප්‍රමාණයේ නළලකි. මැදි ප්‍රමාණයේ බෙල්ලකි. නිකට මධ්‍යම ප්‍රමාණය.
• ඉක්මණින් හිරු අව්වෙන් වෙහෙසට පත්වේ. එසේම ව්‍යායාම කරනා විට ඉක්මනින් දහඩිය දමයි.
• ආසාධනයන්ගෙන්, චර්ම රෝග, කුරුලෑ පහසුවෙන් ඇතිවේ.
• ස්පර්ෂයේදී සම මතුපිට උණූසුම දැනේ.
• සම තෙල් ස්වභාවයක් ඇත. සීතලට කැමතිය.
• හුළං හමන ස්ථාන වලට කැමතියි. උණුසුමට අකමැතියි.
• මධ්‍යම ප්‍රමාණයේ ලාකොළ හෝ අළු පැහැ හො නිල් ඇස්ය. අක්ෂිගොලය රතු හෝ කහ පැහැතිය.
• හොඳ සැහැල්ලු තෙල් ගතිය ඇති රන්වන් කෙස් ඇත. නැතිනම් අළු පැහැයට හුරු කෙස් ඇත.
• දිවමත දිස්වන්නේ කහ පැහැයට තැඹිලි පැහැයට හෝ රතු පැහැයට හුරු තට්ටුවක් සමගය.
•විදුරුමහෙන් රුධිරය ගලයි.
• ඔසප් රුධිරය විශාල වශයෙන් සහ දිගටම පිටවේ.
• ලිංගික ජිවිතය වැඩියෙන් රුචිය. ඉක්මනින් ප්‍රබෝධමත් වේ.

🔴 කඵ දෝෂය ( Kapha Dosha )

• හැඟීම්බරය, ආදරණීය‍ වේ. අන් අය ගැන සොයා බැලීමට කැමතිය.
• ඉක්මණින් උණුවෙන හදවතක් ඇත. කරුණාවන්තය.
• එසේම නීතිගරුක විමට කැමතියි, බැතිමත්ය
• සමාජශීලි සහ අභ්‍යන්තරව ඉතාමත් සාමකාමීය.
• පුද්ගලික සහ වෘත්තිය කටයුතු වලදී විධිමත් ආකාරයෙන් කටයුතු කිරිමට උත්සහ දරයි.
• බාහිරෙන් උනන්දු කිරීමට අපහසුයි, මුරණ්ඩුයි.
• අභ්‍යන්තරයෙන් තේරුම් ගත්තද තමන්ගේ පුරුදු වෙනස් කිරීමට අකමැතියි.
• මනසට තරමක තද ගතියක් දැනේ. ඕනෑම අවස්ථාවකදි ස්ථාවරව සිටියි.
• මුදල් වියදම් කිරිම අකමැතිය. ඉතුරුම් සඳහා කැමතිය.
• යමක් ඉගෙනීමට වෙලාව ගනී. නමුත් එක් වරක් ඉගෙන ගත් පසු කිසිදාක අමතක නොවේ.
• ගොඩක් යහළුවන් හොඳින් ඇසුරු කරයි. වෙනස්වීම අඩුවෙන්ද අළුත් වැඩ අඩුවෙන්ද කරයි.
• සරලව සිටීමට කටයුතු කිරිමට කැමතිය.
• සැලැස්මක් හෝ අදහසක් අනුගමනය කිරීමට කැමතිය.
• සැහැල්ලු සන්සුන් විවේකයට කැමතිය.
• තීරණ ගන්නේ කල් ගෙනය.
• අනිත් අයට තිරණ ගැනීමට අවස්ථාව දේ. පවරන අනුපිළිවෙලකට වැඩ කිරිමට කැමතිය.
• විශාල සමහර විට නිල්, බොහෝ විට චොකලට් දුඹුරු දියරමට ඇස් ඇත. ඇස් ඉදිරියට නෙරා ඇත.
• දුඹුරු පැහැ සමක් ඇත.
• ස්පර්ෂයේදි සම මත උණුසුම් නැත. නමුත් සීතලම නැත. ඝණකම් සමකි. හොඳින් තෙත්ය.
• තොල් තෙත්ය. විදුරුමහ අඩුයි.
• තෙත්බවට අකමැති අතර අනෙකුත් කාලගුණයන්ට ඔරොත්තු දෙයි.
• ඝණකම් තරමක් දඟර ගැසුණු කොණ්ඩ ඇත.
• ශරීර ස්වභාවය විශාලයි හා ස්ථුලය.
• හොඳින් වැඩුනු මාංශපේෂි ඇත.
• ශරිරය ඉදිමුණු ස්වභාවයක් ඇත.
• බර අස්ථි පද්ධතියක් ඇත.
• පහසුවෙන් පෙනහළු සහ උගුර ආශ්‍රිත රෝග ඇතිවේ.
• ක්‍රීඩාශිලි සහ නම්‍යශීලීය.
• තමන්ගේ සිරුරේ බර නියමිත පරිදි වත්වා ගෙන යාමට නිරන්තර ව්‍යායාම වල නිරත වේ.
• මෘදු සන්ධි චලන ඇත. හිමින් ඇවිදියි.
• කටයුතු වෙලාව ගෙන හරියටම කරයි.
• ඇඟිලි කෙටිය. නියපොතු දිගු නැත.
• විශාල නළලකි.
• විශාල තද බෙල්ලක් ඇත.
• විශාල හකු ඇත.
• අහාර ජීර්ණය ඉතාම සෙමින් සිදුවේ.
• ගොඩක් කෑමට අකමැතියි. සාමාන්‍යයෙන් කුස ගින්නේ සිටිය හැක. පැණිරහට කැමතියි.
• කිරි නිෂ්පාදන, පාන් පේස්ට්‍රි කෑමට කැමතියි.
• විශාල පිරුණු මල දවසට එක් වරක් පිට කිරිමට අවශ්‍යවේ. ස්‍රාව තිබිය හැක.
• තවද කැසීම් තිබිය හැක.
• ඔසප් සමයේදි සුළු සුළු මස් පෙරළිම් සිදුවේ.
• බඩ පුරවා දැමිම් ස්වභාවයක් ඇතිවේ.
• ප්‍රබෝධමත් විමට කල් ගනි. ඒකාකාර ලිංගික චර්යාවකට යොමුව සිටියි.

🔷 උපුටා ගැනීමකි. ( ලිපියෙහි ගෞරවනීය අයිතිය මෙහි මුල් කතෘ සතුවේ )

ඉහත විස්තර කරන ලද්දෙ වාත පිත්ත කඵ යන මූලික ඒකල ප්‍රකෘති තත්වයන් වන අතර බොහො විට ඒවා සම්මිශ්‍රණය වූ මිනිස්සු න් හමුවීම බහුලය කලාතුරකින් එකල පෘකෘතියක් ඇති අය සිටිය හැකි බව දත යුතුයි . මෙ පෙරදිග වෛද්‍ය විද්‍යාවන් ගේ සුවීශේෂිත්වය නම් ඒ ඒ පුදගලයාට ඔහුගෙ පෘකෘතිය අනුව ප්‍රතිකාර කිරීමයි. අද නූතන වෛද්‍ය විද්‍යාවන් persanalized medicine කරා එනවිට වසර 3000කටත් එහා භාවිතා කලේ එවැනිම වූ මුලධර්මයන්ය.

#ආයුර්වේද

We present mother nature's precious gifts to your door step. Our Herbal formulas and cosmetics are 100% natural. Start y...
28/08/2023

We present mother nature's precious gifts to your door step. Our Herbal formulas and cosmetics are 100% natural. Start your most awaited herbal journey with us. 🤩❤️

Address

Rajagiriya
10100

Telephone

+94724656045

Website

Alerts

Be the first to know and let us send you an email when MaHee - මහී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram