Deegayu Laboratory Services

Deegayu Laboratory Services Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Deegayu Laboratory Services, Medical Lab, Hospital Road, Rambukkana.

05/09/2025

නාවිකයෙක් වෙන්න අද්‍යාපන සුදුසුකම් බලනවා.ගුවන් නියමුවෙකුටත් එහෙමයි.දුම්රිය රියදුරාටත් එහෙමයි. සමහර බර වාහන රියදුරන් වැස්සකටවත් පාසලකට නොගියපු හාල්පාරුවන්.🥹

02/09/2025

❤️❤️🔥

31/08/2025

❤️🔥

24/08/2025

රඹුක්කන පොලිසිය හන්දියේ පිහිටි අමා වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවිකාවක් සඳහා රැකියා ඇබෑර්තුවක් ඇත.

Dr Asanka 0751490455

24/06/2025
ජීවිතය අවදානමේ දමන බිත්තර සේදීම නොකළ යුත්තේ ඇයි?☝️🚨🥚කුකුල් ජරාව (අශුචි) තැවරුණු හෝ කැඩුණු බිඳුණු බිත්තර පරිභෝජනය කිරීම අ...
02/06/2025

ජීවිතය අවදානමේ දමන බිත්තර සේදීම නොකළ යුත්තේ ඇයි?☝️🚨🥚
කුකුල් ජරාව (අශුචි) තැවරුණු හෝ කැඩුණු බිඳුණු බිත්තර පරිභෝජනය කිරීම අවදානම් බව කවුරුත් දන්නවා. ඒ නිසා කඩෙන් ගේන බිත්තර ගබඩා කර තැබීමට පළමුව සබන් දමා හෝ එසේ නොමැතිව සේදීම මගින් මේ අවදානම මඟහැරෙනවද කියල බොහෝ දෙනෙක් අහල තිබුනා. මේ, ඒකට මා දන්නා තරමින් ලබා දෙන උත්තරය.
කිකිලි බිත්තර මතුපිට කුකුල් අශූචි ගෑවිලා තිබෙන බව පෙනෙන්නට තිබුනත් නැතත්, බිත්තර කටුව මතුපිට ජීවානුහරණය කරල නැති නිසා යම් ප්රමාණයකට සැල්මොනෙල්ලා කියන කුකුල් අශූචිවල ජීවත් වෙන හානිකර බැක්ටීරියා එක තියෙන්න පුලුවන්.
සාමාන්‍යයෙන් කුකුල් අශූචිවල ජීවත්වන ඇතැම් රෝගකාරක සැල්මොනෙල්ලා විශේෂවලට වියලි බිත්තර කටුව මතුපිට දවස් 54ක් වගේ කාලයක් ජීවත්වෙන්න පුලුවන් කියල සොයා ගෙන තිබෙනවා. ("Salmonella Enteritidis" can survive on the surface of hens' eggs for up to 54 days.)
එහෙමනම් ජරාව පේන්න තිබුනත් නැතත් බිත්තරවල සැල්මොනෙල්ලා ඉන්නවානේ. ඒක ඩේන්ජරස්නේ... 🤔
නෑ එහෙම නෑ. කිකිලිය බිත්තර එයාගේ ජම්බාලියෙන් එළියට දාන්නේ බිත්තර කටුව වටේට “bloom” කියල කියන ආරක්ෂක පටලයකුත් තැම්පත් කරල. මේ ආරක්ෂිත ආලේපනයෙන් බිත්තර කටුව මුද්‍රා වෙලා තියෙන්නේ. ඒක නිසා ව්‍යාධිජනක බැක්ටීරියා වර්ග බිත්තරය ඇතුලට යන එක වැළැක්වෙනවා.
⁣බිත්තර සේදුවාම මොකද වෙන්නේ.?
සාමාන්‍යයෙන්, කඩේන් ගේන බිත්තර සෝදා ගැනීම අවශ්‍ය හෝ නිර්දේශ නොකරයි. එහෙම සේදුවාම වෙන්නේ අර කීව ආරක්ෂක පටලය විනාශ වෙන එක. එහෙම වුනාම සේදුන ජලය බිත්තර කට්ටේ තියෙන ඇසට නොපෙනෙන සිදුරු හරහා බිත්තරය තුළට ඇතුල් වෙනවා. ඒ නිසා එසේ සේදීමෙන් ඇත්ත වශයෙන්ම බිත්තර දූෂණය වීමේ අවදානම වැඩි වෙන්න පුලුවන්.
බිත්තර කටුව කැඩිලා හෝ පුපුරලා තියෙන බිත්තර කෑමට ගන්න එක හොඳ නැත්තෙත් ඒ වගේ බිත්තරවල අර කිවුව ආරක්ෂක පටලය කැඩිලා තියෙන නිසා මතුපිට තියෙන විසබීජ ඇතුලට ගිහින් තියෙන නිසා ය.
ඒ නිසා බිත්තර මිළ දී ගන්නකොට,
*මතුපිට ජරාව ගෑවිලා නැති බිත්තර තෝරා ගැනීම.
*නොකැඩුණු, පලුදු නොවූ බිත්තර තෝරා ගැනීම ඉතා වැදගත්.
*පිරිසිදු බිත්තර එක ගොඩේ ගබඩා කරන්නේ නැතිව ඒ සඳහා විශේෂයෙන් සකස් කරල තිනෙ ඇසුරුම් වල ගබඩා කිරීම සහ ශිතකරණයක නිසි ලෙස ගබඩා කර තැබීමත් වටිනවා.
*අනික් කාරණය තමයි බිත්තර අමුවෙන් හෝ භාගෙට පිස ආහාරයට නොගැනීම. ඒකත් විශේෂයෙන් ප්රතිශක්තිය අඩු, ගර්භණී ,ළමයින්, වයෝවෘද්ධ උදවියට විශේෂයෙන් වැදගත් වෙන්න පුලුවන් කාරණාවක්.
*මේ කිවුව කරුණු කාරණා ටික පිළිපැද්දොත් සැල්⁣මොනෙල්ලා විෂවීම් වලින් ආරක්ෂාව සලසා ගන්න පුලුවන් වේවි.

ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්ෂක .

එසේ තිබූ ඒ බොළඳ කලබලය තව දුරටත් නැති බව දවසක ඔබට වැටහෙනු ඇත. බෙරිහන් දීම් කෑ ගැසීම් ඝෝෂාකාරී හඬ වෙනුවට නිශ්ශබ්දතාවයක් පව...
01/06/2025

එසේ තිබූ ඒ බොළඳ කලබලය තව දුරටත් නැති බව දවසක ඔබට වැටහෙනු ඇත. බෙරිහන් දීම් කෑ ගැසීම් ඝෝෂාකාරී හඬ වෙනුවට නිශ්ශබ්දතාවයක් පවතිනු ඇත.

ප්ලාස්ටික් ටබ්, බේසම් තව දුරටත් සෙල්ලම් බඩු වලින් පිරුණු ඒවා නොවන බවත්, ඔවුන් ඉස්සර සෙල්ලං කළ එම සබන් පෙන බෝල සින්ක් එකට දමා නැති බවත්, සෝෆා මත බෝනික්කන් නැති බවත්, ගේ වටේ සාලය පුරා සෙල්ලම් බඩු නැති බවත්, හදිසියේම ඔබට වැටහෙනවා ඇත. ..

ගේ මැදින්, පුටු මතින්, කොරිඩෝව හරහා නොනවතින ධාවන පථයක් නොමැති බවත්, නින්දට බාධා කිරීමට ඇඳේ කිරි සිනහවක් හෝ හැඬුමක් නැති බවත් ඔබට දවසක වැටහෙනු ඇත. කියවන්නට කතන්දර නැත, සිහින හුස්ම ගන්නා ආත්මයක් නැත ...

කුස්සියේ පෑන්ට්‍රිය මතකයන්ගෙන් පිරී ඇති බවත් කෑම වර්ග මේසයේ ඉතිරිව ඇති බවත් දවසක ඔබට වැටහෙනු ඇත. දැන් සෑම දෙයක්ම පිළිවෙලට ඇත...... සාලයේ බිම පොත් පිරුණු බැක්පැක් නැත, අපිරිසිදු පැන්සල් නැත, රෙදි කූඩයේ ගලවා දැමූ කිලිටි ඇඳුම් නැත..

තවද ඔබ හාන්සි පුටුවේ වාඩි වී සිටින විට එයට බාධා කරන අහිංසක හඬවල් ද නැත...අවසන විසීමට සිදුවන්නේ අනාථයෙක් විලස වන්නටද පුළුවන..ඔබ පෙරලන සෑම පිටුවක්ම හොඳින් කියවන්න, මන්ද එය කිසිදා ආපසු නොඑනු ඇත.

ඒක තමයි ජීවිතේ හැටි

උපුටා ගැනීමකි

😅😅😅
28/04/2025

😅😅😅

24/04/2025

As a key preanalytical factor, phlebotomy done right ultimately means better patient care. https://ow.ly/jE1o50SeAXq

චන්ඩි එහෙම ඉන්නවත😄
25/04/2024

චන්ඩි එහෙම ඉන්නවත😄

Address

Hospital Road
Rambukkana

Opening Hours

Monday 09:00 - 17:00
18:30 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94764111708

Website

Alerts

Be the first to know and let us send you an email when Deegayu Laboratory Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category