27/02/2022
💠මුරුංගා කොල
✒️ වසර 4000ට පෙර සිට මුරුංගා ආහාරයක් වගේම ඖෂධ වශයෙන් යොදාගෙන ඇත. කිසිම රසායන පොහොරක් නොමැතිව ස්වභාවිකව වැඩෙන මුරුංගා ශාකයේ කොල සෞඛ්‍යයට වාසි ගෙනෙන බහුකාර්ය ආහාරයකි.
🔹රුධිර පීඩනය අඩු කිරීමට,
🔹රුධිරයේ සීනි මට්ටම පාලනයට, 🔹කොලෙස්ටරෝල් වලට,
🔹අස්ථි ශක්තිමත් කර ඔස්ටියෝපොරෝසිස් රෝග තත්ත්වයන්ද වලකාලීමට,
🔹ආහාර දිරවීමට,
🔹ඇස් පෙනීම වර්ධනයට,
🔹ප්‍රතිශක්තිකරණයට,
🔹සමේ රෝග වලට හිසකෙස් වලට
🔹ගැබිණි මව්වරුන්ට හා දරුවන්ට අවශ්‍ය පෝෂණය ලබා දීමට,
🔹හෘද රෝගවලට වගේම පිළිකා සෛල නාශකයක් ලෙසත් මෙය ගුණදායකයි
🔹දරුවන්ගේ පනු අමාරුවට
✒️මන්දපෝෂණය ඇති ප්‍රදේශවල එය මර්ධනයට ව්‍යාපෘතියක් ලෙස මුරුංගා වගාකර ප්‍රචලිත කිරීම සිදු කරමින් ඇත.
🟢මුරුංගා කොළ ආහාරයෙන් නිර්මාංශ ආහාර රටාවකට යොමුවී ඇති අයගේ ප්‍රෝටීන අවශ්‍යතාවයද සපුරා ගැනීමට හැක.
🔸අද වන විට වියළා කුඩුකර ගත් මුරුංගා කොල ලොව පුරා ජනප්‍රිය පෝෂ්‍ය අතිරේකයකි.
🔹මෙහි මැග්නීසියම්
🔹පොටෑසියම්,
🔹ප්‍රෝටීන්,
🔹යකඩ,
🔹විටමින්C,
🔹විටමින් B1,
🔹විටමින් B2,
🔹විටමින් B3,
🔹විටමින් B5,
🔹විටමින් B6 අඩංගුය.
🔶මුරුංගා කොල 100g ක 57.7 mg විටමින් C අඩංගුය. එම ප්‍රමාණය මිනිස් ශරීරයේ දෛනික විටමින් සී අවශ්‍යතාවයන් 70% පමණ වේ.
🔹තවද දොඩන් ගෙඩියක මෙන් 7 ගුණයක Vitamin Cද
🔹කිරි වීදුරුවක මෙන් 4 ගුණයක කැල්සියම් හා ප්‍රෝටීන්
🔹ආමන්ඩ් ඇටවල මෙන් 3 ගුණයක් යකඩ
🔹නිවිති වල මෙන් 3ගුණයක් විටමින් E
🔹ඉදුණු කෙසෙල් ගෙඩියක මෙන් 3 ගුණයක් පොටෑසියම්
🔹කැරට් වල මෙන් 4 ගුණයක් විටමින් A ද අඩංගු ය.
🔶මුරුංගා කොල මැල්ලුමක් ලෙස සකස්කරන ආකාරය.
🔸අවශ්‍ය ද්‍රව්‍ය.
🔹මුරුංගා කොල කෝප්ප 1 ක් පමන
🔹ගා ගත් පොල් කෝප්ප 1/4 පමන
🔹රතු ළූනු ගෙඩි 3ක්
🔹මිරිස් කරල් 2/3 ක් පමන
🔹කහ තේ හැදි 1/4
🔹ලුනු රස අනුව
🔹කරපිංචා
🔸සාදන ආකාරය
◾සෝදාගත් මුරුංගා කොල මිටියක් ලෙස ගෙන පලා ලියනවා සේ ලියාගන්න
◾ඉහත මුරුංගා කොල හැර අනෙකුත් සියල්ල ගා ගත් පොල් සමග හොදින් අබරා ගන්න.( බ්ලෙන්ඩර් , වංගෙඩියේ හෝ ගලේ)
◾එම මිශ්‍රණය ලියාගත් මුරුංගා සමග මිශ්‍ර කොට මැටි බාජනයක් ලිප තියා එයට තෙල් ටිකක් දා (ගිතෙල් හෝ තලතෙල් වඩාත් සුදුසුයි)අර මිශ්‍රණය දමා ගින්දර අඩුකර හැදි මිටෙන් කවලම් කර ගන්න. වතුර හිදී ගොස් තෙල් මතුවන තෙක් හැදි ගාමින් පිස ගෙන මිශ්‍රණය වියලි ස්වරූපයක් ( කුඩු කුඩු හැලෙනවා වගේ) වූ විට ලිපෙන් බා ටික වේලාවක් හැදි ගා රස විදින්න.
✨️මිතුරන් දැනුවත් වීම සදහා share කරන්න.
🔆 අපගේ page යට like කරන්න⬇️
https://www.facebook.com/nawyajeewa0613/
🔆 පහත link එකෙන් අපගේ Group එකට එකතු වන්න.⬇️
https://www.facebook.com/groups/295147374858876/?ref=share_group_link
#නව්යාජීව
#ආයුර්වේද
#අපේ_සිංහල_වෙදකම #සිංහල_වෙදකම #මුරුංගා #මුරුංගා_කොල #මැල්ලුම
_tree
*** තෙරුවන් සරණයි ***