12/06/2023
රත්නපුර ශික්ෂණ රෝහලේ Digital Health කළමණාකාර රැස්වීම 2023 , අධ්‍යක්ෂ (සෞඛ්‍ය තොරතුරු) විශේඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතාගේ ප්‍රධාන්වත්වයෙන් 2023.06.09 දින රෝහලේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ පවත්වනලදී. රත්නපුර ශික්ෂණ රෝහල මගින් පවත්වාගෙන යනු ලබන eHealth සේවා , HHIMS මෘදුකාංග සේවා වල ප්‍රගතිය හා ගුණාත්මකභාවය පවත්වාගෙන යාමේ ගැටළු පිලිබඳ, එතුමා හා විශේඥ කණ්ඩායම අදාළ එකක වෙත පැමිණ විශේෂ ඍජුවම අවධානය යොමු කරන ලද අතර එම එකක වල නිලධාරීන් සඳහා අදාල උපදෙස් ලබාදෙන ලදී .
සෞඛ්‍ය අමාත්‍යංශය හි සෞඛ්‍ය තොරතුරු ඒකකය නියෝජනය කරමින් විශේඥ වෛද්‍ය බුද්ධික ආරියරත්න මහතා (Consultant – Health Informatics) , වෛද්‍ය ශානිකා කුමාරසිරි ද සිල්වා මහත්මිය (MO – Health Informatics) , කේ.එල්එ.ස් දිනේෂ් මහතා – (ICT Officer) , රත්නපුර ශික්ෂණ රෝහල් නිල රෝහල් පරිපාලන මෘදුකාංග සැපයුම්කරු වන ICTA ආයතනය හා තොරතුරු තාක්ෂණ ජලගතකරණ සැපයුම්කරු වන Arrogance Technologies පුද්ගලික සමාගමහි නියෝජිතයන් රත්නපුර ශික්ෂණ රෝහල විවිධ අංශ නියෝජනය කරමින් නිලධාරීන් රැසක් ද සම්බන්ධ සහභාගී විය.
මෙම සාකච්චාව දී රත්නපුර ශික්ෂණ රෝහල මගින් පවත්වාගෙන යනු ලබන eHealth සේවා හා HHIMS මෘදුකාංග ආශ්‍රිත සේවා පුළුල් කිරීම් , eHealth සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම , රෝගී සත්කාර සේවා ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම , නඩත්තු හා සේවා ගිවිසුම් ගතවීම, තොරතුරු තාක්ෂණ උපකරණ , ප්‍රතිපාදන , මුදල් , පුනරාවර්තන වියදම් ලබාගැනීම් පිලිබඳ විශේෂ යෝජනා හා තීරණ රැසක් ගන්නා ලදී.
රත්නපුර ශික්ෂණ රෝහලේ eHealth සේවා පවත්වාගෙන යාම සඳහා කැපවීමෙන් දායක වූ එකක හා ආයතන සඳහා සෞඛ්‍ය තොරතුරු අධ්‍යක්ෂතුමා අතින් අගය කිරීමේ සහතික පත්‍ර ප්‍රධානය ද මෙහිදී සිදුවිය.
වැඩි විස්තර : http://thratnapura.health.gov.lk/digital-health-management-meeting-2023/