Serunuwara Kusalawansha Thero

Serunuwara Kusalawansha Thero ගිනි ගෙන දැවෙන සිත් සතනට අමා දම් බිඳක්...

උපන් ගමේ අහිංසක මිනිසුනට බුදු දම් සඟ ගුණ එකතු කොට ජීවිත යතාර්ථය කුමක් ද යන්න පහදා දෙමින් නිවන් මගට සිත් නැඹුරු කළ උතුම් ...
15/08/2025

උපන් ගමේ අහිංසක මිනිසුනට බුදු දම් සඟ ගුණ එකතු කොට ජීවිත යතාර්ථය කුමක් ද යන්න පහදා දෙමින් නිවන් මගට සිත් නැඹුරු කළ උතුම් ධර්ම දේශනය.... ❤️🙏

සසර පුරා එන අතරමග පූර්ව පිනට ලත් මිනිසත් බව වෙහෙස නිවා ගැන්මට නොව සසර කැටි කැරුමට ම ලද ජීවිතයකි.. කාලාන්තරයක පිපාසයක් මෙ...
27/04/2025

සසර පුරා එන අතරමග පූර්ව පිනට ලත් මිනිසත් බව වෙහෙස නිවා ගැන්මට නොව සසර කැටි කැරුමට ම ලද ජීවිතයකි.. කාලාන්තරයක පිපාසයක් මෙන් තිබූ භග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ලොවකගේ සිත් සතන් නිවීමට දේශිත ධර්මස්කන්ධය ම සංස්පර්ශය ලත් " වාම දන්ත ධාතූන් වහන්සේ" දැක්මට ඇති රුචිය අද දින පූර්ණ විය..

"යෝ ධම්මං පස්සති සෝ මං පස්සති" යන පාඨයේ අරුත ලොවක් දත් නුමුත් එක් ධර්ම මාත්‍රයක් අවබෝධ කොට ගැන්ම කෙතරම් වෙහෙසකර බවක්ද යන වග වෙහෙස ⁣වන උතුමෝම දන්නා කරුණකි.. උතුම් බුදු වදනට සාධාරණයක් ඉටු කෙරුමට වෙහෙස වන බුදු පුතුන් ද, සාධාරණයක් ඉටුකල බුදු පුතුන් ද දැක දලඳා වහන්සේ ද නෙතින් දැක වැඳ ගැන්මට ලැබුම ම මා සසර සසරක් පාසා කරන ලද පින්වන්ත භාග්‍යකි.. ඔබටත් එය අනුමෝදන් විය හැක..

දලඳා වහන්සේ දැක ගැන්මට තෙරක් දුර සිට පැමිණි සැදැහැතියන් අදිසි වැසි වලින් තෙමී තෙමී තවත් විටෙක ගිණියම් අව්වට වේලි වේලි නො ඉවසිලිව බලා සිටිති.. අප්‍රමාණ පින් ඔවුනට.. ඒ අතර පුහුදුන් පිරිස් ගැටුම් ඇති කර ගැන්මටම තම තමන් සිටින තැන නොව ආවේ කුමකටද කියාවත් අමතක වී වචන හරඹ කරති.. අනේ අපොයි කියා සිතුනා හැර අන් යමක් නොසිතුනේ මිනිසුන්ගේ දන්නා කම නොදන්නා කමට වඩා අවම බව දන්නා නිසාවෙනි..

⁣එය කුමක් වුවත් භාග්‍යවත් වූ බුදු රජාණන් වහන්සේගේ ධාතූ රත්‍රනයන් දැකීමම අසීමිත කුසලයකි.. සිත පහදවා ගත් අයෙකු හට ලැබෙන කුසලය ගැන කුමට කියනුද.. මෙලද අවස්ථාව මග හැරුණු පිනැති ඔබට ලබන අවස්ථාව ධර්මාවබෝධයත් සමගම දලඳා වහන්සේ දැක ගැන්මට ලැබේවායි මෙත් සිතින් පතමි..

මා දත් සියලු ධර්මය වගේම දැන ගැන්මට අවැසි ධර්මය ද මේ උතුම් වාම දන්ත ධාතූන් වහන්සේගේ සංස්පර්ශය ලත් බව සිහිවන සැම විට දැනෙන හැඟීම මුලු සර්වාංගය පුරා විහිද යන වග ඔබටත් පසක් වනු ඇතැයි සිතමි..

සංවේගයට කරුණ නම් මේ අවසන් දැක ගැන්ම විය හැකි බවය.. ස්ථීරසාර කිසිත් නැති ලොවක් තුල අසීමිත පැතුම් පතාගෙන ජීවත් නොවීම නිර්වාණ ධාතූව සාක්ශාත් කර ගැන්මට ලැබෙන මගකි.. තවත් අවුරැදු 2441ක් පමණ ගතවන තැන මේ තුන් ලොවෙහිම වැඩ සිටින සියලු ධාතූන් වහන්සේලාගේ පරිනිර්වාණය වනු ඇත.. එතැන් පටන් අබුද්ධෝත්පාද කාලය එලඹෙනු ඇත.. ඉක්මන් කර වෙර වඩා නිවන් සුව පසක් කර ගනිත්වා..

චිත්ත චෛතසික රූප නිබ්බාණ ධර්මයන් මොනවට එලිපෙහෙලි කල මගේ උතුම් බුදු උතුමන් වහන්සේට වඳිනෙමි පසඟ පිහිටුවා බැති සිතින්..

තෙරුවන් සරණයි.. !
Serunuwara Kusalawansha Thero Sri Dalada Maligawa

සතර දිගින් වඩින පූජනීය මහා සංඝරත්නය විෂයෙහි ඉදිවන කුටි සෙනසුන.. දැක බලා මෙත් සිතින් ඔබටත් පින් අනුමෝදන් විය හැක.. 🙏
30/01/2025

සතර දිගින් වඩින පූජනීය මහා සංඝරත්නය විෂයෙහි ඉදිවන කුටි සෙනසුන.. දැක බලා මෙත් සිතින් ඔබටත් පින් අනුමෝදන් විය හැක.. 🙏

23/01/2025

හිමිදිරි උදෑසනට කුටියෙන් පිටතට ආ සැනින් පේන නිහඬ නිසල සුන්දර වන පෙත මැදින් පෙනෙන එලිමහන.. 🙏
Shakyaputhra Meditation Center

12/01/2025
තනිකම දුකක් අනවබෝධය ඇති තෙක්..
24/12/2024

තනිකම දුකක් අනවබෝධය ඇති තෙක්..

මිනිසුන් ඇත්තටම හොඳයි.. නමුත් ඔවුනට ඔවුනගේ සීමා මායිම් ගැන ඇති අනවබෝධය හේතුකොටගෙන ඔවුනට දිගු කාලීන විඳවීමකට හේතු සැකසීම ...
21/12/2024

මිනිසුන් ඇත්තටම හොඳයි.. නමුත් ඔවුනට ඔවුනගේ සීමා මායිම් ගැන ඇති අනවබෝධය හේතුකොටගෙන ඔවුනට දිගු කාලීන විඳවීමකට හේතු සැකසීම සිදු වේ..

බහුතරයක් නොදැනීම නිසාම "මම දන්නවා, මට තේරෙනවා" කියා කී නමුත් ඒ ඔහුට ඔහුගේ සීමාව කෙතෙක්ද යන වග නොවැටහීම ප්‍රකාශ කරණ කතාවකි.. එය කොතෙක් භයානකද යන්න ඔබට නිදහස් මනසකින් ලොව දෙස බැලිය හැකි නම් කිසිඳු බාධාවක් නොමැතිවම එය බලා ගත හැකි වනු ඇත..

ඔබ ඔබේ සීමා ව දැනගෙන ජීවත් වෙන්න.. එය මග හැරෙන ක්ෂණයක් පාසා ඔබට ඔබ විසින් විඳවීමට මං පෙත කපා ගනු ඇත.. සිදු වු පසු "විඳවීම" පටන් ගෙන "විඳීම" අවසන් වනු ඇත..

Serunuwara Kusalawansha Thero…✍

වැරදි වැටහීමක නිවැරදි කතාව.. ලොව වෙසෙන බෞද්ධ යැයි කියාපාන බො⁣හෝමයක් සිතා සිටිනුයේ ඔවුන් කළ පින් සසරටම පමණටත් වඩා වැඩිය ක...
13/12/2024

වැරදි වැටහීමක නිවැරදි කතාව.. ලොව වෙසෙන බෞද්ධ යැයි කියාපාන බො⁣හෝමයක් සිතා සිටිනුයේ ඔවුන් කළ පින් සසරටම පමණටත් වඩා වැඩිය කියාය..

නමුත් උක්ත කතාව හාත් පස පිරික්සා බැලූ කල වැටහී යන නිවැරදි කතාව නම් ඔබ එක් ජීවිතයක් නොව එක් කපක් පුරාවට කරන පින් කඳ සතර මහා සමුදුරට වැටෙන දිය පිණි බිඳකටත් වඩා අවමය.. මන්ද සංසාර මහා සාගරය ඉමක් කොණක් නැති බැවිනි..

යම් විටෙක මේ ගෙවි ගෙවී යනුයේ පෙර කප් සිය දහසක පින් මහිමය විය හැක..

•බුද්ධෝත්පාද කාලය
•කල්‍යාණමිත්‍ර සේවනය
•සද්ධර්මශ්‍රවණය

මේ සියලු දෑ ඇති කල, ඔබ නැතිවීමට ගතවන කාලය "එක් ක්ෂණයකි"
කෙතරම් ඕන වුවත් නැතිවීමටම ලැබුණු ජීවිතයකි "මිනිසත් බව".

තුවාලයක් කසන විට දැනෙන සනීපය තරම් ළාමක සැපයක් වෙනුවෙන් මිනිසුන් නැහෙන තරමක්..
Serunuwara Kusalawansha Thero

සිතක වහල් කරුවන් සැමදා - සසර උරුම කරුවන්ය..
12/12/2024

සිතක වහල් කරුවන් සැමදා - සසර උරුම කරුවන්ය..

Address

Ratnapura

Telephone

+94776113627

Website

Alerts

Be the first to know and let us send you an email when Serunuwara Kusalawansha Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Serunuwara Kusalawansha Thero:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram