Najith Indika - නජිත් ඉන්දික

Najith Indika - නජිත් ඉන්දික Member of the Parliament
National People's power (NPP)
Sri lanka

23/04/2026

කොළඹ වරායේ බහාලුම් 323ක් මුදාහැරීම සම්බන්ධයෙන් පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ලැබෙන සාක්ෂි අනුව විපක්ෂය බලාපොරොත්තු වූ චෝදනා ඔප්පු කර ගැනීමට නොහැකි වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පවසයි. ඒ හේතුවෙන් එම කමිටුවේ විශ්වසනීයත්වයට හානි වන අයුරින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කටයුතු කරමින් සිටින බවයි ඔහු සඳහන් කරනුයේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ වරායේ බහාලුම් 323ක් මුදාහැරීම සම්බන්ධයෙන් පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් ගැටළු සහගත තත්වයක් පවතින බවට පළ වන වාර්තා ගැන අදහස් දක්වමින්.

අදාළ කමිටුව ඊයේ (22) රැස්වී ඇති අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, ඩී.වී. චානක සහ මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා, බිමල් රත්නායක අමාත්‍යවරයා ඇතුළු පිරිසකගෙන් ප්‍රශ්න කිරීමට එම කමිටුව හමුවට කැඳවීමක් සිදු කරන ලෙසට ඔවුන් කමිටු සභාපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවයි. විපක්ෂයේ අදාළ ඉල්ලීම කමිටුව විසින් ප්‍රතික්ෂේප කළ බව ඔවුහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළහ.

එම තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කමිටු සාමාජික ආණ්ඩු, පක්ෂයේ නියෝජිත, පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා සඳහන් කළේ අවසන් වාර්තාවක් පැමිණෙන තෙක් කමිටුවේ කරුණු මාධ්‍ය වෙත ප්‍රකාශ නොකිරීමට කමිටුවේ සියලු සාමාජිකයන් ආරම්භයේ සිටම එකඟ වූ බවයි.

කමිටුව ඊයේ දිනයේ දී රැස් වූයේ 07වන වතාවට වන අතර, මීට පෙර කිසිදු අයුරකින් මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිදු නොකළ විපක්ෂයේ සාමාජිකයන් මේ මොහොතේ පමණක් එකඟ වූ පොරොන්දු කඩකරමින් මාධ්‍ය භාවිතා කරමින් සිදු කරන්නේ කමිටුවේ විශ්වසනීයත්වයට හානි කිරීමක් බවයි නජිත් ඉන්දික මන්ත්‍රීවරයා පැවසුවේ.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ අදාළ තේරීම් කාරක සභාවට මෙතෙක් ලබා දී ඇති සාක්ෂි සහ හෙළිදරව් වී ඇති තොරතුරු අනුව විපක්ෂය විසින් බලාපොරොත්තු වන උපකල්පනය සත්‍ය නොවන බවට හෙළිදරව් වෙමින් පවතින නිසා එම කාරක සභාවේ විශ්වසනීයත්වයට හානි කිරීමට විපක්ෂය උත්සාහ කරන බවයි.

“මේ කමිටු අවසානයේ ඔවුන්ගේ අතින් එන වාර්තාව ඔවුන්ට අවශ්‍ය එක නෙමෙයි කියන එක දැන් පේනවා. අන්න ඒ නිසා ඔවුන්ට ඕන මේ කමිටුවේ විශ්වසනීයත්වයට හානි කරන්න. මේ කමිටුව පිළිබඳව විශ්වසනීයත්වයක් නැහැ කියලා පෙන්නන්න දැන් තියාම ඔවුන් ලෑස්ති වෙනවා කියන එක තමයි අජිත් පෙරේරා මන්ත්‍රීවරයාගේ හැසිරීමෙන් පේන්නේ.

මේක බරපතළ තත්වයක්. එතකොට මෙයට විරුද්ධව අපි ගත හැකි පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම ඉදිරි කාලයේදී ගන්නවා” යි නජිත් ඉන්දික මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එසේම මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක, වරාය අමාත්‍ය බිමල් රත්නායක සහ අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිස සාක්ෂි සඳහා කැඳවීමට කළ ඉල්ලීම කමිටු සභාපති හර්ෂණ නානායක්කාර මහතා විසින් බහුතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප කළ බවට මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සිදු කරන චෝදනාවට ද මන්ත්‍රී නජිත් ඉන්දික මහතා මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියා.

“ඊයේ ජනාධිපතිතුමයි බිමල් රත්නායක ඇමතිතුමයි තව ඇමතිතුමෙක් ගෙන්නන්න දුන්නේ නැහැ, අපි එකඟ වුණේ නැහැ කියලා කියන එක ඉතාම වැරදි කතාවක්.

මෙච්චර කාලයක් නොතිබිච්ච මේ සංයුතියේ ප්‍රශ්නයක් ගැන ඊයේ මතු කරන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි ඒ සංයුතිය හැදෙනේ හැටි දැනගෙනම යි. මෙයාලා දන්නවා ඡන්දය අරන් පාර්ලිමේන්තුවට එන විදිහට තමයි කමිටු නියෝජනය හැදෙන්නේ කියලා. එතකොට ඒ හින්දා තමයි සාමාජිකත්වය 8යි 4යි කියන එක හැදෙන්නේ. ඒක ඒ අය කොහොමත් දන්නවා.

ඇත්ත හේතුව ඕක නෙමෙයි වෙනත් එකක්. පළවෙනි කාරණය ජනාධිපතිතුමා ගැන. ඒ ගැන ඊයේ කමිටුවේ අපි පැයකට වැඩි කාලයක් සාකච්ඡා කළා.

ජනාධිපතිතුමා නෙමෙයි ඕනෑම කෙනෙක් මේ කමිටුවට කැඳවන්න අපි එකඟයි; කිසි විරුද්ධත්වයක් නැහැ. හැබැයි මේක විමර්ශන කමිටුවක් නිසා, මෙය පියවරෙන් පියවර ක්‍රමානුකූලව යන එකක් නිසා, අපි තව කෙනෙක් ගෙන්නන්න ඕනේ කලින් සාක්ෂි මත පදනම් වූ හේතුවක් මත යි. ඒ කියන්නේ කමිටුවට කැඳවීමේ අදාළත්වයක් තියෙන්න ඕනේ.

අපි සියලු දෙනා විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කරලා හිටියා ‘ජනාධිපතිතුමා නෙමෙයි ඕනෑම කෙනෙක් ගෙන්නන්න අපි එකඟයි, කිසි ප්‍රශ්නයක් නැහැ, ඒත් අදාළත්වය පෙන්වන්න’ කියලා.

මොකද කලින් නිලධාරීන් සාක්ෂි දීලා මේක ක්‍රමානුකූලව පරීක්ෂණයක් විදිහට කරගෙන යන එකක්. එහෙම ක්‍රමානුකූලව කරගෙන යද්දී ඒ පටිපාටිය නැති කරලා එකපාරට පැනලා ‘ජනාධිපති ඕනේ, අරයා ඕනේ, මෙයා ඕනේ’ කියලා කිව්වට එහෙම ගෙන්නන්න බැහැ. එතකොට ඒක තමයි කිව්වේ ඕනෑම වෙලාවක, අද නෙමෙයි ලබන සතියේ හරි කමක් නැහැ මෙහි අදාළත්වය පෙන්වන්න, එතකොට අපි ගෙන්නන්න එකඟ වෙන්නම් කියලා.

එහෙම නැතුව ජනාධිපතිලා ඇමතිලා ගෙන්නන්න බැහැ කියන එකක් අපි කිසිසේත්ම කියලා නැහැ. අපි එහෙම ස්ථාවරයකත් නැහැ. ඕනෑම කෙනෙක් මේකට ගෙන්නන්න පුළුවන්, අපි ඒකට සූදානම්. හැබැයි අදාළත්වය පෙන්වන්න ඕනේ.

එක් එක් කෙනාට තියෙන දේශපාලන උවමනාවට නිකම් මේ දේශපාලන සංදර්ශන දාන්න මිනිස්සුන්ව කමිටු වලට ගෙන්නන්න බැහැ. ජනාධිපති නෙමෙයි ඉතාම සාමාන්‍ය මනුස්සයෙක්වත් එහෙම කමිටු වලට ගෙන්නන්න බැහැ, අදාළත්වය පෙන්වන්න ඕනේ.

අපි පැයක් සාකච්ඡා කළත් ඒ මුළු පැය පුරාම ඒ අදාළත්වය පෙන්වන්න ඔවුන් අපොහොසත් වුණා. ඊට පස්සේ තමයි එළියට ගිහිල්ලා මේ මාධ්‍ය සංදර්ශනයක්, මාධ්‍ය සෙල්ලමක් කරන්නේ” යි නජිත් ඉන්දික මන්ත්‍රීවරයා පවසයි.

“මට තේරෙන දේ, මගේ පෞද්ගලික අදහස තමයි මේ කමිටුව පහුගිය වාර හතක් රැස්වෙලා තියෙනවා, ලබන සතියෙත් රැස්වෙනවා. එතකොට මේ කමිටුවේ මෙතෙක් දීපු සාක්ෂි සහ හෙළිදරව් වෙච්ච තොරතුරු අනුව විපක්ෂය විසින් බලාපොරොත්තු වෙන දේ, නැත්නම් ඔවුන් ගොඩනැගූ උපකල්පනය පැත්තට මේකේ මොකක්වත් වෙන්නේ නැහැ කියන එක දැන් හොඳට පේන්න පටන් අරන් තියෙනවා.

එතකොට මේ කමිටු අවසානයේ ඔවුන්ගේ අතින් එන වාර්තාව ඔවුන්ට අවශ්‍ය එක නෙමෙයි කියන එක දැන් පේනවා.

අන්න ඒ නිසා මේ කමිටුවේ විශ්වසනීයත්වයට හානි කරන්න, විශ්වසනීයත්වයක් නැහැ කියලා පෙන්නන්න දැන් තියාම ඔවුන් ලෑස්ති වෙනවා කියන එක තමයි අජිත් පෙරේරා මන්ත්‍රීවරයාගේ හැසිරීමෙන් පේන්නේ.

මම කිව්වා වගේම, තමන්ට අවශ්‍ය දේ වෙනුවෙන් මෙච්චර කල් සාධාරණ විදිහට විමර්ශනය ගියා, ඒකට උද්‍යෝගයෙන් හිටියා.

නමුත් අර තමන් හදපු කතාව, බොරු ප්‍රලාප, ඇත්ත කියලා මේ පරීක්ෂණයේ දී ඔප්පු වෙන්නේ නැහැ. එහෙම ඔප්පු නොවෙන බව තහවුරු වෙනකොට, ඔවුන් මේ කමිටුව එනම් පරීක්ෂණය කරන්න හදපු ආයතනය අපකීර්තියට පත් කරන්න වැඩ කරන්න පටන් අරන්,

මේ සම්බන්ධව අපි අනිවාර්යයෙන්ම ඉදිරියේ පාර්ලිමේන්තුවේ දී අදාළ කටයුතු සිදු කරනවා” යි නජිත් ඉන්දික මන්ත්‍රීවරයා පවසයි.

23/04/2026
“At yesterday’s meeting we did not oppose the summoning of any witness. This is an investigative committee, and it has b...
23/04/2026

“At yesterday’s meeting we did not oppose the summoning of any witness. This is an investigative committee, and it has been conducting a systematic probe into the matter. New witnesses cannot simply be added outside of the procedure we have followed thus far. There must be clear relevance for summoning a witness. We therefore asked the opposition to establish the relevance of calling the four individuals. We conveyed that we are prepared to consent to summoning them if the opposition can submit their relevance to the investigation in the coming days or weeks, but they failed to establish the relevance,” he said.

Indika acknowledged that a vote took place. “Ajith Perera’s claim that a request to summon four key witnesses was defeated in a vote is completely wrong,” he said, adding that political stunts would not be allowed to influence the process.

National People’s Power (NPP) MP Najith Indika says there was no reason to bring forth four witnesses requested by the opposition before the Parliamentary Special Committee investigating the release of 323 containers from the Colombo Port without mandatory physical inspection.

When inquired by Newswire, Indika revealed that the opposition could not provide valid reasons to summon the witnesses.

“At yesterday’s meeting we did not oppose the summoning of any witness. This is an investigative committee, and it has been conducting a systematic probe into the matter. New witnesses cannot simply be added outside of the procedure we have followed thus far. There must be clear relevance for summoning a witness. We therefore asked the opposition to establish the relevance of calling the four individuals. We conveyed that we are prepared to consent to summoning them if the opposition can submit their relevance to the investigation in the coming days or weeks, but they failed to establish the relevance,” he said.

Indika acknowledged that a vote took place. “Ajith Perera’s claim that a request to summon four key witnesses was defeated in a vote is completely wrong,” he said, adding that political stunts would not be allowed to influence the process.

MP Najith Indika further alleged that the opposition was attempting to undermine the credibility of the Parliament Select Committee.

His remarks come in response to earlier claims by Opposition MP Ajith P. Perera, who said a request to summon President and Finance Minister Anura Kumara Dissanayake, former Ports Minister Bimal Ratnayake, former Deputy Minister Janitha Ruwan Kodithuwakku, and the Secretary of the Ministry of Finance and Economic Development was rejected by government members in a majority vote.

Opposition members argued that their testimony was vital to clarify questions surrounding the decision to release the 323 containers without mandatory inspection. In a letter dated April 7, 2026, addressed to Committee Chairman Harshana Nanayakkara, they formally requested the summoning of these witnesses.

MP Ajith Perera claimed that, however, government members rejected the request in a majority vote. (Newswire)

23/04/2026

පලස්තීනයේ නිදහස වෙනුවෙන් සහය පතා සිදුකරන, Global Sumud Flotilla ව්‍යාපාරයට ශ්‍රී ලංකාවේ සමීරා මෙහ්බුබ්ඩීන් සහෝදරිය සහභාගීවීම අරභයා පසුගිය 20 වනදා පලස්තීන තානාපති කාර්‍යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී සිදුකළ අදහස් දැක්වීම

̇ne

සතියේ කැබිනට් තීරණ...22-04-2026
22/04/2026

සතියේ කැබිනට් තීරණ...
22-04-2026

ජාත්‍යන්තර සාම පාගමන දඹුල්ලෙන් ඇරඹෙයි
22/04/2026

ජාත්‍යන්තර සාම පාගමන දඹුල්ලෙන් ඇරඹෙයි

අදින් ඇරඹෙන ජාත්‍යන්තර සාම පා ගමන...
22/04/2026

අදින් ඇරඹෙන ජාත්‍යන්තර සාම පා ගමන...

Free palestine (නිදහස් පලස්තීනයක්) සංවිධානය විසින් පසුගිය  20 (සඳුදා) පැවැත්වුණු මාධ්‍ය හමුවකට සහභාගී වුණා. මෙම මාධ්‍ය ස...
22/04/2026

Free palestine (නිදහස් පලස්තීනයක්) සංවිධානය විසින් පසුගිය 20 (සඳුදා) පැවැත්වුණු මාධ්‍ය හමුවකට සහභාගී වුණා. මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුනේ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති කාර්‍යාලයේදීයි.

මෙහි අරමුණ වූයේ පලස්තීන අරගලයට සහයෝගය දක්වමින් සහ ගාසා තීරයේ ඇතිකර තිබෙන බිහිසුණු තත්වයට විරෝධය පෑමට ඉදිරියේදී පැවැත්වෙන Global Sumud Flotilla ව්‍යාපාරය හා එක්වන සමීරා මෙහ්බුබ්ඩීන් සහෝදරියට සහයෝගය සහ සහෝදරත්වය ප්‍රකාශ කිරීමයි.

නිදහස් පලස්තීනයක් වෙනුවෙන් වූ අරගලය උදෙසා මෙම Global Sumud Flotilla ව්‍යාපාරය පසුගිය වසරේ ඇරඹුණා. එහි පළමු උත්සාහය පසුගිය වසරේදී සිදුකෙරුණා. එමඟින් රටවල් ගණනාවක ස්වේච්ඡා ක්‍රියාකාරීන් ගොඩබිමින් මෙන්ම මුහුදෙන්ද මන්දපෝෂණයෙන් පෙළෙන ගාසා තීරයට අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ ඇතුළු දෑ රැගෙන යාමට නියමිතයි. මෙහිදී ඊශ්‍රායල හමුදාවන් විසින් යොදා තිබෙන නීතිවිරෝධී බැරිකේඩ හරහා මෙම ද්‍රව්‍ය රැගෙන යාම මෙම ක්‍රියාකාරීන්ගේ අපේක්ෂාවයි.

මෙවර මෙම අවධානම් සහගත සහ නිර්භීත ගමන, අරගලය සමඟ රටවල් 100 කට ආසන්න සංඛ්‍යාවක ක්‍රියාකාරීන් දහස් ගණනක් එක්වීමට නියමිතයි. මේ සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගී වන්නේ සමීරා මෙහ්බුබ්ඩීන් සහෝදරියයි.

මෙම අවස්ථාවට පලස්තීන අරගලයට සහය දක්වන දේශපාලන පක්ෂ නියෝජිතයන් මෙන්ම සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සහභාහී වුණා.

නිදහස් පලස්තීනයක් වෙනුවෙන් වූ අරගලයට ජයග්‍රහණය මෙන්ම, සමීරා මෙහ්බුබ්ඩීන් සොහොයුරියගේ ආරක්ෂිත නැවත පැමිණීමට ශක්තිය ධෛර්‍යය ප්‍රාර්ථනා කරමි.

🇵🇸 🇵🇸 🇵🇸

අද (21) රාත්‍රී 10.30 ට...
21/04/2026

අද (21) රාත්‍රී 10.30 ට...

ජනරජයට ජනබලයක්!
21/04/2026

ජනරජයට ජනබලයක්!

Address

Ruwanwella

Telephone

+94711010014

Website

https://www.youtube.com/@insightsnajith

Alerts

Be the first to know and let us send you an email when Najith Indika - නජිත් ඉන්දික posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Najith Indika - නජිත් ඉන්දික:

Share