City Pharmacy , Ruwanwella.

City Pharmacy , Ruwanwella. ඔබගේ සුවය අපගේ පැතුමයි

16/07/2025
දරුවා නිරෝගී කරන folic acid වල වටිනාකම ❤️ඉතින් මේ පණිවිඩය ඔබටයි. දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම ෆෝලික් ඇසිඩ...
14/07/2025

දරුවා නිරෝගී කරන folic acid වල වටිනාකම

❤️ඉතින් මේ පණිවිඩය ඔබටයි. දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම ෆෝලික් ඇසිඩ් පෙති 1mg දිනපතා රෑට ගන්න. අමතක වෙනවා නම් එලාම් එකක් හරි තියාගන්න.

❤️උපත් පාලනය කරන කෙනෙක් වේවා, දරුවන් හදන්නේ නෑ කියලා හිතන (ඩිපෝ ගන්න, Loop- T දාපු)කෙනෙක් වේවා ෆෝලික් ඇසිඩ් පෙති ගන්න. මොකද ඔයාට LRT වගේ ස්ථීර උපත් පාලනයක් කරලා නැත්තම් හදිසි ගැබ් ගැනීමක් වීමේ සම්භාවිතාවයක් තියෙනවා කොච්චර පරිස්සම් උනත්. එවැනි විටක ඔබ ෆෝලික් ඇසිඩ් අරන් නැත්තං දරුවට සංකූලතා ඇතිවීමේ ඉඩ වැඩියි.

❤️ෆෝලික් ඇසිඩ් අපිට කෑම වලිනුත් යම් ප්‍රමාණයකට ලැබෙනවා තමයි.. නමුත් බොහෝ දෙනා මේකෙ බරපතලකම නොදැන කියනවා අපි නම් ප්‍රෙග්නන්ට් උනාට පස්සේ තමයි ගත්තේ, බබාට මුකුත් නෑනෙ කියලා. ඉතින් ඇත්තටම කියන්න තියෙන්නේ ඒ බබාලා වාසනාවන්තයි. එහෙම අඩු පාඩුවක් නොවී ඉපදුනා. නමුත් ඔබ එහෙම කලා කියලා තව කාන්තාවක් ඒ තත්වයට පත් කරන්න එපා. ඒ අයව කල් ඇතුවම ෆෝලික් ඇසිඩ් ගන්නයි උනන්දු කරන්න ඕන. නිරෝගී දරුවෙක් සිටින, නිරෝගී දරුවෙක්ගෙ වටිනාකම දන්න ඔබේ යුතුකම එයයි. දරුවගේ අඟ පසග නිරෝගීව වැඩෙනවා වගේම දරුවාගේ මොළය වර්ධනයට මේක ගොඩක් වැදගත්. බුද්ධිමත් දරුවෙක් ලැබෙන්න නම් නිසි මොලය වර්ධනයක් තියෙන්න ඕන.

❤️ෆෝලේට් කියන්නේ කළල වර්ධනයට ඉතා අත්‍යාවශ්‍යම සාධකයක්. ඒ නිසයි ගර්භණී වීමට අපේක්ෂා කරන මාසෙට, මාස 3ක කාලයට පෙර ඉදල හරි ෆෝලික් ඇසිඩ් පෙති බොන්න කියන්නේ... දැන් වෛද්‍යවරු කියන විදියට වැඩිවිය පත් වූ ගැහැණු ළමයින්ට ෆෝලික් ඇසිඩ් ගන්න පුළුවන්, විවාහ වෙනකම් සිටිය යුතු නෑ. ඒ නිසා මේ චූටි බෙහෙත් පෙත්තේ වටිනාකම අවබෝධ කරගන්න.

❤️එසේම ෆෝලික් ඇසිඩ් ඌනතාවය නිසා ඇතිවන උපත් සංකූලතා ඇතිවන්නෙ කලල වර්ධනයේ සති 2ත් 4ත් අතර කාලයේ.
එතකොට ගැබ් අරන් මාසෙකට පස්සෙ ෆෝලික් ඇසිඩ් අරගන්නවට වඩා වැදගත් කලින් ඉදලා ගැනීමයි.

❤️එම නිසා ඔබ අවම වශයෙන් ගැබ් ගැනීමට මාස 3කට කලින් සිට ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම කල යුතුමයි.♥️

ෆෝලික් ඇසිඩ් ලබා නොගැනීම නිසා ඔබේ දරුවාගේ
💔කොඳු ඇට පෙල නිසි ආකාරයෙන් සකස් නොවීම (neural tube defect) හා
💔 මොලය වර්දනය නොවීම (Anencephaly) තත්වය ඇතිවෙන්න පුලුවන්.

❤️මේවා ගොඩක් විට සුව කල නොහැකි තත්වයන්.
ඒ වගේම තොල් පැලී මුහුනේ විකෘතිතා ඇතිවීමටත් පුලුවන්. පසු කාලීනව ශල්‍ය කර්ම මගින් යතා තත්වයට පත් කරන්න පුලුවන් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.

❤️තව ස්වභාවික ගබ්සාවීම (මිස්කැරියේජ්),අඩු බර උපත්,අඩු මාස උපත් වැලැක්වීමටත් ෆෝලික් ඇසිඩ් බොහෝ උපකාරී වෙනවා.

❤️එතකොට ෆෝලික් ඇසිඩ් සාමාන්‍ය දෛනික අවශ්‍යතාවය 400 mcg.(මයික්‍රෝ ග්‍රෑම්)
ගර්භනී කාලයේ පලමු මාස තුනේ 400mcg ඉන් පසු 600mcg ලබා ගන්න අවශ්‍යය.
කිරි දෙන මව් වරුන්ගේ දෛනික අවශ්‍යතාවය 500 mcg. ලංකාවේ ෆාමසි වල මේකට හරියන්න 1mg පෙති (දවසට 1යි)සුළු මුදලකට ලබා ගන්න පුළුවන්.

❤️විශේෂිතම කාරණය පිලිසිද ගැනීමට මාස තුනකට පෙර සිට හා මුලු ගර්භනී කාලය තුලමත්,ඒ වගේම ප්‍රසූතියෙන් පසු මාස හයක් දක්වාත් ඔබගේ දෛනික ෆෝලික් ඇසිඩ් අවශ්‍යතාවය රජයෙන් නොමිලේ සපයනව. මේ සඳහා කරන්න තියෙන්නෙ ඔබ ඔබගේ ගමේ/නගරයේ ප්‍රජා වෛද්‍ය සායනය , පවුල් සෞඛ්‍ය නිලධාරී මහත්මිය වෙත යොමු වීම පමණයි.

❤️එමනිසා නිසි පරිදි ෆෝලික් ඇසිඩ් ලබාගෙන ඔබත් ඔබේ කිරිකැටි දරුවාත් සුවෙන් සතුටින් සිටින්න.
❤️කරුණාකර දැනුම සදහා මෙය හැකි තරම් බෙදාගන්න.
❤️ෆේස්බුක් නැති මිතුරු මිතුරියන් පවා දැනුවත් කරන්න. ඔබට එයම පිනක් වේවි!!!
ශෙයා කරලා මේ දැනුම් බෙදාගන්න.
❤️තවත් තොරතුරු දැනගන්න අපේ පේජ් එක ලයික් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා 💐💐💐

අක්මාවේ මේද තැන්පත්වීමේ රෝගීන් කටෙවත් තියන්න හොද නැති ආහාර 7 ක්...අක්මාවේ මේද පැවතීම සාමාන්‍ය තත්වයකි.නමුත් 5%-10%  ප්‍ර...
07/07/2025

අක්මාවේ මේද තැන්පත්වීමේ රෝගීන් කටෙවත් තියන්න හොද නැති ආහාර 7 ක්...

අක්මාවේ මේද පැවතීම සාමාන්‍ය තත්වයකි.නමුත් 5%-10% ප්‍රමාණයකට වඩා මේද පැවතීම ෆැටි ලිවර් රෝගය ලෙස හඳුනාගනියි. මත්පැන් පානය, දුර්වල ආහාර පාන රටාව,ස්ථුලතාව,ව්‍යායාම නොමැතිකම හෝ අධි රුධිර පීඩනය වැනි සාධක නිසා අක්මාව තුළ මේද තැන්පත්වීම ඉහළ යා හැකියි.පුරුද්දක් ලෙස මේද බහුල ආහාර පරිභෝජනය කිරීම හා සිරුරට ජීර්ණය කළ හැකි ප්‍රමාණයට වඩා අධිකව ඒවා පරිභෝජනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස අක්මාවේ මේද තැන්පත්වීම සිදුවේ.අක්මාවේ මේද ඒකරාශී වීම එය තවදුරටත් හානියට ලක්වීමේ අවදානම වැඩිකරයි (විශේෂයෙන්ම ප්‍රදාහයට හා කැලැල් පටක ඇතිවීමට).

නීරෝගි ආහාර පාන රටාවක් ඇතිකරගැනීම ෆැටි ලිවර් රෝගය ඇතිවීම වළක්වාගැනීමට මෙන්ම එම තත්වයෙන් අක්මාවට ඇතිවූ හානි ප්‍රකෘතිමත් වීමට සහය ලබාදෙයි.මෙම රෝගයෙන් පෙළෙන පුද්ගලයින් සඳහා හිතකර හා අහිතකර ආහාර පාන මොනවාද කියායි අද අපි කතා කරන්නට සූදානම

අක්මාව සුවපත් වීමට ගුණදායි ආහාර පාන:-

* සැමන්, සාඩින්,ටූනා වැනි මාලු වල ප්‍රෝටීන් හා ඔමේගා-3 මේද අම්ල බහුලයි.මෙම පෝෂක මඟින් අක්මා සෛල තුළ එකතුවී ඇති මේද කොටස් බිඳ දැමීමට හා ප්‍රදාහය අඩුකිරීමට සහය වෙයි.මස් වෙනුවට මාලු ආහාරයට එක්කරගැනීමෙන් සිරුරට අහිතකර මේද වර්ග ශරීරගත වීම පාලනය කරගත හැකියි.

* සුදුලූනු සුදුලූනු පරිභෝජනය කිරීම මඟින් අක්මාවේ ඇති වස විස අපද්‍රව්‍ය බැහැර කර දමන එන්සයිම නිෂ්පාදනය සිරුර තුළ වැඩිවන බව ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදෙයි. සුදුලූනු වල සල්ෆර් සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු නිසා අක්මාව පවිත්‍ර කර සුවපත් කරවයි.සුදුලූනු අමුවෙන් හෝ වෑංජන වලට එක්කර ආහාරයට ගන්න.

* කෝපි අක්මාවේ සෛල වලට හානිකළ හැකි එන්සයිම දුරුකළ හැකි ගුණාංග කෝපි වල අඩංගුයි.අක්මා රෝග අවදානමෙන් පෙළෙන පුද්ගලයින් තුළ අසාමාන්‍ය ලෙස අක්මාවේ එන්සයිම ස්‍රාවය වීම අවම කරවයි.අක්මාවේ කැලැල් ඇතිවිම බොහෝදුරට පලානය කරයි.දිනකට කෝප්ප 2-3කට වඩා දිනකට කෝපි පානය කිරීමෙන් වළකින්න.කෝපි වලට සීනි එක්නොකර පානය කරන්න.

* කොළ පැහැති එළවළු බෝංචි,නිවිති,සලාද,කොළ ගෝවා, බ්‍රොකොලි වැනි එළවළු වර්ග පෝෂණයෙන් අනූනයි.මෙවැනි එළවළු ආහාරයට ගැනීමෙන් අක්මාව තුළ මේද එකතුවීම බොහෝදුරට පාලනය වන බව ඇතැම් අධ්‍යයන පෙන්වාදෙයි.අකාබනික නයිට්‍රේට අඩංගු නිසා කොළ පැහැති එළවළු මඟින් අක්මාවේ මේද එකතුවීම අඩුකරවන බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

* ග්‍රීන් ටී බර අඩුකරගැනීමට උත්සහ කරන ගොඩක් දෙනාගේ තේරීමක් තමයි ග්‍රීන් ටී කියන්නේ. ග්‍රීන් ටී වල ප්‍රතිඔක්සිකාරක බහුලයි.එම නිසාම සිරුරට මේද උරාගැනීමට සහය වී අක්මාවේ මේද ගබඩාවීම වළකයි.ප්‍රතිඔක්සිකාරක අක්මාවේ ක්‍රියාකාරීත්වය නීරෝගි කරයි.

* අලිගැට පේර හිතකර මේද, සිරුරට අවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ වලින් බහුල ආහාරයක්. ඊට අමතරව අක්මාවේ පටල මතුපිට අහිතකර මේද වර්ග තැන්පත්වීම වළකන ශාක රසායනයන් ද මේවායේ බහුලයි.ඒවා මඟින් අක්මාව හානිවීම ද වළකයි.ග්ලූටතයෝන් අන්තර්ගතය ද ඉහළ නිසා අක්මාවේ හා ජීර්ණ පද්ධතියේ එන්සයිම නිෂ්පාදනය උත්තේජනය කරවයි.

අක්මාව ලෙඩ කරවිය හැකි මෙවැනි ආහාර පාන වලින් හැකිතාක් වළකින්න. ඔබ ෆැටි ලිවර් රෝගයෙන් පීඩා විඳින අයෙක් නම් මේ ගැන වැඩි සැළකිල්ලක් දක්වන්න.

* මත්පැන් අක්මාව ලෙඩකරවන ප්‍රධානතම හේතුවක් ලෙස මද්‍යසාර පාන වර්ග දැක්විය හැකියි.මත්පැන් පානය අඩුකිරීමට වඩා සම්පූර්ණයෙන්ම එය අත්හැරීම ඔබේ සිරුරට ඉතාම හිතකර වේවි.දින කිහිපයක් එක දිගට මත්පැන් පානය කිරීමෙන් පවා සැළකිය යුතු ලෙස අක්මාවේ මේද එකතුවීමට පටන්ගත හැකි බව අධ්‍යයන මඟින් සොයාගෙන තිබෙයි.මත්පැන් නිසා අක්මාවට සිදුවන හානි බොහෝවිට යථා තත්වයට පත්කළ නොහැකි තරමේ බරපතල තත්වයන් ඇතිකළ හැකි බව මතක තබාගත යුතුයි.

* මස් වර්ග සොසේජස්,බේකන්,මීට් බෝල්ස්,හර්ක් මස්, ඌරු මස්ම්,බැටළු මස් වැනි රතු මස් වර්ග සෞඛ්‍යයට එතරම්ම හිතකර නැහැ.සැකසූ මස් නිෂ්පාදන වල සංතෘප්ත මේද ඉතා බහුලයි.මෙවැනි ආහාර අධිකව ගැනීමෙන් ෆැටි ලිවර් රෝග අවදානම ද ඉහළ යයි.

* සීනි සීනි හා පැණි රස ආහාර පාන අධිකව ගැනීම බොහෝ සෞඛ්‍ය ගැටලු වලට හේතුවෙයි. දියවැඩියාව හා ස්ථුලතාව එවැනි බරපතල අවදානම් තත්වයන් වේ.කෙක්,බිස්කට්,රස කැවිලි,චොකලට්,සෝඩා වැනි සීනි අධික බීම වර්ග අධි රුධිර සීනි මට්ටම් වලට හේතුවෙයි.මෙහි ප්‍රතිඵලයක් ලෙස අක්මාවේ මේද ප්‍රමාණයන් ද ඉහළ යයි.එම නිසා ඔබේ දෛනික සීනි පරිභෝජනය හැකි උපරිමයෙන් සීමා කරන්න.

* බිත්තර බිත්තර වල ආහාරමය කොලෙස්ටරෝල් අධිකබව සඳන වෙයි.මේවා අධිකව පරිභෝජනය කිරීමෙන් සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම් වැඩිවීම හා අක්මාවේ මේද තැන්පත්වීම ඉහළ යා හැකි බව ඇතැම් අධ්‍යයන වල සඳහන් වෙයි.අක්මාවේ මේද මට්ටම් ඉහළ යාමට බලපාන SREBP සාධක වැඩිවීමට ද මේවා හේතුවන බව සඳහන්.

* ගැඹුරු තෙලේ බදින ලද තෙල් අධික ආහාර අල පෙති, බර්ගර්,පේස්ට්‍රි,පීසා ආදි ආහාර වල සිරුරට අහිතකර සංතෘප්ත මේද බහුලයි.සිරුරේ එම මේද මට්ටම් වැඩිවීම ෆැටි ලිවර් රෝග අවදානම් වැඩිකරවයි.එම මේද මට්ටම් ඉහළ යාමෙන් අක්මාවේ ක්‍රියාකාරීත්වය එසැණින් දුර්වල වීමට පටන්ගත හැකි බව ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදෙයි.

* පාන් පිටි පාන්, සුදු සහල්, පැස්ටා, බේකරි ආහාර වැනි පිරිපහදු කළ ධාන්‍ය පිටි වලින් සකසන ආහාර රුධිර සීනි මට්ටම් ඉහළ යාමට හේතුවිය හැකි බව පෙන්වාදෙයි.මින් අක්මාවට ඇතිකරන බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස ට්‍රයිග්ලිසරයිඩ වැනි ලිපිඩ මට්ටම් වැඩි වී ෆැටි ලිවර් රෝග ලක්ෂණ වර්ධනය විය හැකියි.පිරිපහදු කළ පිටි වලට වඩා සම්පූර්ණ ධාන්‍ය වලින් සකසාගත් පිටි වලින් ආහාර සකසන්න.

* අධික ලෙස පලතුරු ආහාරයට ගැනීම ෆෘක්ටෝස් වැනි සීනි බහුල පලතුරු වර්ග (වියළි මිදි ඇතුළු වියළි පලතුරු) අධිකව ආහාරයට ගැනීමෙන් සිරුරේ ප්‍රදාහය හා ෆැටි ලිවර් රෝග ලක්ෂණ වර්ධනය විය හැකියි.ඊට හේතුව මේවායේ අඩංගු ෆෘක්ටෝස් සීනි මට්ටම්ය.මේවා නිසා රුධිරය තුළ අසාමාන්‍ය මට්ටමින් මේද එකතුවිය හැකියි..

උපුටාගැනීමකි

එක පාරක් හාට් ඇටෑක් එකක් හැදුන කෙනෙක්ට ආයෙත් පාරක් හාට් ඇටෑක් එකක් එන්න පුලුවන්ද ? මීට පස්සේ මුලු ජීවිත කාලෙම ඒ ගැන හිත ...
06/07/2025

එක පාරක් හාට් ඇටෑක් එකක් හැදුන කෙනෙක්ට ආයෙත් පාරක් හාට් ඇටෑක් එකක් එන්න පුලුවන්ද ?

මීට පස්සේ මුලු ජීවිත කාලෙම ඒ ගැන හිත හිත බයෙන් ඉන්න වෙනවද ?

මේක ටක්කෙටම හොද කරගන්න විදියක් නැද්ද ?

ඔන්න ඉතින් අද මං උත්තර ගෙනාවේ මගේ ඉන්බොක්ස් එක පිරෙන්න එන මැසේජ් වලින් එක කොටසක් අහන ප්‍රස්න ටිකකට.

එක පාරක් හාට් ඇටෑක් එකක් ආව ලෙඩෙක්ට ඊලගට මොකද වෙන්නේ සහ ඊලගට මොනවද කරන්න පුලුවන් කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න.

ඔන්න අපි හිතමු X කියන කෙනාට හාට් ඇටෑක් එකක් ආවා කියලා.හොස්පිටල් එකේ නවත්තලා අදාල පරීක්ෂණ සහ ප්‍රතිකාර කරලා හොස්පිටල් එකෙන් ටිකට් කපලා ගෙදර යැව්වා.

ඊලගට....

සාමාන්‍යයෙන් පහසුකම් තියන හොස්පිටල් එකක නම් ගෙදර යවන්න කලින් එයාට Echo පරීක්ෂණයක් කරනවා.එහෙම පහසුකම් නැති හොස්පිටල් එකකින් නම් ලගම තියන echo පරීක්ෂණ කරන හොස්පිටල් එකකින් echo පරීක්ෂණයක් කරගන්න දිනයක් වෙලාවක් දෙනවා.සමහර විට ලිස්ට් එකක මාසයක් දෙකක් බලා ඉන්නත් වෙන අවස්ථා තියෙනවා.

කොහොම වුනත් හාට් ඇටෑක් එකක් ආවට පස්සේ echo පරීක්ෂණයක් කරගන්න තියෙනවා නම් එක ගොඩක් දුරට හොදයි.

Echo පරීක්ෂණයකින් කරන්නේ සරලව කියනවා නම් අපේ හාට් එක ස්කෑන් කරල බලන එක.බඩ එහෙම ස්කෑන් කරනවා වගේම සීන් එකක්.

හාට් ඇටෑක් එකෙන් පස්සේ එයාගේ හාට් එක
වැඩ කරන විදිය කොච්චරක්ද...
කොච්චරක් දුර්වල වෙලාද...
කියලා බලන එක තමයි මේකෙන් කරන්නේ.

ඊට පස්සේ මෙහෙම ලෙඩෙක්ට කරන්න පුලුවන් හොදම පරීක්ෂණය තමයි ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණය කියන්නේ.මේ පරීක්ෂණයෙදි කරන්නේ අපේ රුධිර නාල වලට මුලින්ම ඩයි එකක් විදිනවා.
ඒ ඩයි එක විදලා ටික වෙලාවකට පස්සේ අපේ හාට් එකේ පින්තූර වගයක් ගන්නවා.හරියට xray එකක වගේ.ඒ පින්තූර වල තියෙන්නේ අර විද්ද ඩයි එක අපේ හාට් එකේ රුධිර නාල වලින් යන ආකාරය තමයි.

ඔතනදි අපිට හොයාගන්න පුලුවන් හරියටම හාට් ඇටෑක් එක එන්න හේතු වුන බ්ලොක් එක කොහෙද තියෙන්නේ කියලා.ඒ වගේම රුධිර නාලයෙන් කොච්චරක් විතර බ්ලොක් වෙලාද කියලත් මේ ඇන්ජියෝග්‍රෑම් එකෙන් බලලා කියන්න පුලුවන්.
නහරෙන් 70% ක්ම බ්ලොක් වෙලා 90%ක්ම බ්ලොක් වෙලා කියන්නේ එහෙම.

ඔන්න ඔය ඇන්ජියෝග්‍රෑම් එක කරන වෙලාවෙම තව වැඩක් කරන්න පුලුවන්.ඒ තමයි ස්ටෙන්ට් / stent දානවා කියන එක.ඔතනදි කරන්නේ අර අපේ නහර බ්ලොක්ස් තියන තැන් වලට ඒක නැතිවෙන්න දැලක් වගේ පොඩි අයිටම් එකක් ස්ථානගත කරන එක.එතකොට ඒ බ්ලොක් එකෙන් වෙන අවහිරතාවය නැතිවෙලා යනවා වගේම රුධිර සැපයුමත් ආය ලැබෙනවා.
30-50%ක් විතර ආයෙත් හාට් ඇටෑක් එකක් එන චාන්ස් එකත් අඩුවෙනවා කියලා කියන්න පුලුවන්.

වැඩේ කියන්නේ ඉතින් ලංකාවේ මේ පහසුකම් තියන ආන්ඩුවේ රෝහල් තියෙන්නේ අතේ ඇගිලි ගානට.ප්‍රයිවට් හොස්පිටල් සෑහෙන ගානක මේ පහසුකම් තිබ්බත් ඒ ගණන් අපේ ගොඩක් මිනිස්සුන්ට දරන්න බෑ.

ඉතින් ගොඩක් අයට වෙන්නේ මේ දේවල් කරනකල් අවුරුදු ගණන් ලිස්ට් වල බලන් ඉන්න.එතකොට වෙන්න ඕන හරිය වෙලත් ඉවරයි.

ඔතනින් ඉවරවෙන්නේ නෑ..

තව වැඩක් කරන්න පුලුවන්.ඒ තමයි කවුරුත් දන්න බයිපාස් ඔපරේෂන් එක.සමහර රෝගීන් ඉන්නවා ස්ටෙන්ට් කරලා මේක ගොඩදාගන්න බැරි තරම් බ්ලොක්ස් තියන.මේ අයට අපි බයිපාස් කියන ඔපරේෂන් එක කරන්න ඕන.

ඕකෙදි කරන්නේ බ්ලොක් වුන රුධිර නාලය අයින් කරලා ඒ වෙනුවට අපේ අතේ හරි කකුලේ හරි තියන නහරයක් දාන එක.( මේවා මේ ඔයාලට තේරෙන්න ඕන නිසා පුලුවන් තරම් සරලව කියන්නේ )
එතකොටත් ස්ටෙන්ට් එකෙන් වගේම මේකෙනුත් බ්ලොක් එක ලෙෆ්ට්..

ඉතින් ආයෙත් හාට් ඇටෑක් එකක් එන එක ගොඩක් දුරට අඩුකරගන්න සහ ඒ රෝගීන්ගේ quality of life එක වැඩි කරගන්න මේ දේවල් කරලා පුලුවන් වෙනවා.

අවාසනාවට අපේ රටේ ගොඩක් අයට වෙන්නේ හාට් ඇටෑක් එකකින් පස්සේ මේ පරීක්ෂණ වලට දාපු ලිස්ට් දිහා බල බල මාසයක් ගානේ හොස්පිටල් වල නැවති නැවති ක්ලිනික් ගිහින් ගිහින් බෙහෙත් බිබී ඉන්න.
😔😔



05/07/2025

කාලා හමාරයි 🙂🙂

තියාගනින්...අනිත් ෆාමසියෙන් නම් දුන්නා...මේන් 😏🫴
05/07/2025

තියාගනින්...අනිත් ෆාමසියෙන් නම් දුන්නා...මේන් 😏🫴

විනාඩි දෙකක් ඕනිත් නෑ මහත්තයෝ 🥲
05/07/2025

විනාඩි දෙකක් ඕනිත් නෑ මහත්තයෝ 🥲

ඔන්න අද කියන්න යන්නේ දියවැඩියාව නිසා හම්බවෙන තවත් එක තෑග්ගක් ගැන..DIABETIC NEPHROPATHY ( ඩයබිටික් නෙෆ්‍රෝපති ) - දියවැඩි...
03/07/2025

ඔන්න අද කියන්න යන්නේ දියවැඩියාව නිසා හම්බවෙන තවත් එක තෑග්ගක් ගැන..

DIABETIC NEPHROPATHY ( ඩයබිටික් නෙෆ්‍රෝපති ) - දියවැඩියාව සමග එන වකුගඩු රෝගය

දියවැඩියාව කියන ලෙඩේ එක්ක සමහර අයට මුල් කාලෙදි ලොකුවට රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නෑනේ.අපේ ගොඩක් අය ලෙඩකට බෙහෙතක් ගන්න පෙළඹෙන්නේ දරාගන්න බැරි අමාරුවක් වේදනාවක් තිබ්බොත් විතරයි.එහෙම නැත්නම් අවුරුදු ගානක් වුනත් ඔහේ ඉන්නවා කට්ටි පැන පැන ගොඩ බෙහෙත් කර කර.

දියවැඩියාව කියන ලෙඩේ තියන කෙනෙක්ට කෙලවෙන්නෙම ඔන්න ඔතන.ඇගට එහෙමට ලොකු කේස් එකක් නෑ.මාසයක් දෙකක් බෙහෙත් අරන් නවත්තලා දානවා.

හැබැයි මේ ලෙඩේ භයානකකම තියෙන්නෙම ඔතන.දියවැඩියාව කියන්නේ එක ලෙඩක් නෙවෙයි.ලෙඩ පැකේජ් එකක් එක්ක එන ලෙඩක්.

ඔය ලෙඩ පැකේජ් එකේ එන එක ලෙඩක් තමයි මේ වකුගඩු රෝගය කියන්නේ.

වෙන්නේ මේකයි..

සාමාන්‍යයෙන් මේක දියවැඩියාව කියන රෝගය කෙනෙක්ට හදුනාගෙන අවුරුදු 10-15ක් විතර ගියාට පස්සේ තමයි වෙන්නේ.

දියවැඩියාව කියන්නේ අපේ රුධිරයේ තියෙන සිනී ප්‍රමාණය ඉහල යන එකටනේ.ඉතින් මෙහෙම කාලයක් තිස්සේ ඕන ගානට වඩා රුධිරයේ සිනී තියෙන්න තියෙන්න ඒක අපේ ගොඩක් අවයව වලට නරක විදියට බලපානවා.එයින් එකක් තමයි වකුගඩු කියන්නේ.

වකුගඩු කියන්නේ අපේ ඇගේ තියන රුධිරය ෆිල්ටර් කරන අවයවය.අපේ ඇගට ඕන දේවල් තියාගෙන ඕන නැති දේවල් ෆිල්ටර් කරලා අපේ ඇගෙන් මූත්‍රා විදියට අයින් කරලා දාන එක තමයි එයාගේ වැඩේ.
මේකට උදව් වෙන්නේ Nephron කියලා පොඩි අයිටම් එකක්.මේ nephron මිලියන් දෙකක් විතර එකතු වෙලා තමයි අපේ වකුගඩු වැඩ කරන්නේ.

ඉතින් දියවැඩියාව නිසා ටිකෙන් ටික කාලයත් එක්ක මෙන්න මේ වකුගඩු වලට ඩැමේජ් වෙනවා.එතකොට ඔය කිව්ව ෆිල්ටර් කරන වැඩේ හරියට කරගන්න බැරිවෙනවා.ඊට පස්සේ අපේ ඇගට ඕන ඒවයි ඕන නැති ඒවයි එපා ඒවයි ඔක්කොම ටික අපේ ඇගේ එකතුවෙන්න ගන්නවා.ඊට පස්සේ තමයි ඔන්න ලෙඩේ පටන් ගන්නේ.

සමාන්‍යයෙන් කාටහරි කෙනෙක්ට වකුගඩු අමාරුව තියෙනවා කියලා දැනගන්න ක්‍රම දෙකක් තියෙනවා..

1.වෙනත් රෝග සායන වලදි හෝ අහඹු ලෙස කරන මූත්‍රා හෝ රුධිර පරීක්ෂණ මගින් -
මොකද සාමාන්‍යයෙන් වකුගඩු රෝගීන් මුල් අවස්ථා වලදී රෝග ලක්ෂණ එන්නේ නෑ.ඉතින් ඒ නිසා දියවැඩියාව අධි රුධිර පීඩනය වගේ සායන වලදි මාස තුනෙන් තුනට serum creatinine / සීරම් ක්‍රියැටිනීන් කියන පරික්ෂාව කරනවා.ඒකෙන් අපට යම් අදහසක් ගන්න පුලුවන් කෙනෙකුගේ වකුගඩු වල ක්‍රියාකාරිත්වය ගැන

2.රෝග ලක්ෂණ නිසා පසුව කරන පරීක්ෂාවන් මගින් -
වකුගඩු රෝගයේදි එන රෝග ලක්ෂණ සමහරවිට ටිකක් සංකීර්ණයි.ඒ කියන්නේ විවිධ විදියට මේ රෝග ලක්ෂණ එන්න පුලුවන්..මෙන්න මේක අනිවාර්යයෙන් එනවා කියලා කියන්න අමාරුයි.මේ පහලින් කියන්නේ මූලික අවදියේදි එන්න පුලුවන් රෝග ලක්ෂණ ටිකක්...

✅කකුල් සහ මුහුණ ඉදිමීම
✅අධික මහන්සිය
✅කෑම අරුචිය
✅මූත්‍රා සමග පෙණ පිටවීම
✅සමෙහි ඇතිවන කැසීම්

ඊට අමතරව මේක අපේ ශරීරයේ තියන බහුතරයක් පද්ධති වලට සහ අවයව වලට බලපාන රෝගයක්..ඉතින් මේ නිසා වකුගඩු අමාරුව තියන අයට ගොඩක් රෝග ලක්ෂණ අමාරුකම් එන්න පුලුවන්.මේ පහලින් කියන රෝග ලක්ෂණ ගොඩක් එන්නේ වකුගඩු අමාරුවේ පසු අවදි වලදි...

✅නිතර එන ඔක්කාර ගතිය,වමනය කෑම අරුචිය
✅වකුගඩු අමාරුව නිසා ශරීරයේ රක්තහීනතාවය එන්න පුලුවන්.ඒ නිසා මහන්සිය කම්මැලිගතිය වගේ දේවල් දැනෙන්න පුලුවන්
✅හුස්ම ගැනීමට අපහසුවීම
✅සිහිමද ගතිය,අධික හිසරදය
✅සම වියලීම සහ කැසීම
✅නින්ද නොයාම
✅අස්ථි වල ඇතිවන දුර්වලතා ,කොන්ද කැක්කුම
✅මානසික ඒකාග්‍රතාවය නොමැති වීම
✅රුධිර පීඩනය වැඩිවීම

වගේ දේවල්......

මේ වගේ රෝග ලක්ෂණ ඇතිවුනාට පස්සේ වකුගඩු අමාරුව diagnosis / රෝග නිර්ණය කරගන්නේ කොහොමද ?

❎මුලින්ම රුධිර පරීක්ෂණ විදියට

S.Creatinine - වකුගඩු වල ක්‍රියාකාරිත්වය බලන්න මේ පරීක්ෂාවෙන් පුලුවන්
eGFR - මේ පරීක්ෂාවෙන් බලන්නේ වකුගඩු වල රුධිරය පෙරීමේ හැකියාව.වකුගඩු වල ක්‍රියාකාරිත්වය අඩුවෙන්න අඩුවෙන්න මේ අගය අඩුවෙනවා.වකුගඩු රෝගීන් වර්ගීකරණය කරන්නත් මේ අගය යොදාගන්නවා...

❎මූත්‍රා පරීක්ෂණ / UFR වලිනුත් මේ ගැන අදහසක් ගන්න පුලුවන් - මූත්‍රා වල ප්‍රෝටීන සහ sugar තිබීම මගින්

❎ස්කෑන් පරීක්ෂණ
උඩින් කිව්ව රුධිර පරීක්ෂණ සහ ultra sound scan එකක් යන දෙකම එකතුව විදියට අරන් තමයි හරියටම වකුගඩු රෝගය නිශ්චය කරගන්න පුලුවන් වෙන්නේ..

ඔය විදියට තමයි වකුගඩු රෝග වලට එන රෝග ලක්ෂණ එන්නේ සහ රෝගය නිශ්චය කරගන්නේ...

මෙහෙම වකුගඩු රෝගය ඇතිවෙලා කියලා දැනගත්තට පස්සේ ඒක රිවස් කරන්න ප්‍රතිකාර නෑ.කරන්න ඕන තව දුරටත් ඩැමේජ් වෙන එක අඩු කරන්න ප්‍රතිකාර කරන එකයි මේ නිසා එන සංකූලතා අඩුකරගන්න ප්‍රතිකාර කරන එකයි.ඒ ටික මම තව පෝස්ට් එකකින් ලියන්නම්.

පේනවනේ දියවැඩියාව එක්ක එන එක තෑග්ගක තරම..තව ඉවර නෑ.ලියන්න නම් බොහෝමයි.හිමීට ලියමු..

වකුගඩු අමාරු ගැන ඔයාලටත් මොනවාහරි අත්දැකීම් තියෙනවා නම් කමෙන්ට් තීරුවේ ලියාගෙන යන්න.කෙනෙක්ට ඒවා වැදගත් වෙයි.


ඇස්පිරින් Aspirin (ඇසිටයිල්සැලිසිලික් අම්ලය) යනු වේදනා නාශකයක්, උණ නාශකයක්,Anti inflammatory කාරකයක් සහ රුධිරය තුනී කරන ...
03/07/2025

ඇස්පිරින් Aspirin (ඇසිටයිල්සැලිසිලික් අම්ලය) යනු වේදනා නාශකයක්, උණ නාශකයක්,Anti inflammatory කාරකයක් සහ රුධිරය තුනී කරන blood thinner ද්‍රව්‍යක් ලෙස බහුලව භාවිතා වන ඖෂධයකි..

එහි ප්‍රධාන භාවිතයන්..✅
වේදනා සහනය
හිසරදය, දත් කැක්කුම සහ මාංශ පේශි වේදනාව සඳහා ඵලදායී වේ.

ප්‍රතිප්‍රදාහක (Anti inflammatory )..☘️
ආතරයිටිස් සහ සන්ධි වේදනාව වැනි තත්වයන් හා සම්බන්ධ වේදනාව සමනය කිරීමට උපකාරී වේ.

උණ අඩු කිරීම..antipyretic..🙋

හෘද වාහිනී ආරක්ෂාව..Antiplatelet..❤
අඩු මාත්‍රාවක් සහිත ඇස්පිරින් රුධිරය තුනී කිරීම මගින් හෘදයාබාධ සහ ආඝාත වැළැක්වීම සඳහා නියම කරනු ලැබේ..

ඇස්පිරින් ක්‍රියා කරන්නේ සයික්ලොඔක්සිජනේස් (COX) එන්සයිම අවහිර කිරීමෙනි, එමඟින් වේදනාව, දැවිල්ල සහ උණ ඇති කරන ප්‍රොස්ටැග්ලැන්ඩින් නිෂ්පාදනය අඩු කරයි. ඊට අමතරව, එය පට්ටිකා එකතු වීම වළක්වයි, එමඟින් රුධිර කැටි ගැසීම් වළක්වයි..

භාවිතය අනුව පොදු මාත්‍රා වෙනස් වේ..

හෘද රෝග වැළැක්වීම සඳහා සාමාන්‍ය මාත්‍රා දිනකට 75-150 mg අතර වේ.

වේදනාව හෝ උණ සඳහා, සෑම පැය 4-6 කට වරක් 300-600 mg මාත්‍රාවක් සාමාන්‍ය භාවිතය වේ..

ප්‍රයෝජනවත් වුවද, ඇස්පිරින් ආමාශ ආබාධ හෝ තුවාල සහ ලේ ගැලීමේ අවදානම වැඩි කිරීම (විශේෂයෙන් ආමාශයේ හෝ මොළයේ) වැනි අතුරු ආබාධ ඇති කළ හැකිය. අසාත්මිකතා දුර්ලභ වන නමුත්, (Reye's syndrome) බරපතල තත්ත්වයක් වන අතර, වෛරස් ආසාදන ඇති ළමුන් සඳහා ඇස්පිරින් භාවිතය සාමාන්‍යයෙන් නිර්දේශ නොකරයි...

ලේ ගැලීමේ ආබාධ, පෙප්ටික් තුවාල හෝ ඇස්පිරින් වලට අසාත්මිකතා ඇති පුද්ගලයන් ඇස්පිරින් ගැනීමෙන් වැළකිය යුතුය..

වෛද්‍යවරයෙකු විසින් විශේෂයෙන් උපදෙස් නොදෙන්නේ නම්, වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා ද එය සාමාන්‍යයෙන් නිර්දේශ නොකරයි.

සාරාංශයක් ලෙස, ඇස්පිරින් යනු වේදනාව, උණ, දැවිල්ල සහ හෘද රෝග වැළැක්වීම ඇතුළු විවිධ යෙදුම් සහිත ඉතා ප්‍රයෝජනවත් ඖෂධයකි. කෙසේ වෙතත්, ලේ ගැලීමේ අවදානම හේතුවෙන්, එය ප්‍රවේශමෙන් සහ වෛද්‍ය උපදෙස් පරිදි භාවිතා කළ යුතුය..ඔබට වාසනාවන්ත නීරෝගී දිවියක්..❤
උපුටා ගැනීමකි 👆

වසර_20ක් තිස්සෙ නව ප්‍රතිජීවකඖෂධ නිෂ්පාදනය කර නැහැ...ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය නිසා ලෝකයම මරණය අබියස..ප්‍රතිජීවක ඖෂධවලට ප්...
28/06/2025

වසර_20ක් තිස්සෙ නව ප්‍රතිජීවකඖෂධ නිෂ්පාදනය කර නැහැ...

ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය නිසා ලෝකයම මරණය අබියස..

ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිවිරෝධි වීම නිසා 2050දී මිලියන_50ක් මරුට
“මගේ කකුලෙ තුවාලයක් තියෙනවා. ඉකිලියේ කුද්දටියකුත් ඇවිත්. හරිම අමාරුයි. මට මොනවා හරි ඇන්ටිබයොටික් එකක් දෙන්නකෝ”

“මම කරල් ටිකක් දෙන්නම්. පැය අටකට සැරයක් ගන්නකෝ. බේත් ටික ඉවර වෙනකම් නොවරදවාම ගන්න. නවත්වන්න එපා.”

මෙම සංව‍ාදය මගේ දෙසවනත වැකුණේ සිනමා පටයක හෝ ටෙලි නාට්‍ය ජවනිකාවකින් නොවේ. මා ඖෂධ කීපයක් මිල දී ගැනීම සඳහා ඖෂධ අලෙවිසැලකට ගොස් සිටියදී ඊ‍ට ගොඩ වැදුණු කෙනෙකු සහ වෙළෙඳ සහායකයකු අතර ඇති වූ සංවාදයකි එය.

එය කන වැකුණු විගස මා තුළ ඇති වුයේ විමතියකි. ඒ කඩයකින් ලොසින්ජර් ඉල්ලන ආකාරයට ඇන්ටිබයොටික් හෙවත් ප්‍රතිජීවක ඖෂධ පහසුවෙන් මිල දී ගැනීම ය. අනෙක් පුදුමය නම්, වෙළෙඳ සහායක ද එකී ඖෂධ කිසිදු වෛද්‍ය නිර්දේශයකින් තොරව සරල කටයුත්තක් සේ සලකා අලෙවි කිරීමය. රෝගියා සහ වෙළෙඳ සහායක අතින් සිදු වන මෙම වරදින් අනිටු ඵල අත් විඳින්නට සිදු වන්නේ ඔවුන්ට පමණක් නොවේ. මුළු මහත් ලෝකයටම ය. එය තවත් විදිහකින් පවසන්නේ නම් 2050 වසර වන විට ප්‍රතිජීවක ඖෂධවලට එරෙහිව ඇති වන ප්‍රතිරෝධ ආසාදන හේතුවෙන් ලෝක ජනගහනයෙන් මිලියන 50 ක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු අඟවා ඇත.

මේ පිළිබඳව අනාවරණය කරනු ලැබුවේ ප්‍රතිජීවක ඖෂධ නිසි භාවිතය සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය සම්මන්ත්‍රණයක දීය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී මෙය පැවැත්වූයේ නොවැ: 12 සිට නොවැ: 18 ( අද දින) දක්වා ඇති ප්‍රතිජීවක ඖෂධ දැනුවත් කිරීමේ සතිය නිමිත්තෙනි.

ලෝකයට හඳුන්වා දුන් ප්‍රථම ප්‍රතිජීවක ඖෂධය වන්නේ පෙන්සිලින් ය. ඒ 1920 දශකයේදී පමණ ය. පෙන්සිලින් සොයා ගැනීමට පෙර ඇති වූ පළමු වැනි ලෝක යුද්ධයෙන් විශාල සංඛ්‍යාවක් මිය ගිය ද දෙවැනි ලෝක සංග්‍රාමයෙන් එතරම් විශාල ප්‍රමාණයක් මිය නොගියේ ඒ වන විට පෙන්සිලින් ප්‍රතිජීවක ඖෂධය සොයා ගෙන තිබු නිසා ය. ඉන් අනතුරුව ප්‍රතිජීවක ඖෂධ රාශියක් ලෝකයට හඳුන්වා දෙනු ලැබිණි. අතීතයේ මිනිසාගේ පරම ආයුෂ අවුරුදු 50 වී තිබුණ ද වර්තමානයේ එය අවුරුදු 80 දක්වා දීර්ඝ වුයේ ප්‍රතිජීවක ඖෂධ සොයා ගැනීමෙන් බොහෝ ලෙඩ රෝග සුවපත් කර ගැනීමට හැකි වූ නිසා ය.

ප්‍රතිජීවක ඖෂධ භාවිත කෙරෙන්නේ බැක්ටීරියා මඟින් වැළ‍ඳෙන රෝගවලට පමණි. වෛරස් මඟින් වැළ‍ඳෙන රෝග සඳහා ප්‍රතිජීවක ඖෂධ භාවිත නොකෙරේ. එහෙත් වර්තමානයේ කැස්ස, හෙම්බිරිස්සාවටත් ඉවක් බවක් නැතිව ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීම නිසා ප්‍රතිජීවක ඖෂධවලට එරෙහිව ප්‍රතිරෝධ බැක්ටීරියා ඇති වීමෙන් ප්‍රතිජීවක ඖෂධවලින් රෝග පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් හට ගනී. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ “බෙහෙත් අහන්නේ නැතිව යෑම” යනුවෙනි. මෙය අද ලෝකය පුරා බරපතළ ප්‍රශ්නයක් වී තිබේ.

“අද ප්‍රතිජීවක ඖෂධ අවභාවිතයක් සිදු වෙනවා. මෙය වැඩි වශයෙන් සිද්ධ වෙන්නේ දකුණු ආසියානු රටවල්වල. මේ ඖෂධ අවභාවිතයට රෝගීන්, ඖෂධ අලෙවි කරන ෆාමසි වගේම වෛද්‍යවරුනුන් වග කියන්න ඕනෑ. මොකද සමහර වෛද්‍යවරුන් වෛරස් ආසාදනවලටත් ප්‍රතිජීවක ඖෂධ දෙනවා. එවැනි ලෙඩ රෝගවලට ප්‍රතිජීවක ඖෂධ වැඩක් නැහැ. ඒ වගේම වෛද්‍ය නිර්දේශක් නැතිව ප්‍රතිජිවක ඖෂධ අලෙවි කිරීමට නොහැකි වුණත් අද ෆාමසිවලින් එය කරනවා. ඊළඟට රෝගියා කරන වැරදි කීපයක් තිබෙනවා. රෝගියා හිතුමතේට ප්‍රතිජීවක ඖෂධ ගැනීම වරදක්. ප්‍රතිජීවක ඖෂධ ලබා දිය යුත්තේ වෛද්‍යවරයා විසින්. සමහරු වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිජීවක ඖෂධ ඉල්ලා සිටිනවා. ඒ වගේම ප්‍රතිජීවක ඖෂධ නියමිත වේලාවට නියමිත මාත්‍රාවෙන් ලබා ගත යුතුයි. සමහරු ලෙඩේ සනීප වුණා කියලා බෙහෙත් නවත්වනවා. එය වැරදියි. ලෙඩේ සුව වුණත් නිර්දේශ කළ බෙහෙත් ප්‍රමාණය නියමිත විදිහට ගත යුතුයි. ඒ වගේම නියම කළ වෙලාවට ප්‍රතිජීවක ඖෂධ නියමිත ප්‍රමාණයෙන් ම ගන්න ඕනෑ. මෙවැනි හේතූන් නිසා ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය සිද්ධ වෙනවා. එයින් ප්‍රතිජීවක ඖෂධ ලෙඩ රෝගවලට ඔරොත්තු නොදෙන තත්වයක් ඇති වෙනවා. මෙය භයානක තත්වයක්.” යනුවෙන් දීර්ඝ වශයෙන් විස්තර කළේ ජයවර්ධනපුර රෝහලේ ක්ෂුද්‍රජීවි විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ජයතිලක ය.

මෙම භයානක තත්වය තවතවත් තීව්‍ර වන්නේ නව ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය ලෝකයේ ඖෂධ සමාගම් නවතා දමා ඇති බැවිනි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත බෙණරගම පවසන්නේ ලෝකයේ ඖෂධ නිෂ්පාදන සමාගම් වසර 20කින් වත් ලෝකයේ නව ප්‍රතිජීවක ඖෂධ නිපදවා නොමැති බව ය. ඊට හේතුව වසර 25ක් - 30ක් මුළුල්ලේ පර්යේෂණ සහ අත්හදා බැලීම් සිදු කරමින්, කෝටි ගණන් වියදම් කරමින් ඖෂධයක් නිපදවන විට ඊට ප්‍රතිරෝධී බැක්ටීරියා ඇති වීමෙන් ඖෂධය අපතේ යෑමෙන් විශාල නාස්තියක් සිදු වීමයි. අද වන විට ලෝකයේ ඖෂධ නිෂ්පාදන සමාගම් බැක්ටීරියා මඟින් ඇතිවන රෝගවලට එරෙහිව ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය කිරීම වෙනුවට බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව,පිළිකාව යනාදී රෝග) සඳහා ඖෂධ නිෂ්පාදනය කිරීමට පෙලඹී ඇත. එමනිසා ප්‍රතිජීවක ඖෂධ ප්‍රයෝජනයට ගත් කාලය අවසන් වෙමින් පවතින බව වෛද්‍ය කුෂ්ලානි ජයතිලක පැවසුවාය.

එහෙත් අපට ප්‍රතිජීවක ඖෂධ අත් හැර දැමිය නොහැකිය. ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියයන් බද්ධ කිරීම ඇතුළු ශල්‍යකර්ම සඳහා ප්‍රතිජීවක ඖෂධ අත්‍යවශ්‍ය සාධකයකි. නමුදු ප්‍රතිජීවක ඖෂධ හෙම්බිරිස්සාවක් වැනි සුළු ලෙඩකදීත් ගත් විට බරපතළ රෝගයකට ඔරොත්තු නොදෙන තත්වයක් ඇති වේ.

“ඕනෑම කෙනෙකුගේ බඩවැල්වල බැක්ටීරියා ඉන්නවා. එහි ශරීරයට හිතකර බැක්ටීරියා වගේම අහිතකර බැක්ටීරියා වර්ග තිබෙනවා. ඒ වගේම පිටතින් ශරීරය තුළට බැක්ටීරියා ඇතුළු වෙන්න පුළුවන්. අහිතකර බැක්ටීරියාවන්ගෙන් ආසාදන ඇති වුණාම ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනවා. හැබැයි ප්‍රතිජීවක ඖෂධ බාගෙට අරං නැවැත්තුවොත්, නියමිත වේලාවට නොගත්තොත්, හිතුමතේට ගත්තොත් බැක්ටීරියා මැරෙන්නේ නැතිව ප්‍රතිරෝධයක් හදා ගන්නවා. ඒ ප්‍රතිරෝධය තිබෙන බැක්ටීරියා මරන්න සාන්ද්‍රණය වැඩි ප්‍රතිජීවක ඖෂධ දෙන්න සිද්ධ වෙනවා. ඒ ඖෂධ අධික මිලකින් යුක්ත නිසා ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ වගේම රෝගය සුවපත් වෙන්න ගත වන කාලය වැඩියි. සමහර විට රෝහල්ගත වෙන්න සිද්ධ වෙනවා. එය රටකට සුදුසු දෙයක් නෙවෙයි. අද අ‍පේ රටේ ඖෂධවලට කරන වියදමෙන් 13%ක් වියදම් කරන්නේ ප්‍රතිජීවක ඖෂධවලට. අවසානයේදී ප්‍රතිජීවක ඖෂධවලින් රෝග පාලනය කිරීමට නොහැකි තත්වයක් උද්ගත වෙනවා.

එයින් සිද්ධ වෙන්නේ රෝගින් මිය යෑම. 2050 වර්ෂයේ ලෝක ජනගහනයෙන් මිලියන 10 කට ප්‍රතිජීවක ඖෂධවලට රෝග පාලනය කිරීමට නොහැකිව මිය යෑමට සිද්ධ වීම බේදවාචකයක්.” යනුවෙන් පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත බෙණරගම ය.

මේ අනුව ප්‍රතිජීවක ඖෂධවලට එරෙහිව හට ගැනෙන ප්‍රතිරෝධිතාව සුළු කොට තැකිය හැකි කාරණයක් නොවේ. එය සිද්ධ වෙන්නේ සාමාන්‍ය ජනතාවගේ නොදැනුවත්කම නිසා විය හැකි වුවත් වෛද්‍යවරුන් මේ පිළිබඳව නොදන්නවා නොවේ. ඔවුහු මේ සම්බන්ධයෙන් හොඳාකාරව ම දනිති. එහෙත් ඉතා සුළු රෝගයකට පවා ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන උගත් වෛද්‍යවරු අපේ රටේ සිටිති. ඇතැම් විට ඔවුන් විසින් එසේ සිදු කරනු ලබන්නේ ඔවුන්ගේ ජනප්‍රියත්වය සහ වෛද්‍යවරුන් අතර ඇති තරගය නිසා විය හැකිය. එහෙත් එවැනි පටු පරමාර්ථ මූලික කරගත් වෛද්‍යවරුන් නිසා අවදානමට ලක් වන්නේ සාමාන්‍ය ජනතාව නොවේද ? “වන්ෂොට්” වෛද්‍යවරුන්ගෙන් අප ප්‍රවේශම් විය යුත්තේ එබැවිනි. ඊට අමතරව වෛද්‍යවරුන්ගේ සුදුසුකම් පිළිබඳව ද සැලකිලිමත් විය යුත්තේ අද රට පුරා සුදුසුකම් නැති වෛද්‍යවරුන් පෞද්ගලික සේවයේ යෙදී සිටින නිසාය. “අපේ සමහර වෛද්‍යවරුන් අනවශ්‍ය විදිහට ප්‍රතිජීවක ඖෂධ දෙන බව අපට වාර්තා වී තිබෙනවා. ඒ අයගෙන් අපි ඇහුවා ඇයි ඒ විදියට කරන්නේ කියලා. ඒ වෛද්‍යවරුන් අපට දීපු උත්තරය වුණේ වෛරස් ආසාදනය සුව වූ පසුව බැක්ටීරියා ආසාදනයක් එන්න පුළුවන්. එය වැළැක්වීමටයි ප්‍රතිජීවක ඖෂධ දෙන්නේ කියලා. රෝගයක් වැළ‍ඳෙන්න පෙර ප්‍රතිජීවක ඖෂධ දීමෙන් ඵලක් නැහැ. බැක්ටීරියා මඟින් රෝගය හැදුණට පසුවයි ඒ බැක්ටීරියා මරන්න ප්‍රතිජීවක ඖෂධ දෙන්නේ. මෙහිදී වෛද්‍යවරුන් ලොකු වැරැද්දක් කරනවා. අනවශ්‍ය විදියට ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් සිද්ධ වෙන හානිය ඉහළයි. කොළඹ විශ්ව විද්‍යාලයේ ඖෂධ වේදය පිළිබඳ මහාචාර්ය ප්‍රියදර්ශනි ගලප්පත්ති විස්තර කළාය.

මෙම අවදානමට මුහුණ දී සිටින්නේ මිනිසුන් පමණක් නොවේ. හරකුන්, කුකුළන්, ඌරන්, ඉස්සන්, මත්ස්‍යයින් වැනි සත්ව ගොවිපළවල ඇති කරන සත්වයෝ පවා මෙම අවදානමට මුහුණ දී සිටිති. එනම් සතුන්ට රෝග වැළඳීමට පෙර ප්‍රතිජීවක ඖෂධ ලබා දීම සහ රෝග සුව වූ බව පෙන්වන විට ප්‍රතිජීවක ඖෂධ අතරමග නවතා දැමීමෙන් ප්‍රතිජීවක ඖෂධ කෙරෙහි ප්‍රතිරෝධි බැක්ටීරියා එම සතුන්ගේ ශරීර තුළ හට ගැනීම මෙන් ම සත්ව නිෂ්පාදන ධාරිතාව ඉහළ දැමීමට ප්‍රතිජීවක ඖෂධ භාවිත කරන අවස්ථා ඇත.

ඒවා සෑම රටකින්ම ඉවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උපදෙස් දී තිබේ. අද වන විට ගවයකුගේ කිලෝ එකක මිලිග්‍රෑම් 45ක්ද කුකුළකුගේ කිලෝ එකක මිල ග්‍රෑම් 148ක් ද ඌරකුගේ කිලෝ එකක මිලිග්‍රෑම් 172ක්ද වශයෙන් ප්‍රතිජීවක තැන්පත් වී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ.

“සතුන් තුළ තිබෙන ප්‍රති‍රෝධි බැක්ටීරියා සතුන්ගේ මලපහ මඟින් පරිසරයට එකතු වෙනවා. ඒවා ගස්වලට එකතු වෙනවා. ඒ වගේම ගස්වලට යොදන දලීර නාශක වලිනුත් ප්‍රතිරෝධි බැක්ටීරියා ඇති වෙනවා. පරිසරයට එකතු වන ප්‍රතිරෝධි ජලයට එකතු වෙන්න පුළුවන්. මේ නිසා ප්‍රතිජීවක ප්‍රතිරෝධ බැක්ටීරියා ව්‍යාප්තිය චක්‍රයක් ආකාරයට සිද්ධ වෙන බව දක්වන්න පුළුවන්. ඒ නිසා අපි ප්‍රතිජීවක ඖෂධ නිසි පිළිවෙළට භාවිත කිරීම ගැන මිනිසුන්ගෙන් විතරක් පටන් අරං හරියන්නේ නැහැ. එය ශාක, සත්ව, ජලය, අවට පරිසරය යන සෑම අංශයකින්ම ආරම්භ කළ යුතුයි.” යනුවෙන් පැවසුවේ පේරාදෙණියේ පශූ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය පාලිකා ප්‍රනාන්දුය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුලිකත්වයෙන් One Health C0ncept හඳුන්වා දී තිබෙන්නේ ඊට පිළියමක් වශයෙනි. මීට වෛද්‍යවරුන්, ජනතාව, පශූ වෛද්‍ය, කෘෂිකර්මය, මත්ස්‍ය, පරිසරය යන සෑම අංශයක්ම සම්බන්ධ කරගෙන ජාතික ක්‍රමෝපායන් සැලසුම් කර ඇත. එසේ නොමැතිව ප්‍රතිජීවක ඖෂධ කෙරෙහි ප්‍රතිරෝධයන් ඇති වීමෙන් මතු වන අර්බුදයට මුහුණ දිය නොහැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත බෙණරගමගේ අදහස ය.

හර්ෂා සුගතදාස
විශේෂාංග

ප.ලි:- යොදා ඇති චායාරූපයෙහි කිසිඳු ඇන්ටිබයෝටික් වර්ගයේ බෙහෙතක් නොමැති බව කරුණාවෙන් සලකන්න..


උපුටා ගැනිමක්

Address

Ruwanwella

Opening Hours

Monday 07:30 - 21:30
Tuesday 07:30 - 21:30
Wednesday 07:30 - 21:30
Thursday 07:30 - 21:30
Friday 07:30 - 21:30
Saturday 07:30 - 21:30
Sunday 07:30 - 21:30

Telephone

+94362267378

Alerts

Be the first to know and let us send you an email when City Pharmacy , Ruwanwella. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram