NutriDietetics

NutriDietetics Nutrition and good health

26/08/2025

🍏 Eat Smart, Live Strong! 🥗

Want to improve your health with a diet plan made just for you? 💪

Consult our Expert Dietitian for:

✅ Tailored diet plans to suit your lifestyle & health needs
✅ Science-backed nutritional guidance
✅ Support for weight management, diabetes care, heart health & more

🕒 Consultation Hours:
📅 Monday – Friday
⏰ 9 AM – 11 AM

📲 Book now at 👉https://totalhealth.lk/system/view2/channeling_booking.php?d=OQ==

💙 Your health journey starts here – Let’s make every bite count! 🥦

26/08/2025
Personalized diet plans
09/02/2025

Personalized diet plans

18/07/2023

රස ගුණ පිරි කොමඩු🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉
සැකසුම: රජයේ ලියාපදිංචි පෝෂණවේදි සහ ආහාරවේදිනි තිලෝකා සම්මානි හෙට්ටිආරච්චි මහත්මිය
🍉🍉🍉🍉
මේ දවස්වල ටිකක් විතර රස්නෙ ගතියක් පරිසරයේ තියෙනවා කියලා දැනුන නිසාත් නිතර නිතර තිබහ එන නිසාත් මට නිතරම ඕන වෙන මතක් වෙන පළතුරක් ගැන ඔයාලට කියන්න හිතුවා.කොමඩු🍉🍉 නම ඇහුන ගමන්ම මතක් වුනානෙද හොදට ඉදූණ රතුම රතු කොමඩු ගෙඩියක රූපයක්,ඇයි රස...... පැණි කොමඩු කියලත් කියනවා රස වැඩි නිසා, ඉතින් මේ රසම රස කොමඩු ගුණයිද?,ගුණයි කිව්වට හරියටම ඒ ගුණ ගැන දැනගමු එහෙනම්,
🍉කොමඩු(Citrullus lanatus)ජලය සහ පෝෂ්‍ය පදාර්ථ වලින් පිරී ඇත, ඉතා අඩු කැලරි ප්‍රමාණයක් අඩංගු වේ.එහි ප්‍රබල ශාක සංයෝග දෙකක් වන citrulline සහ Lycopene යන ඒවා අනිතර්ගත වේ.
🍉කොමඩු කෝප්පයක(152ග්‍රෑම්) කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 12 ක් අඩංගු වේ.
🍉කාබෝහයිඩ්රේට බොහෝ විට ග්ලූකෝස්, ෆෲක්ටෝස් සහ සුක්රෝස් වැනි සරල සීනි වේ. කොමඩු කුඩා තන්තු ප්‍රමාණයක් ද සපයයි.
කොමඩු වල විටමින් සී හොදින් ඇති අතර තවත් විටමින් සහ ඛනිජ ලවණ කිහිපයක හොඳ ප්‍රභවයකි.
🍉විටමින් C. මෙම ප්‍රතිඔක්සිකාරකය සමේ සෞඛ්‍යය සහ ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය වේ.
🍉පොටෑසියම්.
මෙම ඛනිජය රුධිර පීඩනය පාලනයට සහ හෘද සෞඛ්‍යයට වැදගත් වේ.
🍉විටමින් A
කොමඩු වල බීටා කැරොටින් අඩංගු වන අතර එය ඔබේ ශරීරයහි විටමින් A බවට පත් වේ.
මීට අමතරව විටමින් B5 සහ zinc ද අන්තර්ගත වේ.
🍉Citrulline
කොමඩු යනු citrulline ඇමයිනෝ අම්ලයේ පොහොසත්ම ආහාර ප්‍රභවයයි. වැඩිම ප්‍රමාණය ඇත්තේ මස් වටා ඇති සුදු කබොලෙහි ය.නමුත් මා දන්නා පරිදි බොහෝ දෙනා එම කොටස ආහාරයට නොගනි.මාංශමය කොටස සමග එම කොටසහි තරමක ප්‍රමාණයක් ආහාරයට ගත හැකිය.
ඔබේ ශරීරය තුළ, citrulline අත්යවශ්ය ඇමයිනෝ අම්ල arginine බවට පරිවර්තනය වේ.
🍉citrulline සහ arginine යන දෙකම නයිට්‍රික් ඔක්සයිඩ් සංශ්ලේෂණය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි, එය රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වේ.
පර්යේෂණ වලට අනුව කොමඩු citrulline වල හොද ප්‍රභවයක් වුවත් එමගින් Arginine සෑදිමට නම් 2.3kg ප්‍රමාණයක් ආහාරයට ගත යුතුය .
🍉කොමඩු යනු ලයිකොපීන් හි වඩාත් ප්‍රචලිත නැවුම් ප්‍රභවය වන අතර එහි රතු පැහැයට හේතුව මෙම ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයයි. නැවුම් කොමඩු වල තක්කාලි වලට වඩා ලයිකොපීන් අන්තර්ගත වන බව පර්යේෂණ මගින් අනාවරණය කර ගෙන ඇත
ඔබේ ශරීරය බීටා කැරොටින් සෑදීමට යම් දුරකට ලයිකොපීන් භාවිතා කරයි, එය විටමින් A බවට පරිවර්තනය වේ.
🍉එමෙන්ම කොමඩු වල glutathione යන ප්‍රති ඔක්සිකාරකය බහුලව පවති.එය ශරිරයහි ඔක්සිකාරක ආතතිය අවම කරගැනීමට හේතු වන අතර සමේ පැහැය රැක ගැනීමට ද උපකාරී වේ.
🍉ඉතින් ඔබට හිතෙන්න පුලුවන් මට අමතක වුනා කියලා, ඇත්තෙන්ම නැහැ, විශේෂම දේ තමයි කොමඩු( 100 g) ක ජලය 91% ක් ඇති බව, ඒ නිසාම රස්නෙ දවස්වලට කොමඩු කියන්නේ වතුර වගේම අපේ තිබහට දිව ඔසුවක්.
🍉තව පොඩි දෙයක්, කොමඩු වල GI අගය ග්ලයිසමික් ​​දර්ශකය (GI) - ආහාර ගැනීමෙන් පසු ආහාර කෙතරම් ඉක්මනින් රුධිරයේ සීනි මට්ටම ඉහළ නංවයිද යන්න පෙන්නුම් කරන දර්ශකය - 72-80 අතර පරාසයක පවතී, එය ඉහළ අගයක්.එම නිසා දියවැඩියාව ඇති අයට ප්‍රධාන ආහාර වේලකට පසුව කොමඩු 1/8 ප්‍රමාණයක් ආහාරයට ගැනීම මඟින් රුධිර සීනි මට්ටම එක වර ඉහල යාම අවම කරයි.
🍉තව දෙයක් ඇතැම් අය ඉන්නවා කොමඩු කෑවම ටිකක් දිරවනවා අඩුයි කියලා කියන,ඒකට හේතුව තමයි මේ කොමඩු වල තියෙන ඇතැම් කාබෝහයිඩ්‍රේට වර්ග ජීර්ණ ක්‍රියාවලිය අපහසු කරවීම.ඒ කාබෝහයිඩ්‍රේට වලට කියන්නේ FODMAP කියලා,ඒ කියන්නේ fermentable oligosaccharides, disaccharides, monosaccharides and polyols.ඉතින් මෙවා තරමක් ජීර්ණ ක්‍රියාවලිය අපහසු කරවනවා වගේම බඩ පිපීම, මළ පහ දියර ලෙස පිටවීම හෝ මළ බද්ධය සිදු වීමට ඉඩ තිබෙනවා.නමුත් එවැනි තත්වයන් ඇති වන්නේ ඉතා අඩු පිරිසකටයි.
🍉එහෙනම් මේ රස්නෙ දවස්වල කොමඩු කෑල්ලක් කන ගමන්, කොමඩු juice වීදුරුවක් බොන ගමන් කොමඩු මොන තරම් ගුණද කියලත් මතක් කර ගන්නකො.🍉

13/07/2023
My another news paper articles,Her magazine Mavbima
19/12/2022

My another news paper articles,Her magazine Mavbima

My 8th news paper article
10/10/2022

My 8th news paper article

ලංකාවේ බහුලවම භාවිතා වන තෙල් වර්ගය මොකක්ද කියලා ඇහුවොත් අපි හැමෝම දන්නවා ඒ පොල් තෙල් බව. ලංකාවේ පමණක් නොවේ, ලොව පුරා බොහ...
17/08/2022

ලංකාවේ බහුලවම භාවිතා වන තෙල් වර්ගය මොකක්ද කියලා ඇහුවොත් අපි හැමෝම දන්නවා ඒ පොල් තෙල් බව. ලංකාවේ පමණක් නොවේ, ලොව පුරා බොහෝ දෙනා එදිනෙදා කටයුතු වලදී පොල්තෙල් බහුලව භාවිතා කරනවා.පොල් තෙල් වල වැඩිපුරම අඩංගු වන්නේ මේදයයි. මීට අමතරව ලෝරික්‌ අම්ලය හා විටමින් E අඩංගු වෙනවා. පොල් තෙල් වල අඩංගු වන සංතෘප්ත මේදය නොයෙකුත් සාකච්චා වලට භාජනයා වූවා පමනක් නොව, බොහෝ දෙනා අතර වැරදි අවබෝධයක් පොල් තෙල් පිලිබදව ඇති කලා.

ලෝරික් අම්ලය මගින් රුධිරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහල දැමීමක් සිදුවන බව පරීක්ෂණ මගින් සනාත වූ නමුත්, පසු කාලීනව එමගින් වැඩි වන්නේ, HDL නම් අපට හිතකර කොලෙස්ට්‍රෝල් වන බවත් සොයා ගැනුනා. එමගින් ඇත්තටම අපගේ හදවත් රෝග වලට ඇති අවදානම අවම කිරීමක් ද සිදු කරනු ලැබෙනවා.

මීට අමතරව අපගේ මේදය දහනය ක්‍රියාවලියට දායක වීමටත්, සිරුරේ බර අඩු කිරීමටත්, සමස්ත සෞඛ්‍යය මට්ටම ඉහල තබා ගැනීමටත් පොල් තෙල් බෙහෙවින් උපකාරි වේ.

පොල් තෙල් වල ඇති බැක්ටීරියා නාශක ගුණය නිසා, ලොව පුරා පොල් තෙල් මගින් දන්තාලේප හා මුඛ සේදීමේ ද්‍රාවණ සාදා ගැනීමටද පුරුදු වී සිටිනවා. වියලී ගිය හා පළුදු වූ නියපොතු ද, පිරිසිදු කර මැරුණු සෛල සෝදා හැරීමට ද පොල් තෙල් භාවිතා කරන්නට පුලුවන්.

පොල් තෙල් වල ඇති අවාසි

අපට වාසි රැසක් ගෙන දෙන පොල් තෙල් වල වුවද, අපට අහිතකර බලපෑම් එක් කල හැකි දේවල් කීපයකුත් තියෙනවා. අප ආහාරයට ගන්නා අනෙක් තෙල් වර්ග වල මෙන්ම, පොල් තෙල් වලද මේදය අධික වශ්‍යයෙන් අඩංගු වෙනවා. එමනිසා පොල් තෙල් වූවාද, අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගැනීම සුදුසු නෑ. මංද, එමගින් අපගේ සිරුරේ අහිතකර කොලෙස්ට්‍රෝල් ද ඉහල නැංවීමේ හැකියාවක් ඇති බැවින්.

පොල් තෙල් ද අනෙකුත් තෙල් වර්ග මෙන්ම කැලරි බහුල තෙල් වර්ගයක් නිසා, එදිනෙදා ආහාර පාන සමග මුසු කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි.

12/07/2022

*කොස් වල ඇති විවිධ ප්‍රතිඔක්සිකාරක (anti oxidant) ගැන දැන ගනිමු*
කොස් යනු ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වැවෙන බත් වලට පමණක් දෙවැනි වූ ආහාරයකි. ඉතා ප්‍රණීත රසයක් ඇති කොස් වල ඔබ නොදන්නා පෝෂණ ගුණයක් ගැන අද දැන ගනිමු. කොස් වල ඉතා ඉහළ මට්ටමක ප්‍රතිඔක්සිකාරක පවතින අතර, ඒවා ඇතැම් රෝග වල අවදානම අඩු කරීමට උපකාරී වේ.
ප්‍රතිඔක්සිකාරක ඔබේ සෛල ඔක්සිකාරක ආතතියෙන් සහ පිළිස්සුම් වලින් ආරක්ෂා කරයි, ඒවා මුක්ත ඛණ්ඩක ලෙස හඳුන්වන අණු මගින් සිදුවන හානීන්ය.
කොස් වල වැඩිපුරම අඩංගු ප්‍රතිඔක්සිකාරක පිළිබඳ දැනුවත් වෙමු.:
*_විටමින් සී:_* කොස්වල විටමින් සී ඉහළ ප්‍රමාණයක් අඩංගු වන අතර එය හෘද රෝග සහ පිළිකා වැනි නිදන්ගත රෝගවලට වළක්වා ගැනීමට උපකාරී වේ.
*_කැරොටිනොයිඩ්ස්_* : කැරොටිනොයිඩ්ස් දෙවන වර්ගයේ දියවැඩියාව සහ හෘද රෝග වැනි විවිධ බෝ නොවන රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට උපකාරී වේ.
*_ෆ්ලේවනෝන්_* : ෆ්ලේවනෝන් වල antiinflammatory ගුණ අඩංගු වන අතර එය රුධිර සීනි, රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට උපකාරී වේ - දෙවන වර්ගයේ දියවැඩියාව සහ හෘද රෝග අවදානම අඩු කිරීමටද වැදගත් වේ.මීට අමතරව පිෂ්ටය ඇතුළු තවත් විටමින රාශියක් කොස් වල අන්තර්ගත වේ.එසේ නම් මුදල් වියදම් කර කෘතිම ආහාර ගෙන මුදලට ලෙඩ සාදා ගනු වෙනුවට මෙවැනි ස්වභාවික මෙන්ම පෝෂණ ගුණයෙන් අනූන දේශීය ආහාර පරිභෝජනයට පුරුදු වී බෝ නොවන රෝග වලින් ආරක්ෂා වෙමු.ඔබව දැනුවත් කලේ,
**රජයේ ලියාපදිංචි පෝෂණවේදිනි සහ ආහාරවේදිනි
තිලෝකා සම්මානි හෙට්ටිආරච්චි මහත්මිය**

03/07/2022

වකුගඩු රෝග නිවාරණයට පෝෂණ උපදෙස්
වකුගඩු රුධිරයෙන් අමතර ජලය සහ අපද්‍රව්‍ය පෙරා මුත්‍රා සාදා ඉවත් කිරීම කරයි.. වකුගඩු රෝගය යනු ඔබේ වකුගඩු වලට හානි වී ඇති අතර රුධිරය අවශ්‍ය ආකාරයට පෙරීමට නොහැකි වීමයි.දියවැඩියාව හෝ අධි රුධිර පීඩනය ඇත්නම් එම පුද්ගලයන් වකුගඩු රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත. වකුගඩු අකර්මණ්‍ය වී ඇත්නම්, ප්‍රතිකාරවලට වකුගඩු බද්ධ කිරීම හෝ ඩයලිසිස් කිරීමත් ආහාර පිලිබද සැලකිලිමත් වී වකුගඩු වලට දෙන කාර්ය ප්‍රමාණය අඩු කර වකුගඩු විවේකීව තැබීමත් ඇතුළත් වේ. මෙහිදී වකුගඩු වලට දෙන කාර්ය ප්‍රමාණය අඩු කිරීම සහා එම රෝගියාට අවශ්‍ය ශක්තිය සැපයීම ආහාර මගින් සිදු කරයි.වකුගඩු රෝගීන්ට සුදුසු ආහාර රටාව ක් පවතින අතර එය අනුගමනය කිරීම මගින් ඉක්මනින් සුවපත් භාවය ක් ලබා ගත හැකිය. වකුගඩු රෝගීන් ගේ ප්‍රෝටීන අවශ්‍යතාව තරමක් සීමා කළ යුතු අතර එහිදී ශාක ප්‍රෝටීන ප්‍රභව වන සෝයා, පරිප්පු වැනි ආහාර භාවිතයද, මස්, මාළු, බිත්තර භාවිතා කිරීම රෝගියාගේ වයස,උස,බර, අනුව පෝෂණවේදි උපදෙස් මත තීරණය විය යුතු ය.තවද මෙම රෝගීන්ට පොටෑසියම් අවම ආහාර දිය යුතුය.ව්‍යංජන ආහාරයට ගැනීමෙදි කැබලි පමණක් දීමත් හොදි සීමා කිරීමත් කල යුතුය.පොටෑසියම් මෙන්ම පොස්පරස් සහ ජලය පරිභෝජනය සීමා කට යුතුය.කොළ පැහැති පලා වර්ග, දොඩම්, වම්බටු, වියලි පළතුරු, තැඹිලි,කුරුම්බා,හතු, අන්නාසි, සියඹලා, කෙසෙල්,සොස් වර්ග, පැණි බීම සීමා කළ යුතුය. තවද ජලය සහ එළවළු, පළතුරු ආහාරයට ගැනීම සඳහා පෝෂණවේදි උපදෙස් මත ඒවා ගත යුතු ප්‍රමාණ තීරණය කල යුතු වේ.මෙලෙසින් ආහාර නියමාකාරයෙන් ගැනීම මගින් වකුගඩු රෝගය පාලනය කර ගත හැක.

28/06/2022

පෝෂණ ගුණය රැකෙන පරිදි ආහාර ගන්නේ කෙසේද
ආහාර සැකසීම මෙන්ම ආහාර පිසීම සඳහා විවිධ ක්‍රම භාවිතා කරයි. ආහාර සැකසීමේදී සහ පිසීමේදී ආහාර වල පවතින පෝෂක විනාශ වී හැක. එම නිසා ආහාර පිළියෙල කිරීම පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබිය යුතුමය. අපි පළමුව එළවළු වර්ග පිළියෙල කරගන්නා ආකාරය දැනගනිමු. එළවළු කැපීමට ප්‍රථමව හොදින් සෝදා ඉන්පසු කැපීම සිදු කළ යුතුයි. මෙහිදී ඉතා කුඩා කැබලි වලට නොමැතිව තරමක් ප්‍රමාණයෙන් විශාල කැබලි කැපීම මගින් ඒවායේන් හානි වන විටමින් බී ප්‍රමාණය අඩු කර ගත හැකිය. තවද එළවළු සලාද වාතයට වැඩි වේලාවක් නිරාවරණය කිරීමෙන් ඒවායේ ඇති විටමින් සී විනාශ වීම සිදු වේ. එම නිසා එළවළු මෙන්ම පලතුරු සලාද සෑදීමෙන් පසු වැඩි වේලාවක් වාතයට නිරාවරණය වේලාවක් නිරාවරණය කර නොතබා ආහාරයට ගන්න. ආහාර පිසීමේදී අධික උෂ්ණත්වය භාවිතා කිරීමෙන් වලකින්න. මන්ද මස් මාළු වැනි ආහාර පිළියෙල කිරීමේදී අධික උෂ්ණත්වය නිසා එවායේ ඇති ඇමයිනෝ අම්ල වල වෙනස්කම් ඇති අපගේ ශරීරයට ඒවා අවශෝෂණය කරගැනීම අපහසු කරයි. කඩල, මුංඇට වැනි ධාන්‍ය වර්ග සැකසීමේදී ඒවා රැයක් ජලයේ පෙගෙන්නට තබා ගෙන තමා ඉන්පසු මෘදු ලෙස එහි පිටපොත්ත ඉවත් වන ලෙස හොඳින් සෝදා තම්බා ගන්න. එවිට එම මාශ බෝග වල ඇති විවිධ විෂ රසායනික ද්‍රව්‍ය ඉවත් වීම සිදුවේ මෙලෙසින් නිවැරදි ආකාරයෙන් ආහාර පිසීම මගින් ඒවායේ පෝෂණ ගුණය ආරක්ෂා කර ගත හැක.
ඔබව දැනුවත් කලේ
රජයේ ලියාපදිංචි පෝෂණවේදිනී සහ ආහාරවේදි තිලෝකා සම්මානි හෙට්ටිආරච්චි.

Address

Seeduwa

Telephone

+94711995049

Website

Alerts

Be the first to know and let us send you an email when NutriDietetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to NutriDietetics:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram