
15/05/2022
" අක්කෝධේන ජිනේ කෝධං
අසාධුං සාධුනා ජිනේ
ජිනේ කධරියං ධානේන
සච්චේන අලිකවාදිනං "
- ධම්මපදය -
ක්‍රෝධ කරන්නාව ක්‍රෝධ නොකිරීමෙන් ම දිනිය යුතු ය. අයහපත් ගුණැත්තා ව දිනිය යුත්තේ යහපත් ගුණයෙහි පිහිටා ය.
මසුරු තැනැත්තා ව දන් දීමෙන් දිනිය යුතු ය.
බොරු කියන්නාව ජයගත හැකි මග සත්‍යවාදී බව යි.
සසර දුක නිවාලමින් අන් සියලු සත්ත්වයෝ ද සසරින් එතෙර කරවන්නට පහළ වූ ලොව්තුරා ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ තෙමඟුල සිදු වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.
බු.ව 2566 වූ මෙ පින්බර වෙසගෙ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් පිළිවෙතින් මෙවර වෙසක් මංගල්‍යය සමරමු.
ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!