Student midwives group .2021 A

Student midwives group .2021 A Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Student midwives group .2021 A, Medical and health, Sri Jayavardhanapura.

07/04/2024

අවුරුදු පහට අඩු දරුවන් සිටින ඔබට දැනුම් දීමක්!

ශ්‍රී ලංකාවේ දැනට ඇති වී පවතින ආර්ථික වශයෙන් ගැටලුකාරී තත්ත්වය හමුවේ, දරුවන්ගේ පෝෂණය ගැන වැඩි වැඩියෙන් අවධානය යොමු වී තිබෙනවා. විශේෂයෙන්ම වේගයෙන් වැඩෙන කුඩා දරුවන්ට, වයසට සරිලන නිසි පෝෂණයක් නොලැබුනහොත් ඔවුන් උරුම කරගත් උපරිම වර්ධන සීමාවන්ට ලඟා වෙන්නට නොහැකි වන්නට ඉඩ තිබෙනවා වාගේම පෝෂණ ඌණතා නිසා හටගන්නා රෝගාබාධවලට ලක්වීමේ අවදානමකුත් පවතිනවා. මේ කරුණු සැළකිල්ලට ගනිමින් 2022 ඔක්තෝබර් - "පෝෂණ මාසය" තුල විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ සැළසුම් කර තිබෙනවා.

දරුවෙකුගේ පෝෂණ මට්ටම ප්‍රශස්ත තත්ත්වය පවත්නා බවට තහවුරු කර ගැනීමට යොදා ගන්නා මූලිකම මිනුම් වශයෙන් උස සහ බර සඳහන් කළ හැකියි. මෙම ඔක්තෝබර් මාසය තුල දී වයස අවුරුදු පහට අඩු සියලුම ශ්‍රී ලාංකික දරුවන්ගේ බර සහ උස/දිග මැන සටහන් කිරීමටත්, වයසට අදාළව වර්ධන තත්වය ප්‍රමාණවත් දැයි තක්සේරු කිරීමටත් මේ වනවිට සැළසුම් කර අවසන්. කඩිනමින් සක්‍රීය කිරීමට කිරීමට නියමිත හදිසි පෝෂණ වැඩසටහ සඳහා මෙම දත්ත ඉතා වැදගත් වනු ඇති. මෙම සමීක්ෂණය ක්‍රියාවලිය වෙනත් වසරවල පෝෂණ මාසවල මෙන්ම මෙවරත් වයස අවුරුදු පහට අඩු මිලියන 1.5 ක් වූ සමස්ත දරු පිරිසම සම්බන්ධ කරගැනීම මගිනි. එමන්ම, මෙම සමීක්ෂණය සිදුවන්නේ වසර පුරාවටම ක්ෂේත්‍රයේ දී සිදුකෙරෙන උස/ බර මැනීමේ ක්‍රියාවලියට අමතරවයි.

ඔබ සාමාන්‍යෙන් දරුවාගේ වර්ධනය (උස /බර) මැන බලන්නේ පුද්ගලික සෞඛ්‍ය ආයතනයකින් වුවත් හැකි නම් මේ මාසයේ ඒ සඳහා ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිළධාරිනිය වෙත යොමුවන ලෙසත්, දැනටමත් එසේ උස හා බර මැනගෙන අවසන් නම් එම තොරතුරු ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය වෙත ලබා දෙන ලෙසත් අප කාරුණිකව ඉල්ලා සිටිනවා.

දරුවාට වයස අවුරුදු පහට අඩු නම් , මේ මාසය ඇතුලත දී ඔබ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය විසින් පවත්වන පෝෂණ මට්ටම ඇගැයීමේ වැඩසටහනට යොමු වීම, පුද්ගලිකව ඔබට මෙන්ම පොදුවේ රටටත් විශාල වැදගත්කමක් ඇති කටයුත්තක්. ඔබේ දරුවාගේ පෝෂණ මට්ටම සතුටුදායකනම් ඒ බව තහවුරු කිරීම හෝ එසේ නොවේනම්, ගැටලුවේ තීව්‍රතාවය අනුව අදාළ උපකාර ලබාදීම සහ විශේෂ සායන වෙත යොමුකිරීම් සිදු කිරීම මෙහිදී සිදුකිරීමට නියමිතයි. වර්ධනය අඩු බවට හඳුනාගන්නා දරුවන් යළි සාමාන්‍ය තත්වයට පත් කරගන්නා ක්‍රියාවලිය අතරතුරු දිගින් දිගටම ඔවුන්ගේ පෝෂණ මට්ටම පරීක්ෂා කරමින් අවශ්‍ය සේවාවන් ලබා දීමට ද අපේක්ෂිතයි.

වයස අවුරුදු පහට අඩු දරුවාට නිසි පෝෂණයක් ලැබේදැයි තක්සේරු කරගැනීමට මේ මශඟු අවස්ථාව උපයෝගී කරගන්නා අතරේම, වඩාත් යාවත්කාලීන වූ නිවැරදිම දත්ත එක් රැස් කර ගැනීමට සහය දීම තුලින් දැයේ දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ගවලටත් අත්වැලක් වන්නට ඔබ කටයුතු කරනු ඇතැයි අප අපේක්ෂා කරනවා.

07/04/2024

Address

Sri Jayavardhanapura

Website

Alerts

Be the first to know and let us send you an email when Student midwives group .2021 A posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram