30/12/2025
වෛද්‍ය චමල් මෝදිට ලියයි
Dr. Chamal Sanjeewa, seeks India's cooperation to mitigate national medical challenges
Leadership Council
Shadow Cabinet CIVIC.
ප්‍රමිතිගත ඖෂධ නියාමන රසායනාගාරයක් බිහිකිරීමට ඉන්දියානු රජයේ දායකත්වය ලබාදෙන්න..
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව, ඉන්දියා අග්‍රාමාත්‍ය නරෙන්ද මෝදිගෙන් ඉල්ලා විශේෂ සංදේශයක් බාර දෙයි.
---------------------------------------------
ශ්‍රී ලංකාව තුළ ඖෂධ නියාමනය සැපයුම හා බෙදා හැරීම බරපතළ අභියෝගය ගැන ලක්ව ඇති අවස්ථාවකදී, ශ්‍රී ලංකාව තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිගත තත්ත්වය යටතේ දියුණු වෛද්‍ය හා ඖෂධ පරීක්ෂණ ය රසායනාගාර ජාලයක් ස්ථාපිත කිරීමට ඉන්දියානු රජයේ තාක්ෂණික සහ මූල්‍ය ආධාර දායකත්වය ලබාදීමට කටයුතු කරන
ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරින්ද මොදි මහතා වෙත
විශේෂ සන්දේශයක් යොමූ කර ඇත.
මෙම සංදේශය ශ්‍රී ලංකාව ඉන්දියානු මහ කොමසාරිස් තුමන් හරහා ඉන්දියානු රජය වෙත යොමු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති කාර්යාලය වෙත භාරදීම සිදු කරනු ලැබීය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ජීවත්වීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින්ම පිළිගෙන ඇති ඉන්දියානු රජය මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සිවිල් මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියට පැමිණ ශක්තිමත් ඖෂධ සැපයුම් ජාලයක් සඳහා සහයෝගය ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව එම සංදේශය හරහා විශේෂඥ චමල් සංජීව මහතා ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා වෙත සඳහන් කොට ඇත.
ඉතා දිගු කලක් සිට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය සඳහා ඉන්දියාව විසින් ලබා දෙනු ලබන සහය අගය කරන එම වෘත්තිය සමිති සන්ධානය, අදාල ප්‍රත්‍යයන් තවදුරටත් ප්‍රමිති ගත කිරීම සඳහා ද, ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වන ඖෂධ සම්බන්ධව මේ වන විට පැන නැඟී ඇති තත්ත්වයන් නිරාකරණය කොට ගුණාත්මක ඖෂධ සැපයිම් ජාලයක් මෙරට ස්ථාපිත කිරීම සඳහා දියුණු තාක්ෂණික ලක්ෂණවලින් යුත් ඖෂධ නියාමන අධිකාරිය රසායනාගාරයක් මෙරට පිහිටුවීම සඳහා ඉන්දියානු රජයේ සෘජු ආධාර ලැබෙතැයි අපේක්ෂා කරන බවද සඳහන් කොට ඇත.
මේ දී ප්‍රධාන කරුණු හතරක් කෙරෙහි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඉන්දියානු අග්‍රාමාත්‍යතුමන්ගේ අවධානය යොමු කොට ඇති අතර,
1-ලෝක සෞඛ්‍ය සංවිධානය හා ජාත්‍යන්තර ප්‍රමිති අනුකූලතා සහිත ඖෂධ නියාමන හා තත්ත්ව පාලන රසායනාගාරයක් පිහිටීම සඳහා වන මූල්‍ය සහ තාක්ෂණික සහය ලබා ගැනීම
2-උසස් රසායනාගාර උපකරණ විශ්ලේෂණ තාක්ෂණ හා තත්ත්ව සහතික පද්ධතියක් ස්ථාපිත කිරීම
3-ශ්‍රී ලංකාවේ නියාමන විද්‍යාඥයින් සහ තාක්ෂණ නිලධාරීන් සඳහා වෘත්තිය සහ ධාරාතා හා තාක්ෂණික පුහුණුව ලබා දීම
4- ඖෂධ හා සෞඛ්‍ය අංශවල තිරසාරත්වය සහතික කිරීම සඳහා දීපාර්ශ්විකව දියුණු හා වෘත්තිය නිපුණතාව සහිත කණ්ඩායමක සහය ලබා ගැනීම.
යන මූලික කරුණු කෙරෙහි මෙහිදී අවධානය යොමු කරන ලෙස ඉල්ලා ඇත.
මෙම සංදේශය ඉන්දියානු තානාපති කාර්යාලයට භාර දීමෙන් අනතුරුව වැඩිදුරටත් ජනමාධියට අදහස් දැක්වු ඒ මහතා
ශ්‍රී ලංකාවේ ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය රජයේ මූලික වගකීමක් වන බවත් සාම්ප්‍රදායික දේශපාලන දෘෂ්ටිකෝණයන්ගෙන් ඔබ්බට ගොස් ලෝකෙ කාලීන ප්‍රවණතාවයන් අනුව වෙනස් වන සෞඛ්‍ය පද්ධතියට අනුව සෞඛ්‍ය පද්ධතිය වෙනස් කිරීම සඳහා වන නව මානයන් කෙරෙහි රජය අවධාන යොමු යුතු බවද සඳහන් කළේය. ශ්‍රී ලංකා ඉන්දියා සෞඛ්‍ය ගිවිසුමේ පවතින කරුණු සම්බන්ධයෙන් වෘත්තිය නිපුණතාවයක් සහිත පිරිසකගේ අදහස් ලබා ගැනීමකින් තොරව එම යෝජනා ක්‍රියාත්මක නොකරන ලෙසද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව මේ දී සඳහන් කළේය. විශේෂයෙන්ම ඉන්දියාවෙන් ඖෂධ ගැනීමේදී ඉන්දියානු තත්ත්ව සහතිකය පිළිගැනීමට පෙර ඒ සම්බන්ධව විශේෂඥ කමිටුවක පසු විපරමකට අදාළ යෝජනා පත් කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
තවදුරටත් සෞඛ්‍ය යනු දේශපාලනික විෂය පථයෙන් ඔබීබට රටේ සමස්ත මහජනතාවගේම ජීවිත ආරක්ෂා කර ගැනීම වන අතර මෙම නව ප්‍රවණතාවයන් අවබෝධ කර ගැනීමකින් තොරව සාර්ථක සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගිය නොහැකි බවද සඳහන් කළේය.
මෙයට සෞඛ්‍ය පද්ධතිය පසුගිය 76 වසරක කාලසීමාව මුළුල්ලේ දී ඉතා සාර්ථක ප්‍රගතියක් අත්පත් කරගත් අතර පසුගිය අවසාන වසර කීපයේදී දේශපාලන සහ රාජ්‍ය සේවය වූ දරැණු කඩා වැටීම් හමුවේ මෙරට සෞඛ්‍ය පද්ධතියද බරපතල අභියෝගයන්ට මුහුණපාන ලද බවත්, එකී කඩා වැටීමට වගකිවයුතු නිලධාරීන් සමග තවදුරටත් සෞඛ්‍ය පද්ධතිය නිවැරදි කළ නොහැකි බව දැන් ජනාධිපතිවරයා අවබෝධ කරගත යුතු බවද ඔහු සඳහන් කළේය. මහජනතාව වෙත සෞඛ්‍ය පද්ධතිය විශ්වාසවන්ත ලෙස හා නිදහස් සෞඛ්‍ය ආරක්ෂා වන ලෙස සැපයීම සඳහා වගකීම් දැරිය හැකි නව නිලධාරි කණ්ඩායමක් සහ දේශපාලකයින් පිරිසක් මෙරට සෞඛ්‍ය පද්ධතිට අවශ්‍ය බවද ඔහු සඳහන් කළේය. ඉදිරියේදී මේ සම්බන්ධව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවද වෛද්‍ය චමල් සංජීව මහතා ජනමාධ්‍යයට ප්‍රකාශ කලේය.