14/01/2026
අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තේ, "හොඳට ඉගෙන ගෙන ඒසී රූම් එකක වැඩ කරන්න ඕන" කියලා. මාත් ඒකට ආස වුනා. උපාධියක් අරන්, ටයි පටියක් දාගෙන, ලස්සන ඔෆිස් එකකට ගියා. මාසේ අන්තිමට මගේ අතට ආවේ රුපියල් 35,000 යි. ඒකෙන් බෝඩිම් කුලිය ගෙවලා, කෑම කෑවම මගේ අතේ ඉතුරු වුනේ සොච්චමයි. හැබැයි මම සමාජෙට පෙන්නුවේ "Executive Job" එකක් කරන පොෂ් ඩයල් එකක් වගේ.
හැබැයි මගේ යාලුවෙක් හිටියා. ඌ ලොකුවට ඉගෙන ගත්තේ නෑ. ඌ පාර අයිනේ පොඩි කඩ කෑල්ලක් දාගත්තා. උදේට බත් පැකට් වික්කා. රෑට කොත්තු ගැහුවා. අපි ඌ දිහා බැලුවේ පහත් විදිහට. "අපෝ මුගේ ඇඳුම් වල හැටි... මූ කඩ කාරයෙක්නේ..." කියලා අපි හිනා වුනා.
හැබැයි අවුරුද්දක් යද්දි මොකද වුනේ? මම තාම බස් එකේ දාඩිය පෙරාගෙන ඔෆිස් යනවා. ණය වෙලා ක්‍රෙඩිට් කාඩ් බිල් ගෙවනවා. අර යාලුවා එයාගේම බයික් එකක් ගත්තා. ගෙදර වැඩ පටන් ගත්තා. එයාගේ අතේ මාසෙට ලක්ෂෙකට වඩා කැරකෙනවා. මම "පොෂ්" විදිහට හිඟා කද්දි, ඌ "චාටර්" විදිහට රජෙක් වගේ ජීවත් වුනා.
මල්ලි, නංගි... රස්සාවක තියෙන්න ඕන "පොෂ්" එක නෙවෙයි, "Cash" එක. ටයි කෝට් දාගෙන හිස් පර්ස් එකක් තියන් ඉන්නවට වඩා, සරම ඇඳගෙන පිරුණු පර්ස් එකක් තියන් ඉන්න එක නම්බුයි. සමාජය කියන දේවල් අහන්න එපා. "අපෝ උපාධියක් තියන් ඕවා කරන්නද යන්නේ?" කියලා අහන මිනිස්සු ඔයාට කන්න දෙන්නේ නෑ. බිස්නස් එකක් කරන්න, පොලට ගිහින් එළවළු විකුණන්න, ඌබර් දුවන්න ලැජ්ජා වෙන්න එපා. ලැජ්ජා වෙන්න ඕන රස්සාවක් කරන එකට නෙවෙයි, අම්මා තාත්තාගෙන් යැපෙන එකට.
දහඩිය මහන්සියෙන් හම්බ කරන සල්ලි වල "කුල මල" නෑ. පොෂ් වෙලා බඩගින්නේ ඉන්නවට වඩා, වැඩකාරයෙක් වෙලා දියුණු වෙන එක මාර ගැම්මක්.
~ Chanuka Jeewantha