My Doctor -Medical Centre

My Doctor -Medical Centre Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from My Doctor -Medical Centre, Hospital, No 146, Kandy Road, Ampara, Uhana.

මෙම වෛද්‍ය මද්‍යස්ථානය රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් විසින් පවත්වාගෙන යන වෛද්‍ය මද්‍යස්ථානයක් හා ශල්‍යාගාරකි. මෙහිදී සියලුම වෛද්‍ය සේවාවන් , සුලු සැත්කම්,මැහුම් දැමීම්,තුවාල වලට බෙහෙත් දැමීම්,දියවැඩියාව,අදි රුදිර පීඩනය ඇතුලු සායනික සේවාවන් ලබාගත හැක

24/01/2025

මේක ඔයා කියවන්නම ඕන කතාවක්! කවදා හරි ජීවිතයක් බේරගන්න උදව් වේවි

හෘදයාබාධයක් ද? නැත්තං ගැස්ට්‍රයිටිස් ද? සුමුදු ප්‍රධාන ව්‍යාපාරික ආයතනයක ඉහළ නිලධාරියෙක් . දවස තිස්සෙම ආයතනයේ වෙළඳ කටයුතු පිළිබඳව මහන්සි වෙනවා. ආයතනය වෙනුවෙන් විවිධ මීටින්වලට යන්න සිද්ධ වෙනවා. මේ උත්සව ඉවර වෙන්නේ මත්පැන් සාදයකින්. සුමුදු දුම් බොන කෙනෙක්. සුමුදුගේ කාර්යබහුල ජීවන රටාව නිසා ව්‍යායාමයක් කරන්න යොමු වුනෙත් නැහැ. මේ වෙනකොට සුමුදු අධික ස්තූලතාවෙන් පෙළෙනවා. දවසක් සුමුදුට ව්‍යාපාරික කටයුත්තකට නුවරඑළියට යන්න සිද්ධ වුණා. වාහනය එලවගෙන ගියේ සුමුදු. නමුත් තනියට තව යාළුවෙක් එක්කගෙන ගියා. නුවරඑළියේ මීටින් එක ඉවර වෙලා මත්පැන් සාදයකින් පසුව දවල්ටත් කෑම කාලා නවාතැන්පොළට ගියා. හවස තිස්සෙම සුමුදුට පපුවේ දැවිල්ලක් දැනුනා. ඒ දැවිල්ල හරියට පපුවේ මැද්දෙන් ආවෙ. හරියට ඇඹුල් විනාකිරි වැඩිපුර දාපු කෑමක් කෑවෑයින් පස්සේ බඩේ දැවිල්ලක් එනවා වගේ. සුමුදුට දාඩියත් දැම්මා. මහත වැඩි නිසා සුමුදු ඉඳගත්තහම බඩ තෙරපෙනවා වැඩියි. බොහෝ වෙලාවට කෑමෙන් පස්සේ උගුරට එන ගතියකුත් සුමුදුට තියෙනවා. තෙල් වැඩි කෑම දවල්ට කාපු නිසා සුමුදු හිතුවම ගැස්ට්‍රයිටිස් ගතියක් ඇවිල්ලා උගුරට එනවා වගේ කියලා. වෙනදා ගැස්ට්‍රයිටිස් වැඩි උනහම එනවා වගේ වේදනාවක්/ දැවිල්ලක් නිසා සුමුදු පොඩ්ඩක් විවේක ගන්න ඇඳට ගියා. යන ගමන් යාළුවට මේ වේදනාව ගැනත් කිව්වා. යාලුවා කිව්වා "මචං අපි දැන් කොල්ලො නෙවෙයි , ඒ නිසා පපුවේ අමාරුවක් වේදනාවක් ආවොත් පොඩ්ඩක් හිතන්න ඕනේ හාට් ඇටෑක්ද දන්නෙත් නෑ" හෘදයාබාධයකදී නැත්තං හාට් ඇටෑක් එකකදී එන වේදනාව ගැන සුමුදු අහල තිබුනේ වෙනස් විදිහකට. පපුවේ වම් පැත්තේ හිර කරනවා වගේ වේදනාවක්. වම් අත දිගේ පැතිරීගෙන යන වේදනාවක්. ඔය විදිහට තමයි හෘදයාබාධක් නිසා ඇතිවන පපුවේ වේදනාව ගැන අහල තිබුණේ. සුමුදුගේ වේදනාව එහෙම වේදනාවක් නොවන නිසා සුමුදු හාට් ඇටෑක් එකක් ගැන බයක් ඇතිකර ගත්තේ නැහැ. සුමුදු නිදාගන්න ඇඳට ගියා. ඇඳේ ඒ මේ අත හාන්සිවෙලා බැලුවා. ඒත් නින්ද යන්නෙ නැහැ. පපුවේ දැවිල්ල වැඩිවෙන්නෙත් නැහැ. වේදනාව ඒ වගේමයි. අඩු වෙන්නෙත් නෑ. පැය දෙක තුනකට පමණ පස්සේ ඇඟටත් පණ නැති ගතියක් ආවා. නින්ද යන්නෙත් නැහැ. වෙනදට වැඩිය වෙනස්. සුමුදු යාළුවට කතා කරා. සුමුදුගේ අදහස වුණේ ඇඟට ටිකක් හරි මදි නිසා ඉක්මනින්ම කොළඹ ගෙදරට යන්න. නමුත් යාලුවගෙ පෙරැත්තට සුමුදු ළඟම තියෙන රෝහලට ගියා. රෝග ලක්ෂණ කිව්වයින් පස්සේ වෛද්‍යවරයා සුමුදුගේ හෘදයේ ECG පටියක් ගත්තා. ඒ වගේම රුධිර පරීක්ෂණ වලටත් ලේ ගත්තා. හෘදයාබාධයකදී රුධිරයේ ඇතැම් එන්සයිමවල වැඩිවීමක් සිදුවෙනවා. මේ රුධිර පරීක්ෂණවලින් තහවුරු කරගන්න පුළුවන් මේ වෙලාවේදී ඇතිවෙලා තියෙන්නේ හෘදයාබාධයක් ද ?නැද්ද? කියන එක. ඒත් එක්කම සුමුදුව හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුල් කරා. හදිසි ප්‍රතිකාර ඒකකයේදී සුමුදුගේ රුධිර පීඩනය මැන බැලුවා. හදිසි ප්‍රතිකාරයක් වශයෙන් දිව යට තියන පෙත්තකුත් තිබ්බා. ECG පරීක්ෂණ වාර්තාවයි, රුධිර පරීක්ෂණ වාර්තාවයි ලැබුණායින් පස්සේ වෛද්‍යවරයා තීරණය කළා සුමුදුට හෘදයාබාධයක් ඇතිවී තිබෙන බව. සුමුදුට අදහා ගන්න බැරුව ගියා. යාළුවා කියපු දේ අහන්නැතුව කොළඹ ගියා නම් මගදි ලොකු අනතුරක් සිද්ධ වෙනවා. සමහරවිට ජීවිතෙත් නැති වෙන්න තිබුණා. සුමුදුට හෘදයාබාධය සඳහා මූලික ප්‍රතිකාර ලබාදී ගිලන් රථයකින් වැඩි වෛද්‍ය පහසුකම් සහිත රෝහලකට මාරු කරා. ඒ රෝහලේදී සිදුකළ Angiogram පරීක්ෂණයේදී දැනගන්නට ලැබුණා. සුමුදුගේ හෘදයට රුධිරය ගෙන යන කිරීටක ධමනි වල ශාඛා කීපයක් අවහිරවී ඇති බව. හෘදය තුළ කොතරම්ම රුධිරය තිබුණත් හෘදයේ භාවිතය සඳහා රුධිරය ලබාගන්න බැහැ. හෘදයට රුධිරය සපයන්නේ වෙනමම අතු බෙදී ගිය ලේ නහරයකින්. හෘදයේ බිත්තිවල ඇති මාංශ පේශවල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය රුධිරය සපයන කුඩා ලේ නහර කිරිටක දමනි ලෙස හඳුන්වනවා. මෙම කිරීටක දමනි අවහිර වීමක් සිදුවුනොත් හෘදයේ මාංශපේෂියට ලැබෙන රුධිරය අවහිර වී හෘද මාංශ පේශි මිය යනවා. මේ තත්ත්වය තමයි හෘදයාබාධයක් කියන්නේ. එවිට පෙර පරිදි හෘදයේ සංකෝචනය සිදුවන්නේ නැහැ. එවිට දේහය පුරා රුධිරය පොම්ප කිරීම ඇණ හිටිනවා. හෘදයාබාධයකට ඉක්මනින්ම ප්‍රතිකාර කර එම අවහිරතා ඉවත් කරේ නැතිනම් රෝගියා මිය යන්නත් පුළුවන්. මේ අවස්ථාවේදී ඉක්මනින්ම හෘදයාබාධයකින් පෙළෙන සුමුදුව හදිසි ශල්‍යකර්මයකට යොමු කරා. සුමුදුගේ ප්‍රධානවම අවහිර වී ඇති කිරීටක ධමනියට stent එකක් දමා අවහිරතාවය වැළැක්වූවා. සුමුදුගේ ජීවිතය බේරුනා. සුමුදු යාළුවට මුළු හදවතින්ම ස්තුති කළා. යාළුවගේ කීම අහපු නිසයි සුමුදු බේරුනේ. හෘදයාබාධයක් නිසා එන වේදනාවයි ගැස්ට්‍රයිටිස් නිසා එන පපුවේ වේදනාවයි බොහෝ දෙනෙක් පටලව ගන්නවා. හෘදයාබාධයක දී පෙන්නන රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. කෙනෙකුට පපුව හිර කරනා වගේ. තව කෙනෙක් කියන්නේ පපුව උඩ ගලක් තිබ්බ වගේ හුස්ම ගන්න බැරි වෙනවා වගේ වේදනාවක් දැනෙනවයි කියල. තව කෙනෙක්ගෙ වේදනාව පපුව දැවිල්ලක් වගේ බොහෝ වෙලාවට මේ වේදනාව ගැස්ට්‍රයිටිස් කියලා පටලව ගන්නවා. හෘදයාබාධයකදී පපුවේ වම් පැත්තෙන් ඇවිත් වම් අත දිගේ පැතිරෙන වේදනාව හැමෝටම එන්නෙ නැහැ. සමහර අය කියන්නේ වේදනාව බෙල්ල දිගේ ගියයි කියලා. තවත් අය කියනවා තද දතක වේදනාවක් දැනුනයි කියලා. සමහර අයගේ වේදනාව පිටුපස කොන්දෙනුත් එනවා. හෘදයාබාධයකදී ඇතිවන වේදනාව පුද්ගලයා අනුව වෙනස් වන නිසා පපුවේ වේදනාව ගැස්ට්‍රයිටිස් කියලා නොසලකා හැරියොත් නරක ප්‍රතිවිපාක ඇතිවෙන්න පුළුවන්. පපුවේ වේදනාවක් ආවොත් වෛද්‍යවරයෙක් හමු වෙලා නිවැරදි රෝග විනිශ්චයකට එන එක වඩා හොඳයි. සුමුදුගේ කතාව මතක තියාගන්න.

24/01/2025

හදිසියේ මුහුණේ පැත්තක් එල්ලා වැටීම, එක් අතක පණ අඩුවීම හෝ කතා කිරීමට අපහසුවීම වැනි රෝග ලක්ෂණ අංශභාගේ මුල්ම රෝග ලක්ෂණ බව ඔබ දැන සිටියාද?
මේවායෙන් එක රෝග ලක්ෂණයක් හෝ හඳුනාගෙන ඉක්මනින් ක්‍රියාත්මක වී ළඟම ඇති රෝහලට ඇතුළත් වීමෙන් අංශභාගය නිසා ඇතිවන දරුණු සංකූලතා අවම කර ගත හැක.

මේක වඩාත් හොඳින් තේරුම් ගන්න අංශ භාග රෝගියෙකුගේ සත්‍ය කතාවක් රෝගියාගේ අවසරය මත පහත පළ කරන ලදි.

ඔන්න මහත්තයා කිව්ව වෙලාවටම ඉස්පිරිතාලෙට එක්කගෙන ආවා" එතකොට වෙලාව හරියටම උදෑසන හතයි පනහයි. ත්‍රිවිල් එකේ රියදුරු සුනිල්ගේ හඬ මාව එක්වරම පියවි ලෝකයට ගෙන ආවා. "බොහොම ස්තුතියි! එහෙනම් ලොකු දුව අපි ඉක්මනට යමු", මහත්තයට පුළුවන්ද තනියම ඇවිද ගෙනයන්න? ආපහු රියදුරු මහත්තයගෙන් ප්‍රශ්නයක්. "නැහැ නැහැ සුනිල් දැන් මට හොඳටම හොඳයි." එහෙම කියපු මම ලොකු දුවත් එක්ක ත්‍රිවිල් එකෙන් බැසගෙන කඩිමුඩියේ සායනය තියෙන පැත්තට යන්න පටන් ගත්තා. රෝහලේ ගේට්ටුව පහු කරගෙන යන විටම මීට සති තුනකට කලින් මම මේ රෝහලටම ගෙනාපු විදිහ හරියට චිත්‍රපටියක් වගේ මට මැවිලා පෙනුනා. ඒ දවස නම් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. එදා රෑ නමයට විතර ක්‍රිකට් මැච් එක බල බල ටීවී එක ඉස්සරහ හිටියා. Tv එකේ සද්දෙ අඩු කරන්න කියලා හිතා ගෙන රිමෝට් එක දිහාට දකුණු අත දික්කලාට මට අත දික් කර ගන්න පුළුවන් උනේ නැහැ. මට ඒ අත හරි බරයි වගේ තේරුනේ. ඒකට මම ටිකක් බය වුණා. බය වෙච්ච පාර මට එහෙම්මම පුටුවෙන් නැගිට්ට උනා. පුටුවෙන් නැගිටලා ඉස්සරහට යන්න හදනකොටම දකුණු කකුලත් පැටලෙනවා වගේ මට තේරුණා. මම එහෙම්මම පුටුවේ ආපහු වාඩිවුණා.ඒත් එක්කම ලොකු දුවටත් බිරිඳටත් කෑ ගහලා කතා කලා. මම කතා කරනකොට දිව පැටලෙන ගතියකුත් තිබුණා. මට ඇතිවෙලා තියෙන්නේ අංශභාග තත්ත්වයක් කියල මට හිතුනා. ඒත් රාත්‍රියේ ඉස්පිරිතාලෙට යන්න බැරි නිසා ඊළඟ දවසේ යමු කියලා මම කිව්වත් ලොකු දූ කිව්වේ, පුළුවන් තරම් ඉක්මනට අපි ඉස්පිරිතාලෙට යමු කියලා. ගෙදර කට්ටියගෙ බල කිරීම නිසාම 1990 ගිලන් රථ සේවයට කතා කරගෙන ඒගොල්ලෝ මාව අපේ ප්‍රදේශයේ දිසාරෝහලට ගෙනිච්චා. එතනදි මාව පරීක්ෂා කරපු වෛද්‍යවරු ගිලන් රථයෙන් ළඟම තිබුණ දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගියා.දිස්ත්‍රික් මහ රෝහලේදී මට හදිසි CT පරීක්ෂණයක් සිදු කලා. එයින් පසුව හදිසි ප්‍රතිකාර අංශයේ දී තවත් ලේ පරීක්ෂණ කිහිපයක්ම සිදු කළා. ඉන් පසු නැවතත් මාව වෛද්‍යවරු පරික්ෂා කරල ඇතිවෙලා තිබුණු තත්ත්වය ගැන මටත් ගෙදර කට්ටියටත් පැහැදිලි කලා. මට ඇවිල්ල තිබුණේ අංශභාග තත්ත්වයක්. CT පරීක්ෂණයට අනුව මට තිබිලා තිබුණේ මොළයේ රුධිර වාහිනියක ලේ කැටිත්තක් හිර වෙලා. මගේ වාසනාවට මම රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් ඇවිල්ලා පැය හතර හමාරක් ඇතුලත රෝහලට ඇවිල්ල තිබුනා. ඒ නිසා අංශභාගය සුව කිරීම සඳහා ලබාදෙන ඖෂධය ලබා දෙන්න පුළුවන් කියලා වෛද්‍යවරු දැනුම් දුන්නා. මේ ලබා දෙන්න යන ඖෂධය ගැන වෛද්‍යවරු මට හොඳින් පැහැදිලි කරලා දුන්නා. මගේ කැමැත්තත් අත්සනත් ලබාගෙන ඖෂධය මට ලබා දුන්නා. "තාත්තේ ඔයාගේ කාඩ් එක දෙන්න." ඒ ලොකු දුවගෙ කටහඬ. අපි දෙන්නා දන්නෙම නැතුව ස්නායු සායනටම ඇවිල්ලා තිබුණා. අපිට හම්බුණේ අංක විසි දෙක .ඒ සායනය තිබුනේ මම වගේම අංශභාග තත්වයන් ඇවිල්ලා තිබුන රෝගීන්ට. එදා සායනයට ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා. සමහර අයට තවමත් හරියට ඇවිදින්න බෑ , තවත් කෙනෙකුගේ හරියට අත වැඩ කරන්නේ නැහැ. සමහර කට්ටියට තාම හරියට කතා කරන්න බැහැ . එහෙම කට්ටිය ගොඩක් දෙනෙක් මේ සායනයට ඇවිල්ලා හිටියා. රෝහලේ ඉන්නකොට එදා විශේෂඥ වෛද්‍යතුමා මට කියපු දෙයක් මතක් වුණා ." විමලසේන මහත්තය දැන් ඉස්සර වගේ නෙමෙයි අංශභාග රෝගීන් වැඩියි. පුද්ගලයෝ හතර දෙනෙක් ගත්තොත් එක්කෙනෙකුට මේක වැළදෙන්නෙ හැකියාව තියෙනවා." ඉන්න රෝගීන් දිහා බැලුවහම ඒ කතාව ඇත්ත කියල මටත් හිතුනා. මගේ අංකය ආවට පස්සේ ිශේෂඥ වෛද්‍යතුමාව හම්බෙන්න අපිට අවස්ථාව ලැබුණා . එතුමා මාව නැවතත් පරීක්ෂා කලා. ඒ වගේම කරගෙන එන්න කියපු ලේ පරීක්ෂණ වාර්තාත් බැලුවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි මට කිව්වේ "ඔබතුමාට තිබුණ දියවැඩියාව සහ අධි රුධිර පීඩනය කාලෙක ඉඳන් තිබිලා තියෙනවා. ඔබතුමා අන්තිම මාස හය හතේ දී මේ රෝග හරියට පාලනය කරගෙන තිබුණේ නැහැ. මට හිතෙන්නෙ මේ නිසා වෙන්නැති ඔබතුමාට මේ වගේ තත්ත්වයක් එන්න ඇත්තේ. ඒ නිසා අධි රුධිර පීඩනය සහ දියවැඩියාව කියන තත්ත්වයන් හොඳින් පාලනය කරගන්න. නැත්තං ආපහු අංශභාග තත්ත්වයක් ඇතිවෙන්න හැකියාව තියෙනවා." ඇත්තටම අන්තිම අවුරුද්දෙ විතර මගේ වැරදි ආහාර රටාවත්, නියම කළ ඖෂධ මගහැරීමත් නිසා වෙන්න ඇති මේ වගේ තත්ත්වයක් මට ආවේ. වාසනාවකට ඉක්මනටම රෝහලට ගියපු නිසා මට අංශභාග තත්ත්වය සුව කරගන්න පුළුවන් වුණා. වෛද්‍යතුමා ඊට අමතරව ලබාදුන් ඖෂධ හරියට බොන්න කියලා කිව්වා. ඒ වගේම නිවැරදි ආහාර රටාවත් පුරුදු කරගන්න උපදෙස් ලබා දුන්නා. ඉස්පිරිතාලෙදි කියල දුන්න අතටත් කකුලටත් කරන්න කියා දුන්න ව්‍යායාම ටිකත් තව සති දෙක තුනක් කරන්න කියලා කිව්වා. ආපහු තව මාසෙකින් ඇවිල්ලා සායනයේදී පෙන්නන්න කියලා අවසාන වශයෙන් මට කිව්වා. ඒත් වෛද්‍යතුමා අන්තිමට කිව්ව කතාව මගේ හිතේ තවමත් දෝංකාර දෙනවා. දිය වැඩියාව සහ අධි රුධිර පීඩනය හරියට පාලනය නොකළොත් ආපහු මේ වගේ තත්වයක් එන්න පුළුවන්. ඒ කියන්නේ මට දියවැඩියාවයි අධි රුධිර පීඩනයයි හරියට පාලනය කරගන්නම වෙනවා. ඒවගේම මගේ පෙර පිනකට තමයි පුළුවන් තරම් ඉක්මනින් ම රෝග අංශභාග රෝග ලක්ෂණ වේලාසනින්ම හඳුනගත්තේ ඒ වගේම ඉක්මනින්ම මට ඉස්පිරිතාලෙට යන්න පුළුවන් වුණේ. පරක්කු වෙලා ගියා නං මට බෙහෙත විදින්න බැරි වෙනවා. දන්න කෙනෙක්ටත් මං කියන්නේ අංශභාගේ රෝග ලක්ෂණ ආවොත් බලන් ඉන්න එපා. ඉක්මනින්ම ළඟම තියෙන රෝහලට යන්න. ඉක්මනින්ම ගියොත් අංශභාගෙට බෙහෙත් තියෙනවා.

Address

No 146, Kandy Road, Ampara
Uhana
32060

Opening Hours

Monday 06:30 - 08:00
16:00 - 20:30
Tuesday 06:30 - 08:00
16:00 - 20:00
Wednesday 06:30 - 08:00
16:00 - 20:30
Thursday 06:30 - 08:00
16:00 - 20:30
Friday 06:30 - 08:00
16:00 - 20:30
Saturday 06:30 - 08:00
16:00 - 20:30
Sunday 06:30 - 20:30

Website

Alerts

Be the first to know and let us send you an email when My Doctor -Medical Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram