ආන්යා හෙල්ත්.Aanya Health

ආන්යා හෙල්ත්.Aanya Health විශේෂ සන්ධි,චර්ම,රෑපලාවන්‍ය & වැඩිහිටි/ළමා රෝග & "ඔන්ලයින් ක්ලිනික් කාමරේ" ප්‍රතිකාර📞whatsapp-0707765999.0704965999.

17/03/2026

# #මෙට්ෆෝමින්

13/03/2026

  # #ටීනියා #
13/02/2026

# #ටීනියා #

❤️
03/02/2026

❤️

  # #කුරුලෑ #  #
02/02/2026

# #කුරුලෑ
# #

✅✅✅කුරුලෑ/Acne ගැන අහන අයට👇👇ලිපිය පහලින් 👨‍⚕️
# #කුරුලෑ
#
♦️♦️කුරුළෑ යනු මොනවාද?

♦️කුරුලෑ යනු සුලභ සමේ රෝගයක් වන අතර එය වෛද්‍ය විද්‍යාවේදී acne vulgaris ලෙස හදුන්වනු ලබනවා. ඒවා කුඩා රතු ගැටිති ලෙස දිස්වන අතර සමහර විට සැරව පිරී ඇති අතර සාමාන්‍යයෙන් මුහුණ, නළල, පපුව, උරහිස් සහ පිටුපස වර්ධනය වේ. සමේ කුඩා විවරයන් වන රෝම කූප හෝ සිදුරු, මිය ගිය සමේ සෛල සහ බැක්ටීරියා වලින් අවහිර වූ විට කුරුලෑ ඇතිවේ.

සුදු ලප(whiteheads), කළු ලප(Blackheads), පැල්ලම්(pustules), ගැටිති සහ ගෙඩි(nodules, and cysts. ) ඇතුළු විවිධ වර්ගයේ කුරුලෑ තිබේ. කුරුලෑ බරපතල වෛද්‍ය තත්වයක් නොවූවත්, ඒවා විශේෂයෙන් දරුණු හෝ දිගු කල් පවතින විට. පුද්ගලයෙකුගේ විශ්වාසය, මානසික යහපැවැත්ම සහ ජීවන තත්ත්වයට බලපායි.

♦️කුරුලෑ ඇතිවන්නේ කෙසේද?

අපිරිසිදු සම කුරුළෑ ඇතිවීම කෙරෙහි බලපාන ප්‍රදාන සාදකය ලෙස පොදු මතයක් පවතින අතර කුරුළෑ ඇතිවීම කෙරෙහි පහත හේතුද බලපානු ලබයි ප්‍රධාන හේතු අතරට:
• අතිරික්ත තෙල් (sebum) නිෂ්පාදනය: විශේෂයෙන් හෝමෝන වෙනස්කම් අතරතුර, sebaceous ග්‍රන්ථි වැඩි තෙල් ප්‍රමාණයක් නිපදවයි.මේ හේතුව නිසා සමේ ඇති සිදුරු අවහිර වන අතර එමගින් කුරුළෑ ඇතිවීම සිදුවේ

• මිය ගිය සෛල :- මිය ගිය සමේ සෛල එකට ඇලී සමේ රෝම කූප සිදුරු අවහිර කිරීම සිදු කරනු ලබයි.

• බැක්ටීරියා වර්ධනය: Cutibacterium acnes (C. acnes) නම් බැක්ටීරියාව අවහිර වූ සිදුරු තුළ වර්ඪනය වීමද කුරුළෑ ඇතිවීම කෙරෙහි බලපානු ලබනවා.

හෝමෝන වෙනස්කම් - විශේෂයෙන් ඇන්ඩ්‍රොජන් - සමේ තෙල් නිෂ්පාදනය වැඩි කරයි.

♦️අනෙකුත් සාධක අතර

ආතතිය,
දුර්වල සම ආරක්ෂණ පුරුදු,
තෙල් සහිත ආලේපන භාවිතය,
සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර,
නින්ද නොමැතිකම සහ
දූවිලි සහිත පරිසරවලට නිතර නිරාවරණය වීමද කූරුළෑ ඇතිවීම කෙරෙහි බලපානු ලබයි.
දුර්වල සනීපාරක්ෂාව කුරුළෑ ඇතිවීම කෙරෙහි බලපාන බව ඔබ අප දන්නා ජනප්‍රිය මතය උවත් අදික ලෙස මුහුණ පිරිසිදු කිරීමද කුරුළෑ ඇතිවීම කෙරෙහි බලපානු ලබයි.

♦️වයස් කාණ්ඩ
කුරුළෑ ඕනෑම වයසකදී ඇතිවිය හැකි නමුත්, ඒවා යෞවන වියේදී (adolescence) වැඩි වශයෙන් දැකගත හැක.
• යොවුන් වියේ පසුවන්නන් (12–19 වසර): යෞවන වියේදී සිදුවන හෝමෝන වෙනස්කම් හේතුවෙන්, මෙම වයස් කාණ්ඩය පිම්පල් වලට වැඩි ලෙස බලපෑමට ලක්වේ.
• තරුණ වයසේ පසුවන්නන් (20–30 වසර): බොහෝ පුද්ගලයින්ට වැඩිහිටි වියටත් පිම්පල් පවතින අතර, මෙය වැඩිහිටි කුරුළෑ (adult acne) ලෙස හඳුන්වයි.
• වසර 30 ඉක්මවූ වැඩිහිටියන්: විශේෂයෙන්ම කාන්තාවන්ට හෝමෝන අසමතුලිතතාව, මානසික ආතතිය (stress), ගර්භණීභාවය්, හෝ රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් පිම්පල් ඇතිවිය හැක.

අලුත උපන් දරුවන්ටත් මෘදු කුරුළෑ ඇතිවිය හැකි අතර, එය නියෝනටල් කුරුළෑ (neonatal acne) ලෙස හඳුන්වයි. සාමාන්‍යයෙන් එය විශේෂ ප්‍රතිකාරයක් නොමැතිව ඉබේම සුවවීම සිදුවේ.

♦️අපි කළ යුතු දේ සහ කළ නොයුතු දේ

අපි කළ යුතු දේ
• මෘදු, non-comedogenic cleanser( comedogenic යනු සමේ පවතින සියුම් සිදුරු වසාදමන) එකක් භාවිත කරමින් දිනකට වරක් හෝ දෙවරක් මුහුණ සෝදා පිරිසිදු කරගත යුතුය.
• හැකි තරම් අත මුහුණට තැබීමෙන් වලකින්න.
• oil-free සහ non-comedogenic වූ skincare හා makeup නිෂ්පාදන භාවිත කරන්න.
• පළතුරු, එළවළු සහ ප්‍රමාණවත් ජලය ඇතුළත් සමබර ආහාර රටාවක් පවත්වාගෙන යාම වැදගත්ය.
• ව්‍යායාම, ප්‍රමාණවත් නිදාගැනීම

* මානසික ආතතිය (stress) පාලනය කිරීම.

♦️අපි කළ නොයුතු දේ
• පිම්පල් මිරිකීම හෝ පුපුරවීම නොකළ යුතුය, එයින් ආසාදන (infection) සහ කැළැල් (scarring) ඇතිවිය හැක.
• දැඩි ලෙස scrub භාවිතය හෝ අධික ලෙස මුහුණ සෝදීමෙන් වලකින්න.
• වෛද්‍ය උපදෙස් නොමැතිව steroid creams හෝ සමාජ මාද්‍ය තුළින් දකින වගකීමෙන් තොර ආලේපන වර්ග හා ප්‍රතිකාර භාවිත නොකළ යුතුය.
• පිම්පල් අත ගැසීමෙන් වලකින්න.

හොඳ skincare පුරුදු පුහුණු (skincare discipline) පවත්වා ගැනීම, පිම්පල් දැඩි වීම වැළැක්වීමට ඉතා වැදගත් කාර්යයක් වේ.

♦️කුරුළෑ සඳහා ප්‍රතිකාර

කුරුළෑ සඳහා ප්‍රතිකාර කිරීම කුරුළෑ(acne ) පවතින ප්‍රමාණය එසේත් නැතිනම් අදිකබව මත රඳා පවතී. සාමාන්‍යයෙන් කුරුළෑ සදහා බොහෝ විට වෛද්‍ය අනුමැතිය නොමැතිව ලබාගත හැකි ඖෂධ (counter products) භාවිතයෙන් පාලනය කළ හැකි අතර, කුරුළෑ දැඩි අවස්ථාවලදී වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය විය හැක.
• මතුපිට ප්‍රතිකාර (Topical treatments): මෙවැනි ප්‍රතිකාර අතර benzoyl peroxide, salicylic acid, retinoids, සහ ප්‍රතිජීවක (antibiotics) ඇතුළත් වේ. මෙම ඖෂධ කුරුළෑ ඇති ස්ථානයේම මතුපිටට යොදාගනී.
• මුඛය මාර්ගයෙන් ලබාගන්නා ඖෂධ (Oral medications): අදික ලෙසපවතින කුරුළෑ සඳහා වෛද්‍යවරු මුඛ මාර්ගයෙන් ලබාගන්නා ප්‍රතිජීවක ඖෂධ හෝමෝන ප්‍රතිකාර (hormonal therapy), හෝ isotretinoin වැනි ඖෂධ ලබාදීම සිදුකරනු ලබනවා.
• ජීවන රටාව වෙනස් කිරීම (Lifestyle changes): නිසි ආහාර රටාවක්, මානසික ආතතිය පාලනය කිරීම, සහ හොඳ skincare routine එකක් පවත්වා ගැනීම වෛද්‍ය ප්‍රතිකාරයට වැදගත් සහයක් ලෙස දැක්විය හැකියි.
• වෙනත් වෘත්තීය ප්‍රතිකාර ක්‍රම (Professional procedures): අවශ්‍ය නම් chemical peels, laser therapy, සහ acne scar treatments වැනි වෘත්තීය ප්‍රතිකාර ක්‍රම සිදුකල හැකි අතර ඒ සදහා සුදුසුකම් ඇති පළපුරුදු වෛද්‍යවරුන් වෙත යොමුවීම අනිවාර්යයෙන්ම සිදුකල යුතුවේ.

වැදගත්
ඖෂධ ආරම්භ කිරීමට පෙර සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදේශනය අත්‍යවශ්‍ය වේ. නිසි අයුරින් භාවිත නොකළහොත් විවිධ අතුරුඵල (side effects) ඇතිවිය හැක.

♦️නව ප්‍රවනතා

ශ්‍රී ලංකාවේ Whitening Cream සහ දේශීය ක්‍රීම් භාවිතය

අද වනවිට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා අතර whitening cream සහ විවිධ දේශීය ලෙස නිපදවන ක්‍රීම් කුරුළෑ සහ සමේ වර්ණය වෙනස් කිරීම සඳහා භාවිත කිරීම නව ප්‍රවණතාවක් ලෙස දැකගත හැක. සමාජ මාධ්‍ය භාවිතය සුන්දරත්වය පිළිබඳ අදහස් නිරන්තරයෙන් කතාබහට ලක්වීම සහ ඉක්මන් ප්‍රතිඵල ලබාගැනීමට ඇති කැමැත්ත නිසා මේවා අදික ලෙස භාවිත කිරීම දැකිය හැකියි.

ශ්‍රී ලංකාව උෂ්ණ කලාපීය (tropical) රටක් වන නිසා, ඉහළ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව හේතුවෙන් සම මත තෙල් (sebum) නිෂ්පාදනය වැඩි වේ. මේ තෙල් දූවිලි එකතු වී රෝම කුහර (pores) අවහිර කර, කුරුළෑ ඇතිවීමට පහසු පරිසරයක් සෑදේ. මේ හේතුව නිසාද බොහෝ දෙනා whitening හෝ විවිඪ ක්‍රීම් වර්ග භාවිත කරමින් කුරුළෑ අඩු කිරීමට උත්සාහ කරති.

කෙසේ වෙතත්, විශේෂයෙන්ම නියාමනය නොකළ දේශීය ක්‍රීම් වල steroids, mercury, හෝ දැඩි bleaching ද්‍රව්‍ය ඇතුළත් විය හැක. මෙවැනි ද්‍රව්‍ය කෙටි කාලයක් තුළ සම පැහැදිලි වීමක් සහ රතු පැහැය අඩු වීමක් පෙන්වුවද, කුරුළෑ ඇතිවීමට හේතු වන මූලික ගැටලු සදහා ප්‍රතිකාර නොකරයි. දිගුකාලීනව හෝ වැරදි ලෙස භාවිත කළහොත් steroid-induced acne, සම තුනී වීම (skin atrophy), වර්ණ වෙනස්වීම්, සහ කුරුළෑ වැඩි වීම වැනි ගැටලු ඇතිවිය හැක.

උෂ්ණ කලාපීය කාලගුණය තුළ දැඩි, comedogenic ක්‍රීම් භාවිතය සමේ රෝම කුහර තවත් අවහිර කරමින් කුරුළෑ තත්ත්වය තව දුරටත් වර්ධනය කරයි.ඒ නිසා චර්ම රෝග විශේෂඥයන් light, oil-free, non-comedogenic skincare නිෂ්පාදන භාවිතය නිර්දේශ කිරීම සිදු කරනු ලබයි.

කුරුළෑ යනු සරල රූපලාවණ්‍ය ගැටලුවක් නොව වෛද්‍ය විද්‍යාත්මකව සමේ රෝගයක් බව ජනතාව අවබෝධ කරගැනීම අත්‍යවශ්‍යය. නිසි වෛද්‍ය උපදෙස්, කාලගුණයට සුදුසු skincare, සහ සුරක්ෂිත ප්‍රතිකාර ක්‍රම භාවිතය, whitening හෝ අහඹු ප්‍රතිකාර වලට වඩා යහපත් බව මතක තබාගතයුතුයි.
Editor -mr Shirantha Herath

26/01/2026

✅✅✅👨‍⚕️

✅✅✅25/1/18👉 #මොනරා     # #එක්සීමා✅💪👉එක්සීමා ගැන විටින් විට මගෙන් ලිපියක් විමසපු අය වෙනුවෙන් ඔන්න මොනර පත්තරේටම ලිපියක් ල...
20/01/2026

✅✅✅25/1/18👉 #මොනරා # #එක්සීමා
✅💪👉එක්සීමා ගැන විටින් විට මගෙන් ලිපියක් විමසපු අය වෙනුවෙන් ඔන්න මොනර පත්තරේටම ලිපියක් ලිව්වා. කියවා ගන්න අවශ්‍යයි ඒ වගේම තව කෙනෙක් දැනුවත් කරන්න අමතක නොකර සෙයා කරරන්න.
Dr Milinda Abeykoon, at AANYA Health.

07/01/2026

❤️
01/01/2026

❤️

❤️
01/01/2026

❤️

✅✅✅❤️ආදරණීය චතුරංග මල්ලි ආනමඩුවේ රජයේ රෝහලේ මම සේවය කරන අවස්ථාවේ ආනමඩුව ලංකා බැංකුවේ සාමාන්‍ය සේවකයෙක්.මගෙ කටයුතු වලදි ආණමඩුවේදි සහෝදරයෙක් වගේ උදව් කරපු කෙනෙක්🥹🥹.බොහොම පරණ හිතවත් කමක්,නමුත් දැන් එයා Boc මැනේජර් කෙනෙක් වෙලා 💪වීරඹුගෙදර boc එක හොදින් දියුණු කලා👍. මාව බලන්න අලුත් අවුරුද්ද ලබන්න කලින් ඇවිල්ලා.,!පිංතූරෙ ඉන්න අනිත් මල්ලිත් හිනාවෙලා තමන්ගේ සේවය සලසන කෙනෙක්🙏🥹
✅✅✅ Boc එකේ සර්විස් එකට ගොඩක් අය දොස් කියනවා මං දැකල තියනව.,නමුත් වීරඹුගෙදර/උහුමීය/වාරියපොල/කුරුණෑගල අවට අය ඇවිල්ලා බලන්න විර්ඹුගෙදර එක කියන්නේ තමන්ගේ ගෙදර වගේ🫡🏠 තැනත්,බැංකු කටයුතු වලට කියාපු තැන,!🤗💪🤝
❤️මල්ලි ඔයාලට ස්තූතියි,හදවතින්ම දියුණුව පතනවා🤝👨‍⚕️
✅මනුස්සයෙක්ගෙ හොදක් දැක්කොත් උගේ නාඩි වැටෙන වෙලේ කට පුරා හිත පුරා අගය කරන්න පුරුදු වෙයල්ලා🫵
☎️-Boc weerambugedara👉👉0372067760

Address

AANYA Health
Uhumiya
6000

Opening Hours

Monday 07:00 - 08:00
17:00 - 20:00
Tuesday 09:00 - 10:00
17:00 - 20:00
Wednesday 07:00 - 08:00
17:00 - 20:00
Thursday 07:00 - 08:00
17:00 - 20:00
Friday 07:00 - 08:00
17:00 - 20:00
Saturday 07:00 - 08:00
17:00 - 20:00
Sunday 07:00 - 08:00
17:00 - 20:00

Telephone

+94707965999

Website

Alerts

Be the first to know and let us send you an email when ආන්යා හෙල්ත්.Aanya Health posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to ආන්යා හෙල්ත්.Aanya Health:

Share