Divisional Hospital, Unawatuna

Divisional Hospital, Unawatuna Divisional Hospital, Unawatuna is a Type B Divisional Hospital in Galle District.

08/05/2025

🔴බිඳුණු හෘද සින්ඩ්‍රෝමය (ටකොට්සුබෝ හෘද රෝගය)

🔹සාමාන්‍ය ව්‍යවහරයේ සමහර අය "පපුව පැලෙයි" ලෙස පවසනවා ඔබ අසා තිබේද. එය අපගේ ව්‍යවහරට එකතු වූයේ අපේ මුතුන් මිත්තන් මෙම රෝග තත්වය පිලිබද අවුරුදු සිය ගණනකට පෙර දැන සිටීම නිසා විය හැක

🔹පුද්ගලයෙකු දැඩි චිත්තවේගීය හෝ ශාරීරික ආතතියක් අත්විඳින විට ආතතිය
(ටකෝට්සුබෝ) බිඳුණු හෘද සින්ඩ්‍රෝමය ලෙස හැඳින්වෙන හෘද :රෝගය ඇතිවිය හැක.

⭕හදවතට මොකද වෙන්නේ ?

🔹මෙහිදී පීඩනයේ ප්‍රතිපලයක් ලෙස ඔබේ හදවතේ මාංශපේශී වල තාවකාලික දුර්වල වීමක් සිදුවේ. එම නිසා හදවතේ සමහර කොටස් වල හැඩයේ වෙනස් වීමක් සිදුවේ.

🔹 බිඳුණු හෘද සින්ඩ්‍රෝමය (ටකොට්සුබෝ හෘද රෝග) takotsubo cardiomyopathy යනු හෘදයේ රැධිරය පොම්ප කීරීමේ හැකියාව දුර්වල වීමකි.

🔹මෙම තත්ත්වය සාමාන්‍යයෙන් ඇති වන්නේ හදිසි රෝගාබාධයක්, ආදරය කරන කෙනෙකුගේ වියෝව, බරපතළ අනතුරක් හෝ භූමිකම්පාවක්,, වැනි ස්වාභාවික විපතක් වැනි දැඩි චිත්තවේගීය හෝ ශාරීරික ආතතියක ප්‍රතිඵලයකි. එම තත්ත්වය ආතතියෙන් ඇතිවන හෘද රෝග හෝ බිඳුණු හෘද සින්ඩ්‍රෝමය ලෙසද හඳුන්වන්නේ එබැවිනි.

⭕හදුනාගන්නේ කොහොමද ?

🔅මානසික පීඩනයකට විනාඩි ගණනකට - පැය ගණනකට පසු ඇති වන පපුවේ වේදනාව
🔅දහඩිය දැමීම
🔅හුස්ම හිරවීම
🔅වමනය
🔅පපුවේ ගැස්ම ඔබට දැනීම
🔅රුධිර පීඩනය අඩු වීම

⭕බිඳුණු හෘද සින්ඩ්‍රෝමය රෝග ලක්ෂණ

▪️ පීඩනය, බර හෝ පපුවේ වේදනාව
▪️සමහර විට කැඩුණු හෘද සින්ඩ්‍රෝමය ඇති පුද්ගලයින්ට පපුවේ වේදනාව සුලුවෙන් පමණක් දැනේ. ඒ වෙනුවට, ඔවුන්ට හුස්ම හිරවීම, හදිසියේ කැපී පෙනෙන තෙහෙට්ටුවක්, දහඩිය, ක්ලන්තය හෝ සැහැල්ලු හිසරදයක් ඇති විය හැක.

⭕බිඳුණු හෘද සින්ඩ්‍රෝමය ඇතිවීමට හේතුව කුමක්ද?

🔹බිඳුණු හෘද සින්ඩ්‍රෝමය සඳහා නිශ්චිත හේතුව නොදනී, නමුත් ප්‍රවීණයන් සිතන්නේ ඉහළ යන ආතති හෝමෝන (උදාහරණයක් ලෙස, ඇඩ්‍රිනලින්) හෘද පේශි සෛලවල හෝ කිරීටක රුධිර නාලවල (හෝ දෙකම) වෙනස්කම් ඇති කරන බවත්ය.

🔹බිඳුණු හෘද සින්ඩ්‍රෝමය සඳහාහේතු

◾දැඩි වේදනාවක්
◾ගෘහස්ථ හිංසනය
◾නරක ආරංචි ලැබීම (පිළිකා රෝග විනිශ්චය වැනි)
◾මෝටර් රථයක් හෝ වෙනත් අනතුරක්
◾සමීප ඥාතියෙකු, මිතුරෙකු හෝ සුරතල් කෙනෙකුගේ අනපේක්ෂිත අහිමි වීම, අසනීප හෝ තුවාල වීම
◾මූදල් පාඩු
◾දැඩි බිය
◾හදිසි පුදුමයක්.

⭕මොකද කරන්න ඕනේ ?

◾සම්පූර්ණයෙන්ම සුව කල හැකි තත්වයක් වුවත් වෛද්‍ය උපකාර අවශ්‍ය වේ. එම නිසා ඔබට දරුණු පීඩනයකට පසු මෙම රෝග ලක්ෂණ ඇති උනොත් ඉක්මනින් රෝහල් ගතවන්න

◾ප්‍රතිකාර නොකලහොත් මාර #න්තික විය හැක.

⭕බිඳුණු හෘද සින්ඩ්‍රෝමය ප්‍රතිකාර

◾රෝග ලක්ෂණ වල බරපතලකම මත රඳා පවතී, සහ පුද්ගලයාට අඩු රුධිර පීඩනය තිබේද යන්න හෝ පෙනහළු වලට තරලය නැවත ඇති බවට සාක්ෂි තිබේද යන්න මත රඳා පවතී.

◾වෛද්‍යවරුන් බොහෝ විට බීටා බ්ලොකර්ස්, ,ACE inhibitor සහ ඩයුරටික් (ජල පෙති) වැනි සම්මත හෘදයාබාධ ඖෂධ නිර්දේශ කරයි.

◾හර්ද නාල සිහින් වීම ඇති රෝගීන්ට ඔවුන් ඇස්පිරින් ලබා දිය හැකිය.

◾දිගු කාලීන ප්‍රතිකාර වශයෙන් ඇඩ්‍රිනලින් සහ අනෙකුත් ආතති හෝමෝනවල බලපෑම අඩු කිරීමෙන් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා බීටා බ්ලොකර් (හෝ ඇල්ෆා සහ බීටා බ්ලොකෙර්) දිගු කාලයක් ගැනීමට සිදුවේ

◾ මෙම ආබාධය ඇතිවිය ඉ හැකි ඕනෑම ආතතියක් අඩු කිරීමට කටයුතු කිරීම ද වැදගත් වේ.

🔰කායික රොග පිලිබද විශේෂඥ වෛද්ය බන්දුල සත්කුමාර
ශික්ෂණ රෝහල ,කුලියාපිටිය

03/05/2023
25/01/2022

"ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් හොඳ ආරක්ෂාවකට බූස්ටර් මාත්‍රාව අත්‍යවශ්‍යයි"

අප රට තුළ දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන් ගණන යළිත් වතාවක් ඉහළ යමින් පවත්නා බවත්, පැතිරෙමින් පවතින ප්‍රධාන ප්‍රබේධය බවට ඩෙල්ටා ඉක්මවමින් ඔමික්‍රෝන් පත්වෙමින් ඇති බව දැනටමත් ඔබ දන්නවා ඇති. පෙර පැවති ප්‍රබේධ ආසාදනයෙන් ආරක්ෂා වීමට සහ රෝගය වැළඳුනත් අසාධ්‍යවීම වැළැක්වීමට අපේ රටේ බොහෝ දෙනා මාත්‍රා දෙකක පූර්ණ එන්නත්කරණය කෙරෙහි විශ්වාසය තැබූ බවත් අප දන්නවා. එනමුත්, ඔමික්‍රෝන් ආගමනයත් සමඟ අප ප්‍රතිශක්තිකරණයේ තවත් ඉදිරි පියවරකට යා යුතු බව අලුත්ම විද්‍යාත්මක පර්යේෂණයක් මඟිනුත් තහවුරු වී තිබෙනවා.

Harvard, MIT, Ragon Institute සහ MGH ආයතන මගින් Cell නැමැති ලොව ඉහළ පෙළේ විද්‍යා සඟරාවක පළ කරන ලද පර්යේෂණයක දත්ත වාර්ථා වලට අනුව ලොව පුරා ඉතා ඉක්මනින් පැතිරීගෙන යන ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් ඇතිවන කොරෝනා ආසාදන වැලැක්වීම සඳහා සාමාන්‍යයෙන් ලබාදෙන එන්නත් මාත්‍රා දෙකෙන් පමණක් සැලකිය යුතු ආරක්ෂාවක් නොලැබෙන බවත් තුන්වෙනි "බූස්ටර්" මාත්‍රාවක් ලබා ගැනීමත් සමග මෙම ආරක්ෂාව ඉතා ඉහළ අගයකට යන බවත් සොයාගෙන තිබෙනවා..

මේ සඳහා හේතුව ලෙස අනුමාන කරනුයේ මෙම නව ඔමික්‍රෝන් ප්‍රභේදයේ ‘ස්පයික් ප්‍රෝටීන’ කොටසේ සිදුවී ඇති විකෘතිතා ගණන මීට ප්‍රථමව හඳුනාගත් ප්‍රභේද වලට වඩා ඉතා වැඩි බැවින් එන්නත් මාත්‍රා දෙකකින් පමණක් ජනනය වන ප්‍රතිදේහ වලට මෙම ප්‍රෝටීන කොටස හා සම්බන්ධ වී වෛරසය නිෂේධනය කිරීමේ කාර්යක්ෂමතාවය අඩු වීම යි. නමුත් තුන්වන මාත්‍රාවකින් පසුව ජනනය වන ප්‍රතිදේහ ප්‍රමාණය ඉතාමත් වැඩි නිසාත් එහි කාර්යක්ෂමතාවය ද වැඩි බැවින් එමගින් ඉතා හොඳ ආරක්ෂාවක් ලැබෙන බවට තවදුරටත් ​​තහවුරු වී තිබෙනවා.

ලොව බොහෝ රටවල් තම තමාගේ ජනගහනය හැකි ඉක්මනින් එන්නත් කිරීමට උත්සුක වන මේ අවස්ථාවේදී ලංකාව තුල බූස්ටර් මාත්‍රාව සියලු දෙනාටම ලබාදීම සඳහා ඇති පමණ එන්න තිබීම අප සියලු දෙනාම සතුටට පත්විය යුතු කාරණාවක්.

ලංකාව තුළ ද ඉතා ඉක්මනින් පැතිරීගෙන යන ඔමික්‍රෝන් ප්‍රභේදය ඉදිරි සති කීපය ඇතුළත දී ලංකාව තුළ විශාල පිරිසක් ආසාදනය කිරීමට හැකි බව විශේෂඥයින් විසින් අනතුරු අඟවා ඇති තිබෙන මේ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් අප ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ඔබට හැකි ඉක්මනින් ඔබට ලබා දෙන බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා යොමුවන ලෙසටයි. ඉතා පටු අරමුණුවලින් පතුරුවාහැරෙන මිත්‍යාමතවලට නොරැවටී , ඇතැම් අයට පමණක් ඇතිවන සහ එසේ වුවත් දින කිහිපයකින් අවසන්වන සුලු අතුරු ආබාධ පිළිබඳව නිවැරදි දැනුම සහිත ඔබ තව දුරටත් තුන්වන මාත්‍රාව ප්‍රමාද නොකරනු ඇතැයි අප විශ්වාස කරනවා.

මෙය ඔබගේ ආරක්ෂාවට පමණක් නොව බාධාවකින් තොරව අපගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑමටත්, රටේ ආර්ථිකය නගා සිටුවීම සඳහා අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව කරගෙන යෑමටත් මේ මොහොතේ අපට ලබාදිය හැකියි හොඳම සහයෝගය වනවා නොඅනුමානයි.

There are no GOODBYES for us,Wherever you are,you will always be in our hearts👋👋🥰🥰           DMO Dr.Sundara Mudalige's f...
01/11/2021

There are no GOODBYES for us,Wherever you are,you will always be in our hearts👋👋🥰🥰 DMO Dr.Sundara Mudalige's farewel party!

12/02/2020

2020.02.08 දින උණවටුන දිසා රෝහල් සුබසාධක සංගමය විසින් පවත්වන ලද ලොතරැයි දිනුම් ඇදීමේ නිල ප්රතිපල

පළමු ස්ථානය : හෂේන්
මිහිරිපැන්න ,තල්පේ
(ටිකට්පත් අංකය 570)

දෙවන ස්ථානය : හසිනි
55,කාසල්රීවත්ත,නරාවල,පෝද්දල
(ටිකට්පත් අංකය 3660)

තුන්වන ස්ථානය: සැලෝන් ඔප්රි
උණවටුන
(ටිකට්පත් අංකය 5502)

සැනසිලි තෑගි
1.A.H.L.ද සිල්වා ,හපුගල (ටිකට්පත් අංකය 3475)

2.පර්ල් හාඩ්වෙයාර් , උණවටුන (ටිකට්පත් අංකය 1624)

3.මානෙල් චන්ද්‍රා "ලබුදූව (ටිකට්පත් අංකය 5342)

4.සසදා ජයලත් , උණවටුන(ටිකට්පත් අංකය 992)

5.W.A.C.ඉදුනිල් , උණවටුන(ටිකට්පත් අංකය1843)

ඔබට හිමි තෑගි 2020.03.08 දිනට පෙර සතියේ වැඩ කරන දිනවල පෙ.ව.8.00 සිට ප.ව.4.00 අතර කාලය තුළ උණවටුන දිසා රෝහලේ කාර්යාලයට පැමිණ ලබා ගන්නා ලෙස දන්වා සිටිමු.
තෑගි ලබා ගැනීම සඳහා ටිකට්පත රැගෙන ඒම අනිවාර්ය වේ.

14/01/2020

lesser known pendrive tricks - පෙන් ඩ්‍රයිව් එකකින් ගන්න පුළුවන් ප්‍රයෝජන වෙන්නේ දත්ත තැන්පත් කිරීම විතරක් නෙවෙයි. මෙන්න පෙන් ඩ්‍ර.....

Consultant psychiatrist Dr.Ajith Jayasekara's birthday celebration 2019.09.16
16/09/2019

Consultant psychiatrist Dr.Ajith Jayasekara's birthday celebration 2019.09.16

Birthday celebration- N.W.G.A.Sudesh Warunashantha-2019.07.28
09/08/2019

Birthday celebration- N.W.G.A.Sudesh Warunashantha-2019.07.28

Birthday celebration-Manel chandra 2019.07.30
07/08/2019

Birthday celebration-Manel chandra 2019.07.30

Address

Divisional Hospital
Unawatuna

Telephone

0912234020

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Hospital, Unawatuna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Divisional Hospital, Unawatuna:

Share

Category