Professional Astrology Services - සරසවි

Professional Astrology Services - සරසවි ජීවන ගමනේ ජ්‍යොතිෂ සහකරු
(1)

පුරාණ පාරම්පරික ජ්‍යොතිෂ ශාස්ත්‍රය නූතනයට දායාද කරමින් ඔබ මුළාවෙන් මුදවා "ජීවන ගමනේ ජ්‍යොතිෂ සහකරු" ලෙස කෙන්දරයට එහා ගිය ජීවන මගපෙන්වීමක් අපි ලබාදෙන්නෙමු.

03/02/2025

ගෘහ ප්‍රවේශ මංගල්‍යය හෙවත් ගෙට ගෙවැදීමේ චාරිත්‍රය...🌺

බොහෝ වෙහෙස මහංසී වී හරිහම්බ කර ගන්නා මුදලින් ඉදිකර ගන්නා නිවහනට ගෙවැදීම හෙවත් පළමු ප්‍රවේශය ගැනීම බොහෝ දෙනා චාරිත්‍රානුකූලව හෙළ කුළ සිරිත් විරිත් වලට අනූකූලව කරනු ලබයි.
ප්‍රථමයෙන් ගමේ සිටින හෝ තමාට විස්වාසවන්ත ජ්‍යොතිෂශාස්ත්‍රඥයා වෙත ගොස් කාරනාව සැලකර ඊට ඉතාම සුබ නැකත් දිනයක් තෝරාගනී. ඉන්පසු ඊට සුබ වේලාවල් කීපයක් සාදාදෙනු ලබයි.

🌺•1.ප්‍රධාන මල්අස්නේ සහ සිව්කොණ පහන් දැල්වීම.
🌺•2.ගෙවැදීම හෙවත් ගෘහ ප්‍රවේශය.
🌺•3.කිරි ඉතිරවීම.
🌺•4.ළිප ගිණී මෙලවීම.
🌺•5.ආහාර අනුභවය.

🌺•6.පිරිත් සජ්ඣායනාව.( බෞද්ධ නම් )
ජ්‍යොතිෂශාස්ත්‍රඥයා විසින් පිළිවෙලින් 1 2 3 4 5 යන කාර්‍යයන් සඳහා සුබ වේලාවල් ලබා දෙන අතර ඊට චාරිත්‍ර ක්‍රමයන් ද කියාදේ.

01.
🌹🌹ප්‍රධාන මල් අස්නේ සහ සිව්කොණ පහන් දැල්වීම🌹🌹

ත්‍රිවිධ රත්නය ප්‍රමුඛ දේව වන්දානාව බොහෝ ප්‍රදේශ වල සිදුකරයි. එහිදී පහන් වෙන් කිරීම සිදුවන්නේ මේ අයුරිනී. ( ප්‍රදේශ අනුව වෙනස් විය හැකිය )
•පහනක් හෝ පහන් 3ක් ( බුදුසමිඳුන් වෙනුවෙන් පමනක් හෝ ත්‍රිවිධ රත්නයටම )
•පහනක් ( ප්‍රදේශ බාර දෙවියන් ට )
•පහනක් ( ගම්භාර සූනියම් දෙවියන් ට )
•පහනක් සහිත් පුන්කළස ( පොළව මහී කාන්තාවට ) සමහරු එය භෛරව දේවතාවුන්ට කියා තබයි.
•සිව්කොණ පහන් 4ක් ( සිව්වරම් දෙවියන්ට ).
•පීරිසියක තැබූ විශේෂ පහනක්.
ගෘහමුලිකයා පළමුවෙන් සුබ දිසාව බලා සුබ මොහොතට මෙලෙස පහන් දල්වා මල් , හඳුන්කූරු , කපුරු , බුලත් , පුවක් ආදිය සහිතව සුවඳ දුම් අල්ලා පංචශීලය සමාදන්ව බුදුගුණ පිරිත් කියමින් දේව ගුණ ස්තෝත්‍ර කවි කීම ආරම්භ කරයි. ඇතමුන් පහන් දැල්වීම පමණක් සිදුකරන අතර තවත් සමහරු ගමේ ඉන්නා වැඩිහිටියෙකු හෝ පිරිත් කියන්නෙකු හෝ චාරිත්‍ර කරන්නෙකු කැඳවා පුදපූජා තැබීම සිදුකරවා ගනී.

02
🌹🌹ගෙවැදීම හෙවත් ගෘහ ප්‍රවේශය🌹🌹

නැකත් දිනට පෙර දිනයේ පංච අමෘතයෙන් හෝ කහවතුරෙන් හෝ අදකාලේ නම් පිරිසිදුකාරකයක් යොදා ගේ සෝදා සුවඳ ධූපයක් අල්ලා දොරවල් වැසීම සිදුකළ යුතුයි. කිසිම ගෘහ භාන්ඬයක් නොමැතිව නිවස හිස් විය යුතුයි. පහන් පැලේ කටයුතු හමාරකර එහී
•ගෘහමුලිකයා - පීරිසියක තැබූ සුවිශේෂී පහන, බුදුරුවක් හෝ පිළිමයක් අතැතිව ඉදිරියෙන්. ( බන්දේසියක තබා )
•ගෘහමූලීක කාන්තාව - ගෙවැදුම් කුල්ල අතැතිව දෙවනුව
•මෑණීයන් - දිය පිරුණු නැවුම් කළයක් උකුලේ තබා
•අනෙක් සිටින අය හිස් අතින් නොයා කුමක් හෝ යමක් අතැතිව
( කැමති පරිදී මෙය සිදුකළ හැකිය )
පිරිත් කියමින් ගෘහමුලික තෙමේ සුරතින් දොර විවෘත කරමින් සුබ දිසාව බලා ගෙවැදීම සිදුකරයි.
🏵️ #ගෙවැදුම්_කුල්ල 🏵️
මේ සඳහා කුල්ලක් ගෙන ඊට එළවළු ටිකක්, පලතුරක්, මුඩ්ඩ සහිත පොල් ගෙඩියක් , එළකිරි බෝතලයක්, කිරි හට්ටියක් , හාල් , තුනපහ ආදීය.... තබමින් සකසා ගනී.

03
🌹🌹කිරි ඉතිරවීම🌹🌹

ගෘහ ප්‍රවේශයෙන් අනතුරුව සාලය මැද බිම තදින් රත්වීම වැලකීමට යමක් දමා වැලි දමා ගඩොල් 3ක් තබා නැවුම් මුට්ටියක් ගෙන එහී ත්‍රිශූල හෝ ඕම් හෝ ස්වස්තිථික සලකුණු ඇඳ සමබරව ලිප්ගල් තුන මත තබා ගෘහමුලිකයා විසින් ගෙවදුම් කුල්ලෙන් එළකිරි බෝතලය ගෙන මුට්ටිය ට වක්කරනු ලබයි. අනතුරුව සඳුන් දර හෝ ඖෂධ දර හෝ දමා කපුරු වලින් දැල්වීම සුබ දිසාව බලා සිදුකරයි.

වටෙන්ම කිරි ඉතිරීයාම සිදුවුවහොත් සැවොම සිත් සතුටු කරගන්නේ මූනෙන් මූණ බලාය. එක් දිසාවකට කිරි ඉතිරවීම සිදුවුව හොත් පැරැන්නෝ ඒ අනුවද යම් යම් සිතුවිලී සිතූහ. පසුව එම කිරිමුට්ටිය ගෙන අඹ කිනිත්තකින් ගේ වටේට කිරි ඉසීම සිදුකරයි.

( ඉතිරවීම සඳහා ගන්නේ එළකිරි ද පොල් කිරි ද නැවුම් fresh milk කිරි ද .... සංවාදයට )

04
🌹🌹ළිප ගිණී මෙලවීම🌹🌹

මෙය සිදුකරන්නේ ගෘහමුලික කාන්තාව විසින් කුස්සියේ චිමිනිය නැතිනම් පෝරණය තුළ දීය. කිරිබත් පිසීම චාරිත්‍රය වුවත් වෑංජන සහිත බත් පිසීමද සිදුකරයි. එයද වරදක් නොවෙයි. පිළාපිළිහුඩු කිසිවක් පිසීම එදා ගැමියන් සිදු නොකළ අතර වර්තමානයේ නම්...?

06
🌹🌹ආහාර අනුභවය🌹🌹

පිසගත් කිරිබත් හෝ වෑංජන බත් සහිත කෑම මේසය පිළියෙල කර ප්‍රථමයෙන් ගෘහමුලිකයා බෙදාගනු ලබයි. නැතහොත් අම්මා තාත්තා ආදී වැඩිහිටියෙකුට හෝ දරුවෙකුට හෝ බෙදාදීම සිදුකරයි. ඇතැම් නිවාස වල අම්මා විසින් සැමට කවනූ ලබයි.

06
🌹🌹පිරිත් සජ්ඣායනාව🌹🌹

ගිහි පිරිතක් හෝ ස්වාමීන් වහංසේලා වඩම්මවා එදින සවස හෝ දිනකීපයකට පසු පිරිත් සජ්ඣායනාව සිදුකරයි. ඇතැමුන් ධර්ම දේශනය ක් සිදුකිරීමද කරනු ලබයි.

💔විශේෂ සටහනක්......
මේ ආකාරයට චාරිත්‍රාංග කෙසේ සිදුවත් තම නිවසේ ගෙවැදුම් දින උත්සවයක් ගත්තාට වරදක් නැතත් මස් මාංශ උයමින් මත් වතුර ආදීය ගෙන පාටී දැමීම් එදින හෝ කිසිදිනෙක අනුමත නොකරමී.

ස්තුතී
තෙරුවන් සරණයි

Page එකට කර ඔබේ ප්‍රදේශයේ චාරිත්‍ර සිදුකරන ආකාරය කර තව කෙනෙකුට දැනගැනීම පිණිස කරන්න
ඔබට යම් ප්‍රශ්නයක් ඇත්නම් Comment තීරුවේ අසන්න.

🗺️කේන්ද්‍රය බලාගන්න🌐කල අපල අනුව මගපෙන්වීමක් ජීවිතයට ලබා ගන්න🧭උපන් වෙලාවේ ඉඳලා පොරොන්දම් පරීක්ෂාව, විවාහයට නැකත් සෑදීම ඇත...
21/10/2024

🗺️කේන්ද්‍රය බලාගන්න
🌐කල අපල අනුව මගපෙන්වීමක් ජීවිතයට ලබා ගන්න
🧭උපන් වෙලාවේ ඉඳලා පොරොන්දම් පරීක්ෂාව, විවාහයට නැකත් සෑදීම ඇතුළු සියලුම ජ්‍යොතිෂ කටයුතු
❤ හතළිස් වසරකටත් වඩා ක්ෂේත්‍රයේ පළපුරුදු ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනියකගෙන් ඉටුකර ගන්න.

කතා කරන්න
🎻0710567783 / 0778313762
🌏Whatsapp කරන්න 0715417566

🤸එන්න
💡අඟහරුවාදා දින - තවලම කාර්යාලය
💡සෙනසුරාදා දින - නෙළුව කාර්යාලය
💡අනෙකුත් දිනවල - පනන්ගල නිවස
වෙත...

☑️ඔන්ලයින් වුණත් ළඟ හිටියා වගේ ලස්සනට පිළිවෙළට ඔයාලගෙ වැඩේ කරගන්න.

🌼ජීවන ගමනේ ජ්‍යොතිෂ සහකරු 🌼
❤සරසවි ජ්‍යොතිෂ කාර්යාලය❤

📚පනන්ගල | නෙළුව | තවලම

😂 ඇඬෙන ඒවා අරන් එන්න 😇
17/10/2024

😂 ඇඬෙන ඒවා අරන් එන්න 😇

සියලුම ජ්‍යොතිෂ කටයුතු ළඟ හිටියා වගේ ඔන්ලයින් කරගන්නඅපිට කතා කරන්න 🙏🌷
15/09/2024

සියලුම ජ්‍යොතිෂ කටයුතු ළඟ හිටියා වගේ ඔන්ලයින් කරගන්න
අපිට කතා කරන්න 🙏🌷

✔Toshiba 2309A Copier + B&W Printer + Scanner✔Machine stand + Toner powder + Ex Cartridge✔A4 Rack for color A4 (Glass)✔R...
11/09/2024

✔Toshiba 2309A Copier + B&W Printer + Scanner
✔Machine stand + Toner powder + Ex Cartridge
✔A4 Rack for color A4 (Glass)
✔Reload Card Rack
✔Stand for A4 Rack and Cashier
✔Phone Accessories hanging mesh with hocks
✔Sightly cracked but working stand Fan

මෙම සියල්ලම ඉතා ඉක්මනින් විකිණීමට අපේක්ෂා කෙරේ.
අද දින මිලදී ගන්නා කෙනෙකුට රු 1,30,000කට සියල්ල ලබාදෙනු ලැබේ.

Location printcare near pinnaduwa highway exit

වට්සැප් ඔස්සේ පමණක් අමතන්න 0715417566
අවශ්‍යතාව නැත්නම් නිකරුණේ අමතන්න එපා🙏

😇
21/07/2024

😇

බබාට නමක්මෙ‍ම අත්වැල යම් අදහසක් ගැනීම පිණිස මිස පරිපූර්ණ නිබන්ධනයක් නොවේ, නම් තැබීම සහ ගන පිහිටුවීම පිලිබඳ ඔබ විශ්වාස කර...
17/06/2024

බබාට නමක්

මෙ‍ම අත්වැල යම් අදහසක් ගැනීම පිණිස මිස පරිපූර්ණ නිබන්ධනයක් නොවේ, නම් තැබීම සහ ගන පිහිටුවීම පිලිබඳ ඔබ විශ්වාස කරන්නේ නම්, එය මනා දැනුමක් සහ පලපුරුද්දක් සහිත අයෙකු විසින් ඉටුකිරීම අනිවාර්ය වේ.

එසේම ඉතාම නුසුදුසු ගන සහිත නම් දරන්නන් පවා ඉතා යහපත්, සාර්ථක ජීවිත ගතකරන අවස්ථා එමටය. මෙහි අනෙක්පසද බොහෝවිට සිදුවේ. සාර්ථකත්වයට මුල නම හෝ එහි ගන පිහිටුම නොවන බ‍ව ඉතා පැහැදිලි කරුණකි.

මෙම ලිපිය ප්‍රධාන කොටස් දෙකකි,

1. ගන හඳුනාගැනීම සහ ඒවා පිහිටුවීම
2. නම් තැබීමේදී නමේ මුලට තෝරාගතයුතු සහ තෝරා නොගතයුතු අක්ෂර පිලිබඳ දැනුම.

1. ගන හඳුනා ගැනීම:
රූපය බලන්න

ලඝු ( _ ) යනු කෙටි ශබ්ද වන අතර (උදා: ම, ග, අ....) ගුරු (U)යනු දීර්ඝ ශබ්ද (උදා: මා, ගා, ආ....) වෙයි. ගන පිහිටුවීමේදී සලකනුයේ නමක මුල් ශබ්ද (Syllable) තුන පමණි (අකුරු නොවේ). ශබ්ද තුනක් නැති අවස්ථා “නිර්ගන” වන අතර ඇතැම් අය මෙහිදී දෙවන නමේ මුල් ශබ්ද ද සලකමින් ගනයකට පිහිටුවති. ශබ්ද තුනකට වඩා වැඩි අවස්ථාවල පළමු ශබ්ද තුන පමණක් සැලකේ.
අල් අකුරු ඊට පෙර ඇති අකුරට (දිගු ශබ්ද හෝ කෙටි ශබ්ද එනම් ගුරු හෝ ලඝු වලින් කුමක් වුවද) එකතුකර දිග ශබ්දයක් (ගුරු) සේ සලකයි. එනම් “තත්සරණී” යන්න “U _ _” වෙයි. මෙය දේව ගන (බගනෙ) වන අතර සිවුවැනි ශබ්දය වන “ණී” යන්න නොසලකා හැර ඇත. (තත් = U, ස = _ , ර = _ වන අතර “ණී” ශබ්දය සිවුවැන්න වන නිසා නොසලකා හරියි). “ශාන්තිනී” යන්නද මෙලෙස “U _ U” (ශාන්= U, ති= _ , නී= U) වෙයි, එය අග්නි ගනයි, ශෝක ප්‍රතිඵල දෙයි.

මේවා පහත උදාහරන වලින් තේරුම් කරගත හැක.

තාරාවා යන්න “U U U” ලෙස සංකේතවත් වේ. මෙහි ශබ්ද තුනම දිගු ඒවා වන අතර මෙසේ මෙය භූමි ගනයට (මගනෙ) අයිති වෙයි. මෙම ගනයේ නම් මගින් ප්‍රතිඵල ලෙස ජය අත්වන බව සැලකේ (වගුව බලන්න).

පුටුව යන්න “_ _ _” ලෙස සංකේතවත් ‍වෙයි. ශබ්ද තුනම කෙටි ඒවා වෙයි. චන්ද්‍ර ගනය (නගනෙ) ට අයිති වන අතර ප්‍රතිඵල ලෙස තේජස ගෙන දෙයි.

මාලය යන්න “U _ _” ලෙස සංකේතවත් කළහැකි අතර මෙහිදී ගුරු එකක් සහ ලඝු දෙකක් පිහිටා ඇත. එවිට එය දේව ගනයේ (බගනෙ) නමක් වන අතර සෙත් ප්‍රතිඵල ලබා දෙයි.

බදාදා යන්න “_ U U” ලෙස සංකේතවත් වන අතර එය ජල ගනයේ (යගනෙ) පිහිටයි. මෙයින් ප්‍රතිඵල ලෙස ආයු ‍ලැබේ.

කබාය යන්න “_ U _” වෙයි. සූර්ය ගනයි. ලෙඩ රෝග ගෙන දෙයි.

මාරයා යන්න “U _ U” වෙයි. අග්නි ගනයි. ශෝක ගෙන දෙයි.

කපුටා යන්න “_ _ U” ලෙස සංකේතවත් වන අතර මෙහි “ක” යනු කෙටි ශබ්දයකි මෙසේ එයට “_” ලැබේ “පු” ශබ්දයද මෙසේමය, “ටා” යන්න දිගු ශබ්දයක් වන අතර එයට “U” ලැබේ. මෙසේ _ _ U යනු ඉහත වගුව අනුව වායු ගනයේ (සගන) වන අතර එය “මරණ” ප්‍රතිඵල ගෙන දෙයි.

ඒදණ්ඩ යන්න “U U_” වෙයි (අල් අකුර ඊට පෙරකුර සමග එක්ව ගුරු ශබ්ද තනයි, එනම් ඒ= U, දණ්= U, ඩ= _ ). ආකාශ ගනයි. ව්‍යසන විපත් ගෙනෙයි.

වැදගත්:
මේවායෙහි අරුත්/ප්‍රතිඵල සැලකීමේදී, උදාහරන ලෙස වායු ගනයේ නම් ඇති සියලු අයට අකල් මරණ වලට ලක් වීමේ /රට හැර යාමේ අවදානමක් ඇති බව නොවේ. ප්‍රතිඵලය ලෙස දක්වා ඇත්තේ හිතකර/අහිතකර තත්වයේ ප්‍රමානාත්මය පිලිබද මිම්මක් පමණි. එහි වචනයේ අර්ථය එලෙසම අත්වන බවක් කිසිවිටෙකත් නොකියවේ.

ඉහත ගන සහිත වගුව මතක තබාගැනීමට පහත කවිය පාඩම් කරගැනීමද ප්‍රමාණවත් වෙයි.

සියලු පටන් මැද අවසන වත ගලනා
ඒ මන බය ජර සත නම් අටකි ගනා
දියොද සෙතා ලෙඩ දලසෝ මර ව්‍යසනා
පට නභි දන් පස සිටුවා කළ කෙමෙනා

කවියෙහි තේරුම පහත පරිදි වටහා ගන්න:

සියලු පටන් මැද අවසන වත ගලනා
සියලු තැන්හි (වාක්‍ය/වචන වල) පටන් ගැන්ම, මැද සහ අවසානය නිසි ලෙස ගලා යන පරිදි සකස් කිරීම සදහා

ඒ මන බය ජර සත නම් අටකි ගනා
“ම, න, බ, ය, ජ, ර, ස” සහ “ත” යනුවෙන් ගන අටක් ඇත (වගුව බලන්න, ම-ගනෙ, න-ගනෙ, බ-ගනෙ.......)

දියොද සෙතා ලෙඩ දලසෝ මර ව්‍යසනා
දියොද යනු දිය (ජය) + ඔද (තේජස) වෙයි
එසේම සෙතා යන්න සෙ+තා=සෙත් + ආයුශ ලෙස වෙයි
තවද “දලසෝ” යනු මහත්වූශෝකයයි

මෙසේ දෙවන පදයේ දක්වා ඇති ගන අටට පිලිවෙලින් ජය, තේජස, සෙත, ආයුශ, ලෙඩ, ශෝක, මරණ සහ ව්‍යසන(විපත්) යන්න ප්‍රතිඵල ලෙස ගෙන දේ.

පට නභි දන් පස සිටුවා කළ කෙමෙනා
පට=පටන් ගැන්ම, නභි දන් පස = දෙපස, කළ කෙමෙනා= කළහොත් ඉහත කී පරිදි (තෙවැනි පදයේ ඇති ප්‍රතිඵල) සිදුවෙයි

2. අපාය, මනුෂ්‍ය සහ දිව්‍ය අක්ෂර හඳුනාගැනීම:

නම් තැබීමේදී මුලට/පටන්ගැන්මට යොදා ගන්නා අකුරු ද අපාය මනුශ්‍ය සහ දේව ලෙස වර්ග කෙරේ. අපාය අක්ෂර හැර මනුශ්‍ය සහ දේව අක්ෂර මුල් අකුරට සුදුසුය. මේ අකුරු හදුනාගැනීමටද කවියක් පාඩම් කරගැනීම සෑහෙයි.

එක යම රජ අන ණල අං අවාකර
උප බග හා නර නමි තිරි වේ අමර
සුර කුර පෙර පස වැඩ දේ දිවාකර
නසා සුභ සියල් නරකුරු මැදුම්සර

තේරුම:

එක යම රජ අන ණල අං අවාකර
“එ, ක, ය, ම, ර, ජ, අ, න, ණ, ල” සහ “අං” යන අකුරු අපාය අක්ෂර වෙයි (අවාකර=අපාය අක්ෂර)
(මෙම අක්ෂර වලින් පටන් ගන්නා නම් ඇති අයට අයහපතක් වෙනවා යයි සිතීම අනුවන කමකි, නමුත් නමක් දැමීමේදී මේවා සලකා බැලීම සුදුසුවේ යන්න මගේ අදහසයි. මෙම අක්ෂර වලින් පටන් ගන්නා නමි සහිත දහස් ගනන් මිනිසුන් ඇත, ඒ සියල්ලන් අසාර්ථක ජීවිත ගත නොකරන අතර, බොහෝ අය ඉතා සාර්ථක ජීවිත ගත කරති. සාර්ථකත්වයේ රහස උත්සාහය විනා, නම නොවේ)

උප බග හා නර නමි තිරි වේ අමර
නර නමි = නර (මනුෂ්‍ය) නාම, තිරි=ඉතිරි, අමර = දිව්‍ය
උ, ප, බ, ග යන අකුරු මනුෂ්‍ය වන අතර ඉතිරි සියල්ල දේව අක්ෂර වෙයි

සුර කුර පෙර පස වැඩ දේ දිවාකර
දිව්‍ය අක්ෂර(සුර කුර) මුල අග (පෙර පස) කෙලෙස යෙදුවද යහඵල ගෙන දෙයි

නසා සුභ සියල් නරකුරු මැදුම්සර
මනුෂ්‍ය අක්ෂර මධ්‍යස්ථ ඵල ලබා දෙයි

ස්වස්ථී සිද්ධම්!

13/04/2024
25/02/2024

🗺️කේන්ද්‍රය බලාගන්න
🌐කල අපල අනුව පොඩි මගපෙන්වීමක් ජීවිතයට ලබා ගන්න
🧭උපන් වෙලාවේ ඉඳලා පොරොන්දම් පරීක්ෂාව, විවාහයට නැකත් සෑදීම ඇතුළු සියලුම ජ්‍යොතිෂ කටයුතු
❤ඉතාම පළපුරුදු ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනියකගෙන් ඉටුකර ගන්න.

කතා කරන්න
🎻0710567783 / 0778313762
🌏Whatsapp කරන්න 0715417566

🤸එන්න
💡පින්නදූව අධිවේගී පිවිසුම අසල Sarasavi Printcare වෙත
💡 හඳහන.lk වෙත
💡අඟහරුවාදා දින - තවලම කාර්යාලය
💡සෙනසුරාදා දින - නෙළුව කාර්යාලය
වෙත...

☑️ඔන්ලයින් වුණත් ළඟ හිටියා වගේ ලස්සනට පිළිවෙළට ඔයාලගෙ වැඩේ කරගන්න.

🌼ජීවන ගමනේ ජ්‍යොතිෂ සහකරු 🌼
❤සරසවි ජ්‍යොතිෂ කාර්යාලය❤

📚පනන්ගල | නෙළුව | තවලම | පින්නදූව

........සිංහල මංගල පෝරු චාරිත්‍ර .......විවහා මංගල උත්සවයකදි ප්‍රදානම හා අතිශ්‍යයිම වැදගත්ම හා ගෞරවාන්විත අංගය තමාමංගල ප...
20/01/2024

........සිංහල මංගල පෝරු චාරිත්‍ර .......

විවහා මංගල උත්සවයකදි ප්‍රදානම හා අතිශ්‍යයිම වැදගත්ම හා ගෞරවාන්විත අංගය තමාමංගල පෝරූ චාරිත්‍ර(මංගල පෝරු අෂ්ඨක).ඒත් මෑත කාලයේ මම දැකපු දෙයක් තමයි මේ උතුම් චාරිත්‍ර ක්‍රම හා විදි ගොඩක් වෙනස්වී ඇති බව.ඒ සදහා සමහර චාරිත්‍ර කරන උදවියත් වගකියයුතුවේ.හෙළ කුල සිරිතට සිදුකරන විවහා හා පෝරූ චාරිත්‍ර සදහා නව අංග එකතුවෙවී ඇත.චාරිත්‍ර කරන පුද්ගලයා පවා හෙළ සංස්කෘතියට සරිලන අපේ ජාතික ඇදුමින් එහාට ගිය ඇදුම් ඇද චාරිත්‍ර පවත්වයි.සමහර වැදගත්ම චාරිත්‍ර පවා හදුන්වන්නේ වෙන විදියකටවේ.සිංහල කුල සිරිතට අනුව බෞද්ධ සංස්කෘති හා බැදුනු අපේ හෙළ විවහා සිරිත් විකුර්ති වෙමින් පවති.උදාහරනයක් ලෙස ගත්කල කිරිකඩ සේල හෙවත් රෙදි කච්චිය අද සමහරු හදුන්වන්නේ අම්මටදෙන තෑග්ග ලෙස හදුන්වයි.කවදාවත් කිරිකඩ සේලය තෑග්ගක් වෙන්නෙ නැත.ඒ මංගල පෝරු මස්ථකයෙ කරන්නාවූ අතිශ්‍යයිම ගෞරවාන්විත චාරිත්‍රයකී.
පෝරුව් සැකසීමේදී මුලින්ම පෝරුව සැදීමටද නැකතක් සැදීම සිදුවේ.මානාලයාගේ හා මනාලියගේ උපන් වෙලාව අනුව නැකත සදන අතර එම පෝරුව කැඩීමටත් නැකතක් සදාගැනීම සිරිතවේ.පෝරුවට ගොඩවී චාරිත්‍ර කර දින තුනකින් පහකින් හතකින් පෝරුව කඩන නැකත උදාවේ.
පොරුව සදා අවසසානේ චාරිත්‍ර කරන පුද්ගලයා එය චාරිත්‍ර වලට හරියන ලෙස සකසගත යුතුයි.මුලින්ම සුදු රෙද්දක් පෝරු මස්තරයේ එලා සුදු කැකුළු හාල් එහි ඇතිරිය යුතුයි.අතිතයේ දාන්‍යවලින් උසස් සහල වන සුවදැල් සහල් යොදාගෙන ඇත.පසුව එහි පොරුව ඉදිරිපස අට මගල ඇද එහි බුලත් කොල හා පඩුරු 12ක් තැබිය යුතුයි.සමහර උදවිය සුදු රෙද්ද පෝරුවේ අතුරා තවත් සුදු රෙද්දක් පෝරුව ඉදිරිපස පොළවේ එලා මා ඉහත කී ආකාරයට හාල් අතුරා අටමගක ඇද බුලත් පඩුරු තබයි.තවත් සමහරු පෝරු මස්තකයේ උඩ හරි මැද ඒ ආකාරයට සහල් වලින් රටාවන් සකසයි.මගේ මතේ අනුවනම් එය එසේ කිරීම සුදුසු නොවේ.එයට හේතුවනම් අපි සිංහලයො විදියට හාල් පාගන එක සුදුසු නොවන නිසාවේ.ඒ වගේම අපි බුදුදාහමත් එක්ක බද්ද වූ සංස්කෘතියක් එක්ක උපන් ජාතියක් විදියට බතට බැතට ලොකු ගෞරවයක් අප හිත් තුල ඇත.ඒ නිසා මම ඉහතින් කී ක්‍රම දෙක වරදක් දකින්නේ නැත.එසේ රටාවන් සැරසිලි කරනවානම් මව යුවලට නොපෑගෙන ලෙස එය සැකසීම වඩාත් සුදුසු වේ.
මුලින්ම සුදු රෙද්දක් එලා හාල් වලි විවිද රටාමවා අටමගල ඇදීම අනිවාර්යයෙන් කල යුතුවේ.අටමගල අපි සංකේතයක් විදියට ඇන්දත් එයට අර්ථයක් ඇත.අටමගල යන්නෙහි තේරුම අෂ්ඨ මංගල වස්තු යන්නයි.ඒ ගැන මම පසු දවසක පවසන්නම්.ඒ ආකාරයෙන් අටමගල ඇද එය වටා බුලත් කොල 12ක් හා පඩුරු 12 තාමා පොල් මුඩ්ඩ සහිත පොල් ගෙඩියක් හරි මැද තබයි.බුලත් කොල 12ක් සංකේතවන්නේ දෙලොස් දෙවියන් වේ.පෝරුව පුරාවටම පිණි දිය ඉස තවද එයට ලදපස් මල්ද ඉසිනු ලබයි.ලද පස්මල් යනු විලඳ, සුණුසහල්, ඊතණ, අබ, සමන් පිච්ච කැකුළු යනාදියයි.වර්ථමානයෙ එය පැකට් ලෙස බෙහෙත් බඩු කඩවල ගන්න ඇත.එ වගේම ඔය ලදපස් මල් හා පඩුරු සමග පෝරුමස්ථකයේ උඩ මුලු හතරේ බුලත් අත් 4ක් තබයි.එසේ කරනුයේ හතරවම් දෙවිරාජෝත්තමයන් වෙනුවෙන් වේ.
පෝරුව උඩ සැසීමෙන් අනතුරුව පෝරුව හතර කොනේ පුන් කලස් 4ක් තබා එහි මැටි පාහන් 4ක්ද හදුන් කූරුද දල්වයි.එයටද හේතුවක් ඇත.එදා සිදුහත් යසොධරා විවාහයේදී එම පෝරුවේ හතර කොනේ සතර වරන් දෙවියන් ඔව්න්ගේ ආරක්ෂාවට හිටිබවත් උන්වහන්සේලා සිහිකිරීම හා උන්වහන්සේලාගෙන් ආරක්ෂාව සදහා අදටත් පෝරුව හතරකොනේ පහන් හදුන් කූරු දල්වනු ලබයි.සතරවරම් දෙවිවරු නම් ධ්‍රතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන දෙවිවරු වේ.පුන් කල යනු සෞභාග්‍යයේ සංකේතයක් වේ.එසේම මැටි පහන් හා බුලත් කොල විශභිජ නාසකයක් ලෙසද ඒ අවස්තාවට උපයෝගී වේ.
ඉන් අනතුරුව පෝරුව ඉදිරිපස පන් පැදුරක් එලා චාරිත්‍ර සදහා අවශ්‍ය කලමනා එහි තැම්පත් කරනු ලබයි.එනම් හුරුලු සදහා බුලත්,පඩුරු,කැවිලි,එලකිරි,කිල්ලෝටය හා ගිරය යනාදිය එහි තැම්පත් කරයි.
මංගල පෝරු චාරිත්‍ර කරන පුද්ගලයාද හොදින් පේවී අලුයම ස්නානය කර බුදුන් දෙවි දේවතා නමස්කාර කොට ආශිර්වාද ලබා ගත යුතුය.එසේම කායිකව මානසිකව වාචිකව පවිත්‍ර විය යුතුය.එසේම පාවහන් මුදා හැර එයට සාභාගී විය යුතු වේ.එසෙම චාරිත්‍ර කරන පුද්ගලයා වඩා උස හො මිටි නොවිය යුතුය.අංගවිකල නොවිය යුතුය.දත් බොල්ලෑ ගැසුනු අය,සිහි මද අය හා මත්පැන් භාවිතා කරන අය නොවිය යුතුය.එසේම අත්දැකීම් බහුල,නිර්ව්‍යාජ,ඊර්ෂ්‍යා ක්‍රොධ ගතිවලින් තොර ගුණවත් කෙනෙක් විය යුතුය.එසේම එසේම පොරුවට ගොඩවන නව යුවතිපතින්ද කායිකව,මානසිකව,වාචිකව පවිත්‍ර විය යුතු අතර පාවහන් ගලවා පෝරුවට නැගිය යුතුය.
මා ලියු කලින් ලිපියක සදහන් වුනේ මංගල පෝරු චාරිත්‍රයක් කරනවානම් අපේ බෞද්ධ සිද්ධස්ථානයක එය කිරීම වඩාත් සුදුසුයි යනුවෙනි.එහි වටිනාකම මා ඉහත සදහන් කල ආකාරය අනුව සුදුසුයැයි සිතමි.වෙනත් ආගම් වල එවැනි දේවල් ගන්නේ ඒ අයගේ සිද්ධස්ථාන වලවේ.අපේ උදවියට එය අමතක වී ඇත.මූලික චාරිත්‍ර නිම කර ආගමික වතාවත් සිදුකර ප්‍රියසම්භාෂණ උත්සවය සදහා හෝටලයට හෝ නිවසට ගියාට වරදක් නැත.
අපි පෝරුවේ චාරිත්‍ර කරන්නේ මුලින්ම ත්‍රිවිදරත්නයේ ගුණ මෙනෙහි කිරීමෙනි.සිංහලයන් ලෙස අපේ සියලුම චාරිත්‍ර බැදී ඇත්තේ බෞද්ධ චාරිත්‍ර මුල් කරගෙන වේ.ඒ බුදු ගුණ නිතර නිතර ගැයෙන නිසා සියලුම දෙවි දේවතාවන් වහන්සේලාගේ ඇල්ම බැල්ම පිහිට ආරක්ෂාව එම ස්තානයට ලැබේ.දොරටු හතරේ සතර වරම් දෙවිරාජෝත්තමයන් වහන්සේලා හින්දවලා එදා සිදුහත් යසෝධරා සරණ මංගල්‍ය කලා වගේ අදටත් උන් වහන්සේලා දොරටු හතරේ හින්දවලා පහන් හතරක් පොරුවෙ කොන් 4ක පත්තු කරන්නේ බෞද්ධ සංස්කෘතික හා බද්ද වී ඇති නිසාවේ.ඊලගට භූම දෙවියන් නමස්කාරකර පෝරුවට ගොඩකරන්නේ මනාලියගේ හා මනාලයාගේ මමා වරුන් දෙදෙනෙකු අතින් වේ.භූම දෙවියන් නමදින්නේ අපේ හෙළ සංස්කෘතියට මුල්තැන දෙමින් වේ.ඉහත කී කරුණු අනුව හෝටලේ හො නිවසේ උයන මස් මාංශ සුවද විදගෙන ඒ කිලි කුණු සහිත හෝටලයට හෝ නිවසට ඒ කියන දෙවි දේවතාවන්ගේ බැල්ම වැටෙන්නෙ නැති බව මගේ අදහසයි.
මුලින්ම දෙදෙනාගේ මාමා වරුන් දෙදෙනෙක් විසින් විසින් පෝරුවට ගොඩකරනු ලබයි.පුරානේ කතාවක් තියෙනවා දියණියගේ මව නැති වෙලාවක දුකක් ඇයට දැනුන වෙලාවක මාමාගේ සුළගිල්ට කිරි එරෙනවා කියා.ඒ අනුව මමා විසින් ගොඩ කිරීම ඉතාමත් වටිනාකමුන් යුතුවේ.පියා වුවද පෝරුවට ගොඩ කලාට වරදක් නැත.
පෝරුවට ගොඩකිරීමෙන් අනතුරුව පෝරුවේ ඉන්දීමේ කියමන් ගායනය කරන අතරතුර දළු මුර පිදීම සිදුකරයි.ඒ ත්‍රිවිදරත්නයේ ආශිර්වාදයත්,දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාවත්,පුරාණයේ මේ චාරිත්‍ර කල බ්‍රාහ්මන පඩිවරුන් සිහි කිරීම සදහා මේ චාරිත්‍රය ඉටු කරයි.
මීලගට අතකවුතුක බැදීම සිදුවේ.ඒ දෙදෙනාගේ බැදීම සංකේවත් කිරීමේ අවස්තාවකී.මනාලයාගේ වම් සුළගිල්ලත් මනාලියගේ දකුණතේ සුළගිල්ල එක් කර පිරිත් කල නූලකින් අතකවුතුක බැදීම සිදුකරයි.පසුව මනාලියගේ පියා විසින් සුළැගිලි මතට පැන් වැඩිම සිදුකරයි.මනාලියගේ පියා විසින් එය සිදුකිරීමටද හේතුවක් ඇත.ඒ තමන් සතු වස්තුවක් බදු තම දියණිය තවත් කෙනෙකුට පවරා දෙන නිසාවේ.එදා වෙස්සන්තර ජාතකයේද වෙස්සන්තර රජතුමා තම දරුවන් දන්දුන් අවස්තාවේදී අත්පැන් වක් කර බාරදුන් බව කියැවේ.එසේම තම දරුවෙක් ශාසනයට බාර කරන විටද දෙමාපියන් විසින් එසේ පැන් වඩා භාර කරයි.අතීතයේ සිංහලයන් විදියට තම වස්තුවක් තවත් කෙනෙකුට පවරන විටද අතපැන් වක්කර පැවරීම සිරිතක් වෙ.කෙනෙක් මරණයට පත්වූ විටද අත්පැන් වත් කොට එම බැදීම අත හරී.ඒ නිසා මේම චාරිත්‍රය සදහා සුදුසුම කෙනා මනාලියගේ පියතුමා වේ.
මීලගට මංගල මුදුව පැලැන්දීම සිදුවේ.මුලින්ම මනාලයා විසින් මංගල මුදුව මනාලියට පලදවනු ලබයි.ඒ මනාලියගේ වමතේ වෙදගිල්ලටය.ඒ තම සහාකාරිය රන් රිදී මුතු මැණික් පට සේලයන්ගෙන් පමනක් නොව තම හැකි අයුරින් ආදරයෙන් රැක බලා ගන්නා බව නෑදෑ පාර්ශවය ඉදිරියේ පොරොන්දුවෙමින් සංකේතයක් විදියට මුදුව මනාලියට පලදවනුලබයි.පසුව මනාලිය මනාලයගේ දකුණතේ වෙදගිල්ලේ මුදුව පලදවන්නේ තමා ලගා කරගන්නා ස්වාමිපුරුෂයාට හොද පතිනියක් වෙමින් ආදරෙන් රැක බලා ගන්නා බවට නෑදෑ පාර්ශවය ඉදියේ පොරොන්දු වෙමින් සංකේතයක් ලෙසිනි.
මීලගට තැලි පැලැන්දවීමේ චාරිත්‍ර සිදුවේ.ඒ මනාලයා මනාලියට තැල්ල පැලැන්දවීමෙන්ය.එයද අර මුදුව පලදා වුන පොරොන්දුව සැබෑවක් කරමින් වේ.
මීලගට පිළි පැලදවීම සිදුවේ.මුලින් මනාලයා විසින් මනාලියගේ ඉන වටා සුදු පිරිවටය ඇන්දවීම සිදුකරයි.එම සුදු පිරිවවටයෙන් කියවෙන්නෙ මනාලියගේ පිරිසිදු කමයි.සත් පත්තිනි මෑණියන්ගේ සලුවද සුදු පාට වේ.පත්තිනි මෑණියන් තම පතිවෘතා බලයෙන් පෙලහර පෑ බවත් එනම් සත් පත්තිනි මෑණියන්ගේ පතිවෘතා බලය සත්‍යවාදී සැබෑ වීනම් මනාලියත් මෙතෙක් කල් රැකගෙන ආ ඒ පතිවෘතාවවෙන් මේ යුවතියට අශිර්වාදයක් වේවා යන අරුත මෙයින් කියවෙ.මේ මොහොතේ පත්තිනී මෑණියන්ගේ පිහිට ආරක්ශාව ලැබෙන බව විශ්වාසයක් පවතී.ඉන් අනතුරුව මනාලයා විසින් රතු සාරිය මනාලියගේ කරට දමයි.ඒ අතර යශෝධරා අෂ්ඨකය ගායනය කරයි.ඒ සිදුහත් යශෝධරා සසර ගමන ආරම්භයේ සිට සසර ගමන කෙලවර අමා මහා නිර්වානය ලබනකල්ම කල්ප ගනනාවක් ඒ ආදරය නොවෙනස්ව එක ලෙස පැවති බවත් යශෝධරාව ඒ හැම භවයකම තම පතිවෘතාව සිදුහත් කුමරා වෙනුවෙන් ආරක්ෂා කරගෙන සිටි බැවින් ඒ ආනූභාවයෙන් මේ යුවලටත් ආශිර්වාදයක් වේවා යන අරුතෙනි.
මීලග චාරිත්‍ර වන්නේ පෝරුව ඉදුල් කිරීමේ චාරිත්‍රයයි.පිරිච්ච කැවිලි පිගානක් දෙදෙනාට අනුභව කිරීම සදහා ලබාදෙයි.ඒ දෙදෙනාට කිසිදු අග හිගයකින් තොරව කාටවත් අතපාන්නෙ නැතුව ඉදිරි යුග දිවිය දිවි ගෙවීමටත් සතුට සමාදානය උදාවේවා යන අරුතින් යුතුව මෙය ඉටු කරයි.පසුව වතුර වීදුරුවක් හෝ එළ කිරි වීදුරුවක් බිම සදහා ලබා දේ.එළ කිරි යනු සෞභාග්‍යයේ සංකේතයක් වේ.ඒ දෙදෙනාට සෞභාග්‍යය උදාවේවා යන අරුතින් වේ.
මීලගට බුලත් හුරුළු පිදීමේ චාරිත්‍රය ඉටුකරයි.එනම් දෙපාර්ශවයේම ඥාතීන් සිහිකිරීමත් වගේම මෙම උතුම් චාරිත්‍ර අපට හුරු පුරුදු උනේ පරම් පරාවෙන් පරම් පරාවට බවත් එනම් දෙපාර්ශවයේ හත් මුතු පරමපරාවක්ම සිහිකිරීම සදහා මෙම චාරිත්‍රය ඉටු කරයි.මනාලයා හා මනාලිය විසින් බුලත් අත් හත හත දාහතරක් පඩුරු තමා මෙය ඉටු කරයි.මුලින් මනාලයා මනාලිය අතට බුලත් අතක් දී එය පෝරුවට පතිත කරයි.දෙවනුව මනාලිය මනාලයාට බුලත් අත දී එය පතිත කරයි.බුලත් අත් හත එසේ මාරුවෙන් මාරුවට පතිත කරයි.එය මහත් ගෞරවනිය ලෙස කල යුතු වේ.
මීලගට කිරිකඩ සේලය පිදීම නැතිනම් කච්චි සේලය පිදීම සිදුවේ.එය මනාලයා විසින් මනාලියගේ මෑණියන් ඇයට දුන් කිරි වලට පව් අරවා ගැනීම සදහා කරන උතුම ගෞරවාන්විත චාරිත්‍රකි.මෙය ඉතාමත් වැදගත්ම හා සංවේදී චාරිත්‍රයක් වේ.මෙය ඔක්කාක රජ සමය දක්වා අතීතයකට දිව යන චාරිත්‍රකී.අපි ඔක්කාක රජ සමය ගැන අසා ඇත්තේ කුස ජාතකයෙනි.එදා මෙදා තුර නොවෙනස්ව මෙය ඉටු කරනු ලබයි.ඒ සිය මනාලියට ඇයගේ අම්මා පෙව් කිරි වලට පව් අරවා ගැනිම සදහා කරනු ලබන චාරිත්‍රයකී.එහෙත් වරතමානයේ ඉහතින් මා සදහන් කල ආකාරයට මනාලියගේ මවට දෙනුලබන තෑග්ගක් ලෙස හදුවයි.කිසිසේත්ම මෙය මනාලියගේ මවට දෙන තෑග්ගක් නොවේ.එය මවට පුදන උතුම් චාරිත්‍රයක් පමනක් වේ.ඒ සදහා සුදු රියන් 21ක් පුදන අතර රන් පාට කිල්ලොටය හා ගිරයක්ද එකතුවෙ.රන් පැහැති හේප්පුවක තබා එය පුදයි.මව එය හිස මුදුනින් පිලිගෙන හිසෙහි තබා කවදාවත් ඔයාලා දෙදෙනාට පිටු පාන්නේ නෑ යන අරුතින් අශිර්වාද කර යුවලට පිටු නොපා ඉවත්වේ.පසු කාලිනව දියනියට දරුවෙකු උපන්දා එම කිරිකඩ හේලය නැවත දියනියට භාර කිරිම සිරිතක් වේ.එයද ඒ ආකාරයට පරම්පරාවෙන් පරාවට භාරවේ.පසුව මනාලියගේ පියාටද අශිර්වාදකරලීමට අවස්තාවක් ලබා දෙයි.මෙය ඉටු කරන අවස්තාවේදී සුදුසු පරිදි ගායනා ඉදිරිපත් කරයි.
වර්තමානයේ මනාලයාගේ මවද මේ අවස්තාවට සාහාභාගීතවය සිදු වන අතර අතීතයේ මනාලයාගේ මව පළමු දවස සදහා සහාභාගී නොවේ.එයට හේතූ කීපයක් අතීතයේ ඇත.
මීලගට චාරිතානු කූලව යුගදිවි ප්‍රාප්ත මේ යුවලට බුලත් හුරුල්ලක් දී සුභාශීංසන කිරීමට දෙපාර්ශවයේම ඥාතීන් හට අවස්තාව ලබාදෙයි.
මීලගට බාලිකාවන් ලවා ජය මංගල අෂ්ඨක ගායනය සිදුකිරීම සිදුවේ.මේ සදහා බාලිකාවන් යොදා ගැනීම වැදගත් වේ.එන්ම් මෙම ජය මංගල ගාථා වලින් කියවෙන්නේ බුදුහාමුදරුවන්ගේ විවිද අවස්තා වලදී පෙලහරපෑ මඟල අවස්තා 8ක් පිළිබදව වන අතර ඒ අනුහසින් සියලූ දෝෂ භංග කර ආශිර්වාදයක් සිදු වේ.එසේම එය ඇසෙන මානයෙ සිටින සියලූ දෙවි දේවතාවුන් හා අඩෘසමාන බලවේග බුදුන්ගේ පෙලහර පෑ අවස්තා ඇසීමට පැමිනේ.එම බුද්ධ පෙලහර පෑ අවස්තා අසා සතුටුවී එම දෙවි දේවතාවුන් හා අඩෘසමාන බලවේගද යුවලට ආශිර්වාද කරන බවද කියවේ.බාලිකාවන් ලවා කියවන්නේ ඔව්න් වැඩිවියට පැමින නැති නිසා දෙවියන්ට වඩින්න පුලුවන් කිලි කුනු වලින් තොරව ඉන්න නිසා වේ.
ඔය ඉහත සදහන් චාරිත්‍ර අතරතුර අෂ්ඨක,කවි,ස්තේත්‍ර,ගාථා කියා අශිර්වාදකරනුලබයි.
මීලගට පෝරුවෙන් බැස්සවීමේ අවස්තාව උදාවේ.පෝරුවට ගොඩකල මාමා වරුන් දෙදෙනා විසින් පොරුවෙන් බැස්සවීම සිදුවේ.ඒ පොරුවේ ඉදිරි දොරටුවෙන් වේ.පොරුවෙන් බහින වෙලාවේ පොළවට පයතබන මොහොතේ පිරිසිදු පාපිස්සක තැබූ පොල් ගෙඩියක් මනාලියගේ වැඩිහිටි ලේ නෑයෙකු විසින් බිදිනු ලබයි.සමහර පලාත් වල එම පොල් ගෙඩිය යුවලගේ දොස පහකිරීම සදහා බිදින බව කියවේ.ඒත් එම පොල් ගෙඩිය බිදින්නේ අපි සිංහලයන් වශයෙන් ඉපැරැණි හෙළ සංස්කෘතියට අදාල යමක් කලොත් පොල් ගෙඩියක් බිද භූම දෙවියන් මේ මහපොළොව සිහිකිරීමට පමනක් වේ.පොරුවෙන් බැස්සවීමට කලින් භූම දෙවියන් නැමදීම සිදුවේ.
ඉතින් ත්‍රිවිදරත්නයේ ගුණ මෙනෙහි කර සතර වරම් දෙවිරාජෝතමයන් වහන්සේලා දොරටු හතරේ හිදුවා ආරක්ශාව පතා සියලුම දෙවි දේවතාවන් වඩම්මවලා මේ කරන උතුම් චාරිත්‍ර මස් මාංශ සුවද හමන මත්පැන් දුගද පැතිරෙන කිලි කුනු වලින් පිරි හොටලයේ හෝ නිවසේ කරනවට වඩා විහාරස්ථානයක ගත්තානම් ගොඩක් වටින බවයි මගේ හැගීම.
චාරිත්‍ර අවසානේ හාමුදුරුවෝ ලවා සිගාලෝවාද සූත්‍රයෙන් උපදෙස් මාලාවක් ලබා දීම අර මනාලී පිටවෙන වෙලේ අරක්කු බීලා වෙරි පිට කතා පවත්වලා උපදෙස් දෙන එකට වඩා වටිනවා ඇත.ඒ මොහොතේ තම දියනිය ගමෙන් පිටවෙන වෙලාවේ පන්සලට කරඩුවක් වගේ දෙයක් පූජා කරලා පිටත් කරනවානම් වටිනාකම කියා නිමකල නොහැක.මුලු ගමක් බුදුන් සමාන කර අර කරඩු වහන්සේ වන්දනාමාන කරද්දී අර දුවට ඒකෙන් විශාල ආශිර්වාදයක් ලැබෙන බවයි මගේ හැගීම.
මේ උතුම් චාරිත්‍ර විහාරස්ථානයේ සිදුකරලා සංඝරත්නයේ ආශිර්වාද අරගෙන ප්‍රියසම්භාෂණ උත්සවයට හෝටලයට හෝ නිවසට යනවානම් කොච්චර වටිනවාද.
මේ අදහස් මම උගත් ගුරුන්ගෙන් ගත් දෙයින් හා මම හිතු ආකාරයට ලියා ඇති අතර කිසිදු පොතපතකද සදහන් නොවේ.තව කෙනෙකුට බලන්න ශෙයා කරන්න.
ඉන්දික ප්‍රභාත්......

15/11/2023

දැන් පින්නදූව අධිවේගී පිවිසුම අසල ගල්වැටවත්ත ප්‍රින්ට් කෙයා කමියුනිකේශන්හිදී ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනි බී.එච්.එම්. කරුණාරත්න මහත්මිය හමුවී ඔබගේ සියලුම ජ්‍යොතිෂ කටයුතු *🌼🌼මෙම පණිවුඩය පෙන්වා*🌼🌼 සුවිශේෂී වට්ටමක් යටතේ සිදුකරගත හැකිය.

හිත මිතුරන් වෙත *ශෙයා* කිරීමෙන් ඔවුන්ටද මෙම අවස්ථාව ලබා ගත හැකිය.

හෙට 15 දින රාහු කාලය උදෑසන හතරයි පනස් තුනේ සිට පහයි පනස් තුන දක්වා වේ.ඔබට අවශ්‍ය සියලුම ජ්‍යොතිෂ සේවාවන් Whatsapp ඔස්සේ ...
14/10/2023

හෙට 15 දින රාහු කාලය උදෑසන හතරයි පනස් තුනේ සිට පහයි පනස් තුන දක්වා වේ.

ඔබට අවශ්‍ය සියලුම ජ්‍යොතිෂ සේවාවන් Whatsapp ඔස්සේ පැය 24ක් ඇතුළත සිදුකර ගැනීමට +94710567797 ට whatsapp පණිවුඩයක් තබන්න
🌷 සුබ අනාගතයක් උදාවේවා ❤

Address

Galle

Opening Hours

Monday 06:00 - 20:00
Tuesday 06:00 - 09:00
19:00 - 20:00
Wednesday 06:00 - 09:00
19:00 - 20:00
Thursday 06:00 - 20:00
Friday 06:00 - 20:00
Saturday 06:00 - 08:00
19:00 - 20:00
Sunday 06:00 - 20:00

Telephone

0778782648

Alerts

Be the first to know and let us send you an email when Professional Astrology Services - සරසවි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Professional Astrology Services - සරසවි:

Share