08/04/2026
❤️❤️ "2026 අප්‍රේල් මාසය කොහොමද...?" කියල හිත හිත හිටිය ඔයාට මේක...
🙈😁 පෞද්ගලික වැඩ ගොඩක හිරවෙලා හිටිය නිසා මේ Reading එක දෙන්න ටිකක් පමාවුණා.
💝💝 තමන් තෝරගත්ත අංකයට අදාල කියවීම බලන්න.
01- මේ මාසය ඔබට මූල්‍යමය අතින් සහ සෞඛ්‍යමය අතින් ගැටලුකාරීවන බව පෙන්නුම් කරයි. පවුලේ අයගෙන් සහ ඒ හා සම්බන්ධ වගකීම් ආදියෙන් ද යම් දුරස්වීමක් සිදුවන කාලයකි. රැකියා ස්ථානයේ ද නොසිතන ආකාරයේ ගැටලු, කුමන්ත්‍රණ ආදියට ඔබව හසුවන බව පැවසිය යුතුය. එමෙන්ම පපුව සහ සහ හිස ආශ්‍රිතව රෝග තත්ත්ව ඇතිවීම හෝ පවතින රෝග තත්ත්ව උත්සන්නවීම සිදුවන කාලයකි. ආහාර පාන සහ ඖෂධ ලබාගැනීමේදී ඉතාම සැලකිලිමත්වීම ඔබට යහපත්ය.
02- මේ මාසය ඔබට සතුට සහ සැනසීම ගෙනදෙන කාලයකි. බොහෝ බලාපොරොත්තු ඉටුවන අතර තැම්පත් ධනය වැඩිවීම හෝ වාසිදායක ආයෝජන අවස්ථාවලට මග පෑදේ. භූමියෙන් ලාභ මෙන්ම දරුඵල වාසනාව ද හිමිවන කාලයකි. තරග ජයග්‍රහණයන් මෙන්ම විවාහ දිවියේ පැවති ගැටලු සමතයකට පත්වීම, විවාහ යෝජනාවන් ස්ථිරවීම ආදිය ද සිදුවන කාලයකි. තමාගේ සුන්දරත්වය, සුවපහසුව පිළිබඳව වැඩි අවධානයක් දීමට ද පෙළඹෙන කාලයක් ලෙස මේ කාලය දැක්විය හැකිය.
03- මේ මාසය ඔබට මිශ්‍රපල උදාකරන දෙනු ඇත. ලිපි ලේඛන, ගිවිසුම් ආදියට එළඹීමට එතරම්ම සුදුසු කාලයක් නොවන බව සිහිතබාගන්න. ඔබගේ ජීවිතයට ස්ත්‍රීන්ගේ බලපෑම වැඩිවශයෙන් එල්ලවන මේ කාලයේ ඇතැම් අමිහිරි රහස් හෙළිදරව්වනු ඇත. අවසන් කැමති පත්‍ර ආදී ලියකියවිලිවල ඔබගේ නම සඳහන්වේ. දරුඵල අපේකෂාවෙන් කරනු ලබන ප්‍රතිකාර,වත්පිළිවෙත් ආදියෙන් සතුටුදායක ප්‍රතිඵල අත්විඳීමට අවස්ථාව ලැබේ. ආධ්‍යාත්මික කටයුතුවලට සහ මදක් හුදකලාව සිටීමට යොමුවන කාලයක් ලෙස මේ කාලසීමාව දැක්විය හැකිය.
පොදු උපදෙස - ඔබගේ ජීවිතයේ සැබෑම පරිවර්තනය සිදුකර ගැනීමට බලය පවතින්නේ ඔබ සතුව බැවින් එම බලය ඔබගේ යහපත් වෙනසක් උදෙසා යොදාගන්න.
🥰🥰 මේ සියල්ල පොදු කියවීම්බව සිහි තබාගන්න.
😍😍 පෞද්ගලික කියවීම් අවැසි අය Inbox Messages එකක් හරහා විමසන්න.
(අදාල ගාස්තුව ගෙවීමෙන් අනතුරුව පමණක් අනාවැකි කියන බව කරුණාවෙන් සලකන්න.)
📤📤 මේ ගැන තවත් අයට දැනගන්න, මේ Post එක Share කරන්න.
එහෙනම්.....
💖💖 සතුටින් ඉන්න......
💙💙 සැමට ජය, සතුට, සැප ලැබේවා! 💙💙
- Hasee's Blessing -
" Where Magic Meets Spirit "